20 September, 2020

Blog

ඔබේ පවුලේ අනාගතයද? නැතිනම්, රාජපක්‍ෂ උන්නැහේගේ අනාගතයද?

රනිල් වික්‍රමසිංහ

එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය 1994 දී මම භාරගත්තේ කිසිදු නායකයෙකු ඒ සඳහා නොසිටි අවස්ථාවකයි. ඉතා අමාරුම කාලයක පක්‍ෂය ඉදිරියට ගෙන යමින් ජය පරාජය දෙකම අත්පත් කර ගත් නමුත් සමහර අවස්ථාවලදී අප යටටම ඇද වැටුණා.

Ranilඑක්සත් ජාතික පක්‍ෂය මේ වන විට අන්තිම වටයට පැමිණ සිටින අතර ඒ වටය දීවිම සඳහා අපට තිබෙන්නේ දින 36ක් පමණයි. එසේ නම් අප සියලූ දෙනාම එකට එක්වී ඒ වටය වේගයෙන් දුවමින් තරඟය ජයග්‍රහණය කර නව ශ්‍රී ලංකාවක් ගොඩනැගිය යුතුයි.

මේ අමාරුම කාලයේ කෙසේ හෝ සියල්ල විද දරාගෙන අප අතහැර නොයා අප සමඟම රැදී සිටි අපේ පාක්‍ෂිකයින්ට කරුණු කාරණා තේරුම් ගෙන අප සමඟ එක්වූ සියළු දෙනාටමත් මම මගේ ස්තුතිය පුද කරනවා. එමෙන්ම මේ විශේෂ ජාතික මහ සම්මේලනය සංවිධානය කළ ඉතාමත් අමාරු කාලයක එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් ධුරය භාර ගත් කබීර් හෂීම් මහතාට ද ස්තුති කරනවා.

2015 අගෝස්තු මස 17 වැනිදා කියන්නේ ඔබටත් ඔබේ දූ දරුවන්ටත් මේ රටටත් ඉතාමත් තීරණාත්මක දවසයි. ඔබ එදාට තීරණය කරන්නේ ඔබේ අනාගතයද නැතිනම් මහින්ද රාජපක්‍ෂගේ අනාගතය ද යන්නයි. නොඑසේ නම් ඔබේ අනාගතයද නැති නම් රජ පවුලේ අනාගතයද යන්නයි.

මහින්ද රාජපක්‍ෂත් ඔහුගේ රජ පවුලත් කරලියට යළි එනවා නම් ඔබේ අනාගතය අහිමි වෙනවා. එසේ නම් මේ මහ මැතිවරණයේදි ඔබ තෝරා ගන්නේ ඔබේ පවුලේ අනාගතයද නැතිනම් මේ තරම් කාලයක් රට විනාශ කළ රජ පවුලද? නොඑසේ නම් ඔබ එදාට තහවුරු කරන්නේ ඔබේ අනාගතයද? මහින්ද රාජපක්‍ෂගේ අනාගතයද?

ජනවාරි මස අට වැනිදා පැවති ජනාධිපතිවරණයේදි මෛත්‍රිපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවා ඔහු ජනාධිපති ධුරයට පත් කරවනු ලැබුවේ මහින්ද රාජපක්‍ෂගේ සහ ඒ රජ පවුලේ අනාගතය නැතිකර ඔබේත් රටේත් අනාගතය තහවුරු කිරිමටයි. මහ මැතිවරණයේදි පාර්ලිමේන්තුවේ බහුතරය එක්සත් ජාතික පක්‍ෂයට ලබා දෙන්නැයි මම ඉල්ලා සිටින්නේ ඒ කාර්ය භාරය අවසන් කිරිම සදහායි.

2005 දී මේ රට භාර ගත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා කියා සිටියේ මුලින්ම යුද්ධය අවසන් කර ඊට පසුව ජනතාවට සහන සලසන අතර රට සංවර්ධනය කරන බවයි. එහෙත් මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කළේ රට සංවර්ධනය කර ජනතාවට සහන සැලසෑම නොව යුද්ධ කාලයේත් යුද්ධයෙන් පසුවත් සල්ලි හම්බ කිරිමයි.

රටේ නිදහස් අධ්‍යාපනය කප්පාදු කළ මේ අය ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමයේ හෙන්චයියන් යොදවා මහින්දෝදය විද්‍යාගාරවලින් සල්ලි හම්බ කළා. නිදහස් සෞඛ්‍ය කප්පාදු කළ රෙජිමය සිය හෙන්චයියන් යොදවා බාල වර්ගයේ බෙහෙත් ගෙන්වා සල්ලි හම්බ කළා.

රාජ්‍ය සේවක සේවිකාවන් ඇතුලූ ජනතාවගේ වැටුප් වැඩි නොකළ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව භාණ්ඩ සහ සේවා මිල ගණන් ඕනෑ තරම් අඩු කිරිමට හැකි කාලයේදීත් ඒ වාසිය සහ සහනය ජනතාවට දුන්නේ නැහැ. එමෙන්ම තරුණ තරුණියන් වෙනුවෙන් නව රැකියා ඇති කරමින් ඒ අයගේ අනාගතය තහවුරු කළේ නැහැ.

මේ තත්වය යටතේ ජනතාව එක වේලක් කන්න නැතිව කුස ගින්නේ සිටියදි ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමය දවසේ සිය සිව් වන වේල ලෙස ගත්තේ තෝර මාලූ ඇඹුල් තියල් සැන්විච් සමඟ ස්විස්ටර්ලන්තයේ නිෂ්පාදිත ඉහලම ප්‍රමිතියේ චොක්ලට් සෝස් තැවරූ වේලපු කර්තකොලම්බන් වර්ගයේ අඹයි. මේ අය මේ ආහාර වේල ගත්තේ කොළඹහිල්ටන් හෝටලයෙන් වන අතර කෑවේ අතින් නොව රත්තරන් ගෑරුප්පුවෙනුයි.

ඇත්ත වශයෙන්ම ඇඹුල් තියල් හදන්නේ බල මාලූ වැනි රතු මාලූ වර්ග වලින් වන අතර මාතර, දික්වැල්ල, ගන්දර සහ තංගල්ල වැනි ප්‍රදේශවල මිනිස්සු මේ ඇඹුල් තියල් ඉතා හොඳට සිය නිවසේ හදනවා.

දෙයියෝ සාක්කි…….. මහින්ද රාජපක්‍ෂලා කොළඹහිල්ටන් හෝටලයට ගොස් තෝර මාලූ යොදා ඇඹුල් තියල් හදන්න කියනවා. මහින්ද රාජපක්‍ෂලා ගෙන එන්නේ කොළඹහිල්ටන් හෝටලයෙන් තෝර මාලූ ඇඹුල් තියල් සැන්විච් සමඟ චොක්ලට් සෝස් සහ වේලපු කර්තකොලම්බන් අඹරත්තරන් ගෑරුප්පුවෙන් කන සිංහලකමද? අඩුම තරමින් මේ අඹකෑලි කිතුල් පැණිවල තවරා කෑමට ගත යුතුව තිබුණා නොවේද? කිතුල් පැණි වෙනුවට මේ අය ඒ අඹකෑලි සඳහා තැවරුවේ ස්විස්ටර්ලන්තයේ ඉස්තරම්ම වර්ගයේ චොක්ලට් සෝසුයි.

ඔබට අවශ්‍ය මේ ක්‍රමයද? ඔබට ඕනෑ කර තිබෙන්නේ යළිත් මේ වගේ කාලයකට යන්නද? අඹවේලා චොක්ලට් තවරා කන්නේ කවුද? එදා මේ රටේ තිබුණේ එවැනි යුගයකුයි. අපට මේ ගෙවීමට සිදුව තිබෙන්නේ මේ අය එදා කළ ඒ පාප කර්මයි.

අප සියලූ පාර්ශවයන් එකට එක් වූයේ මේ යුගය අවසන් කිරීම සඳහා වන අතර ඒ වෙනුවෙන් එක්සත් ජාතික පක්‍ෂයේ අප අපේ ලාංඡනයත් අපේක්‍ෂකකමත් පරිත්‍යාග කරමින් ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කර ඔහු ජයග්‍රහණය කරවීමට ඇප කැප වුණා. ඒ අනුව සියලූ බලවේග එකට ඒකරාශි වී ජනවාරි මස අට වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ ගෙදර යැවුවා.

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව අලූත් සමාජයක් රටේ ඇති කිරිමට තීරණය කළ අප සියලූ දේශපාලන පක්‍ෂ එකට ඒකරාශි කරගෙන මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ අලූත් රටක් ගොඩනැගීමට අප බලාපොරොත්තු වුණා.

අවුරුදු 300ක් මුළුල්ලේ ජර්මනිය සහ ප්‍රංශය සටන් කළ අතර ඒ කාල වකවානුවේදි ලෝක යුද්ධ දෙකක් ඇති වුණා. එහෙත් අවුරුදු 50 පෙර මේ රටවල් දෙකම එකට එකතු වී යුරෝපා සංගමය ගොඩ නැගු අතර ලෝකයේ බලවත්ම සහ විශාලම ආර්ථිකය තිබෙන රාජ්‍ය වන්නේ එම සංගමයයි.

එක්සත් ජාතික පක්‍ෂය සහ අනෙකුත් දේශපාලන පක්‍ෂ එකට එකතු වනවා නම් ශ්‍රී ලංකාවත් එවැනි දියුණු සහ ප්‍රබල රාජ්‍යයක් බවට පත් කළ හැකි බව අප පැහැදිලිව දුටුවා.

ජනාධිපතිවරණයෙන් පසුව ගොඩනගා ගත් අපේ ආණ්ඩුව යටතේ දින 100 වැඩ සටහන ආරම්භ කළ අතර කවදාවත් මිල අඩු කිරිමට හැකියාවක් නැතැයි රෙජිමය කියා සිටි බඩුවල මිල අප විශාල වශයෙන් අඩු කළා පමණක් නොව හොද සිංහල සහ හින්දු අලූත් අවුරුද්දක් ජනතාවට උදා කළා.

වී කිලෝව රුපියල් 50 ක සහතික මිලකට මිලදි ගත් අතර කුඩා තේ වතු සහ රබර් වතු හිමියන්ට සහනාදාර ලබාදීමේ වැඩ කටයුතුද ආරම්භ කර තිබෙනවා. එමෙන්ම අපේ ධීවර නිෂ්පාදන සදහා යුරෝපා සංගමය පනවා ඇති තහනම ඉවත් කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ගද අප ගනිමින් සිටිනවා.

දින 100 ඇතුලතදි රටත් ජනතාවත් වෙනුවෙන් අප විශාල වැඩ කොටසක් කරද්දි ඊට එරෙහිව මහින්ද රාජපක්‍ෂත් ඒකාධිපති රෙජිමයත් යලි හිස එසවීමට උත්සාහ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සම්පූර්ණයෙන්ම නිදහසේ ඉදිරියට ගෙන යන්න මේ අය මෛත්‍රිපාල සිරිසේන මහතාට ඉඩ තැබුවේ නැහැ.

එසේ නම් එක්සත් ජාතික පක්ෂයේ අප කළ යුතුව තිබෙන්නේ ඊළඟ සටන ජයගෙන ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමය සම්පූර්ණයෙන්ම නැති කර අතුගා දැමීමයි.

දුටු ගැමුණු රජතුමා එදා කළ යුද්ධයේදි ලොකුම සටන ඇවිලි ගියේ විජිත පුරයේයි. ඒ සටනේදි විජිත පුරයෙන් පරාජයට පත් වුණ සතුරන් අනුරාධපුරයට පසු බැස්සා. නමුත් අවසානයේදි දුටු ගැමුණු රජතුමා අනුරාධපුරයත් අල්ලා ගත්තා. විජිත පුර සටන ජය නොගත්තා නම්, අනුරාධපුරයට ඇතුළුවී ඒ රාජධානිය අල්ලා ගැනීමට හැකිවන්නේ නැහැ.

මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විජිතපුර සටන ජය ගත්තා. ඒ ගැන අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. දැන් එක්සත් ජාතික පක්‍ෂයේ අපට තියෙන අභියෝගය අනුරාධපුරය ජය ගැනීමයි. අපි අගෝස්තු 17 වෙනිදා ඒ සටන ජයගන්නවා. ඊට පසුව අපේ වැඩ සටහන පිළිගන්නා සියලූ පාර්ශවයන් එකට ඒකරාශි කර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ අලූත් ආණ්ඩුවක් මේ රටේ ඇති කරනවා.

අප සියලූ පාර්ශවයන් ප්‍රථමයෙන්ම තීරණය කර තිබුණේ මහ මැතිවරණයට ඒ ඒ දේශපාලන පක්‍ෂ අනන්‍යතාවය ඇතිව තනිවම තරඟ කර ඊට පසුව එකතුවීමටයි. එහෙත් මේ තර්ජනය යළිත් අප ඉදිරියට පැමිණ තිබෙන නිසා මහ මැතිවරණයටත් අප සියලූ දෙනාම එකට එක්වී ඉදිරිපත් විය යුතුව තිබෙනවා.

සියලූ පාර්ශවයන් එකට ඒකරාශි කර යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණ ගොඩ නගා මහ මැතිවරණයට අලියා ලකුණ යටතේ තරඟ කළ යුතු යැයි අපේ මේ විශේෂ ජාතික මහ සම්මේලනය ඒකමතිකව තීන්දු කළේ ඒ නිසයි. මහ මැතිවරණයෙන් පසුව යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණ දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරිමට අපට හැකියි. මේ මොහොතේ අප සියලූ දෙනාම එකට එක්වී කළ යුත්තේ මේ සටන ජය ගැනීමයි. මේ සටන ජය ගැනීමෙන් පසුව අලූත් දේශපාලන සංස්කෘතියක් රටේ ඇති කිරිමට අවස්ථාව උදා වනවා.

මහ මැතිවරණයෙන් ජය ගත හැකි යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සිතනවාද? ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වී ගෙදර ගියා නම් නැවත දේශපාලනයට නොපැමිණ ගෙදරට වී සිටිය යුතුයි. එතුමා පනස් අට ලක්‍ෂයක ජනකායක් ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස රදවා ගෙන සිටියා.

විධායක ජනාධිපති ධුරයේ අසීමිත බලයක් තිබෙන නිසා කවදාවත් පරාජයට පත් වන්නේ නැතැයි මහින්ද රාජපක්‍ෂ මේ ඡන්ද දායකයින්ට එදා කියා සිටියා. එහෙත් ජනාධිපතිවරණයෙන් ඔහු පරාජයට පත් වුණා. ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා මුළු රාජ්‍ය බලයම යෙදවුවත් ඔහු පැරදුණා. සමෘද්ධි නියාමකයන් සිය ජනාධිපතිවරණ ව්‍යාපාරයට යොදවා ගත් නමුත් ඔහු පරාජයට පත් වුණා. තමා ජාතික වීරයෙකු යැයි ද දුටුගැමුණු රජතුමාටත් වඩා වීරයෙකු යැයි ද එතුමා කියා සිටියා… එහෙත් පැරදුණා. ඡන්දය නොදුන්නොත් සමෘද්ධිය නොදෙන බව කියමින් සමෘද්ධි ලාභින්ට තර්ජනය කළා. ඒ වුණත් මහින්ද රාජපක්‍ෂ පරාජයට පත් වුණා. අවසානයේදි සුදු වෑන් මගින් පැහැර ගන්නා බවට තර්ජනය කළ නමුත් මහින්ද රාජපක්‍ෂ පරාජයටම පත් වුණා.

මොහු මේ ආකාරයට ක්‍රියා කළත් අප වැඩ කරන්නේ මේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් කියා එම ඡන්ද දායකයින්ද මේ වන විට තේරුම් ගෙන සිටිනවා. දේශපාලන වශයෙන් අපෙන් පලි ගත් අය ඇතුළුව සියලූ දෙනාටම අප සමෘද්ධි සහනාධාරය විධිමත් ලෙස ලබාදෙනවා. එමනිසා කවුරුත් කිසිවක් ගැන බිය නොවිය යුතු අතර අපට අවශ්‍ය වන්නේ මේ රට දියුණු කර ජනතාවට සහන සැලසීමටයි.

රට දියුණු කරමින් ජනතාවට සහන සලසා අලූත් ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම සඳහා අප ඉදිරිපත් කරන වැඩ සටහනට මහ මැතිවරණයේදි ඔබේ වරම ලබා දෙන්නැයි මම ඉල්ලා සිටිනවා. මහ මැතිවරණය වෙනුවෙන් අප ඉදිරිපත් කරන්නේ හුදු මැතිවරණ පොරොන්දු මාලාවක් නොව, රට ගොඩ නගා ජනතාවට සහන සලසන පංච මහා ප්‍රතිපත්ති මූළික කරගත් සැලැස්මකුයි.

අවුරුදු පහක් ඇතුලත නව රැකියා දස ලක්ෂයක් බිහි කර තරුණ තරුණියන් ඇතුළු ජනතාවගේ ආදායම් වැඩි කිරිමට අප සියලූ කටයුතු යොදා තිබෙනවා.

දිවංගත ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා යටතේ නිදහස් වෙළඳ කළාප ඇති කිරිමටත්, රණසිංහ පේ‍ර්මදාස මහතා යටතේ ඇඟළුම් කර්මාන්ත ශාලා 200 වැඩ සටහන ක්‍රියාත්මක කිරිමටත් මට එදා හැකි වුණා.
එහෙත් වර්තමානයේදි මට අවශ්‍ය වන්නේ මේ රටේ කලාප ඇති කිරිමට නොව ආර්ථික සංවර්ධන ප්‍රදේශ ඇති කිරිමටයි. මේ සෑම ආර්ථික සංවර්ධන ප්‍රදේශයක්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් හෝ ඊට වඩා විශාල ප්‍රදේශයක් වනවා.

ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා යටතේ අප කටුනායක ඉඩම් අක්කර 400ක් ආවරණය වන පරිදි නිදහස් වෙළෙඳ කලාපයක් ආරම්භ කළ අතර බියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයම ගෙන මහාමාර්ග ඉදිකරවිදුලි බල මධ්‍යස්ථාන පිහිටුවා ආයෝජන කලාප සහ වෙළෙඳ කලාප ඇති කරමින් විශාල දියුණුවක් කළා. ඒ අනුව එදා රwුටන් විකුණු ආර්ථිකය සම්පූර්ණයෙන්ම කර්මාන්ත සහ වාණිජ ක්ෂේත්‍රයට යොමු කරවීමට අපට හැකි වුණා.

මට අවශ්‍ය වන්නේත් එවැනි ප්‍රදේශ තෝරා ගෙන ඒ ප්‍රදේශවල කර්මාන්ත හෝ තොරතුරු තාක්‍ෂණය සහිත පරිගණක සේවා හෝ කෘෂි කර්මාන්තය හෝ ධීවර කර්මාන්තය දියුණු කරන ආර්ථික ප්‍රදේශ ඇති කිරිමටයි. එවැනි ආර්ථික සංවර්ධන ප්‍රදේශ 48ක් රට පුරා ඇති කිරිමට මම බලාපොරොත්තු වනවා. බස්නාහිර පළාතෙන් හැර අනෙකුත් සෑම පළාතකින්ම කෘෂි කර්මාන්තය සඳහා විශාල ප්‍රදේශයක් ද ධීවර කර්මාන්තය වෙනුවෙන් තවත් විශාල ප්‍රදේශයක් ද අප හදුනාගෙන සිටිනවා. මේ අනුව ක්‍රියා කරමින් මුළු බස්නාහිර පලාතම දියුණු නාගරික මට්ටමකට ගෙන ඇවිත් ඉන්දියාවේ චෙන්නායි නුවරට වඩා විශාල ජනකායක් සිටින එක නාගරික කලාපයක් බවට පත් කරනවා.

මධ්‍යම අධිවේගි මාර්ගය ගලගෙදර සහ කටුගස්තොට දක්වා ඉදි වුණාට පසුව මහනුවර නගරයට සෙංකඩගල ආසනයේ ඉතිරි ටිකත් එකතු කර කුණ්ඩසාලය දක්වා මහනුවර නගරය දියුණු කරනවා. එමෙන්ම නැගෙනහිර පලාතේ කල්මුනේ ප්‍රදේශයේ අලූත් නගරයක් නිර්මාණය කරන අතර උතුරේ පුනරුත්ථාපන කටයුතු සමඟ යාපනය විශාල වශයෙන් දියුණු කිරිමට කටයුතු යොදා තිබෙනවා.

මේ වැඩ කටයුතු සඳහා විදේශීය අයෝජකයින් අපේ රටට ගෙන්වා ගැනීමට අප කටයුතු යොදා තිබෙනවා. ඒ ගැන මම ටිකක් කියන්නම්… එක්සත් ජනතා නිදහස් සන්ධානය මහින්ද රාජපක්‍ෂව කුරුණෑගලට එව්වා. එහෙත් අග්‍රාමාත්‍යවරයා ලෙස මම කුරුණෑගලට යවන්නේ වෛාක්ස් වැගන්ෙ වර්ගයේ ඉස්තරම් කාර් නිෂ්පාදනය කරන ලෝකයේ දෙවන ස්ථානයට දිනා ගෙන සිටින සමාගමයි. ඉදිරි අවුරුදු දෙක ඇතුලතදි මේ සමාගම ෙටොයෝටාෙ සමාගමටත් වඩා ඉදිරියට පැමිණ ලෝකයේ පළමු පෙළේ කාර් නිෂ්පාදන සමාගම බවට පත් වනවා.

ඒ සමාගම පැමිණ අපේ රටේ අයෝජනය කර කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිය කාර් නිෂ්පාදන කටයුතු ආරම්භ කළාට පසුව ලක්‍ෂ 25 ත් 30ත් අතර මුදලකට වෛාක්ස් වැගන්ෙ කාරයක් මිලදි ගැනීමේ අවස්ථාව ඔබට හිමි වෙනවා. මේ කාර් නිෂ්පාදනයෙන් නොනැවති වෛාක්ස් වැගන්ෙ මිනි බස් සහ වෑන් ද නිෂ්පාදනය කරන්නැයි අප ඒ සමාගමට කියනවා. මේ වාහන නිෂ්පාදනයෙන් 25% අපනයනය කිරිමට ඒ අය බලාපොරොත්තු වන අතර මේ වාහන නිෂ්පාදනය පුහුණු කිරිම සඳහා පුහුණු ආයතනයක් ආරම්භ කිරිමට ද ඒ සමාගම කටයුතු යොදා තිබෙනවා. ඒ මගින් අපේ රටේ තරුණ තරුණියන් විශාල ප්‍රමාණයකට වාහන එකලස් කිරීම පිළිබඳ ජාත්‍යන්තර දැනුම ලැබෙනවා.

මේ අතර ලියාපදිංචි කුලී ත්‍රීරෝද රථ රියදුරෙකු මාර්ග අනතුරකින් ජීවිතක්‍ෂයට පත් වුණොත් ඔහුගේ යැපෙන්නන් වෙනුවෙන් රුපියල් දස ලක්ෂයක වන්දියක් ගෙවීමට අප කටයුතු කරනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියෙකුගේ මරණ කටයුතු සිදු කර ගැනීම සඳහා රුපියල් විසිපන්දහසක මුදලක් ලබාදීමටද අප කටයුතු යොදා තිබෙනවා.

ගමේ ආර්ථිකය අප අමතක කර නොමැති අතර සමෘද්ධි අමාත්‍යාංශය හරහා ඒ සෑම ගමක් වෙනුවෙන්ම ඒ වැඩ සටහන් ක්‍රියාත්මක කර තිබෙන අතර ග්‍රාමීය මට්ටමේ පොළවල් 2500ක් දියුණු කිරිමටද අප සැලසුම් කර තිබෙනවා.

අපට අවශ්‍ය වන්නේ ශක්තිමත් මධ්‍යම පන්තියක් මේ රටේ ඇති කරන අතර ජනතාවගේ අයිතින් තහවුරු කිරිමටයි. මහාමාන්‍ය ඩී. එස්. සේනානායක කාලයේ සිට අද දක්වාම මහවැලිය සහ රණසිංහ පේ‍ර්මදාස මහතාගේ ව්‍යාපෘතිවලින් ජනතාව වී ගොවිතැන සහ කුඩා තේ කර්මාන්තය ඇතුළු විවිධ අවශ්‍යතා වෙනුවෙන් ඉඩම් ලබා ගත්තා. කිසිදු ප්‍රශ්නයක් මේ වන විට මතු වි නොමැති ඒ සියලූ ඉඩම් සඳහා ඒ ජනතාවට සින්නක්කර අයිතිය ලබාදීමට අප කටයුතු කරනවා.

එමෙන්ම අවුරුදු ගණනාවක් මුළුල්ලේ ආණ්ඩුවේ තට්ටු නිවාසවල සිටින ජනතාවට ද ඒ නිවාස වල සින්නක්කර අයිතිය ලබාදෙන අතර එවිට මේ රටේ විසි ලක්‍ෂයකට අධික ජනතාවකට ඒ නිවාසවල සින්නක්කර අයිතිය හිමි වනවා.

එපමණක් නොව උතුර, නැගෙනහිර සහ කොළඹජීවත් වන සිය ඉඩම් අහිමි වූ ජනතාවට ඒ ඉඩම්වල අයිතිය යලි ලබාදීමට ද අප කටයුතු කරනවා.

දූෂණය මුළුමනින්ම පිටු දකින අප මහ පරිමාණ මුල්‍ය අපරාද විමර්ශන ඒකකය නීතිගත කර හොරුන් පිටු පස තව තවත් ලූහු බැදීම ආරම්භ කරනවා.

ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමයට අවශ්‍ය වන්නේ කෙසේ හෝ බලය යලි ලබාගෙන මේ දූෂණ වංචා සහ අක්‍රමිකතාවලට එරෙහි පරීක්‍ෂණ යට ගසා යලි හොරකම් කිරීමටයි. මේ අය සල්ලි හම්බ කර නොගත් එකක් නොමැති අතර ඒ සල්ලිවලින් කළේ හිල්ටන් හෝටලයේ හැදු තෝර මාලූ ඇwුල් තියල් සැන්විච් චොක්ලට් සෝස් සහ වේලපු කර්තකොලම්බන් අඹසමඟ රත්තරන් ගෑරුප්පුවෙන් කෑමයි.

මේ කෑම වේල කෑම සඳහා මේ අය රුපියල් ලක්‍ෂ 94ක් වියදම් කර තිබෙනවා. මේ තෝර මාලූ ඇwුල් තියල් සැන්විච් නොකෑවා නම් ඒ බව මේ අය ප්‍රසිද්ධියේ කිව යුතුයි. නලීන් බණ්ඩාර මන්ත්‍රී තුමා මේ ගැන සියළු කරුණු හෙළිදරව් කළා. ඔවුන් මේ කෑව වේල සඳහා වියදම් කළ මුදලින් අප නිෂ්පාදනය කිරිමට යන වෛාක්ස්වැගන්ෙ වර්ගයේ කාර් තුනක් මිලදි ගත හැකියි.

මේ ගසා කෑම් අපි නවත්වනවා. එක්සත් ජාතීන්ගේ දූෂණයට විරුද්ධ ප්‍රඥප්තිය නීති ගත කිරිමට අප කටයුතු කරන අතර මත්කුඩු ජාවාරම පිළිබද විමර්ශනය කිරිම සඳහා විශේෂ අංශයක් පිහිටුවනවා. මේ පාර්ලිමේන්තුවෙන් මීට අදාල නීති අනුමත කර ගැනීමට නොහැකි වූයේ පාර්ලිමේන්තුවේ සිටින දූෂිතයන් නිසයි. එම නිසා මේ මහ මැතිවරණයෙන් පසුව පත් වන පාර්ලිමේන්තුවෙන් මේ සියලූ නීති රීති සම්මත කර ගන්නවා.

රටේ නිදහස තහවුරු කරන අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ බලතල ආරක්‍ෂා වන අයුරින් විධායක ජනාධිපතිකම ද අහෝසි කරනවා. එමෙන්ම නව මැතිවරණ ක්‍රමයක් ඉදිරිපත් කරන අතර ව්‍යවස්ථාදායක සභාව කතා නායක අගමැති සහ විරුද්ධ පක්‍ෂයේ නායක යන තිදෙනාට සීමා කරනවා.

එපමණක් නොව පාර්ලිමේන්තුවට වගකියන ආණ්ඩුවක් ඇති කිරිම සඳහා අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන අතර ඒකීය රාජ්‍යයක බලය බෙදා හැරීම සඳහා හැකි තරම් ඉඩ ලබා දෙනවා. අපට අවශ්‍ය වන්නේ සියලූ ජන වර්ගයා එකට ඒකරාශි කිරිම වන අතර සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් ජනතාව සටන් කරමින් මරා ගත්තා හොඳටම ඇති. එමනිසා අප සියලූ දෙනාම එකට එකතු වී මේ සංවර්ධන ගමනේ අවුරුදු 10ක් එක දිගට ගියොත් ගෙවුණු දශක තුනේදි රටට සිදුවූ හානිය නැති කර ගැනීමට අපට හැකියාව තිබෙනවා.

පිරිසිදු පානීය ජලය ලබාදීමට කටයුතු කරන අතර මධ්‍යම පන්තිය වෙනුවෙන් අවම වශයෙන් තට්ටු නිවාස තුන් ලක්‍ෂයක් ඉදි කිරිමට අප සැලසුම් කර තිබෙනවා. බෙන්තොට සිට මිරිස්ස දක්වා එක සංචාරක කලාපයක් ඇති කරන අතර එම සංචාරක කලාපයේ ආරම්භය වශයෙන් වර්ග මීටර් තුන්දාහක සම්මන්ත්‍රණ ශාලාවක් බෙන්තොට ඇති කරනවා. අපි මේ සම්මන්ත්‍රණ ශාලාව ජෙෆ්රි බාවා නමින් නම් කරනවා.

ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමය අරලියගහ මන්දිරයේ දෙවන සම්මන්ත්‍රණ ශාලාවක් ඉදිකිරිමට සැලසුම් කර තිබුණු අතර, මම එය ඉදි කිරීම අත්හිටෙව්වා. අපි බෙන්තොට ඉදි කරන්නේ අන්න ඒ සම්මන්ත්‍රණ ශාලාවයි. මේ ගැන මම ගයන්ත කරුණාතිලක ඇමතිතුමා සමග සාකච්ඡා කළා.

සංස්කෘතික ත්‍රිකෝණය දියුණු කිරිමට ද කටයුතු කර තිබෙන අතර පාසල් අධ්‍යාපනය අවුරුදු 13ක් අනිවාර්ය කරමින් අධ්‍යාපනය දියුණු කිරිමට ද සැලසුම් කර තිබෙනවා. විශ්ව විද්‍යාල මගින් උසස් අධ්‍යාපනය ලබා දීම සඳහා නව ක්‍රමයක් හදුන්වා දෙන අතර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කර විශ්ව විද්‍යාල සංවර්ධන මණ්ඩලය ඇති කර සිය වැඩ කටයුතු ඉදිරියට ගෙන යාමේ වගකීම ඒ ඒ විශ්ව විද්‍යාලවලටම ලබා දෙනවා.

අලූත් ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම සඳහා යන මේ අලූත් ගමනට එක් වන්නැයි මම ඔබ සියලූ දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. අප මේ කරන වැඩ කටයුතුවලින් ප්‍රතිඵල අත්වී අනාගතය තහවුරු වන්නේ අපේ නොව මේ තරුණ තරුණියන්ගේයි.

එසේ නම් මේ මොහොතේ ඔබ සිතිය යුත්තේ ඔබේ අනාගතයද? නැතිනම් ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමයේ අනාගතයද? ඔබේ පවුලේ අනාගතයද? නැතිනම්, මහින්ද රාජපක්‍ෂ උන්නැහේගේ අනාගතයද? ඔබ අප ඉදිරියට යා යුතුද? නැතිනම් පස්සට යා යුතුද? රජ පවුලට ලැම්බෝ ගිනි ලබා දෙනවාද නැතිනම් ඔබේ පවුලට වෛාක්ස් වැගන්ෙ කාරයක් මිලදි ගන්නවාද?

අලූත් ශ්‍රී ලංකාවක් බිහි කර ඔබේ අනාගතය ඇති කිරිමට නම් මහින්ද රාජපක්‍ෂගේ අනාගතය නැති කළ යුතුයි. ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමය සහ ඒ අයගේ දේශපාලනය ජනවාරි මස අට වැනිදා අප වළලා දැම්මා. මහ මැතිවරණයේදි ඒ වළලා දැමූ ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමය යළි ගොඩ ගෙන ඒ වළට ඔබව දැමීමට ඔබ ඉඩ තබන්න එපා. එසේ නම් ඔබේ පවුලේ අනාගතය ආරක්‍ෂා කිරිමට අගෝස්තු මස 17 වනදා එක්සත් ජාතික පක්‍ෂයට ඡන්දය දෙන්නැයි මම ඉල්ලා සිටිනවා.

*2015. 07.11 වන දින බොරැල්ල කැම්බල් පිටියේ පැවති එක්සත් ජාතික පක්‍ෂයේ විශේෂ මහා සම්මේලනයේදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැක්වූ අදහස්

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.