
ජනප්‍රිය ගායක වික්ටර් රත්නායක, මා කුඩා කාලයේ, ‘ස’ නමින් සංගීත ප්‍රසංග මාලාවක් රට පුරා පැවැත්වීය. වරක් මම පවුලේ අය සමග, එවක දකුණේ ප්‍රධාන උත්සව සියල්ල පැවැත්වෙන ගාල්ල නගර සභා ශාලාවේ වේදිකාගත කෙරුණු ‘ස’ ප්‍රසංගයක් නැරඹීමට ගියෙමි. සමහර විට, පොදු අවස්ථාවකට සහභාගී වූ මගේ ප්‍රථම අත්දැකීම එය වන්නට ඇත. සදා මතකයේ රැඳෙන ඒ සොඳුරු ගීතමය වින්දනයට අමතරව, එදා මිනිසුන් නගර ශාලා ප්රවේශයේ පොදිකමින්, එකිනෙකා තෙරපමින් පොරකෑ සැටි මට කවදාවත් අමතක නොවේ. කුඩා දරුවෙකු වූ මට ශාලාවට ඇතුළු වීම, සිතා ගැනීමටත් නොහැකි තරමේ දුෂ්කර කාර්යයක් විය. හැඩිදැඩි වැඩිහිටියන්ට පවා ඒ කලබලය මැද්දේ ශාලාවට ඇතුළු වීම පහසු නොවීය. එසේ පොරකෑ සෑම දෙනාම, ස්වකීය ප්‍රවේශපත් නියමිත ස්ථානයේ දී ඉදිරිපත් කොට, පිලිවෙලකට පේලි ගැසී සාධාරණ ක්‍රමයකට ගියේ නම්, ඊට වඩා පහසුවෙන් සහ කරදරයකින් තොරව හැම දෙනෙකුටම ශාලාවට ඇතුළු විය හැකිව තිබු බව, එදා එහි සිටි කිසිවෙකුට වැටහුණු බවක් පෙනෙන්ට නොවුණි.
සාධාරණ ක්‍රමයකට අනුගතව කටයුතු කිරීමට බොහෝ ක්ෂේත්රවලදී ශ්‍රී ලාංකිකයන් දක්වන අසමත් කම, කෙමෙන් වැඩිවිය පත්වෙද්දී, මට වැටහෙන්ට විය. මේ අසමත්කමේ ගොදුරු බවට ඔවුන්ම පත්වන සැටි, මාරක මාර්ග අනතුරු, රෙගුලාසිවලට පිටතින් කෙරෙන කර්මාන්ත නිසා සිදුවන පරිසර දූෂණ, පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේ දී ඇති වන අපේක්ෂා භංගත්වය, රජයේ සේවයේ අස්සක් මුල්ලක් නෑර ඇති අල්ලස, නීතියේ ආධිපත්‍යයට පුරවැසියෙකුට ඇති අයිතිය අහිමි වීම ආදී සමාජ අපගමනයන්හි දක්නට ලැබෙන වර්ධනයෙන් පෙන්නුම් කෙරේ.
වැලිවේරිය සිද්ධිය, මේ ගොදුරු වීමේ ක්‍රියාවලිය ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්වන්නකි. විටෙක, ආසියාවේ ආශ්චර්යක් ගැන ඇති කරගන්නා අපේක්ෂාවකින් ජනතාව උද්දාමයට පත්වෙත්. අහස සිඹින ගොඩනැගිලි, යෝධ වරායවල් සහ පොකුරු කර්මාන්ත ශාලා දැක ඔවුහූ පිනා යති. රටක නීතියක් විවිධ අයවළුන්ට විවිධ අයුරින් ක්‍රියාත්මක නොවිය යුතු බව, එම උත්කර්ෂය තුළ, ඔවුහූ නොතකා හරිති. නීතියේ ආධිපත්‍යය කෙරෙහි වන ගෞරවයට, මානව හිමිකම්වලට සහ ව්‍යවස්ථාපිත පාලනයට ඉහළින් සහ ඒවා නොතකමින් උඩ දැමන ආර්ථික සංවර්ධනයක්, තිරසාර නොවන බව ඔවුහූ නොතකති. වික්ටර් රත්නායකගේ ‘ස’ ප්‍රසංගය පැවති නගර ශාලාවට ඇතුළු වීමේ දී කුඩා කල දුටු ඒ අශෝභන දර්ශනයට මේ තත්වය සෑහෙන දුරට සමාන වන බව මට සිතේ. ඊටත් වඩා සිතට කණස්සල්ල ගෙන දෙන කාරණයක් වන්නේ, මගේ දැන උගත් මිතුරන් පවා, මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය වැනි බටහිර සංකල්පවලට වඩා ආර්ථික සංවර්ධනය ප්‍රමුඛත්වය ගත යුතු බවට වර්තමානයේ ලංකාවේ ඇතිව තිබෙන අදහස වෙනුවෙන් පෙනී සිටිනු දැකීමයි. මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය යනු බටහිර සංකල්ප නොවන බවත්, ඒවා බුදුරජාණන් වහන්සේගේ දේශන තුළ පවා සොයාගත හැකි බවත් මොන තරම් පෙන්නා දුන්න ද, රාජ්‍ය මාධ්‍යයේ ප්‍රචාරණය තරම් ඔවුන් තුළ එවැනි බුද්ධිමය තර්ක අර්ථ ගන්වන බවක් නොපෙනේ.
සිවිල් විරෝධතාකරුවන්ට එරෙහිව හමුදාව මෙහෙයවා ජීව උණ්ඩ පාවිච්චි කිරීමට මත්තෙන්, පොලිස් කැරලි මර්දන ඒකක සේවයට කැඳවූයේ ද යන්න, වැලිවේරියේ සිද්ධියෙන් ඉස්මතු කෙරුණු නීතියේ ආධිපත්‍යය පිළිබඳ ගැටළුවට අදාළව, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්න කළ යුතුව තිබේ. ලන්ඩන් නුවර සිට මෙවැනි ප්‍රශ්නයක් මතු කිරීමට මට ඇති අයිතිය කුමක් දැ යි ඔහුගේ අනුගාමිකයන් ප්‍රශ්න කළ හැකිය. ශ්‍රී ලාංකීය ගමන් බලපත්‍රයක් හිමි ශ්‍රී ලාංකික පුරවැසියෙකු වශයෙන්, හඳේ සිට හෝ එසේ ප්‍රශ්න කිරීමට මට ව්‍යවස්ථානුකූල අයිතියක් ඇති බව මෙහි දී මතක් කර දිය යුතුව ඇත. මෙසේ හමුදාව ලවා ජීව උණ්ඩ සිවිල් ජනතාවට එරෙහිව පාවිච්චි කළ මෑත ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය නොවේ.
මානව හිමිකම් පැත්තෙන් ගත්තොත්, වතුර ප්රශ්නය ගැන මේ ජනතාව උද්ඝෝෂණය කරන්නේ දැන් කලක සිට ය. පිරිසුදු පානීය ජලයට ජනතාවට ඇති මූලික අයිතිය ගැන සොයා බැලීමට, එම ජනයා පාරට බසින තෙක් සිටියේ ඇයි? ගෝඨාභය රාජපක්ෂගේ අධීක්ෂණය යටතේ පවතින නගර සංවර්ධන අධිකාරියට ගැනෙන ප්‍රශ්නයක් වන, ජලය දූෂණය වීම ගැන විද්‍යාත්මක ගවේෂණයක යෙදීමට, එම බලධාරීන් අර්බුදය මෙතරම් උග්‍ර වන තෙක් සිටියේ ඇයි? එසේ කිරීමට අසමත් වීම, වින්දිත මිනිසුන්ට එරෙහිව මෙසේ මාරක බලය පාවිච්චි කිරීමෙන් වසං කර ගැනීම හරි ද?
අවසාන වශයෙන්, ගෝඨාභය රාජපක්ෂට මතක් කර දිය යුතු දෙයක් තිබේ. ඔබේ සහෝදරයාගේ පාලනයට එරෙහිව නැගෙන ඕනෑම ජනතා බලයක් මර්දනය කිරීම සඳහා හමුදාව යොදා ගැනීමට තරම් ඔබ තුළ පවතින මාන්නාධික හිතුවක්කාර ආකල්පය නිසා, විනාශ වන ජීවිත බොහෝ ය. ශ්‍රී ලංකාව අයිති වන්නේ ඔබේ පවුලට යැයි නොසිතන්න. ඔබට රිසි පරිදි එරටේ වෙසෙන ජනතාව ඝාතනය කිරීමට ඔබට නොහැකි බවත් සිහියට ගන්න. ශ්‍රී ලංකාව, ජනරජයක් බව, ඔබ නොදන්නේ නම්, මතක් කර දිය යුතුව තිබේ. ජනරජයක, පරමාධිපති වන්නේ ජනතාවයි. මේ සටහන, එම බලය අභ්‍යාස කිරීමේ අයිතිය එක දිගටම පාවිච්චි කෙරෙන බව ඔබට දන්වා සිටීමකි.
*2013 අගෝස්තු 3 වැනි දා ‘කලම්බු ටෙලිග්රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Weliweriya Incident, Gotabaya, And The Priority List Of The People In The Republic ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’
Rata wasiya / August 7, 2013
මේ රට අවුරුදු 30ක් තිස්සේ තිබ්බ යුද්දෙන් බේරාගත්තා කියල මේ ගොල්ලෝ හිතන් ඉන්නේ සැම බිම් අඟලක්ම රාජපක්සලගේ කියලා .ඕනිවට වැඩ උද්දච්ච වෙන්න ගියොත් ඉතින් එකට තියන ගවුරවය කෙලස ගන්නවා.
/
සාරා / August 8, 2013
අවුරුදු ගානක් යුද්දෙන් දුක් වින්ද ඒවා ඔහෙලට මතක නැද්ද ඒ දවස් වල කවුරුත් ඒ මැරෙන ජනතාව වෙනුවෙන් කතා කලාද අද අපි නිදහසේ ජීවත් වෙන එකම ලොකු දෙයක් නේද සාම ගිවිසුම් ගහල රට කොටියාගේ අතට දුන්නා නම් අද අපි මැරිච්ච තැන් හොයාගන්නත් බැ
/
Thrishantha / August 9, 2013
ස්ත්‍රියක් ගගක ගිලෙන්න ගියාලු. මේක දැකපු පිරිමියෙක් හනිකට කෑ ගහල ගම්මු ගෙනල්ල පිහිනන්න දන්න එකෙකුට කියල ගිලෙන්න ගියපු ස්ත්‍රිය ගොඩට ගත්තලු. ස්ත්‍රිය ගෙදර ගෙනවිත් සිහිය අවට පස්සෙ, තව ගම්මු කිහිප දෙනෙක් ලවා ස්ත්‍රියට නිතර දෙවේලෙ කිවුවලු එතුම තමයි සේරම කලේ කියල. ඒ කියල දවසක් ස්ත්‍රිය දුෂණය කරන්න උත්සහ ගන්නකොට ස්ත්‍රිය කෑගහන්න ගත්තලු. එතකොට එතුම තම ගෝල බලයොත් එක්ක, මේ ස්ත්‍රිය කෙලෙහි ගුණ නොදන්න කෙනෙක් කියල ගම පුරා කිය කියා ගියාලු. අනේ ගම්මු බහුතරයක් එකත් හැබෑ නොව කියල එතුම පස්සෙම ගියාලු.
/
සමිත / August 8, 2013
මේ රටේ තිබ්බ 30 ක යුද්ධය නිමාකලේ වත්මන් රජය නොවෙයිද? රට සංවර්ධනය කරගෙන යන මෙවන් කාලයක් මෙවැනි ප්රශණ ඇතිවෙන්න පුලුවන්. වැඩක් කරනකොට තමා ප්‍රශ්ණ ඇතිවෙන්නනේ. විපක්ෂේ වගේ නිකන් ඉන්න කොට ප්රශණ නෑ. විපක්ෂේ දන්නේ NGO සල්ලි සාක්කුවේ දාගෙන ඇට නැති දිව නටවන්න විතරයි.
/
සීතා / August 9, 2013
මහත්තයො, අපි කෝකටත් තෛලෙ වගේ එන්.ජි.ඕ. සිංදුව අපේම ජීවිත ගැන කතා කරන එවුන්ට විරුද්දව රාජපක්ෂල වෙනුවෙන් ගය ගයා ඉදිමු. දවසක අපේම ඇට නැති තැනකට වෙඩි වැදුන දවසට රාජපක්ෂලගෙ අම්ම මතක් කරල පලක් නැහැ, අපේම මොල නැති හිස් ගෙඩි වලට තඩි බාගන්නව හැරෙන්න.
/
සිරි / August 7, 2013
අදහස් නම් සුපිරි. ඒත් ඉතින් මේක කෙලින් ම ගෝඨාටම කියලා යැව්වනං තමයි හොඳ…, නැත්නං පේස්බුක් වීරයො වගේ ඔක්කොම කට්ටිය මෙතන කොමෙන්ටු කොටනවා විතරයි.
/
dharshana / August 8, 2013
මානව හිමිකම් බටහිර සංකල්ප නොවේ නම් ඔබතුමා ඉන්න එංගලන්තයේ සහ ඇමරිකාවේ හමුදාවලින් ඉරාකයේ ඇෆ්ගනිස්ථානයේ සිදු කරපු මෙන්ම අදටත් කියුබාවේ බලෙන් තියන් එන්න ගොන්ටනාඕ බේ කදවුරේ ඉන්න අයගේ මානව හිමිකම් ගැන, පකිස්ථානයේ යේමනයේ ඩ්‍රෝන ප්‍රහාරවලින් මිය යන සිවිල් වැසියන්නේ මානව හිමිකම් ගැන, ඇමරිකාවේ ආධාරයෙන් සිරියාවේ ත්රස්තවාදීන් කරන මානව හිමිකම් කඩවීමි ගැන කිසිම අන්තර්ජාතික සංවිධානයක් කථා නොකරන්නේ ඇයි කියන එක කරුණාකර පහදා දෙන්න. මේ ප්‍රශ්නවලට උත්තර අපේ සංස්කෘතියෙන් හොයන්ඩ පුළුවන්. බුදුදහම මානව කේන්ද්‍රවාදයක් නොව. එහි ඇත්තේ ‘සත්වයා‘ කියන සංකල්පයයි. ‘සියලු සත්වයන් නිදුක් වෙත්වා‘ කියලයි අපි කියන්නේ. ‘මිනිසා‘ සහ ‘මිනිස් අයිතිවාසිකම්‘ ඇත්තේ ක්‍රිස්තියානි සංස්කෘතියේයි. ඒ සංකල්ප අපිට ‘වදින්නේ‘ නැත්තේ ඒකයි. අපි යුද්ධ කරේ බැරිම තැන මිසක් වෙන රටවල් අල්ලගන්ඩ නොවේ. වර්තමාන පාලකයන් සහ මිනිස්සු බුදුදහමෙන් සහ බෞද්ධ සංස්කෘතියෙන් බැහැර වීම තමයි මේ ප්‍රශ්නයට මුල. ඒකට විසදුම් නැවතත් අර බොරු මානව හිමිකම් කතා ඇදගෙන නාන එක නොව යටපත් වෙලා ඇති අපේ සංස්කෘතිය නැවත මතු කර ගැනීමයි.
/
Thrishantha / August 9, 2013
බුධු රජානන් වහන්සේගෙ ධර්මයට අනුව සතර බ්‍රහ්ම විහරන ව්ඩනවනම්, සියලු සතුන් කෙරෙහි මෙත්තා, කරුණා, මුධිතා, උපෙක්කා සිතින් බලනවනම් මේ වගෙ දේවල් වෙන්නෙ නැති බව හබෑව. නමුත් අපි වැඩි දෙනා ගාව තියෙන්නෙ කයිය විතරයි. අන්තිමට මානව හිමිකමුත් නෑ සත්ව කරුණාවත් නෑ.
/
Thrishantha / August 9, 2013
තවද, සතර බ්‍රහ්ම විහරණ වැඩිය යුතු පිලිවෙලක් ඇත. පලමුව තමාට මෙත් වැඩිය යුතුය. අනතුරුව තමාට සමීප අයටද, ඉන් අනතුරුව මුලු මහත් මානව වර්ගයාටද, විශ්වයේ සියලු ජීවීන්ටද යන ආකාරයෙන් ව්‍යාප්ත කල යුතුය. එනම් සියලු සත්වයාට නිදුක් වේවා කියල කට පාඩමෙන් කියල විතරක් වැඩක් නැහැ. හිතට එකඟව එය වඩන පිලිවෙලට වඩන්න වෙනව.
/
සුගරන් / August 8, 2013
මෙවැනි දෙයක් කරන්න තරම් අවශ්‍ය වූ අදුශ්යමන හස්තය කවුරුන්ද
/
සාරා / August 8, 2013
වග කිව යුතු අදුශ්යමන හස්ත දෙකක් ඉන්නවා…එජාපය සහ ජේ වී පි
/
Sun / August 9, 2013
This shows that they have almost lost the control over the rule.
How come people ´s man whose magical powers freed the country from ltter terror with the island has FAILED to handle an issue in which some villaged protested asking healthy drinking water ?
Now the stupid folks would finally realize – war victory was not because of his vision, but it was a secret deal between MR regime and the co. of US and India.
/
Sun / August 9, 2013
They attack UNP, but RULING coalition is weakened today than in the past.
This is the how they rule the country- killing innocent youth not repecting people´s democratic rights. And a proved sign of the country has already been millitaried. :(
/
suda / August 12, 2013
meka pitipase inna balawegaya hoya gaththa data sathya heliwewi.
/
indika / August 12, 2013
ahinsaka janathwage jeevitha ekka selam karanna sulupirisakata ida denna ba,rajaya gana aprasadaya athi karanna karapu kumanthrana.
/
siraline / August 12, 2013
gampaha janathwa hatiyata apita rajaya vishwasai.janathawata adaraya karana jandhipathithuma janathawata mehema karai kiyala.ada api nidahase paya gahala ineth me rajaya hinda,ada me wenakota sulu pirisakata mula amathaka karala patu parartha kami aramunu wenuwen wada karanawa,
/
achala / August 13, 2013
කොහොමත් වැඩක් කරන මිනිහෙකුට කොහොමත් කතා හදන්න බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවනේ.වැඩක් නොකර ඉන්නවනම් හොඳයි එතකොට ඔය මොනවත් නෑ.ඕක ඉතින් අපේ රටේ හැටිනේ.හොඳ දේවල් අගය කරන්න කවුරුත් නෑ.වැරදි අඩු පාඩු හොයන්න නම් ඕන තරම් අය ඉන්නවා
/