26 April, 2024

Blog

රට හමුවේ ඇති අර්බුද සහ අප්‍රේල් 30න් ඔබ්බට රාජ්‍ය වියදම් අනුමත කිරීම ව්‍යවස්ථානුකූලව විසඳීම සඳහා නැවත පාර්ලිමේන්තුව කැඳවන්න

“රට හමුවේ ඇති අර්බුද සහ අප්‍රේල් 30 න් ඔබ්බට රාජ්‍ය වියදම් අනුමත කිරීම ව්‍යවස්ථානුකූලව විසඳීම සඳහා නැවත පාර්ලිමේන්තුව කැඳවන්න,” හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ජනපති වෙත වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටියි 

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර

මෙම තීරණාත්මක අවස්ථාවේදී රාජ්‍ය නායකයා ලෙස තම බලතල ක්‍රියාත්මක කරන ලෙසත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහාය ඇතිව හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන ලෙසත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර, ජනාධිපති ගෝඨාභ්ය රාජපක්ෂ වෙත ලිපියක් යවමින් අවධාරණය කරයි. 2020 අපේ‍්‍රල් 30 වන දිනෙන් පසු රාජ්‍ය සේවයට වැටුප් ගෙවීම ඇතුළුව අත්‍යවශ්‍ය වියදම් නීත්‍යනුකූලව හා ව්‍යවස්ථානුකූලව අනුමත කිරීම සඳහා මෙය අත්‍යවශ්‍ය බව ඔහු පැවසීය. එමගින් ශ්‍රී ලංකාව රාජ්‍ය මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරමින් වගකීමෙන් යුතුව කටයුතු කරන රටක් බවට හඳුන්වනු ලැබේ.

ජනාධිපති, අගමැති, අමාත්‍ය මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම භාණ්ඩාගාර ලේකම් ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන් ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දී ඇති බව මංගල සමරවීර සිහිපත් කළේය.

අග්‍රාමාත්‍ය වෙත සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින් හට පිටපත් සහිත ජනාධිපතිවරයා වෙත යවන ලද සම්පූර්ණ ලිපිය පහත දැක්වේ

28.04.2020

අතිගරු ජනාධිපති

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා

ජනාධිපති කාර්යාලය

කොළඹ 01.

හිතවත් ජනාධිපතිතුමනි,

උද්ගතව ඇති අර්බුදය ව්‍යවස්ථානුකූලව විසඳීම සඳහා සහ රාජ්‍ය වියදම්

අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුව යළි රැස්කරන මෙන් කරන ඉල්ලීම

ශ්‍රී ලංකාවේ රාජ්‍ය වියදම් 2020.04.30 දින දක්වා දැරීම සඳහා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ හිටපු මුදල් අමාත්‍යවරයා වශයෙන් මා ඔබට මෙම ලිපිය ලියමි.

2. ජනපතිවරණයක් පැවත්වෙන වසරවල දී ජයග්‍රහණය කරන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති අනුව අය-වැයක් ඉදිරිපත් කිරීමට අවස්ථා සලසමින් අය-වැයක් සම්මත කිරීමෙන් බලයේ සිටි රජයන් වැළකී සිට ඇත.

3. 2019.11.16 වන දින ජනාධිපති මැතිවරණය පැවැත්වීමට යොදා තිබු බැවින් 2020 සඳහා විසර්ජන පනතක් සම්මත කර ගැනීම සුදුසු නොවන බව එවකට පැවති රජයේ අදහස විය.. ඒ අනුව එවකට පැවති රජය, 2020 ජනවාරි 01වන දින සිට 2020 අප්‍රේල් 30 දක්වා මාස 4 කට බල පැවැත්වෙන පරිදි අතුරු සම්මත ගිණුමක් (Vote on Account) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 2019 ඔක්තෝම්බර් 23 දින සම්මත කර ගන්නා ලදී.  

4. ඔබ රජය 2019 නොවැම්බර් මස බලයට පත්වී මාස තුනකට වැඩි කාලයක් ගතවූවද ඔබගේ මුදල් අමාත්‍යවරයා 2020 වසර සඳහා අය-වැයක් ඉදිරිපත් නොකළේය.2014 වසරේ ද ජනපතිවරණයක් අභියස වූ හෙයින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මුදල් අමාත්‍යවරයා වශයෙන් 2015 වසර සඳහා අය-වැය ඉදිරිපත් නොකරන ලදී. ඒ අනුව ජනවාරි 08, 2015 ජනපතිවරණය ජයග්‍රහණය කළ යහපාලන රජය මැතිවරණයෙන් දින 21 ක් වැනි කෙටි කාලයක් තුළ 2015 මුදල් වර්ෂය සඳහා අය-වැයක් ඉදිරිපත් කළ බව ඔබට සිහිපත් කිරීමට කැමත්තෙමි. 

5.  2020 වසර සඳහා විසර්ජන පනතක් ඉදිරිපත් කිරීම වෙනුවට 2020 මාර්තු 2 වන දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මත්තෙන් යහපාලන රජය විසින් සම්මත කර තිබූ අතුරු සම්මත ගිණුම සංශෝධනය කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කරන ලදී.එවන් සංශෝධනයක් සඳහා ස්ථාවර නියෝග අනුව ප්‍රතිපාදන නොමැතිබව විපක්ෂය විසින් පෙන්වාදීමෙන් අනතුරුව රජය විසින්ම එය ඉල්ලා අස්කරගන්නා ලදී.රටට හෙළිනොකළ හේතුන් මත අය-වැය ඉදිරිපත් නොකිරීමෙන් හා දැන් හදිස්සියේ මතුව ඇති කොරෝන හෙවත් කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් රට තුළ වසංගත, ව්‍යවස්ථාදායක හා ආර්ථික අර්බුදයක් උද්ගතව ඇත. 

6. කොවිඩ්-19 වසංගතය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වීමෙන් මතුවූ බරපතල අවදානම් තත්ත්වය පිළිබඳව සලකා බලමින් 2020 අප්රේල් 25 වන දිනට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය, 2020 ජුනි මස 20 වන දින පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව විසින් 2020 අප්රේල් 20 වන දින ප්‍රරකාශයට පත් කරන ලදී. එහෙත් 2020 ජුනි මස 20 පැවැත්වීමට යෝජිත මහ මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව නව පාර්ලිමේන්තුව රැස්වෙන දිනයක් මේ දක්වා නිල වශයෙන් ප්‍රරකාශයට පත් කර නොමැත.  

7. 2019 ඔක්තෝම්බර් 23 දින සම්මත කරන ලද අතුරු සම්මත ගිණුම අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිළිව සඳහන් පරිදි 2020 අප්‍රේල් 30 දිනෙන් පසුව රාජ්‍ය වියදම් දැරීම පිළිබඳව ජනපති ප්‍රමූඛ රජයට  නීත්‍යනුකූල   අවකාශයක් නොමැති බව අවධාරණය කරමි. පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලතල ප්‍රකාරව  එකී අනුමැතියකින් තොරව මුදල් අමාත්‍යවරයාට ප්‍රතිපාදන වෙන් කිරීමට බලය දිය නොහැකි අතර මහා භාණ්ඩාගාරයේ ලේකම්  ද මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියෙන් තොරව රාජ්‍ය මුදල් කිසිදූ කටයුත්තකට වියදම් කිරීම නීති විරෝධී වනු ඇත.

8. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 150 ව්‍යවස්ථාවේ 03 වන වගන්තිය ප්‍රරකාර පාර්ලිමේන්තුව විසිරුවා ඇති අවස්ථාවක හා විසර්ජන කෙටුම්පතක් සම්මත නොවූ සන්ධර්භයක් තුළ රජයේ වියදම් දැරීම සඳහා අවකාශයක් ඇත. එයට අදාළ ව්‍යවස්ථාමය ප්‍රතිපාදනය පහත දැක්වේ.

150(3)- “කිසියම් වර්ෂයක විසර්ජන පනත් කෙටුම්පත නිතිය බවට පත්වීමට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිනු ලැබූ අවස්ථාවක පාර්ලිමේන්තුව විසින් රජයේ සේවාවන් සඳහා මුදල් වෙන් කර නොමැත්තේ නම් අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස 3ක් ඉකුත් වන තෙක් රජයේ සේවාවන් සඳහා යම්කිසි මුදලක් අවශ්‍ය වෙතැයි ජනාධිපතිවරයා සලකයි නම් එම මුදල ඒකාබද්ධ අරමුදලෙන් නිකුත් කිරීමටත් වැය කිරීමටත් නියම කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේය.”

යථෝක්ත ව්‍යවස්ථාවෙහි සදහන් ප්‍රතිපාදන ප්‍රකාර ඒකාබද්ධ අරමුදලෙන් මුදල් නිකුත් කිරීමට හා වැය කිරීමට ජනාධිපතිතුමාට බලය ලැබෙනුයේ අභිනව පාර්ලිමේන්තුව කැඳවන දිනයේ සිට මාස 3ක් ඉකුත් නොවන තෙක් පමණි. එහෙත් නව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දිනය තවමත් ජනාධිපතිවරයා විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.

9. ජනාධිපති, අග්‍රාමාත්‍ය ඇතුළු අමාත්‍ය මණ්ඩලය හා පාර්ලිමෙන්තු මැති ඇමතිවරු මෙන්ම භාණ්ඩාගාරයේ ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සියලු දෙනා ජනරජයේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ නොකර ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දී ඇත. එය කඩ කරන ඔනෑම පුද්ගලයෙකු අභියාචනාධිකරණය විසින් වරදකරු කරනු ලැබු විට එම විධිවිධාන කඩකරමින් ක්‍රියා කරන කවර වූව ද තැනැත්තෙකු අභියාචනාධිකරණය විසින් වරදකරු කරනු ලැබූ විට :-

() අවුරුදු හතක් නොඉක්මවන කාලයක් සඳහා ප්‍රජා අයිතිය අහිමිවීමට යටත් වන අතර

() පවුලේ අයගේ ජීවිකා වෘත්තිය පවත්වාගෙන යාම පිණිස අවශ්‍යයයි අධිකරණ ආඥාවක් මගින් තීරණය කරනු ලබන දේපල හැර, ඔහුගේ චංචල සහ නිශ්චල දේපල රාජසන්තක වන්නේය

10. එබැවින්, පත්ව ඇති මේ අවදානම් අවස්ථා සැලකිල්ලට ගෙන  පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ වල සහාය  ලබා ගෙන 2020.04.30 න් පසුව රාජ්‍ය සේවාවට වැටුෆ් ගෙවීම ඇතුළු අත්‍යාවශ්‍ය වියදම් අනුමත කරවාගැනීමට  වහා පාර්ලිමේන්තුව යළි රැස් කරන මෙන්  විධායකෙයේ ප්‍රධානිය වශයෙන් හිතවත් ජනාධිපති තුමන් ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

මීටවිශ්වාසී

මංගල සමරවීර

පිටපත්:-

  1. ගරු මහින්ද රාජපක්ෂ මහතා

අග්‍රාමාත්‍ය හා මුදල්,ආර්ථික හා ප්‍රතිපත්ත්ය් සංවර්ධන අමාත්‍ය

  1. ගරු සජිත් ප්‍රේමදාස මහතා

හිටපු විපක්ෂ නායක

  1. ගරු. රනිල් වික්‍රමසිංහ මහතා. 

නායක, එක්සත් ජාතික පක්ෂය

  1. කරු ජයසූරිය මහතා

හිටපු කථානායක

  1. ආර් සම්බන්දන් මහතා

නායක, ද්‍රවිඩ ජාතික සන්ධානය

  1. අනුර කුමාර දිසානයක මහත

නායක, ජනතා විමුක්ති පෙරමුණ

  1. රවුෆ් හකීම් මහතා

නායක, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය

  1. රිෂාඩ් බදියුදීන් මහතා

නායක, සමස්ථ ලංකා මහජන කොංග්‍රසය

  1. මනෝ ගනේෂන් මහතා

නායක, දෙමල ප්‍රගතිශීලි සන්ධානය

  1. පී. දිගම්බරම් මහතා

නායක, කම්කරු ජාතික සංගමය

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    893/5000
    හරි, නෝනාවරුනි, මහත්වරුනි, අපගේ ප්‍රධාන ආහාරය “තණකොළ” බවට පත් කිරීම පාලකයන් සමඟ එකඟ වීමට කාලයයි. ඔවුන් පුන්නකු බේබද්දන්, කොල්ලකරුවන්ට මේ රට පාලනය කිරීමට මග පෑදීය. අද රාජපක්ෂ අපරාධකරුවන් තමන් හරි යැයි සිතන ඕනෑම දෙයක් කරනවා, නමුත් මිනිසුන් දිනෙන් දින සාගින්නෙන් යැවීමෙන්.
    හෙට දවසේ සිට ඔවුන් පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව ජාතිය සඳහා භාවිතා කිරීමට අවසර නොදෙන ඒකාබද්ධ අරමුදල් නීති විරෝධී ලෙස අනිසි ලෙස භාවිතා කරනු ඇත. ඔවුන්ගේ තර්කයට අනුව, ඔවුන්ට තවමත් එය භාවිතා කළ හැකිය, නමුත් විධිවිධාන ඔවුන්ගේ ප්‍රකාශයන්ට විරුද්ධ ය. මේ ආකාරයෙන්, ඔවුන්ගේ මිනිසා, හිටපු ජනාධිපති සිරිසේන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනිසි ලෙස භාවිතා කර, ඔහුගේ වලිගය කකුල පිටුපස සැඟවීමට සෑම උත්සාහයක්ම ගත් සුනඛයෙකු බවට පත්විය. මෙවර STUPID sirisena සොබාදහමේ තවත් මිනිසෙකු එම වැරැද්දම පුනරුච්චාරණය කරයි. ජාතිය කෙතරම් මෝඩ විය යුතුද යන්න ඔවුන්ගේ අවධානයට අනුව විය යුතුය.

    • 1
      0

      එය ක්‍රිස්තියානි ධර්මය, ඉස්ලාම් හෝ බුද්ධාගම වේවා, ඒ සෑම එකක්ම ප්‍රතිපත්තිගරුකව ඉගෙනීමට මිනිසාට උපකාර කරයි. අපේ රටේ, ආගම් සහ දේශපාලනය දැන් සිනාසෙන කොටස් බවට පත්ව ඇත්තේ ඔවුන් එකම වැඩ කරන මිනිසුන්ව රවට්ටමින් එකට වැඩ කරන බැවිනි. පසුගිය ජනාධිපතිවරණයට ටික කලකට පෙර, කෙලනියා බෞද්ධ විහාරස්ථානයේ බොහෝ උත්තම පූජකයා මිථ්‍යාවක් ගැන ආයාචනයක් කළේය – එබැවින් බෞද්ධ අනුගාමිකයන් මුළුමනින්ම නොමඟ යවන ලදි. පසුකාලීනව මෙය රාජපක්ෂ අපරාධකරුවන් විසින් කොක්කෙන් හෝ වංචාවෙන් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා සකස් කරන ලද දේශපාලන උපක්‍රමයක් බවට පත්විය.
      අවාසනාවකට මෙන්, ඔවුන් නායකයන් බවට පත් කරමින් ඔවුන්ට පක්ෂව වැඩ කළහ. මෙම උපක්‍රම සහ ඒවා මෙහෙයවීමට ඉඩ සලසයි, ජනතාව විසින් ශාපයට හා හෙළා දැකීමට සිදුවේ. ජනමාධ්‍ය ආවරණ ඔවුන්ගේ පක්ෂග්‍රාහී සේවාවන් සිදු කළ අතර, පශ්චාත් මැතිවරණ කථාංගයේ දී ඔවුන්ගේ ප්‍රවෘත්ති විකාශනය නිවැරදි කිරීමට එක වචනයක්වත් නොකියයි. වහලුන්ගෙන් පිරුණු – වහලුන්ගෙන් පිරුණු රටක, සිදුවිය නොහැකි දේ කුමක්ද?

      ආගම් පොදුවේ මිනිසුන්ට උදව් කළත්, බුද්ධාගමේ හෝ වෙනත් ආගම්වල වැරදි අනුවාදයන් ජනතාව නොමඟ යවයි. අපේ රටේ, ඔවුන් බෞද්ධයන් යැයි කියාගන්නා නමුත් උපන් බෞද්ධයින්ගෙන් 90% කට වඩා වැරදි ලෙස හැසිරේ. අදටත් රටේ ගෞරවනීය බෞද්ධ විහාරස්ථානයක් ලෙස සැලකෙන කෙලනියා බෞද්ධ විහාරස්ථානය අවට සැරිසරන්නේ නම් මෙය ඔබට පෙනෙනු ඇත. කෙසේ වෙතත්, අද වන විට, කෙලනියා බෞද්ධ විහාරය නපුරු දේශපාලන politicians යින් සහ ඔවුන්ගේ අපයෝජන සංස්කෘතීන් විසින් අල්ලා ගනු ලබන අතර, අව්‍යාජ බෞද්ධ අනුගාමිකයින්ට මීට වසර කිහිපයකට පෙර සිදු කළ පරිදි යාච් prayers ා දිගටම කරගෙන යාමට නොහැකි විය.

    • 1
      0

      අද අපේ මාතෘ භූමියේ සන්දර්භය තුළ, ජාතිය මකරා විසින් අල්ලා ගනු ලැබීමට සමාන ය.

      දේශපාලන විපක්ෂයෙන් එන කිසිම දෙයක් ගැන ඔවුන් සැලකිල්ලක් නොදක්වන අතර, ඔවුන්ගේ සෞඛ්‍යය කෙරෙහි අවධානය යොමු කරන ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රමුඛතාවය ඔවුන් තබා නැත.

      අද වන විට ප්‍රමුඛ කාර්මික රටක් ලෙස ජර්මනිය පවා ඔවුන්ගේ ආඩම්බරය ගැන කතා කරයි. මිලියන 83 ක ජනතාවක් සිටින එම මහා රටේ COVID රෝගීන්ගේ සංඛ්‍යාව 76% කට ආසන්න වන අතර එක්සත් රාජධානිය, ෆ්‍රාන්ස්, ඉතාලිය සහ අනෙකුත් යුරෝපීය රටවල් 25% ක් වත් නැත මේතාක්.

      අපි ශ්‍රී ලංකන් බව ප්‍රසිද්ධ රහසක්; ලෝකයට තවත් දුප්පත් හා කුසගින්නෙන් පෙළෙන ජාතියකි. ජල ළිංවලට පමණක් සීමා වූ ගෙම්බන් මෙන්, බලයේ සිටින අපේ බැල්ලිගෙ පුතුන්, යම් හේතුවක් නිසා, මෝඩ මිනිසුන්ගේ ස්වයං උත්කර්ෂයට නැංවීමට පෙළඹේ. හැඟීම දැනීම සඳහා ඔවුන් කිසිසේත් ඇස් විවෘත නොකරයි.
      දැන් හෝ පසුව, බලයේ සිටින රාස්කල්වරුන්ගේ බාහිර චේතනා තේරුම් ගැනීමට මිනිසුන්ට සිදුවනු ඇත. පිටත ජීවත්වන ශ්‍රී ලංකාවන් වන අපට ජාතියේ ප්‍රගතිය පිළිබඳව උමග අවසානයේ ආලෝකය දැකිය නොහැක.

      COVID පැතිරීමට එරෙහිව ගනු ලබන වැළැක්වීමේ පියවර පිළිබඳව ඔවුන් ඔවුන් ගැන ඉහළින් කතා කරයි. මෙය හාස්‍යජනකය. එහෙත් ඔවුන්ගේ මාධ්‍ය යාන්ත්‍රණයන්ගෙන් පෝෂණය වන අයට එය ඉක්මවා බැලීමට මොළයක් ඇත. බලයේ සිටින අපරාධකරුවන් දුප්පත් ජාතියක් ලෙස තම උපරිමය කරන බව ජනතාවගේ මතය වී තිබේ. මෙම සංජානනය ජාතිය වැඩිදියුණු කිරීමට බාධා කරයි

      වෙනත් බොහෝ දුප්පත් ජාතීන් ඔවුන්ගේ රටවල් තුළ වෛරසය පැතිරීම වළක්වා ඇති ආකාරය ගැන ඔවුන් තැකීමක් නොකරයි. අද වන විට ඔවුන් ප්‍රමාණවත් පාලක PCR පරීක්ෂණ සිදු කර නොමැත. විශේෂ weeks යන් දැනටමත් සති කිහිපයකට පෙර අනතුරු ඇඟවූ නමුත් ඔවුන් හුදෙක් නොදැනුවත්කමින් හා සමච්චලයට ලක් කරමින් විශේෂ experts යන්ගේ සිතුවිලි හා මනසට සැලකූහ. අපේ‍්‍රල් 19 වන විට ජාතිය COVID වලින් නිදහස් වනු ඇතැයි අවධාරනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාට දැඩි උත්සාහයක් තිබුණි. අවාසනාවකට මෙන්, රෝගීන්ගේ ශී increase ්‍ර වැඩිවීම අප්‍රේල් 19 වනදා සිට ආරම්භ වූ බව ශ්‍රී ලංකාවන්ට ඇසුණි. එහෙත් එම කාන්තා ඇමතිවරියද අදටත් සුපුරුදු පරිදි ඇගේ වැරදි තොරතුරු දිගටම කරගෙන යයි. ඇගේ සගයන් හෝ රජය ඇයට විරුද්ධව එක වචනයක්වත් නොකියයි.

      ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නැවත නැවතත් ලබා දෙන උපදෙස් අනුව සෑම ජනගහනයකින්ම PCR පරීක්ෂණයේ වේගවත් වැඩිවීම සහ ක්‍රියාකාරීත්වයේ අවශ්‍යතාවය ගැන ඔවුන් තැකීමක් නොකරයි.

      ජාතියේ වඩාත්ම අවදානමට ලක්විය හැකි කොටස වන 40% ක්ම අසරණ වූ අසරණ ප්‍රජාව ගැන ඔවුන් තැකීමක් නොකරයි.

    • 1
      0

      විපක්ෂ බලවේගයන්ට පාලක බලවේග සමඟ බෙදා ගැනීමට ඇති ඕනෑම යහපත් දෙයකට විරුද්ධ වීමට සියල්ල සිදුවෙමින් පවතී. සියලු ආචාර ධර්ම හා සදාචාරයන් ඉක්මවා යන දේශීය මාධ්‍යවලට ඔවුන් මාධ්‍ය සම්බාධක පනවයි. COVID 19 – ජාතිය තුළ පැතිරීම වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳ ඔවුන්ගේ ස්වයං ප්‍රකාශනයන් අසත්‍යයන්ගෙන් පිරී තිබුණද, අද ඔබට වෙබයේ බොහෝ විවේචන කියවීමට හෝ බැලීමට නොහැකි වීමට හේතුව මෙයයි.
      අද, ජීආර්-එම්ආර් රජය පමණක් නොව, අද දවසේ ක්‍රියාකාරකම් වලදී මිලිටේ විශාල කාර්යභාරයක් ඉටු කරයි. මා මෑතකදී විකාශන කිහිපයක් නැරඹූ අතර, රටේ ප්‍රධාන පෙළේ මාධ්‍යයන් වන පැනල් සැසිවාරයට කැඳවනු ලබන ඕනෑම අයෙකු 80% ක් හිටපු මිලිටරි, නාවික හෝ ගුවන් හමුදාවන් බව මම දුටුවෙමි.

      ඇත්ත වශයෙන්ම ඊයේ රාත්‍රියේ මගේ දෑස් සත්‍යවාදී වීමට නොහැකි වූ නමුත් ඩෙරානා ටීවී නාලිකාව විසින් විකාශය කරන ලද පහත දැක්වෙන ප්‍රවෘත්ති ග්‍රහණය කර ගන්නා ලදී. SOCIAL MEDIA හි මිලිටරි පිළිබඳ වීඩියෝ කිහිපයක් සංසරණය විය. පැමිණෙන සොල්දාදුවන් වඩාත් හොඳින් නිරෝධායනය කිරීම සඳහා එම සොල්දාදුවන් සිය ජීවිත පරිත්‍යාග කළ ආකාරය එයයි. සමහරු නිදා ගැනීමට සුදුසු ස්ථාන නොතිබූ අතර තවත් සමහරු තම කාර්යයන් අවසන් වන තෙක් වෙහෙසට පත්ව සිටියහ.

  • 1
    0

    https://www.youtube.com/watch?v=q0c9gi2n-v0

    We salute the kind of fearless men of our mother lanka.. Regardless of the race and religion, if anyone would reveal the truths… we always salute them.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.