20 April, 2024

Blog

ඒකාධිපති රාජපක්‍ෂ ප්‍රතිවිප්ලවයක් ආරම්භ කිරිමේ උත්සාහයක යෙදී සිටිනවා

රනිල් වික්‍රමසිංහ

ජනාධිපතිවරණයෙන් ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමය පරාජයට පත්කර මෛත්‍රිපාල සිරිසේන මහතා මේ රටේ ජනාධිපති කරවීම සඳහාත් ඒ මාර්ගයෙන් මේ රටේ විශාල විප්ලවයක් ඇති කිරිම සඳහාත් සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරීන් ලෙස ඔබ කළ මෙහෙවර සම්බන්ධයෙන් මම මගේ ස්තුතිය පුද කරනවා. මේ විප්ලවය හේතුවෙන් මුලූ ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව දෙසට යොමු වූ බව කිව යුතුයි.

මේ විප්ලවය කරමින් දූෂිත ජනතා විරෝධි සහ ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමය පෙරලා දැම්මේ කෙසේද යන කාරණය සම්බන්ධයෙන් ලෝකයේ මේ අවධානය අප වෙත යොමු වී තිබෙනවා. ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමය පන්නා අප ඉදිරියට ගමන් කර සිටින අතර රටේ නිදහස් වාතාවරණයක් මේ වන විට නිර්මාණය වී තිබෙනවා.

Ranilඑමෙන්ම දින 100 වැඩ සටහන මගින් පොරොන්දු වූ ආකාරයටම ජනතාවට අප උපරිමයෙන් සහන සලසා තිබෙන අතර දූෂණය සම්පූර්ණයෙන්ම පිටු දැක තිබෙනවා. එසේනම් නව රජය ලෙස අප ක්‍රියා කරමින් සිටින්නේ රටටත් ජනතාවටත් මීට වඩා හොඳ අනාගතයක් උදා කිරීම සඳහායි.

තරුණ තරුණියන් ඇතුළු රටේ සමස්ත ජනතාව මේ වන විටත් උපරිම නිදහසක් බුක්ති විදින අතර ප්‍රජාතන්ත්‍රවාදය නීතිය සහ සාමය තහවුරු වී තිබෙනවා. එමෙන්ම ස්වාධීන කොමිසම් සභා සියල්ල යලි පිහිටුවීමට අප ක්‍රියාකල අතර මිනිස්සුන්ගේ සාක්කු සල්ලිවලින් පිරී ගොස් තිබෙනවා. එපමණක් නොව ඉන්ධන මිල අඩු කරමින් අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා මිල ගණන් සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමටද අපට හැකි වුණා.

මේ වැඩ කටයුතු තව දුරටත් ඉදිරියට ගෙන යමින් රට ගොඩනගා ජනතාවට සහන සැලසීමට අප ක්‍රියා කළ යුතු අතර අලූත් සමාජ ක්‍රමයක්ද බිහි කළ යුතුයි. කිනම් දේශපාලන පක්‍ෂයකට අයිති වුණත් ඒ අලූත් සමාජ ක්‍රමය බිහි කිරීම සඳහා ඇප කැප වූ සියලූ දෙනා අප මේ අලූත් දේශපාලන ක්‍රමය සමඟ සම්බන්ධ කර ගත යුතුයි.

එමෙන්ම මේ ගමනේදි අපට තවත් තර්ජනයක් ද තිබෙන අතර ඒ මේ විප්ලවය හමුවේ පරාජයට පත්වූ ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමයයි. පුරා අවුරුදු දහයක් මුලූල්ලේ මේ අය රටත් ජනතාවත් සූරා කෑ ආකාරය පිළිබදව අප කවුරුත් හොදින්ම දන්නවා. ජනතාව මර්ධනය කළ ආකාරය ගැනත් ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුලූ මාධ්‍යවේදීන් අතුරුදන් කළ ආකාරය ගැනත් අපට හොඳ අවබෝධයක් තිබෙනවා. රටේ සමස්ථ පාලනය සිය සුලූ පිරිසකට සීමා කළ ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමය යුද්ධය ජය ගත්තා යැයි කියා වීරෝධාර රණවිරුවනුත් පොදු ජනතාවත් අමතක කර බොරු මවා පෑම් කරමින් සම්පූර්ණ බලය සියතට ගත්තා.

බලය නොමැති නිසාත් බලය නොමැති නිසා සල්ලි හම්බ කිරිමට නොහැකි නිසාත් ඒ හේතුවෙන් සිය හෙන්චයියන් සුළුතරයකගේ අයිතිවාසිකම් අහිමි වී තිබෙන නිසාත් ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමය ප්‍රතිවිප්ලවයක් ආරම්භ කිරිමේ උත්සාහයක යෙදී සිටිනවා. එමනිසා ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමයේ ඒ ප්‍රතිවිප්ලවය අප වහාම පරාජයට පත් කළ යුතුයි.

මේ ප්‍රතිවිප්ලවය සාර්ථක කර ගැනීමට නම් ජනාධිපතිවරණයේදි ක්‍රියාත්මක වූ ප්‍රධානතම බලවේගය වන එක්සත් ජාතික පක්‍ෂයට පහර දිය යුතු යැයි ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමය තීරණය කළා.

ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී තිබුණ මැයි පළමු වැනිදා මේ රටේ බලය පෙන්නුවේ කවුරුවත් නොව එක්සත් ජාතික පක්‍ෂයයි. මේ අය කියන ආකාරයට මේ අයට රටේ බලයක් තිබෙනවා නම් එදා ජනතාව එකට එකරාශි කර ඒ පිරිස් බලය රටට පෙන්වීමට නොහැකි වූයේ ඇයි සුළු පිරිසක් එකතු වි රටේ තැනින් තැන ගියා යැයි කියා දේශපාලන බලවේගයක් ගොඩ නැගීමේ හැකියාවක් ඇත්තේ නැහැ.

මේ අනුව සිය දේශපාලන බංකොලොත්භාවය වසා ගැනීම සදහා සුපුරුදු පරිදි ජාතිවාදය ඇදීමට ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමය ක්‍රියාකරමින් සිටිනවා. ජාතිවාදය ඇදීමෙන් නොනැවති රටේ යම් කාන්තාවක් දූෂණයට ලක් වුණොත් ඒ සිද්ධියෙන්ද දේශපාලනය කරන තත්වයට ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමය පත් වෙලා…..

රටේ කුල කාන්තාවන් දූෂණය කර සාද පැවැත්වීමට සිය ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට සහ මන්ත්‍රිවරුන්ට අවසර දුන් ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමය කාන්තාවක් දූෂණය වුණාම ඒ සිද්ධිය අල්ලා ගෙන දේශපාලනය කරමින් ඔක්සිජන් ලබා ගැනීමට උත්සාහ කරනවා.

යාපනයේ අහිංසක සහ අසරණ ශිෂ්‍යාවක් දුෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය කිනම් ජාතියකට සහ කිනම් ආගමකට අයිති වුණත් අප සියලූ දෙනාම තරයේ හෙලා දකිනවා. එහෙත් මේ සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ නොකළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ඒකාධිපති රෙජිමය කියා සිටියේ මේ තත්වය ඇති වූයේ මහින්ද රාජපක්‍ෂ මේ රටේ ජනාධිපති නොවුණ නිසා බවයි.

ඇත්ත වශයෙන්ම මහින්ද රාජපක්‍ෂ යලිත් වතාවක් මේ රටේ ජනාධිපති වුණා නම් මේ වන විට රටේ සෑම ගම්මානයකම සෑම දවසකම කාන්තාවක් දූෂණයට ලක් වනවා. ඒ අනුව ඔහු පරාජයට පත් කරමින් අප අපේ කාන්තාවන් දූෂණයට ලක් වීම නතර කර තිබෙනවා.

යාපනයේ එම ශිෂ්‍යයාව දූෂණයට ලක්කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශයක් කළ මහින්ද රාජපක්‍ෂ සිය පාලන කාලයේදි කාන්තාවන් 100ක් සහ 200ක් වශයෙන් දූෂණය කර සාද පැවැත්වූ ප්‍රාදේශීය සභා සභාපති වරුන් ඇතුලූ මන්ත්‍රිවරුන්ට එරෙහිව ක්‍රියා කළාද ?

දකුණේ එදා කාන්තාවන් කෙතරම් දූෂණයට ලක් කෙරුණත් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකළ අතර මේ අපරාධවලට විරෝධය පළ කරමින් ජනතාව නැගී සිටියා නම් එම ජනතා විරෝධි සම්පූර්ණයෙන්ම මර්දනය කළා. මේ කාන්තා දුෂණ සහ ඊට එරෙහිව මතුවන ජනතා විරෝධතා මර්දනය කිරීම දකුණට පමණක් සීමා නොවූ අතර උතුරටද එසේම බලපෑවා.

යාපනයේ මේ ශිෂ්‍යාව දුෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දකුණ විශාල වශයෙන් කම්පා වූ අතර දකුණේ ජනයා කියා සිටියේ කාන්තාවකට සැලකිය යුත්තේ මේ ආකාරයට නොවන බවයි.

එසේ නම් අපේ දේශපාලනය ජාතිය සහ ආගම කුමක් වුණත් යාපනයේ ඇති වූ මේ අමානුෂික සිද්ධිය අප සියලූ දෙනාම තරයේ හෙලා දකිනවා. එහෙත් ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමය දේශපාලන වශයෙන් කෙතරම් බංකොලොත් භාවයට පත්ව සිටිනවා දැයි කිව්වොත් මේ ස්ත්‍රි දූෂණය මාර්ගයෙන් ප්‍රතිවිප්ලවයක් ආරම්භ කිරීමට උත්සාහ කරනවා.

උතුරේ නිදහස තහවුරු වී තිබෙනවා වගේම දකුණේද නිදහස තිබෙන නිසා දකුණේ මෙබදු ස්ත්‍රි දූෂණයක් සහ ඝාතනයක් සිදු වුණා නම් මීට වඩා කලබල සහ කෝලාහල ඇති වනවා. කුඩා ගැහැණු දැරියක දූෂණය කර ඝාතනය කරනවා නම් ඕනෑම ස්ථානයක ගැටුම්කාරි තත්වයක් නිර්මාණය වනවා.

නීතිය සහ සාමය තහවුරු කිරීමටද කාන්තාවන්ට නිසි ආරක්‍ෂාව සහ ගෞරවය ලබාදීමටද ක්‍රියා නොකළ ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමය අඩ බෙර ගසා මුලූ රටටම දැන් කියා සිටින්නේ ඒ අය එදා කාන්තාවක් දූෂණය කිරීමට ඉඩ දුන් අතර ඊට එරෙහිව කිසිවකුට නැගි සිටීමට ඉඩ නොදුන් බවයි.

එහෙත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාලනය යටතේ යම් කාන්තාවක් දූෂණයට ලක්වී ඒ සම්බන්ධයෙන් නිසි පරිදි අදාල බලධාරින් ක්‍රියා නොකළ හොත් ඊට එරෙහිව ජනතාවට නැගි සිටීමට අවස්ථාව තිබෙනවා. එහෙත් ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමය කියන්නේ කාන්තාවක් දූෂණයට ලක් වුණාම ඊට එරෙහිව ජනතාව නැගී සිටීම වැරදි බවයි. ඒ අනුව ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමය යම් හෙයකින් බලයට පත් වුණොත් කාන්තාවන් දූෂණය කිරීමට ඇති අයිතියද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලූ කරනවා නියතයි.

යාපනයේ ශිෂ්‍යාවක දූෂණයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධිය හෙලා දකිනවා වෙනුවට ඒ ගැන කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමය ඇතුලූ කණ්ඩායම සමස්ථ කාන්තාවන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටිය යුතුයි. ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමය මේ ආකාරය ක්‍රියා කරමින් කාන්තාවන්ගෙන් තවදුරටත් ඡන්දය ඉල්ලා සිටින්නේ කෙසේද?

සීමා මායිම් නොමැතිව ජාතිවාදය අදින ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමය මේ වන විට ඒ ජාතිවාදයෙන් සිරවී සිටිනවා. මේ අයගේ මේ ක්‍රියාව හරියට ගංජා ගැසු අය ජාතිවාදය අදිනවාට සමාන බව කිව යුතුයි.

මේ අය සිංහල බෞද්ධයින් කියන්නේ කෙසේද? සැබෑ සිංහල බෞද්ධයින් කැසිනෝ සූදු ව්‍යාපාර කරනවාද? එදා කැසිනෝ සූදා ව්‍යාපාරය ආරම්භ කළා නම් මෙවැනි දූෂණ සහ ඝාතන රට පුරාම සිදු වනවා. රටට මත්කුඩු ගෙන එන්න

ඉඩ දෙන්නේ කිනම් සිංහල බෞද්ධයා දැයි මම ප්‍රශ්න කරනවා. ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර පැවැත්වෙන කාලයේදි සිංහල බෞද්ධයින් නම් නුවර වැව වටා රාත්‍රි කාර් ධාවන තරඟ පවත්වනවාද? ඇත්ත වශයෙන්ම මේ බෞද්ධයෝද? මේ අය සැබෑ සිංහලයෝද? නැහැ…. බලයට තිබෙන කෑදරකම නිසා මේ අය ජාතිය සහ ආගම වුණත් කිසිදු විලි ලැජ්ජාවකින් තොරව විකුණනවා.

එසේ නම් ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමයේ මේ ප්‍රතිවිප්ලවය අප වහාම විනාශ කර ඒකාධිපති රෙජිමයට යළි කවදාවත් ඔලූව එසවීමට ඉඩ නොදිය යුතුයි. එකාධිපති රාජපක්‍ෂ රෙජිමයේ ප්‍රතිවිප්ලවය විනාශ කරමින් අප අලූත් දේශපාලන සංස්කෘතියකට සහ පාලනයකට වහාම යා යුතුයි. එසේනම් මේ ප්‍රතිවිප්ලවය පරාජය කරමින් ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමයේ ඉතිරි වී තිබෙන කුණු කෑලි ටිකත් සම්පූර්ණයෙන්ම අතු ගා දැමීම සඳහා සියලූ පාර්ශවයන් එකට ඒකරාශි විය යුතුයි.

*2015.05.25 වැනි දින කොළඹ අරලියගහ මන්දිරයේ දී සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරීන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැක්වූ අදහස්

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    Dont keep blaming others look at your own people who you appointed they are doing more damage to you than the Rajapakshas; Ravi.k, mahendran, etc. if you want to get anywhere stop the buddy system and throw the perpetrators out

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.