එජාපයට එක්වීමේ කිසිදු සූදානමක් නැති බව කියමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා තමන්ට හුරුපුරුදු ශෛලියෙන් ආඩම්බර කතා රැසක් ප්‍රකාශ කරමින් සිටි. ඒ මහතා යළි එජාපයට එක් වන බව හෝ ඒ සම්බන්ධ උත්සහයක් ක්‍රියාත්මක බවට කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් අප පක්ෂයේ කිසිදු වගකිව යුත්තෙකු මේ දක්වා එකදු හෝ අවස්ථාවක සඳහන් කර නොමැති පසුබිමක හිටපු අමාත්‍යවරයාගේ ප්‍රකාශ සමාජය බාරගත යුත්තේ හුදු මනෝරාජික සිතුවිල්ලක් ලෙස පමණකි.
දුර්දාන්ත රාජපක්ෂ පාලනය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිමින්, එහි සෑම නොපනත්කමකටම සුදු හුණු තැවරීමේ රාජකාරිය නොඅඩුව කරමින්, “රෙදි අපුල්ලන්නෙක්” ලෙස මෙරට ජනමාධ්‍ය තුළ කතා බහට ලක් වූ කෙහෙළිය රඹුක්වැල්ල වැන්නෙකු එජාපයට සම්බන්ධ කරගැනීමේ කිසිදු අවශ්‍යතාවක් අපට නොමැත. කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධයෙන් එජාපයේ ස්ථාවරය එය වුවත් පසුගිය ජනාධිපතිවරණයෙන් පසු යළි අප පක්ෂයට සම්බන්ධවීමට ඔහු අවස්ථා තුනකදී උත්සහ කළ බව දේශපාලන ලෝකයේ ප්‍රසිද්ධ රහසකි.
ජනවාරි 08 වන දා රාජපක්‍ෂ රෙජීමයේ මහා පරාජයෙන් පසු ඔහු කඩිමුඩියේ ම, විපක්‍ෂ නායක කාර්යාලයට පැමිණ පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තමා යළි එක්සත් ජාතික පක්‍ෂයට බඳවා ගන්නා ලෙසට ආයාචනා කළේ ය. ඉන් පසුව අවස්ථා දෙකක දී, අරලියගහ මන්දිරයට පැමිණ යළි යළිදු ඒ ආයාචනයම කළේ ය.
එම හමුවීම් වලදී, කුමන කොන්දේසි යටතේ හෝ තමන්ව යළි එජාපයට බඳවා ගන්නා ලෙස බැගෑපත්වූ ආකාරය අන් සියල්ලටම වඩා කෙහෙළියගේ හෘද සාක්ෂිය හොඳින් දන්නවා ඇතැයි අප විශ්වාස කරන්නෙමු.
රටේ ජනතාවගේ හදවතේ ගැඹුරුම තැනින් ලැබෙන හෘදයාංගම විශ්වාසය සමඟින් මේ වන විට එක්සත් ජාතික පක්ෂය ජයග්‍රාහි ගමනක් අරඹා තිබේ. කුමන බාධක, කකුල් වෙට්ටු දැමූවද දැන් එය ආපසු හැරවිය නොහැක. ගලන ගඟක් මෙන් එය ඉදිරියටම ඇදෙණු නිසැකය. යහපත්, ශිෂ්ට වටිනාකම් ගරු කරන දේශපාලන සංස්කෘතියකට මුලපුරමින් අප අරඹා ඇති එම ගමන තුළ පොදු දේපළ කොල්ලකෑ දූෂිතයන්ට,චෞරයන්ට කිසිදු ඉඩක් නැත. අප පක්‍ෂය එක් කර ගන්නේ, යහ පාලනය, නව දේශපාලන සංස්කෘතිය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපවුණු ශීලාචාර පුද්ගලයින් පමණි. ටෙලි නාට්‍යය වලින් පවා ගසා කෑ කොමිස් කාක්කන් ට අප පක්‍ෂයේ ඉඩක් හෝ තැනක් නැත.
*එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හෂීම් නිකුත් කළ පුවත් නිවේදනය
Nimal / May 27, 2015
How could Keheliya visit temple trees on three occasions? Whom did he meet on these occasions? Why was he allowed into temple trees if there were no negotiations?
/
Anda-Manda / May 30, 2015
How could Keheliya visit temple trees on three occasions? There is no established quota to visit the Temple Trees. Could have been 2, 4, or 20
Whom did he meet on these occasions? Probably whom he wanted to meet or the assigned delegates plus probably some of the coordinating and support staff.
Why was he allowed into temple trees if there were no negotiations? Why should there necessarily be “negotiations”? Can’t they be “Conversations”,”Pleadings”, “Confessions”, “Scoldings”?
/