26 April, 2024

Blog

ගෝඨාභයගේ කුලී සේනාව නොහොත් ‘RENT – A – MOB’ සංවිධානය පාරට බැහැලා

මංගල සමරවීර –

රාජපක්‍ෂ රෙජිමයේ ඒකාධිපති වියරුව නැවතත් රටටත්, ලෝකයටත් ප‍්‍රදර්ශනය කරමින්,  පසුගිය සතියේ ආරක්‍ෂක අමාත්‍යංශ මාෆියාව විසින්, ප‍්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේද අනුමැතිය සහිතව ප‍්‍රංශ තානාපති කාර්යාලය විසින් බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ ප‍්‍රදර්ශනය සඳහා ආරම්භ කළ චිත‍්‍රපට උළෙලක් හදිසියේම අත්හිටුවන ලදී.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙන්ම, ප‍්‍රකාශනයේ සහ භාෂණයේ නිදහස ගරු කරන සියලූ දෙනා මේ අත්තනෝමතික කි‍්‍රයාව දැඩි පිළිකුළෙන් හෙළා දැකිය යුතුය.

මංගල සමරවීර

සිනමාව සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ජාතික චිත‍්‍රපට සංස්ථාව, ප‍්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය, සංස්කෘතික අමාත්‍යංශය ආදී නිල ආයතන තිබියදී, චිත‍්‍රපට කලාව වැනි සංවේදී ක්‍ෂෙත‍්‍රයක හොඳ නරක තීන්දු කිරීම ආරක්‍ෂක අමාත්‍යංශයේ කි‍්‍රයාත්මක වන ආරක්‍ෂක ලේකම්ගේ මන්ද බුද්ධික කි‍්‍රයාකාරිත්වය යටතේ සිටින ජුන්ටාවක් විසින් ‘බල්ලාගේ වැඬේ බූරුවා කරන’ ප‍්‍රතිපත්තියක් කි‍්‍රයාත්මක වෙමින් සිටිනවා.

එපමණක් නොව, මේ චිත‍්‍රපටය නිර්මාණය කිරීමට සම්බන්ධ වූ කීපදෙනෙක්ම රහස් පොලිසිය විසින් ප‍්‍රශ්න කර ඇති අතර, කොරියාවේ ජීවත්වන මෙහි අධ්‍යක්‍ෂවරයා වන සංජීව පුෂ්ප කුමාර මහතාට ද දුරකථනයෙන් තර්ජනය කර ඇත.

එමෙන්ම, මෙම චිත‍්‍රපටයට කිසිම සම්බන්ධයක් නොවන සිවිල් සමාජයේ කිහිපදෙනෙකුටද විවිධ ආකාරයේ තර්ජන එල්ල වී ඇත.

‘පියාඹන මාළුවා’ චිත‍්‍රපටය සඳහා රැඟුම් පාලක මණ්ඩලය විසින් ජාත්‍යන්තර සම්මේලන උළෙලවල්  සඳහා වූ බලපත‍්‍රයක් ලබාදුන් බවට රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති ගාමිණී සුමනසේකර මහතා ප‍්‍රසිද්ධියේම පිළිඅරගෙන ඇත.

මෙසේ චිත‍්‍රපට අවසර ඇතිව ප‍්‍රදර්ශනය කර තිබුණද, මෙය හමුදාවට අපහාස කරන චිත‍්‍රපටයක් බවට ආරක්‍ෂක ජුන්ටාව චෝදනා කරයි.

එය සත්‍ය පදනම් වූ චෝදනාවක් වුවත්, චිත‍්‍රපටයක් තහනම් කිරීම සඳහා තීන්දු ගත යුත්තේ ඉහත කී ආයතන මිස ගෝඨාභය රාජපක්‍ෂගේ බලූ සේනාවන් විසින් නොවන බවට අපි පැහැදිලිවම ප‍්‍රකාශ කර සිටිනවා.

අද නඩුත් ගෝඨගේ – බඩුත් ගෝඨගේ නමැති ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කරන ආරක්‍ෂක ලේකම්, මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායන්ට විශාල තර්ජනයක් වී ඇත. විවිධ බලූ සේනාවන් මෙහෙය වන මොහු අද රට පුරාම කැලෑ නීතිය වපුරමින් සිටිනවා.

එමෙන්ම, මෙය සැබෑ ලෙසම හමුදා විරෝධී චිත‍්‍රපටයක් දැයි සලකා බැලිය යුතුය.

මට දැන ගැනීමට තිබෙන තොරතුරු අනුව, මෙම චිත‍්‍රපටය එක්තරා හමුදා සෙබළෙක් මායිම් ගම්මානයක සිටින මව සහ දුව යන දෙදෙනා සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා. අන්තිමට එම මව සහ දියණිය එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් විසින් මිලේච්ඡ ලෙස ඝාතනය කරනවා.

මෙවැනි අනියම් සම්බන්ධතා හමුදා සෙබළෙකුට අදාළව පමණක් නොව, රටේ ඉහතළ තනතුරු දරන  වුණත් පොදු වෙන සමාජ යථාර්ථයක් බව අද මේ ගැන ප‍්‍රකාශ නිකුත් කරන ලක්‍ෂ්මන් හුලූගල්ලලා හොඳින්ම දන්නවා.

එසේ නම් මෙය හමුදාවේ ප‍්‍රශ්නයක් නොව, ආශාවන්ගෙන් පිරිණු පෘතක්ජන මිනිස් ස්වභාවයේ ප‍්‍රශ්නයක්. හමුදාවේ ඉන්නෙත් රහතුන් වහන්සේලා නොව, අපි සියලූ දෙනා වගේම විවිධ ආශාවලින් යුත් සාමාන්‍ය මිනිසුන්.

මෙය හමුදාවේ ප‍්‍රශ්නයක් නොව, සැබෑ ලෙසම මිනිස් ස්වභාවයේම ප‍්‍රශ්නයක්. සංවේදී කලාකරුවෙකුට මේ සම්බන්ධයෙන් තම චිත‍්‍රපටය හරහා තම නිර්මාණශීලී අදහස් ඉදිරිපත් කිරීමට අයිතියක් ඇත.

හමුදාවේ නිල ඇඳුම් අවසරයක් නොමැතිව පාවිච්චි කළ බවට මෙම නීති විරෝධී කි‍්‍රයාව සාධාරණීකරණය කිරීම සඳහා ආරක්‍ෂක මාෆියාව කියා සිටියත්, නිල ඇඳුම් සඳහා චිත‍්‍රපටයේ නිෂ්පාදකයන් අවසර ලබා ගෙන ඇති අතර, එම අවසර පත‍්‍රවල පිටපත් දැනටමත් රහස් පොලිසියට ලබා දී ඇත.

ඊනියා දේශපේ‍්‍රමයක් මවා පාමින් මේ රටේ දැවෙන ප‍්‍රශ්න වසංකර ගැනීමට සැම විටම උත්සාහ කරන වැඩ බැරි රාජපක්‍ෂ රජය මෙම චිත‍්‍රපටයට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සම්බන්ධයක් මවා පාන්නට උත්සාහ කරන අතර, මෙයට මුදල් දී ඇත්තේ දෙමළ ඩයස්පෝරාවේ අය බවත්, මෙහි අධ්‍යක්‍ෂක මනෝහන් නමැති ද්‍රවිඩ ජාතිකයෙකු බවත් පෙන්වන්නට උත්සාහ කරනවා.

‘පියාඹන මාළුවා’ නිෂ්පාදනය සඳහා ලක්‍ෂ 25 ක් වැනි සුළු මුදලක් ලබාදී ඇත්තේ, ඩයස්පෝරාවේ කෙනෙක් නොව, මනෝහන් නානායක්කාර නමැති ඒෂියා කැපිටල් ආයතනයේ සභාපතිවරයාය.

මනෝහන් නානායක්කාර මහතා අගවිනිසුරු පුටුවේ වාඩිවෙන මොහාන් පිරීස් මහතාගේ මස්සිනාය.

එමෙන්ම, හමුදාවේ සිට තානාපති සේවයට එක් වූ මේජර් ජනරාල් ජගත් ඩයස් මහතාගේ ඥාති සහෝදරයෙක්ය.

එමෙන්ම, ඔහුගේ භාර්යාව වන්නේද සජින් වාස් ගුණවර්ධන මන්තී‍්‍රවරයාගේ හිටපු බිරිඳය.

එමෙන්ම, නානායක්කාර මහතා උසස් ගණයේ සිංහල චිත‍්‍රපට කිහිපයක් සඳහා මුදල් ලබා දී ඇති අතර, මෑතකදී කැනඩාවේ සම්මාන ලැබූ ‘BEN KINGSLEY’ ගේ චිත‍්‍රපටයට මිලියන 250 ක් ආයෝජනය කර ඇති අතර, සුමිත‍්‍රා පීරිස් වැනි ප‍්‍රධාන පෙළේ චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරුන් සමග කටයුතු කරමින් චිත‍්‍රපට 05 කට වඩා සම්බන්ධ වී ඇත.

ආරක්‍ෂක ලේකම්වරයා ඔහුගේ මන්ද බුද්ධික උන්මාදය සැමවිටම වසන් කර ගන්නේ තමන් අකමැති  ඕනෑම කෙනෙකුට හෝ සංවිධානයකට එල්.ටී.ටී.ඊ. ලේබලය නොහොත්, දේශද්‍රෝහී නම්බු නාමය ලබා දෙමිනි. මේ අනුව ගාමිණී වියන්ගොඩ වැනි ලොව පිළිගත් බුද්ධිමතෙක්ද, අද කොටි හිතවාදී බවට පරිවර්තනය කර ඇත.

රාජපක්‍ෂ රෙජිමයේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාවන් විවේචනය කරන  ඕනෑම කෙනෙකු ඔවුන්ගේ හොරණෑවන් විසින් ජාතිද්‍රෝහීන් ලෙස හංවඩු ගැසුවද, සැබෑ ජාතිද්‍රෝහීන් කවුද යන්න, සැබෑ එල්.ටී.ටී.ඊ. හිතවාදීන් කවුද යන්න මේ රටේ ජනතාව හොඳින් හඳුනා ගනිමින් සිටිති.

එදා ශී‍්‍ර මහා බෝධියට පහර දෙමින්, අරන්තලාවේ භික්‍ෂු ඝාතනයට මුල් වූ පිල්ලෙයාන් නමැති ත‍්‍රස්තවාදියා අද නැගෙනහිර පළාතේ මහ ඇමැතිය.

එදා පොලිසියේ 500 ක් මරා දමමින්, පසුව ශී‍්‍ර දළඳා මාළිගාවට පහරදීමට මුල් වූ කරුණා අම්මාන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකි.

එමෙන්ම, මේ රටේ බෝම්බ පිපිරවීම සඳහා ජාත්‍යන්තරය තුළ මුදල් එකතු කරපු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ වර්තමාන නායකයා, ජනාධිපතිවරයාගේ හිතවත් උපදේශකවරයෙකි.

එල්.ටී.ටී.ඊ.යේ සියලූ මිලේච්ඡ මිනීමැරුම් සාධාරණීය කර, කොටි මාධ්‍ය ප‍්‍රකාශක අද ශී‍්‍ර ල.නි.ප. අපේක්‍ෂකත්වයට පත් වෙලා.

එපමණක් නොව, බුද්ධගයාවට පහර දුන් ත‍්‍රස්තවාදීන් කවුදැයි සොයමින්, එහි නායකයාට උතුරු පළාතේ මහ ඇමැති ධූරය පිරිනැමීම සඳහාද රජය තීරණය කර ඇතැයි සමහරු කියති.

එසේ නම්, මම ගෝඨාභයගෙන් අහනවා, ‘අයිසේ, කොටි හිතවාදීන් කියලා කියන්න  ඕනේ, දේශද්‍රෝහීන් කියලා කියන්න  ඕන අපිටද? එහෙම නැත්නම් තමුසෙයි, තමුසෙගෙ ආණ්ඩුවටද?’ කියලා.

අපේ රණවිරුවන්ට අපහාස කරන්නේ මෙවැනි කලාත්මක චිත‍්‍රපට නොව, ආරක්‍ෂක අමාත්‍යංශය බව මම පැහැදිලිවම කියනවා.

අද පේමන්ටවල ගල් අල්ලන්නෙත්, තැනින් තැන එළවළු විකුණන්නෙත්, හෝටල් කුස්සිවල නාකි සුද්දියන්ට පොකිරිස්සො තම්බන්නෙත් ආරක්‍ෂක ලේකම්වරයාගේ නියමය අනුව අපේ ති‍්‍රවිධ හමුදාවේ මේ රණවිරුවන් බව මම මතක් කරන්න කැමැතියි.

නගරය සංවර්ධනය කිරීමේ මුවාවෙන් අද කෝටි ගණන් මේ රජයේ ඉහළම පුද්ගලයන් ගසා කන බව ප‍්‍රසිද්ධ රහසකි.

නාගරික සංවර්ධන අධිකාරියේ කටයුතුවලට රණවිරුවන් වහල් සේවයේ යොදවා ගෙන ඇතත්, රජයේ ප‍්‍රධානීන් කොළඹ සහ වෙනත් ප‍්‍රදේශවල ඉඩම් මංකොල්ල කමින් කෝටි ගණන් කොමිස් ගසන බව අද ප‍්‍රසිද්ධ රහසකි.

උදාහරණයක් හැටියට, ඉන්දියාවේ ‘කි‍්‍රෂ්’ කොම්පැණියට කොළඹ නගරයෙන් ලබා දුන් ඉස්තරම්ම ඉඩමක් සඳහා ලබා ගත් කෝටි 400 ක මුදල බෙදා ගන්න බැරිව අද බාප්පලා පුතාලා ගහ ගන්නවා.

රාජපක්‍ෂ රෙජිමය රණවිරුවන්ගේ ශ‍්‍රමයෙන් කෝටි ගණන් ගසාකද්දී, රණවිරුවෙකුගේ ජීවිතය මේ රජයට වටින්නේ රුපියල් ලක්‍ෂයක් පමණය.

පසුගිය කාලයේ තම ජීවිතය පූජා කළ රණවිරුවෙකුගේ වටිනාකම ගෝඨාභය රජපක්‍ෂ විසින් තක්සේරු කරන ලද්දේ රුපියල් ලක්‍ෂයක මුදලකටය. යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ පවුල්වලටද ලබා දුන්නේ රුපියල් ලක්‍ෂයක් පමණකි. නමුත් කොළඹ පේමන්ට් හදන ගණුදෙනුවෙන් පමණක් වර්ග අඩියකට ලක්‍ෂයකට වැඩි මුදලක් ගසා කන අය ගසා කනවා.

රාජපක්‍ෂ රෙජිමය විසින් පසුගිය කාලය තුළ රටට ප‍්‍රදර්ශනය කළ ‘13 වැන සංශෝධනය’ නමැති බයිස්කෝප් එක ඉන්දියාවේ මැදිහත් වීම මත හදිසියේම තහනම් කළත්, දැන් ජනතාවගේ අවධානය රටේ දැවෙන ප‍්‍රශ්නවලින් වෙන පැත්තකට යොමු කිරීම සඳහා මේ ‘පියඹන මාළුවා’ ජනතාවට පෙන්නන්න ආරම්භ කරලා.

ඊයේ නැවත වතාවක් ගෝඨාභයගේ කුලී සේනාව නොහොත් ‘RENT – A – MOB’ සංවිධානය පාරට බැහැලා ප‍්‍රංශ තානාපති කාර්යාලය වැටලූවා. ඒවායේ ප‍්‍රදර්ශනය කරන්න ආබාධිත රණවිරුවන්ද රැගෙන ගියා.

එසේම, මීට ඉස්සෙල්ලා මේ බලූ සේනාව විසින්ම ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුතුමියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වැටලූවා.

මෙයට නායකත්වය දුන්නේ විදුලි සංදේශ යකඩ සොරකම් කිරීම සඳහා ව්‍යාජ ලිපි සකස් කිරීම සම්බන්ධයෙනුත්, අහිංසකයන්ගෙන් රට යවන්න සල්ලි එකතු කරපු වරෙන්තු ලත් අපරාධකාරයෙකි.

සුදර්මන් රදලියගොඩ නමැති මෙම වරෙන්තු ලත් අපරාධකාරයා ගෝඨාභයගේ කුලී සේනාවන් සමග ඉදිරියෙන්ම ගමන් කළා පමණක් නොව, ‘පියාඹන මාළුවා’ චිත‍්‍රපටය තහනම් කර ඇත්තේද මේ අපරාධකාරයාගේ නිර්දේශ අනුවය.

අපගේ රණවිරුවන්ගේ කීර්ති නාමය විකුණාගෙන කමින්, තමන්ගේ ඒකාධිපති න්‍යාය පත‍්‍රය කි‍්‍රයාත්මක කරන රාජපක්‍ෂලාගේ දේශද්‍රෝහී වැඩපිළිවෙල අප හඳුනා ගන්න  ඕනෙ.

රාජපක්‍ෂලාගේ දේශද්‍රෝහී ගමන පරාජය කිරීම සඳහා ආණ්ඩු පක්‍ෂයේ මෙන්ම, හමුදාවේ සහ පොලිසියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන සියලූ දෙනාට විශාල වගකීමක් පැවරෙනවා.

එපමණක් නොව, තමන්ගේ ඒකාධිපති ගමන් මඟ වෙනස් කොට, නැවතත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාර්ගයට පිවිසෙන බවට මේ රජය පොදු රාජ්‍ය මණ්ඩලයටත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයටත්, ඉන්දියාවටත්, ජාත්‍යන්තර ප‍්‍රජාවටත් දණින් වැටී පොරොන්දු වී සිටින මොහොතක, රාජපක්‍ෂ වියරුව නොකඩවා ඉදිරියට ගෙන යෑම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප‍්‍රජාවේ අවධානයද මේ ගැන යොමු විය යුතුය.

*එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන අංශ ප්‍රධානි මංගල සමරවීර මහතා අද (18) දහවල් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී දැක් වූ අදහස්. 

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    Let’s get out from this mess Malla. I have my help for you.

  • 0
    0

    අනේ [Edited out] අරක්ෂක ලේකම් වරයා මන්ද බුද්දික නම් කොහොමද අවුරුදු තිහක් තිස්සේ තමුසෙලා උල්පන්දන් දීපු යුද්දේ නතර කලේ ? ඒ දවස් වල කියපු කතා අපිට හොදට මතකයි.. තොප්පිගල වනයක්ලු … මතක නැද්ද .එතකොට තමුසෙලා නවෙයිද මන්ද බුද්දික ?තමුසෙවත් ලගදීම රනිල් යා එලියට දාපු දවසට තරු පෙනෙයි … දැන් එකා දෙන්නා එලියට දානවනේ…

  • 0
    0

    මංගලයෝ කොච්චර කැ ගැහැව්වත් වැඩක් නැතෝ….ආයේ කල්පෙකටවත් තමුසෙලා ට තැනක් එන්නේ නැතෝ …

  • 0
    0

    දැන් ඔය මොන විදියකට කෑගැහැව්වත් තමන්ටත් තමන්ගේ පක්ෂයටත් පරාජය හිමි වෙලා ඉවරයි…….

  • 0
    0

    Why can’t our politicians accept what’s good. Are we so naive and sick to ridicule people who do good. Ranasinghe Premadasa was condemned by UNP ERS and this man Gotabaya is the most efficient public servant ever produced and masses at large appreciate what he is doing. Even Bhudda had enemies. It makes me sick

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.