Colombo Telegraph

ම්ලේච්ඡත්වය​ වන්දනා කරනා මළ මූසල රටක්

ප්‍රියන්ත හේවගේ මාතලන්

ප්‍රියන්ත හේවගේ මාතලන්

මේ ලිපිය ලියන්නට ගොස් කීප වරක්ම පැත්තකට දැම්මේය. එක හේතුවක් නම් ලියූ ළිපි සියල්ලම ඉතා දීර්ඝ මෙන්ම හිත පිරිණු ඒවා නොවීමය. හිතවතුන් කී පරිදි ලියන්නේ නම්, එය මහා පොතක් දක්වා ලියවෙන්නේය. අද කාළයේ බ්ලොග් තුල හෝ කිසිම සමාජ මාධ්‍යක් තුල දීර්ඝ ලිපි වලට තැනක් ඇත්තේම නැතිය. එම නිසා මෑතක බුකිය තුල කතා බහ වූ දෑ ඉතා කෙටියෙන් ලියා දමන්නට උත්සාහ කරමි.

ඉකුත් සතිය පුරාවට දේශප්‍රේමීන්ගේ උන්මාදය ඉහ වහා ගියේය. මියගිය සිවිල් වැසියන්ගේද, සොල්දාදුවන්ගේද (රණවිරුවන්) ත්‍රස්තවාදීන්ගේද ම්ලේච්ඡ හා ජුග්ගුබ්සාජනක අප්පිරිය පොටෝ වලින් බුකිය පිරී ගියේය. මෙව්න් ඡායාරූපයක් පළකල හැක්කෙ ම්ලේච්ඡයකුටම පමණය. එහිදි, ඌ උගත්ද නූගත්ද දුප්පත්ද පොහොසත්ද යන කිසි සේත් බලපාන්නේ නැතිය. මෙවන් තිරිසනුන් කල්පනා කළ යුත්තේ තමන්ගේ ඥාතියකුගේ පින්තූරයක් මෙසේ තම වෝලය මත පළකරනවාද යන්නම පමණය.

සාමාන්‍ය ජනතාව එසේ වන අතර, සියල්ලන්ටම ප්‍රේම කිරීමට කියා දුන් මානවාවදියකුගේ ධර්මයේ ඉහළම නියෝජනය වන, කාදිනල් නම් මී හරකකු රාජිතගේ ප්‍රකාශය​ හෙලා දකින්නේ නම් තව කවර කතාද. මේ මී ගවයාට අනුව ජුදාස්ද පට්ට වීරයකු වන්නේය. අම්මට සිරි ලංකාවේ ගරුත්වයක් හිමි කරගෙන තිබූ එකම ආගමද සුනු විසුණු කර දමනා කාලකන්නියා මොහු බව සාමකාමි කතෝලික ජනතාව වෙනුවෙන් සඳහන් කර සිටින්නේ ඔවුන් කෙතරම් සාමකාමි ජනතාවක්දෝ කියා අත්දැකීමෙන්ම දන්නා බැවිනි.

හිතවත් මානසික ඩොකෙක් සමඟ මේ පිලිබඳ කතා බහ කරනා විට, ඌ පැවසුවේ, උඹ දකිනා දේ මට දකින්න බැරි වීම පිළිබඳ මා ලැජ්ජාවට පත් වෙනවා කියලාය. ඌ පිලිගත්තේද, උගත් දෙයින් රැකියාවෙ නිරත වනවා මිස සමාජය පිළිබඳ ගැඹුරින් සිතා බලන්නට ඌට වෙලාවක් නැති බවය. මිනිසා යනු තවත් සත්වයකු පමණය. මිනිසා තිරිසන් සතුන්ගෙන් වෙන් වන්නේ මොළය පමණක් නොව බුද්ධිය වර්ධනය කර ගත හැකි පිරිසක් නිසාවෙන්ම පමණය. එක එකා කියනා දේ හරිද වැරදිද යන්න තීරණය කර ගැනීමකින් තොරව, කියන්නන් වාලේ පිලිගන්නා එකා, මොන උගතෙක් වූවද, බුද්ධිමතෙක් වන්නේ නැතිය. මාතලන් මෙය කියන්නේ බ්ලොග් ලියන්න ආ කාළයේ පටන්මය. (මාතලන් පොඩි කාළයේ සිට ඉන්නේ මේ මතයේය)

මෑතකදි කොළඹ විශ්ව විජ්ජාලයේ ආචාර්යවරියක් මේ බව ප්‍රසිද්ධියේ කීවේය. ඇය කියන්නේ අපේ රට ඉන්නේ මන්ද බුද්ධික මට්ටමේ ගැට්ටේය කියලාය. ශාක්ෂරතාවය කියන්නේ වෙන දෙයකි. බුද්ධි මට්ටම යනු වෙනත් දෙයකි. ඇය තවත් කරුණක් කියයි. එනම් බුද්ධිමතුන් රට හැර ගොස් ඇති බවයි. මාතලන් එය කිසිසේත්ම පිලිගන්නේ නැතිය. මන්ද ඔය බුද්ධිමතුන් යැයි කියනා අමු ගෝත්‍රිකයින්, රූපවාහිනි චැනල් වලට පැමිණ කියනා කාරනාවලින්. මුන් මහා උද්දච්ච අමු මෝඩයන් බව මනාව ඔප්පු කොට අවසානය නිසාය.

දොරමඩලාව ඊට හොඳම උදාහරණයකි. අනෙක් වැඩ සටහන දෙරණේ “අළුත් පාර්ලිමේන්තුවයි” ජාතිවාද්ය කර පින්නාගෙන යන අමු මහින්දවාදියකු වන මී හරකෙකු මෙහයවන වැඩ සටහනක් බලනා උන්ද අමු මෝඩයෝමය. මා බුද්ධිමත් යැයි කියා සිතාගෙන උන් කිහිප දෙනෙකුද, ඒ වැඩ සටහනට සහභාගී වූ බව ඇසිමෙන් පසු අමු ගෝත්‍රික ගොඩටම දම්මන්නට සිඳු වූයේ ඉතා කනගාටුවෙන්ය.

මෙය ඇත්තටම මෝඩ ජනතාවගේ වරදක් නොවේ. මේ සඳහා සම්පූර්ණයෙන් වග කිව යුත්තේ බන්ඩාරණායක ප්‍රමුඛ සිරි ලංකා නිදහස් පක්ෂය හා වමේ අලුකුත්තේරු මෝඩයන්මය. එදා බන්ඩාරණායකවරුන්ගේ සාටක වල හා සාරි පොටවල එල්ලී රට අද වන විට මහා ව්‍යසනයකට ඇද දමා තිබෙනා මෝඩ තකතීරූ යෝජනා සියල්ලම ගෙන ආවේ, ඉහළ පන්තියේ උන්, වාමවාදී මී හරකුන් බව හොඳින්ම පැහැදිලිය. මේ රටේ දෙමළ දේශපාලුවන් පට්ට ජාතිවාදින් වූ අතර, සිංහලයා තුල ජාතිවාදය පැතිරුවේ මේ පිරිසය. ඉතිරිය අෂ්රොෆ් විසින් ඉටු කර හෙලිකොප්පරෙයෙන් ස්වර්ගයට ගියේය. අද එයද මහා ව්‍යසනයක් වී අවසානය.

කිරිබත්ගොඩ කොටි කොඩි පෑගූ උන් මෙන්ම, ලංකාවේ ජාතික කොඩිය පාගනා දෙමලාටද අප අනුකම්පා කළ යුතුය. මන්ද මුන් මරි මෝඩයෝම වන බැවින්ය. උන් සමහර විට ආර්ථික වශයෙන් මෙන්ම අජ්ජාපනය අතින්ද සාර්ථක උන් විය හැකිය. එහෙත් උන්ට මනුස්සකම උගන්වා නැතිය. එපමණක් නොවේ තරඟයට රණවිරු අනුස්මරන හා විරු සමරු පවත්වන උතුරේ හා දකුණේ දේශපාලුවන් සියල්ලම කරන්නේ රාජිතගේ මතයෙන් බැහැරව ජනප්‍රිය රැල්ලේ ගමන් කිරීමය. මේ අම්බරු දේශපාලුවන්ට නොතේරන දෙය නම් මේ සමරන්නේ තමන්ගේම රටේ ජනතාවකට එරෙහිව කල ඝාතනයන් බවයි. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපයේ උන්ද මේ මගම යෑම ඊටත් එහා ගිය විහිළුවක්ම පමණමය.

අද වන තෙක් මෙවන් ඝාතනයන් සිඳුවීමට හේතූ වූ ඵලයන්ට කිසිම විසඳුමක් ඇත්තේ නැතිය. චේතිය පාලනයක් තුල ඒවා බලාපොරොත්තු වීමද එකම විකාරයක්ම පමණය. දෙමළාට හින්ගල හා හිනගලයාට දෙමළ උගන්වනවාට වඩා, මිනිසත්කම, ආචාරශීලීත්වය, ගුණධර්ම කියාදෙන පාඩම්, විස්ස විජ්ජාල ඩිග්‍රිය දක්වා ඇත්තේ නැතිය. අනේ ඈම් වෙරි සොරි, ප්ලීස් එක්ස්කියුස් මී, තෑන්ක්ස්, යූ ආර් වෙල්කම්, රෙස්පෙක්ට් යූ, වී ආර් හියුමන්ස්, ඉට්ස් නොට් එතිකල් යන දේ හිනගලෙන් හෝ ඉන්ගිරිසියෙන් තබා කුමන භාශාවකින් වත් ඇත්තේ නැතිය.

වෙන රටවල මැනර්ස් උගන්වන්නේ හෝඩියේ පන්තියේ සිටය. තමන්ගේ දේ තමා විසින්ම කර ගැනීම මෙන්ම. අනෙකාට ගරු කිරීම, උදව් කිරීම, කන්ඩායම් හැගීම, සියල්ලා කියා දෙන්නේ ප්‍රායෝගිකවමය. පාරේ යන හැටි රටේ නීතිය. නීතී ගරුක වීම සංවරත්වය කියා දෙන්නේ කින්ඩගාර්ඩන් එකේ සිටය.

මෙහේ හදන්නේ මොකෙක්ද? පර දෙමලා හා තම්බියා මරමු කියනා මහා බෞද්ධ හිංගලුන්ය. දෙමළාටද උගන්වන්නේ දුටුගැමුණු වීරයෙක් කියලාය. එවා ඔප්පු කිරීමට හදා ගත් සුරංගනා කතා රස කර කර කියා දුන්නද, දුටු ගැමුණු එළාර මරා දැමූ බව මිස, එළාර වෙනුවෙන් සොහොනක් සාදා එයට ගෞරව කිරීමට නියෝග කළ බව පොඩි උන් දන්නේ නැතිය. උන් දුවන්නේ උගත් රේස් එකේය. මනුස්ස කම නැත.

මේ ඇර මෙවන් පිරිස් ඉතා හොඳින් අධ්‍යයනය කළ විට පෙනී යන කරුණු ගනනාවක් අතරේ, තව්ත් කරුණු දෙකක් වන්නේ, දෙමාපිය සෙනෙහස නොමැතිවීම හා ලිංගික අසහනයයි. ලිංගික අසහනයද දෙවිදියාකරයකින් බලපානවාය. ප්‍රතම කරුණ ලිංගික කටයුතු සඳහා තදබල ආශවක් ඇතත් එය ඉටුකරගැනීමට නොහැකිව ලතවන ලිංගික ඇරියස්කාරයන්ය. අනෙක් පිරිස ලිංගික කටයුතු වල නිරත වූවද, අනෙකාගේ හැඟීම් වලට ගරු නොකරනා රෙප්සිස්ට්ලා හා ඇබියුසස්ලාය. මේ දෙපිරසම අති දරුණු ඝනයේ සමාජ පිලිලයන්ය. වැඩි පිරිස හින්ගල බෞද්ධයෝය. මොවින් ලිංගික ක්‍රියාවලියේදී අති දරුණු ලෙස ක්‍රියාකරන බව හොඳින් ඔප්පුවේ.

දැන්, සම හරක් මාතලන් මේවා දන්නේ කොහෙන්දෝ කියනා මරි මෝඩ ප්‍රශ්ණය අසනවා නොඅනුමානය. එක එකා මොන මොන දේ කීවද, මට නම් අත්නර්ජාලයේය අනි සියලුම ක්ෂේස්ත්‍රයන්ට වඩා මිනිසුන් ගැන සමාජය ගැන රට ගැන ලෝකය ගැන උගෙන්ගැන්මට ඇති විස්ස විජ්ජාලය බුකියම බව කියා මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනවාය.

Back to Home page