
එදා උතුරු නැගෙනහිර ප‍්‍රදේශය තුළ තිබුණ කොටි ත‍්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කර ඇතත්, අද මුළු රට පුරාම තවත් ත‍්‍රස්තවාදයක් විහිදෙමින් තියෙනවා.
බලයෙන් මත් වූ පුද්ගලයන් සහ ඔවුන්ගේ ඥාති, ගෝලබාලයන් අද තම බලය අනිසි ලෙස උපයෝග කර ගනිමින් දියත් කරන රාජ-පාක්‍ෂික ත‍්‍රස්තවාදය මුළුමහත් රටටම විනයක් වෙලා තියෙනවා.
ජනාධිපති දරුවන් කී‍්‍රඩා පිටියේ පරාජය දරා ගන්න බැරුව, විනිශ්චයකරුවන්ට දරුණු ලෙස පහර දෙද්දී, ප‍්‍රාදේශීය මට්ටමේ සිටින රාජ-පාක්‍ෂික සභාපතිවරුන්ගේ දරුවන් අද තම විදුහල්පතිවරයාට පවා පහර දෙනවා.
එමෙන්ම, ගුරුවරුන් දණ ගස්වමින්, රාජ්‍ය සේවකයන් ගස් බඳිමින් තවත් රාජ-පාක්‍ෂිකයන් මේ ත‍්‍රස්තවාදය දියත් කරන හැටි අපට හැමදාම අහන්නට, දකින්නට ලැබෙනවා.
දැරණියගල වත්තේ තමන්ගේ ජාවාරම්කාර ව්‍යාපාරයන්ට හරස් වෙන වතු සුපිරින්ඩන්ලා අමු අමුවේ ඝාතනය කරන්නේද මේ රාජ-පාක්‍ෂික ත‍්‍රස්තවාදීන් බව රහසක් නොවේ.
එපමණක් නොව, මේ රාජ-පාක්‍ෂික ත‍්‍රස්තවාදීන් නිසා ලෝකයේ ස්තී‍්‍ර ¥ෂණ වැඩිම රට බවට අද ලංකාව පත් වෙලා තියෙනවා. ළමා අපචාර වැඩියෙන්ම සිදුවන රටක් බවට පත්වෙලා තියෙනවා.
දවසකට ස්තී‍්‍ර දූෂණ අවම වශයෙන් 07 ක්වත් මේ ආශ්චර්යමත් ශී‍්‍ර ලංකාවේ සිදුවන බවට පොලිස් වාර්ථාම පිළිගන්නවා. දිනකට ළමා අපචාර 03 ක්වත් සිදු වෙනවා.
තමන්ගේ ආශාවන්ට හරස් වෙන සංචාරකයන් පවා මරා දමන හැටි, තංගල්ලේ 2011 දී අපට පෙන්වා දුන්නා.
තංගල්ලේ එම විදේශ සංචාරකයාගේ ඝාතනය පිටුපස ජනාධිපතිවරයාම පදිංචි තංගල්ල ආසනයේ නාමල් රාජපක්‍ෂගේ නිල් බළකායට සම්බන්ධ ප‍්‍රාදේශීය සභා සභාපතිවරයා සිටියා මෙන්ම, අද ලංකාවේ අනෙකුත් ස්ථානවල සිදුවෙන සියලූ ස්තී‍්‍ර දූෂණ, ළමා අපචාර සහ වෙනත් අපරාධවලින් 80%කම පිටුපස සිටින්නේ, බලයෙන් මත් වූ මෙම රාජ-පාක්‍ෂික ත‍්‍රස්තවාදීන් බව ඉතාමත්ම පැහැදිලියි.
මෙම ත‍්‍රස්තවාදය අද දියත් කරන්නේ තමන්ට හිතවත් දේශපාලනඥයන් හරහා පමණක් නොව, හමුදාව සහ පොලිසියේ සිටින තෝරාගත් පිරිස් හරහාද මෙය කි‍්‍රයාත්මක කරනවා.
එනම්, රාජ-පාක්‍ෂික ත‍්‍රස්තවාදය කි‍්‍රයාත්මක කිරීමේ වගකීම හමුදාවේ සහ පොලිසියේ යම් යම් නිලධාරීන්ටද භාර දී තියෙනවා.
මෙය හොඳින්ම පැහැදිලි වූයේ, පසුගියදා වැලිවේරියේදී සිදු වූ අහිංසකයන්ගේ ඝාතනයේදීය.
වස විෂ වතුර වෙනුවට, පිරිසිදු ජලය ඉල්ලූ ජනතාවට එලව එලවා පහර දුන්නේද, වෙඩි තිබ්බේද මේ හමුදාවේ සිටින රාජ-පාක්‍ෂික ත‍්‍රස්තවාදීන්ය.
ආණ්ඩුවේ ඔලමොට්ටලකම්වලට විරුද්ධ වූ නිදහස් වෙළඳ කලාපයේ කම්කරුවන්ටද, හලාවත ධීවරයින්ටද, රොෂේන් චානක, වර්ණකුලසූරිය ඇන්තනී වැනි අහිංසකයින්ට පහර දී අමු අමුවේ මරා දැම්මේ රාජ-පාක්‍ෂික ත‍්‍රස්තවාදීන් බව මුළු රටම දන්නවා.
එමෙන්ම, මේ මිලේච්ඡ ප‍්‍රහාර ඉදිරියේ පූජනීය කි‍්‍රස්තියානි පල්ලියක් තුළ සැඟ වුණ දරුවන් එළියට ඇද දමමින්, පල්ලිය තුළ වෙඩි තබමින් කි‍්‍රයාත්මක කරන ලද්දේද මෙම ත‍්‍රස්තවාදීන් විසින්.
එපමණක් නොව, පසුගියදා ග‍්‍රෑන්පාස් ප‍්‍රදේශයේ මුස්ලිම් පල්ලියකට ආරක්‍ෂක අමාත්‍යංශයෙන් සහ වීරවංශලාගේ මඟ පෙන්වීම යටතේ කටයුතු කරන බලූ සේනාවන් පහර දෙද්දී, නිහඬව බලා සිටියේද මෙම ත‍්‍රස්තවාදයට උල්පන්දම් දෙන පොලිසියේ සිටින උදවිය බවද පැහැදිලිව කිවයුතුයි.
ග‍්‍රෑන්පාස් මුස්ලිම් පල්ලියට ගැහුවේ කවුද කියලා ඕන තරම් සාක්‍ෂි තියෙනවා. සී.සී. ටීවී කැමරා දර්ශන පොලිසිය ළඟ තියෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ (ipad එකේ පීන්තූරයක් පෙන්වමින්) පින්තූර වෙබ් අඩවිවලත් තියෙනවා. පොලූ ගත්තු ත‍්‍රස්තවාදීන්, පොලූ ගත්ත රස්තියාදුකාරයින් ඉදිරියේ පොලිසිය නිකම්ම බලන් ඉන්නවා.
ග‍්‍රෑන්පාස් පල්ලියට ගහන්න මුල් වුණ එක්කෙනෙක් තමයි, දකුණු ග‍්‍රෑන්පාස් ප‍්‍රදේශයේ ජාතික හෙළ උරුමයේ උපාලි. ඒ වගේම දිනේෂ්, ඥානෙ, විජේ, පියතිස්ස හෙට්ටිආරච්චි වැනි ආණ්ඩු පක්‍ෂ මැරයනුත් මෙතන හිටියා කියලා පොලිස් වාර්තාවල තියෙනවා.
නමුත් මේ අයට පොලිසියට එන්න කියලාවත් නෑ. කටඋත්තරයක් ලබාගෙනවත් නැහැ. රාජ-පාක්‍ෂික ත‍්‍රස්තවාදී කල්ලි මෙහයෙ වන අනුර සේනානායක පල්ලිය වහලා, පල්ලියේ සිටි අයට ගහන්න ආපු අයව ආරක්‍ෂා කළා.
දැන් අපිට ආරංචියි අනුර සේනානායකලා විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව උද්ඝෝෂණය කළ අප පක්‍ෂ ලේකම්තුමාට ප‍්‍රමුඛ අනෙක් පක්‍ෂවල ලේකම්වරුන්ට විරුද්ධව ‘බී වාර්තාවක්’ සකස් කරලයි කියලා. අපි මේ අයට කියනවා, අපිව උසාවි ගෙනියන්න ඉස්සෙල්ලා වැලිවේරියේ අහිංසකයන්ගේ ඝාතනයට වගකිවයුත්තන් උසාවි ගෙනියන්න කියලා.
අපිව උසාවි ගෙනියන්න ඉස්සෙල්ලා, ග‍්‍රෑන්පාස් පල්ලියට පමණක් නොව, පසුගිය මාස කිහිපය තුළදි ආගමික ස්ථානවලට පහර දීපු, කුඩු කරපු, විනාශ කරපු රාජ-පාක්‍ෂික ත‍්‍රස්තවාදීන්ට නඩු දාන්න කියලා.
හමුදාවේ සිටින රාජ-පාක්‍ෂික ත‍්‍රස්තවාදීන් විසින් වැලිවේරියේ අහිංසකයන්ට එරෙහිව ගෙනයන දඩයම තවමත් දියත් කරනවා.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් මාධ්‍යවේදීන්ට පහරදීම සම්බන්ධයෙන් මානව අයිතීන් කොමිසමට ඊයේ වාර්තා කළ විට ඔවුනට කියා සිටියේ, වැලිවේරිය ප‍්‍රදේශයේ විරෝධතාවයට සම්බන්ධ වූ තරුණයන් හමුදාව විසින් බලහත්කාරයෙන්ම රැගෙන යන ප‍්‍රශ්නයක් මතුව ඇති බැවින්, ඔවුනට වෙන දිනයක පැමිණෙන ලෙසයි.
වැලිවේරියේ ඝාතනයට ලක් වූ, වෙඩි ප‍්‍රහාරවලට ලක් වූ සහ පහර කෑමට ලක් වූ ජනතාවගේ නිවෙස් වෙත මෙම හමුදා ත‍්‍රස්තවාදීන් ගොස් තර්ජනය කර ඇතැයි ලංකා ඊ නිව්ස් වාර්තා කර ඇත. උතුරේ ගම්මානවලද හමුදා බුද්ධි අංශයේ අය පත් කර තියෙන ආකාරයට, වැලිවේරිය ප‍්‍රදේශයේද අද හමුදා බුද්ධි අංශයේ අයගෙන් පිරී තියෙනවා.
හමුදාවේ සහ පොලිසියේ සුළු පිරිසක් මේ ආකාරයට රාජපක්‍ෂ රෙජිමයේ නීති විරෝධී නියෝගයන් කි‍්‍රයාත්මක කිරීම තුළින් අද මුළුමහත් හමුදාවත්, පොලිසියත් අපකීර්තියට පත්ව වෙලා.
හමුදාවේ පොලිසියේම රාජ-පාක්‍ෂික ත‍්‍රස්තවාදීන් කවුදැයි කියා අද මුළු රටම අසන අතර, මෙම සාමාන්‍ය ජනතාව මරණ, කොටන ත‍්‍රස්තවාදීන්ට නියෝග දෙන, මෙහෙය වන මහා ත‍්‍රස්තවාදියා කවුද? කියා ද ජනතාව අහනවා.
වැලිවේරියේ ඝාතන සිදු වූ විගස එයට සම්බන්ධ වූ අය වහාම හමුදා අත්අඩංගුවට ගෙන, ඔවුන්ට විරුද්ධව කටයුතු කළ යුතුව තිබුණත්, මේ අතළොස්ස මේ රටේ අපරාධ වෙනුවෙන් පෙනී සිටින ආරක්‍ෂක ලේකම්වරයා සහ ආරක්‍ෂක ඇමැතිවරයා ආරක්‍ෂා කරන්නේ, මෙයට අණදුන්නේ ඔවුන් බව සඟවන්නට නේද කියලා මම අහනවා.
මේ තත්ත්වය යටතේ රාජ-පාක්‍ෂික ත‍්‍රස්තවාදයට එරෙහිව අද මුළු රටේම ජනතාව කඳවුරු බඳිනවා.
පක්‍ෂ භේද ආගම් භේද ජාති භේදයෙන් තොරව අපි දිනාගත් නිදහස ආරක්‍ෂා කිරීමට අද ජනතාව ඒකරාශී වෙනවා.
විශේෂයෙන්ම රාජපාක්‍ෂික ත‍්‍රස්තවාදයට එරෙහිව අප රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැක ගැනීම සඳහා ඊළඟ සතියේදී පක්‍ෂයක් පාටක් නැති ‘සමගි බලවේගය’ හඳුන්වා දෙනවා.
ජනතාවගේ යහපත උදෙසා වූ අලූත් ශී‍්‍ර ලංකාවක් ගොඩනැඟීමට, අලූත් කතාබහක් ඇරඹීමට කාලය දැන් එළඹ තියෙනවා.
වඩාත් හොඳ රටක් නිර්මාණය කිරීම සඳහා බෙදී වෙන් වී සටන් කරනවාට වඩා, එකමුතුව යෝධ සංග‍්‍රාමයක් දියත් කිරීම අද අපගේ කාර්යභාරය වෙනවා.
රට තුළ පවතින ඒකාධිපති වියරුවටත්, රාජ-පාක්‍ෂික ත‍්‍රස්තවාදයට එරෙහිව වන සියලූ දේශපාලන පක්‍ෂ, ජනතා සංවිධාන සහ සියලූ පුද්ගලයන් උදෙසා සැකසුනු යෝධ ධජයක් සේ ඊළඟ 22 වනදා අපි සමගි බලවේගය රටට හඳුන්වා දෙනවා.
ස්වකීය පාක්‍ෂිකයන් පමණක් නොව, අනෙකුත් සෙසු පාක්‍ෂිකයන්ද, නිර්පාක්‍ෂික භාවයෙන් යුතු අයද එක ‘මුතු කුඩයක්’ යටට එක් රැස්කොට අවර්ණ වේදිකාවක් නිර්මාණය කිරීම යුගයේ අවශ්‍යතාවයයි.
ජාතියකට, ආගමකට, කුලයකට, පන්තියකට සීමා නොවූ සැමට එකට එක්රැස්වී ගොඩනඟා ගත හැකි සම්මුතිකවාදී මහජන ගිවිසුමක් තුළින් ‘සමගි බලවේගය’ අපි ගොඩනගමින්, ආණ්ඩු පක්‍ෂයේද මැති ඇමැතිවරුන් සමග සාකච්ඡා කර සකස් කරන ලද යෝජනා 10 කට මේ මස 22 වනදා සංවිධාන විශාල ප‍්‍රමාණයක් අත්සන් තබනවා.
අන්තවාදී, විනාශකාරී සුළුතරයක පුහු ඝෝෂාව ඉදිරියේ තවදුරටත් අපට නිහඬව බලා සිටිය නොහැක.
ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන, යුක්තිගරුක සමාජයක් ප‍්‍රාර්ථනා කරන සියලූම දෙනා සමගි බලවේගයත් සමග එකතු වී අද මේ රට යන භයානක දිශාව වෙනස් කරන්නට සූදානම් වෙමුයි කියලා මම ආරාධනා කරනවා.
*එක්සත් ජාතික පක්‍ෂ සන්නිවේදන අංශ ප‍්‍රධානි මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මංගල සමරවීර මහතා විසින් 2013-08-16 දින රාජගිරියේ පිහිටි ජාතික වතුකම්කරු සංගම් ශාලාවේදී පැවැත් වූ විශේෂ ප‍්‍රවෘත්ති සාකච්ඡාව.
ලෝකයා / August 19, 2013
පුස් වෙඩි දැකල නැත්නම් ඕන්න් බලාගන්න..
/
නසරාණි / August 21, 2013
අම්මපා පුස් වේඩිම තමයි.
/
මිගෙල් / August 19, 2013
හැබැයි සිම්පල් ප්ලෑන් එක්ක එකතු වුණා නම් පරදන්න තිබුණා
/
වසලයා / August 21, 2013
සිම්පල් නම් විකල්ප 3 තමයි….
/
රනිලා / August 19, 2013
සුදු අයියද කිව්වේ මේ ටික කියන්න කියල මංගල අයියේ
/
දෘශ්‍යමාන / August 19, 2013
සිරිකොතේ තියෙන්නෙ රනිල් -පාක්ෂික ත්‍රස්ත්‍රවාදයක් නෙමේද
/
සුකිරියා / August 19, 2013
“පක්‍ෂ භේද ආගම් භේද ජාති භේදයෙන් තොරව අපි දිනාගත් නිදහස ආරක්‍ෂා කිරීමට අද ජනතාව ඒකරාශී වෙනවා” මේවා කියන්නේ ඇදුම් ඇදගෙනද මලන්ගල.යුද්දේ කරන කාලේ කියපුව අමතක නෑ අපිට නම්
/
vx / August 19, 2013
අපි නං මහින්දගේ පාලනය යටතේ ෆුල් ජොලියෙන් ඉන්නවා,කවුරු හරි අපේ ආතල් කඩන්න ආවොත් දන්නවානේ…………….ජුලං පිටියේ අමරේ……….මැද-මූලන නාමල්……..කපනවා කටවල් ……අරිද ඩෝ.
/
නසරාණි / August 21, 2013
කොහෙන් හරි ඇටිකෙහෙලක් හොයාගෙන කියවනවා….
/
කිරියා / August 21, 2013
මූ කියන ඒවායේ තේරුමක් මූ වත් දන්නේ නැතුව ඇති…ඔහේ කියවනවානේ…
/
shu / August 21, 2013
දැන් ඉතින් වෙන කුමක් කරන්නද?
/
එදිරි / August 21, 2013
අන්න අරෙහේ ලොක්කගේ ගුණ කථන වලට මිනිස්සු හොදට සලකනවා තමුසෙටත් තව ටික දවසකින් හොදට සලකයි
/
kalpa / August 21, 2013
නිකන් බයිලා කියවන්න එපා.. මනුස්සයෝ.. තමුසෙලා තමයි මේ රටට ඉන්න ලොකුම ත්‍රරවස්තවාදියෝ
/