23 September, 2020

Blog

දුෂ්ට යක්ෂයා අපේ දොරකඩටම ඇවිත්

රංග කලන්සූරිය

ආචාර්ය රංග කලන්සූරිය

ආචාර්ය රංග කලන්සූරිය

පුවත්පත් මණ්ඩලය නැවත ඇති කිරීමට ගිය සතියේ තීරණය කර ඇති බව සැළ වීම මාධ්‍ය ක්ෂේත‍්‍රය විමතියෙන් කළඹවාලීය. යහපාලන ආණ්ඩුව මෙසේ ආපස්සට යාම, මේ දිනවල අප අත්දකින තවත් බොහෝ පිලී පැනීම්වලින් තවත් එකක් විය හැකිය. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන පොරොන්දු වුණේ, මාධ්‍ය ක්ෂේත‍්‍රයේ අදාළ ආයතන වඩාත් ශක්තිමත් කිරීමෙන් මාධ්‍ය නිදහස ස්ථාපිත කිරීමටයි. එහෙත් අද අප දකින්නේ එදා ඔහු වේදිකාවේ දුන් ප‍්‍රතිඥාවට ඉඳුරා පටහැනි තත්වයකි.

කෙසේ වෙතත්, මෙවැනි විස්මයන් බොහෝ විට දේශපාලනිකයි. පුවත්පත් මණ්ඩලය නැවත පණගසා නැගිටුවීම යනු දේශපාලනයට සම්බන්ධ කාරණයක් නොව, ප‍්‍රධාන වශයෙන් එය ආණ්ඩුකරණය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හතුරු වන, විශේෂයෙන් ප‍්‍රකාශනයේ නිදහසට හතුරු වන, කාරණයකි.

පුවත්පත් මණ්ඩලය නැමැති මේ යක්ෂයා 2004 සිට හිස එසැවීමට මානබලමින් සිටියේය. මාධ්‍ය ආයතන සහ වෙනත් අදාළ පාර්ශ්වකරුවන්ගේ විරෝධතා මධ්‍යයේ 2005 මැද භාගයේ රාජපක්ෂ පාලන කාලය තුළ එම යක්ෂයා මුලින් හිස එසැවීය. එතැන් පටන් මේ පුවත්පත් මණ්ඩලය, මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ නිරන්තර කතාබහට ලක්වන මාතෘකාවත් බවට පත්විය. එහෙත් සිවිල් සමාජයේ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වන ව්‍යාපාර තුළ එම සාකච්ඡුාව ඉදිරියට ගැනුණේ නැත.

එය යක්ෂයෙකියි අපි කියන්නේ ඇයි? මන්ද යත්, එහි ක‍්‍රියාකාරීත්වය සහ එය විසින් ඇති කරනු ලබන බලපෑම අතිශය දරුණු එකක් වන බැවිනි. 1973 පුවත්පත් මණ්ඩල පනතට අනුව, එහි සාමාජිකයන් දෙදෙනෙකු හැර අන් සියල්ලන් පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. දෙදෙනෙකු පමණක් වෙනත් මාධ්‍ය සංගම් විසින් නිර්දේශ කෙරෙනු ලැබේ. මේ අනුව, එම මණ්ඩලයේ සාමාජිකයන්ගේ ස්වාධීනත්වය පිළිබඳ බරපතල අනතුරක් තිබේ. එසේම එම මණ්ඩලය සතු දඬුවම් පැනවීමේ අයිතිය මත ඇති කළ හැකි නපුරු බලපෑමත් ඉතා බරපතල ය. මේ කාලය තුළ මාධ්‍යයට සහ මාධ්‍යකරුවන්ට එරෙහිව දේශපාලනික පරමාර්ථ පෙරදැරිව එය පාවිච්චි කොට ඇති අයුරු අප දැක තිබේ.

Maithripalaබොහෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් මේ වන විට ස්වයං-නියාමන සංකල්පයට මාරු වී තිබේ. එහිදී කෙරෙන්නේ, යම් ස්ථාපිත යාන්ත‍්‍රණයක් තුළ තමන් විසින්ම තමන්ව පාලනය කර ගැනීම සහ නියාමනය කර ගැනීමකි. ශ‍්‍රී ලංකාවද මේ කියන ප‍්‍රජාතන්ත‍්‍රීය සහ වඩාත් මානුෂීය ක‍්‍රමයට 2002 දී පිළිපන්නේය. ඒ අනුව, ‘ශ‍්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම’ පිහිටුවා ගැනුණි. එය, මාධ්‍ය කර්මාන්තය විසින්ම ඇති කරගත් යාන්ත‍්‍රණයකි. එදා පාලන බලය හෙබැවූ රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා මේ නව යාන්ත‍්‍රණය බල ගැන්වීම සඳහා ඊට කලින් පැවති පුවත්පත් මණ්ඩලය නැමැති යක්ෂයාව අකර්මණ්‍ය කෙළේය.

එහෙත් රාජපක්ෂ ආණ්ඩුව අනුගමනය කෙළේ ඊට වෙනස් ප‍්‍රතිපත්තියකි. ඔහු පරණ පුවත්පත් මණ්ඩලය නැවත පණගැන්වීමට හැම උත්සාහයක්ම ගත්තේය. එහිදී, එවකට මාධ්‍ය ඇමතිව සිටි අනුර ප‍්‍රියදර්ශන යාපාගේ උපදේශකයෙකු වශයෙන් සිටි චරිත හේරත්, ‘ශ‍්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම’ කළමණාකරණය කළ ‘ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය’ සමග විධිමත් සහ අවිධිමත් සාකච්ඡුා වට කිහිපයක් පැවැත්වීය. ඒ අනුව, ‘පුවත්පත් මණ්ඩලය’ පිළිබඳ අදහස නතර කිරීමට හේ සපථ විය.

එහෙත් වසර දෙකකට පසු නැවත එම අදහස ඉස්මත්තට ආවේය. එවිට එය හුදෙක් කතාවට පමණක් සීමා නොවී රජයේ නිල නිවේදනයක් වශයෙන් ප‍්‍රකාශයට පත්විය. එවරද, ඊට එරෙහිව ආණ්ඩුවට කරුණු දැක්වීමට ‘ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනයට’ සිදුවිය. එහිදී පුවත්පත් සමාජයේ, කර්තෘ සංසදයේ සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නියෝජිතයන් හමු වූ මාධ්‍ය ඇමති අනුර ප‍්‍රියදර්ශන යාපා නැවත සහතික වීමක් දුන් මුත්, මාධ්‍ය ක්ෂේත‍්‍රයේ ඇතැම් අංශ නියාමනය කිරීමට ‘ශ‍්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමට’ ඇති නොහැකියාව පිළිබඳ තර්කයේම ඔහු දිගින් දිගටම එල්බ සිටියේය. ඒ වෙනත් හේතුවක් නිසාවෙනි. එනම්, ‘ශ‍්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමට’ අයත් නැති ‘සන්ඬේ ලීඩර්’ පුවත්පත මගින් එක දිගටම එදා පාලනයට එරෙහිව ගෙන යමින් තිබූ ප‍්‍රහාරයන් මැඩලීමේ ක‍්‍රමයක් ඔවුන්ට අවශ්‍ය කළ බැවිනි. කෙසේ වෙතත්, ‘පුවත්පත් මණ්ඩලය’ ටිකකට පසෙකින් තැබීමට එදා අනුර ප‍්‍රියදර්ශන යාපා එකඟ විය.

එසේ වෙතත්, යුද්ධය අවසන් වී අවුරුද්දක් ගිය තැන, මහින්ද රාජපක්ෂගේ දෙවැනි ධුර කාලයේදී, මේ ‘පුවත්පත් මණ්ඩලය’ නැවත ස්ථාපිත කෙරුණි. එහිදී ඇති වූ ලොකුම විහිළුව වන්නේ, ඒ දක්වා මේ පුවත්පත් මණ්ඩල අදහසට විරෝධය දැක්වූ සහ ‘ශී‍්‍ර ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමට’ සහාය දැක්වූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වැනි සංවිධානවල සාමාජිකයන්වද මේ මණ්ඩලයට පත්කරනු ලැබීමයි. කෙසේ වෙතත්, ශ‍්‍රී ලංකා වෘත්තීය පුවත්පත් කලාවේදීන්ගේ සංගමය මේ අළුත් මණ්ඩලයට නියෝජිතයන් නිර්දේශ කිරීමෙන් වැළැකී සිටියේය.

පූර්ණ සාමාජිකත්වය නොමැතිව කටයුතු කිරීමේ නීතිමය පදනමක් ‘පුවත්පත් මණ්ඩලයට’ නොතිබුණි. එසේ වෙතත්, එය සිය කාර්යයන් කරගෙන ගිය අතර ඇතැම් පුවත්පත්වලට එරෙහිව තීන්දුද දුන්නේය. මා දන්නා පරිදි, ඊට එරෙහිව පෙනී සිටිමින් එහි නෛතික භාවය ප‍්‍රශ්න කොට සිටියේ එක් පුවත්පත් කතුවරයෙකු පමණි.

අපේ ඇස් ඉදිරිපිටම එම ඉතිහාසය දැන් නැවතත් දිග හැරේ. ‘පුවත්පත් පැමිණිලි කොමිසමේ’ ආකෘතිය මත පදනම්ව, වඩාත් යහපත් ස්වයං-නියාමන යාන්ත‍්‍රණ ක‍්‍රමවේදයක් ඇති කර ගැනීම සඳහා ‘පුවත්පත් මණ්ඩල’ ක‍්‍රමය අහෝසි කර දමන බව, පසුගිය ජනාධිපතිවරණ සමයේ කියනු අපට අසන්ට ලැබුණි. මාධ්‍ය අමාත්‍යාංශයේ වර්තමාන ලේකම් කරූ පරණවිතාන මේ වෙනුවෙන් තදින් පෙනී සිටි අතර එය බොහෝ ස්ථානවල ප‍්‍රසිද්ධියේම ප‍්‍රකාශ කොටද සිටියේය. මීට මාස දෙකකට පෙර ජාත්‍යන්තර මාධ්‍යවේදීන් මුණගැසුණු අවස්ථාවේ අගමැති රනිල් වික‍්‍රමසිංහද එවැනිම සහතිකයක් දුන්නේය. එහෙත් දැන් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් නැවත වරක් අර කී ‘පුවත්පත් මණ්ඩලය’ පත්කිරීමට තීරණය කිරීම ඉහත කී දෙන්නාගේ විමතියට හේතු වන්නට ඇතිවාට සැක නැත.

අද අවශ්‍ය කරන්නේ, ‘ශ‍්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම’ ගැන නැවත සළකා බලමින්, එහි ඇති අඩුපාඩු හඳුනා ගනිමින්, නිසි ව්‍යවස්ථාමය ක‍්‍රියාවලියක් හරහා නීතිමය හයියක් ඊට සපයමින් එය වඩාත් ශක්තිමත් කිරීමයි. එහෙත් දැන් සිදුව ඇත්තේ එහි සපුරා ප‍්‍රතිපක්ෂයයි. එනම්, මාධ්‍ය ක්ෂේත‍්‍රය නැවත ගල් යුගයට රැුගෙන යාමයි. මෙය, යහපාලන ප‍්‍රතිපත්තිවල බරපතල දෝෂයකි.

මිනිසුන් අතින් වැරදි සිදුවීම ස්වාභාවිකයි. එහෙත් විධායක ජනාධිපති ධුරයකින් එවැනි වැරදි සිදුවීම බරපතලයි. මන්ද යත්, දස ලක්ෂ ගණන් ජනයාට එවැනි වැරදි තීරණ නරකට බලපාන බැවිනි. ගත වූ ඉතා කෙටි කාලය තුළ මේ වන විටමත් මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කරගෙන ඇති වැරදි ගොඩට තවත් වැරදි එක් කරගත යුතු නැත. තමන්ගේම නිලධාරීන් විසින් තමන්ව නොමග යවා ඇතැයි නිදහසට කරුණක් වශයෙන් කීමට ඔහුට පුලූවන් කමක් නැත. එවැනි පශ්චාත්-අවබෝධයන් පවා, වැරදි කරන තරම් වේගයෙන් ක‍්‍රියාවට නොපෙරලීම තවත් අබග්ගයකි.

අනිත් අතට, මාධ්‍ය කෙරෙහි පරදු දරන්නන් කරන්නේ කුමක්ද? මේ නවතම අනතුර ගැන හඬක් මතු කරන්නේ ‘ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය’ පමණි. සිවිල් සමාජ සංවිධාන කීයක් මේ ගැන හඬක් නගා තිබේද? ‘පුවත්පත් මණ්ඩලය’ නැවත ස්ථාපිත කිරීම නිසා වධයට ලක්ව ඇති ඇතැමුන් පුවත්පත් කතුවරුන් ය. එහෙත් ගිය සතිය තිස්සේ මේ අනතුර ගැන කතුවැකි කීයක් ලියා තිබේද? අනිත් අතට, ඇතැම් පුවත්පත් කතුවරුන්ම මේ ‘පුවත්පත් මණ්ඩලයේ’ තනතුරු භාරගන්නා විට, ඊට වඩා වෙනස් තත්වයක් කෙසේ නම් බලාපොරොත්තු වන්නද?

*2015 ජුලි 10 වැනි දා ‘‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ” පළවූ “Press Council Raises Its Ugly Head Under Yahapālanaya!” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.