
අම්මට සිරි ලංකාවේ ගීත කලාව එකේක ජතියේ කැටගරීස් වලට බෙදි යන අතරේ… වඩාත්ම ජනප්‍රිය කැටගරි එක වන්නේ වියෝ ගී හෙවත් විරහ ගී යැයි කියා කීවොත්, මාතලන් වැරදි නැතිය.. ඒවායෙත් මුලින්ම මතකයට එන්නේ කරුණාරත්න අබේසෙකරයන් ලියූ, ජේ ඒ මිල්ටන් පෙරේරා ගායනා කළ, සුමදුර ගීත ගොන්නය. මම සිතන්නේ මිල්ටන් පෙරේරා වැඩි පුරම ගයා ඇත්තේත් ඒවන් ගීතමය. ඊට පස්සේ අපේ කාළයේ මිල්ටන් මල්ලවාරච්චිගේ විරහ ගී, අපේ පෙම්පත්වල පවා නොඅඩුවම තිබුනේය.
ඒ කාළයේ විරහ ගී කියපු උන් අපිව ඇඬෙව්වේය. ඒකට දැන්.., විරහ ගී කියන එකාම හොටු පෙරාගෙන අඬනවාය. ඒ කාලේ වියෝවේද් රසයක් තිබු නමුත්, දැන් කාලේ වියෝව ජෝක් එකක් වෙලා ඉවරය. ඒ වාගේම දේශපාලන වියෝ ගීතයන්ගේ තත්වයද එසේමය. ඒ කාලේ ප්‍රේමයෙන් වියෝ වූවන් පාර්ලිමෙන්තුවද දමා ගෙදර ගිය නමුත්. දැන් ඉන්න උන් වෙන එකෙක් එක්ක දියවන්නා ගේ අතුලේම සිටිනවාය. නිකන් සිටිනවා නම් හිතට දුකක් නැතිය. උන් මෙතෙක් හිටපු එකාට කින්ඩියත් දානවාය.
යහපාලනේ ආපු ගමන් කවුදෝ එකෙක් කීවේ “හිට්ලර් ගියා චැප්ලින් ආවා කියලාය”. මාතලන්ටත් එය වැටහුනේ යහපාලනය පැමිනිලා දවස් දෙකක් යන්නටත් කලියෙන්ය. යහපාලනය යනු කිසිම විශන් මිසන් නැති ප්‍රොපගැන්ඩාවක් බව තේරුම් ගන්නට බෝල්පොයින්ට් පෑනෙත් අත්සන් කොට නිදහස් මන්දිරයේ නටපු නාඩගමම හොඳටෝම ඇතිය. අද බෝල්පොයින්ට් පෑන් ඇත්තේ නැතිය. බෙලෙක් පිඟානේ කෑ සරළ මිනිස්සත් ඇත්තේ නැතිය. ඒ වෙනුවට ඉන්නේ පට්ටාතල් දෙන, ජෝකර් කෙනෙක්ය. උන්නැහෙට රට තියා පැනලා බාරගත්ත පක්ෂයවත් පාලනය කර ගන්නට බැරිය.
මෙවන් තත්වයක් තුල රට බල්ලාටම යමින් තිබෙන්නේය. කරුමය කියන්නේ බල්ලන්ට යන්න රටක් නැති වීමය. පාස්පෝට් කන්තෝරුවේ ඕල් කන්ට්‍රීස් පාස්පෝට් ඇත්තේත් නැතිය.. ඕල් කන්ට්‍රීස් වලට යන්න වෙලා තියෙන්නේ මිඩ්ල් ඊස්ට් පූස් පාට් එකෙන්ය. නීත්‍යානූකූල පාස්පෝට් එකක් දෙන්න බැරි ආන්ඩුවකින්, තව මොන රෙද්දක් බලා පොරොත්තු වෙන්නදෝ කියා හිතෙනවාය.
ඕනෑම තැනක නිසි නායකත්වයක් නැත්නම් ඉන්න හැම එකාම පිස්සු කෙලිනා එක අහන්න දෙයක් නෙමේය. රට හැම අතින්ම බංකොලොත් වෙලාය. සංවර්ධනය කියා දෙයක් සිඳු වෙයි නම් ඒ සියල්ල රාජපක්ෂ යුගයේ ඒවාය. මිනිසුන් දැන් නායකයෙක් සොයමින් සිටිනවාය. දකුණෙන් හිට්ලර් කෙනෙකුත්, උතුරෙන් ප්‍රභාකරන් කෙනෙකුත් ඉල්ලන්නේ ඒ නිසාය. හිට්ලර් ඉල්ලු උන්වහන්සේ මෙන්ම, ප්‍රභා ඉල්ලූ විජයකලාද කරන්නේ පිස්සුවක් වුවද, ඒ කියන්නේ කුමක්දැයි කියා අපි සිහි බුද්ධියෙන් යුතුව විමසා බැලිය යුතුය.
යහපාලනයේ ප්‍රධාන පොරොන්දුවක් වූයේ ජනවාර්ගික ගැටළුවට (ඇත්තටම එහෙම එකක් ඇත්තේ නැතිය.. තියෙන්නේ දරිද්‍රතාවය පිළිබඳ ගැටළුවකි..) විසඳුමක් දෙනවා කියන එකය. දැන් විජයකලා කියන්නේ ඉඩම් නිදහස් කිරීම කීපයක් ඇර, පොරොන්දු වූ කිසිවක්ම මේ නායකයා ඉටු කළේ නැතෙයි කියාය. ඒ කතාව සහතික ඇත්තය. එපමනක් නොව, ඇය කියන්නේ රටේ කිසිවකට උත්තර නොසොයා, පක්ෂයක් බදාගෙන ඉන්නවා කියලාය. ඒ කතාවත් සහතික ඇත්තය. සංවර්ධනය ගැන කතා කරන්න එහෙම එකක් ඇත්තේම නැති නිසා ඒ ගැන ලියනා වචනයක් පවා අපතේ යැවීමක්ය.
යහපාලනය මාරයි කියා කඩේ යන මොලේ අන්ජබජල් සෙට් එකක් තවමත් ඉන්නවා වෙන්න පුළුවන්ය. එයාලා මාර ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් තියෙනවාය කියා හෙන ටෝක් එකක් දෙනවාය. නමුත් මිනිසුන් ඉන්නේ මේ බහුරූ කෝලම් දෙකම එපා වෙලාය. කරන්නම දෙයක් නැතිව, තවත් මුදල් තොගයක් කාබාසීනියා කර දැමීමට එකෙක් “ග්‍රාම ශක්ති” කියා තොවිලයක් නටන අතරේ, තා එකෙක් “ගම්පෙරලිය’ කියා බඩකඩිත්තුවක් නටනවාය. රජයේ නිළධාරින් හා කරනා කිසිම කටයුත්තක්, මුදල් කාබාසීනියා කර දැමීමක් මිස, සත පහක සංවර්ධනයක් සිඳු නොවනා දේවල් බව මෙතක් කළ කී දෑ සියල්ලෙන්ම අවබෝධ වී අවසානය.
මේ ඇවිල්ලා චන්දයකට පෙර එන කස කරුවෝය. ජහමනයා ඕවා වලින් රැවටූ කාළය අවසානය. මිනිසුන්ට එපා උනොත් එපා උනාමය. ඔයිට වඩා දේවල් දුන් මහින්දව මිනිසුන් විසින්ම එලවා දැමුවා මිස, ඔවුන් එලවා දැමුවේ බටහිර ක්‍රමන්ත්‍රණ කරුවන්වත් ඇමරිකන්කාරයාවත් ඉන්දියාවවත් නොවේය.
දැන් දකුණට මෙන්ම උතුරටත් මේ විගඩම් එපා වෙලා තිබෙනා බව විජයකලා ඊයේ මුලු ලොවටම හඬගා කීවේය. ඇය පට්ටා ගැසුවේ සිරිසේන පමණක්ම නොවේය. වේදිකාවේ උන් උතුරේ මහ ඇමතියාද එජාපයේ මහ ලොකු පොරවල්ගේද සරම ඔලුවෙන්ම ගලවා දැමුවේය.
මේ බොරුකාරයන් සියල්ලටම වඩා තම ස්වාමි පුරුෂයා මරා දැමුවා යැයි චෝදනා එල්ලවූ ප්‍රභාකරන් හොඳ යැයි ඇයට කියන්නට සිඳු වීම පිළිබඳව ලැජ්ජා විය යුත්තේ ඇය නොව ඇයට මෙන්ම උතුරේ ජනයාට අදටත් පුක පෙන්වනා සිංහල හා දෙමළ දේශපාලුවන්මය.
දැන් නම් ඉතින් යහපාලනයට බල්ලෙක්වත් ඇත්තේ නැතිය. මෙවන් අසාර්ථක පාලනයක් ලක් ඉතිහාසයේ කිසි දිනෙක තිබුනා කියා අප අසා නැත්තේය. එය ඒ තරම්ම අපුලය.. අප්පිරියය..
ප්‍රේමය හා වෛරය අතර ඇත්තේ කෙස් ගහක දුර යැයි කව්දෝ කියා ඇත්තෙය.
වියෝවෙන් වැලපී සැනසෙන්නන් මෙන්ම, වෛරයෙන් පලිගන්නා උන්ද සිටිනා බව මතක් කරමින් මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනවාය.
වියෝවූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්
හැඞූදා කඳුලයි දකින්නේ
සිනාවේ සරදම්
ඉවුරු දෑලේ හිඳ බැලූ විට ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගඟුලම බිහිසුණුයි චන්ඩයි