27 April, 2024

Blog

පොලිසියේදී නිරුවත් කොට, අත කොලූවක් අරන් වෘෂණ කෝෂවලට කෙටුවා

තිස් ෙදහැවරිදි සෞඛ්‍ය කාර්ය සහායක චමින්ද ප‍්‍රියන්ත කුමාර,  ෙස්වය කරන්ෙන් නාගොඩ මහා රෝහෙල්ය.  2013.05.21 දින, රාත‍්‍රී 8.30 පමණ ජංගම දුරකථනයක් ෙසාරකම් කල බවට සැකකර කලුතර දකුණ ෙපලිසිය අත් අඩංගුට ගන්නා ලදි. පහර ෙදමින් ෙපාලීසියට ෙගන යැෙමන් අනතුරුව ඔහුට වධ දුන් අාකාරය විස්තර කරන්ෙන් ෙමෙස්ය.

“මාව පොලිස් ජීප් රථයට දමා ගත්තා. ජීප් රථය පැදවූයේ අපරාධ අංශයේ ප‍්‍රධානියා බව දැනගත්තා. ජීප් රථයට නංවා ගන්නා විට මට කුරුදු පොල්ලකින්, අපරාධ අංශයේ ස්ථානාධීපති පහර දුන්නා. ඔහු සිටියේ නිල ඇඳුමින්. අනෙක් දෙන්නා හිටියේ සිවිල් ඇඳුමින්.

ජීප් රථයේ පිටුපස බිම වාඩි කරවා රැුගෙන ගියා. යන අතරදී පිටුපස සිටි නිලධාරියා මගේ හිස පාත්කර අතින්, කොන්දට මිට මොලවා පහර දුන්නා.

Chaminda Priyantha

දකුණ පොලිසියට ගෙනවිත්, මාව අපරාධ අංශයට රැගෙන ගියා. එසේ රැගෙන යන අතර, මට කුරුදු පොල්ලෙන් එක් අයෙක් පිටට පහර දුන්නා.

අපරාධ අංශයේදී මගේ පිටට හා දකුණු අතට පහර දුන්නා. එසේ පහර දෙද්දී උඹේ මේ අතත් කඩනවා කිව්වා. රිය අනතුරකින් මා ආබාධිත අයෙක්. වම් වැලමිටට පහලින් කපලා තියෙන්නේ. දකුණූ අතේ ඇිලි වැඩ කරන්නේ නැහැ. කොරවෙලා. ශෛල්‍යකර්මයක් කරලා තියෙන්නේ.
පසු දින – එනම් 2013.05.22 දින උදේ 9.00 ට පමණ මාව කූඩුවෙන් එළියට රැගෙන, කට උත්තරයක් ගන්න කියා, අපරාධ අංශයට ගෙන ගියා. එහිදී මගෙන් ප‍්‍රකාශයක් ගත්තා. ප‍්‍රකාශයට අත්සන් කලා. ප‍්‍රකාශය ගත්ත පොලිස් නිලධාරියා යන්න ගියා.
ටිකවේලාවක් යන විට අපරාධ අංශයේ ස්ථානාධීපති හා මාව අත්අඩංගුවට ගන්න එක්වූ නිලධාරීන් දෙන්නා පැමිණියා. ඔවුන් දෙදෙනාම හිටියේ සිවිල් ඇඳුමින්. අපරාධ අංශයේ ස්ථානාධිපති මූට මෙහෙම ගහලා හරියන්නේ නැහැ කියා, නැවත කුරුදු පොල්ලක් අරන් මට පහර දුන්නා. අනෙක් දෙන්නා මට අතින් පයින් පහර දුන්නා. අපරාධ අංශයේ ස්ථානාධිපති, කකුල්වල ඇගිලි සපත්තුවෙන් පෑගුවා. කකුල උඩනැග්ගා.
එයින් පසුව, මට පහරදුන් නිලධාරීන් දෙන්නා, මාව පොලිසිය පිටුපස, වාහන හෝදන තැන, නාන කාමරයක් වැනි කාමරයකට මාව ගෙන ගියා. එහි ෂවර් එකක්, වතුර ටැප් එකට සවිකල දිග රබර් හෝස් එකක් හා පන්සල්වල බණමඩුවල තියෙන දිග බංකුවක්තිබුනා. එතැනට අපරාධ අංශයේ ස්ථානාධිපති ආවේ නැහැ.
එහිදී මාව සම්පූර්ණයෙන්ම නිරුවත් කලා. එයින් පසුව මාව උඩබැලි අතට නිදි කෙරෙව්වා. එක් අයෙක් අත කොලූවක් අරන්, මාගේ වෘෂණ කෝෂවලට කෙටුවා. එසේ තලලා ඉවර වෙලා කකුල් දෙක එක්කොට ඇස්වටය උඩින් මාංචු දම්මා. ඉන් පසුව කකුල් දෙකෙන් පටන් අරන් බංකුවට තබා, බෙල්ල ලඟට වෙනකම් ලණූවකින් තද කොට වෙලා බැන්දා.
එයින්, එක් නිලධාරියෙක්, එහි ජනේල් පඩිය උඩට නැග මගේ පපුවට පැන්නා. ඉන් පසුව, බංකුව හා මාව, ටැප් එක ලගට ඇද්දා. එහි තිබූ පරණ ටී ෂර්ට් එකක් අරන් මගේ මුහුණ වසා, බංකුවට තියා ගැට ගැසුවා. එයින් එතැන හිටිය මහත නිලධාරියා කකුල් දෙක දෙපැත්තට තබා මගේ පපුව උඩින් වාඩ වුනා. අනෙක් නිලධාරියා වතුර හොස් එකෙන් මගේ මූණට වතුර ඇල්ලූවා. ටික වේලාවක් වතුර අල්ලා, ඊට පස්සේ යටිපතුල් වලට පහර දුන්නා. මෙය මාරුවෙන් මාරුවට කලා. එසේ කරන ගමන් උඹ ෆෝන් ගත්තා නේද, කොම්පියුටර් ගත්තා නේද, සල්ලි ගත්තා නේද, කෙසෙල් කැන් කඩය කැඩුවා නේද, කඬේ රින්සෝ, සබන් ගත්තා නේද, කඩපු ගෙවල් කියපන් කිව්වා.
මම දගලනවා වැඩියි කියමින්, කුරුඳ පොල්ල බෙල්ලට තබා තද කරා මුහුණට වතුර හෝස් එක ඇල්ලූවා.
එයින් පසුව, මාව ලිහා, එම හෝස් එකට අල්ලා මාව නෑව්වා. එයින් පසු මට ඇඳගන්න කිව්වා. මම කලිසම ඇඳ ගත්තා. ෂර්ට් එක ඉරලා තිබුනේ. ඉන්පසු මාව ආපන ශාලාවට රැගෙන ගොස් ඔවුන් දෙන්නා පුටුවක වාඩිවෙලා, මාව හිටවාගෙන, යලිත් ඇත්ත කියපන් යයි කියමින් මට කුණූහරප කියමින් බැන වැදුනා. ඔවුන් මගේ ”අම්මාට හු… හු… පුතා” කියමින්, රස්සාවට කෙලිනවා ආදී දේ කියමින් බැනවැදුනා.
එහිදී මට පොල්ලෙන් එ් දෙන්නා යලිත් පහර දුන්නා. එයින් පසුව, ඇත්ත කියපන් කියමින් මගේ බෙල්ල වටා රබර් හෝස් එකක් ඔතා, දෙදෙනාම තද වෙන්න හුස්ම ගන්න බැරිවෙන්න දෙපැත්තට ඇද්දා.
එයින් පසුව, මාව නැවතත් අපරාධ අංශයට ගෙන ගියා. අපරාධ අංශයේ ස්ථානාධිපති එහි සිටියා. ඔහු ළඟින් මාව දණ ගැස්සුවා. ස්ථානාධිපති කුරුඳු පොල්ල අරගෙන මගේ ඔලූවට, උරහිස්වලට පහර දුන්නා.
ඉන්පසුව, ස්ථානාධිපති මේසයකටත්, කකුලකට සම්බන්ධ කර තිබූ දිග දම්වැලෙන් මගේ බඩ මැදින් තද කර, ගැට ගැසුවා.
එයින් පසුව, මට දණගහ ගෙන එහාට මෙහාට යන්න කිව්වා. බඩ මැදින් ගැටගසා තිබෙන දම්වැල පිටින් රිලවෙක් මෙන් එහාට මෙහාට ගියා. එ් යන අතර තුන්දෙනා වරින් වර මගේ පිටට ඔලූවට කුරුඳු පොලූවලින් පහර දුන්නා. එක් අයෙක් අත දිගහැර මගේ පිටට ගැහුවා.
එසේ කිරීමෙන් පසුව මාව නැගිට්ටෙව්වා. අපරාධ අංශයේ ස්ථානාධිපති, යලිත් මගේ කකුල් දෙකේ ඇගිලි පෑගුවා. එසේ කිරීමෙන් පසුව, මාව ජීප් රථයේ දමාගෙන මාගේ බෝඩිමට ගියා. බෝඩිම අවුස්සා එහි තිබූ මගේ ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත‍්‍රය හා අතිරේක රෝහල් හැඳුනුම්පත් අරගත්තා. මට අයත් සිම් තුනක්ද ගත්තා.
එහිදී මට ෂර්ට් එකක් අරන් ඇඳගන්න කිව්වා. එයින් පසුව මාව රෝහලට ගෙන ගියා. රෝහලේදී මගේ ෂර්ට් එක ගැලෙව්වා. උඩුකය නිරුවත්ව මාව රෝහලේ ඇවිද්දෙව්වා.
එසේ ඇවිද්දවා, මට ෂර්ට් එක ඇඳගන්න කියා, අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගෙන ගියා. එහිදී මාව, එහි වෛද්‍යවරයෙකු ලඟට ඉදිරිපත් කලා. වෛද්‍යවරයා පොලිස් නිලධාරීන්ට ඉවත්වෙන්න කියා මාව කාමරයේ තියාගෙන පරීක්ෂා කලා. මම විස්තර කිව්වා, තුවාල පෙන්වූවා.
එ් වන වට මගේ වෘෂණ කෝෂ දෙක ඉදිමී තිබුනා. පිටේ පාරවල් සහ වේදනාව තිබුනා. කකුල් ඉදිමී ලේ ගලමින් තිබුනා. අත්වල පාරවල් තිබුනා. මට කෙලින් හිටගන්න බැරිව හිටියේ. මා සියලූ විස්තර කිව්වා.
නැවත මාව අපරාධ අංශයේ ස්ථානාධිපතිට බාර දුන්නා. නැවත පොලිසියට රැගෙන ආවේ විනාඩි 10කින් පසුව, පයින් මාව – කලූතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගියා. එ් ගෙන ගියේ වෙනත් නිලධාරියෙක්.
එහි අතිරේක මහේස්ත‍්‍රාත් නිල කාමරයට ගෙන ගියා. මාව එළියේ තබා, එම පොලිස් නිලධාරියා, මහේස්ත‍්‍රාත් උසාවිය ලඟට ගියා. මට ප‍්‍රකාශයක් කරන්න අවස්ථාවක් තිබුනේ නැහැ. මාව බන්ධනාගාර ගත කලා.
මාව කලූතර බන්ධනාගාරයට ගෙන ගියා. බන්ධනාගාර ගත කල විටම මට සිහිය නැතිවුනා.
මාගෙන් ප‍්‍රකාශයක් ගත්තා. පොලිසිය ගහපු බව කිව්වා. මාව බන්ධනාගාර රෝහලට ඇතුලූ කලා. එහිදී මාගෙන් ප‍්‍රකාශයක් ගත්තා. ප‍්‍රතිකාර දුන්නා. එහි 2013.05.31 දක්වා සිටියා.
2013.05.31 නැවත මාව උසාවි ගෙන ආවා. මට නීතිඥයෙක් පෙනී සිටියේ නැහැ. මාව රු.15,000/=ක ශරීර ඇපයක් මත මුදාහැරියා. නමුත් ඇප දෙන්න කිසිවෙක් හිටියේ නැහැ. නැවත බන්ධණාගාරයට ගෙන ගියා. 2013.06.03 වන දින ඇප ලබාගෙන නිදහස්වුනා. නැවත නඩු දිනය 2013.09.13 වේ.
2013.06.03 දින නිදහස්වූ පස් මම කලූතර දකුණ පොලිසියේ අපරාධ අංශයට ගොස් මාගේ ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත‍්‍රය, රෝහලේ හැඳුනුම්පත හා සිම් තුන ඉල්ලා සිටියා. අපරාධ අංශයේ ස්ථානාධිපති මට කිව්වා, තොට තව නඩුවක් ගෙදරට තැපෑලෙන් එවන්න හිටියේ, තෝ ආපු එක ලොකු දෙයක් ඉඳගනින් කිව්වා. ඉඳගෙන හිටපන් උඹව ආපසු යවනවා,එ් නිසා තොට අයිඩෙන්ටි වලින් වැඩක් නැහැ කිව්වා. පැය 5ක් මාව රඳවා ගත්තා. ස්ථානාධිපතිවරයා හා අනෙක් දෙන්නා ගිය පසු, එහි සිටි අනෙක් නිලධාරීන් දෙන්නා මට කතාකරලා කිව්වා අයිඩෙන්ටි ගන්න පස්සේ වරෙන්, උඹ ගෙදර පලයන්, උඹව තියාගෙන ඉන්න අපිට බෑ කියලා. එ් අනුව මා ගෙදර ගියා. “
නීති විරෝධී ලෙස  අත්අඩංගුවට ගෙන, රඳවා තබාගෙන, අමානුෂික වධහිංසා පමුණුවා, ව්‍යාජ චෝදනා මත නඩු පවරා  බන්ධනාගාරගත කරන ලද – ක`ඵතර දකුණ පොලිසියේ ස්ථානාධිපති, අපරාධ අංශයේ ස්ථානාධිපති හා නම් නොදන්නාමුත් දුටුවොත් අඳුනාගත හැකි නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසට ඔහු  මානව හිමිකම් කොමිෂන් සභාෙවන් හා පොලිස්පති ෙගන් ඔහු ඉල්ලා සිටි.
Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.