25 April, 2024

Blog

ක්‍රමයට වෙදකම් කිරීම

මේ දිනවල සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ විශේෂ උනන්දුව යොමු වන කාරණයක් තිබේ. ශ්‍රී ලංකාවේ මේ වන විට සිටිතැ යි කියන 30,000 ක් වන හොර දොස්තරවරුන්ට එරෙහිව යුද්ධ ප්‍ර​කාශ කොට ඇති ඔහු ඔවුන් සියල්ලන් මේ ෂේත්‍රය​ තුළින් පළවා හරින බවට සපථ කරයි. කෙසේ වෙතත්, මෙතරම් හොර දොස්තරවරුන් සංඛ්‍යාවක් රටේ සිටීමෙන් පෙනී යන්නේ, රටේ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බවත්, රටේ ජනගහනය වියපත් වන තරමට සෞඛ්‍ය පහසුකම්වලට ඇති ඉල්ලුම වැඩි වන බවත් ය. මේ අතර, හොර දොස්තරවරුන් ගැන සැලකිලිමත් වෙනවා සේම, සැබෑ වෛද්‍යවරුන්ගේ දැනුම සහ නිපුණතාව යාවත්කාලීන වන්නේද යන්න සොයා බැලීමටත් ක‍්‍රමයක් තිබිය යුතුය.

රටක ජනතාවකගේ ආයු කාලය වැඩි වීමත්, බෝ නොවෙන රෝගවල වර්ධනයත් සමග වෛද්‍යවරුන් සඳහා වන ඉල්ලුම වැඩි වෙයි. 2016 ලංකාවේ ජනගහනයෙන් වයස අවුරුදු 60 වැඩි ජනගහනයේ ප්‍ර​තිශතය සියයට 10 කි. මෙය, අවුරුදු පහකින් සියයට 17 දක්වා වැඩි වනු ඇත. 2051 වන විට එම ප‍්‍රමාණය මුළු ජනගහනයෙන් සියයට 29 ක් වනු ඇත.

මීට දශක තුනකට කලින්, ලංකාවේ ජනගහනයෙන් සෑම 6000 කටම එක් වෛද්‍යවරයෙකු බැගින් සිටියේය. 2015 වන විට එම තත්වය තරමක් දියුණු වෙමින්, ජනගහනයෙන් 1100 කට එක් වෛද්‍යවරයෙකු සිටියේය. එහෙත් ‘ෆිෂ් වර්ගීකරණයට’ අනුව, ලෝකයේ දැනට පවතින සාමාන්‍ය අනුපාතිකය වන ජනගහනයෙන් 670 කට එක් වෛද්‍යවරයෙකු සිටීමේ මට්ටමට වඩා මෙය බෙහෙවින් බාල තත්වයකි. මීට අමතරව, උසස් ප්‍ර​ගුණත්වයක් ඇති වෛද්‍යවරුන් බොහොමයක් කේන්ද්‍රගතව සිටින්නේ නගරවල ය. ග‍්‍රාමීය ප්‍ර​දේශවල එවැනි දක්ෂ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින අතර, ඊට අමතරව වෛද්‍ය පහසුකම්වල හිඟයකුත් තිබේ. මෙවැනි තත්වයක් තුළ, හොර දොස්තරලා වැඩ පටන් ගැනීම ස්වභාවික ය. සමහර අවස්ථාවල එවැනි හොර දොස්තරලාගෙන් රෝගීන්ට යම් සහනයක් නොලැබෙනවා ද නොවේ.

ගම්මුන් අසනීප වූ විට යන්නේ ගමේ ‘දොස්තර මහත්තයා’ ලඟට ය. මොවුන්, පොදුවේ පවතින උණ, පාචනය, මැලේරියා, පාණ්ඩුව, අධික රුධිර පීඩනය සහ මූත‍්‍ර අමාරුකම් වැනි රෝගවලට ප‍්‍රතිකාර කිරීමට තරම් දැනුවත් බවකින් යුක්ත බව පෙනේ. එබැවින් ගම්මු එම වෛද්‍යවරයාව විශ්වාස කරති. මහ ?කට ගියත් ප‍්‍රතිකාර කරන ඔවුන්, රෝගීන්ගෙන් අය කරන්නේ ද ඉතා අඩු මුදලකි. සමහර විට, සල්ලි නැත්නම් ඒ වෙනුවට වෙනත් ද්‍රව්‍යයකින් ඔහුගේ සේවාවට ගෙවීමේ හැකියාවත් රෝගීන්ට තිබේ. මේ නිසා, එම වෛද්‍යවරයාගෙන් තමන්ට සේවාවක් සැපයෙන බවට ඔවුහූ විශ්වාස කරති. එහෙත් ඔවුන් නොදන්නා කාරණය වන්නේ, ඇතැම් අවස්ථාවක බරපතල රෝගී ලක්ෂණයක් හඳුනා ගැනීමට අසමත් වීම හේතුවෙන් අවසානයේදී තමන්ට අත්විඳින්ට සිදුවිය හැකි අන්තරාවයි. ගම්මුන් සමග එවැනි වෛද්‍යවරුන් ඇති කරගෙන තිබෙන යහපත් සමාජ සම්බන්ධතා හරහා තමන්ගේ නොහැකියාවන් වසා ගැනීමටත් මෙවැනි වෛද්‍යවරුන්ට හැකියාව ලැබී තිබේ.

කරුණු මෙසේ වුව ද, සුදුසුකම් සහිත ප්‍ර​ගුණ වෛද්‍යවරුන් අතින් සිදුවන වැරදි සොයා බලා දඬුවම් කිරීමේ ක්‍රමයක් ලංකාවේ නැත. රෝගීන්ව ආරක්ෂා කර ගැනීමේ වගකීම මොන තරම් බරපතලව තිබුණත්, ශ්‍රී ලංකාවේ වෛද්‍යවරයෙකුගේ නොසැලකිලිමත් භාවයක් හෝ අකාර්යක්ෂම භාවයක් පිළිබඳව කරුණු විභාග කොට ඊට වැරදිකරු වන්නේ නම් එම වෘත්තියේ යෙදීමෙන් එවැනි පුද්ගලයෙකුව වළක්වාලීමට හැකියාවක් ලංකාවේ නැත. ඊට හේතුව, බලගතු වෘත්තීය සමිති එවැනි පුද්ගලයන්ව ආරක්ෂා කිරීමයි. වෛද්‍ය සේවාවේ යෙදී සිටින සියලුම වෛද්‍යවරුන්ව ප්‍රමිතිගත කෙරෙන, මහජනතාවටත් පෙනෙන පොදු ක්‍රම වේදයකින් ඔවුන්ව නියාමනය කෙරෙන සැලැස්මක් සකස් කර ගැනීමෙන් මෙවැනි අක්‍රමිකතා වළක්වා ගත හැකි වනු ඇත.

එංගලන්තයේ, ඇමරිකාවේ සහ තවත් නොයෙක් රටවල, නියමිත කාලයකට වරක්, වෛද්‍යවරුන්ගේ දැනුම සහ හැකියාවන් යාවත්කාලීනව තිබේදැ යි සොයා බැලෙන ක්‍රමවේද සකස් කරගෙන තිබේ. එංගලන්තයේ සෑම වසර පහකටම වරක් සැම වෛද්‍යවරයෙකුම තමන්ගේ ලියාපදිංචිය යාවත්කාලීන කරගත යුතුය. වෛද්‍යවරුන්ගේ එවැනි යාවත්කාලීන වීමක්, රෝගීන් තුළත්, සේව්‍යයන් සහ ආයෝජකයන් තුළත් ඔහු කෙරෙහි විශ්වාසය දැනවීමට හේතුකාරක වෙයි. ලංකාවේ වෛද්‍ය වෘත්තියේ යෙදෙන කිසිවෙකු එසේ යළි ඇගැයීමේ ක්‍රමයක් ‘ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලයට’ නැත. ඒ නිසා මොවුන් සම්බන්ධයෙන් කිසි නියාමනයක් සිදුවන්නේම නැත.

ඉන්දියාවේ ග‍්‍රාමීය පෙදෙස්වල බලපත‍්‍ර නැතිව සේවයේ යෙදී සිටින හොර දොස්තරලාට විධිමත් පුහුණුවක් ලබා දීමට එරට එක් සංවිධානයක් දැනටමත් පියවර ගෙන තිබේ. කිසි සෞඛ්‍ය රැුකවරණයක් නැති දුෂ්කර ග‍්‍රාමීය ප‍්‍රදේශවල සෞඛ්‍ය පහසුකම් ප‍්‍රවර්ධනය කිරීමටත් මෙම සංවිධානය මේ වන විට කටයුතු කරමින් සිටී. මේ සංවිධානයේ වසර දෙකක සාර්ථකත්වය පිළිබඳව බලවත්ව පැහැදුණු ඉන්දියාවේ බටහිර බෙංගාල ප‍්‍රාන්ත ආණ්ඩුව, එම ව්‍යාපෘතිය තවත් වර්ධනය කිරීමට කෙලින්ම මැදිහත් වී උර දුන්නේය. බටහිර බෙංගාල ප‍්‍රාන්තයේ සිටින 170,000 ක් වන හොර දොස්තරලාව විධිමත්ව පුහුණු කිරීමට මේ මගින් අපේක්ෂා කෙරේ. පුහුණුවෙන් පසු එවැන්නන් ග‍්‍රාමීය සෞඛ්‍ය සේවකයන් වශයෙන් ප‍්‍රධාන සෞඛ්‍ය ප‍්‍රවාහයට අනුයුක්ත කර ගැනෙනු ඇත. ඒ සමගම, දිළිඳු ජනතාවට දැඩි හිඟයක්ව පවතින වෙනත් මූලික සෞඛ්‍ය පහසුකම් ද මේ ව්‍යාපෘතිය මගින් සැපයෙනු ඇත.

මේ නිසා, ශී‍්‍ර ලංකාවේ වෛද්‍ය තත්වය නගා සිටුවීම සඳහා දැනට සිටින හොර දොස්තරලාව තහනම් කිරීම පමණක් ප‍්‍රමාණවත් නොවන්නේය. ඊට සමගාමීව, ගුණාත්මක අතින් උසස්, පහසු මිලකට කාටත් පහසුවෙන් ලබා ගත හැකි සෞඛ්‍ය සේවාවක් සඳහා රට තුළ පවතින ඉල්ලුම සැලකිල්ලට ගෙන ඊට ආමන්ත‍්‍රණය කළ යුතුව ඇත.

*2017 දෙසැම්බර් 19 වැනි දා ‘ඩේලි එෆ්.ටී’ පුවත්පතේ පළවූ “Doctoring the System” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    So, only after three years he found that Sri lanka has unqualified doctors. When did he find Sri lankan doctors are not upto the standard and has to go to Singapore or USA in order to have surgery even though Even Yapanaya doctors do heart transplants. Everybody knows that multinational pharmaceutical companies rewards doctors and any one responsible in the field to get favourations. Germany has HQs of all the powerful pharmaceutical companies. some one check whether this minister reduced the prices of frequently used medications. It saysthose were not regularly used medications. Minister is heading the way to say that the SLPMC will be useless and therefore importation of medication is the best solution He got increased the salaries of those employees by 50% and then allowed the price increases of medications. he also appointed qualified people who are all his “voters” if he gets that electorate.

  • 0
    0

    I missed writing some information there. Minister is visiting overseas every three months, most probably every trip is with pharmaceutical company money. Once they spend money on VVIPs, he can not say NO to medication price increases. I herd even My3 understands those repercussions. Companies love to bribe VVIPs in order to keep them in their nets.

  • 0
    0

    Health Minister paracetamol prices increased because of the american dollar rate increases. PAracetamol is British or European manufactured or probably in India. Why in the world, a faraway currency fluctuation or increase affect drug prices increases in Sri lanka. this shows, either importers are manipulating drug prices and the minister can not open the mouth because he got overseas trips from the drug cartels. If not it is time for Sri lanka to go to other currencies too and not only the american dollar.. Because, that is happening every where in the world. I can not believe, just 0.25 cents in the interest rate in the USA increased the drug prices by 5%.

  • 0
    0

    If Rajitha Senarathne says with the appreciation of Dollar medicine prices goes up, that should be a frequent occurence. Sri lanka stock market is not strong enough to cause Dollar appreciation. IF Sri lanka doesnot have enough dollar reserves, that can happen. That is also not true because Sri lanka has about $ 9,0 billion reserve. IF dollar appreciation causes medication prices up, similarly dollar down turns should get the medication prices down which never happen. MEdications prices that were lowered if you get a doctor to explain, are not those prevalent physiological conditions. Price increases in paracetamol like medication sheer fraud. Pharmaceutical companies are very good at that. For no reason, they increases the prices every year. Even the 5% increase is twice the inflation in Sri lanka.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.