25 September, 2018

Blog

සංහිඳියාවේ සිට දෝෂාභියෝගය දක්වා: පුරවැසියාගේ සිට යටත්වැසියා දක්වා?

පාක්‍යසෝති සරවණමුත්තු

ආචාර්ය පාක්‍යසෝති සරවණමුත්තු

2012 වසරට අප අවතීර්ණ වෙද්දී විලාසිතා වචනය වුණේ සංහිඳියාව හෙවත්, අපේ පුරවැසියන්ගෙන් ඉතා සුළු පිරිසක් පමණක් අවබෝධ කරගත් එහි සංකේත නාමය වූ, එල්.එල්.ආර්.සී. යන්නයි. ඒ වන විට මේ කියන ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිෂන්’ වාර්තාව ජනාධිපතිවරයා අතට පත්ව පාර්ලිමේන්තුව වෙත යොමු කර තිබුණි. ඒ වූ කලී, ජනාධිපතිවරයා විසින්ම පත්කොට තිබූ කොමිසමක් වීම නිසා එහි නිර්දේශයන් සම්පූර්ණයෙන් පිළිගෙන ඒවා ක‍්‍රියාත්මක කිරීමට ඔහු පියවර ගනිතැ යි බලාපොරොත්තුවක් තිබුණි. විශේෂයෙන්, යුද්ධයේ අවසාන අදියර පිළිබඳ සියලූ සැකසාංකා, ප‍්‍රශ්න කිරීම් සහ චෝදනාවන්ට මේ කොමිසමෙන් පිළිතුරු ලැබෙනු ඇතැ යි මුලදී ලෝකයාට කීවේත්, ඔහු සහ ඔහුගේ ආණ්ඩුවයි.

අනතුරුව, ශ‍්‍රී ලාංකිකයන්ගෙන් බහුතරයකට කියැවිය හැකි වන සේ සිංහලට සහ දෙමළට පරිවර්තනය කිරීම සඳහා මේ කොමිසමේ ඉංග‍්‍රීසි වාර්තාව මහ බැංකුවට යවන ලදි= ඔව්, මහ බැංකුවට. මාස නවයක් සහ දහයක පමණ කාලයකින් පසු දැන් එය එම භාෂාවන්ගෙන් කියැවිය හැකිලූ. කෙසේ වෙතත්, මාස ගණන් ගතවෙද්දී, ඇමරිකාව සහ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හරහා ක‍්‍රියාත්මක වූ ජාත්‍යන්තර ප‍්‍රජාව, ශී‍්‍ර ලංකාවට රිදෙන යෝජනාවක් 2012 මාර්තු මාසයේ දී සම්මත කරගන්නා ලදි. ඒ යෝජනාවෙන් ඉල්ලා සිටියේ, ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ’ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම කඩිනම් කරන ලෙසත්, වගවීම පිළිබඳව, එනම්, යෝජනාවේම සඳහන් පරිදි කොමිසම මගින් ප‍්‍රමාණවත් පරිදි ආමන්ත‍්‍රණය කොට නැති වගවිම පිළිබඳව අනාගතයේ දී ගැනීමට අපේක්ෂා කරන පියවර කුමක් ද යන්න ගැන මානව හිමිකම් කවුන්සිලයට වාර්තා කරන ලෙසත්, කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමේ අදියරේ දී එක්සත් ජාතීන්ගේ අදාළ ආයතනවල සහාය ලබාගන්නා ලෙසත් ය. එසේ ලබාගන්නා සහාය යටතේ ඇති කෙරෙන ප‍්‍රගතිය ගැන අවුරුද්දකින් පසු මානව හිමිකම් කවුන්සිලයට වාර්තා කිරීමේ වගකීම, මානව හිමිකම් මහකොමසාරිස්වරිය වෙත පවරන ලදි. දේශපාලන විසඳුමක් පිළිබඳව ලංකා ආණ්ඩුවෙන් දෙන ලද පොරොන්දු කඩ කිරීම ගැන අපේක්ෂා භංගත්වයට පමණක් නොව, පරිහාසයට සහ කෝපයටත් පත්ව සිටි ඉන්දියාව, මෙම යෝජනාවට පක්ෂව ඡුන්දය දුන් රටවල් 24 න් එකක් විය.

ආණ්ඩුව මුලින් බැලූවේ, අශික්ෂිත ආකාරයෙන්, ඇමතිවරුන්, නිලධාරීන් සහ හෙංචයියන් බුරුතු පිටින් ජිනීවා නුවරට යවා යෝජනාව පරාජය කිරීමට යි. එය අසාර්ථක වීමෙන් පසු, ඔවුන් බලාපොරොත්තු වූ තරමේ අධම මාදිලියේ දේශහිතෛෂී රැුල්ලක් රට ඇතුළෙන් ගොඩනැගීමටත් ආණ්ඩුව අපොහොසත් විය. පසු ගිය නොවැම්බර් මාසයේ, ශ‍්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ ‘ජගත් වාරික වාර්තාව’ ඉදිරිපත් කෙරෙන විට, එල්.එල්.ආර්.සී. නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම සඳහා වන ‘මානව හිමිකම් පිළිබඳ ක‍්‍රියාන්විත සැලස්මක්’ ලංකා ආණ්ඩුව සකස් කොට තිබුණි. එය තවමත් පවතින්නේ, ‘කෙරෙමින් තිබෙන’ ව්‍යාපෘතියක් වශයෙනි.

මේ අර්ථයෙන් ගත් විට, 2012 මාර්තු මාසයේ ජිනීවා සිදුවීම ආණ්ඩුවට අබග්ගයක්ම විය. ප‍්‍රථම වරට ආණ්ඩුව සැබවින්ම පරාජයකට මුහුණදුන්නේ ඒ අවස්ථාවේ ය. ඒ අනුව, ලංකාවේ යුද්ධය ගෙන ගිය ආකාරය, ජාත්‍යන්තර බහුපාර්ශ්වීය සංවිධානයක න්‍යාය පත‍්‍රයට ප‍්‍රථම වතාවට ඇතුල් විය. තමන් කරන ඕනෑම දෙයක් ඉන්දියාව අනුමත කරති යි විශ්වාස කළ හැකි කාලය අවසන් විය. කොටින්ම, ජිනීවා නුවරින් දියත් කෙරුණු ආණ්ඩුවේ සමස්ත ක‍්‍රියාන්විතය රටේ විදේශ ප‍්‍රතිපත්තියේ නින්දනීය පරාජයක්ම වූ බවට පොදුවේ පිළිගැනුණි. ජිනීවා නුවර සිටි අපේ නිත්‍ය නියෝජිතවරියව එතැනින් පන්නනු ලැබ හවානා නුවර බලා ගියේ බලධාරීන්ට දොස් කියමිනි. මේ සමස්ත සිදුවීම මාධ්‍යය තුළ කර්කශ විවේචනයට ලක්විය. රටේ ස්වෛරීත්වය උල්ලංඝනය වීම පිළිබඳ ඇති වූ ඒ විකාර සන්නියෙන් අත්වූ එක් යහපතක් වුණේ, ජාත්‍යන්තර සම්බන්ධතා කලාව වටහා ගැනීමේ ආරම්භක ලකුණු ආණ්ඩුව වෙතින් දෘශ්‍යමාන වීමයි. එහෙත් මේ වැටහීම කොපමණ කල් කොපමණ දුරට පවතී ද, එය පරාජයේ සහ අපේක්ෂා භංගත්වයේ හුදු වේදනාව පළවීමක් පමණක් ද යන්න නිශ්චිත නැත.

දැන් 2012 අවසානයේ, එල්.එල්.ආර්.සී. වාර්තාව අමතක කෙරුණේ කෙසේ ද යන්න ගැන ලිපි පළවෙයි. කිසිම ආකාරයකින් එකම හේතුව නොවුණත්, ඊට ප‍්‍රධාන හේතුව වුණේ, එල්.එල්.ආර්.සී. වාර්තාව මගින් පැහැදිළි කොට තිබූ ආණ්ඩුකරණයේ අර්බුදය, අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයේ නින්දිත ව්‍යාජය සමග දැන් ඉහළ තලයකට තල්ලූ වී තිබීමයි. ඒ අනුව, දෝෂාභියෝගය 2013 විලාසිතා වචනය වෙයි: මේ මස දෙවැනි භාගය වන විට ‘ව්‍යවස්ථා අර්බුදය’ යන යෙදුම ඊළඟ තැනට පැමිණිය හැක. එය නිසැකවම, 2013 මාර්තු මාසයේ ජිනීවා නුවර දී රැුව්දෙනු ඇත. ඊළඟ නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට ද එය බලපානු සිකුරු යි.

මේ සියල්ලෙන් මතු කෙරෙන මූලික කාරණය වන්නේ, මේ පිරිහීම කෙසේ සිදුවීද යන්නයි. සංහිඳියාව හෝ ආණ්ඩුකරණය පිළිබඳ ඕනෑම කෝදුවකින් මැන බලන විට ඔබට එක දෙයක් පෙනී යනු ඇත: ශක්තිමත් යැයි පිටතින් පෙනෙන මුත් බරපතල සේ අනාරක්ෂිත බලයක් තහවුරු කර ගැනීම සඳහා පාලකයන් විසින් මැරවර කම ප‍්‍රයෝජනයට ගන්නා තරමත්, එය ජේ.ආර්.ජයවර්ධන සහ ආර්.පේ‍්‍රමදාස වැන්නන් තුළ පවා ලජ්ජාවක් ඇති කරන තරමට දුරදිග ගොස් ඇති බවත් එවිට ඔබට පෙනෙනු ඇත. එදා මෙන්ම තවමත් අපට ගැලවීමක් ඇත්තේ, ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක දේශපාලන සංස්කෘතිය, ක‍්‍රියාවලීන් සහ ආයතනික පද්ධතිය මහ දවල් විනාශ කිරීමට එරෙහිව වෙනස් මතයක් දරණ ඉතා සුළුතරයකගේ නිර්භය ප‍්‍රයත්නයන් තුළ ය. ඒ ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ‘පලූදු’ සහිත වූ බව සැබවි. එහෙත්, කිසි දවසක එය මෙතරම් ‘පල්ලට’ වැටුණේ නැත.

උදාහරණයක් වශයෙන් ජාතික සංහිඳියාව ගන්න. යාපනේ තරුණයන් සහ ශිෂ්‍යයන් සාහසික අන්දමින් අත්අඩංගුවට ගැනීම්, දිගටම කෙරීගෙන යන උතුරු නැගෙනහිර ඉඩම් අත්පත් කරගැනීම්, යුද සංචාරයේ සේවාවක් වශයෙන් නන්දිකාදල් කලපුවේ ‘එජ්’ හෝටලය ජනාධිපතිවරයා විසින්ම විවෘත කිරීම වැනි සිදුවීම් ඒ ජාතික සංහිඳියාව සමග පෑහෙන්නේ කෙසේ ද? හමුදාවට බඳවා ගත් දෙමළ තරුණියන්ගේ ඉරණම කුමක් ද? තමන් පත්වන තත්ත්වය ඔවුන් දැන සිටියේ ද, නොඑසේ නම් ඔවුන්ව ‘රැුවටීමකට’ ලක්කෙළේ ද? කෙපාපලිපු කඳවුරේ සිටි අවසාන සරණාගතයන් කෝ? කෙපාපලිපු තිබුණේ කොහේ ද? දැන් තිබෙන්නේ කොහේ ද? නැගෙනහිර පළාතේ ‘මාබල් බේ’ නැමැති මුහුදු වෙරළේ, වර්ණභේදවාදී දකුණු අප‍්‍රිකාවේ මෙන්, වැදගතුන්ට සහ හමුදාවන්ට එක පසෙකත්, සාමාන්‍ය ජනයාට සහ පළාත්වාසීන්ට තවත් පසෙකත් වෙරළ තීරය සහ මහමුහුද වැටවල් ගසා වෙන් කර තිබීම, පශ්චාත්=යුද්ධ ශ‍්‍රී ලංකාව තුළ අප තේරුම්ගන්නේ කෙසේද? 1950 ඇමරිකාවේ දකුණුදිග සුදු ජාතික ස්වෝත්තමවාදීන්ගේ රැුස්වීමකට සමානත්වයක් උසුලන, ‘මුස්ලිම් තර්ජනයට’ එරෙහිව සිංහල බෞද්ධයන්ව කැඳවූ නාවින්න රජමහා විහාරයේ බොදුබල සේනාව, ‘චින්තනයේ’ කිරිපැණි වාගාලංකාරය සහ සංහිඳියාව සමග සමපාත වන්නේ කෙසේ ද? රේස්කාර් සඳහා නොගැසූ බද්දෙන්, අවතැන් වූ සරණාගතයන් කී දෙනෙකු පදිංචි කළ හැකිව තිබුණි ද? උතුරු නැගෙනහිර මිනිසුන් ජීවිත පරදුවට තබමින් රටින් පැනගොස් ‘ක‍්‍රිස්ට්මස් අයිලන්ඞ්’ කඳවුරු තුළ ගාල් වන්නේ ඇයි? ඔවුන් එසේ යන්නේ ආර්ථික හේතූන් මත නම්, ආර්ථික සංවර්ධනය රටේ ප‍්‍රමුඛ ස්ථානය ගන්නා මෙවැනි අවස්ථාවක ඔවුන් පලායන්නේ ඇයි?

ආණ්ඩුකරණයත් ඊට දෙවැනි නැත. ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරන්නේ කවුද? ස්වභාවික යුක්ති ධර්මය යනු, පශ්චාත්=යුද්ධ ශ‍්‍රී ලංකාවේ පාලකයාගේ හිතුමයට ඉඩ දෙනු වස් සමාජයට අහිමි කළ යුතු සුඛෝපභෝගී දෙයක් ද? මීට කලකට පෙර මේ ලියුම්කරු පෙන්වා දී ඇති පරිදිත්, ආණ්ඩුකරණය පිළිබඳ සිය අව්‍යාජ හැඟීම ජනාධිපතිවරයා විසින්ම පළකොට ඇතැ යි වාර්තා වන පරිදිත්, ඒ වනාහී, ‘අපේ මිනිහා බේරගන්න ඕනේ’ ප‍්‍රතිපත්තියකි. හෙංචයියන් වන තාක් කාල් නිදැල්ලේ වැරදි කිරීමට පිළිවන. ආයතන සහ ශිෂ්ට සම්පන්න පරිපාටි ¥ෂ්‍ය කරන්න. පුරවැසියන්ගේ නොව, යටත්වැසියන්ගේ් ජනප‍්‍රිය සංස්කෘතියක් නඩත්තු කරන්න, පෝෂණය කරන්න.

අගවිනිසුරුවරිය කෙලින් සිටින තාක් ඇයට දෝෂාභියෝගයෙන් ගැලවීමක් නැත. ශිෂ්ට සම්පන්න ආණ්ඩුකරණයට සහ නීතියේ ආධිපත්‍යයට මේ පාලකයන් පහර දීමට සහ 18 වැනි සංශෝධනය පනවා ගැනීමට පෙර සහ පසුව කිසි විටෙක දක්නට නොතිබුණු ආකාරයේ නීති ප‍්‍රජාවේ පිබිදීමක් අධිකරණයේ ආරක්ෂාව වෙනුවෙන් මතුවෙමින් තිබේ. ආණ්ඩුවේ හිතුවක්කාරී පළිගැනීම් තුළින් නිර්මාණය කොට ඇත්තේ වීර ස්ත‍්‍රියක් සහ ප‍්‍රාණත්‍යාගී ස්ත‍්‍රියකි. ආණ්ඩුවට අඩුම වශයෙන් තමන්ගේ දුර්වලත්වය සහ නොමේරු කම වසං කරගෙන ආපස්සට පය තැබීමට පුලූවන් කමක් දැන් නැත.

මේ සියල්ල අප වෙතටම පෙරලා එයි. තිබෙන තත්ත්වය යහපත් වීමට පෙර, තත්ත්වය වඩාත් අයහපත් වීමට නියමිත බව සෑම පැත්තකින්ම පෙනෙන්ට තිබේ. සංහිඳියාව පිළිබඳ බලාපොරොත්තු විනාශ කිරීමෙන් මෙන්ම, දෝෂාභියෝගයෙන් උත්පාදනය කරන්නේ එවැනි තත්ත්වයකි. එය, ආණ්ඩුකරණයේ බරපතල අර්බුදය කියාපෑමකි.

උතුරේ තත්ත්වය හොඳ අතට හැරී ඇති බවක් පෙනෙන්ට තිබුණත්, බරපතල නපුරක් පිළිබඳ හැඟීමකින් තමන් විඳවන බව, යාපනේ අසරණයෙක් මට කීවේය. රූපකාත්මක භාෂාවෙන් කියතොත්, ඔහු අවතැන් වූවෙකි.
පුරවැසි භාවය පිළිබඳ ආකල්පයක එල්බ සිටින අපට උරුම දෛවය ද, මේ?
රංගනය වන්නේ නාට්‍යය යි: නිකංම නැරඹීම නොව, එහි කොටසක් වීම.

*CJ, Ape Miniha And The Kiri Pani Rhetoric Of Chintanaya ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.