මතු පිටින් පෙනෙන දෙය සත්‍යය නම් මිනිසාට විද්‍යාව අවශ්‍යය නොවේ යයි කාර්ල් මාර්ක්ස් පවසා ඇත. අද සමාජ ජාල තුල සහ මාධ්‍ය වලින් සමාජ ගත කරන ලද උපකල්පනයන් කීපයක් විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි.
එනම්;
1. ශිෂ්‍ය විරුවෝ දිවි පුදා රැකගත් නිදහස් අධ්‍යාපනයක් ලංකාවේ පවතී ද?
2. ලාංකීය ශිෂ්‍ය ප්‍රජාවගේ ප්‍රමුඛ ප්‍රශ්නය SAITM ද?
3. SAITM අහෝසි කිරීම මගින් ලංකාවෙ නිදහස් අධ්‍යාපනය රැක ගත හැකි ද?
මෙම උපකල්පන නිවරදිද? නැතහොත් අසවල් ෂැම්පු වර්ගය පාවිච්චි කලවිට කොන්ඩය පැහැපත් වේ යන විශවාසය මෙන් සමාජ ගත වූ විශ්වාසයක්ද?
ලිපියේ මූලික අරමුණ මෙම මතුපිටින් පෙනෙනෙ සත්‍යය සහ සිවිල් ආධිපත්‍ය දරන පුද්ගලයන් සහ ජනමාධ්‍ය මගින් සමාජ ගත කරීමට උත්සාය කරන අර්ධසත්‍ය පිළිබඳ සාකච්ඡා කිරීමයි.
ලංකාවේ නිදහස් අධ්‍යාපනයක් පවතීද ?
අද දවසේ ලාංකීය පොලව මත ඇත්තේ දියුනු ස්කැන්ඩිනේවියානු රටක තිබෙන නිදහස් අධ්‍යාපනයට සමාන දෙයක් නොවේ. අප රටේ ශිෂ්‍ය පරපුර අධ්‍යාපනය ලබා ගන්නා ප්‍රදාන ක්‍රම තුනක් ඇත. එනම් මුදල් ගෙවා ලබා ගන්නා අධ්‍යාපනය, නොමිලේ ලැබෙන අධ්‍යාපනය සහ මෙම ක්‍රම දෙකේ මිශ්‍රණයක් ලෙස ලබා ගන්නා අධ්‍යාපනය වේ.
ප්‍රධාන වශෙයෙන් අප දකින්නේ නොමිලේ ලැබෙන අධ්‍යාපනය සහ මුදල් ගෙවා ලබා ගන්නා අධ්‍යාපනයේ මිශ්‍රණයකි. මෙම මිශ්‍රණයේ මාත්‍රාව දෙමාපියන්ගේ මුදල් සහ සමජ තත්ත්වය මත වෙනස් වේ.
සැබෑ නිදහස් අධ්‍යාපනයක් තිබේ නම් වෘත්තිකයන්, බැංකුවල ඉහල නිලධාරීන් සහ විධායක ශ්‍රේණියේ රැකියාවල නියුතු අය, ජනසවිය හිමියන්ගේ, ග්‍රාමිය ගොවියන්ගේ, නාගරික කමකරුවෙන්ගේ ළමුන් වියයුතුය. ඇත්ත වශයෙන් සිදු වන්නේ ග්‍රාමීය ගොවියන්ගේ සහ නාගරික කම්කරුවන් වැනි සමාජයේ පහල ස්ථර වල දරුවන් තර්ඟයෙන් ඉවත් කරමින්, නාගරීක සහ අර්ධ නාගරීක මධ්‍යම පන්තිය විසින් අත්පත් කරගෙන ඇති හයිබ්‍රිඩ් අධ්‍යාපනයකි. (වඩා හොඳින් තරඟයට මුහුන දීමට නොමිලේ ලැබෙන අධ්‍යාපනය මුදල් ගෙවා ලබාගන්නා අධ්‍යාපනය සහ මිශ්‍ර කිරීම) නොමිලේ දෙන අධ්‍යාපනයෙන් පමනක් උපයෝගී කර ගනිමින්, නවීන තරඟකාරී රැකියා වෙළෙඳ පොල අතික්‍රමනය කිරීම කණ කැස්බා විය සිදුරෙන් අහස දකිනවාට වඩා අපහසු කාර්යකි.
මෙම මධ්‍යම පාන්තික කොටස් නොමිලේ දෙන අධ්‍යාපනෙයේ හොඳම කොටස, එනම් ජනප්‍රිය පාසල් අත්පත් කර ගෙන ඇත, එසේම මුදලට දෙන අධ්‍යාපනයේ හොඳම කොටසද භුක්ති විඳී.(උපකාරක පන්ති, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික උපාධි ප්‍රධාන ආයතන, SLIT, NIBM, AQUINAS, NSBM).
මේ නිසා, වෛද්‍ය විද්‍යාල, විශ්ව විද්‍යල වල හොඳම පාථමාලා සේම අර්ධ රාජ්‍ය, සහ සහනදායි පෞද්ගලික පාඨමාලා වල බහුතරයක් සිටින්නේ නාගරික හෝ අගනාගරික මැද පන්තියයි.
නොමිලේ අධ්‍යාපනය බෙදා දෙන උසස් අධ්‍යාපන ආයතන වල ගොවියන්ගේ හෝ කම්කරුවන්ගේ ළමයින් ඇතිනම් එය ඉතා සුලුතරයකි. මෙම තරඟය මගින් ඉතාමත් අසාධාරණ ලෙස බැට කන්නේ හඬක් නැති දුගී දෙමා පියන්ගේ ළමුන්ය.
අන්තරේ කැඳවුම්කරුගේ සහෝදරිය මෙන්ම අනුර කුමාර දිසානායක්ගේ පුතා ඇතුලු සියල්ලන්ම මුදල් ගෙවා ලබාගන්නා අධ්‍යාපනය නම් කුඩු කා ඇත.
එහෙත් ලිප්ටන් වට රවුමේ සිට වොයිස් කට් දෙන විට කවදාවත් කුඩු කා නැතිවුන් මෙන් හැසිරෙති. එ පමනක් නොවේ ලංකාවේ නැති නිදහස් අධ්‍යාපනක් රැක ගන්නට සටන් කරන බව කියති.
මීට දශක කීපයකට පෙර මධ්‍ය මහා විද්‍යාල පදනම් කරගෙන පැවති යම් දුරකට තිබූ නිදහස් අධ්‍යාපනය අද දකින්නට නැත. ඇත්ත වශෙයෙන් අද ශ්‍රි ලාංකික මහ පොලව මත ප්‍රධාන වශෙන් ඇත්තේ මිශ්‍ර අධ්‍යාපනයකි. ඊට අමතරව පසු ගිය දශක දෙක තුන තුල වර්ධනය වූ ජාත්‍යන්තර සහ පෞද්ගලික පාසල් ඇත.
සමාජයේ ඉතා පහල ස්ථරයේ සිසුන් නොමිලේ දෙන අධ්‍යාපනය පමනක් උපයොගී කරගෙන මෙම අධ්‍යාපන තරඟයට මුහුණ දී තම අනාගත අභිවෘද්ධිය සාක්ෂාත් කරගැනීමට උත්සාහ කරයි.(ඔවුන්ට දෙවියන්ගේම පිහිටයි).
ඇත්තටම ඉතා අසාධාරණ ලෙස තමාට ඉහලින් ඇති පන්තීන් ගෙන් සූරා කෑමට ලක්වන්නේ මෙම කොට්ටාශයයි.
SAITM ජාතික ප්‍රශ්නයක් නොවේ – SAITM අරගලය සමස්ථ ශිෂ්‍ය ප්‍රජාව අත්විඳින අනේක විද අර්බුධවල සමාජ ප්‍රකාශනය ද නොවේ .
අපට නොපෙනන මීට වඩා දස දහස් ගුණයක් විශාල අසාධාරණයක් අධ්‍යාපනයේ පවතින බව පහත දත්ත වලින් සනාථ වේ.
අධ්‍යාපනයට වෙන් කරන ප්‍රථිපාදන අඩුකීරීම
මෙම කාරණය පසු ගිය කාලය තුල සාකච්ඡා වූ අතර, කලින් කලට ස්ටේජ් නගින මධ්‍යම පාන්තික බුද්ධිමතුන් බැස ගිය පසු තත්ත්වය පෙරසේම පවතී.
පාසැල් හැර යාම
එක් සමීක්ෂණයකට අනුව, 2009 වසරේදී ළමුන් 45 000 පාසල අත හැර ගොස් ඇත (Dr. M A N Rasanjalee Perera – Senior Lecturer Department of Sociology and Anthropology Jaywwardenapura University) එම ප්‍රමාණය පළමු වසරට ඇතුලත් වන ශිෂ්‍ය ගහනයෙන් 13% පමණ වේ. එනම් සෑම පළමු වසරට ඇතුලුවන ළමුන් දහ දෙනෙකුගෙන් එක් ළමයෙකුට වැඩි ප්‍රමාණයක් ප්‍රාතමික අධ්‍යාපනය නිම කිරීමට පෙර පාසල හැර යයි. වතුකරයේ ජීවත් වන දරුවන්ගෙන් සෑම පස් දෙනෙකුට එක ළමයෙක් පාසල හැරයයි.
ගුණාත්මකභාවය
සමහර වසර වලදී සාමාන්‍ය පෙල විභාගය 50% පමණ අසමත් වේ. මොවුන් එක්කො ත්‍රී වීල් එලවති නැත්නම රස්තියාදු ගසති. පාසල් සහ විශ්ව විද්‍යාල විෂය නිර්දේශ වෙනස් නොවීම නිසා ඉන් පිට වන දරුවාගේ දැනුම රැකියා වෙළඳ පොලට අනුගත නොවීම.
රැකියා වෙළඳ පොල ඉලක්ක නොකෙරුන අධ්‍යාපනය
2014 වසරෙදී 250,000 සරසවි අධ්‍යාපනට සුදුසුකම් ලැබූ අතර සරසවි වරම් ලැබුවේ 2500 පමනි, එනම් 9% පමණි.(UGC statistics 2014). එනම් 91% ශිෂ්‍යන්ට සරසවි වරම් අහිමි වේ.
විශ්ව විද්‍යාල වලට ඇතුල් වන ශිෂ්‍යන්ගෙන් අඩකට වඩා කලා විශයන් හදාරති. එම විෂයපතය රැකියා වෙළඳපොල ඉලක්ක කර හෝ භාෂා ප්‍රමුඛතාවය ගැන අවධානය යොමු නොකරති. අවසානයේ ඔවුන් බෞද්ධ ශිෂ්ටාරය හදාරා රැකියා දියව් කියමින් පිකට් කරති.
අසීමිතව පුම්බන ලද SAITM ප්‍රශ්නය
වසරකට දළ වශයෙන් පලමු වසරට සිසුන් තුන්ලක්ශ විසිපන්දහසක් පමන ඇතුලත් වේ. මෙම සිසුන්ගෙන් වෛද්‍ය අධ්‍යාපනය ලබන්නේ 1500 යයි සිතමු. (2014/2015 medical intake 1255 – UGC ). ඒ අනුව වෛද්‍ය ශිෂ්‍යන් බවට පත්වන්නේ සමස්ථ ශිෂ්‍ය ප්‍රජාවගෙන් 0.004 ට අඩු ප්‍රමාණයකි. ඒ නිසා සමස්ථ ශිෂ්‍ය ප්‍රජාවකට සාපේක්ශව කිසිසේත් ජාතික ප්‍රශ්නයක් නොවේ.
SAITM අහෝසි කිරීම මගින් ඉටුවන්නේ ශිෂ්‍ය ප්‍රජාවෙගෙන් ඉතාමත් කුඩා ප්‍රතිශතයක් වන වෛද්‍ය ශිෂ්‍යන්ගේ අභිමතාර්ථ ඉටු වීම පමණි.
SAITM විරෝධය මේ තරම් ප්‍රභල සමාජ කතිකාවක් බවට පත්වූයේ ඇයි?
පාසල් නොයන වතු දරුවන්ගේ දෙමාපිය සංගම් හො අනාගතේ ත්‍රී රෝද රථ ධාවනය කරන්නන්ගේ මා පිය සංගම් ඔබට හමු නොවනු ඇත. දුශ්කර ප්‍රදේශ වල ඇති, එක ගුරුවරයක් පමණක් සිටින පාසල් වලින් බිහි වූ “ඒක ගුරු අන්තර් විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල අප අසා නැත.
මක් නිසාද යත් සාමාන්‍ය මිනිසාට ගෝචර වන්නේ (කරවනු ලබන්නේ) මනා සේ සංවිධානය වූ මිනිසුන්ගේ හඬ මිස විසිරුන මිනිස් සමූහයක කෙඳිරිය නොවේ. මෙම හඬට සමාජ ආධිපත්‍ය සහ ජනප්‍රිය මාධ්‍ය එකතු වූ කල සමාජය කල්ඹන මහා ඝෝෂාවක් නිර්මාණය කල හැක. එම නිසා අති බහුතරයකගේ අසාධාරණය යට කරගෙන සුලුතරයකගේ අසාධාරණය පමණක් සමාජ ගත වී ඇත.
විශ්ව විද්‍යාල සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් කරන ලද, සමාජ් සමීක්‍ෂණ සහ පර්‍යේෂණ වාර්තා හැරුන විට මෙම ජන කොටසේ දුක් ගැනවිලි සාමාන්‍ය ජනයාගේ පන්චේන්ද්‍රියට ගොචර නොවේ. ඔවුන් සමාජය තුල සංවිධානය වී නැත, සමාජ ආධිපත්‍යක් නැත. සමාජයේ දූවිල්ල වන මොවුන් අපට ස්පර්ශ නෙවේ, පැහැදිලිව දැකීමට අපහසුය. සුලඟ හමන විට පෙනී නැවත නොපෙනී යයි.
මෙම අති බහුතරයේ ශෝකාලාපය, SAITM අහෝසි කරව් හෝ නිදහස් අධ්‍යාපනය රැක ගනිව් යන ජනතාවට පහසුවෙන් තේරෙන සටන් පාඨ වලට ලඝු කල නොහැක.
ඔවුන්ට නිශ්චිත සමාජ සංස්ථා නැති නිසා දේශපාලන පක්‍ෂ ඉව අල්ලන ඡන්ද කුට්ටිය (clear block of votes ) සඳහා වැදගත් නොවේ.
ජ.වි.පෙ හෝ පෙරටුගාමීන් මෙන් තම දේශපාලන අධිකාරියේ අණ පිලිපැද මනස්කාන්ත උද්ඝෝෂන සංවිධානය කිරීමට මෙම හඬක් නොමැති බහුතරයට නොහැක.
ප්‍රශ්නය එහි සාපේක්ෂභාවය ඉක්මවා සමාජ ගත වීමට බලපාන තවත් ප්‍රදාන මනෝ-සාමජික හේතුව නම් වෛද්‍ය වෘත්තිය හා බැඳුන මනෝභාවයයි.
විධායක නිලධාරියෙක්, ඉංජිනේරුවරයෙක් හො ගුවන් නියමුවෙකුට අප තුල ඇති වෙන මනෝභාවයට වඩා වෙනස් මනෝභාවයක් වෛද්‍ය සේවා සපයන මිනිසා තුල දකී.
අධික උශ්නත්වය ඇති දිනක පවා ලිප්ටන් වට රවුමේ පිකට් කරන විට ටයි පටි වලින් බෙල්ල හිර කරන් සිටීම ඔවුන්ගේ මානව කයික විද්‍යා දැනුමේ අඩුවක් නොව ජනයාගේ මෙම මනෝභාවයට ආමන්ත්‍රණය කිරීමකි. එසේම කඳුලු ගෑස්, මාර්ග භාධක, ජල ප්‍රහාරයක අවදානම දරමින් යන විරෝධතා පා ගමන් වලට සායනික වෛද්‍ය සිසුන් භාවිතා කරන සුදු කබා ඇඳගෙන යෑමේ හේතුවද එයම වේ.
නෙවිල් ප්‍රනාන්දු රොහල හෝ SAITM ආරක්‍ෂා කල යුතුද?
කිසි සේත්ම එය ආරක්ෂා නොකල යුතුය. වචනෙයේ පරිසමාප්ත අර්ථයෙන් SAITM යනු හොර උපාදි කඩයකි. කුප්‍රකට රාජපක්‍ෂ සමය තුල සිදුවූ බොහොමයක් දේ මෙන් වංචාවෙන්, බිය ගැන්වීමෙන්, වරදාන දෙමින් SAITM නැමති හොර උපාධි කඩය ස්ථාපිත කරන ලදී.
ශැන්ග්‍රිලා සමාගමට කොලඹ ආරිථික මර්මස්ථාන සින්නකරව සුමාන දෙකකින් ලියාදීම ගැන උදම් ඇනුවේ යම් සේද, උමා ඔය පරිසර වාර්ථාව තමාට ගැති විශ්ව විද්‍යාල මගින් ලබා ලබා ගත්තේ යම් සේද, කුනු කදු ගොඩ ගසා කොලඹ ලස්සන කලේ යම්සේද, රාජපක්‍ෂ ආණ්ඩුව ජනතාවගේ නාමයෙන් නිරුපද්‍රිතව SATM පවත්වා ගෙන ගියේය.
දොස්තර පාදෙනියගේ ඡන්ද ව්‍යාපාරය ජග්‍රහනය කලානම් අදටත නිරුපද්‍රිතව පවතිනු ඇත, සහේලි ගමගේ වැනි දක්ෂ රූමත් වෛද්‍ය ශිෂ්‍යාවන්ට මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් SAITM ශිෂ්‍යත්ව ප්‍රධාන කරනු ඇත.
SAITM ඇතුලු රාජ්‍ය හෝ රාජ්‍ය නොවන සියලු උපාධි ප්‍රදානය කරන ආයතනවලට ප්‍රමිතියක් තිබිය යුතුය. ප්‍රමිතියක් නැති ඉංජිනේරුවන්, ගුවන් නියමුවන්ගෙන් සහ පමණක් නොව, විධායක නිලධාරීන්, ප්‍රතිපත්ති සම්පාදකයන් (Policy makers), රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් (Diplomatic missions) වන හානිය රටක මිනිස් ජීවිත සේම ආර්ථික, සාමාජයික පැවැත්ම විනාශ කරයි.
රාජපක්ෂ සන්නා නාමයෙන් වෙළඳ පොලට පිවිසි SAITM ආයතනයට බැලූ බැල්මට ප්‍රමිතියක් නැති බව සාමාන්‍ය බුදිධියක් ඇති මනුස්සයෙකුට පවා තේරුම් යයි.
තමාගේ අනාගතය, රැකියා සුරක්ෂිතභාවය සහ වෘත්තීය ගරුත්වය ආරක්‍ෂා කරනු වස් සියලුම වෛද්‍යවරුන්ට සහ වෛද්‍ය ශිෂ්‍යන්ට වෛද්‍ය උපාධිප්‍රදාන ආයතනයට විරුද්ධ වීමට අනුලංඝනීය අයිතියක් ඇත.
ඒය එසේ නමුදු, SAITMයන වචනයට මුවා වී මුද්ල් ගෙවා ලබාගන්නා අධ්‍යාපනය නයාට අදු කොල මෙන් ප්‍රතික්ශේප කල යුතු නොවේ. එසේ කරව්, කරව් කියමින් ලිප්ටන් වට රව්මේ පිකට් කරන මනෝ රාජික ප්‍රායොගික නොවන සමාජවාදීන්ගේ සරල සහ පැතලි ලෝක දෘශ්ඨියෙන් වෙනස් මහ පොලවේ පවතින ප්‍රායොගික විසඳුමක් ලබා ගැනීමට නිර්මානශීලී විය යුතුය.
ප්‍රමිතියකින් යුතු මුදලට විකුනන අධ්‍යාපනය මනාසේ කලමනාකරණය කලහොත් බහුතරයක් දුගී දුප්පතුන් වෙනුවෙන් ඇති නොමිලේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වර්ධනය කල හැක. තම දරුවන්ට 100% මුදල් ගෙවා අධ්‍යාපනය ලබාදීමට හැකි දෙමාපියන් දිරිමත් කල යුතුය, මක් නිසාද, අධ්‍යාපනයට වෙන් කරන සොච්චම් මුදලින් යම් ප්‍රමාණයක් ඉතිරි වන බැවිනි. SAITM අහෝසි කිරීම යනු ලංකාවේ පවතින ප්‍රෝටීන් ඌනතාවට සියලුම හෝටලවල මස් මාලු විකිණීම තහනම් කර කොලඹ හතේ සිට සියඹලාණ්ඩුවේ වලහපතාන ගම දක්වා වෙසෙන අයට මස් මාලු සමුපකාරෙයෙන් ගැනීමට නියම් කිරීම වැනිය. සිනහ නොවන්න මෙය වාමාංශිකයන් සහ ජාතිකවාදීන් විසින් මහත් ආඩම්බරයෙන් වැලඳගත් ප්‍රතිපත්තියකි.
සමාජ ආරක්ෂණය පතන කොටස් වලට අධ්‍යාපන අයිතිය ලබාදෙන පිරිවැය සම්පාදනය කරන්නේ පෞද්ගලික ව්‍යවසායකයාගේ ආදායම් බදු වලිනි. බොහෝ රාජ්‍ය විශ්ව විද්‍යාල තම වියදම පිරිමසා ගැනීමට සැලකිය යුතු ප්‍රමාණයක් මුදල් ගෙවිය හැකි සිසුන් බඳවා ගැනේ.
විදේශ ණය මගින් කෑම සපයා ගැනීම, ණයට ගත් මුදිලින් යුද්ධ කිරීම සහ ණයට ගෙන ආර්ථික වටිනා කමක් නැති උපාධිධාරින් බිහි කිරීම නවතා දැමිය යුතුය. අද දවසේ සැබෑ දේශප්‍රේමය එයයි.
Laksiri / August 5, 2017
Good analysis….
/