28 March, 2024

Blog

එම්.එච්.එම්.අෂ්රෆ්: පුනරුදයේ මිනිසා

මංගල සමරවීර

පුනරුදයේ මිනිසා නොහොත් මාගේ හිතමිත්‍ර අභාවප්‍රාප්ත එම්.එච්.එම්.අෂ්රෆ් මහතා දක්ෂ නීතීඥයකු, විශ්ෂ්ඨ නීති සම්පාදකයකු මෙන්ම කාර්යක්ෂම දේශපාලනඥයකු ද වන්නේය. එපමණක් නොව ඕනෑම අවස්ථාවක දී ඊට ඔබින සාහිත්‍ය උපුටා දැක්වීම් කලහැකි දක්ෂ කවියෙකු ද විය. ඒ සියල්ලටම වඩා ඔහු තුල උතුම් මානුෂීය ගුණාංග පැවති අතර දිළිඳු, අසරණ හි අගතියට පත් ජනතාව වෙනුවෙන් ඔහු සැමවිටම සානුකම්පිකව කටයුතු කලේය.

මා හ‍ට ප්‍රථමයෙන් අෂ්රෆ් මුණගැසුණේ 1993 වසරේ වන අතර ඒ ආගමික උත්සවයක් අතරතුරදීය. හුදෙක් දැනහැදුනුකමකට පමණක් සීමාව තීබූ අපගේ සම්බන්ධය 1994 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණ‍ය හේතුවෙන් ඉතා කුළුපග දේශපාලනික මෙන්ම පෞද්ගලික මිත්‍රත්වයකට පෙරලිනි. පාර්ලිමේන්තුවේ දී ද අප දෙදෙනා හට එක ළග අසුන් හිමිව තිබූ අතර 1996 ලෝක ක්‍රිකට් කුසලානය නැරඹීම ‍ලාහෝර් බලා යාමට ගොඩවූ ගුවන් යානයේ ද නොදැනුවත්වම එක ළඟ අසුන් දෙකක වාඩි වී යාමට සිදුවූ විට : “මට පේන්නේ මුළු ජීවිත කාලයම මට ඔයත් එක්ක එක ළඟ වාඩි වෙලා ඉන්ඩ වෙයි කියලා” යනුවෙන් කියමින් ඔහු සිනාසුනේය. නමුත් ඒ අවස්ථාව අප දෙදෙනාටම අහිමි කරමින් නොසිතූ විරූ ලෙස කෙටි කලකින්ම සිය දිවි ගමනින් සමුගැනීමට අෂ්රෆ්ට සිදුවිය.

එයින් ම‍ට අගනා මිතුරකු අහිමි වූ අතර ශ්‍රී ලාංකිකයන් හට කෘතහස්ත දේශපාලනඥයකු අහිමි විය. සාමකාමි සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් යන්න අෂ්රෆ් දැක්ම විය. එය ප්‍රචණ්ඩත්වයෙන්, පීඩනයෙන් හා අසාධාරණයෙන් තොරව සියළු පුරවැසියන් හට සමාන අයිතිවාසිකම් භුක්තිවිදිය හැකි ශ්‍රී ලංකාවක් විය. අෂ්රෆ් හට මුස්ලිම් කොංග්‍රසය පිහිටුවීම සඳහා ද මූලික වන්නට ඇත්තේ මෙම දැක්මමය. මුස්ලිම් ජාතිකයන් හට විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ජීවත් වන මුස්ලිම් ධීවරයන් හා ගොවියන් හට අපේ රටේ දේශපාලනය තුල හඩක් නොමැති බව ඔහු තේරුම් ගෙන සිටියේය. ඒ අනුව, එරාවූර්, කල්මුනේ, අද්දලචේනයි හා ඔහුගේ උපන් බිම වූ නින්දවූර් හි මුස්ලිම් ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දී ඔහු සිය හඩ අවදි කලේය.

එම්.එච්.එම්.අෂ්රෆ්

එම්.එච්.එම්.අෂ්රෆ්

නමුත් අෂ්රෆ් යනු ජාතිවාදියෙකු නොවේ. ඔහු සියළු ශ්‍රී ලාංකිකයන් උදෙසා සාධාරණ ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා කැප වී සිටියේය. එබැවින් රාජකීය විද්‍යාලය හා ආනන්ද විද්‍යාලය සඳහා පමණක් නිදහස පැවතීමෙන් ඔහු සෑහිමට පත් වුයේ නෑ. කාලයේ ඇවෑමෙන් ඉංග්‍රීසි, සිංහල හා දමිළ යන භාෂා තුනම මැනවින් හැසිරවීමට උගත් ඔහු සමන්තුරෙයි මහා විද්‍යාලය මෙන්ම කිලිනොචිචි හා වීරකැටිය මහා විද්‍යාල වල ද නිදහස උදෙසා සටන් කලේය. දමිළ ජනතාවගේ ගැටළු, සිංහල තරුණයන්ගේ දුක් ගැනවිලි, වතුකරයේ දමිළ ජනතාව මුහුණපාන ගැටළු මෙන්ම පොදුවේ ශ්‍රී ලාංකිකයන් මුහුණපාන ප්‍රශ්න පිළිබඳව ද කථාකලේය. මියයාමට ආසන්නයේත් ඔහු ජාතික එක්සත් පෙරමුණ නමින් ජාතික දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කිරීම උදෙසා වූ ක්‍රියාදාමයක නිරතව සිටියේය.

එසේ වුවද, පිඩිත ජනතාව පිළිබඳ අවධානය යොමු කිරීමෙන් ඔහු එල්ටිටිඊයේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රමවේද සහ මතවාද අනුමත් කල බව අදහස් නොවේ. ඇත්ත වශයෙන්ම අෂ්රෆ් යනු එල්ටීටීඊ ය දැඩි ලෙස විවේචනය කල අයෙකි. නමුත් ඔහු ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටි කාරණයක් වූයේ ශ්‍රී ලංකාව රටක් වශයෙන් ඉදිරියට යාමට නම් සියළු ප්‍රජාවගේ හා සමාජ කණ්ඩායම් වල ගැටළු වලට විසඳුම් සෙවීය යුතු බවයි. මෙහිදී මට සිහිපත් වෙනවා වරක් ඔහු පාර්ලිමේනතුවේදී පැවසු යමක්. එය මෙසේයි,

“ සුළු ජාතීන් හට තම දුක් ගැනවිලි සඳහා ඇහුම්කන් නොදෙන බව සහ ඒවාට විසඳුම් නොලැබේය යන හැඟිම පවතින තාක්, අපට ශ්‍රී ලාංකිකයන් වශයෙන් සිතා අප හමුවේ ඇති ජාතික ප්‍රශ්නයට මුහුණ දීමට නොහැකි වනු ඇත ”

අද අප හමුවේ ඇති අභියෝගය නම් ශ්‍රී ලංකාව සාමයේ දිවයින බවට පත්කිරීමයි. දැන් අප අපගේ ව්‍යවස්ථාව නැවත හැඩගැස්වීමේ කාර්යය කල යුතුව ඇත්තෙමු. ඒ අනුව, සමාජයක් වශයෙන් අප අපගේ රට සමඟ ඇති ගිවිසුම නැවත සාකච්ඡා කරමින් සිටිමු. රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක 1956 සිට ජාතික ප්‍රශ්නය ගැන විවාද කරමින් සිටිති. නමුත් ස්ථීරසාර විසදුමක් සඳහා දැන් කාලය පැමිණ ඇත. රජය තුල සහ පිටත සිටීම යන කාරණය මත පදනම්ව සදාකාලිකව සංහිඳියාව සඳහා එකඟ වෙමින් විරුද්ධ වෙමින් සිටිය නොහැක. නමුත් අවසන් සම්මුතියට එළැඹීම ද පහසු කාර්යයක් නොවේ. එය අපහසු වනු ඇති අතර අප අතින් වැරදීම් ද සිදුවනු ඇත. නමුත් ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාම සඳහා අපගේ කැපවීම ඇත්නම් අෂ්රෆ් ඇතුළු බොහෝ දෙනා විසින් අරඹන ලද කාර්යය අවසන් කිරීමට අපට හැකිවනු ඇතැයි යන්න මාගේ විශ්වාසයයි.

මෙවන් සංධිස්ථානයකදී අපට අෂරෆ් නැති අඩුව තදින් ම දැනේ. සාකච්ඡා වලදී ඔහු දැඩිභාවයෙන් යුතු වූ නමුදු ප්‍රායෝගිකත්වය, අනුවර්තනය විය හැකි බව සහ සිය ප්‍රතිපත්ති වලට කැපවීම යන ගුණාංගයන්ගෙන් ද යුක්ත විය. සිය ප්‍රතිපත්ති වලට අනුකූලවන තාක් ඔහු සියළු පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා මාර්ගයෙන් කටයුතු කරමින් ගැටළු සඳහා නිර්මාණගීලී විසඳුම් සෙවීමට උත්සාහ කලේය. උදාහරණයක් ලෙස: සියළු ප්‍රජාව සඳහා එකඟ විය හැකි, පොදු ජනතාවගේ දුක් ගැනවිලි විසඳිය හැකි රාජ්‍ය බලය බෙදා හැරීමේ ක්‍රමයක් සෙවීම සඳහා ඔහු කැපවී සිටියේය. – එය වනාහි ව්‍යවස්ථාදායක, විධායක, පරිපාලන හෝ අධිකරණ බලය විමධ්‍යගතව හෝ කේන්ද්‍රගතව බෙදීමක් විය හැකි විය.

අෂ්රෆ් අප වෙත ඉතිරි කර ගිය උරුමය වූයේ සාධාරණ රටක් හා කාරුණික සමාජයක් සඳහා වූ කැපවීමයි. ඔහු අපට සිහිපත් කරන‍්නේ මේ රටේ අභියෝග වලට මුහුණ දිය යුත්තේ බුද්ධියෙන් මෙන්ම හදවතින් ද බවයි. අවසන් වශයෙන් අෂ්රෆ් ට අනුව දේශපාලනය කවියන්ගේ ද කවීත්වය දේශපාලනඥයන් ගේ ද ව්‍යාපාරයකැයි කිවහැක.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.