25 April, 2024

Blog

කොළඹ වරාය නගරයට අපි විරුද්ධ වන්නේ ඇයි ?

මෙලනි මානෙල් පෙරේරා

මෙලනි මානෙල් පෙරේරා

මෙලනි මානෙල් පෙරේරා

ගමේ බය්යා වන (ඔහු විසින්ම හදුන්වාදුන් ලෙසට) පර්සි මහේන්ද්‍ර හිටපු ජනාධිපති විසින් ඔහුගේ සිතැඟි සංතෘප්ත කරගැනීමේහිලා නීති විරෝධී තක්සේරු මත චීන නායකත්වයන් සමඟ සරණ යමින් ඔවුන්ගේ අවශ්‍යතාවන් සැපිරීමේහිලා ආරම්භකළ මේ සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව, හෘදය සාක්‍ෂියක් ඇති ප‍්‍රෘතග්ජනයින් විසින් පත් කළ මෛත‍්‍රි නම් වු ප‍්‍රෘතග්ජනයින් ගේ බය්යා විසින් නිසි පරික්‍ෂණ නිසි ආකාරයෙන් දියත්කිරීමෙන් අනතුරුව ගත යුතු ක‍්‍රියාමාර්ගය ගැනීමට කිසිසේත්ම පසුබට නොවිය යුතුය. එය එසේ කරගැනීම සඳහා සහ එසේ කරගන්නා තෙක් ම සියලූම දෙනා සැබෑ අවදියකින් හා ක‍්‍රියාකාරිත්වයකින් සිටිය යුතුමය. මන්ද, රටක ජනතාව එකතුවි නායකයෙක් පත්කරගන්නේ ඔහුට ඕනෑ දේ පමණක් කරන්නට නොව, ජනතාවට මෙන්ම රටට අවශ්‍යදේ , සුගතියක්වන දේ සැබෑ සංවර්ධනයක් වන දේ ඔහු ලවා කරවා ගන්නටය. රටක ඇති භූමියේ අයිතියත් ,සම්පත්වල අයිතියත් පළමුව රටේ මිනිසුන්ට විය යුතු අතර සංවර්ධන ව්‍යාපෘතීන් යැයි කියු පමණින් ම එම භුමියේ හා සම්පත්වල අයිතිය, කෙටි කලකට හෝ 99 වසරකට හෝ විදේශීකයින් හට පවරා දීම සහ අක්කර ගණනින් අයත් කරදීම හෝ නොකළ මනාය. එය කෙතරම් සාධාරණද ? යුක්ති සහගතද ? සදාචාර සම්පන්න ද ?

Picket against “Port City” xxiiඉන්දියාවේ ට්‍රෝලර් යාත‍්‍රා සහ ඇතැම් චීන යාත‍්‍රා ශ‍්‍රි ලංකාවේ උතුරු මුහුදේ සැරිසරමින් උතුරේ ධීවරයින්ගේ ධීවර වෘත්තියට සම්පුර්ණයෙන්ම අකුල් හෙලමින් සමස්ත මත්ස්‍ය නිෂ්පානදනය ම ඩැහැගෙන යන්නේ, අපේ රටේ උතුර, ඉන්දියාවට ලියා දී ඇති නිසා හෝ බද්දට දී ඇති නිසා නොව බලහත්කාරයෙනි. එම ප‍්‍රශ්නය එසේ ම තිබිය දී, බලය අනිසි ලෙසට පාවිච්චි කරමින් ගිවිසුම් ගසා ඇති පරිදි “කොළඹ මුහුද” සහ “වරාය නගරය” සම්බන්ධයෙන් චීනය හා ලංකාව සරණ ගියවිට සිදුවිය හැක්කේ කුමන ආකාරයක බලපෑමක් ද යන්න තවත් අමුතුවෙන් පැහැදිළි කිරීම කිසිසේත්ම අනවශ්‍යය ය. එවැනි සංචාරක නගරයක් ඇත්තටම අවශ්‍යය නම්, මහ මුහුදේ නොව ගොඩබිමෙහි මිනිස් වාසයට බාධා නොවන ඕනෑම තැනක අටවන්නට ඕනෑතරම් අවකාශ ඇත.

මේ වන විට, අත්හිටුවා ඇති ඉදිකිරීම් හේතුවෙන් ඇතිවී තිබෙනවා යැයි පැවසෙන විනාශයට පිළියම් යෙදීම සඳහා අදාළ ආරක්‍ෂිත කටයුතු කිරීමට පමණක් අවශ්‍ය පියවර ගැනීම සඳහා වත්මන් ආණ්ඩුව විසින් වරාය නගරය ඉදිකිරීම් සිදුකරණු ලබන සමාගම වෙත අදාළ අවසරය ලබාදී ඇත. ඒ, මාර්තු 20 වෙනිදා දාතමින් යුත් ලිිපියක් මගිනිx එහෙත් ඉන් එහා යන ඉදිකිරීම් කටයුතු ද සිදුවනවා යැයි නිල නොලත් මාර්ගවලින් දැනගන්නට ලැබෙයි.

දැන් ඉතිරිව ඇත්තේ, වර්ථමාන ආණ්ඩුව විසින් සිදුකළ යුතු නිසි පරීක්‍ෂණ නිසි ආකාරයට සිදුකිරීමත් නිවරැුදි තීන්්දු තීරණවලට එළඹීමත් පමණි. එසේ නොකළහොත් මෛත‍්‍රී යුගයේදී ම මේ රට තවදුරටත් ශ‍්‍රි ලංකාවක් ලෙසට නොව චී ලංකාවක් ලෙසට හඳුන්වා දීම සහ හෙමින් සීරුවේම ශ‍්‍රී ලංකාව චීනයේ කොලනියක් බවට පත්කරගැනීම සිදුවීම කිසිසේත්ම වළක්වාලනු නොහැකි වනු ඇත. ඒ තරමටම දැවැන්ත චීන මකරා විසින් පුංචිම පුංචි ලංකා මුතු ඇටය ගිල ගන්නට මාන බලමින් ගොඳුරු අටවමින් සිටියි. දැන් දැන් මුදලට යටවුණු මාධ්‍යකරුවන් අතින් ලියැවෙන්නේ සමස්ත චීනයම, ලංකාව දියුණු කිරීමෙහිලා විශාල ධනස්කන්ධයක් වරාය නගරයට යටකර ඇතිබවත් එසේවන විට එම ව්‍යාපෘතිය නවතා දමන්නට නොහැකි බවයි.

මෙකී ”වරාය නගරය” ට අපි විරුද්ධ වන්නේ ඇයි ?

මේ විශ්වය තුළ, ශ‍්‍රී ලංකාව නම්වු පුංචි දේශයට උරුම වු මහා සයුරද, ධරණි තලයද ආරක්‍ෂා කර වර්ධනය කිරීම මිස එය අස්වාභාවික ලෙසට විනාශකර දේව නීතියට ද ස්වභාව නීතියට ද පටහැනිව, බලහත්කාරකම යොදවා මසුරුකම, ධනයට හා ආශාවන්ට ඇති මහා ලොල්කම මුදුන්පමුණුවා ගැනීම පෙරදැරිකර ගත් ගොඩ ද බිම ද මහා සයුරද මිනිස් ජීවිතද දියඹ හා සැබැඳි ජීවනෝපායන් හා මත්ස්‍ය පරම්පරාවන් ද පරිසරය සතු සම්පත් ද විනාශකර දමන අපරිසමාප්ත විනාශකාරි සංවර්ධන ව්‍යාපෘතියක් නිසාය. මෙය හුදෙක්, බහුතර ශ‍්‍රී ලංකික ජනතාවගේ හෝ කොළඹ කේන්ද්‍රි දරිද්‍රතාවයෙන් අවතැන්වීමෙන් පෙළෙන මිනිස්සුන්ගේ දැවෙන අවශ්‍යතාවන් සම්පුර්ණ කිරීම සඳහා අත්‍යවශ්‍ය ම වුක් නොව අති සුවිසල් සුඛෝපභෝගි අවශ්‍යතාවන් සම්තෘප්ත කරවනු පිණිස තැනෙන්නක් නිසාය. විශාල විනාශයක් සිදුකර ස්වල්ප දෙනෙකුගේ සුඛ විහරණය සඳහා ඉඳිවෙන්නක් නිසාය.

Picket against “Port City” ix“කොළඹ වරාය ආශ‍්‍රිත අක්කර 575ක (හෙක්ටයාර 233) මුහුදු භුමි ප‍්‍රමාණයක් ගොඩකරමින් මෙම යෝජිත වරාය නගරය ඉඳිකරන්නට සැලැසුම්කර ඇත. මෙම වරාය නගරයේ භුමි ප‍්‍රමාණයෙන් අක්කර 420ක (හෙක්ටයාර 170) භුමිය විකිණිය හැකි ඉඩම් ලෙසට පවති. ඉතිරි ඉඩම් අක්කර 156 ක (හෙක්ටයාර 63) භූමිය පොදු පහසුකම් සංවර්ධනයට යොදා ගැනේ. ඒ අනුව ජල තීරයන්, මාර්ග පද්ධති, උද්‍යාන ඇතුළු පොදු පහසුකම් ස`දහා යොදා ගනු ලැබේ. විකිණිය හැකි ඉඩම් අක්කර 420 න් අක්කර 266 ක් (හෙක්ටයාර 108) චීනයට හිමි වේ. ඉන් අක්කර 50 ක් (හෙක්ටයාර 20) සින්නක්කර ව චීනයට හිමිවන අතර ඉතිරි අක්කර 217 ක (හෙක්ටයාර 88) භූමිය 99 අවුරුදු බදු ක‍්‍රමය යටතේ ලබා දීමට නියමිත ව ඇත. විකිණිය හැකි අක්කර 420 න් චීනයට ලබා දී ඉතිරි වන අක්කර 153 ක (හෙක්ටයාර 62) භූමියෙන් කොටසක් ලබා දීමට මේ වන විට ඉන්දියාව සම`ග ගිවිසුම් අත්සන් කර තිබේ. මීට අමතර ව අදාළ ආයෝජන සමාගම ස`දහන් කරන්නේ චීනයට ලැබෙන ඉඩම් වල ආයෝජකයන් කැ`දවීමේ අයිතිය ඔවුන් සතු වන බව ය. මීට අමතර ව ක‍්‍රමෝපාය සංවර්ධන පනතට අනුව මෙම ව්‍යාපෘතියට වසර 25 ක බදු සහන ද ලබා දී තිබේ. ඒ අනුව ඔවුන් ශි‍්‍ර ලංකාව, ආසියාව, මැදපෙරදිග, යුරෝපය හා ඇමෙරිකානු කලාපවල ආයෝජකයින් කැදවීමට බලාපොරොත්තු වන බව ද ස`දහන් කරයි. අපේ රටේ ඉඩම් වලට ආයෝජකයන් කැ`දවීමේ අයිතිය චීනයට ලබා දීමත් සම`ග ම අපේ රටේ ස්වෛරීභාවයට ප‍්‍රධාන බලපෑමක් එල්ල වේ. ඒ හරහා චීන රජයට අපේ රටේ අනන්‍ය සාගරික කලාපයේ ධීවර මෙහෙයුම් කිරීමේ අයිතිය ද හිමි වේ. මෙතෙක් විදෙස් ණය ආධාර යටතේ අප රටේ කි‍්‍රයාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති අතුරින් රටේ ස්වෛරීභාවයට මෙතරම් දැවැන්ත හානියක් සිදු කළ පළමු ව්‍යාපෘතිය මෙය වේ.” යනුවෙන් ශ‍්‍රී ලංකා පරිසර සංරක්‍ෂණ භාරයේ අධ්‍යක්‍ෂක මෙන්ම පෝර්ට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරයේ ක‍්‍රියාකාරී සාමාජිකයෙක් වන සජීව චාමිකර මහතා වරාය නගර නිර්මාණය සම්බන්ධයෙන් ඇති සත්‍යය එසේ පැහැදිළි කරයි.

හිටපු ජනාධිපතිගේ කට වචනයෙන් ආරම්භ වුවක්

හිිටපු ජනාධිපති පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ, වරායේ එක්තරා සංවර්ධන කටයුත්තක් අධීකක්‍ෂණය කිරීමට පැමිණි අවස්ථාවේදි වරාය අධිකාරියේ සභාපති ප‍්‍රියත් බන්දු වික‍්‍රම වෙතට සිදුකළ චාචික ඉල්ලීමක ප‍්‍රතිඵලයක් ලෙසට මෙම වරාය නගරය ඉඳිකිරීම ආරම්භ කළ බව, වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියට එරෙහිව “පෝර්ට් සිටි” විරෝධී ජනතා ව්‍යාපාරය විසින් මානව හිමිකම් කොමිසම වෙත ගොණුකළ පැමිණිල්ල පළමු වටයේ විභාගයට ලක්කිරිමේ අවස්ථාවේදි එනම් මාර්තු මස 09 වෙනිදා, පිළිතුරු දෙමින් වරාය අධිකාරිය නියෝජනය කළ නිළධාරියා ඉතා පැහැදිළිව කොමිසම හමුවේ ප‍්‍රකාශ කළේය. එම වාචික ගනුදෙණුවේ උච්චතම අවස්ථාව ලෙසට සීමාසහිත චයිනා කමියුනිකේෂන් කන්ස්ට‍්‍රක්ෂන් සමාගම, අදාළ අමාත්‍යංශය හා ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සමඟ ගිවිසුම් අත්සන්කර ඇත. එහෙත් පරිසරවේදීන්ගේ අධ්‍යනවල අවසන් නිගමනය වී තිබුණේ මෙම ව්‍යාපෘතිය නීති විරෝධි ව්‍යාජ තක්සේරු මත ආරම්භකර ඇති වහා නවතා දැම්ය යුතු ව්‍යාපෘතියක් බවයි. ඒ අනුව ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නවතා දැමීමේ නිවේදනය මාර්තු මස 04වනදා ආණ්ඩුව විසින් නිකුත් කළේය.

එමෙන්ම, පරිසරවේදීන් ප‍්‍රකාශකරන ආකාරයට වර්තමානයේදි නවතා දමා ඇත්තේ වරයා නගරයට පිවිසෙන මහා මාර්ගයේ වැඩකටයුතු මිස, නගර ව්‍යාපෘතියේ වැඩකටයුතු නොවේය. මන්ද තවමත් ඔවුන් ආරම්භකර තිබුණේ පිවිසුම් මාර්ග සැකසීම් කටයුතු පමණිx එහෙත් වරාය නගරයේ ඉදිකිරිම් කටයුතු භාර අදාළ චීන කොම්පැණිය පවසන්නේ සංවර්ධන කටයුතු තාවකාලිකව නවතා දමා ඇති හෙයින් දිනකට ඇමරිකානු ඩොලර් 380,000 කට වඩා අධික පාඩුවක් සිය ආයාතනයට සිදුවන බවයි. එමෙන්ම සෘජු ශ‍්‍රමිකයින් 1000 ක සහ වක‍්‍ර ආකාරයෙන් දායකවන ශ‍්‍රමිකයින් 4000 කට පමණ රැුකියා අහිමිවී ඇති බවයි. දැනට සිදුකර ඇති ඉදිකිරීම් කටයුතු නවතා දැමීම තුළ ඒ සියල්ල මුහුදුකෑමට ලක්වෙමින් විනාශවන බවයි. එහි සත්‍ය අසත්‍යතාවය කෙසේවෙතත් එවැනි ප‍්‍රකාශනවලට වර්තමාන ශ‍්‍රි ආණ්ඩුව හෝ ලංකිකයින් බිය විය යුතු නැත. මන්ද අප බිය විය යුත්තේ එවැනි විනාශකාරි සුපිරි ව්‍යාපෘති මගින් ශ‍්‍රි ලාංකික ජනතාවට සෘජුව අහිමිවන ජීවනෝපායන් ,පරිසරය හා රට තුළ අභ්‍යන්තර සම්පත් විනාශවී යාම තුළ පාරිසරිකව හා සාමාජීයිව මිනිසුන් මුහුණ දෙන දැවැන්ත ගැටළු සහ රටේ ෙසෙවරීත්වයට සිදුවන තර්ජන ගැටළු ගැන මිස, චීනාවරුන්ගේවත් රාජපක්‍ෂවරුන්ගේ්වත් අවශ්‍යතාවන් පිරිමසන, සුළු ව්‍යාපාර පිරිසකගේ සුපිරි අවශ්‍යතාවන් පිරිමසන සහ ඔවුන්ගේ සිහින බොඳවී ම පිළිබඳව නොවේ.

ගිහි පැවිදි සාමුහික විරෝධතාවය

ශී‍්‍ර ලංකා රාජ්‍ය තුළ පවතින නීති රීති හා අණ පනත් උල්ලංඝණය කරමින්, සාගරය, වෙරළබඩ කලාපය සහ රට අභ්‍යන්තරයේ ස්වාභාවික සම්පත් විනාශ කරමින්, ධීවර ජනතාව ඇතුළු රටේ මුළුමහත් ජනතාව පීඩනයට ලක් කරමින් ඉදි කෙරෙන, කොළඹ, වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය වහා ම කි‍්‍රයාත්මක වන පරිදි නතර කිරීමට කි‍්‍රයාමාර්ග ගත යුතු බවට සිවිල් සංවිධාන, පරිසර සංවිධාන, ධීවර සංවිධාන, නීතීවේදීන්, මාධ්‍යවෙදීන්, වෘත්තීය සමිති, ආගමික සංවිධාන වලින් සැදුම්ලත් බහුජන ව්‍යාපාරයක් වන “පෝර්ට් සිටි” විරෝධී ජනතා ව්‍යාපාරය අවධාරණය කර සිටින අතර, ඔවුන්ගේ එම බලපෑමේ එක් පියවරයක් ලෙසට “පෝර්ට් සිටි” වහා නතර කරනු යන තේමාව ඔස්සේ ශ‍්‍රි ලංකා රජයට බලකර සිටින දැවැන්ත විරෝධතාවයක් පසුගිය දිනදී එනම් මාර්තු මස 03 වෙනිදා කොළඹ අගනගරයේදි දියත් කෙරිණි. ඉන් පසුදාම එනම් මාර්තු මස 04 වනදා, පොර්ට් සිටි ව්‍යාපෘතියේ කටයුතු තාවකාලිකව අත්හිටුවන්නට ශ‍්‍රි ලංකා රජයේ තීරණයකර තිබුණි. එම නිවේදන කබීර් හසීම් හා පසුව කැබිනට් ප‍්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිවරුන් විසින්් ප‍්‍රකාශයට පත් කළෝ්ය. එය හුදෙක් එතෙක් පැවති පරිසර සංවිධානවල ප‍්‍රබල විරෝධයන් මත සහ මාර්තු 03වන දා දියත්කළ “පෝර්ට් සිටි” විරෝධි ජනතා ව්‍යාපාරයේ බලපෑම මත ම ගනු ලැබු පියවරක් විය. කෙසේවෙතත් එම පියවර අගය කළ යුතු සහ ප‍්‍රශංසනීය ය. එහෙත් රජය ගත් එම පියවර, මාර්තු මස 13-14 ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝ්දිගේ් ලංකා ගමනත් සමඟ සිදුකළ “පොලිටිකල්් ටි‍්‍රක්” එකක් නම්, ක‍්‍රිස්තියානි සහයෝගීතා ව්‍යාපාරය ඇතුළු පෝර්ට් සිටි විරෝධී ජනතා ව්‍යාපරය එම තාවකාලික විරාමය පිළිබඳ ආණ්ඩුව ගත් කපටි ක‍්‍රියාව දැඩි පිළිකුළින් යුතුව හෙළා දකින්නට ද පසුබට නොවෙමු.

මෙම දැවැන්ත උද්ඝෝෂණයේ කැපී පෙණුන යමක් විය. එනම්, එහි මුදල් ආයෝජකයින්ටත්, ගිවිසුම් ගැසූවන්ටත්, දැවැන්ත ව්‍යාපාරිකයින් හටත් මෙම කොළඹ පෝර්ට් සිටි නිර්මාණය විශාල ජීම්කානා එකක් වුව ද පොදුවේ රටටත් , ජනතාවටත්, එහි සම්පත් වලටත් හානියක් සිදුවන බැවින් ඊට විරෝධය ප‍්‍රකාශ කිරීමට, එවැනි ව්‍යාපෘති අපට අනවශ්‍යයි කීමට නිර්භයව ඉදිරියට පැමිණ සිටියේ වයස් භේදයකින් තොරව කිතුණු පුජක පැවිදි සොයුරු සොයුරියන් විශාල පිරිසක්ය. පුජ්‍ය වෑකඳවල රාහුල හිමි ඇතුළු බොදුණු පුජකයින් පිරිසක්ය. ඉනුත් කතෝලික පැවිදි තුමියන්ගේ පෙරමුණු ගැනීම ඉතාම ප‍්‍රශංසනීය මෙන්ම අනෙකුත් ගිහි ජනතාවට ද ප‍්‍රබල ශක්තියක් වනු දුටිමි. එසේ ඇසුවෙමි.

සිය ජීවන වෘත්තීයට සිදුවන්නට යන මහා ඛෙිදවාචකය හමුවෙ මුනිවත රැුකිය නොහැකි වු ධීවර ප‍්‍රජාව මෙදින අරගල භූමීයට රොද බැන්දේ අනෙකුත් පරිසරවේදින්, නීතිවේදීන්, කාන්්තාවන්, ආගමීක නායකයින්, ජනමාධ්‍යකරුවන් හා එක්ව, ආණ්ඩුවකට අවශයකළ දේ පමණක් නොව රටේ ජීවත්වන ජනතාවට අවශ්‍ය දේ ගැන ද අවධානය යොමුකරන්නැයි යන පණිවුඩය ලබාදෙමින් මෙකී වරාය නගර ව්‍යාපෘතියේ කටයුතු වහා නවතා දමා රජයක් ලෙසට සිදුකළ යුතුව ඇති නිසි පරීක්‍ෂණ ආරම්භකරන ලෙසට ඉල්ලා සිටිමින් ජනාධිපතිවරයා වෙත ලිපියක්් භාරදීමටය. එහෙත් රජයේ පොලිස්් නිළධාරින්් ඉතාම අමන ක‍්‍රියාවක්් සිදුකළෝය. පෝර්ට් සිටි ව්‍යාපෘතියට විරෝධතාවය දක්වමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිට එ්කරාශී වු විරෝධතාකරුවන් සාමකාමී ආකාරයෙන් සිංහල දමිළ සහ ඉංග‍්‍රිසී බසින් සටහන්කළ විරෝධතා පුවරු හා බැනර් ප‍්‍රදර්ශනය කරමින් ගෝල්ෆේස් පිටිය හරහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙතට පාගමනින් යමින් සිටියදී ලෝක වෙළෙඳපොල සංකීර්ණයට ඇතුළුවන මාර්ගය අභියසදී දැවැන්ත පොලිස් වළලක් දමා විරෝධතාකරුවන්ව නතර කළෝය. මෙහිදි සංඝයාවහන්සේ, පූජකතුමන්, පැවිදිවරියන් මෙන්ම පරිසරවේදීන් ද නීතිවේදීන් ද ඉතාම සාමකාමිව එම පොලිස් නිළධාරීන් හට කරුණු පහදා දෙමින් ඉදිරියට යාමට අවසර ඉල්ලා සිටිය ද එම ඉල්ලීම බිහිරි අලීන් ට වීණා වයන්නක් පමණක් නොව අන්ධ මිනිසුන් හා සිනාසුනා මෙන් විය. පොළිස් පුරුෂයන් හට සිදුකළ පලක් නොවු පැහැදිළි කිරීම් හා තර්ක විතර්ක සඳහා දිගු කාලයක් නිරපරාදේ ගෙවා දමන්නට සිදුවිය.

පොළිසියේ හපුටු ගතිය

පැවිදි සොයුරියන් විසින් මෙදින දැවැන්ත පොළිස් බාධකයට අභියෝග කරමින් ඉදිරිපෙළටම වී නොසැළි ශක්තිමත්ව සීරුවෙන් සීටගෙන සිටී දර්ශනය ද ඉතාම ආකාර්ශනීය මෙන්ම ශක්තිමත් හා ප‍්‍රශංසනීය දර්ශනයක් විය. එහෙත්, ගැහැණුන් ගැන තබා පැවිදි සොයුරියන් ගැන කිසිඳු ගෞරවයක් ,තැකීමක් කල්පනාවක් නොකළ ජඩ පොලිස්් නිළධාරීන් ඔවුන් සමග තර්ක කරමින් පමණක් ඉදිරියට යන්නට අවසර ඉල්ලා සිටිමින් ඉදිරිපෙළ සිටී වයස්ගත පැවැදි සොයුරියන්් පවා සහ අනෙකුත් පිරිස් එක්වනම, මහා බලයක් යොදමින් අඩි 5, 6 ක් ඉදිරියට තල්ලූකල විට බිම ඇඳ වැටුණු සොයුරියන් දෙස බලමින් එම මුග්ධ පොළිස් නිළධාරීන් හෙළුවේ සමච්චල් සිනහාවකි. ඒ අවඥාසහගත සිනාසීම කෙතරම් අශීලාචාර පාදඩකමක් ද යන්න තවත් සපත කළේ, ඒ සම්බන්ධයෙන් විමසීමෙදි “ගැහැණු තියා කවුරු උනත් එහෙම කරන එක අපේ පුරුද්දක් නේ සිස්ටර්” යැයි ඒ වාචාල පොළිස් නිළධාරීන් විසින් ම ශුද්ධවු පවුලේ පැවිදි හවුලේ නායකත්ව කණ්ඩායමේ සාමාජික මෙන්ම “පෝර්ට් සිටි” විරෝධී ජනතා ව්‍යාපාරයේ ක‍්‍රියාකාරී සාමාජිකාවක් වන දීපා ප‍්‍රනාන්දු පැවිදි සොයුරිය ට පිළිතුරු දෙමිනි. එමෙන්ම මා කණට ඇසෙන්නට තවත් වාචාල පොළිස් පුරුෂයෙක් කියා සිටියේ නිකං ඉන්න බැරුවට ඇවිත් කරගන්න දේවලට නියම වැඬේ කියාය. යුගය මාරු වී තිබුණි ද ඒ පොළිස් නිළධාරීන්ගේ හපුටු ගති මාරු වී නැතිවාට මෙන් ම අධ්‍යාත්මය වල්වැඳුණු පිරිසක් ය යන්නට හොඳ උදාහරණයකි. (එසේ නැති පොළිස් පුරුෂයින් උරණ නොවියමනාය)

එමෙන්ම, තරු තුනක් පැළැඳ සිටි, ඒ හෙයින් උසස් නිළධාරියෙක් යැයි සම්මත පොළිස් නිළධාරීයෙකුගෙන් මා මාගේ මාධ්‍ය හැඳුනුම්පත ද පෙන්වා විමසා සිටියා මෙවන් සාමකාමි පාගමන්කරුවන් මෙසේ හරස්කරමින් ඔවුන්ට අවැසි මාර්ගයට පිවිසෙන්නට ඉඩ නොදෙන්නේ මන්ද කියා. ඉතාම මුග්ධ පිළිතුරක් දෙමින් එම තරු තුන ප‍්‍රකාශ කර සිටියේ් “එ්ක අපේ මාධ්‍ය ප‍්‍රකාශකගෙන් අසන්න” කියාය. මාධ්‍ය ප‍්‍රකාශකටත් සිදුවන දේ පවසන්නේ ඔබ බැවින් සහ සිදුවීම ඇසින් දකින්නේ ඔබ බැවින් මගේ ප‍්‍රශ්නයට පිළිතුරු ඔබෙන් අවැසි යැයි මා විසින් නැවත කී කළ ඔහු පැවසුවේ “මෙය අධිආරක්‍ෂිත කළාපයක්” කියාය. එසේනම් මිනිස්සුන්ට මේ පාරෙන් ගෝ්ල්ෆේස් එකට යන්න අවසර නැද්්ද ? කියා යළිත් විමසු විට ඔහු කීවේ සහ “තුන් හතරදෙනෙකුට මේ විදියට ගමන් කරන්න දෙන්න බැහැ” කියාය. එහෙත් “මිනිස්සු මේ පාරෙන් හැමදාම ගමන්කරනවා, එතකොට අධිආරක්‍ෂීත කළාපයක් නෙවෙයිද ?” මෙසේ මොවුන්ව නතර කරවන්න ඔබලා පියවර ගත්තාද නැතිනම් ඉහළින් ආ ආඥාවක් දැයි යළිත්් ප‍්‍රශ්න කළවිට එම තරු තුන මුනිවත රකින්නට විය. දෙවරක් ඇසුව ද ඔහු නිහඬව සිටිමින්් සිය ජංගම දුරකථනයේ් බොත්තම් ඔබන්නට වු අතර පිළිතුරු නොදෙන්නට වග බලා ගතී.

සාමකාමී උද්ඝෝෂණකරුවන් වෙතට අවැසිවුවහොත් නෙළන්නට කියා පොළිස් පුරුෂයින් බැටන් පොලූ අත දරා සිටී අතර විශේෂ පොළිස් බලකයා ද කඳුළුගෑස් ජල බවුෂර් ද ගෙන්වා සීරුවෙන් තබා තිබුණි. ඒ අතර ඔවුන් සියලූම දෙනාට කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳ උපදෙස් ලබාදුන් අණ දුන් ප‍්‍රමාණයෙන් ඉතා කුඩා සිරුරක් හිමි රෝස පැහැති ඉරි කමිසකින් සැරසුණු පුරවැසියෙක් ද සිටී අතර ඔහු කවුද ? (උද්ඝෝෂණයේ මුල සිට අවසානය දක්වා සනාථ කිරීමේ සියලූ ඡුායාරූප ඇත)

මාධ්‍යට අල්ලස් දී ඇත්ත වැසීම

දැන් දැන් “පෝර්ට් සිටි” විරෝධී ජනතා ව්‍යාපාරය ඇතුළු පරිසරවේදීන්ගේ හඬ යටපත්කරන්නට, චීන තානාපති කාර්යාලය හා වරාය නගරය ඉදිකිරීමේහි නිරත සමාගම කරළියට බසිමින් ඉතා වේගයෙන් ජනතාවගේ මනසට චීන මකරා ආරූඩ කරවන්නට ලංකාවේ ජනමාධ්‍ය භාවිතා කරවන්නට උත්සාහා දරන ආකාරය නිරික්‍ෂණය කළ හැකියි. ඔවුන් විසින් තෝරාගත් ඇතැම් මාධ්‍යවේදින්හට ව්‍යාපෘතියේ ඇති අවැඩ පිළිබඳව නොලියන ලෙසට ත් රජයේ ඇතැම් මාධ්‍ය ආයතන සහ ජනමාධ්‍යවේදීන් දින දහයක චීන සංචාරයකට කොටුකර ගනිමින් ජනමාධවේදින්් හට අල්ලස් ලබාදී ඇතැයි ද වෙබ් මාධ්‍ය අණාවරණය කර තිබුණි. ඒ අනුව, ව්‍යාපෘතිය තාවකාලිකව නවතා තැබීම නිසා දවසකට සිදුවන පාඩුව පිළිබඳවත්, ඉන් රැුකියාවන් අහිමිවන පුද්ගල සංඛ්‍යාව පිළිබඳවත් හුවා දක්වමින්් ”වරාය නගරය” ශ‍්‍රි ලංකාවේ සංවර්ධනයට අත්‍යවශ්‍ය ම කාරණාවක් බවට ජනතාවට ඒත්තු ගන්වන්නට මෙරට ප‍්‍රධාන දහරවේ මාධ්‍යය සහ ඇතැම් වෙබ් මාධ්‍ය ජාලයන් ද තමන්ගේ භාවිතාව වෙනස්කර ඇති බව නිරීක්‍ෂණය කළ හැක.

මේ වන විටදීත් චිනයේ සංචරයකරමින් සිටින අදාළ මාධ්‍ය කණ්ඩායම එරට මැති ඇමතිවරුන් හා මෙරටට ණය ලබාදෙන චීනයේ ඉහළම මුල්‍ය ආයාතන ප‍්‍රධානීන් සමග සම්මුඛ සාකච්ඡුා පවත්වමින් චීනයේ සිට මෙරටට තොරතුරු දන්වා එවමින් සිටිති.

ගමේ බය්යා වන (ඔහු විසින්ම හදුන්වාදුන් ලෙසට) පර්සි මහේන්ද්‍ර හිටපු ජනාධිපති විසින් ඔහුගේ සිතැඟි සංතෘප්ත කරගැනීමේහිලා නීති විරෝධී තක්සේරු මත චීන නායකත්වයන් සමඟ සරණ යමින් ඔවුන්ගේ අවශ්‍යතාවන් සැපිරීමේහිලා ආරම්භකළ මේ සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව, හෘදය සාක්‍ෂියක් ඇති ප‍්‍රෘතග්ජනයින් විසින් පත් කළ මෛත‍්‍රි නම් වු ප‍්‍රෘතග්ජනයින් ගේ බය්යා විසින් නිසි පරික්‍ෂණ නිසි ආකාරයෙන් දියත්කිරීමෙන් අනතුරුව ගත යුතු ක‍්‍රියාමාර්ගය ගැනීමට කිසිසේත්ම පසුබට නොවිය යුතුය. එය එසේ කරගැනීම සඳහා සහ එසේ කරගන්නා තෙක් ම සියලූම දෙනා සැබෑ අවදියකින් හා ක‍්‍රියාකාරිත්වයකින් සිටිය යුතුමය. මන්ද, රටක ජනතාව එකතුවි නායකයෙක් පත්කරගන්නේ ඔහුට ඕනෑ දේ පමණක් කරන්නට නොව, ජනතාවට මෙන්ම රටට අවශ්‍යදේ , සුගතියක්වන දේ සැබෑ සංවර්ධනයක් වන දේ ඔහු ලවා කරවා ගන්නටය. රටක ඇති භූමියේ අයිතියත් ,සම්පත්වල අයිතියත් පළමුව රටේ මිනිසුන්ට විය යුතු අතර සංවර්ධන ව්‍යාපෘතීන් යැයි කියු පමණින් ම එම භුමියේ හා සම්පත්වල අයිතිය, කෙටි කලකට හෝ 99 වසරකට හෝ විදේශීකයින් හට පවරා දීම සහ අක්කර ගණනින් අයත් කරදීම හෝ නොකළ මනාය. එය කෙතරම් සාධාරණද ? යුක්ති සහගතද ? හා සදාචාර සම්පන්න ද ?

ශ‍්‍රි ලංකාවට එවැනි සංචාරක නගරයක් ඇත්තටම අවශ්‍යය නම්, මහ මුහුදේ නොව ගොඩබිමෙහි මිනිස් වාසයට බාධා නොවන ඕනෑම තැනක එය අටවා ගන්නට ඕනෑතරම් අවකාශ ඇත. භූමිය ඇත.

අපේක්‍ෂිත ජයග‍්‍රහණය කරා

2010 වසරේ 07 වන මාසයේදී ආරම්භ කරමින් පුරා වසර තුළ ම ගෙන ගිය මීගමුව මුහුද හා සම්බන්ධවු දැවැන්ත සී පේල්න් කළපු සටනේ ජනතා ජයග‍්‍රහණය අමතක නොකරමු. එදා ජය ලැබුවේ අරගලය හා වර්ථමානයේදිද එක්වී සිටින මේ ඒ සියලූම දෙනාගේ දැඩි කැපවීම මතය. එදා එක්වු සමස්ත පිරිසම අද 2015 දි කොළඹ මුහුද හා සම්බන්ධ වී ඇති විනාශකාරී පෝර්ට් සිටි සංවර්ධන ව්‍යාපෘතිය නවතා දැමීමේ දැවැන්ත අරගලය හා අත්වැල් බැඳගෙන සිටීම ම සහ තවත් ගරුතර සංඝයා වහන්සේලා හා ගරු පියතුමන් හා පැවිදි සොයුරියන් ද පරිසර කණ්ඩායම් ද අලූතින් ඒකරාශීවී සිටීම ම මෙම අරගලයේ පළමු පියවරේදී ම අප ලබා ඇති ජයග‍්‍රහණයකි. එදා කළපු සටන පුරාවට පැවති අධිශ්ඨානශීලි මතකයන් නැව්ම්කර ගනිමින් හා ඉන් ජවය ලබමින් මෙම පොර්ට් සිටි සටනද අප ජයග‍්‍රහණය කළ යුතුමය යන දැඩි ආත්ම විශ්වාශය මුවහත්කර ගනිමු. විවිධ මාදිළියේ වහසි බස්වලට හා අල්ලස්වලට අප ආත්මය හා අගරලය පාවා නොදෙමු!

මෙම සංවර්ධන ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වුවහොත් සිදුවන අයහපත් විනාශය පිළිබඳව ඒ ඒ ක්‍ෂේත‍්‍ර විද්වතුන් ගේ අදහස් ඉදිරි ලිපියකින් ලබා දෙමි.

*ඡුායාරූප සහ සටහන – මෙලනි මානෙල් පෙරේරා – ක‍්‍රිස්තියානි සහයෝගීතා ව්‍යාපාර (සී එස් එම්)

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    People give power to the politicians to serve the coutry.After receiving power most of our politicians forget every thing and they think they should use that power accoding to their descretion even not informing the important decions to people.The ruling party says some times JVP or UNP does not have the “sadarachmaka Aithiya to comment their suggestions with a high emotion.Once a Renowned Minister called average people as Khila katu. He said we could tolerate the attack of crocodiles but we do not like little thorns. Once a Pnowned Minister stated through a TV Channel President do not have to make aware every thing to people.I lost almost all my valuable assets since I performed my duties as a Chief Engineer without bowing to undue influences.Today only less than five people talk to me in this society.I awas very popular. Today even people are not angry. When I go every where I am descriminated.When I am descriminated everywhere I go I could imagine where theproblem comes.If I changed my way and I was prepared to do any wrong due to undue influences i am sure I would not lose any thing.I know how hard I am being pressed.I feel very sad about the today’s setup.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.