
ආචාර්ය රාජසිංහ බණ්ඩාර –
2020 අගෝස්තු මාසයේ පැවති මහා මැතිවනරණයේදී යු ඇන් පි ලෙස හදුන්වන එක්සත් ජාතික පක්ෂය, ලංකා දේශපාලන ඉතිහාසයේ දැවැන්තම පරාජය අත්කර ගත්තේය.ඒ රනිල් වික්‍රම සිංහගේ ආසාර්ථක නායකත්ව යටතේ තරග කිරිමෙනි.
2015 මහමැතිවනරණයේදී ඡන්ද 5,098,927 ක් හා පාර්ලිමේන්තුව තුල ආසන 106 ක් ලබා ගැනිමට සමත්වු එක්සත් ජාතික පක්ෂයට 2020 පැවති මැතිවරණයේදී ලබා ගැනිමට හැකි වුයේ ඡන්ද 249.435 ක සොච්චමක් පමණියි. එපමණක් නොව ලාංකාවේ එකම දිස්ත්‍රිකයකින් හෝ එකම ආසනයක් ලබා ගැනිමට නොහැකි වු එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තු නියෝජනයක් ලබාගත හැකි එකම විකල්පය බවට පත්ව ඇත්තේ ලැබු සමස්ත ඡන්ද සංඛ්‍යාවට අනුව ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රිවරයෙන් පාර්ලිමේන්තුවට යැවිමයි. එසේ වුවද මැතිවරණය පවත්වා මාස 5 කට වැඩි කාලයක් ගත වු තැන පවා ඒ සදහා නියම සුදුස්සා නම් කිරිමට එක්සත් ජාතික පක්ෂය අසමත් වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ ඒ සදහා ද ඇස ගසාගෙන සිටින බැවිනි.
එක්සත් ජාතික පක්ෂය දැන් නිසි ප්‍රතිකාර නොලැබිම හේතු කොට මරණයට පෙනි පෙනි ලෙඩ ඇදෙ සිටින පිළිකා රෝගියකු තත්වයට පත්ව ඇත. නිසි වෛදවරයකුගේ ප්‍රතිකාර වලින් එම රෝගියා තවත් කාලයක් ජිවත් කිරිමට ඉඩ කඩ තිබේ. එම වෛද්‍යවරයා ලෙස මා දකින්නේ හිටපු කථානායක මෙන්ම ජ්‍යෙෂ්ඨ ආමාත්‍ය ධුර ගනනාවක් හෙබවු කිර්තිමත් දේශපාලන ඉතිහාසයකට හිමිකම් කියන කරු ජයසුරිය මහතාය. ඔහු සැබැවින්ම අපරටට වටිනා දායදයක් බදු නායකයකු බව තේරුම් ගැනිමට පසුගිය යහපාලන රජයේ කථානායක වරයා මෙන්ම ව්‍යවස්ථාදායක සභාවේ සභාපති වරයා වශයෙන්ද කළ සේවය මෙන්ම පසුගිය මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය ලැබු දැවැන්ත පරාජයද හමුවේ නොසැලි වත්මන් රජයේ ප්‍රජාත්‍රන්ත්‍ර විරෝධි ක්‍රියාදාමයන්ට එරෙහිව ප්‍රබල හඩක් නඟමින්, ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනිමට හා දුෂණයෙන් තොර දේශපාලන ක්‍රමයක් ගොඩනැගිමට කැපවී කරන අව්‍යාජ මෙහෙවරද ප්‍රමාණවත්ය.
රාජ්‍ය සේවා කොමිෂම, අධිකරණ සේවා කොමිෂම, පොලිස් කොමිෂම, වැනි කොමිෂන් සභා වල කටයුතු ව්‍යවස්ථාදායක සභාවේ සභාපති ලෙස අධික්ෂනය කරමින් ඔහු සිය භූමිකාව තුල බලය අයථා ලෙස පාවිච්චි කිරිමට ඉඩ නොතැබීම නිසා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඔහුගේ විරෝධය අවස්ථා ගනනාවකදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේය.
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ හා අධ්‍යාපන ඇමැති ලෙස කටයුතු කල අකිල විරාජ් කාරියවසම්ගේ නිර්දේශ මත කොළඔ රාජකීය විද්‍යාලයට නිසි සුදුසුකම් සම්පුර්ණ නොකළ අඩු ශ්‍රේණි ධාරියකු විදුහල්පති වරයෙකු පත් කල විට රාජ්‍ය සේවා කොමිෂම එම විදුහල්පතිවරයා එම තනතුරෙන් ඉවත් කරනු ලැබුවේ අගමැති රනිල් වික්‍රමසිංහ හා අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් කොමිෂමේ සභාපති වරයාගෙන් (ධර්මසේන දිසානායක මහතාගෙන්) පෞද්ගලිකව කළ ඉල්ලිම ද නොතකා හරිමිනි. මෙවැනි පෞරුෂ්‍යයක් කොමිෂන් සභා නිලධාරින්ට ලබා දිමට නායකත්වය දෙනු ලැබුවේ 19 වන ව්‍යවස්ථාවෙන් ලද බලතල ප්‍රකාරව කරු ජයසුරිය මහතාය. එසේ වුවද අගමැති රනිල් වික්‍රමසිංහ තම බලය අයථා ලෙස යොදාගනිමින් ඔහුගේ රාජකීය විද්‍යාලයේ මිත්‍රයකු වු අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති ලෙස පත්කොට මහ බැංකු මං කොල්ලයට දොර විවෘත කිරිමෙන් 2015 මැතිවරණායේදි එම ආණ්ඩුව බලයට ගෙන ඒමට ජනතාව තැබු විශ්වාසය නැත්තටම නැති වන තැනට කටයුතු සැලැස්සීය. ඔහුගේ නායකත්වය පිළිගැනීමට පක්ෂයේ බහුතරය සුදානම් නොවු හෙයින් යලි කිසිදා යා කළ නොහැකි ලෙස පක්ෂය දෙදරා ගියේය.
පක්ෂය රැකගැනිමට නම් නායකත්වයට පත් විය යුතු සුදුසුම පුද්ගලයා ලෙස කරු ජයසුරිය මහතාගේ නම යෝජනා වුවද රනිල් වික්‍රමසිංහ සැමවිටම එය වැලැක්වීමට සමත් විය. රනිල් දේශපාලන කරලියට ගෙන ආවේ තම ඒකාධිපති පාලනයෙන් අපරට තිස් අවුරුදු යුද්ධයකට ඇද දැමු රටේ සිවිල් යුද්ධයන් දෙකක් නිර්මාණය කළ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනය (1977-1989). ඔහු රනිල්ගේ මාමන්ඩියයි. රනිල්ගේ බටහිර ලැදි, ඇමරිකන් ලැදි දේශපාලන ගැතිකම් නම් ඔහු උරුමකර ගනු ලැබුවේද ජේ.ආර්.ජයවර්ධනගෙනි. ජේ.ආර් “යැංකි ඩිකි” යන අන්වර්ථ නාමයෙන් ප්‍රගතිශිලින් හැදින් වුයේ එබැවිනි. යහපාලන රජයේ අවසන් කාලයේ ඇමරිකාව සමග MCC ගිවිසුම අත්සන් කිරිමට රනිල් වික්‍රමසිංහ තකහනියේ සුදානම් විමෙන් විපක්ෂයට විශාල ජවයක් ලැබිනි.
පක්ෂයට කිර්තිමත් ඉතිහාසයක් ගොඩ නගන ලද්දේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් දිනාගැනිමට නායකත්වය දුන් අපරටේ ප්‍රථම අග්‍රාමාත්‍ය ධුරයට පත් වු මහාමාන්‍ය ඩී.එස්. සේනානායක විසිනි. නිදහසින් පසුව ඔහුගේ ප්‍රමුඛතම කාර්ය භාරය වුයේ සිංහල රජ දවසෙන් පසු අධිරාජ්‍යවාදි පාලන සමයේ වල් බිහි වී ගිය අප රජවරුන් තැනු කලාවැව, පාරාක්‍රම සමුද්‍රය, මින්නේරිය වැනි මහා ජලාස ප්‍රතිසංස්කරණය කරමින්ද, සේනානායක සමුද්‍රය වැනි ජලාශ ඉදි කරමින්ද, රටේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැගිමයි. ඔහුගේ මේ නිර්ව්‍යාජ උත්සහය නිසා ඔහු “ජාතියේ පියා” යන විරුදාවලි නාමයෙන් ජනතාව හැඳින්වුහ. ඔහුගේ පුත්‍රයා වු ඩඩ්ලි සේනානායක, ඩි.ඇස්.සේනානායකගේ මරණයෙන් පසු අගමැති වශයෙන් පත් කරනු ලැබුයේ ඩී.එස්.ගේ එම උතුම් වු රට ගොඩ නැගිමේ ක්‍රියාවලියට ප්‍රණාමයක්ද වශයෙනි. එහෙත් ජේ.ආර්.ජයවර්ධන සේනානායක වරුන් ගැන සිටියේ දැඩි වෛරයකිනි. ඒ එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව පත්විමටත් රටේ නායකයා වීමටත් ඇති බාධකය සේනානායක වරුන් සේ සැළකීමය. රනිල්ගේ පාලන සමය තුල ද සේනානායක වරු වැළද ගැනීමක් සිදු නොවිය. රුවන් විජයවර්ධන නායකත්වයට ගෙන එමේ සැලැස්ම තුල ඇත්තේ ජේ.ආර්-රනිල් උරුමය පවත්වා ගැනිමයි.
පසුගිය දිනක අගමැති මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ බැහැ දැකිමට ඔහුගේ කොළඹ 07 ඇති නිවසට ගොස් ජාතික ලැයිස්තුවෙන් එක්සක් ජාතික පක්ෂයට හිමිවන එකම මන්ත්‍රි ආසනය සදහා පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස ආරාධනා කොට ඇත. ගෝඨාභය රාජපක්ෂගේ හා මහින්ද රාජපක්ෂගේ විශිෂ්ඨ ජයග්‍රහනය වෙනුවෙන් හා එක්සත් ජාතික පක්ෂය නැත්තටම නැතිකිරිමේ කාර්ය භාරය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහට නැවත පාර්ලිමේන්තුවට ආරාධනා කර ඇත්තේඑම පක්ෂය ඉවර කිරිමට තවත් ටිකන් ඉතුරු වී ඇති නිසා ද. ඒ 249,435 ඡන්ද සොච්චමයි.
ඉහත කරුණු සියල්ලම සැලකිල්ට ගත් විට සුපැහැදිලි කරුණ වන්නේ “යු ඇන් පි යේ මළගම” නොවිමට කම් පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ රටවැසියාගේ ගෞරවයට පාත්‍රවු කරු ජයසුරිය මහතා බවයි.