Colombo Telegraph

සිංහල-බෞද්ධයන්, හමුදාවේ වියදම සහ දෙමළ ජනතාව

ආර්. ඇම්. බී. සේනානායක

ආර්. ඇම්. බී. සේනානායක

රටක් වශයෙන් රාජ්‍යයේ භෞමික අඛණ්ඩතාව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා ලංකාවේ ආණ්ඩුව දෙමළ ජනතාව දිනාගත යුතුව තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තුළ ජනතාවගේ අනුමැතිය රාජ්‍යයකට තිබිය යුතුය. ජනතාව යනු, මොන තරම් විශාල වුවත්, රටේ වෙසෙන වාර්ගිකාගමික බහුතරය පමණක් නොවේ. රටේ ජනගහනයෙන් සියයට 70 ක් සිංහල-බෞද්ධයන් ය. එහි අදහස වන්නේ, සියයට 30 ක සදාතනික සුළුතරයක් රටේ වෙසෙන බවයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් සියළු පුරවැසියන්ට පවරා ඇති මූලික අයිතිවාසිකම්, බහුතරය මගින් තීරණ ගැනීමේ ක‍්‍රියාවලිය තුළ උල්ලංඝණය කළ නොහේ. ඒවා වෙනස් කළ නොහැකි අයිතීන් ය. මන්ද යත්, එම අයිතීන්, මොන ආගමකට හෝ ජාතියකට අයත් වෙතත්, නිසගයෙන් පුරවැසියාට හිමිවන හිමිකම් මිස, රාජ්‍යයකින් දෙන දෙයක් නොවන බැවිනි.

එහෙත් රටේ නීතිය සහ ව්‍යවස්ථාව තුළ මෑතක දී කරන ලද සංශෝධන හේතුවෙන්, බල විභජනය, තුලන=සංවරණ සහ අධිකරණයේ ස්වාධීනත්වය වැනි මූලික ධර්මතා ද, සෑම පුරවැසියෙකුටම- දුප්පත් හෝ පොහොසත් වේවා, දේශපාලඥයන් හෝ පුරවැසියන් වේවා, සොල්දාදුවන් හෝ සිවිල් වැසියන් වේවා- සියල්ලන්ට එක සමාන විය යුතු නීතියේ ආධිපත්‍යය වැනි පරම කොන්දේසි ද ඉවත් කෙරී තිබේ. මෙකී ආයතනික ආරක්ෂණයන්ගෙන් තොරව, රටේ පුරවැසියන්ගේ මූලික අයිතීන් සඳහා රැුකවරණයක් නොලැබෙන්නේය.

සදාකාලිකව කොන් කළ හෝ පිටමං කළ ජන කණ්ඩායම් රාජ්‍යයක සිටිය නොහේ. රාජ්‍යය යනු වියුක්ති පැවැත්මකි. සංයුක්ත වශයෙන් එය නියෝජනය කෙරෙන්නේ, පාලක දේශපාලන පක්ෂයක් හෝ පක්ෂ විසිනි. වර්තමාන පාලකයන්, කරන්නේ දේශපාලන වරදාන සැපයීමෙන් සුළුතර දේශපාලන පක්ෂ තමන් තුළට අනුයුක්ත කරගැනීමකි. එහෙත්, දෙමළ ජනතාවගේ බහුතරය නියෝජනය කරන ‘දෙමළ ජාතික සන්ධානය’ එවැනි වරදාන දීමෙන් අනුයුක්ත කරගත හැකි නොවේ. අඩු වශයෙන්, ඔවුන්ගේ ජනතාවගේ අයිතීන්ට ගරු කරමින් එම අයිතීන් ආරක්ෂා නොකරන තාක් කල්, එවැන්නක් කළ හැකි නොවේ.

දෙමළ ජනතාව නියෝජනය කරති යි කියාගන්නා දෙමළ දේශපාලඥයන් කිහිප දෙනෙකු ආණ්ඩුවෙන් නඩත්තු කෙරේ. එහෙත් ඒ විහිළුව ජාත්‍යන්තරයට ගිල්ලවීමට නොහැක. ශ‍්‍රී ලංකාවේ රාජ්‍යයට වර්තමානයේ දී හිමිකම් කිව හැක්කේ, සිංහල-බෞද්ධ බහුතරයක අනුමැතියට පමණි. ඇත්තෙන්ම අද අසන්නට ඇත්තේ, වාර්ගික සහ ආගමික සුළුතර ජන කොටස්වල මැසිවිලි නැගීමකි. භාෂාව, අධ්‍යාපනය, රැකියා අවස්ථා සහ සිවිල් නිදහස සම්බන්ධයෙන් තමන්ට අසාධාරණයක් සිදුව ඇති බවට, පසුගිය පනස් වසරක් තිස්සේම දෙමළ ජනතාව චෝදනා කරති. නීතිය පවා තමන් කෙරෙහි දක්වන්නේ වෙනස් සැළකිල්ලක් බව ඔවුහූ පෙන්වා දෙති.

තමන් සඳහා වෙනම රාජ්‍යයක් උතුරු-නැගෙනහිර පිහිටුවා ගැනීම සඳහා දීර්ඝ වූත්, කෲර වූත් යුද්ධයක් ඔවුන් දියත් කර තිබුණි. ඔවුන් එසේ කෙළේ, බලය බෙදා හැරීම සඳහා වන සාමකාමී සාකච්ඡුා වසර 30 ක් තිස්සේ ගෙන යාමෙන් අනතුරුව ලද අසාර්ථකත්වයකින් පසුව ය. අවාසනාවකට මෙන්, ඔවුන්ගේ සන්නද්ධ අරගලය, බෞද්ධ භික්ෂූන් සහ පූජණීය ස්ථානවලට පවා එල්ල කළ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයන්ගෙන් දැදුරු වුණි. නිර්දය යුද්ධයක් සඳහා රටේ බහුතර ජන වර්ගය පෙළගැස්වීමට ආණ්ඩුවට උදව් වුණේ එම ක‍්‍රියාකලාපයයි. 1945 එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියට අනුගත වන බටහිර රටවල සහාය ද ඒ හේතුව නිසාම ආණ්ඩුවට ලැබුණි. එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් කිරීමෙන්, බටහිර වෙසෙන දෙමළ ප‍්‍රජාවෙන් අරමුදල් එකතු කිරීම වැළැක්වීමෙන් සහ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අවි ගනුදෙනු අඩාල කිරීමට තුඩුදෙන බුද්ධි තොරතුරු ලංකා ආණ්ඩුවට සැපයීම ආදියෙන් එම සහාය පළවුණි. 2009 මැයි මාසයේ දී නිශ්චිතවම එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජයට පත්වුණි. රාජ්‍යයේ භෞමික අඛණ්ඩතාව යළි ස්ථාපිත කෙරුණි.

එහෙත්, දෙමළ ජනතාවගේ අනුමැතිය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අවශ්‍ය කෙරේ. ආයුධ අතට ගැනීමට ඔවුන්ව තල්ලූ කළ ඒ දුක්ගැනවිලි සැළකිල්ලට ගෙන ඒවා ඉවත් කිරීම අත්‍යාවශ්‍ය විය. එනිසා ආණ්ඩුව අදාළ නිර්දේශ ලබා ගැනීම සඳහා ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’ පිහිටෙව්වේය. එහෙත් එම කොමිසමෙන් දෙන ලද නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමේ දී ආණ්ඩුව පැත්තෙන් අද දකින්නට ලැබෙන්නේ, කකුල පස්සට ඇඳීමකි. ඒ වෙනුවට, සංවර්ධනය කෙරෙහි අවධානය යෙදීමට ආණ්ඩුව යොමු වී සිටී. අභ්‍යන්තර අවතැන්වීමට පත් ජනතාවට නැවත පැමිණීමට හැකි වන සේ බිම්බෝම්බ ඉවත් කිරීම සහ පළාතේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා මුදල් වැය කිරීම ඊට අන්තර්ගතයි.

දෙමළ ජනතාව කෙරෙහි සැකයක් පෙන්නුම් කරන ආණ්ඩුව, උතුරේ විශාල වශයෙන් හමුදාව නතර කොට ඇත. දෙමළ ජනතාවගේ ස්වේච්ඡුා සහාය දිනාගනු වෙනුවට ආණ්ඩුව බලන්නේ, ඔවුන්ගේ මොනයම්ම හෝ දේශපාලනික අදහස් උදහස් ප‍්‍රකාශයට පත්වීමක් වෙතොත් එය මර්දනය කිරීමට යි. සිවිල් පරිපාලනය අධීක්ෂණය කිරීමට අතගැසීම සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තුළ වැසියන්ට පැවරෙන ප‍්‍රකාශනයේ නිදහස ඔවුන්ගෙන් අහිමි කිරීමට කැසකැවීම ගැන ශ‍්‍රී ලංකා හමුදාව අද චෝදනාවට ලක්වෙයි. මේ සන්නද්ධ හමුදාවන් අධි=ආරක්ෂිත කලාප වශයෙන් තම ඉඩම් අත්පත් කරගෙන ඇතැ යි ඒ ප‍්‍රදේශයේ අවතැන්වූවෝ චෝදනා කරති.

එම ජනතාව අතරේ ඇතැ යි ආණ්ඩුව විශ්වාස කරන ‘දෙමළ ජාතිකවාදයක්’ මැඩලීම සඳහා සිවිල් ජන ජීවිතයට නිරතුරුව මැදිහත් වෙමින් ඔවුන්ගේ පුද්ගලික ජීවිත ආක‍්‍රමණය කරන පොලිස් රාජ්‍යයක් හමුදාව මගින් පවත්වාගෙන යන බවට පැමිණිලි තිබේ. ස්වකීය පක්ෂ කාර්යාල ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයන්ට ලක්වන බවටත්, ‘නාඳුනන’ ප‍්‍රහාරකයන් තමන්ට නිරතුරුව අඩන්තේට්ටම් කරන බවටත්, දෙමළ ජනතා නියෝජිතයෝ චෝදනා නගති. මෑතක දී දෙමළ පුවත්පත් කාර්යාල විනාශ කෙරුණි. මේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන්හි පරමාර්ථක කුමක් වෙතත්, එයින් සිදුවනු ඇත්තේ දෙමළ ජනතාව අතරේ දැනටමත් පවතින බිය සැක තවත් පෝෂණය කිරීමත්, එම ජනතාව අතරේ ලංකා රජය, හමුදාව සහ සිංහල ජාතිය පිළිබඳ බරපතල අපවාදයක් ඇතිකොට, රාජ්‍යයට එරෙහි විරෝධය උග‍්‍ර කිරීමකි. මිනිසුන් ජීවත්වන්නේ පාන්වලින් පමණක් නොවන බව බයිබලය කියයි. සමානයන්ට සේ තමන්ට සළකනු දැකීමටත්, ව්‍යවස්ථාවෙන් සහතික කෙරෙන මූලික නිදහස භුක්ති විඳීමටත් දෙමළ ජනතාවට අවශ්‍ය වන්නේය. කෙනිහිලිකම්වලින් තොරව ජීවත් වීම ඔවුන්ගේ අභිලාෂයයි. ඔවුන්ට ආරක්ෂාව සැපයීම රාජ්‍යයේ වගකීමයි. එම ආරක්ෂාවත්, මූලික නිදහසත් සැපයීමට අසමත් වන රාජ්‍යයක්, ඔවුන්ගේ අවනත භාවය ඉල්ලා සිටීමට ඇති සදාචාරමය අයිතිය නැති කරගන්නේය. දැන් පෙනෙන්ට තිබෙන්නේ, පරණ ඉතිහාසය නැවත දිග හැරීමකි. 1956 දී ගාලූ මුවදොර පිටියේදීත්, පසුව යාපනේ කච්චේරී භූමියේදීත් සාමකාමී දෙමළ සත්‍යග‍්‍රහකරුවන්ට පහර දුනි. ඊට අදාළ කිසිවෙකු නීතිය ඉදිරියට ගෙනාවේ නැත. ‘සත්‍යග‍්‍රහ’ වැනි අවිහිංසාවාදී මාර්ගවලින් සිය අයිතිවාසිකම් දිනා ගැනීමට දෙමළ ජනතාව ගත් ප‍්‍රයත්නයන් දෙස සිංහල=බෞද්ධ බහුතරය බැලූවේ අවඥාවෙනි. මේ ප‍්‍රශ්නවලට පිළිතුරු සෙවීම සඳහා දෙමළ දේශපාලන පක්ෂ සමග සිංහල නායකයන් එළැඹුණු සෑම සම්මුතියක්ම පසුව නොසලකා හැරුණි.

රාජ්‍යයක්, ජාතිය හෝ ආගම ගැන නොසලකා, සකල වාසීන්ට සමානයන් සේ සැළකිය යුතුය යන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිළිගැනීමයි. ජාතියක් සමන්විත වන්නේ කෙලෙසින් ද යන්නවත්, ස්වයං-නිර්ණ අයිතියක් කෙසේ අභ්‍යාස කළ යුතු ද යන්න ගැනවත් පොදු එකඟතාවක් නැතත්, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරී බල සහිත ස්වයං-නිර්ණ අයිතිය පවා ‘ජාතියකට’ ඇතැ යි, එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගනී. දෙමළ ජනතාව ඒ කියන වර්ගයේ ‘ජාතියක්’ වශයෙන් පිළිගැනුනත් නැතත්, ඔවුන් සඳහා යම් ආකාරයක බලය බෙදාහැරීමක් අවශ්‍ය කරන බව පිළිගෙන තිබේ. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ එය ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට ද ඇතුළු කොට ඇත්තේය.
තම නියෝජිතයන් සාධාරණව, නිදහසේ තෝරා ගැනීමට ඉඩ හැරීමෙන් සහ හමුදාවේ මැදිහත් වීමකින් තොරව උතුරු පළාත් සභාවට ක‍්‍රියාත්මක වීමට ඉඩ හැරීමෙන්, ආණ්ඩුව දෙමළ ජනතාවගේ විශ්වාසය දිනාගත යුතුව තිබේ. හමුදාව, බැරැුක්කවලට සීමා කළ යුතු අතර, නීතිය හා සාමය රැුකිය යුත්තේ පොලීසිය මගිනි. ෆෙඩරල් රාජ්‍යයක දී මෙන්, ජාතික පොලීසියේ භූමිකාව ඉවත් කළ යුතු නැතත්, අඩු වශයෙන්, අපරාධ පරීක්ෂණ සහ අපරාධ වැළැක්වීම වැනි සාමාන්‍ය පොලිස් කර්තව්‍යයන් සම්බන්ධයෙන්වත් ප‍්‍රාදේශීය පොලීසිය පළාත් සභාවට වගකීමෙන් බැඳ තබාගත යුත්තේය. එසේ නොවුණහොත් සිදුවන්නේ, ස්වයං-නිර්ණ අයිතිය පිළිබඳ ඉල්ලීම, එක්සත් ජාතීන්ගේ අවධානයට ලක්වන තෙක්මත්, පෝක් සමුද්‍ර සන්ධිය හරහා නැවත නැවතත් රැුව්පිළිරැුව් දීමයි. යුද්ධය හරහා එක්සත් කෙරුණු භූමිය, උතුරේ ජනතාවගේ සිත්සතන් රටේ සෙසු ජනතාව සමග එක්සත් කිරීමෙන්, සජ්ජිත කළ යුතු වන්නේය.

එපමණක් නොව, ආර්ථික බරපැන බරපතල වන හෙයින් විශාල හමුදාවක් නඩත්තු කිරීමට අපට පුළුවන් කමක් නැත. යෝධ අයවැය හිඟයක් සහිත රාජ්‍යයකට විශාල හමුදාවක ආර්ථික බර නොදැරිය හැකි බව කාලයා විසින් පෙන්නුම් කරනු ඇත. රජයේ බදු ආදායම ඉහළ නංවා ගැනීමත්, පොදු සුභසාධනය සඳහා කරන වියදම් කපා හැරීමත් පහසු නැත. දෙමළ ජනතාව සමග සංහිඳියාවක් ඇති කර ගැනීම, හමුදා වියදම අවම කර ගැනීමට මග පාදන්නේය.

*2013 අපේ‍්‍රල් 22 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The Sinhala-Buddhists, The Cost Of The Army And The Tamil people ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page