17 December, 2017

Blog

මා විජය කුමාරතුංග චරිතය දකින්නේ කෙලෙසදැයි පැවසීමට මා සූදානම්

රනිල් වික්‍රමසිංහ

මට මතකයි අප යාපනයට ගිය ගමනේදී එවකට බලයේ සිටි එක්සත් ජාතික පක්‍ෂය ඇතුලේ බෙදිමක් ඇති වුණා. නමුත් “එහි ගොස් කුමක් ද සිදු වන්නේ බලන්න, ඉන් සෙතක් සිදුවේ හැකි වේයැයි කියා” ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා අපට පැවසුවා. පක්‍ෂය තුළ තිබූ ගැටලුව එතුමා දැනසිටියේ නැහැ. ඒ ගැටලුවලට මුහුණදෙමින් එතුමා යාපනයට ගොස් නැවත පැමිණ ඒ පිළිබඳව වාර්තා කළා. තවත් ඉදිරියට ගොස් මේ ප්‍රශ්නය විසඳීමට අවශ්‍ය වුණා. චෙන්නායිවලට සාකච්ඡා සඳහා ගිය අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ එක්සත් ජාතික පක්‍ෂය අතර ගැටළු ඇති වුණා. දේශපාලන විසඳුමකට යනවා ද නැද්ද කියා අපට තීරණයක් ගැනීමට අවසානයේදී සිදු වුණා. ඒ අනුව ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරමින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා අප ඉදිරියට පැමිණියා.

එක්සත් ජාතික පක්‍ෂයේ ඇතැම් ඇමැතිවරු බයවී සිටි අවස්ථාවේදී විජය කුමාරතුංග මැතිතුමා ඉදිරියට පැමිණ එම තීරණය අරගත්තා. එම තීරණය හරහා අවසානයේදී එතුමාගේ ජීවිතය ද අහිමි වුණා. ජීවිතය නොමැති වුණත් එතුමාගේ බලාපොරොත්තු ඉදිරියට පැමිණියා.

*2017.02.21 දින කොළඹ, බිෂොප් විද්‍යාලයීය රඟහලේ පැවැති විජය කුමාරතුංග 29 වැනි ගුණසමරු උත්සවයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කළ කතාව:

මෙහි මට පෙර වේදිකාවේ කතා කළේ විජය කුමාරතුංග මහතා සමග එකම දේශපාලන බලවේගයේ කටයුතු කළ අයයි. ඊට ප්‍රතිවිරුද්ධ බලවේගයේ දේශපාලනයට සහභාගී වූ අයෙක් ලෙස මා මෙම චරිතය දකින්නේ කෙලෙසදැයි පැවසීමට මා සූදානම්.

එක් කළක අපේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම මෙහෙයවූ පුද්ගලයාව අපි දකින්නේ කෙසේ ද ඔහුගෙන් සිදු වී ඇති සේවය කුමක් ද? එතුමා තම ජීවිතය පුදදුන් අරමුණ ඉෂ්ඨ කිරීමට අවුරුදු 29 කට පසුව අප ලඟාවී ඇති බව කියන්න කැමැතියි.

විජය කුමාරතුංග පිළිබඳව අප මෙහිදී කතා කළේ මෙරට ජනවාර්ගික අර්බුදය විසඳීමට කටයුතු කළ නායකයකු ලෙසයි. ඒ වගේම එතුමා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමටත් කටයුතු කළා. වෙනත් රටවල් ගණනාවක වගේම ශ්‍රී ලංකාවේත් දේශපාලනය රදාපවතින්නේ පක්‍ෂ දෙකක් මත. ඒ එක්සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි. විජය කුමාරතුංග මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය යළිත් ශක්තිමත් කරමින් එය බලවේගයක් බවට පත් කිරීමට ක්‍රියා කළ ආකාරය අප සිහිතබා ගත යුතුයි.

1977 මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්‍ෂය විශාල ජයග්‍රහණයක් ලබා ගත්තා. විජය කුමාරතුංග මැතිතුමා සෙලෝ ලයිට් තිරයේ සිට දේශපාලනයට පැමිණියේ එතැන් සිටයි. 1977 මැතිවරණය තීරණාත්මක මැතිවරණයක්, දේශපාලන විප්ලවයක්.

එම දේශපාලන විප්ලවයට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් සකස් විය යුතු බව එතුමා යෝජනා කළා. එතුමාත් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියත් ඇතුළු කණ්ඩායම එම සටන ඉදිරියට රැගෙන ගියා. මා එක් දවසක් එතුමාගෙන් විමසූ විට ඔහු පවසා සිටියේ “අප දැනගෙන සිටියා මාක්ස්වාදයෙන් සෝවියට් දේශයේ කොමියුනිස්වාදය වෙනස් විය යුතු යැයි වෙනත් විකල්ප ඉදිරිපත් වු බව” අපත් එම වැඩකටයුත්ත කිරීමට අවශ්‍ය බවයි.

මේ රටේ ජාතිවාදී කෝලාහලවලින් පසුව සහ සුළු ත්‍රස්තවාදී ක්‍රියා ඇතිවීමෙන් පසු විජය කුමාරතුංග ගත් ස්ථාවරය එතුමාගේ ජීවිතයේදී ගනු ලැබූ ප්‍රධාන පියවරක්. එතුමා සිය පක්‍ෂය තුළම විවේචනයට ලක් වුණා. නමුත් 83 කෝලාහලයෙන් පසුව එතුමා ආණ්ඩුවට චෝදනා හා විවේචන එල්ල කළා. ඇයි එතුමා ආණ්ඩුව විවේචනය කළේ? රටේ මිනිසුන්ගේ ජීවිත බේරා නොගැනීමේ වරදටයි. එතුමා කාලයක් අපගේ ආණ්ඩුව යටතේ අත්අඩංගුවේත් පසු වුණා. ඔහුගේ වෙනස අවබෝධ වුණේ එහිදී. විජය කුමාරතුංග මැතිතුමා ඇතුළු කණ්ඩායම මේ රටේ ජනවාර්ගික ගැටළුව විසඳීමට අවශ්‍ය බව පැවසුවා.

මට මතකයි අප යාපනයට ගිය ගමනේදී එවකට බලයේ සිටි එක්සත් ජාතික පක්‍ෂය ඇතුලේ බෙදිමක් ඇති වුණා. නමුත් “එහි ගොස් කුමක් ද සිදු වන්නේ බලන්න, ඉන් සෙතක් සිදුවේ හැකි වේයැයි කියා” ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා අපට පැවසුවා. පක්‍ෂය තුළ තිබූ ගැටලුව එතුමා දැනසිටියේ නැහැ. ඒ ගැටලුවලට මුහුණදෙමින් එතුමා යාපනයට ගොස් නැවත පැමිණ ඒ පිළිබඳව වාර්තා කළා. තවත් ඉදිරියට ගොස් මේ ප්‍රශ්නය විසඳීමට අවශ්‍ය වුණා. චෙන්නායිවලට සාකච්ඡා සඳහා ගිය අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ එක්සත් ජාතික පක්‍ෂය අතර ගැටළු ඇති වුණා. දේශපාලන විසඳුමකට යනවා ද නැද්ද කියා අපට තීරණයක් ගැනීමට අවසානයේදී සිදු වුණා. ඒ අනුව ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරමින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා අප ඉදිරියට පැමිණියා.

එක්සත් ජාතික පක්‍ෂයේ ඇතැම් ඇමැතිවරු බයවී සිටි අවස්ථාවේදී විජය කුමාරතුංග මැතිතුමා ඉදිරියට පැමිණ එම තීරණය අරගත්තා. එම තීරණය හරහා අවසානයේදී එතුමාගේ ජීවිතය ද අහිමි වුණා. ජීවිතය නොමැති වුණත් එතුමාගේ බලාපොරොත්තු ඉදිරියට පැමිණියා.

1988 දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පළාත් සභා ඡන්දය වර්ජනය කළා. එතුමාගේත් චන්ද්‍රිකා මැතිණියගේත් මතයත් සමග 1993 දී පළාත් සභා මැතිවරණයට ඔවුන් ඉදිරිපත් වීම හරහා තවත් දේශපාලන පෙරලියක් ඇති වුණා. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ජනාධිපති ලෙස පත් වුණා. මට විපක්‍ෂයට යාමට සිදු වුණා. නමුත් එතුමා එය ආරම්භ නොකළානම් සිදුවන්නේ කුමක් දැයි කල්පනා කළා. ඔහු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළා යැයි මා පැවසූයේ ඒ නිසායි. ඔහු රැගෙන ආ ගමන චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමිය ඉදිරියට ගෙන ගියා.

යුද්ධය අවසන් කිරීමට කෙතරම් උත්සාහ දැරුවත් ප්‍රභාකරන්ට ඊට කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් යුද්ධය අවසන්වීමෙන් පසුව සාමය ලැබේ යැයි මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණා. නමුත් යුද්ධයේ ජයග්‍රාහකයා ජනතාවට සාමය ලබා දුන්නේ නැහැ. ඒ සාමය ගෙන ඒමට නොහැකි වුණා. ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ඇති කිරීමට ඔවුන්ට නොහැකි වුණා.

එම නිසා ලංකා ඉතිහාසයේ දෙවැනි වතාවට 2015 දී සිංහළ, දෙමළ, මුස්ලිම් බේදයකින් තොරව මුළු රටේම ජනතාව එක් අපේක්‍ෂකයකු ජනාධිපති කරවීමට ඡන්දය ලබාදුන්නා. 1952 වසරේදී මේ ආකාරයටම සිංහල, දෙමළ, මුස්ලිම් බේදයකින් තොරව සියලූම ජනතාව ඩඩ්ලි සේනානායක මහතා අගමැති කිරීමට ඡන්දය ලබා දුන්නා. ඒ වගේම 2015 වසරේදීත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරවීමට සියලූ දෙනා ඡන්දය ලබා දුන්නා.

මේ රටේ පැරණි දේශපාලන බලවේග එලෙසම තිබුණත් අපි සියලු දෙනාම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජාතික සමගිය ඇති කිරීමට එකට එකතු වුණා. මේ වෙද්දී අපි ඉදිරියට ගොස් තිබෙනවා. ජනවාර්ගික ගැටළු විසඳීමට අප සාකච්ඡා කොට තිබෙනවා. අපේ මෙහෙයුම් කමිටුවේ මෙම කරුණු බොහෝදුරට සාකච්ඡා කර තිබෙනවා. බලය බෙදාහැරීම පිළිබඳ සාකච්ඡා ඇරඹි තිබෙනවා. මෙයට මෙතරම් කල් ගත වන්නේ ඇයි දැයි සමහරුන් විමසනවා. අප මෙම සභාව ආරම්භ කළේ 2016 වසරේදී. 2015 වසරේ මැතිවරණයෙන් අප ජයග්‍රහණය කරමින් ජාතික ආණ්ඩුවක් පිහිටවූවා. ඉන්පසුව ප්‍රධාන පක්‍ෂ දෙක අතර එකඟත්වයන්ට පැමිණියේ 2015 වසර අවසානයේදීයි. මේ වෙද්දී අප මාස 14 ක පමණ කාලයක් ගත කොට තිබෙනවා. එම කාලය තුළ අප මෙම ගැටළු විවෘතව සාකච්ඡා කළා. වසර 30-40 ක සිට ඇතිව තිබෙන ආගම් භේද, ජාති භේද පදනම් කර ගත් දේශපාලන ප්‍රශ්න එකවර අවසන් කිරීමට නොහැකිය. ඒ පිළිබඳව සාකච්ඡාවන්හි ප්‍රගතිය මේ වන විට අපට පෙනෙන්නට තිබෙනවා. අප දැන් වැදගත් අවස්ථාවකට පැමිණ තිබෙනවා. ප්‍රධාන පක්‍ෂ දෙක සහ අනෙක් පක්‍ෂ එකතු වී අපට පුළුවන් දේශපාලන විසඳුමක් ලබා දෙන්න. මේ රටේ ජනතාව අපේ පක්‍ෂවලට ඒ අභියෝගය භාරදී තිබෙනවා.

එක් පෙරමුණක් ලෙස අපි පැමිණියේ එක් අපේක්‍ෂකයකු ජනාධිපති කරවීමටයි. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවීමෙන් පසුව අප ජාතික ආණ්ඩුවක් බිහි කළා. එහි විවිධ මත තිබෙන්නට පුළුවන්. නමුත් ඇතිව තිබෙන ගැටළු විසඳීමට එම ජාතික ආණ්ඩුවට ශක්තිය තිබිය යුතුයි.

සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටළු විසඳීමට සලකා බලන විට සම්බන්ධන් මැතිතුමාගෙන් ජාතික සමගියටත්, පාර්ලිමේන්තුවටත් විශාල සේවාවක් සිදුවී තිබෙනවා. “රනිල්, මම 1948 ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු දිනයේ මගේ මාමා ත්‍රිකුණාමලයේ මන්ත්‍රීතුමාගෙන් ප්‍රවේශ පත්‍රයක් ලබා ගෙන නිදහස් චතුරස්‍ර ගොඩනැගිල්ල තිබෙන ස්ථානයට පැමිණ ශ්‍රී ලංකාව නිදහස් වීමේ සතුට සැමරුවා” යැයි සම්බන්ධන් මහතා මට වරක් පැවසුවා. මට අවශ්‍ය එදා තිබූ ජාතික සමගිය ශ්‍රී ලංකාවේ නැවත ඇති කිරීමට බවත්, එතුමා මා සමග පැවසුවා.

ජනාධිපතිතුමාත් අද ප්‍රකාශ කර තිබෙනවා සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකතු කිරීමට ජනවාර්ගික ගැටළුව විසඳීමට කටයුතු කරන බවට. එසේ නම් අපට දැන් ඉදිරියට යෑමට මාර්ග ඇති වී තිබෙනවා. අප එයට මුහුණ දිය යුතුයි. මාස 7-8 ක් විවිධ බලවේග උත්සාහ කළා ජාතිවාදය ඉදිරියට ගෙන යෑමට. මෙම ආණ්ඩුවට අභියෝග කිරීමට. නමුත් ඒවා සාර්ථක වුණේ නැහැ. ජනතාවගේ බලවේගය අප සතුයි. කිසිදා නොලැබුණු ලෙස සමස්ථ ලෝකයේම සහය අපට ලැබී තිබෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු මේ සියලූ දෙනාම, එම සංස්කෘතියන්ට එම ජාතීන්හි ඉතිහාසයන්ට සහ එම ආගම්වලට ගරු කරමින් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ සංස්කෘතිය පිළිගනිමින් තම තමන්ට සිය ආගම්, සංස්කෘතීන් පිළිපැදීමට ඉඩ ලබාදෙමින් ඒ හරහා එක ශ්‍රී ලංකාවක් බිහි කළ යුතුයි. විජය කුමාරතුංග මැතිතුමාගේ බලාපොරොත්තුව එයයි. එතුමාගේ දේශපාලන බලවේගයේ සිටියත්, ඊට ප්‍රතිවිරුද්ධ බලවේගයේ සිටියත් එම අරමුණට කැපවිය යුතුයි.

එය ළඟා කර ගැනීම අපේ යුතුකමක්. බිය සැක නොමැතිව ඒ සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීම අපේ වගකීමක්. ඇතැමුන් සහ අතැම් මාධ්‍ය කොටස් ජනවාර්ගික අර්බුදයෙන් ප්‍රයෝජන ගන්නට බැලුවත් රටේ ජනතාවට එකමුතුකම අවශ්‍යයි. බහුතර මතයට හිස නමා අප සියල්ල එකට එකතු වී ඒ වැඩකටයුත්ත අවසන් කරමු යැයි පැවසීමට කැමතියි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.