26 April, 2024

Blog

සිව්වන ඊලාම් යුද්ධයේ යථාර්ථය

මයිකල් රොබට්ස්

මයිකල් රොබට්ස්

මයිකල් රොබට්ස්

2010 සිට 2015 දක්වා මා විසින් කරන ලද පර්යේෂණ මාලාවක් පදනම් කොට, මා සොයා ගත් කරුණු අංකිත ව සම්පිණ්ඩනය කරන්නට අවසර! මෙහි කේන්ද්‍රය 2008 සිට 2009 මැයි දක්වා කාලපරාශය යි. කෙසේ වෙතත් ආරම්භයේ දී ම පුළුල් අයිතිහාසික සම්බන්ධයක් ඇති කරුණු හතරක් අවධාරණය කළ යුතු ව ඇත:

i. ප්‍රභාකරන්ට තිබුණේ එක ම ඉලක්කයකි: ඊළම නමින් වෙන ම රාජ්‍යයක්

ii. 1995 දී හා 2001 සිට 2006 දක්වා දෙවතාවක් තමන්ගේ සංග්‍රාම බලය පුනර්ජීවනය කර ගැනීම සඳහා සටන් විරාම කාල දෙකක් දෙමළ විමුක්ති කොටි සංවිධානය විසින් යොදා ගන්නා ලදී.

iii. බෙන් බාවින්ක් හා UTHR වාර්තා අවධාරණය කර ඇති පරිදි, ප්‍රභාකරන් යටතේ තමිල් ඊළම ෆැසිස්ට්වාදී රාජ්‍යයක් විය;

iv. ඉදිරියේ දී, කොටින්ගෙන් ගැලවෙන්නට තතනමින් සිටි රාජපක්ෂ රජය මාක්ස්වාදයේ එක් සිද්ධාන්තයක සත්‍යය ඔප්පු කළේ ය. එනම් සැම ප්‍රතිවාදයක ම සමතාවක් ඇති බව ය: කකයක් වශයෙන් තමාත් ඒකාධිකාරයක් වුවත්, තමන්ගේ විශ්වාසයට අනුව තම රජය ජනප්‍රිය එකක් බව ය.

1. සිවරාම් කී පරිදි, දීර්ඝ කාලීන චිත්‍රයක් මවා ගැනීමේ හැකියාව ප්‍රභාකරන්ට තිබුණේ ය. 2008 මැද භාගය වන විට සිදු වන්නට යන්නේ කුමක් දැයි ඔහුට පෙනෙන්නට ඇත: එනම් ආයුධ බලයෙන් හා මිනිස් බලයෙන් පිරිහී, ගබඩා නැව් නැති වී තම හමුදාව අන්ත පරාජයකට මුහුණ දී සිටින බව ය.

2. එම නිසා 2008 මැද භාගයේ සිට, කොටි සංවිධානය තම ප්‍රචාරණ යාන්ත්‍රණය බල ගන්වා, ඔවුන්ගේ ස්වේච්ඡා හා මුලා වූ, හිතවතුන් ලවා තම සීමාවට ළඟ ළඟ එන, මානුෂික ඛේදවාචකයක අවතාරයක් මවා පෑවේ ය.

3. 2008 මුල සිට ම, (ඒ අවස්ථාවේ පවා, විදේශීය බලවේගය විසින් සමුලඝාතනයක් ලෙස හැඳීන් වූ), ඛේදවාචකය මවා පෑම සඳහා, ඉදිරියට එන රජයේ හමුදාව හමුවේ, පසු බසින්නට සාමාන්‍ය දෙමළ ජනතාවට උනන්දු කරන ලදී, බල කරන ලදී.

4. මෑතක දී රනිල් වික්‍රමසිංහ අවධාරණය කළ පරිදි, ඊශාන දිග කොනේ වන්නි පොකැට්ටුවේ අවසාන මාස පහ තුළ කොටු වී සිටි සිවිල් වැසියෝ ඇත්ත වශයෙන් ම ඇපයට රඳවා ගත්තෝ වූහ. එයින් පෙනෙන්නේ, LTTEය පෙර නො වූ විරූ, අන්තර්ජාතිකය ලවා දෝෂාරෝපණයක යෙදී සිටි බව ය. (ඉහත සඳහන් පුලිදේවන්ගේ අදහස් බලන්න.)

5. එය පුලිදේවන්ගේ මේ චින්තනයේ මූලෝපායික පරමාර්ථය වසන් කරන, අර්ධ සත්‍යයක් පමණි: “ලංකා රජය LTTEය කොටු කර ගැනීමට මුහුදෙන් ආක්‍රමණය කිරීමට ද, අන්තර්ජාතික මැදිහත් වීමකින් අපේක්ෂිත ගලවා ගැනීමක් වැළැක්වීමට ද එරෙහි ආරක්ෂක බාධකයක් වීම ද සිවිල් වැසියන්ගෙන් බලාපොරොත්තු වන ලදී. ඒ සඳහා, s DBS ජෙයරාජ් පෙන්වා දෙන පරිදි, 20,000ක ජන සමූහයක් 2008 දෙසැම්බර මස සිට ම මුලතිව් අඩවියේ සිට මුල්ලිවයික්කාල් නම් නැගෙනහිර මුදු තිරයට ගෙන එන ලදී. 2009 පෙබරවාරි මද වන විට, අනුමාන වශයෙන්, කොටු කරන ලද ජනයාගෙන් බහුතරය වී, 260,000 ක පමණ පිරිසක් මේ පෙදෙසේ සිටින්නට ඇත.

6. පුතුමාතලන් සිට වෙල්ලමුල්ලෙඉවයික්කාල් දක්වා වූ දළ වශයෙන් වර්ග කි.මි. 24-30 වූ මේ මූද අද්දර තීරුව මූදු කොටි මෙහෙයුම්වල කේන්ද්‍රස්ථානය වූ අතර, ඉක්මනින් ම එය ප්‍රභාකරන්ගේ හා ඔහුගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මෙහෙයුම් මධ්‍යස්ථානය වුයේ ය.

7. ශ්‍රී ලංකා රජය, අන්තර්ජාතික බලපෑම්වලට ප්‍රතිචාර දැක්වීමට හා රාජතාන්ත්‍රික මායාවකට දෝ, මේ තීරුව, එනම් කොටින්ගේ අවසාන බළකොටුව, 2009 පෙබරවාරි මැද දී, දෙවන යුදමුක්ත කලාපය වශයෙන් ප්‍රකාශ කළේ ය.

8. අංක 7 වශයෙන් ඉහත සඳහන්, ප්‍රකාශිත කලාපයෙහි නීතිමය බලයක් නො වී ය. ඊට හේතුව යුද්ධයක දී කරන සීමා නිර්ණයකට දෙපැත්තේ ම එකඟත්වය තිබිය යුතු බැවිනි. ඒ තීරණය උපාය මාර්ගික මෝඩකමක් ද වුයේ ය. ඒ පියස කොටි මෙහෙයවුම් මධ්‍යස්ථානයක් වී, අප්‍රියෙල් 2009 වන විට, ඔවුන්ගේ ආයුධ බලයෙන් වැඩි කොටසක් එහි තැන්පත් ව තිබුණු බැවිනි.

9. පුන පුනා තමන්ගේ සන්නිවේදනවල සටන් වියුක්ත කලාපයක් ගැන සඳහන් කිරීමෙන් ඇමරිකන් තානාපතිවරයා ද ලක් රජය ද තමන් විසින් ම කොණකට හේත්තු වුහ. ඒ සංකල්පය අද්‍යතන යුද සමීක්ෂණ මගින් පුනරුච්චාරණය කරන විට ලෝකය මුලා වෙයි. සොල්දාදුවන් හා ආයුධ සහිත කිසි ම ප්‍රදේශයකට යුදමුක්ත කලාපයක් විය නො හැක.

10. ව්‍යසනයක සේයාව පවත්වා ගෙන යාම උදෙසා, ආබාධිතයන්ගේ හා ඉවක් බවක් නැති රජයේ ෂෙල් ප්‍රහාරවල දර්ශන හා සංඛ්‍යාලේඛන පිළිබඳ අඩක් සත්‍ය වූ, අඩක් පුම්බන ලද අතිශයෝක්ති පතුරවා හැරීමට, තමන්ගේ දේශීය හා අන්තර්ජාතික, දමිළ රාජ්‍ය නොවන ආයතනවල නියුක්තයන් හා වයිද්‍යවරුන්, LTTE ප්‍රචාරක යාන්ත්‍රණය මගින් යොදා ගන්නා ලදී.

11. මේ කතන්දර කොළඹ මාධ්‍යජාල හා මානුෂික අයිතිවාසිකම් සඳහා වන විශ්වවිද්‍යාල ආචාර්යවරු, මානව අයිතිවාසිකම් ආයතන මෙන් ම, බටහිර ද ගෙඩි පිටින් ගිල ගත්හ. කොළඹ සිටි, ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනයේ, නෙස්මාන් ද, එක්සත් ජාතීන්ගේ ම ප්‍රවුර්ති නිලධාරියා වූ, ගෝඩන් වයිස් ද, LTTE ප්‍රචාර තමන්ගේ වාර්තා මගින් තව තවත් තහවුරු කරමින්, ප්‍රශ්න නො කර ම, මේ ත්‍රාසජනක පුවත් පිළිගත් අය අතර වුහ.

12. මා ‘ද්‍රවිඩ්ත්වය’නමින් හඳුන් වන, ස්වයංබද්ධ හැඟීම් හා ඥාති සම්බන්ධය නිසා, පිට රට ගිය, කොටි උපස්ථායකයන් නො වන දමිළයන් රාශියක් ද මේ උද්ඝෝෂණයට ඇදී ආහ. පදිංචි රටවල එකිනෙකා අතර හා හඳුනන්නන් අතර පැතිර ගිය කටකතාවලින්, LTTE ප්‍රචාරයට විශ්වසනීයත්වයක් ලැබුණු අතර, 2009 මාර්තු, අප්‍රේල් මාසවල බටහිර නගරවල පැවැත්වුණු මහා පෙළපාලිවලින් කොටින් විසින් ඇඳි චිත්‍රය වඩාත් කැපී පෙනුණේ ය.

13. බොහෝ කොටි සටන් කරුවෝ යුද ඇඳුම් ඇඳ නො සිටියහ. ඒ නිසා සිවිල් වැසියන් හා සටන් කරුවන් අතර වෙනස අහසින් කළ නිරීක්ෂණවලට ද, 2009 අප්‍රේල්, මැයි මාසවල අවසන් බල කොටුවට ප්‍රවේශ වූ, පාබල සෙබළුන්ට ද, පැහැදිලි නො විය. පිළිතුරු දිය යුතු ප්‍රශ්නයකි මේ: අප්‍රේල්, මැයි අවසන් සටනට රාත්‍රියේ බඩ ගා ගෙන යන ලංකා යුද හමුදා සෙබළෙකුට කුහර ප්‍රවේශයක් පෙනුනොත්, නියමිත පටිපාටියට අනුව, ඒ වල තුළට බෝම්බයක් විසි කිරීමෙන් වැළකෙන්නට ඔහුට හැකි ද?

14. LTTE බහුල වශයෙන් බළකොටු තැනීමට හා සංවිධානාත්මක අවශ්‍යතා සැපයීමට, සිවිල් වැසියන් යොදා ගත බැවින්, ඒ සිවිල් වැසියෝ යුද්ධ නීතියට අනුව සෙබළෝ ය. එහෙත් එක්සත් ජාතීන්ගේ මානුෂික හිමිකම් ආයතනය එබන්දන් සටන් කරුවන් සේ නොව, බලහත්කාරයෙන් යොදා ගත්තන් සේ හඳුන්වයි. ඒ අතර, එක්සත් ජාතීන්ගේ විශේෂඥ මණ්ඩලය සහ තවත් සමීක්ෂණ කොටි සටන් කරුවන් හා කොටි හිතවාදී සිවිල් වැසියන් අතර වෙනස ගණන් නො ගනිති.

15. තමන් ඇපයට කොටු කර ගෙන සිටි පැන යාමට උත්සාහ ගත්, දමිළ සිවිල් වැසියන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් LTTE ය විසින් මරා දැමූ බව, වාචික සාක්ෂිවලින් ලබා ගත්, ශ්‍රී ලංකා යුද හමුදාවේ වාර්තා හා UTHR සොයා ගැනීම් වලින් පෙනේ. මේ මිනීමැරුම් ප්‍රවාහය 2009 මැයි මස මැද අවසාන සතියේ දී මස්තකප්ප්‍රාප්ත විය.

16. යුද්ධයේ අවසන් මාස හතර තුළ LTTE ය මරා ගෙන මැරෙන ප්‍රහාර කීපයක් ම යොමු කළේ ය. ඇතැම් විට ඒවා පැන යන්නට හදන දමිළ සිවිල් වැසියන් වෙත යොමු වූ අතර, තවත් විටක යුද හමුදාව වෙත එල්ල විය. මේ ප්‍රහාර වලින් සමහරක් 2009 අප්‍රේල්/මැයි මාස වල දී, වෙරළ බද ව යොමු වූ, අධිවේග බෝට්ටුවලින් නිකුත් විය.

17. 15 හා 16 අංකවල සඳහන් කරුණු සත්‍ය නම්, යුද්ධයට සහභාගී නොවූ ජනතාවගේ මරණවලට වඩාත් වග කිව යුත්තේ ලංකා හමුදාව ද LTTE ය දැයි නිශ්චිත නිගමනයක් කිරීමට කිසි ම පාර්ශවයකට නො හැක.

18. 2009 අප්‍රේල් 19 හා 22 අතර කරන ලද, යුද මෙහෙයුමක දී, ලංකා හමුදාව අවසන් වළල්ලට කොටු වී සිටි, සිවිල් වැසියන් හා ආයුද බිම තැබූ සටන් කරුවන් 103,000 කට පමණ යුද බිමෙන් පැන ගැනීමට ඉඩ සැලැස්වීම සැලකිය යුතු කරුණකි. මේ හපන්කම කළ හැකි වුයේ, LTTE ය විසින් පැන යාම අවහිර කිරීමට ගත් පියවර හා වෙඩි හුවමාරුව නිසා මිය ගිය දෙමළ පැත්තේ සිවිල් වැසියන් හා සටන්වාදීන් 1500 ක ගේ දිවි පරදුවට තැබීමෙනි. අනුපාතික ව ගත් විට මෙය පුදුම ප්‍රතිඵලයකි, ආශ්චර්යකි. මේ සත්‍යය කිසිම විස්තර විචාරකයෙකු හෝ ප්‍රතාපවත් නියෝජනයකින් මෙතෙක් පිළිගෙන නැත.

19. ලංකාවේ සිට මේ තත්වය බලා ගෙන සිටි, හිත හොඳ පුද්ගලයන් පවා මානුෂික හේතුත් නිසා කම්පාවට පත් ව, 2009 මැයි මුල දී, සටන් විරාමයක් පැතූහ. එය ඉටු වුණේ නම්, අංක 4 හා 5 සඳහන් උපාය මාර්ග සඵල කර ගෙන, LTTE යට බේරෙන්නට ඉඩ තිබුණි. සත් ගුණයක් වුවත්, සීමාන්තයට ගිය විට, කූට ෆැසිස්ට්වාදයට අතකොළුවක් වන හැටි මෙයින් පෙනේ.

20. 2009 මැයිවල, කොළඹ සිටි, එක්සත් ජාතීන්ගේ නියෝජිතයෝ ආරෝග්‍යශාලාවල හා රැඳවුම් කඳවුරුවල සිටි, දමිළ තුවාල කරුවන්ගේ සංඛ්‍යාලේඛන සකස් කරන්නට තමන්ගේ ජාල යොදා ගත්හ. ඔවුන්ගේ නිශ්චිත තුවාල කරුවන්ගේ සංඛ්‍යාව 18,749ක් වූ අතර මැයි 13බ්දක්වා මළවුන්ගේ අස්ථිර සංඛ්‍යාව 7721ක් විය. සාමාන්‍යයෙන් තුවාල වන හේවායන්ගේ සංඛ්‍යාව මළවුන්ගේ සංඛ්‍යාව හා සසඳන විට 3 ට එකක් බවත්, ඇතැම් විට ඊට වැඩි බවත්, යුද බිම් ගැන අවබෝධයක් ඇති ඕනෑම කෙනෙක් දනිති. ඒ අනුව, තුවාල වූ බවට එක්සත් ජාතීන් ගණන් බලන 18,749 මළ බවට ඔවුන් සලකන ගණන හා සැසඳේ. අන්තිම සතියේ දී, 2000ක් මිය ගියේ යයි අනුමාන කළොත්, මළේ යයි ඔවුන් අනුමාන කරන සංඛ්‍යාව සනාථ වී, අන්තිම මාස පහේ දී මළවුන්ගේ සංඛ්‍යාව 9200ක් වෙයි.

21. පෙර කී එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුව පහත සඳහන් ගණන් මට්ටමේ ම ඇත. (i) දෙවර්ගය වෙන් කර දැක්විය නො හැක යි බුද්ධිමත් ව තර්ක කරමින්, 2009 මාස පහ තුළ දී කොටින් හා සිවිල් වැසියන් 15,000ක් මළේ ය යි තක්සේරු කළ, නරේන්ද්‍රන් රාජසිංහම්ගේ අනුමාන ඇස්තමේන්තුව. (ii) දමිළ නිලධාරීන් යොදවා ගණන් කර, සිවිල් වැසියන් 7432ක් මළ බව ප්‍රකාශ කළ ලක් රජයේ 2011 විශේෂ සංගණනය. ආරක්ෂක අමාත්‍යයාගෙන් ලැබුණු බවට විකිපීඩියාව නිකුත් කළ වාර්තාවට අනුව, IV වන ඊළාම් යුද්ධයේ දී, ලංකා ආරක්ෂක බලකායේ 6261ක් මළ බවත්, 29,551ක් තුවාල ලත් බවත් මෙහි දී, සංසන්දන මාපකයක් වශයෙන් ගත මැනවි.

22. මේ ක්ෂේත්‍රයේ දී, ළදැඩි තාත්විකත්වයක් අවශ්‍ය ය. පෞද්ගලික අත්දැකීමෙන්, මළ සිරුරු කුණු වන රටාව අනුගමනය කරමින් ගණන් බැලූ, නරේන්ද්‍රන් රාජසිංහම්ගේ ඇස්තමේන්තුව නැති වූ සංඛ්‍යාවට පදනමක් සපයා දී ඇත. ගැලවී, පැන යද්දී, නන්දිකඩල් කලපුවේ ගිලුණුවුන්ගේ, වෙඩි හුවමාරුවෙන් හා සර්පයන් දෂ්ට කිරීමෙන් කැලේ දී මළවුන්ගේ සංඛ්‍යාව ගණන් ගෙන නැති බව අප මෙහි දී මෙනෙහි කළ යුතු ය.

23. අන්තවාදී සද්ගුණයෙන් හා ආත්ම විශෝධනයෙන් කැළැල් වූ නිගමනවලට අමතර ව, යුද්ධය පිළිබඳ අර්ථ කථන අස්වාභාවික ලක්ෂණයකින් පලුදු වී තිබේ.: තමන්ගේ වාර්තාවල අඩුලුහුඬුකම් පෙන්වන සවිස්තර අධ්‍යනයන් සද්ගුණ වාදී ක්‍රියාකාරීන් හා තමන්ගේ නළල මත ‘මානුෂික අයිතිවාසිකම්’ ලේබලය අලවා ගත් නියෝජනයන් තමන්ගේ වාර්තාවල වැරදි පෙන්වන සවිස්තර අධ්‍යයන පිළිගැනීමට ක්‍රමානුකූල ව ප්‍රතික්ෂේප කරති. ඊට එක උදාහරණයක් නම්, ‘මායිම් නො කරන දිවයින? ශ්‍රී ලංකා යුද්ධයේ අවසාන පියවරේ අන්තර්ජාතික අපරාධ පිළිබඳ පරීක්ෂණයක්’ මැයින් සිඩ්නිහි පිහිටි පොදු අවශ්‍යතා පිළිබඳ උපදේශක කණ්ඩායම ඉදිරිපත් කරන ලද ලියවිල්ල යි.

24. යුද්ධය අග දී අල්ලා ගන්නා ලද ඇතැම් ජ්‍යෙෂ්ඨ LTTE නියමුවන් හා ක්‍රියාකාරීන් මරා දමන ලද බව හඟවන වාචික හා රූපමය සාක්ෂිවල පදනම් වූ, දත්ත සමුච්චයක් ඇත,: (1) තන්ගවේලු, 2013, “හමුදාවට බාර වූ LTTE කාඩර්වරු: ඔවුන් කොහි ද?” Colombo Telegraph, 18 අගෝස්තු; 2013, https://www.colombotelegraph.com/index.php/ltte-cadres-who-surrendered-to-the-army-where-are-they/… (2) වයිස්, 2012 “අලුත් සාක්ෂි – කර්නල් රෝමෙෂ්ගේ මරණය,” 21 මාර්තු, 2012,https://www. colombotelegraph.com/index.php/newevidencethe-death-of-colonel-ramesh-warning-disturbing-images/; and (3) රොබට්ස්, 2014, “ශ්‍රී ලංකාවේ යුද්ධය හා ඒ පිළිබඳ ප්‍රචාරක විවාද විශ්ලේෂණය කරන සටහන පැහැදිලි කරන සිතුවම් හා ඡායාරූප,” 18 නොවෙම්බර. 2014, https://thuppahi.wordpress.com/2014/11/18/cartographic-photographic-illustrations-in-support-of-the-memorandum-analysing-the-war-in-sri-lanka-and-propaganda-debates/

25. අංක 24රෙ හි සඳහන් පරිදි, චෝදනා නගන, අන්තර්ජාතික මිනිස් අයිතිවාසිකම් ක්‍රියාකාරීන් තමන්ගෙන් ම ඇසිය යුතු ප්‍රශ්නයක් ඇත. තමන්ගේ ව්‍යාපාර එක පැත්තකට බර වන්නේ ඇයි? ඇඩිලේ බාලසිංහම්, නිව් යෝක්හි සිටින, විසුවනාතන් රුද්‍රකුමාරන්, ආචාර්ය එලියස් ජෙයරාජා හා දැන් පිට රට සිටින, ඇතැම් ඉහල පෙළේ LTTE නිලධාරීන් වැනි සංකේතාත්මක හිතවතුන් LTTE ඉලක්කයන්ට එරෙහිවත් සටන් නො වදින්නේ ඇයි? වාචික ව ඔවුන්ගේ කෲර ක්‍රියා ගරහන නමුත්, ඉතිරි ව සිටින කොටි නායකයෙකුට වත් එරෙහි ව දෝෂාභියෝගයක් මෙතෙක් නැත. ඇයි?

26. භෞතික මූලධර්මයේ ප්‍රවේග තම බලපෑම් මෙහෙය වන්නේ, බොහෝ බටහිර රටවල් තුළිනි: ගැලවීමේ හමුදාවේ හා කතෝලික පල්ලියේ චිරාගත ළමා අපචාර, බිල් ක්රොස්බි, රෝල්ෆ් හැරිස් වැනි කුප්‍රසිද්ධ ලිංගික අපචාරකයන් නිදසුන් කීපයකි. මානව හිමිකම් හා යුද අපරාධ, මේ රැල්ල ගලන ක්ෂේත්‍ර ය. සියලු ම ක්ෂේත්‍රවල දී, ක්‍රියාකාරීන්ට අල්ලා ගත හැක්කේ සංකේත අපරාධ කීපයක් පමණක් බව සාමාන්‍ය බුද්ධියේ අත්දැකීම යි. කෙසේ වෙතත්, වෙනත් ඉලක්ක මෙන් නොව, ශ්‍රී ලංකාව එල්ල කරන සුචරිතවාදීන් උවමනාවෙන් ම නුදුරු අනාගතයට පමණක් යොමු වූ බව පෙනේ. I, II හා III ඊලාම් යුද්ධයේ දී ශ්‍රී ලංකා හමුදා බලකායේ කෲර ක්‍රියා ගැන කෙඳිරියක් වත් නැත. එබඳු සිද්ධි රාශියක් වූ බව අපි දනිමු. …. උතුරේ පැවති IPKF භීෂණ සමයත් එබන්දකි. ඒ වෘතාන්තයට සම්බන්ධ, ඩික්සිට් වැනි, භාරතීය ජනරාල්වරුන් හා දේශපාලනඥයන් ගැන කියන්නේ කුමක් ද? සුචරිත වාදී, බල තැරැව්කාරයන්ගේ ප්‍රඥාවෝචිත තේරීම් ඇත්තෙන් ම උපදේශාත්මක ය.

(මේ ලිපිය මිට කලින් කලම්බු ටෙලිග්‍රාෆ් හි හා www.Thuppahi.wordpress.com වෙබ් අඩවියේ ඉංගිරිසියෙන් පළ වී ඇත. දෙවනු ව සඳහන් ප්‍රකාශනයෙහි, වඩා පහසුවෙන් තේරුම් ගැනීමට තුඩු දෙන සිතුවම් හා සේයා රූ තිබේ. උද්යෝගිමත් පාඨකයන් මේ විස්තර සඳහා https://thuppahi.wordpress.com/2015/10/27/the-realities-of-eelam-war-iv/ට යොමු වුව මැනවි. මයිකල් රොබට්ගේ  Tamil Person and State. Pictorial, Colombo, Vijitha Yapa Publications, 2014, ISBN 978-955-665-231-4  ලිපි සමුච්චයෙන් වඩා සම්බන්ධිත කතාවක් කියා විය හැක.)

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    when consider Tamil population all over with sinhalese population in the Island, sinhalese are minority.UN and WEST looked at this crisis on that angle. Tamils agitation was heard all over but sinhalese was not able to counter it.it was a fight against terrorism not against Tamil community. sinhalese or Colombo regime failed to spread that message all over.End of the war benefited minorities lived in the Island rather than majority sinhalese. but soldiers who fought the war were sinhalese. that is the issue that rouse jealousy among west and tamils live all over. if any single soldier participated from India or west pet countries.situation might have been very different one.Every body might have praised soldiers as war heroes instead war criminals.our soldiers done a wonder defeating such ruthless terrorists gang.west and others do not wish to acknowledge due to their forces miserable showing in such wars.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.