20 April, 2024

Blog

සමානාත්මතාවය, සමලිංගික සේවනය සේ දකිනා මී හරක් 

ප්‍රියන්ත හේවගේ මාතලන් –

ප්‍රියන්ත හේවගේ මාතලන්

ඕනෑම දේකට බයවෙනා ෆෝබියා කාරයෝ ලෝකයේ වැඩියෙන්ම ඉන්නා රට කුමක්ද කියා සමීක්සොනයක් කරනවා නම්, අම්මට සිරි ලංකාව ඒ සමීක්සොනයේ මුලටම ඉන්නා රට ලෙස කප් එක ගන්නා බව මාතලන් කියන්නේ අදක ඊයෙක සිට නෙමේය. තමන් විසින් මවා ගන්නා ෆෝබීයාවන්, ප්‍රසිද්ධ මතය ලෙස ඉදිරිපත් කොට තහවුරු කීරීම ජයටම කෙරීගෙන යන්නේ, මේ ආන්ඩුවේ ඇති අකාර්යක්ෂමතාවය මෙන්ම, ගස් ගල් වඳිනා නායකයින්, පාලකයින් ලෙස පත් කරගෙන සිටිනා නිසාවෙන්මය.

ඒවා සමාජ ගත කරන්නේ ආසිරි වනිගරත්නලා, සුමනයලා හා හක් ගෙඩි කාරයන්ම පමණක් නොවේ. රටේ ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතනවල ඉතා ජනප්‍රිය වැඩසටහන් මෙහෙය වන්නන් මෙන්ම, වෙබ් සයිට් හා ෆේස්බුක් වල ඉන්නා උන්ද කිසි අවුලක් නැතිව ඒවා කරගෙන යන්නේ, කිසිඳු අවහිරතාවයක් නැතිවමය. කරුමය කියන්නේ, මේවා ආගම් හා ජාති බේදය ඇති කිරීමට සීමා නොවි, ආන්ඩුව කිරීමට යන ඉදිරිගාමී වැඩසටහන් වලටද කොක්ක අදිනා එකය. රටේ මහ එකා සිසුන්ට ටැබ් ලබා දීම විකාරයක් ලෙස සලකනා අමන රටක, එවන් දේ සිද්දවීම එකාතකට පුදුම සහගත කාරනාවකුත් වන්නේ නැතිය.

තින්ක් ඊක්වල්” නම් ආයතනයක්, විසින් තමන්ගේ වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට තෝරාගෙන ඇති රටවල් අතරින් එකක් වන අම්මට සිරි ලංකාවේ, එම වැඩ සටහන සමලිංගික අධ්‍යාපනය ලබා දෙන වැඩ සටහනක් ලෙස හුවා දක්වමින්, අමූලික අසත්‍ය පතුරුවමින්, ඒවාට පහර ගැසීම. “ලංකා සී නිව්ස්” විසින් ආරම්බ කර ඇති අතර. ඒ පිළිබඳව කිසිවක්ම නොදන්නා ඕනෑම එකෙක් සිතන්නේ මුන් කියන්නේ අමූලික ඇත්තමයි කියලාය.

ඔවුන් මේ වන විට, අමූලික කෙප්ප ළිපි දෙකක්ම පල කොට අවසානය. මේ ලින්කු වල ඇත්තේ එම ළිපිය..

සමලිංගික ජීවිතේ රස රට පුරා පෙර පාසලේ සිට හතේ පන්තිය තෙක් උගන්වයි… වියදම අගමැති කාර්යාලයෙන්..

කරුමය නම්, මේ චෝදනාවන්ට ලක් වන අග්‍රාමාත්‍ය කාර්යාලය හෝ කිසිවකු මේ පිළිබඳ ප්‍රති උත්තර සැපයීමක් කරලා නැති එකය. ආන්ඩුවේ පත්තර වල, රේඩියෝ වල, ටැලිවිසොන් වල ඉන්නා උන් මේක හදාගෙන තියෙන්නේ, මේ වැඩ සටහන හඳුන්වාගෙන තිබෙන්නේ ලිංගික සමානාත්මතාවය පාසල් වල පොඩි උන්ට ඉගැන්වීමට යාමක් ලෙසය. ඉතින් මේවා ගැන ඇත්ත කියන්න වෙලා තියෙන්නේ, අතින් දීලා හරක් බලා ගන්නා අපි වාගේ පශ්චාත් භාගයේ අමාරුවක් තිබෙනා උන්ටය. නැතිනම් සිද්ද වෙන්නේ, ටැබ් වලට කෙලියා වාගේම, සහජීවනය ඇති කිරීමට මහත්සේ උපකාරි වන මෙම වැඩසටහනද, මී හරකුන්ගේ කීම පිට ගමරාල විසින් ඉඩමේ ගිනි ගොඩක් ගසා ගිනි තබලා දමනා එකය.

එම සංවිධානයේ වෙබ් අඩවියෙහි, ලිංගික සමානාත්මතවයක් ගැන හෝ පචවංශගේ පචෝරිස්ලා වපුරුවනවා වාගේ, ඇල් ජී බී ටී රයිට්ස් (LGBT Rights) ගැන හෝ අබ මල් රේණුවක සඳහනක් ඇත්තේ නැතිය. ඔවුන්ගේ එකම පරමාර්තය, ලෝකයේ ඇති මානව හිමිකම් උල්ලංගනය කිරීම්, අයහපත් සාම්ප්‍රදායික ඉගැන්වීම් හා අගතිගාමි අධිකරණ ක්‍රමයන්ගෙන් තොර, යහ ගුණ සම්පතින් පිරි දරු පරපුරක් නිර්මාණය කිරීම බව ඉන්ගිරිසි යාන්තමින් හෝ දන්නා ඕනෑම ගොනෙකුට තේරෙනා කරුනක්ය. (අනෙක් කරුණ නම් ඇල් ජී බී ටී රයිට්ස් ඉගැන්වීම වරදක් වන්නේ කෙසේද යන්නයී)

සහජීවනය ගැන උදේ හවා පාරම් බානා ජනාධිපතිවරයකු යටතේ මෙවන් ක්‍රියාදාමයක් ආරම්බ වන්නේ නම්, එය රටේ අනාගතය වෙනුවෙන් ගන්නා මහා පුණ්‍යකර්මයක් වනවා පමණක් නොව, අනාගත පරපුර මහත් සේ අගය කරනා අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක්ද වන්නේය. නුවර සිද්දීන් හා සම්බන්ධයෙන් ලියනා ලද ළිපියක මා සඳහන් කළේ, මහ උන් විසින් දරුවන්ට කියා දිය යුත්තේ, දෙමළා හ තම්බියා සතුරකු ලෙස සැලකීම නොව, උන්ද අප හා අතීතයේ පටන් ජීවත් වනා සහෝදර ජාතින් බවය. මේ වැඩ සටහන මගින් කරන්නේද එයමය.

දෙමළාට හින්ගල බලෙන් ඉගැන්වීමවත්, හිංගලායට දෙමළ බලෙන් උගන්නලාවත් සහජීවනය ඇති කරන්න පුළුවන් කියා හිතනවා නම් ඒ තරම් ගොන් කමක් තවත් ඇත්තේ නැතිය. ඉගැන්විය යුත්තේ එකිනෙකාට ගරු කළ යුතු ආකරයය. ගොඩ නැගිය යුත්තේ, එකිනෙකා කෙරෙහි සැකයෙන් බලනේ නැති අනෙකාගේ සඟිස්කුරුතුයට හා භාෂාවට ගරු කරනා සහෝදරාතමක සමාජයක්ය.

ඇත්ත වශයෙන්ම මෙවන් දේ පාසල් තුල අති කිරීමට පෙර ඇති කළ යුතු තවත් බොහෝ දෑ ඇති මුත්, ඒවා මේ කපේදී නොවනා දේ උනත්, හොහේදෝ යන බූරුවෙක් දවසක මෙහෙම ලියලා තිබුනා කියා දැන ගැන්මට හෝ රටක් වශයෙන් දියුණු වීමට නම් පහත සඳහන් කරුණු අප අජ්ජාපන ක්‍රමය තුල අනිවාර්යයෙන් ක්‍රියාත්මක විය යුතු යැයි කියා සිතනා හේතුවෙන්, ඔන්නොහේ ලියලා දමනවාය.

සියළුම පාසල් මිශ්‍ර පාසල් කල යුතුය

යටත්විජිත සමයේ ආරම්බ කල මිෂනාරි පාසල් ක්‍රමය අදටත් ජනප්‍රිය පාසල් වල පවා ක්‍රියාත්මක වේ. මේ සියළුම පාසල්, මිශ්‍ර පාසල බවට පත්කලායුතු අතර, අසුන් ගැනීම පවා මිශ්‍ර ආකාරයෙන් කළ යුතුය.

තමන් කැමති සැහැල්ලු ඇඳුම් හා කොන්ඩා විලාසිතාවලින් සැරසිමට ඉඩ දිය යුතුය

මේ ඇඳුම් ගැන ප්‍රශ්ණය ඇත්තේ, මහ උන්ට මිස පොඩි උන්ට නොවේ. කවරයෙන් පොත මනින්නේ, මහ උන් මිස පොඩි උන් නොවේ. එක එක ආකරයේ ඇඳුම් ආයිත්තම් වලින් සැරසි පැමිනෙනා මොන්ටිසෝරි දරුවන්ට එවා ගැටලුවක් නොවනාතර, ඒවා ගැටළුවක් වී ඇත්තේ පාසල් තුල ෆැෂන් සෝ කරනා මහ උන්ට හා තමන්ගේ දරුවා එහි ගොදුරක් කරනා මහ උන්ටය. අප කුඩා කාලයේ යහළුවන් ආශ්‍රය කළේ ඇඳුම බලලා නොවේ. මේ සඳහා විරුද්ධ වන උන්ගෙන් මාතලන්ට අහන්නට තිබෙනා එකම ප්‍රශ්ණය නම්, නුවර ගිනි තැබූ උන් මෙන්ම, රට තුල ආගම් බේද ජාති බේද වපුරනා කාළකන්නින් සියල්ලම, පාසල් නිල ඇඳුම් ඇන්ද උන් නොවේද කියා පමණි.

දෙමව්පියන් පාසල් පැමිණීම සම්පූර්ණයෙන් නවතා දැමිය යුතුය. 

සරළවම කියනවා නම් පාසල් කියනා ආයතනය තියෙන්නේ සිසු දරුවන්ට මිස දෙමාපියන්ට නොවේ, ඔවුන්ට පාසල් යාමට ආසාවක් ඇත්නම්, එක එක කෝස් කරනා පන්තියකට හෝ අමාරුව අහෝසි කර ගැනීම සඳහා “ඉන්ට කෝස්” කර ගන්නා තැනකට ගියාට කිසි අවුලක් ඇත්තේ නැතිය. අද පාසල දෙමාපියන්ගේ කෝළම් මඩුවක් වී අවසානය.

අනෙක් කරුන නම් දරුවා පාස්ල තුල ඉන්නේ, අති දරුණු පීඩනයකින්ය. උන් දන්නවා, උන් නිදහස් නෑ, අම්මා ගේට්ටුව ළග ඉන්නවා, බත් ටීකක් කටේ ඔබලා ආයේ කොහේට හරි දක්කගෙන යන්න කියලා. මේක දරුවන්ට එල්ල කරන දැඩි පීඩනයක්. දෙමාපියන් නොසලකන සමාජයක් බිහි වීමට මූලික හේතුවක් වෙලා තියෙන්නේ මේකය. දරුවන් දෙමාපියන් හා ඉන්නේ දැඩි වෛරයකින්ය. [ඕනම නම් දරුවන්ගෙන් අහන්න. (මොළ සුද්ද කළ දරුවන්ගෙන් නොවේ.)]

පහේ සිස්සත්වය අහෝසි කළ යුතුය

අද මේ විභාගය නම් කරලා තියෙන්නේ “උගෙ අම්මගෙ විභාගය” කියලාය. මේ විභාගය දරුවන්ට කොතරම් පීඩාවක් ඇති කරනවාද කියා කිසිවකුට හෝ සොයා ගැනීමට අවශ්‍ය නම්, විභාගය අවසානයේ ශාලවෙන් පිටතට එන දරුවන්ගෙන්, “දැන් පුතා මොකක්ද හිතෙන්නේ…?” කියා විමසීමම පමණක් ඇතිය. එසේ විමසා ඇති එකෙක්, දරුවන් ලබා දෙන උත්තරය හොඳින්ම දන්නවා ඇතිය.

8-9 ශ්‍රේණී දක්වා පවතින සියළුම ටියුෂන් කඩ වසා දැමිය යුතුය

පාසල තුල නිසි අජ්ජාපනයක් ලබා දෙන්නේ නම් ටියුෂන් කඩ කිසි සේත් අවශ්‍ය නොවනාතර, කුඩා දරුවන් පාසල් කාලයෙන් පසු පාසල් නිළ අඳුම් පිටින්ම මහ රාත්‍රිය වෙන තෙක් පාරේ තොටේ දක්කාගෙන යාම ළමා අයිතිවාසිකම් අමු අමුවේ උල්ලඃගනය කිරීමකි. දරුවා කැමති නම් පමණක්, පාසල් විශයෙන් භාහිර දෙයකට සතියට එක දිනක් සහභාගී වීමට ඉඩ සලසා දිය යුතුය.

කුඩා දරුවන් සහභාගි වන සියළුම ආකාරයේ රියැලටි වැඩ සටහන් සියල්ල නවතා දැමිය යුතුය.

මෑතක මා දුටු දෙයකින්, මේක රටක්ද එහෙම නැත්නම් වෙනත් බක්කක්ද කියා සිතුනේ, ස්වර්ණා මල්ලවාරච්චි වැනි අග්‍රගන්‍ය නිලියක් පොඩි කොල්ලෙක් අමුඩය්ක් ගසා පුක එලියේ දමා කරනා විගඩමක් දෙස බලා සිටිනවා නැරඹිමෙනි. ඇයට තිබුනේ වහාම එතනින් නැගිට යාමයි. තරඟ වලින් පරදිනා දරුවන්ගේ අඬෝවැඩියාවන් දැකලාවත් මුන්ට ඒවා නවත්වා දැමීමට සිත් නොදෙන්නේ, එවායෙන් එන සල්ලි නිසාවෙන්මය. මෙම වැඩ සටහන් වලට සහභාගි වන සියළුම වැඩිහිටියන්, “ළමා අපරාධකරුවෝය”. “ජජ් බෝඩ්” වල ඉන්නා උන්, “ළමා ලිංගික අපචාරකරුවෝ” හෙවත් පීඩපයිල් (pedophile) පොරවල්ය.

මේ පිළිබඳ හඬක්, වෛද්‍ය බෝධිනී සමරතුංග නම් මාගේ හිතවතිය විසින් නගා තිබුනද, එය ලත් තැනම ලොප් විය. අවශ්‍යම නම් අප ළමා කාළයේ තිබූ “හඳ මාමා” වැඩ සටහන වැනි වැනි වැඩ සටහන් ප්‍රවර්ධනය කළ යුතුය. දරුවන් අතර තරඟ ඇති කිරීම කාළකන්නි ක්‍රියාවකි.

8-9 ශ්‍රේණීන් දක්වා පවත්වනු ලබන සියළුම තරඟ හා විභාග නවතා දැමිය යුතුය

කුඩා දරුවන් තුල තඟකාරිත්වය ඇති කිරීම කිසිසේත්ම සුදුසු ක්‍රියාවක් නොවේ… අගය කිරීමක් කළ යුත්තේ දරුවන්ගේ නොව ගුරුවරුන්ගේය. අතීතයේ පැවති ගුරුවරුන් මැන බැලීමේ ක්‍රමය යලිත් ඇති කළ යුතුය. අජ්ජාපනය ලබා දිය යුත්තේ ඉගෙනීමට දක්ෂ සිසුනට නොව, අදක්ෂ සිසු දරුවන්ටය.

ආගම පාසල් විශය තුලින් ඉවත් කල යුතුය

මෙය විග්‍රහ කිරීමට, මෑතකදි මොලයක් ඇති හාමුදුරු නමක් දෙසු බණ පමණක්ම සෑහෙනවාය. උන් වහන්සේ දෙසා වදාලේ මෙපමනය..

//මේ රට විනාශ කළේ

පාලකයෝ සහ පුජකයෝය..//

කැමති එකෙක් දහම් පාසල් යැව්වාට අපේ අවුලක් ඇත්තෙ නැතිය. ඊහෙත් “කැමත්ත” දෙමාපියන්ගේ නොව දරුවාගේ විය යුතුය..

සාමාන්‍ය පෙළ දක්වා ඇති විශයයන් ප්‍රමාණය අඩු කළ යුතුය

අපේ රටේ ඉන්නේ ඉතා බුද්ධිමත් ප්‍රජාවක් බව මෑතක කරනා ලද සමීක්ෂණයකින් ඔප්පු වී ඇත. එනයින් අප දෙවනි වන්නේ ඊශ්‍රායලයට පමණි. එහෙත් 1948 දීම නිදහස ලැබූ උන් ඉන්නේකොතනකද, අප ඉන්නේ කොතනකද යන්න ඕනෑම ගොනෙකුට තේරෙනා කරුණක්ය. එසේ සිඳුවීමට ප්‍රධානම හේතුව නම්, අපගේ මරි මෝඩ අජ්ජාපන ක්‍රමය හා ආගමයි.

අනෙක් කරුන නම් අපේ දන්නා දෙකුත් නැති, නොදාන්න කෙහෙල්මලකුත් නැති ජාතියක් වීමයි. ඒ නිසා අනවශ්‍ය මළ මගුල් පාසල් විශය මාලා තුලින් වහාම ඉවත් කොට, නවීන ලෝකයට දරුවන් පෙල ගස්වනා අජ්ජාපන ක්‍රමයකට වහාම යා යුතුය. මේ පවතිනා ක්‍රමයෙන් නම් කරන්නේ, විශ්වයෙනුත් එහා දකිනා දරුවන් පිරිසක් බිහි කිරීමක් නොව, ගල් යුගයේ පට්ට ගෝත්‍රිකයින් පිරිසක් හා හද්ද පරණ වනපොත් කට පාඩම් කල උගත් පෙත්තප්පුලා පිරිසක් බිහි වීමම පමණි.

කෙටියෙන්ම කියනවා නම්, දරුවන්ට දරුවන් ලෙස ජීවත් විය හැකි, සුන්දර ළමා කාළයක් ගත කිරීමේ නිදහස නීතී මගින් හෝ වහාම ගෙන ආ යුතු අතර, එසේ නොකරන්නේ නම්, එක එකා හා වෛර බඳිනා, මිනිස් ගති ගුණ අහිමි, තිරිසනුන් පිරිසක් බිහිවීම කිසිවකුටත් වැලක්විය නොහැකි දෙයක්ම වන බව පමණක් කියා, මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනවාය.

*මාතලන් අවුරුදු ගාණක් ලියපු කතා කියවන්න ඕනේ කියල හිතන අය මෙතනට අනින්න

Print Friendly, PDF & Email

Latest comments

  • 5
    0

    Unfortunately None of these ideas never gonna happen in this shithole country

  • 4
    1

    මාතලන් බාවිතා කරන භාෂා විලාශය තරමක් අමුතු වුනත් ලිපියේ ලියා ඇති කරුණු නම් කෝටියක් වටිනා ඇත්තම ඇත්ත වේ. හැබැයි ඉතින් මේ කාලකණ්ණි අසමජ්ජාතිකයන් ඉන්න රට නම් වෙනස් වන්නේ නැත. මේ රටේ දරුවන්ට කරන අපරාධවලට හෙණ පිට හෙණ වැදී රටම විනාස වී යා යුතුය.

    • 0
      0

      Thanks dear friend…

  • 1
    0

    That is true. Reality shows wreck child lives. who wants to make a political issue on sme sex involvement. why don’t they do it inside and bring it to the stage ? Are you a minister’s son and you are trying to become a MP.why your father is not that powerful ?

    • 1
      0

      :)

  • 0
    1

    සමලිංගික පාසල් වල ඉගැන්වීම අනවශ්‍ය . ලිංගිකතත්වය පටන් ගන්නෙ සමලිංගික යිනි. පසුව සාමාන්‍ය වේ. අපි කාටත් මේ අත්දැකිම නැද්ද. දැනට අමතකය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.