26 April, 2024

Blog

මහ මැතිවරණයෙන් ජය ගනු ඇත්තේ මෛතී‍්‍රද? රනිල්ද?

නිහාල් පීරිස්

නිහාල් පීරිස්

නිහාල් පීරිස්

විස්සයි විස්ස අවසන් තරඟයක් මෙන් උණුසුම් මුහුණුවරින් පැවති ජනාධිපතිවරණය නිමාව දුටුවද රටේ ජනතාව තුළ ඇති දේශපාලන උනන්දුව තවමත් අඩු වූ බවක් නොපෙනේ. දැන් ඔවුන් වැඩි දෙනෙකු බලා සිටින්නේ කෝටි ප‍්‍රකෝටි ගණනින් මහජන මුදල් ගසා කෑ සැබෑ ජාතිද්‍රෝහීන් කුදලා දඬුවම් දෙන තුරුය. බිලියන් ගණනින් මත්ද්‍රව්‍ය ජාවාරම් කරමින් රටේ අනාගත පරපුර ලෙඩුන්, උන්මත්තකයින් කළ සැබෑ දේශද්‍රෝහීන් අල්ලා දඬුවම් දෙන තුරුය.

කෙසේ වෙතත්, මේ ආදී විවිධ උද්වේගකර කාරණා අතරේ ජනතාවගේ අවධානය යොමු වී ඇති තවත් වැදගත් කාරණාවක් තිබේ. එනම් ළඟදීම පැවැත්වෙන බව කියවෙන මහා මැතිවරණයයි. විශේෂයෙන්ම මෙම මැතිවරණයේදී ප‍්‍රධාන පක්‍ෂ දෙක වන එක්සත් ජාතික පක්‍ෂය හා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය කොයි ආකාරයෙන් සටන් වදිනු ඇත්ද, කව්රුන් ජයග‍්‍රහණය කරනු ඇත්ද යනාදී කාරණා ගැන දේශපාලනය ගැන උනන්දුව දක්වන බොහෝ දෙනා බලා සිටින්නේ මහත් කුතුහලයෙනි. කිසිවෙකුට පැරදවිය නොහැකි වනු ඇතැයි බොහෝ දෙනෙකු විශ්වාස කළ මහින්ද රාජපක්‍ෂ මහතා පරදවා ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කළ මෛතී‍්‍රපාල සිරිසේන මහතා, ඔහුට එම ජයග‍්‍රහණය සඳහා උදව් කළ එජාපය අමතක කර ශී‍්‍රලනිපයේ ජයග‍්‍රහණය වෙනුවෙන් කටයුතු කරන්නට යාමත්, එ් නිසා ඇති විය හැකි ගැටළුත් ගැනද බොහෝ දෙනෙකු විමසිල්ලෙන් බලා සිටින බවක්ද පෙනේ.

ඔහුට බලයට ළඟාවන්නට උදව් කළ එජාපය නැමැති ඉණිමගට පයින් ගසා මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා, ඔහුට නානා ආකාරයෙන් නින්දා අපහාස කරන්නට, මඩ ප‍්‍රහාර එල්ල කරන්නට, ඔහුගේ ජයග‍්‍රහණය වලකන්නට පෙරමුණ ගත් ශී‍්‍රලනිපය වෙනුවෙන් පෙනී සිටින්නට තීරණය කිරීම සමහර විට කෙනෙකුට තේරුම් ගත නොහැකි ප‍්‍රහේළිකාවක් විය හැකි වුවත්, ජනාධිපතිවරණය ආශ‍්‍රීතව දිගහැරුණු කි‍්‍රයාදාමයට පදනම් වූ තර්කනය ගැන විමසිලිමත් වීමේදී එහි ඇති ප‍්‍රහේළිකා ගතිය මැකී යන්නේය යන්න මාගේ හැඟීමයි.

අප එසේ කියන්නේ ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයා ලෙස මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියට ගැනීමත්, මෙම කි‍්‍රයාදාමය පිටුපස සිටින ප‍්‍රධාන චරිතයක් වන චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ අනාගත දේශපාලන සැලසුමුත් අතර සමීප සම්බන්ධයක් පවතින බව දැකගත හැකි හෙයිනි.

Ranil Maithriකාලයක් තිස්සේ රාජපක්‍ෂ පාලනයේ පලිගැනීමට ලක්ව, ඇයත් ඇගේ පවුලේ අයත් කලකට ඉහත භුක්ති විඳිමින් සිටි දැවැන්ත දේශපාලන දීප්තියෙන් සහ ප‍්‍රතාපවත් බවෙන් ඇද වැටී, අවලංගු කාසියක් සේ අසරණව සිටි චන්ද්‍රිකා, මෛති‍්‍රපාල ජනාධිපති බවට පත් කරන්නට පෙරමුණ ගන්නේ (රටේ යහපාලනය පිලිබඳ ඇගේ දැක්ම කි‍්‍රයාත්මක වනු දැකීමට අමතරව) එ් ඔස්සේ ශ‍්‍රීලනිපය තුළ යලි බලය පිහිටුවා ගෙන ඇගේත්, (ඇගේ පවුලේ උදවියගේත්) දේශපාලන අනාගතය සුරක්‍ෂිත කර ගැනීමද අරමුණු කරගෙනය යන්න බැහැරලිය හැකි තර්කයක් නොවේ. ඇතැම් විට සිය පුත‍්‍රයා වන විමුක්ති කුමාරතුංග වෙනුවෙන් ශී‍්‍රලනිපයේ අනාගතය වෙන් කර තබා ගැනීමද ඇගේ අරමුණක් විය හැකිය. විමුක්ති දැනට දේශපාලනයට එන්නට අදහසක් නැති බව පැවසුවද අදට වඩා සුවදායක දේශපාලන සංස්කෘතියක් තුළ ඔහුගේ මේ තීරණය වෙනස් වීමට ඉඩක් නැතැයි කිව හැක්කේ කාටද?

මෙම තර්කනය තුළ, චන්ද්‍රිකා මෛති‍්‍රපාල සිරිසේන මහතාව පෙරමුණට ගෙන එන්නට උදව් කරන්නේ ශී‍්‍රලනිපය තුළ මෙතෙක් රාජක්‍ෂවරුන් පවත්වාගෙන ගිය ආධිපත්‍යය බිඳ දමා එහි සුක්කානම හැසිරවීමේ යම් අයිතිවාසිකමක් තමා වෙතද දිනා ගන්නටය. මන්දයත්, චන්ද්‍රිකාගේ (සහ සමහර විට ඇගේ පවුලේ උදවියගේ) දේශපාලන අනාගතයේ සාර්ථකත්වය වැටී ඇත්තේ ශී‍්‍රලනිපයේ සශී‍්‍රකත්වය හරහා වන නිසාය. මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශී‍්‍රලනිප සභාපති ලෙස පත්වීමත්, මැතිවරණයේදී ඊට නායකත්වය දීමට ඉදිරිපත් වීමත් තේරුම් ගත හැක්කේ මෙවැනි කාරණා ඔස්සේය.

අනෙක් අතට මෛති‍්‍රපාල සිරිසේන මහතා වුවද, වසර පහකින් පසු ජනාධිපති ධුරයෙන් ඉවත් වන බව කීවද, දේශපාලනයෙන් ඉවත් වන බවක් පවසා නැත. එ් නිසා ශී‍්‍රලනිප ආරක්‍ෂා කර ගැනීම ඔහුගේ අනාගත දේශපාලන පැවැත්ම සමග පවා බැඳී ඇති කාරණයක් බව අමතක කළ හැක්කක් නොවේ.

රට තුළ සමාජ, ආර්ථික, සංස්කෘතික වශයෙන් පරිහානියක් ඇති කරමින් තිබූ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයට නායකත්වය දුන් මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කිරීම හරහා දැන් ශී‍්‍රලනිපයේ ෙදාරටුවද නිතැතින්ම මෛතී‍්‍ර-චන්ද්‍රිකා නායකත්වය වෙනුවෙන් විවර කරගෙන තිබේ. එ් නිසා දැන් වැදගත්ම කාර්යභාරයක් වන්නේ තම අනාගත බල ව්‍යාපෘතියේ ප‍්‍රබලම එන්ජිමක් හෙවත් මහා සංවිධාන යන්ත‍්‍රයක් වන ශී‍්‍රලනිපය සිය ආධිපත්‍යය යටතේ නැවත ගොඩ නැගීමයි. ඉදිරියේ එන මහා මැතිවරණය යනු ශී‍්‍රලනිපයේ මෙම අලූත් ගමන දියත් කිරීමේදී මෛතී‍්‍ර-චන්ද්‍රිකා පාර්ශ්වයට ප‍්‍රයෝජනයට ගත හැකි මහඟු අවස්ථාවකි. මහින්ද රාජපක්‍ෂ වැනි, අපරාජිත යයි ඇතැමුන් සිතූ නායකයෙකු පරාජය කළ මෛති‍්‍රපාල සිරිසේන වැනි දේශපාලනඥයකුගේ නායකත්වය යටතේ එ් වෙනුවෙන් ප‍්‍රබල ආරම්භයක් ගත හැකිය යන්න මෛතී‍්‍ර-චන්ද්‍රිකා පාර්ශ්වයේ තක්සේරුව වී ඇතැයි සිතිය හැකිය.

දැන් ශී‍්‍රලනිප නැමැති බල යන්ත‍්‍රය නැවත ගොඩ නගා ගැනීමේදී ඔවුන්ට මුහුණ දෙන්නට සිදු වන ප‍්‍රතිවාදියා වන්නේ එජාපය හා රනිල් වික‍්‍රමසිංහයි. රනිල් වික‍්‍රමසිංහද මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපති අපේක්‍ෂකයා කරන්නට කැමැත්ත පල කළේ මෛතී‍්‍රට ඇති ආදරය නිසා නොවේ. තමාට හෝ තම පක්‍ෂයේ කෙනෙකුට පැරදවිය නොහැකි මහින්ද රාජපක්‍ෂ ඔහුගේ පක්‍ෂය ඇතුළේම කැරැුල්ලක් තුළින් බෙලහීන කර, ජනාධිපතිවරණය ජයගෙන ඉන් අනතුරුව ඇති වන පශ්චාත් ජනාධිපතිවරණ තත්ත්වය තුළ තමාගේ හා එජාපයේ බලය සුරක්‍ෂිත කරගැනීම ඔහුගේ සැලසුම වූ බව පැහැදිලිව පෙනී යන්නකි.

මේ ආකාරයෙන් චන්ද්‍රිකා මෙන්ම රනිල් ද ජනාධිපතිවරණයේදී මෛති‍්‍රපාල සිරිසේන මහතා හරහා ඔවුන්ගේම වූ කිසියම් බල ව්‍යාපෘති දෙකක් එළියට ගන්නට පියවර ගත් බව බැහැර කළ හැක්කක් නොවේ. දැන් චන්ද්‍රිකාගේ සහ රනිල්ගේ සැලසුම්වල ‘ජනාධිපතිවරණ අදියර’, එනම් ජනාධිපතිවරණය හරහා ඔවුන් දෙදෙනා මෙතෙක් සිටි ගුහා දෙකේ ෙදාරවල් කඩාගෙන එළියට එ්ම නැමැති පළමු අදියර අවසන්ය. දැන් තිබෙන්නේ එමගින් දෙදෙනා මුල පිරූ ඔවුනොවුන්ගේ මෙහෙයුම් ඉදිරියට ගෙන යමින්, දෙදෙනා තම තමන්ගේ බලයන් තවදුරටත් තහවුරු කර ගැනීමේ දෙවැනි අදියරයි. මහ මැතිවරණය එම අදියරේ තීරණාත්මක සටන් බිමකි.

මේ තත්ත්වය තුළ අපට පෙනී යන සත්‍යයක් වනුයේ මෛති‍්‍රපාල සිරිසේන යනු මේ රටේ වැසියන්ගේ ආදරණීය ජනාධිපතිවරයා පමණක් නොව, චන්ද්‍රිකා- රනිල් නැමැති, මේ රටේ මුල් බැසගත්, දැවැන්ත දේශපාලනඥයින් දෙදෙනා සූක්‍ෂ්ම බල අරගලයක යෙදීමට පාවිච්චි කරන ‘සටන්බිමක්’ බවටද පත්ව සිටින චරිතයක් බවයි. රනිල් සහ චන්ද්‍රිකා, ‘මෛතී‍්‍රපාල නැමැති සටන්බිම’ තුළ බල අරගලයක යෙදී සිටින බව පැහැදිලිය.

මෙම බල අරගලය පිලිබඳ විමසිල්ලෙන් බැලීමේදී සැලකිල්ලට ලක් විය යුතු කාරණයක් වන්නේ ජනාධිපතිවරණයෙන් පසු එජාපය වේගයෙන් ඔවුන්ගේ බල පදනම ගොඩ නගා ගනිමින් සිටීමයි. මේ තත්ත්වය තුළ ශී‍්‍රලනිපය නැවත මෛති‍්‍ර-චන්ද්‍රිකා කේන්ද්‍රයක් වටා ගොඩ නැගීම සිතන තරම් පහසු කටයුත්තක් යයිද සිතිය හැකි නොවේ. එසේම මෛත‍්‍රී මහ මැතිවරණයේදී ශී‍්‍රලනිපයට සහාය දීමට එකඟ වීම එජාප හිතවාදීන් බොහොමයකගේ විරෝධයට හේතු විය හැකි වුවද රනිල්ට නම් එය ගැටළුවක් විය හැකි නොවේ. මන්ද යත් ඔහුගේ ව්‍යාපෘතිය තුළ මෛතී‍්‍රපාල සිරිසේන නැමැති සාධකය ඉටු කළ භූමිකාව මේ වනවිට බොහෝ දුරට අවසන්ව ඇති බව පෙනෙන හෙයිනි.

එජාපය සිය ඉලක්කය කරා යන ගමනේදී ලද පළමු ජයග‍්‍රහණය නම් ජනාධිපතිවරණයෙන් පසු ඇති කළ අමාත්‍ය මණ්ඩලය තුළ විශාල පංගුවක් එජාපයට හා රනිල් හිතවාදීන්ට හිමි කරගැනීමයි. මුදල්, ප‍්‍රතිපත්ති සම්පාදන, වෙළෙඳ, අධ්‍යාපන, නිවාස, ප‍්‍රවාහන ආදී, ආර්ථිකයට හා ජන ජීවිතයට විශාල බලපෑමක් කළ හැකි අංශ එජාපයේ ප‍්‍රබලයින් යටතට පත්ව තිබේ.

උදාහරණයක් ලෙස පසුගියදා ජනතාවට දුන් සහන මල්ල මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දුන් සහන මල්ලකට වඩා එජාපය දුන් සහන මල්ලක් ලෙස ප‍්‍රතිරූපගත කරන්නට රනිල් ප‍්‍රමුඛ කණ්ඩායම සමත්ව ඇති බවක් පෙනී යයි. මෙම සහන මල්ලේ කීර්ති නාමය ගන්නට මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා එතරම් උත්සුක වූ බවක්ද නොපෙනිණ. එහිදී බොහෝ දුරට ඉදිරියෙන් සිටියේ රවි කරුණානායක, හර්ෂ ද සිල්වා වැනි එජාප ප‍්‍රබලයින්ය. ජනතාවගේ එදිනෙදා ජීවිතයට බලපාන මෙවැනි බොහෝ අමාත්‍යාංශ එජාප නායකයින් අත පැවතීම තුළ එජාපය සිය ‘ බලය තහවුරු කරගැනීමේ මෙහෙයුමේ’ දී බොහෝ වාසි දිනාගනිමින් ඇති බව පැහැදිලිය.

සතියකට දෙකකට පෙර පුවත්පත්වල පලවූ එක් ප‍්‍රවෘත්තියකින් කියවුණේ චන්ද්‍රිකා යම් කලකිරීමකට පත්ව පැත්තක් ගසා සිටින බවයි. ඇය රජයේ උත්සව අවස්ථා පවා මගහරින බවත්, දුරකතනයෙන් පවා සම්බන්ධ කර ගැනීම අපහසු බවත් කියැවිණි. තවදුරටත් එම පුවතින් කියවුණේ ඇගේ මෙම කලකිරීමට හා පැත්තක් ගැසීමට හේතුව නව රජයේ ඇමතිවරුන් හා ආයතන ප‍්‍රධානීන් පත් කිරීමේ දී ඇති වූ ඇතැම් ගැටළු බවයි. රනිල් – චන්ද්‍රිකා බල අරගලයත්, එ් තුළ රනිල් වැඩි වාසි අත් කරගනිමින් තිබීමත් පිලිබඳ කාරණය මල්ලෙන් එළියට ආ අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකි යයි සිතමි.

එසේම දින 100 වැඩපිලිවෙල යටතේ විධායක ජනාධිපති ධුරයේ බලතල අඩු කර අගමැතිවරයාගේ බලතල වැඩි කිරීම ද රනිල් සහ එජාපය සිය බලය, සාපේක්‍ෂ වශයෙන් තහවුරු කරගන්නා තවත් අවස්ථාවක් ලෙස සැලකිය හැක්කකි. රනිල් සතු දැවැන්ත දේශපාලන අත්දැකීම් සම්භාරය තුළ ඔහු මෙම තත්ත්වයෙන් උපරිම ප‍්‍රයෝජන ගනිමින් එජාපයේත්, තමාගේත් බලය සෙමෙන් සෙමෙන් තහවුරු කරගනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.

මේ අවස්ථාවේ රනිල් සහ එජාපය ‘ජාතික ආණ්ඩු සංකල්පය’ ප‍්‍රවර්ධනය කරන්නේ අනාගතයේ එජාපය (රනිල්) අගමැති ධුරය හොබවන ආණ්ඩුව වඩාත් ස්ථාවර වන තුරු ගැටුම්වලින් තොරව පාලනය පවත්වාගෙන යාමේ අරමුණින් විය හැකිය යන්නද බැහැර කරලිය හැකි නොවේ. එජාපය මෙසේ ශක්තිමත් වන තත්ත්වයක් තුළ සාමාන්‍යයෙන් එජාපයට නැඹුරු ප‍්‍රතිපත්තියක සිටින දෙමළ සන්ධානය, මුස්ලිම් කොංග‍්‍රසය වැනි සුළු ජාතීන් නියෝජනය කරන පක්‍ෂද එජාපය වටා ගොනු වීමේ විභවයක් පවතී. එයින්ද සිදු වනු ඇත්තේ එජාපය තවදුරටත් ශක්තිමත් වීමයි.

කෙසේ වෙතත් අප ඉහත විස්තර කළ පරිදි, පශ්චාත් ජනාධිපතිවරණ තත්ත්වය තුළ එජාපය සිය බලය තහවුරු කරගනිමින් සිටින අතරතුර ශී‍්‍රලනිපයට මේ මොහොතේ මුහුණ දෙන්නට සිදුව ඇති ප‍්‍රධාන අභියෝග කිහිපයක්ම හඳුනාගත හැකිය.

ඉන් එකක් නම් මහින්ද රාජපක්‍ෂ ප‍්‍රමුඛ සන්ධානයේ පාලන කාලයට එරෙහිව එල්ලවන ඇඟ කිලිපොලා යන මට්ටමේ චෝදනායි. මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයේදී ලක්‍ෂ 57කට අධික ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත් බව සත්‍යයක් වුවද මේ වනවිට එළියට ඇදෙමින් ඇති මූල්‍ය වංචා, අක‍්‍රමිකතා, දූෂණ, මත්ද්‍රව්‍ය ජාවාරම් ආදිය පිලිබඳ දැවැන්ත තොරතුරු කන්දරාවත් සමග මහින්ද රාජපක්‍ෂගේ මෙන්ම ඔහු විසින් පවත්වාගෙන යන ලද ශී‍්‍රලනිප ඇතුළු සන්ධානයේ ආකර්ශනීයත්වය, වැහි කාලයේ නාය ගිය මීරියබැද්දේ ගම්මාන මෙන් නාය යාමකට ලක්ව ඇති බව පෙනේ. මේ තත්ත්වය තුළ ශී‍්‍රලනිපයේ ප‍්‍රබලයින් බොහෝ දෙනෙකුට රෙදි ඇඳගෙන දේශපාලනය කිරීමට හැකියාවක් තිබේවිද යන්න සැක සහිත අතර එනිසාම එම පක්‍ෂයේ දේශපාලන, පරිපාලන, සංවිධානමය ආදී සියලූ යාන්ත‍්‍රණයන්හි කිසියම් අවුල් සහගත තත්ත්වයක් හා අර්බුදකාරී තත්ත්වයක් වර්ධනය වනු ඇතැයි අපේක්‍ෂා කළ හැකිය.

නමුත් තවමත් මහින්ද රාජපක්‍ෂ සැලකිය යුතු සිංහල, බෞද්ධ, ගැමි ජනතාවක් තුළ ජනපි‍්‍රය චරිතයක් බවද රහසක් නොවේ. ඔහුගේ සුවදුක් බැලීමට තවමත් විශාල වශයෙන් ජනයා මැදමුලන නිවසට යති. නමුත් මහින්දගේ මෙම ජනපි‍්‍රය සාධකයෙන් ප‍්‍රයෝජන ගන්නට, දැන් එහි බලය අල්ලා සිටින සහ අනාගත බල සැලසුමක් ඇති චන්ද්‍රිකා කැමති වනු ඇතැයි බලාපොරොත්තු විය හැකි නොවේ. එම තත්ත්වය තුළ ශී‍්‍රලනිපයට තරමක් හෝ වාසි ගත හැකිව තිබූ තුරුම්පුවක්ද ගිලිහී යාමේ අනතුර පවතියි.

තවත් අභියෝගයක් වන්නේ ශී‍්‍රලනිපය තුළ මහින්ද කණ්ඩායම සහ මෛති‍්‍රපාල-චන්ද්‍රිකා කණ්ඩායම අතර ඉදිරියට යමින් ඇති ඝට්ටනයයි. එජාපය කෙමෙන් සමගි සම්පන්න වෙමින් ශක්තිමත් වෙද්දී ශී‍්‍රලනිපය තුළ ඊට සමාන්තරව බෙදීම් සහ අකර්මණ්‍ය වීම් ඇති වීමේ ඉඩකඩ වැඩිය. එ් අතර සන්ධානයේ සිටි දිනේශ්, විමල්, වාසු, ඩිව්, තිස්ස ආදීන් වෙනම සන්ධාන ගොඩනගන්නට යන බවට ආරංචිද පසුගිය කාලයේ පැතිරිණි. මෙයද අප ඉහත කී ගැටුම් සහ බෙදීම් ඉහළ යාම පිලිබඳ තවත් අවස්ථාවකි.

ශී‍්‍රලනිපය මේ ආකාරයේ අලූත් අර්බුදයකට මුහුණ දී සිටින තත්ත්වයක් තුළ, අලූතින් බයි පාස් සැත්කමක් කළා සේ පණ ලබා සිටින එජාපය සමග සටනක් දීමට ශී‍්‍රලනිපයට විශාල වැඩ කොටසක් කරන්නට සිදුවනු ඇති බව පෙනේ. ශී‍්‍රලනිපයේ නායකයින් පිරිසක් මහා මැතිවරණය දැන්ම නොපවත්වන ලෙස ඉල්ලීමක් කර තිබූ බවද මාධ්‍ය ඔස්සේ පසුගියදා වාර්තා විය. එයින්ද කියවෙන්නේ කිසියම් ප‍්‍රතිසංවිධානයක් ඇති කර නොගෙන මේ අවස්ථාවේ ඉක්මන් මහා මැතිවරණයකට සාර්ථකව මුහුණ දීම ශී‍්‍රලනිප ට අභියෝගයක් බව එහි ඇතැම් ජ්‍යෙෂ්ඨයින් තේරුම් ගෙන ඇති බව විය හැකිය. ශී‍්‍රලනිපය මෙසේ මැතිවරණය කල් දමා ගන්නට කෙඳිරි ගාද්දී රනිල් පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණය පවත්වන බවට සිංහ නාද කිරීමේ යථාර්ථය මේ අනුව පැහැදිලි වනු ඇතැයි සිතමි.

මෙම තත්ත්වය තුළ ශී‍්‍රලනිපයට දැන් තිබෙන එකම තුරුම්පුව සහ එල්ලෙන්නට තිබෙන හයියම වැල අන් කිසිවක් නොව වත්මන් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේනමය. ජනාධිපතිවරණයට පෙර ඔහු දේශද්‍රෝහියකු, ගුණමකුවෙකු, කුමන්ත‍්‍රණයක කොටස්කාරයෙකු ලෙස හංවඩු ගැසූ ශී‍්‍රලනිපයේ බොහෝ දෙනා අද ඔහු බදාගෙන උම්මා දෙන්නට පටන් ගෙන ඇත්තේ මෙම යථාර්ථය හමුවේය. එය ඔවුන්ගේ පෞද්ගලික පැවැත්ම රැුක ගැනීම සඳහා කරන්නක් මෙන්ම එම පෞද්ගලික පැවැත්ම හා බැඳී ඇති පක්‍ෂයේ පැවැත්මද රැුක ගැනීම සඳහා කෙරෙන්නකි. නමුත් මෙහිදී මෙම ‘උම්මා කට්ටිය’ විසින්ම, ජනාධිපතිවරණයට පෙර මෛති‍්‍රට එරෙහිව එල්ල කරන ලද අවලාද සහ මඩ ප‍්‍රහාර හරහා මෛතී‍්‍ර පිලිබඳ ගොඩ නගන ලද සෘණාත්මක ප‍්‍රතිරූපය පාරාවලල්ලක් සේ කැරකී එමින්, මෛතී‍්‍රපාල නැමැති ඉහත කී තුරුම්පුවේ බලය සහ විශ්වාසනීයත්වය අඩපණ කර දැමිය හැකි වීම දෛවයේ සරදමකි.

ශී‍්‍රලනිපයට මුහුණ දීමට සිදුවිය හැකි තවත් අතුරු අභියෝගයක් වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික හෙල උරුමයේ නැගීමයි. රාජපක්‍ෂ පාලනයට එරෙහි විප්ලවයේ වැදගත්, පුරෝගාමී කාර්යභාරයක් මෙම පක්‍ෂ දෙක විසින් ඉටු කරන ලද බව කිසිසේත් අමතක කළ හැකි නොවේ. එම තත්ත්වය තුළ ජවිපෙ සහ හෙල උරුමය ජනතාව අතර අගැයීමට, ගෞරවයට හා විශ්වාසයට පාත‍්‍රවෙමින් සිටියි. එනිසා ජවිපෙ හා හෙල උරුමය, ඉදිරි කාලයේදී ශ‍්‍රීලනිප ඡන්ද පදනමෙන් කොටසක් අල්ලාගෙන වැටවල් ගසා ගැනීමේ අභියෝගයටද ශී‍්‍රලනිපයට ඉදිරියේදී මුහුණ දීමට සිදුවනු නොඅනුමානය.

*නිහාල් පීරිස් – nihalpeiris@yahoo.com

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    මෛට්‍රී සහ රනිල් එකට සිටිය යුථුඉ. මෛට්‍රී හොද මහත්තයෙක්, ඒවගේම තම රනිල්. මෛට්‍රී අද ඔතන ඉන්නේ රනිල් ඇතුළු අනික් පක්ෂ උදව් කල නිසා. රනිල් අද ඔතන ඉන්නේ මෛට්‍රී නිසා. මෛට්‍රී ට කොහොමත් SLFP උදව් කලේ නැහැ. මේ දන්නා එකට සිටිය යුථුඉ

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.