
සති දෙකක කාලයක පෙර සිට රතුපස්වල ප්‍රදේශයේ හේලීස් වෙනිග්රෝස් කර්මාන්ත ශාලාව අවට ජනතාව තමන්ට පානීය ජලය ලබා දෙනමෙන් ඉල්ලා උද්ඝෝෂණයක නිරත වුණා. එම උද්ඝෝෂණයෙන් අනතුරුව අගෝස්තු 01 වැනිදා වැලිවේරිය නගරය යුද පිටියක් බවට පත් වුණා. එම ප්‍රදේශයේ හමුදාව හා ප්‍රදේශ වැසියන් ඇතුළු අවට ජනතාව අතර පැවැති ගැටුම රාත්‍රිය දක්වා ඇදී ගියා. ආරක්ෂාව පතා පල්ලියට ගිය මහජනතාවට ද හමුදා ප්‍රහාර එල්ල කර තිඛෙන අතර, පල්ලිය තුළත් වෙඩි ප්‍රහාර එල්ල කර තිඛෙනවා. එපමණක් නොව ප්‍රදේශයේ සැරිසරා අතුරු මාර්ග දිගේ ගොස් වෙඩි ප්‍රහාර එල්ල කොට තිඛෙනවා. මා සමග සාකච්ඡා කළ පිරිස හා මා හමු වුණ පිරිස මෙම වෙඩි ප්‍රහාර සම්බන්ධයෙන් පැහැදිළි කළා.
මෙම ගැටුම සම්බන්ධයෙන් ප්‍රශ්න රාශියක් පැන නැගී තිඛෙනවා. මෙම ගැටුමට සම්බන්ධ තවත් කණ්ඩායම් ගණනාවක් සිටින බව පොලිසිය පවසනවා. කෙසේ වෙතත් මෙම සිද්ධියට ආණ්ඩුව වගකියන්න ඕන. මෙම ප්‍රශ්නයෙන් ආණ්ඩුවට පැන යන්නට බැහැ.
මෙම ප්‍රශ්නය යුද්ධයක් බවට පරිවර්තනය වෙන්නට කලින් අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කර ආණ්ඩුව විසඳුමක් සෙව්වේ නැත්තේ ඇයි?
පානීය ජල ප්‍රශ්නය හේතු කොට ගෙන බැලුම්මහර ප්‍රදේශයේදී ද උද්ඝෝෂණයක් පැවැත්වුණා. එම උද්ඝෝෂණය අවසන් කිරීමෙන් පසු නුවර මාර්ගයේ ගමනා ගමනයට කිසිදු බාධාවක් ඇති වුණේ නැහැ. එසේ නම් වැලිවේරිය ප්‍රදේශයට ඇතුල්වී කලබල ඇති කලේ ඇයි? එම ප්‍රදේශයට හමුදාව ගියේ ඇයි?
වැලිවේරිය ප්‍රදේශයට පොලිසිය යොදවන්නේ නැතිව හමුදාව යෙදවූයේ ඇයි? මෙම ගැටුම සමථයකට පත් කිරීම සඳහා මුලින්ම පොලිසිය යෙදෙව්වේ නැත්තේ ඇයි කියා පැහැදිළි කළ යුතුයි.
මහජන උද්ඝෝෂණයක් හෝ පෙළපාලියක් විසුරුවා හැරීමට ක්‍රමවේද කිහිපයක් තිඛෙනවා. පොලිස් කැරලි කණ්ඩායම යෙදවීම, ජල ප්‍රහාර එල්ල කිරීම, කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම, රබර් උණ්ඩ වැනි දේ පාවිච්චි කළ හැකියි. වෙඩි තැබීමට පෙර භාෂා තුනෙන්ම අවවාද කළ යුතුයි. නමුත් මෙම ක්‍රමවේද කිසිවක් ඉටු වී නැති බව පෙනී යයි.
අකිළ දිනේෂ් ජයවර්ධන, රවිෂාන් පෙරේරා යන සිසුන් හා නිලන්ත පුෂ්පකුමාර යන අය මෙම උද්ඝෝෂණයට සම්බන්ධ වූයේ නැහැ. රැකියාවට ගොස් නිවස බලා පැමිණෙමින් සිටි තම මෑණියන්ව එක්කර ගෙන ඒමට ගිය අකිල දිනේෂ් ජයවර්ධන ශිෂ්‍යයා එම ප්‍රහාරයට ලක්වූ අතර, රවිෂාන් පෙරේරා සිසුවා පන්ති අවසන් වී නිවස කරා පැමිණෙමින් සිටිය දී මෙම ඛේදනීය ඉරණමට මුහුණ දී තිඛෙනවා. නිලන්ත පුෂ්පකුමාර රැකියාවට ගොස් නැවත තම නවාතැන්පොළට පැමිණෙමින් සිටියදී ප්‍රහාරයට ලක්ව තිඛෙනවා. රවිෂාන් පෙරේරා සිසුවා මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි අවස්ථාවක මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වී තිඛෙනවා.
එපමණක් නොව මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.
මෙම ගැටුම වෙනත් කණ්ඩායම් උසි ගැන්වූවා යැයි කීමට තිඛෙන සාක්ෂි මොනවාද?
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුළු රටටම පිළිගත හැකි ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.
පානීය ජලය මුල් කර ගනිමින් ඇති වූ මෙම ප්‍රශ්නයට වහාම විසඳුම් ලබා දෙන ලෙස මා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
ජීවිතක්ෂයට පත්වූ අහිංසක පාසැල් දරුවන්ගේ හා තරුණයාගේ ජීවිතවලට මුදලින් වටිනාකමක් දිය නොහැකි වුවත් ඝාතනයට ලක්වූවන්ට හා තුවාල ලැබූවන්ට සෑහීමකට පත්විය හැකි වන්දි මුදලක් කඩිනමින් ලබා දෙන මෙන් ද මා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
*රතුපස්වල ඛේදවාචකය සම්බන්ධයෙන් විපක්ෂනායක වරයා ඊයේ පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශය
Vishaka / August 8, 2013
මේ මිනිස්සු ආණ්ඩුවට දැනුම් දීමක් කරලා නැතිලු .කෙලින්ම උත්ගොෂනෙකට යන්න කලින් දැනුම් දීමක් කරලා විසදුමක් ලැබෙනකල් ටිකක් ඉවසන්න තිබුන.එහෙම කලානම් අහිංසක දරුවො බිලි වෙන් නැහැනෙ.
/
මිගෙල් / August 8, 2013
හමුදව යොදවල කලබයක් ඇති කරන්න තරම් ආණ්ඩුව මෝඩ වෙයිද
/
සත්‍යය / August 8, 2013
මේ ගැටලුව සම්බන්දයෙන් බැලිය යුත්තේ මතුපිටින් නොව එහි අබ්යන්තරය දෙසයි .මෙහි ගැබුරින් දිවෙන කුමන්ත්‍රණ කාරී බවක් දැන් දැන් පෙනෙමින් තිබේ .මෙවන් සිදුවීමකින් වාසියක් ලබන්න පිරිසක් බලන් සිටි බව මගේ හැගීමයි.ඒ කවුරුන්ද යන්න සිතිය යුතුය
/
මහජනයෝ / August 8, 2013
නිකන් බොරු රගපෑම් එපා වික්‍රමසින්හ මහත්තයෝ මේ වැඩේ පිටි පස්සේ ඉන්නේ ඔහෙලා කියලා අපි දන්නවෝ
/
සමිත / August 8, 2013
මේපරත් රනිල් මහත්තයා සුපුරුදු පරිදි නාගන්න තමා යන්නේ…
වටේ ඉන්න උන්දැල නිසා හැමදාම නාගන්නවා..
එයා නානවා අනිත් අයගේ පිටේ සබන් ගානවා…
/
සූරියබණ්ඩාර / August 8, 2013
මෙම කර්මාන්තශාලාවේ වැරද්දක් ඇත්නම් එම කර්මාන්තශාලාව වසා දමන බව ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දු වූ පසුවත් වැලිවේරිය ජනතාව උද්ඝෝෂණය කිරීම පිලිබඳ කවුරුත් කතා නොකරන්නේ මන්ද..
/
අබිලිං / August 8, 2013
ඔය මිනිස්සු කවදාවත් ඒක පිළිගන්නේ නෑනේ සුරියබණ්ඩාර මහත්තයෝ.වයඹ ඡන්දෙත් ළඟ එනවා.විපක්සෙ උන්ට වේදිකා වල කට හම යනකන් කිවන්න දේකුත් එපෑයැ.
/
වෙඩිසිංහ / August 8, 2013
වැලිවේරිය ජනතාව සති දෙකක් තිස්සේ උද්ඝෝෂණය කරාලු.රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු විපක්ෂය ක්‍රියාත්මක වුනේ එක මනුස්සයෙක් මැරුණට පස්සේ.විපක්ෂයක් විදියට මේ සිද්දියේ බර ආණ්ඩුවට පටවනවට වඩා හොඳ නැද්ද තත්ත්වය මෙතරම් උග්‍ර වීමට පෙර ආණ්ඩුව දැනුවත් කළා නම්.ගම්පහ ප්‍රදේශයේ සිටින්නේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු පමණක් නොවේ.ජනතා චන්දයෙන් පත්වුණ විපක්ෂ මන්ත්‍රීවරු ද සිටී.එතුමන්ලාට ජනතාව පිලිබඳ වගකීමක් නොමැතිද ?
/
මගෝඩිස් තුමා / August 8, 2013
විපක්සෙ මන්ත්‍රී වරුන්ට ජනතාව පිලිබඳ වගකීමක් නෑනේ.ඒ මිනිස්සුන්ට තිබෙන එකම වගකීම මෝඩ විහිලු කර කර ඉන්න එකනේ.
/
විජේසිරි . / August 8, 2013
මේ සිද්දියට සම්පුර්ණයෙන් වග කියන්න ඕනේ විපක්ෂේ..බොරුවට ජනතාව අවුස්සලා ලොකු කෝලාහලයක් ඇති කරා..මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා කියල බලධාරීන් දැනුවත් කරලා ගොඩින් ප්‍රශ්නේ විසදා ගන්නේ නැතුව අන්තිමට පොඩි ළමයින්ගේ ජිවිත නැති උනා…..
/
මිතිල / August 12, 2013
වැලිවෙරිය ප්‍රශ්නය සම්පුර්ණයෙන් විපක්ෂයේ කුමන්ත්‍රණයක්….දැන් බොරු බයිලා ගැහැව්වට.
/