22 October, 2020

Blog

තරඟ​ය, අභිලාෂයන් අතර ගැටුම් හා පාලනය

මංගල සමරවීර

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර

අවුරුදු එක හමාරකට මදක් වැඩි කාලයකට පෙර ජනාධිපති සිරිසේන මැතිතුමාගේ හා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ජාතික ආණ්ඩුව තේරී පත්වූ අවධියේදී රටේ ආර්ථිකය ප‍්‍රපාතයට පත්වී ජාත්‍යන්තර වශයෙන් කොන්වී තිබුණ අතර එක් අතකින් යුධ අපරාධ පිළිබද චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයකට බලහත්කාරයෙන් මුහුණ දීමට සිදුවී තිබුණි. මෙවැනි තත්වයක් උදාවී තිබියදී එමෙන්ම නිල කාලය තවත් පුරා දෑඅවුරුද්දක් ඉතිරිව තිබියදී එවක රජය විසින් ජනාධිපතිවරණයක් පවත්වන ලදී. දූෂණය හා ඥාති සංග‍්‍රහය බහුලව සිදුවෙමන් පවතිද්දී මෙම ජනාධිපතිවරණය පැවැත්වීමෙන් අදහස් කළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හිතකරව කටයුතු කරන බවටත් රජය ජනප‍්‍රියව පවතින බවටත් ශ‍්‍රී ලංකාවාසීන් වෙත හා ජාත්‍යන්තර ප‍්‍රජාව වෙත ප‍්‍රබල සංඥාවක් කිරීමටය. මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කථා කිරීමට මා බලාපොරොත්තු නොවන නමුත් හුදෙක් මීට මාස 19 ට පෙර හදිසියෙන් ලබාගන්නා ලද මූලික සංඛ්‍යා ලේඛණ කිහිපයක් ඉදිරිපත් කරනු කැමැත්තෙමි.

පසුගිය රජය පැවති කාලයේදී ආර්ථිකයෙහි හා සේවා නියුක්තියෙහි වර්ධනයක් සිදු නොවී එම තත්වයෙන්ම පැවතින. රැුකියා බලාපොරොත්තුවෙන් සිටි ශ‍්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව 2009 – 2017 අතර කාලය තුළ දළ වශයෙන් නොවෙනස්ව තිබිණ. දළ දේශීය නිෂ්පාදිතය හා අපනයන අතර ප‍්‍රතිශතය 2000 – 2014 දක්වා කාලය තුළ 33% සිට 17% දක්වා පහත වැටී තිබුණි. අපේ විදේශ ණය මත්තල ගුවන් තොටුපොල වැනි විනාශකාරී ව්‍යාපෘති සදහා යොදවන ලද අතර අවදානම් තත්වයකට මුහුණ දෙන්නට විය.

මෙම අහිතකර තත්වය අනුව අපි ආර්ථික අර්බුදයකට පත්ව සිටියෙමු. අපේ අපනයන වලින් අඩකට වැඩි ප‍්‍රමාණයක් සම්බන්ධයෙන් වග කියමින් සිටි එක්සත් ජනපදය හා යුරෝපා සංගමය සමග සම්බන්ධතා අස්ථිර තත්වයකට පත්ව තිබුණි. මානව හිමිකම් සම්බන්ධයෙන් පසුගිය රජය අනුගමනය කළ දුෂ්ට ක‍්‍රියා කලාපය නිසා අපේජී එස්පී ප්ලස් සහනාධාරය නැත්තටම නැතිවෙන තත්වයකට පත්ව තිබුණි. වාණිජ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛණ වලට අනුව හය වසක් තුළ ජීඑස්පී ප්ලස් සහනාධාරය අහිමි වීම නිසා අහිමි වූ මුලූ අපනයන ආදායම රුපියල් බිලියන 150 ක් විය. එය අධ්‍යාපන අමාත්‍යාංශයේ 2014 අය වැය මෙන් හතර ගුණයක් විය. මෙයට අමතරව ජීඑස්පී ප්ලස් සහනාධාරය අහිමිවීම නිසා පුද්ගලයින් 150000 දෙනෙක් සේවා වියුක්තිකයින් බවට පත් විය. දැනට ඉවත් කොට ඇති මතස්‍ය තහනම තුළින් ඇතිවූ ප‍්‍රතිඵලද ඊට සමානය. තත්වය තවදුරටත් බරපතග වීමට අවකාශය තිබේ. 2015 දී සභා ගත කිරීමට නියමිතව තිබුණ මානව හිමිකම් කොමිෂන් සභාවේ ශ‍්‍රී ලංකාව පිලිබද ජාත්‍යන්තර විමර්ශණ වාර්තාවට අමතරව මානව හිමිකම් කවුන්සිලයේදී නිතර නිතර ලැබූ අන්ත පරාජය හේතු කොට ගෙන ඉලක්ක කළ සම්බාධක හා විදේශ ගමන් තහනම් පැනවීමට අවකාශ තිබුණි. මෙට ඩොමිනෝ බලපෑමේ උච්චස්ථානයට පැමිණිමක් එනම්, යුද්ධය අවසානයේදී ආර්ථික ලාභාංශ සම්පූර්ණයෙන්ම නැතිවී යන තත්වයකට පත්වීමක් විය හැකිව තිබුණි.

නෝනාවරුනි, මහත්වරුනි,

ජාතික සමගි රජය විසින් දැනට ප‍්‍රජාතන්ත‍්‍රවාදය සංහිදියාව සහ සංවර්ධනය සදහා සැකිල්ලක් සකස් කරගෙන යනු ලැබේ. නිදහසින් පසුව මන්දගාමීව කටයුතු කරමින් අනගි අවස්ථා අහිමි කර ගනිමින් ශ‍්‍රී ලංකාව ගත් ගමන් මාර්ගය මෙම සැකිල්ලෙන් වෙනස් කෙරේ. ප‍්‍රජාතන්ත‍්‍රීයකරණය හා විදේශ කටයුතු සම්බන්ධයෙන් අපි දියුණුවක් ලබා ගත්තෙමු. අපි සංහිදියාව පිළිබද ප‍්‍රගතියක් කරා ගමන් කරමින් සිටිමු. ජිනීවා යෝජනාවලියෙහි දක්වා ඇති යාන්ත‍්‍රණය එනම්, අපට ජාත්‍යන්තර වශයෙන් බොහෝ රටවල හොද හිත ලබාදුන් යාන්ත‍්‍රණය හා නව ව්‍යවස්ථාව ක‍්‍රියාවට නැංවීමෙන් පසුව එම සංහිදියාව පිළිබද ප‍්‍රගති රාමුව ක‍්‍රියාත්මක කරනු ලැබේ. දින 100 වැඩපිළිවෙල යටතේ අප විසින් කරන ලද වෙනස් කිරීම් තහවුරු කිරීම සදහා නව ව්‍යවස්ථාව ඉවහල් කරගනු ලැබේ.

අපේ බහු සංස්කෘතික, බහු ජනවාර්ගික, බහු භාෂාමය හා බහු ආගමික ලක්ෂණ ඔප්නංවන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් තුළින් යථාර්තයෙන්ම එක්සත් හා සාමකාමී මතු පරම්පරාවක් බිහිකෙරේ. ශ‍්‍රී ලංකාවට මුහුණපාන්නට සිදුව ඇති ඊළග අභියෝගය විශේෂයෙන් ආර්ථික වර්ධනයක් හා රැුකියා අවස්ථා ඇති කොට සංවර්ධනය උදා කිරීමය. අප විසින් ජනතාවට සාමයේ ප‍්‍රතිලාභ ලබා දිය යුතු වේ. වර්ෂයෙන් වර්ෂයට තම අත මිට සරුවී ජීවන තත්වය උසස් වන බව ඔවුනට හැගී යා යුතුය.

ඔබ සැම දන්නා පරිදි පසුගිය දශකට පුරා අපි අපගේ ශක්තිය යෙදවූයේ මිලියන 20 ක පිරිසකගෙන් යුත් දේශීය වෙළදපොළ සම්බන්ධයෙන් පමණකි. එහිදී ඉන්දීය සාගරේ කේන්ද්‍රස්ථානයක් ලෙස හා ඉන්දීය උප මහද්වීපයට පිවිසෙන දොරටුවක් ලෙස අප දිවයිනේ උපාය මාර්ගික පිහිටීම හේතු කොට ගෙන අපට උදා කර ගත හැකිව තිබූ මහගු අවස්ථා අපට මග හැරිණි. එසේ න්‍ූවත් අපට අවශ්‍ය හා අපට හිමිකම් කිව හැකි ප‍්‍රතිලාභ ලබා ගැනීම පිණිස අපගේ උපාය මාර්ගික පිහිටීමෙන් ප‍්‍රයෝජන ගැනීමට මේ රජය දැන් කටයුතු ආරම්භ කරමින් සිටියි. සමස්ත ලෝකයෙන් අඩක් පමණ වූ ජනගහනයකට මෙන්ම සීග‍්‍රයෙන් වර්ධනය වන වෙළදපොල කිහිපයකට ද සහනදායි ලෙස ප‍්‍රවේශවීමේ හැකියාව අපි ලබාගෙන සිටිමු. බස්නාහිර පළාත, හම්බන්තොට හා ත‍්‍රිකුණාමලය යන ප‍්‍රදේශ වල ඉතා වැදගත් යටිතල පහසුකම් සම්පාදනය සදහා ආයෝජන ආකර්ශනය කරවා ගැනීමට අපි මග හදා ගනිමින් සිටින්නෙමු. ශ‍්‍රී ලංකාව ඉන්දියන් සාගර කලාපයේ මූල්‍ය සේවා කේන්ද්‍රස්ථානයක් බවට පක් තර ලීම පිීණස මූල්‍ය නගරයක් නිර්මාණය කිරීමටද අපි කටයුතු කරමින් සිටින්නෙමු.

නමුත් එපමණක් ප‍්‍රමාණවත් නොවේ. සිංගප්පූරුව, කොරියාව හා වෙනනනත් නැගෙනහිර ආසියානු බලවතුන් ලබා ගත් ආශ්චර්යමත් ප‍්‍රගතිය අපටද ලගා කර ගැනීමට නම් අපද අපගේ රාජ්‍ය ව්‍යවසායන් ප‍්‍රතිසංස්කරණය කළ යුතුය. ඊට ප‍්‍රධාන හේතු තුනක් තිබේ. ශ‍්‍රී ලාංකිකයින්ගේ ජීවන තත්වය නගා සිටුවීම සදහා රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණය කිරීම ඉතා වැදගත්වීම ඉන් පළමුවැන්නයි. තරගකාරීත්වය වැඩි දියුණු කිරීම, දේශපාලනයෙන් හා ආණ්ඩුවේ දූෂණයත් අවම කිරීමත් ඒ සදහා අදාළ වන දෙවන හා තුන්වන හේතු ලෙස දැක්විය හැක.

දූෂණය හා අකාර්යක්ෂමතාවය හේතු කොට ගෙන ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසායයන් මහත්සේ පාඩු ලබන තත්වයකට පත්ව තිබේ. අරමුණු අතර ගැටීම්, දේශපාලණීයකරණය වීම වැනි නිදන්ගත ගැටලූ වලින් පීඩාවට පත්වී ඇති එම ආයතන පෞස්ගලික අභිලාෂයන්ගේ ග‍්‍රහණයටද නතුව ඇත. ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම උදාහරණයකට ගෙන බලන්න, ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම යළිත් රජයට පවරා ගැනීම ජාතික යහපත උදෙසා කරන ලද්දකැයි දක්වා, එය දේශමාමක කර්තව්‍යක් බව පෙන්නුම් කිරීමට එවකට සිටි රජය උත්සහ දැරුවද, එකී පවරා ගැනීමට බලපෑ හේතුව වූයේ එකී ආයතනය අවභාවිතා කරමින්, ස්වකීය පෞද්ගලික අභිමතාර්ථයන් උදෙසා එය යොදා ගැනීමට ඔවුන් තුළ පැවති අභිලාශයයි.

එහි ප‍්‍රතිඵලය වූයේ පෞද්ගලීකරණය කිරීමෙන් අනතුරුව ප‍්‍රථම වරට භාණ්ඩාගැරයට ලාභ උපදවාදීම ආරම් කළ ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම, එය රජයට පවරා ගත් වසරේ සිටම නැවතත් පාඩු ලබන තත්වයකට පත්විය. 2008 දී ඇමරිකානු ඩොලර් මිලියන 40 ක පමණ ලාභයක් ඉපයූ ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම, පහුගිය වසර හතක පමණ කාලයේදී ඩොලර් බිලියනයක පමණ පාඩු ලැබූ ආයතනයක් විය. එනම්, වසර හතකට අධික කාලයක් පුරා මෙරට සෑම සියලූ පුරවැසියෙකුටම දූෂණය හා නාස්තිය හේතු කොට ගෙන රුපියල් 5000 ක මුදලක් නිකරුණේ දැරීමට සිදු විය. විශාලතම රාජ්‍ය ව්‍යවසායයන් වෙනුවෙන් දරණ ලද සමස්ත වියදම රුපියල් බිලියන 600 ටත් අධිකය. මෙම මුදල් අපට ඉංග‍්‍රීසි, ගණිත හා තොරතුරු තාක්ෂණ ගුරුවරුන් සපයා ගැනීමට බෙදා ගත හැකිව තිබූ මුදල් බවත්, වෘත්තීය පුහුණුව ලබා දීමට හා වෛද්‍යවරුන් පුහුණු කිරීමට යොදා ගත හැකිව තිබූ මුදල් බවත්, අපගේ බස් රථ හා පොදු ප‍්‍රවාහන සේවා වල තත්වය ඉහළ නැංවීමට යොදා ගත හැකිව තිබූ මුදල් බවත් නොකිව යුතු මනාය. නැතහොත් එම මුදල සමාජයේ වඩාත් අවදානමට ලක්වී සිටින පිරිස් වලට සෘජුව මුදල් පේ‍්‍රෂණය කිරීමට හා රැුකියා අවස්ථා ලබා දීමේ වැඩ පිළිවෙලවල් සකස් කිරීමට යොදා ගත හැකිව තිබුණි. රජයේ මුදල් කාබාසිනියා කිරීමට අමතරව, රාජ්‍ය ව්‍යවසායයන් ප‍්‍රතිසංස්කරණය කිරීමට අපොහොසත්වීම මගින් පුරවැසියන්ට ගුණාත්මක භාවයෙන් අඩු සේවාවක් ලැබීම, පවුලේ වියදම් ඉහළ යාම වැනි අහිතකර ප‍්‍රතිවිපාක වලටද මුහුණ පෑමට සිදුවේ. විදුලිය මීට උදාහරණයක් ලෙස ගත හැකිය. අවම ආදායම් මට්ටමට යන්තම් ඉහළින් සිටින ඇතැම් ශ‍්‍රී ලාංකික පවුල් වලට පවා ලෝකයේ අධිකතම යැයි සැළකෙන විදුලි ගාස්තු ප‍්‍රමාණයන් ගෙවීමට සිදුව ඇත. නමුත් නිරන්තර සැළසුම් නොකළ විදුලි බිදවැටීම් හේතුවෙන් ඔවුන්ගේ සේවා ගුණත්වයද ඇත්තේ ඉතා පහළ මට්ටමකය. පොදු ප‍්‍රවාහන සේවා දෙස බලන්න, පොදු දුම්රිය හා බස් රථ වල තත්වය මහත් ඛේදජනකය, අධික තදබදයකින් යුතු වීම මෙන්ම ප‍්‍රවාහන සේවා කලට වෙලාවට ධාවනය නොවේ. ඒවායේ ගමන් කිරීම දෛනික වැඩකටයුතුවලින් හෙම්බත්ව සිටින කාන්තාවන්ට මහත් බියකරු අත්දැකීමකි.

තුන්වෙනුව, රාජ්‍ය ව්‍යවසායන්හි ඇති ඒකාධිකාරී ස්වාභාවය අපව තරගකාරී බවට පත් කිරීමෙන් වළකාලයි. අධික බලශක්ති පිරිවැය, දුර්වල තත්වයේ පොදු ප‍්‍රවාහන සේවා සහ ඌන අරමුදල් උපයෝජනයක් සහිත අධ්‍යාපන ක‍්‍රමය, වියට්නාමය ආදී නැගෙනහිර ආසියාතික බලවතුන්ගේ නව පරම්පරාව සමග තරගකිරීමට සුදුසු මෙවලම් නොවේ. අප තරගයට අවතීර්ණය වීම තුළින් ශ‍්‍රී ලාංකික සමාගම්වලට දියුණුවේ දොරටු විවෘතවී තිබේ. බැංකු හා එල්.පී වායු නිදහස් කිරීම යන්නෙන් අදහස් කෙරෙන්නේ ශ‍්‍රී ලාංකීය සමාගම්වලට ශ‍්‍රී ලංකාවේ පමණක් නොව, බංග්ලාදේශයේ සහ මියන්මාරයේ සමාගම් සමගද තරග කළ හැකි බවයි. වරාය නිදහස් කිරීම යන්නෙන් අදහස් කෙරෙන්නේ ශ‍්‍රී ලාංකීය සමාගම් ෆිජී දූපත් වලද වරාය මෙහෙයුම් කටයුතු සිදු කරන බවයි. එයාකාරයෙන්ම ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමද එය අසාධ්‍ය තත්වයකට පත් කිරීමට හේතුවූ ජනසතුකරණයට පෙර ශ‍්‍රී ලංකාව කලාපීය ගුවන් කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමෙහිලා මහගු දායකත්වයක් සැපයූ ආයතනයක් විය. අවසාන වශයෙන් ගත් කළ, රාජ්‍ය ව්‍යවසායන්හි රාජ්‍ය හිමිකාරීත්වය ආණ්ඩු දූෂිත බවට පත්කිරීමටත් දේශපාලනය දූෂිත බවට පත් කිරීමටත් හේතුවේ. අපට පිරිසිදු දේඥපාලනඥයන් හා රාජ්‍ය සේවකයන් අවශ්‍ය නම් ඔවුන්ට නීතී සැකසීමේ හා ප‍්‍රතිපත්ති සැළසුම් කිරීමේ වගකීම විනා ව්‍යාපාර සමාගම් පවත්වා ගෙන යෑමේ වගකීම නොපැවරිය යුතුය.

අපගේ ඉදිරි ගමන කෙබදු විය යුතුද? මෙහිදී මම විශේෂයෙන්ම වරාය හා ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් මගේ අත්දැකීම් සේම විදුලි සන්දේශ අමාත්‍යවරයා වශයෙන් මාගේ අත්දැකීම්ද උදාහරණ කොට ගනිමි. බොහෝවිට මෙම ප‍්‍රතිසංස්කරණ සාර්ථක වන්නේ ඒවා නිවැරදි ලෙස ක‍්‍රමානුකූලව සිදු කළහොත්ය. මා සිතන අන්දමට මෙහිදි අනුගමනය කළ යුතු පියවර තුනකි.

පළමුව, තරගකාරීත්වය කැදවා ගත ටෙලිකොම් සමාගම් පරිවර්තනීය ප‍්‍රතිසංස්කරණය වූයේ පෞද්ගලික අංශයේ සමාගම් දෙකකට වෙළදපොළට අවතීර්ණ වීමට ඉඩ සැලැස්වීමයි. මෙම තරගකාරීත්වය තුළින් සේවාවන්වල මිල අඩුවීම, සේවාවන්හි ගුණත්වය වැඩිවීම හා පාරිභෝගිකයාට ඇති වරණයන් වැඩිවීම වැනි පාරිභෝගිකයා ලැබූ සෘජු වාසි වලට අමතරව, ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ප‍්‍රතිසංස්කරණයට ලක්වීමටත් ශ‍්‍රී ලංකාවේ විදුලි සංදේශණ ක්ෂේත‍්‍රයේ පුනර්ජීවනයකටත් එකී තරගකාරීත්වය හේතු විය.

දෙවන පියවර බරපතල එකකි. මා ටෙලිකොම් අමාත්‍යවරයාව සිටි කාලයේ, ශ‍්‍රී ලංකා ටෙලිකොම් හි මෙහෙයුම් කටයුතු විදුලි සංදේශ අමාත්‍යාංශය සතු විය. එම කර්මාන්තය සදහා අපි ප‍්‍රතිපත්ති සකස් කළ අතරම ඒවා නියාමනය ද කළෙමු. කෙසේ වුවද, ප‍්‍රතිසංස්කරන ක‍්‍රියාවලිය තුළින් අපි යහපාලනය හදුන්වා දී අභිලාෂයන් අතර ගැටුම් අවම කළෙමු.

තව දුරටත් පවසනවානම් අපි මෙහෙයුම්, ප‍්‍රතිපත්ති සම්පාදනය සහ නියාමනය යන කාරා බලගැන්වීමට කටයුතු කළෙමු. අපි එහි කළමනාකරණය ජපන් විදුලි සන්දේශ ආයතනයක් වූ භඔඔ සමාගමට පවරා එහි දෙවන අදියරේ ප‍්‍රතිසංස්කරණයක් ලෙස රජය සතු කොටස් 50% ටත් අඩු ප‍්‍රමාණයක් දක්වා අඩු කළෙමු. තවද එම කර්මාන්තය නියාමනය කිරීම සදහා ආර්. කේ. ඩබ්. ගුණසේකර, දේවා රොද්‍රිගෝ සහ නෝමන් ගුණවර්ධන යන සුපතළ, ස්වාධීන පුද්ගලයින්ගෙන් සැදුම් ලත් ස්වාධීන විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවක් ඇති කළෙමු. ආපසු හැරී බැලීමේදී, නියාමන කොමිසමට හිටපු ටෙලිකොම් නිලධාරීන් පත් කිරීම පිළිබද සළකා බලන කළ, නියාමන කොමිසම වඩාත් ස්වාධින කිරීම හා අමාත්‍යවරයාට නොව පාර්ලිමේන්තුවට වග කියන ආයතනයක් බවට පත් කිරීමට හැකියාව තිබිණි. සමස්තයක් ලෙස මේ සම්බන්ධයෙන් අයාලේ නොගොස් ප‍්‍රතිපත්ති සම්පාදනය පිළිබදව සිය සැබෑ වගකීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු කරවීමට යහපාලන ප‍්‍රතිසංස්කරන වලට හැකි විය. අපි දුරකතන සමාගමක් ඇති කිරීමට උත්සාහ නොදැරූ අතර ඉහළ තලයකට ඔසවා තැබිය හැකි වන අයුරින් අදාල ප‍්‍රතිපත්ති සකස් කොට ශ‍්‍රී ලාංකේය සන්නිවේනය තුළ පෙරළියක් ඇති කිරීමට සමත් වුනෙමු.

අද වන විට ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය භාණ්ඩාගාරයට ලාභාංශ ගෙවීමට කටයුතු කරමින් සිටින්නේ මේ නිසා වන අතර ඉන්දියාවේ හෝ බංග්ලාදේශයේ සිදුවන ආකාරයට බදු මුදල් ගෙවන්නාගෙන් යැපෙන තත්වයට වැටී නොමැත.

මෙම ප‍්‍රතිසංස්කරණ වලින් ප‍්‍රතිලාභ අත්වන්නේ ජනතාවයටය. 1995 වසරේදී කුටුම්භ සියයට එකක් වශයෙන් පැවැති දුරකථන පහසුකම්, වසර පහලොවක ඇවෑමෙන් එනම්, 2010 වන විට සියලූ ශ‍්‍රි ලාංකික නිවසකටම එක් දුරකථනයක් දක්වා වූ දුරකථන ඝණත්වය 100% ක් බවට පත්විය. 1980 ගණන්වල දී, මැද කෙළඹ අවට පැවති දුරකථන සම්බන්ධතා වලින් 38% ක ප‍්‍රතිශතයක් එක් නිශ්චිත කාලයකදී ක‍්‍රියා විරහිතව පැවතුණි. නව දුරකථන සම්බන්ධතා සදහා පොරොත්තු ලේඛණයේ සිටි ඉල්ලූම්කරුවන්ගේ සංඛ්‍යාව 250000 ක් පමණ වූ අතර එය ලබා දිය හැකි සබදතා ප‍්‍රමාණය ඉක්මවා යාමක් මෙන්ම ඒ සදහා දළ වශයෙන් වසර දහයක කාලයක් වත් බලා සිටීමට සිදුවිය. එසේම, ඔබ බොහෝ දෙනෙකුට මතක ඇති පරිදි 2002 දී අපි ජාත්‍යන්තර ඇමතුම් වෙළදපොල සමග තරගවැදීමට පටන් ගත් අවස්ථාවේ, පාරිභෝගිකයාට වාසි සහගත වන අයුරින් ඇමතුම් ගාස්තු සීග‍්‍ර ලෙස පහළ ගියේය.

ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියේ සාර්ථකත්වය තහවුරු කිරීමේදී මුහුණ පෑමට සිදුවන සියලූ අසීරුතාව වන්නේ පෞද්ගලික අභිලාෂයන් නොතකා ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සමස්ත ප‍්‍රගතිය අපේක්ෂා කාරන සැබෑ කොටස්කරුවන් සමග සෘජුවම සම්බන්ධවීමයි. අපි වෘත්තීය සංගම් නායකයින් සමග සාකච්ඡා නොකොට කෙලින්ම සේවකයන් සමග සාකච්ඡා කළෙමු. 8500 ට අධික ශ‍්‍රී ලංකා ටෙලිකොම් සේවකයින්ගේ ලිපිනයන් සොයා ගත් අපි සමස්ත කොටස්වලින් 3.5 % ක් තරම් වූ කොටසක් ආවරණය වන පරිදි සකස් කළ සේවක කොටස් හිමිකම් ක‍්‍රමය ඇතුලූව සේවකයන්ගේ බිරින්දෑවරුන් හා පවුල් වෙනුවෙන් එම ප‍්‍රතිසංස්කරණ වලින් අත්වන ප‍්‍රතිලාභ පිළිබද විස්තර කෙරෙන ලිපි ඔවුන්ට තැපැල් කළෙමු. තම පෞද්ගලික අභිමතාර්ථ තකන වෘත්තීය සමිති නායකයින් විසින් එම ලිපි අත්හිටුවනු නොලබන බව එමගින් අපි ප‍්‍රත්‍යක්ෂ කර ගත්තෙමු. තවද කරුණු අනාවරණය කර ගැනීමේ අරමුණින් සංවිධානය කරන ලද පිටරට සංචාර සදහා වෘත්තීය සමිති නායකයින් මෙන්ම සේවක පිරිස්ද යොමු කිරීම තුළින් අප හදුන්වාදෙන ලද ප‍්‍රතිසංස්කරණ වල වාසි දායක ස්වාභාවය ඔවුන්ට අවබෝධ කරවීමට අපිට හැකිවිය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස සංවර්ධනය වෙමින් පවතින රටවල පවතින බෙහෙවින් සුමට, අති සාර්ථක ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියක් අත්විදීමට ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගමට හැකියාව ලැබිණි.

එනමුත් දේශපාලන පීඩනයන් නොලැබුනු බව එමගින් විද්‍යාමාන නොවේ. එය සුලභව දක්නට ලැබුනද අප සතු වීර්යය පිළිබද ස්ථීර විශ්වාසයෙන් යුතුව අපි ප‍්‍රතිසංස්කරණ ඉදිරියට නොගියෙමු. වසර කිහිපයකට පසුව එම ප‍්‍රතිසංස්කරණයන් පසු හැරවීමට කිසිවෙකුටත් වුවමනා නොවීය.

අවසාන වශයෙන්, ශ‍්‍රී ලංකාව තම තුන්වන අදියරේ ප‍්‍රතිසංස්කරණයේ එළිපත්ත මත සිටින අවධියක මාගේ අත්දැකීම් කරුණු තුනක් ඔස්සේ ගොනු කිරීමට කැමැත්තෙමි. පළමු කාරණය නම් තරගයක් හදුන්වාදීමයි. දෙවැන්න, ප‍්‍රතිපත්ති සම්පාදනය හා නියාමනය තුළින් මෙහෙයුම් පාලනය වෙන් කොට අභිමතාර්ථ අතර ගැටුම් අවම කිරීමයි. තුන්වැනි කාරණය නම් කළමනාකරණ කොන්ත‍්‍රාත්තු වලින් වෘත්තීමය, ස්වාධීන, කළමනාකරණය ගෙන ඒම මෙන්ම කොටස් ලැයිස්තු ගත කිරීම තුළින් මෙහෙයුම් තරගකාරී කිරීමයි. මෙම තෙවදෑරුම් ප‍්‍රතිසංස්කරණ රාමුව සියලූම පාර්ශවකරුවන්ගේ විශ්වාසනීයත්වය දිනා ගැන්නා අතරම කුමන ආණුඩුවක් බලයට පැමිණියද නොනැසී පවතින බව මම හුදෙක්ම විශ්වාස කරමි.

කෙසේවුවත්, ශ‍්‍රී ලංකා ටෙලිකොම්හි අත්දැකීමට අනුව, තරගයක් හදුන්වාදීමත්, අභිලාෂයන් අතර ගැටුම් නිරාකරණය කිරීමත් යන කරුණු දෙක අනෝ‍යාන්‍ය වශයෙන් බොහෝ කල් පවතිනු ඇත. එනමුත් ජනතාව වෙත මෙහි පූර්ණ ප‍්‍රතිලාභ හිමිවීමට නම් ආයතනයෙන් ආයතනය යන පදනමින් ආයතනවල විශේෂයෙන් නිතැතින්ම ඇතිවූ ඒකාධිකාරයක් නොපවතින කර්මාන්ත වල හිමිකාරීත්වය පෞද්ගලික අංශ වෙත පැවරීම තුළින් එම ප‍්‍රතිසංස්කරණ සුරක්ෂික කිරීමටත් ඒවා ආපස්සට ගෙන යාම වැළැක්වීමටත් කටයුතු කිරීමට භාණ්ඩාගාරය. රට මෙන්ම ආණ්ඩුවත් පියවර ගත යුතුය.

*විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීරගේ රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණය පිළිබද කථාව – ශ‍්‍රී ලංකා ආර්ථික සමුළුව 2016

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.