ශී‍්‍ර ලංකාව ආරක්‍ෂා කිරීමේ වගකීම බුදුරජාණන් වහන්සේට ශී‍්‍ර විශ්ණු දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේට පැවරූ බව මහා වංශයේ සඳහන් වනවා. රටක් ආරක්‍ෂා කරනවා කියන්නේ ජනතාව ආරක්‍ෂා කිරීම වන අතර, ජනතාව ආරක්‍ෂා නොකර රටක් ආරක්‍ෂා වන්නේ නැහැ. ජනතාව ආරක්‍ෂා කරනවා කියන්නේ ඒ අයගේ සිවිල් දේශපාලන, සමාජ, සංස්කෘතික සහ ආර්ථික ඇතුළු සියලූ අයිතිවාසිකම් ආරක්‍ෂා කර එම ජනයා හොඳ සමාජයක ජීවත් කරවීමයි.
නමුත් මේ ආණ්ඩුව යටතේ අපේ ජනතාවගේ එම සියලූ අයිතිවාසිකම් උල්ලංඝණය වී තිබෙන අතර, ජනතාවට හොඳ අනාගතයක් සේම හොඳ සමාජයක් ඇත්තේ නැහැ. ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමය යටතේ මේ රටේ ජනතාවට දේශපාලන නිදහස, කතා කිරීමේ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස ඇත්තේ නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව අයිතිවාසිකම් උල්ලංඝණය කර තිබෙන ඒකාධිපති රෙජිමය අධිකරණයේ නිදහසත්, ජනමාධ්‍යයේ නිදහසත් සම්පූර්ණයෙන්ම විනාශ කළා. ජනතාවගේ මූලික අයිතිවාසිකම් හොරකම් කළ ඒකාධිපති රෙජිමය, ජනතාවගේ ඡුන්ද බලයද හොරකම් කිරීමට කි‍්‍රයා කරමින් සිටිනවා.
1947 සහ 1948 වකවානුවේදී රටේ ඇති වූ ජනතා පාලනය 1972 දී ජන රජයක් බවට පත් වූ අතර, 1978 දී ජනතා පරමාධිපත්‍ය මුල්කොට ගත් පාලනයක් රටේ ඇති වුණා. මේ ආණ්ඩුව යටතේ ජනතාවගේ සියලූ අයිතිවාසිකම් උල්ලංඝණය වී තිබෙන ආකාරය ගැන අමුතුවෙන් කරුණු පෙන්වාදීමේ අවශ්‍යතාවක් නොමැති අතර, පාර්ලිමේන්තුවේ කිසිදු වැඩක් කිරීමට නොහැකි වීමෙන් ඒ බව මනාව පැහැදිලි වනවා. ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමය සිය කැමැත්ත සහ අවශ්‍යතා පරිදි පමණක් පාලන කටයුතු කරන නිසා සිය අමාත්‍යංශවලට කිසිදු වැඩක් නොමැති බව ඇමැතිවරු කියනවා.
ජනාධිපති ක‍්‍රමය මගින් තහවුරු කළ ජනතා පරමාධිපත්‍ය වෙනුවට ඒකාධිපති රෙජිමය රාජාණ්ඩුවකට ගමන් කරමින් සිටිනවා. මේ හේතුවෙන් ජනතාවගේ අයිතිවාසිකම් සියල්ල උල්ලංඝණය වෙමින් පවතින අතර, බඩු මිල අඛණ්ඩව වැඩි වන තත්ත්වය හමුවේ ජනතාවගේ ආර්ථික අයිතිවාසිකම් උල්ලංඝණය වන තරම අමුතුවෙන් කිව යුතු නැහැ.
යුද්ධයෙන් පසුව මේ රටේ ජනතාවට හොඳ යුගයක් උදා කරන බවට ආණ්ඩුව දිවුරා පොරොන්දු වුණත්, ඒ කිසිවක් මෙතෙක් සිදු වී නැහැ. ආණ්ඩුව මේ රට සම්පූර්ණයෙන්ම ණය උලට හසු කර තිබෙන අතර, තවදුරටත් මේ ආකාරයට ඉදිරියට ගියොත් අනාගත පරම්පරා ගණනාවකටවත් මේ ණය ගෙවා අවසන් කිරීමේ හැකියාවක් ඇත්තේ නැහැ.
මේ අතිවිශාල ණය ප‍්‍රමාණය පියවීම සඳහා ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් යොදවන ප‍්‍රතිපාදන සම්පූර්ණයෙන් කප්පාදු කර විශ්ව විද්‍යාල පෞද්ගලීකරණය කරමින් සිටිනවා.
නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සම්පූර්ණයෙන්ම කප්පාදු කර බඩු මිල අඛණ්ඩව වැඩි කරන තත්ත්වය හමුවේ ජනතාව අන්ත අසරණ වෙලා. ලෝකයේ තෙල් මිල අඩු වන විට දේශීය තේ මිල අඩු නොකළ ආණ්ඩුව ඒ වෙනුවට විදුලිය ගාස්තු වැඩි කළා. ඇත්ත වශයෙන්ම ආණ්ඩුව මේ විදුලි ගාස්තු වැඩි කළේ ජනාධිපති නියෝගයකින් නීතිය සම්පූර්ණයෙන්ම උල්ලංඝණය කරමිනුයි.
විදුලිය ගාස්තු ඇතුළ සියලූ භාණ්ඩ සහ සේවා මිල ගණන් අඛණ්ඩව වැඩි කෙරුණත් ජනතාවගේ වැටුප් සත පහකින්වත් වැඩි කර නැහැ. කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය පෙහොර ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙන අතර, ධීවර කර්මාන්තයේ යෙදෙන අයට හොඳ ආදායමක් ඇත්තේ නැහැ.
තරුණ තරුණියන්ට කිසිදු අනාගතයක් නොමැති අතර, විරැකියාව හේතුවෙන් තරුණ පරපුර සම්පූර්ණයෙන්ම අපේක්‍ෂා භංගත්වයට පත් වෙලා. මේ අනුව පැහැදිලි වන්නේ දින පතාම ජනතාවගේ ජීවන බර වැඩි වනවා විනා අඩු නොවන බවයි. මේ තත්ත්වය යටතේ සියලූ දෙනාම සෑම මොහොතකම ප‍්‍රශ්න කරන්නේ හෙට දවසේ කෙසේ ජීවත් වනවාද කියායි.
කාන්තාවකට රාති‍්‍රයේදී නිදහසේ සහ ආරක්‍ෂාකාරීව මහ මඟ බැස යන්න නොහැකි තත්ත්වයක් උදා වී තිබීමෙන්ද, නීතිය රජ නොකර අවනීතිය රජවී තිබීමෙන්ද පැහැදිලි වන්නේ සමාජ අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම උල්ලංඝණය වී තිබෙන බවයි.
බොහෝ දූෂණ, වංචා සහ අක‍්‍රමිකතාද, ස්තී‍්‍ර දූෂණද, මිනී මැරුම් ඇතුළු අපරාධ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප‍්‍රාදේශීය සභාවල සභාපතිවරුන්ට සහ මන්තී‍්‍රවරුන්ට චෝදනා එල්ල වන තත්ත්වයක් පැහැදිලි වන යථාර්ථය කවුරුත් දන්නවා. මේ සභාපතිවරුන් සහ මන්තී‍්‍රවරුන් පොලිසිය අල්ලා ගන්නා සැනින්ම නැවත නිදහස් කරනවා. එමගින් පැහැදිලි වන්නේ ආණ්ඩුවට සම්බන්ධ නම් ඒ අයට කිසිදු ආකාරයකින් නීතිය කි‍්‍රයාත්මක නොවන බවයි.
රට පුරා අල්ලස සහ දූෂණය රජකරවා තිබෙන අතර, සියල්ල වෙනුවෙන්ම ජනතාවට විශාල වශයෙන් ගෙවීමට සිදු වෙලා. සුළු කුණාටුවක් ඇතිවීමට නියමිත බව කාලගුණ දෙපාර්තමේන්තුවෙන් රටට ජනතාවට කල් ඇතිව දැනුම් නොදීමෙන් පැහැදිලි වන්නේ මේ ආණ්ඩුව යටතේ මිනිස් ජීවිතයට කිසිදු වටිනාකමක් නොමැති බවයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ සුළි කුණාටුව පිළිබඳ තොරතුරු කල් ඇතිව රටට ජනතාවට හෙළි කළා නම් දෙහිවල, බේරුවල සහ ගාල්ල ආදී ප‍්‍රදේශ ගණනාවක ධීවරයින්ගේ ජීවිත ආරක්‍ෂා කර ගැනීමට අවස්ථාව තිබුණා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ සුළු කුණාටුව පිළිබඳ තොරතුරු කල් ඇතිව රටට ජනතාවට කල් ඇතිව දැනුම් නොදුන් නිසා ධීවර ජීවිත ගණනාවක් රටට අහිමි වී තවත් පිරිසක් අතුරුදන් වුණා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් රටෙන්, ජනතාවගෙන් සමාව ඉල්ලා නොසිටින ආණ්ඩුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ ඇමෙරිකාවෙන් මේ සුළු කුණාටුව පිළිබඳව කල් ඇතිව අනාවැකි පළ කළත්, ඒ අය ඒ පිළිබඳව වැඩිදුර ගණන් නොගත් බවයි.
සුළි කුණාටුව පිළිබඳ තොරතුරු නොදැන මුහුදු ගිය සිය සහෝදර ධීවර ජනයා බේරා ගන්නැයි ධීවර ජනතාව ඉල්ලා සිටිද්දී ඊට ඇහුම්කම් දීමට ආණ්ඩුවේවත්, පොලිසියේවත්, හමුදාවේවත් කවුරුත් සිටියේ නැහැ. සුළි කුණාටුවෙන් බේරී වෙරළ කරා පැමිණෙමින් සිටින ධීවරයින් බේරා ගැනීමට කිසිදු වැඩපිළිවෙළක් නොතිබූ අතර, ඒ වෙනුවෙන් හෙලිකොප්ටර් යානා යෙදවූයේද නැහැ. අවසානයේදී සිය බෝට්ටු ගිනි තබා උද්ඝෝෂණය කරමින් විරෝධතා පළ කිරීමෙන් ආණ්ඩුව ලවා මේ වැඩ කටයුතු කර ගැනීමට දෙහිවල ධීවර ජනතාවට සිදු වුණා.
මිනිස් ජීවිතය කෙරෙහි කිසිදු වටිනාකමක් සහ අගය කිරීමක් නොකරන ආණ්ඩුවේ ස්ථාවරය වී තිබෙන්නේ ධීවරයින් මුහුදු ගොස් මසුන් අල්ලා ගෙන ආවොත් ඒ අයට වාසියි…..මුහුදේදී මිය ගියහොත් උන්ට අවාසියි…. යන්නයි.
රටත් ජනතාවත් ගැන නොසිතනවා නම් රට රකින්ගේ කෙසේද? ජනතාවගේ බලාපොරොත්තු සියල්ල කඩ වෙලා. ජීවත් වන්නේ කෙසේද, කළ යුත්තේ කුමක්ද, බලාපොරොත්තු තැබිය හැකිද යන ප‍්‍රශ්න ගණනාවක ජනතාව පැටලිලා. ජනතාවට සියල්ල එපා වෙලා. දේශපාලනඥයින් සහ මේ ආණ්ඩුව ගැන ජනතාව කලකිරිලා. ඒ අය සැබෑ වෙනසක් ඉල්ලා සිටිනවා.
එක්සත් ජාතික පක්‍ෂය මාතර දෙවිනුවර ශී‍්‍ර විශ්ණු මහ දේවාලයට පැමිණ දේව කන්නලව් කරමින් දේව පූජා පැවැත්වූයේ ජනතාව ඉල්ලා සිටින ඒ සැබෑ වෙනස මේ රටේ ඇති කිරීම සඳහායි. මාතර දෙවිනුවර ශී‍්‍ර විශ්ණු මහ දේවාලයෙන් ආරම්භ කළ මේ පූජාව ඇතුළව රට පුරා ශී‍්‍ර විශ්ණු පූජා දහසක් පවත්වමින් අවසන් විශ්ණු මහ පූජාව පේදුරුතුඩුවේ විශ්ණු මහා දේවාලයේ පැවැත්වීමට අප කටයුතු යොදා තිබෙනවා.
බුදු රජාණන් වහන්සේ මේ රට ආරක්‍ෂා කිරීමේ වගකීම ඔබ වහන්සේට පවරා තිබෙන නිසා, රටත් ජනතාවත් ආරක්‍ෂා කර දෙන්නැයි අප ශී‍්‍ර විශ්ණු දේවතාවුන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. මේ රටත්, ජනතාවත් රැක දී සියලූ දෙනාට හොඳ අනාගතයක් උදා කර දෙන්නැයි විශ්ණු දෙවියන්ට අප කන්නලව් කරනවා.
මේ ශී‍්‍ර විශ්ණු පූජා පැවැත්වූවාට පසුව ඒකාධිපති රෙජිමයේ මනස යහපත් වී ප‍්‍රජාතන්ත‍්‍රවාදය රටේ තහවුරු කර ස්වාධීන මැතිවරණ රාජ්‍ය සේවා, අධිකරණ සහ පොලිස් කොමිෂන් සකී‍්‍රය කර 17 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය කි‍්‍රයාත්මක කරමින් නීතිය රජ කරවා ජනතාවට ආර්ථික සහන ලබාදී රට දියුණු කරනු ඇතැයි අප බලාපොරොත්තු වනවා.
ශී‍්‍ර විශ්ණු දේව පූජා දහසක් පවත්වමින් කන්නලව් කරත් ඒකාධිපති රෙජිමය මේ කිසිවක් තේරුම් නොගෙන රටට ජනතාවට මේ සියලූ දේ ලබා නොදුනහොත් ඔබ වහන්සේගේ ඉල්ලීමත් මේ අය ප‍්‍රතික්‍ෂෙප කළ නිසා අප සියලූ පාර්ශ්වයන් එකට එක් වී ආණ්ඩු මාරු කරන ඡුන්දයක් ඉල්ලා සිටින බව ශී‍්‍ර විශ්ණු දෙවියන්ට අප කියා සිටිනවා.
කිසිවෙකුට හානියක් හෝ ශාපයක් නොකරන අප ශී‍්‍ර විශ්ණු දෙවියන්ට කන්නලව් කරමින් ඉල්ලා සිටින්නේ රටත් ජනතාවත් බේරා ගන්නා ලෙසයි. විශ්ණු දෙවියන්ගේ අණ ඒකාධිපති රෙජිමය පිළිගන්නවා නම් ප‍්‍රශ්නයක් නැහැ. උන් වහන්සේටවත් මේ ඒකාධිපති රෙජිමය ඇහුම්කන් නොදෙන්නේ නම් අප සියලූ දෙනාම එකට එකතු වී ශී‍්‍ර විශ්ණු දෙවියන්ට නැවත කන්නලව් කර ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණය කරමින් ආණ්ඩු මාරු කරන ජාතික මැතිවරණයක් 2014 දී ලබා ගමු.
දේශපාලන පක්‍ෂ පාට භේදයක් නොමැති මේ ව්‍යාපාරයට කොළ, නිල්, රතු ඕනෑම අයෙකුට එක්වීමට හැකියාව තිබෙනවා. එමෙන්ම, සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු ඕනෑම ජාතිකයකුට ද බෞද්ධ, හින්දු සහ අස්ලාම් ඇතුළු ඕනෑම ආගමිකයකුටද අප සමග එකතු විය හැකියි.
*එක්සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා 2013-06-09 දින මාතර දෙවිනුවර ශී‍්‍ර විශ්ණු මහා දේවාලයේදී පැවැති කන්නලව්වෙන් සහ දේව පූජාවෙන් අනතුරුව මාතර නගරයේ පැවැති ජන හමුවේදී කළ කතාව.
karunarathnedissanayake / June 11, 2013
janatawata kannalawo karanne kawrut naha.ranil mahattayat oya tatweta watunawita kohomada amati 25 karanne. mahinda ranil sagit okkoma mehama giyot apita wenne dewiyanta rata bara deela desapalana nayakayo elawanna.visng kataragama deviyanta chande illanna kiyala.kataragama deviyo dinuwot wenne 13 ayn karannet naha okkotame eka vidiyata salakavi .kataragame deviyo hari avilla rata beraaganeevida.apita deviyangema pihita tamai.dan yana vidiyata mewa joke nowe.
/
amila chathuranga / June 11, 2013
වැදගත් කතාවක්..නමුත් මේ කතාවේ වැදගත් තැන් ටික කෙසේ වෙතත් යන්තම් වචන වැරදුන තැන් ටිකක් නම් මාද්‍ය වලට යාවි..
අපේ ප්‍රේක්ෂකයින්ටත් කුනු මිස වෙන කවර දෙයක්ද ඕනි..
/
samith / June 11, 2013
අවුරුදු ගාණනක් තිස්සේ පරජේ වෙන හැටියට දෙවියන්ටවත් කන්නලව් කරලා බලන්න එපැ නේ ඉතින් තව මොනවා කරන්නද??? කොහොමත් ඉක්මනට ආරක්ෂාවක් කරගන්න එක හොදයි නැත්නම් තව ටික දවසකින් UNP එකේ එවුන්ට උන් හිටි තැනුත් නැති වෙනවනේ …..දැනටමත් නැති වේගෙන නේ යන්නේ
/
nimali / June 11, 2013
“යුද්ධයෙන් පසුව මේ රටේ ජනතාවට හොඳ යුගයක් උදා කරන බවට ආණ්ඩුව දිවුරා පොරොන්දු වුණත්, ඒ කිසිවක් මෙතෙක් සිදු වී නැහැ…”ඇස් පියගෙනද රනිල් මහත්තයෝ ඔය කතාව කිවුවේ?????දැන්වත් පියවි ලෝකෙට ඇවිත් ඇස් ඇරලා බලන්නවද?ඔයාගේ ආණ්ඩුව තියදී තියපු මුල්ගල් අද පැල වෙලා ..
/
රනිල් / June 11, 2013
පැරදුනේ මං….
නැතිවුනේ මං…
දෙවියන්ට නම්…
මොකද ඉතිං…
/
aruna / June 11, 2013
රට පුරා අල්ලස සහ දූෂණය රජකරවා තිබෙනවා කියන්නේ ඊ තමුන්නසේගේ කලේ රට පුරා අල්ලස සහ දූෂණය රජ කලේ නැද්ද ???? , සියල්ල වෙනුවෙන්ම ජනතාවට විශාල වශයෙන් ගෙවීමට සිදු වෙලා ඇයි ඔබතුමාගේ ආණ්ඩුවකාලේ ජනතාවට විශාල වශයෙන් ගෙවීමට සිදු වෙලා නැද්ද ??? . සුළු කුණාටුවක් ඇතිවීමට නියමිත බව කාලගුණ දෙපාර්තමේන්තුවෙන් රටට ජනතාවට කල් ඇතිව දැනුම් නොදීමෙන් පැහැදිලි වන්නේ මේ ආණ්ඩුව යටතේ මිනිස් ජීවිතයට කිසිදු වටිනාකමක් නෑ කියන්නේ කාලගුණ දෙපාර්තමේන්තුවෙන් වන වැරදි වලටත් වග කියන්න ඕනේ කියනේ ආණ්ඩුවද එකටත් වග කියන්න ඕනේ ????කට තිබුන පළියට කියවන්න එපා රනිල් මහත්තයෝ …..ඔය මෝඩයා කියල අපි දන්නවා .
/
nirosha / June 11, 2013
රනිල් නම් විෂ්ණු දෙවියන්ට කියල තමන්ගේ ආරක්ෂාවට මොනවා හරි කරගන්න එක එයාටයි එයාගේ පක්ෂේ අයටයි දෙගොල්ලන්ටම හොඳයි.එතකොට ඊලග ආත්මෙදීවත් ආණ්ඩුවක් පාලනය කරන්න ලැබෙන්නේ නැතයි !
/
aruna / June 11, 2013
පුත රනිල ඔබ මාහට තැබු පුජා වට්ටියේ පඩුරු ප්‍රමානවත් නැත.ඔබ ඇමතු ග්‍රාහකයා ප්‍රතිචාරයක් නොමැත.කරුණා කර පසුව නැවත උත්සාහා කරන්න.
/
විෂ්ණු / June 11, 2013
එම්බා අරුණ නර පණුව.තා මගේ පුජා වට්ටියටත් ඇහැ දැම්මද.තාවත් මම රනිල්ගේ පිලට ඇද දමමි.!!!
/
aruna / June 11, 2013
අනේ දේවයන් වහන්ස අපායට දැමමත් U.N.P පිස්සන් කොටුවටනම් දාන්න එපා….අයියෝ….අනේ…
/
විෂ්ණු / June 11, 2013
නර පණුව තාව මා පොණ්සේකා පිලට ඇද දමන්නද දමන්නද.
/
aruna / June 11, 2013
අනේ දේවයන් වහන්ස මම අම්මගෙන් අහලා කියන්නද?? කියන්ඩද… කියන්ඩද….
/
රනිල් / June 11, 2013
මංගල මල්ලී ඔබ කොහිද….????
දෙවියොත් මට එරෙහි උනා…
දැන් මට ඉන්නේ නුඹ විතරයි…
/
මංගල / June 11, 2013
මට නුබ විතරක් වුනාට..
නුබට ඉන්නේ මන් විතරද..
/
Siri / June 11, 2013
These people ridicule RW, not knowing the gravity of the problem that the country is fallen to date. MR and siblings are from peoples friendly politics.
/
Siri / June 11, 2013
MR and siblings are MILES AWAY from peoples friendly politics.
/
kalpa / June 11, 2013
අඩේ රනියගේ හැඩ බලහල්ලකෝ.කුකුල් පාට විතරක්.පක්ෂේ හදා ගන්න බැරි උනාට කුකුල් පාට් දාන්නනම් මු හොදයි.
/
dahami / June 12, 2013
balapallako mekage kukul part eka..ara kiyanawa wage thamange minissunwa hadaganna beri una mu dan rata wate deiyanta yadinawa.he has no backborn as wel we know.heti witharak.
/
prabakaran ymalokaya 2 / June 12, 2013
දෙවියනි ඒ දවස්වල මු මවත් ඇන්දුවා ඒ දවස්වල අන්තිමට මට පරලොකෙට යන්න උන දැන් මු රජ කරන්න ඔබතුමන්ගෙන් වරම් ඉල්ලනවා දැන් රටේ ජනතාවත් අන්දන්න හදනවා අනේ දෙවියනි මේකව මගේ ලෝකෙට ගෙනත් දෙන්න මට මුගෙන් ණයක් ගන්න තියෙනවා
/
සීතා / June 12, 2013
රනිල් මහත්තයාගේ සියලු අපල දුරු වේවා….!!!අපල දුරු වෙලා ලබන ආත්මේ හරි මේ රට පාලනය කරන්න වරම් දෙන්න දෙවියනේ……
/