20 October, 2020

Blog

අනුග‍්‍රාහක රාජ්‍ය පාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොවේ

ආර්. එම්. බී. සේනානායක –

ආර්. එම්. බී. සේනානායක

බලය බෙදාහැරීම තුළින් ජනතාව සවිබල ගැන්වීමක් නොවන බව, ‘ඬේලි මිරර් පුවත්පතට ලියමින් කියා සිටින එස්. එල්. ගුණසේකර, බලය බෙදාහැරීමෙන් සිදුවන්නේ, ජාතික මට්ටමේ දේශපාලඥයන් වෙනුවට පළාත් මට්ටමේ දේශපාලඥයන් විසින් බලය අභ්‍යාස කිරීමක් පමණක් බව පෙන්වා දෙයි. එය සැබෑවකි. එහෙත්, එසේ වන්නේ ඇයි? ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් සඳහා අවශ්‍ය කරන ආයතන තවදුරටත් අප සතුව නැති නිසා ය. ජනතාවගේ නිදහස සහතික නොකෙරෙන්නේ නම් සහ රාජ්‍යකරණයට හුදෙක් බහුතරයේ නොව, සකල ජනතාවගේ සමාන සහභාගීත්වය ලබා නොගැනෙන්නේ නම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය අර්ථ විරහිත වන්නේය. හරිහමන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයකට, නූතන ආයතන පද්ධතියක් තිබිය යුතුය. ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු නූතන පරිණාමයකි. ඇතන්ස් නුවර ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන්, වහ ̈න් සහ ගැහැනුන්ව පිටමං කොට තිබුණි. මෑතක් වන තෙක්, ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන්, කල්ලන්ව පිටමං කෙරුණි.

ස්වාධීන අධිකරණයක් පමණක් නොව, සිවිල් සහ මිලිටරි නිලධර තන්ත‍්‍රයක් ද, ආයතන පද්ධතියට ඇතුළත් වෙයි. ඒ ආයතන පද්ධතිය ක‍්‍රියාත්මක විය යුත්තේ, කලින් ස්ථාපිත කරගත් නීතිරීති සහ ක‍්‍රියාපරිපාටි අනුව මිස, දේශපාලන විධානයන් යටතේ කටයුතු කරන හෙංචයියන්ගේ හිතුවක්කාර සිතැඟියාවන් මත නොවේ. ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැනනැංගේ, නිලධර තන්ත‍්‍රයකින් නීතියකට අනුව මෙහෙයැවෙන ආණ්ඩුකරණයක වර්ධනයත් සමගිනි. එහි දී වුව ද අවශ්‍ය කරන්නේ, තාර්කික සහ නෛතික නිලධර තන්ත‍්‍රයක් මිස, දේශපාලනික අනුග‍්‍රාහකත්වය යටතේ ක‍්‍රියාත්මක වන නිලධර තන්ත‍්‍රයක් නොවේ.

නෛතික හා තා ර් නිලධර තන්ත‍්‍රයක්

වැඩවසම් යුගයේ රාජ්‍යකරණය මෙහෙයැවුණේ නිලධර තන්ත‍්‍රයකින් නොව, රාජ සේවකයන් සහ බලය හෙබැවු රදළ සහපිරිවරක් විසිනි. මේ රදළ සහපිරිවර සහ රාජ සේවකයන් පත්කරනු ලැබුවේ, ඔවුන්ගේ පෙළපත් සහ පවුල් පසුබිම මත මිස, රාජ්‍ය කළමනාකරණය කිරීමේ හැකියාවක් හෝ ප‍්‍රවීණත්වයක් ඔවුන්ට තිබුණු නිසා නොවේ.
රාජ්‍ය කෘත්‍යයන් සඳහා කුසලතා මත නිලධාරීන් පත්කිරීම පළමු වරට ඇරැුඹුණේ චීනයෙනි. විධිමත් නිලධර තන්ත‍්‍රයක ප‍්‍රථම උත්පාදකයෝ ඔවුහූ ය. ඔවුන් පිළිබඳ මූලික ලක්ෂණ, මැක්ස් වෙබර් විස්තර කොට තිබේ. මෙවැනි නිලධාරීන්, කුසලතා අනුව පරීක්ෂණයකින් තෝරාපත් කර ගැනුණු අතර, රජතුමාගේ හෝ රදළයන්ගේ නියෝග මත නොව, නිලධාරීන්ගේ විශේෂඥ ඥානය මත කටයුතු කිරීමේ නිදහස ඔවුන්ට පැවරීම ද එහි දී කැපී පෙනේ. එය, වෙනම පරිපාලන පැලැන්තියක් විය. චීනයෙන් පසු මේ නිලධාරීවාදී මූලධ3⁄4ම අනුකරණය කෙළේ රෝම අධිරාජ්‍යය තුළයි. අනතුරුව, ස්පාඤ්ඤ, පෘතුගීසි, ලන්දේසි සහ ඉංග‍්‍රීසි යටත්විජිත අධිරාජ්‍යයවලට ද එය පැතිරුණි. කෙසේ වෙතත්, ස්පාඤ්ඤ සහ පෘතුගීසි අධිරාජ්‍යයන් තුළ අනුග‍්‍රාහක නිලධර තන්ත‍්‍රයක් තිබුණු අතර ඔවුන්ගේ නිල කාලය පිළිබඳ සහතිකයක් ද නොවුණි. මේ නිසා, ස්වකීය වරප‍්‍රසාද සහ තනතුරු රැක ගනු වස් එම පංතිය එකට කල්ලි ගැසීම, ‘හෙංචයි නිලධර තන්ත‍්‍රයක්’ වශයෙන් හඳුන්වනු ලැබේ.

කෙසේ වෙතත්, ඉංග‍්‍රීසි යටත්විජිත නිලබල ක‍්‍රමය, පුරාතන චීනයේ ‘මැන්ඩරීන්’ ක‍්‍රමය මත ස්ථාපනය විය. මේ ප‍්‍රතිපත්තිය, එංගලන්තයේ රාජ්‍යකරණය තුළත්, ඔවුන් සතුව පැවති ඉන්දියානු අධිරාජ්‍ය තුළත්, පරිපාලන පංතියක් වෙනම නිර්මාණය කර ගැනීමෙන් ක‍්‍රියාවේ යෙදැවුණි. එහි ප‍්‍රතිඵලය වුණේ, එම අධිරාජ්‍යය යටතේ පැවති රටවල් නිදහස දිනා ගැනීමෙන් පසු අර කියන ‘මැන්ඩරින්’ සම්ප‍්‍රදායයේ වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් ආයතන පද්ධතියක් තම තමන්ගේ රටවල ද ඇති කර ගැනීමයි. ඇමරිකාවේත් මුලින්ම ඇති වුණේ, අනුග‍්‍රාහක නිලබල ක‍්‍රමයකි. ඇමරිකාව නූතන නිලධාරී ක‍්‍රමයට අවතීර්ණ වුණේ 1883 න් පසුව පමණි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු නිලධාරී පැලැන්තියට උඩින් බලය අභ්‍යාස කිරීම

බි‍්‍රතාන්‍යයන්ගෙන් උරුම වූ නිලධාරී ක‍්‍රමය, නිදහසින් පසු ඉන්දියාවත් අනුගමනය කෙළේය. එහෙත් ශ‍්‍රී ලංකාවේ දී, වැඩියත්ම සිංහලෙන් අධ්‍යාපනය ලත්, නූතන ආණ්ඩුක‍්‍රම ව්‍යුහයන් ගැන දැනුමක් නැති, ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සැබෑ වටිනාකම් නොදන්නා, නව දේශපාලන පැලැන්තියක් බිහි විය. ඔවුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අර්ථකථනය කෙළේ, ජනතා නියෝජිතයන් වශයෙන් තමන්ගෙන් පාලනය වන ක‍්‍රමයක් වශයෙනි. නිලධාරී තන්ත‍්‍රයේ බලය නොරිස්සු ඔවුහූ, සිය පක්ෂය මාර්ගයෙන්, අගමැතිවරයා සහ මැති ඇමතිවරුන් මා3⁄4ගයෙන්, දිස්ත‍්‍රික් මට්ටමින් සහ ඊට පහළින් ස්වකීය අභිමතය අභ්‍යාස කිරීමට රුචියක් දැක්වූහ. තමන්ගේ අභිමතයට අනුගත නොවන නිලධාරීන් මාරු කර යැවීමට සහ රජයේ දෙපාර්තමේන්තු සහ කච්චේරිවල කටයුතුවලට ඇඟිලි ගැසීමටත් ඔවුහූ කැමැත්තක් දැක්වූහ.

රාජ්‍ය පරිපාලනයේ පරාභවයේ එක් ආරම්භයක් එයයි. එහෙත් බොහෝ නිලධාරීහූ මේ පීඩනයට විරෝධය පෑහ. නීතිය අනුව කටයුතු කිරීමට ඔවුහූ පියවර ගත්හ. ඔවුන්ව සේවයෙන් පහ කිරීමට දේශපාලඥයන්ට හැකියාවක් නොවුණි. ඇමතිවරුන්ට සහ අගමැතිවරයාට වුව එවැන්නක් කළ නොහැකි විය. මන්ද යත්, ඒ සඳහා වෙනම රාජ්‍ය සේවා කොමිසමක් තිබුණි බැවිනි. එසේ වෙතත්, විධායකයේ ඉල්ලීම මත ඔවුන්ව මාරු කර හැරීමේ හැකියාව තිබුණි. අසාධාරණ දේශපාලන බලපෑම්වලට හිස නොනැමූ රාජ්‍ය නිලධාරීන්ව, ඒ අනුව, මන්ත‍්‍රීවරුන්ගේ බලපෑම යටතේ තනතුරුවලින් ඉවත් කොට, කාටත් නැති අමාත්‍යාංශ ‘සංචිතයට’ ගාල් කෙරුණි. අවසානයේ සිදුවුණේ, දේශපාලන තෙරපීම යටතේ, සිවිල් සේවාව අහෝසි කිරීමයි. ඒ වෙනුවට, ඊට වඩා පුළුල් පරිපාලන සේවයක් ඇති කෙරුණි. එහෙත්, ඒ පරිපාලන පැලැන්තියට, කලින් තිබුණු සිවිල් සේවයේ පැවති ගරුත්වය සහ රාජ්‍ය සේවයේ සුපිරි උරුමය හිමි වුණේ නැත. 1972 දී බලයේ සිටි ආණ්ඩුව, රාජ්‍ය සේවා කොමිසමේ ස්වාධීනත්වය නැති කොට, නිලධාරී තන්ත‍්‍රය දේශපාලන විධායකයේ සෘජු පාලනයට යටත් කරගත්තේය. ඉන් පසු බිහි වුණේ, අනුග‍්‍රාහක-හව්හරණ පතන, ‘හෙංචයි’ නිලධාරී තන්ත‍්‍රයකි. මේ නිලධාරී තන්ත‍්‍රය ඇමතිවරුන්ට කඬේ යාමට පුරුදු වූ අතර ඇමතිවරුන් ද පෙරලා ඔවුන්ව ආරක්ෂා කිරීමට පුරුදු විය.

ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලංකාවේ වර්ධනය වුණේ 1956 න් පසුව පමණි. එහෙත් වෙනත් රටවල මෙන් නොව, ලංකාවේ දී, ඊට අත්‍යාවශ්‍ය නෛතික, තාර්කික පරිපාලන මෙවලමක් වන නිලධාරී තන්ත‍්‍රය ලංකාවේ සෝදාපාළු වී තිබුණි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංවර්ධනයට සහ ආර්ථික ප‍්‍රගතියට නිලධාරීවාදය බාධකයක් ය යන විශ්වාසය මත, හිතාමතාම නිලධාරීවාදයේ ගෙල සිර කෙරුණි. මේ මතයට වඩාත්ම අනුග‍්‍රාහකත්වය දැක්වූවෝ වම්මු ය. හේතුව, ධනපති ආණ්ඩුවකට ඔවුන්ගේ තිබුණු නොකැමැත්තයි. 2005 සිට ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඌරුවත් මකා දැමුණි. පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය, නීතියට අනුව පාලනය සහ සමානාත්මතාව වැනි නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආවශ්‍යක ලක්ෂණ එතැන් පටන් ¥රිභූත කෙරී ඇත. එහි ප‍්‍රතිඵලය වී ඇත්තේ, නමට පමණක් රාජ්‍ය ආයතන වශයෙන් පවතින, මදයක් නැති කට්ටක් පමණක් හෙවත් හරයක් නැති ආකෘතියක් පමණක් ඉතිරි වීමයි.

නිපුණත්වය අවශ්‍ය කෙරෙ

එහෙත් ආණ්ඩුවකට නිපුණ නිලධාරීන් අවශ්‍ය කෙරෙ. දේශපාලන අනුග‍්‍රහය මත පදනම් වන පරිපාලන ක‍්‍රමයකින්, යහපාලනය හෝ නිපුණත්වය සැපයෙන්නේ නැත. අද අප මුහුණදෙන අර්බුදය එයයි. රජය මගින් සපයන නිදහස් සුව සේවා සහ නිදහස් අධ්‍යාපනය වැනි පොදු සේවාවන් ගරාවැටෙමින් තිබේ. රෝහල්වල බේත්හේත් නැත. හැම තැනම පැතිරුණු ¥ෂණය හේතුකොටගෙන, බාල වර්ගයේ, යල්පැනපු බෙහෙත් ගෙන්වන බවක් පෙනෙන්ට තිබේ. පාසල් අධ්‍යාපනය මෙන්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනයත් කැඳ හැළියකි. දේශපාලන අනුග‍්‍රාහකත්වය මත යැපෙන නිලධාරී තන්ත‍්‍රයකට මෙවැනි ප‍්‍රශ්න විසඳිය නොහැක. තමන් ගැනම බලාකියා ගන්නවා හැරෙන්නට, අවස්ථාවක් ලැබෙතොත් ¥ෂණයේ ද යෙදෙනවා හැරෙන්නට ඔවුන්ට කළ හැකි වෙනත් දෙයක් නැත. බල අපහරණය, කුසීත කම සහ අකාර්යක්ෂමතාව ඔවුන්ගේ ගති ලක්ෂණයන් ය. හෘද සාක්ෂියක් ඇති, මහජන සේවාව වෙනුවෙන් ඇපකැප වූ නිලධාරීන් තවමත් නැතිවා නොවේ. එහෙත් ඔවුන්ට සිදුවන්නේ තමන් අවට සිටින දේශපාලන හෙංචයියන්ගේ ප‍්‍රතිෂේධාත්මක පරිසරයට යට වීමටයි. පුරවැසි අවශ්‍යතා පිරිමැසීමට නම්, ́නෑම ව්‍යවස්ථාපිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයකින් නව මහජන සේවා ගණනාවක් සැපයිය යුතුව තිබේ. එම කාර්යයන් අතර ඇති අන්තර් සම්බන්ධතාව සහ නිසග සංකීර්ණතාව හේතුකොටගෙන, දක්ෂ සහ කැපවුණු රාජ්‍ය සේවක සංසදයක් අවශ්‍ය කරන්නේය. එහෙත් තනතුරු පිරිනැමෙන්නේ, දේශපාලනික අනුග‍්‍රාහකත්වය මත නම්, එවැනි කාර්ක්ෂම සේවයක් නිලධර තන්ත‍්‍රයෙන් සැපයෙන්නේ නැත.

නූතන රාජ්‍ය පරිපාලනයක් පවත්වා ගැනීමට අවශ්‍ය කරන විශේෂඥතාව දේශපාලඥයන්ට නැත. ඔවුන්ගේ කාර්ය විය යුත්තේ, රාජ්‍ය නිලධාරීන්ගේ කටයුතු සම්බන්ධයෙන් ඔවුන්ව වගවීමට බඳවා ගැනීම මිස, ඔවුන්ගේ වැඬේ තමන් කිරීම හෝ වැඬේ කරන හැටි ඔවුන්ට කියාදීම හෝ නොවේ. සරළව කිවහොත්, මනා රාජ්‍ය පරිපාලනයක් සඳහා, දැනුම සහ කුසලතා විශේෂඥතාව මත පත්කර ගන්නා රාජ්‍ය නිලධාරීන් බලගැන්විය යුතුව තිබේ. එහෙත් දේශපාලන අනුග‍්‍රාහකත්වය මත ඔවුන්ව පත්කෙරෙන විට සිදුවන්නේ, එවැනි කාර්යක්ෂම සේවයකට ඔවුන් සපුරා අසමත් වීමයි. ඒ හේතුවෙන්, නොමනා පාලනයක් බිහි වීමයි. පොලීසිය සහ සිවිල් නිලධාරී පද්ධතිය අකර්මණ්‍ය වන විට, අපරාධ වැඩි වෙයි. මංකොල්ලය සරු වෙයි. පාතාලය බිහි වෙයි. ඒවා දමනය කිරීමට, පවතින නිලධාරී තන්ත‍්‍රය හෝ දේශපාලන බලවතුන් යොමුවන්නේ, තවත් සාහසික ආකාරයකිනි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, පාතාලයේ අපරාධකරුවන් අභිරහස් ලෙස ඝාතනය වීම හෝ අතුරුදහන් වීම අපට දකින්ට ලැබේ. නිසි රාජ්‍ය පරිපාලනයකින් තොර තත්වයක් තුළ එය තුඩුදෙන්නේ, දේශපාලන අධිකාරයට එරෙහි තව තවත් කෝපයට සහ විරෝධයටයි. එවැනි අරාජක පසුබිමක, නිරර්ථක ව්‍යායාමයන් වශයෙන්, වාර්ගික ජාතිකත්වය සහ ආගමික මූලධර්මවාදය මත පදනම්ව, ඊනියා ආරක්ෂක ¥පත් (‘‘ස්වෛරීත්වය’’) සොයා යාමට ඇතැම් කොටස් පෙළඹෙති. මේ තත්වය තුළ, ස්වාධීන කොමිෂන් සභා යළි ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා වහා පියවර ගත යුතුව තිබේ.

*2013 ජුලි 19 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Government By Patronage Is Not Democracy නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    අපි දන්නවා නේ ඩේලි මිරර් කතුවරයන්ගේ කැරැට්ටුව.කාටද කඩේ යන්නේ කියලා දන්නවා .සොබ්බේ දාන්න එපා නිකන්

  • 0
    0

    ඇයි අවුල්ද ?

  • 0
    0

    daily mirror එකට දානවා කියන්නේ අවංකවම එන අදහසක් නෙවෙයිනේ …කාගෙවත් වුවමනාවට දාන මොනවා හරිනේ.නැත්නම් මඩ විතරක් යන්නේ මොකද ……

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.