27 April, 2024

Blog

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සංවර්ධනයට අත දෙන හැටි

රුසිරිපාල තෙන්නකෝන් –

රුසිරිපාල තෙන්නකෝන්

මෙය සත්‍ය කරුණු හා තොරතුරු අනුව සකස් කරන ලද ලියවිල්ලකි. නම් සහ තනතුරු නාම පමණක් මනඃකල්පිත වේ.

මධ්‍යම පළාතේ, නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ දැනට පවත්වාගෙන යනු ලබන රාජ්‍ය අනුමැතිය සහිත කුඩා ජල විදුලි ව්‍යාපෘතියකි. මෙගා වොට් 1.5 ක විදුලි නිෂ්පාදන ධාරිතාවක් සහිතව 2008 වසරේ පටන් ජාතික විදුලිය පද්ධතියට මෙම ව්‍යාපෘතිය විදුලිය සපයමින් සිටී.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරෙන අවධියේදී එහි විදුලිය සැපයීමේ රැුහැන් වලට සමීපව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වගාකර තිබූ පයිනස් වගාව මේ වන විට හොඳින් වැඞී මෝරා තිබෙන අතර, විදුලිය රැුහැන් පද්ධතියට ඉතා සමීපව පිහිටි සමහර ගස් කඩා වැටීමේ හෝ ඉදිරී වැටීමේ තර්ජනයට භාජනය වී ඇත. මෙම ගසක් ස්වභාවික විපත් යටතේ හෝ වෙනත් ආකාරයකට ඉදිරී වැටුනහොත් ජාතික විදුලිය පද්ධතියට ව්‍යාපෘතියෙන් නිෂ්පාදිත විදුලි බලය සැපයීමට බාධා ඇති වන්නේ ය. එය රජයටත් ව්‍යාපෘතිය පවත්වාගෙන යන ආයෝජකයන්ටත් පාඩු ඇති කිරීමට හේතු වේ.

මෙම තත්ත්වය පැහැදිලි කරමින්ද, එල්ල වී පවතින අනතුර අවධාරණය කරමින්ද, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට අදාල ව්‍යාපෘතියේ කළමනාකාරීත්වය 2015.06.12 දිනැතිව ලිපියක් යවමින් එම පයිනස් ගස් කීපය ඉවත්කර දෙන ලෙසට ඉල්ලා සිටී. වන සංරක්ෂණ (වන විද්‍යා හා වන කළමනාකරණ) විසින් 20145.06.24 දිනැතිව ලිපියක් මගින් අදාල කාරණය පිළිබඳව වාර්තාවක් නොපමාව සපයන ලෙසට දක්වමින් මහනුවර දිසා වන නිලධාරී වෙත ලිපියක් යවයි. එම ලිපියේ පිටපත් (මධ්‍යම/ඌව) කලාප නියෝජ්‍ය වන සංරක්ෂක වෙතද ඉල්ලූම් කර සමාගම වෙතද යවයි.

අනතුරුව කීප වතාවක්ම දිසා වන නිලධාරී වෙත කරුණු දක්වා සිටි නමුත් කිසිම පියවරක් ගත් බවක් වාර්තා වී නැත. එම නිසා 2017 ජුලි මාසයේදී කලාප වන සංරක්ෂක වෙත ලිඛිතවත් දුරකථන මගිනුත් දැනුම් දෙමින්, ගස් ඉවත් කිරීම සම්බන්ධයෙන් දැරීමට සිදුවන සියලූ වියදම් දැරීමට ව්‍යාපෘති ආයෝජක සූදානම් බවද සඳහන් කර සිටී.

ඉන් පසුව දිසා වන නිලධාරී කාර්යාලයෙන් නිලධාරියෙක් පැමිණ අනතුරුදායක ගස් සලකුණු කොට ඒවා ඉවත් කිරීමට කටයුතු කරන බව දැනුම් දෙන ලදි.

එහෙත් 2018 ජනවාරි අවසානය දක්වාත් මේ පිළිබඳව කිසිම පියවරක් නොගත් බැවින් ව්‍යාපෘති ආයෝජකයින් 2018.02.07 දාතම යටතේ වන සංරක්ෂක, අදාල අමාත්‍යවරයා, ජනාධිපති ලේකම් සහ අල්ලස් හා දූෂණ කොමසාරිස් කාර්යාලය යන ආයතන වලටද දැනුම් දෙමින් අවශ්‍ය පියවර ගනිමින් අදාල රාජකාරි කටයුත්ත නිම කරදෙන ලෙසට අභියාචනයක් ඉදිරිපත් කරන ලදි.

මෙම ලිපිය යැවීමෙන් පසුව …………………. දින දිසා වන නිලධාරී කාර්යාලයෙන් බව පවසමින් නිලධාරීන් දෙදෙනෙක් පැමිණි අතර, ඔවුන් 2005 දී ව්‍යාපෘතිය ආරම්භ කරන අවස්ථාවේ ගස් කපා ඉවත් කිරීමේ තොරතුරු යනාදී අදාල නොවන විස්තර හා සංඛ්‍යාලේඛන දුරකථන මගින් ඉල්ලා සිටින ලදි.

ව්‍යාපෘති ආයෝජකයාට අවශ්‍ය වූයේ දැනටමත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අනතුරුදායක බවට හඳුනාගෙන සලකුණු කරන ලද ගස් කීපය ඉවත් කිරීමට පමණක් බවත්, වෙනත් අවශ්‍ය විස්තරයක් වෙතොත් ලිඛිතව ඉල්ලා සිටින ලෙසත් එම නිලධාරීන් දෙදෙනාට දන්වන ලදි. ඔවුන් දෙදෙනාගේ විලාෂය හා ආකල්පය අනුව පෙනී ගියේ ඔවුන් පැමිණ ඇත්තේ අනතුරුදායක බවට හඳුනාගන සලකුණු කර අති ගස් කීපය ඉවත්කර දීමට පියවර ගැනීමට නොවන බවත්, ව්‍යාපෘතිය ආරම්භක අවස්ථාවේදී සිට තොරතුරු එ්කරාශී කර ගනිමින් කිසියම් ගවේෂණයක් කිරීමට බවත් පෙනීගියේ ය.

පැහදිලි ලෙසම ව්‍යාපෘති ආයෝජකයා විසින් මෙම කාරණ්‍ය සම්බන්ධයෙන් 2015 සිට ඇතිවී තිබෙන ප‍්‍රමාදය ගැන ඉහල තැන්වලට දැනුම් දීම සම්බන්ධයෙන් මෙම නිලධාරීන් උරණ වී ඇති බවත් එනිසාම අදාල කාරණය ගැන පියවර ගැනීම වෙනුවට ව්‍යාපෘති ආයෝජකයින්ගෙන් පලි ගැනීමට ඉඩ කඩ සොයමින් සිටින බවක් පෙනී යයි.

ජාතික වැදගත්කමක් සහිත ව්‍යාපෘතියකට එල්ල වී ඇති අනතුරුදායක බවක් මඟහරවා ගැනීම සම්බන්ධයෙන් මෙම රාජ්‍ය නිලධාරීන් දක්වන ආකල්පය හා සැලකිල්ල නින්දා සහගත බව අමුතුවෙන් කිව යුතු නැත.

බොහෝ විට මේ රටේ රාජකාරි ඉටු කිරීමේ ප‍්‍රමාදයන් සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ දේශපාලකයින්ටය. නමුත් දේශපාලන මැදිහත්වීම් නොමැතිව සිදුවන මෙබඳු ක‍්‍රියාදාමන්ද තිබෙන බව පිළිගත යුතුය. ගතමනාවක් උපයා ගැනීමට හෝ තම රාජකාරිය ඉටු කිරීම සම්බන්ධයෙන් තිබිය යුතු වගකීම ගැන නොතැකීමෙන් හෝ සිදුකරන මෙබඳු කටයුතු ඉදිරියේ ජනතාව පීඩාවට පත් වෙමින් සිටින බව අමුතුවෙන් කිව යුතු නැත. ජනතා වැටුපෙන් සිය අඹුදරුවන් පෝෂණය කරන රාජ්‍ය සේවකයිනි, තමාගේ පන්තියේ ජනතාව වෙනුවෙන් වත් මෙබඳු නින්දිත ආකල්පයන්ගෙන් මිදී රට වෙනුවෙන් සිය රාජකාරිය ඉටු කිරීමේ වැදගත්කම අවබෝධ කර ගැනීම සුදුසුය.

ගසක් කා ඉවත් කිරීමට රාජකාරිමය අනුමැතිය කලට වේලාවට ලබා නොදීමෙන් ජාතික ආදායමට ඇතිවිය හැකි අයහපත් ප‍්‍රතිඵල මොවුනට නොපෙනේ. ඔවුන් පාලනය කරන ඉහල නිලධාරීන්ටද නොපෙනේ.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.