27 April, 2024

Blog

විශ‍්‍රාමික හමුදා නිලධාරීන් සිවිල් සේවා තනතුරුවලට පත්කිරීම ගැන ගෝඨාගේ ප‍්‍රකාශය

ආර්. එම්. බී. සේනානායක

ආර්. එම්. බී. සේනානායක

උතුරේ ආණ්ඩුකාර චන්ද්‍රසිරි මහතා හුදෙක් හිටපු හමුදා නිලධාරියෙකු වීම නිසා එම තනතුරෙන් ඉවත් කරන්නැ යි ඉල්ලා සිටීම සාධාරණ නොවන බව, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රකාශ කොට තිබුණි. ඊට සාක්ෂි වශයෙන්, හිටපු හමුදා ජෙනරාල්වරයෙකු වන කොලින් පවල් ඇමරිකානු රාජ්‍ය ලේකම් ධුරයට පත්කොට සිටි බව ඔහු පෙන්වා දෙයි.

සමහරවිට මීට වඩා ගැළපෙන සාදෘශ්‍යයක් වන්නේ, දෙවැනි ලෝක යුද්ධයේදී ජපාන හමුදා පරාජය කළ ශාන්තිකර බල සේනාවේ ආඥාපති වශයෙන් කටයුතු කළ ජෙනරාල් මැක් ආතර් ය. යුද්ධයෙන් පසු ජපානයේ ඇමරිකානු හමුදා පාලනයේ ආඥාපති වශයෙන් ඔහුව පත්කෙරුණි. මේ තනතුරේ සේවය කරමින්, එරට වැසියන්ගේ සිවිල් නිදහස සහ මානව හිමිකම් පිළිගනිමින්, ජපානයේ රාජ්‍ය ව්‍යුහය ප‍්‍රජාතන්ත‍්‍රීයකරණයට යොමු කෙරෙන පුළුල් ප‍්‍රතිසංස්කරණවලට ඔහු අතගැසුවේය. ඒ අනුව, ජපානය ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් බවට පරිවර්තනය විය. 1946 අපේ‍්‍රල් 10 වැනි දා පැවැත්වුණු ජපාන මහ මැතිවරණයේදී එරට පිරිමිගෙන් සියයට 78.52 ක් ද, කාන්තාවන්ගෙන් සියයට 66.97 ක් ද ඡුන්දය පාවිච්චි කරමින් ජපානයේ ප‍්‍රථම නූතන අගමැතිවරයා වශයෙන් ෂිගෙරු යොෂිඩා පත්කර ගත්හ. එසේම, ජපාන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ගැහැනුන්ට සර්වජන ඡුන්ද බලය පවරමින්, මූලික මිනිස් අයිතිවාසිකම් සහතික කරමින්, කැබිනට් මණ්ඩලයේ සහ පාර්ලිමේන්තුවේ බලය ශක්තිමත් කෙරුණු අතර, පොලීසිය සහ පලාත් පාලනය විමධ්‍යගත කෙරුණේය.

ඉන් පසු හමුදාව බැරැුක්කවලට ගියේය. සංඛ්‍යාත්මකව හමුදාව බරපතල ලෙස කප්පාදු කෙරුණු අතර ඒ වන විටත් ජපානයේ රැුඳී සිටි ඇමරිකානු හමුදාවන්, කොරියානු යුද්ධය ඇවිළීමත් සමග දකුණු කොරියාවට මාරු කෙරුණි. 1951 සැප්තැම්බර් 8 වැනි දා අත්සන් කෙරුණු ‘සැන් ෆ‍්‍රැන්සිස්කෝ සාම ගිවිසුම’ ප‍්‍රකාරව, ජපානයේ රැුඳී සිටි මිත‍්‍ර පාර්ශ්ව හමුදා පැවැත්ම අවසානයකට පත්කෙරුණු අතර නැවත වරක් ජපානය නිදහස් රාජ්‍යයක් බවට පත්විය. ඒ නිකංම නොවේ. ජපාන ඉතිහාසයේ ප‍්‍රථම වරට, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ද සමගිනි.

මා සිතන පරිදි, ජෙනරාල් චන්ද්‍රසිරි යනු, එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහි යුද්ධයේ අණදෙන නිලධාරියා විය. දැන් ඔහු සිවිල් වැසියෙකු බව ඇත්ත. එහෙත්, යුද්ධයක් දියත් කළ හමුදා නිලධාරියෙකුගේ සිට, සාමකාමී සමයක දෙමළ ජනතාවට සහ ඔවුන්ගේ නියෝජිතයන්ට ගරු කරන ආණ්ඩුකාරවරයෙකු බවට වෙනස් වීමට අවශ්‍ය කරන මානසික නම්‍යතාව ඔහුට ඇත්තේ ද? ජපානය යටත් කර ගැනීමෙන් පසු ජෙනරාල් ඩග්ලස් මැක් ආතර් කළා සේ, දෙමළ ජනතාවගේ අභිලාෂයන්ට අනුගතව, උතුරු පළාත් සභාවේ අයිතීන්ට ගරු කරමින්, ප‍්‍රජාතන්ත‍්‍රීය පාලනයකට කැපවෙන ආණ්ඩුකාරවරයෙකු බවට පත්වීමට ඔහුට හැකි වන්නේද?

‘යහපාලනය ලංකා’ පැහැදිළි කිරීමක්:

ජෙනරාල් චන්ද්‍රසිරි තමන් විසින් යුද්ධයෙන් යටපත් කරන ලද ජනතාවක් පාලනය කරන ආණ්ඩුකාරවරයා වන විට, ජෙනරාල් කොලින් පවල් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා වුණේ එසේ යුද්ධයෙන් පරාජය කරන ලද ජනතාවක් පාලනය කිරීමට නොවේ. ලංකාවේ සන්දර්භය තුළ ජාතීන් අතර විශ්වාසය ගොඩනැගීම සහ සංහිඳියාව ඇති කිරීම යන කාරණා ද ඊට අමතරව ඇති බව සැළකිල්ලට ගත යුතුය.

*2013 නොවැම්බර් 2 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Gota’s Claim On Appointing Retired Army Officers To Civil Service නැමැති කෙටි කාලෝචිත පැහැදිළි කිරීමක සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    Military personnel and nepotistic appointees in the Sri Lanka Foreign Service have already messed up our relations with major players in the international community. Indeed they are absolute nincompoops, vis-a-vis trained professional diplomats of the calibre of Shirly and Gamini Corea etc. My candid opinion is that its like a set of trishaw drivers (threewheeler drivers)engaged to run the Sri Lanka foreign service.

  • 0
    0

    R. M. B. Senanayake is a [Edited out] who is paranoid and hysterical.

    This [Edited out] can not understand the reality because he grew up in a christian background.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.