19 April, 2024

Blog

චන්ද්‍රිකා 2005දී කෝටි 3,300 කට අත්සන් කළ නොරොච්චෝලේ ගිවිසුම අවුරුද්දකට පසු මහින්ද කෝටි 6,630 කට නැවත අත්සන් කරලා

රවී කරුණානායක

උතුරු පළාත් සභා මැතිවරණය සඳහා නාම යෝජනා ඉදිරිපත් කළ සියලූම අපේක්‍ෂකයින්ගේ නිවාසවලට ආරක්‍ෂක අමාත්‍යංශයේ, බුද්ධි අංශ සාමාජිකයින් ගොස් ඒ අයගෙන් සහ අසල්වැසියන්ගෙන් විවිධ මට්ටමෙන් ප‍්‍රශ්න කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂය මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන අතර, මේ සිද්ධියෙන් මනාව පැහැදිලි වන්නේ රටේ කි‍්‍රයාත්මක වන ඒකාධිපති හමුදා ජුන්ටා පාලනයයි.

රවී කරුණානායක

බීමට වතුර ඉල්ලූ ගම්පහ, වැලිවේරියේ ජනයාට හමුදාව යොදවා වෙඩි තබා අමානුෂික ලෙස ඝාතනය කිරීත්‍ම් මිනීමරු සිද්ධිය පිළිබඳ තොරතුරු වාර්තා කිරීමෙන් වැළකී සිටින ලෙසට ආණ්ඩුව විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වෙත ඍජුව සේම වක‍්‍රව බරපතළ ලෙස බලපෑම් එල්ල කරමින් සිටිනවා.

රටේ ඉඩම් අක්කර 560 ත් – 570 ත් අතර ප‍්‍රමාණයක් ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය හරහා චීනයට විකිණීමට ආණ්ඩුව මාස ගණනක් මුළුල්ලේ සැලසුම් කරමින් සිටින තත්ත්වයෙන් පැහැදිලි වන්නේ ආණ්ඩුව සමස්ත රට සහ ජනතාව චීන්නුන්ට විකුණමින් සිටින බවයි.

අක්කර 568 ක් 99 අවුරුදු බද්දට චීනයට දී එම ඉඩමේ රුපියල් කෝටි 18,200 ක ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට යන බවට තොරතුරු අනාවරණය වී තිබෙන අතර, මේ ව්‍යාපෘතිය සැප්තැම්බර් මාසයේදී ආරම්භ කරන බව වරාය අධිකාරියේ සභාපතිවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.

මුහුද ගොඩ කර අක්කර 568ක ඉඩම් ප‍්‍රමාණයක් මෙසේ ලබා ගෙන චීනයට මේ රට විකිණීම ඔබ අනුමත කරනවාද? රටේ ඉඩම් මෙසේ චීන්නුන්ට විකිණීමෙන් පැහැදිලි වන්නේ පොළවට වැඳුම් පිඳුම් කරමින් ආණ්ඩුව මවාපාන ඊනියා ජාතිකත්වයේ තරමයි.

ගම්පහ වැලිවේරියේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා රුපියල් කෝටි 05 ක් වියදම් නොකර හමුදාව යොදවා එම ජනයා වෙඩි තබා ඝාතනය කළ ආණ්ඩුව, චීන්නුන්ට රටේ ඉඩම් විකිණීම සඳහා රුපියල් කෝටි 18,200 ක් වැය කර මහ මුහුද ගොඩ කිරීමේ සාපරාධී කි‍්‍රයාවක යෙදී සිටිනවා.

සතොස අල්ලා ගෙන විවිධ අභූත සහ අසත්‍ය චෝදනා එල්ල කරමින් අපේ දේශපාලන චරිතය ඝාතනය කිරීමට උත්සාහ කළත්, කොළඹ ඞී.ආර්. විජයවර්ධන මාවතේ අක්කර 6.5ක ඉඩමක් කැසිනෝකාරයන්ට විකිණීමට ඒ අය තීරණය කිරීමෙන් ඒ අයගේ සැබෑ තත්ත්වය හෙළි වනවා.

ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ මහතාගේ කාලයේදී වසා දැමූ කොළඹ, රාජගිරියේ පිහිටි සතොස ගොඩනැගිල්ල හෝටලයක් වෙනුවෙන් ඉන්දියන් කාරයෙකුට හෝ මැලේසියානු කාරයෙකුට විකුණා තිබෙන බවට ආරංචි පැතිර යනවා.

චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක ජනාධිපතිවරිය 2005 අගෝස්තු 25 වැනිදා රුපියල් කෝටි 3,300 කට අත්සන් කළ පුත්තලම, නොරොච්චෝලේ තාප විදුලි බලාගාර ව්‍යාපෘති ගිවිසුම අවුරුද්දක් ඇතුළතදී අහෝසි කර රුපියල් කෝටි 6,630 කට නැවත අත්සන් කර තිබෙන බවට කරුණු හෙළිදරව් වී තිබෙනවා.

මේ දූෂිත ගනුදෙනුව සහ අදාළ ව්‍යාපෘති ගිවිසුම පිළිබඳ තොරතුරු සියල්ල පාර්ලිමේන්තුවේදී අප හෙළිදරව් කරමින් ප‍්‍රශ්න කළත්, ආණ්ඩුව මේ දක්වා ඊට කිසිදු පිළිතුරක් ලබා දී නොමැති අතර, විදුලිය ගාස්තු අහස උසට වැඩි වන්නේ මේ දූෂණ, වංචා සහ අක‍්‍රමිකතා නිසයි.

රුපියල් කෝටි ගණනක් මුදල් නාස්ති කරමින් ඉදි කළ හම්බන්තොට, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ගුවන් යානා පියාසර කිරීම හෝ එම ගුවන් තොටුපොළට ගුවන් යානා ගොඩබෑමට වඩා එම ගුවන් පථයේ වල් අලි දුවන බව කවුරුත් දන්නවා.

ආරම්භයේදී රුපියල් කෝටි 3,560 ක් වූ හම්බන්තොට, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ව්‍යාපෘතිය මේ වන විට රුපියල් 4,780 ක් දක්වා වැඩි කර තිබෙනවා. ආණ්ඩුව මේ සල්ලි වියදම් කරන්නේ ජනතාවට උදව් කර රට දියුණු කිරීමට ද, නැතිනම් සිය සාක්කුවේ ඔබා ගැනීමට ද කියා කවුරුත් දන්නවා.

හම්බන්තොට, ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විවෘත කරන අවස්ථාවේදී ආණ්ඩුව කියා සිටියේ, එම ව්‍යාපෘතිය වෙනුවෙන් දේශීය සහ විදේශීය වශයෙන් රුපියල් කෝටි 3,820 ක් බවයි. නමුත් එම ව්‍යාපෘතිය වෙනුවෙන් වියදම් කළ මුදල රුපියල් කෝටි 4,780 දක්වා වැඩි වී ඇති නිසා එම වියදම් අනුමත කිරීමට කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කර තිබෙනවා. ගුවන් යානා පියාසර කිරීම හෝ ගොඩබෑම සිදු නොවන මත්තල ගුවන් තොටුපොළ සඳහා තවත් මුදල් නාස්ති කරන්නේ ඇයි?

ගම්පහ, වැලිවේරියේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමට රුපියල් කෝටි 5 ක් ද, දුම්රිය හරස් මාර්ග ගේට්ටු සඳහා රුපියල් කෝටි 50 ක් ද, වල් අලි උවදුරෙන් ජනතාව බේරා ගැනීම සඳහා අවශ්‍ය අලි වැට ඉදි කිරීමට ද මුදල් නැතැයි කියන ආණ්ඩුව, නාඩගම් නැටීම සඳහා රුපියල් කෝටි ගණන් මහජන මුදල් කාබාසිනියා කරනවා.

මිහින් එයාර් ගුවන් සමාගම අතිශය අසාර්ථක ව්‍යාපෘතියක් වන නිසා එම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක නොකළ යුතු බවට එක්සත් ජාතික පක්‍ෂය එදා සිටම සිටි ස්ථාවරය පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති ඩිව් ගුණසේකර අමාත්‍යවරයා ද මේ වන විට තහවුරු කර තිබෙනවා.

ශී‍්‍ර ලංකා මහ බැංකු වාර්තා අනුව රටේ සමස්ත උකස් භාණ්ඩ වටිනාකම රුපියල් කෝටි 63,300 දක්වා වැඩි වී තිබීමෙන් මනාව පැහැදිලි වන්නේ මේ අදූරදර්ශී, අකාර්යක්‍ෂම සහ දූෂිත පාලනය යටතේ රටේ ආර්ථිකය කඩා වැටී ජනතාවට අත්ව තිබෙන ඉරණමේ ස්වභාවයයි.

මේ අතර මහජන බැංකුව සහ ලංකා බැංකුව ඇතුළු දේශීය බැංකුවල ණය බරතාව විශාල වශයෙන් වැඩි වී තිබෙන අතර, ඊට හේතු වී තිබෙන්නේ එම බැංකු ඛනිජ තෙල් සංස්ථාවට මහ පරිමාණයෙන් ණය ලබාදීමයි. ඇත්ත වශයෙන්ම උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ මහජන බැංකුව සහ ලංකා බැංකුව වසා දැමීමේ තත්ත්වයට පත්ව තිබෙන බව පැහැදිලියි.

මාලදිවයිනේ පොලිසියට ශී‍්‍ර ලංකාවට පැමිණ රාජකාරී කළ හැකි බවට එරට කර ඇති ප‍්‍රකාශයෙන් පැහැදිලි වන්නේ මේ ආණ්ඩුවේ කි‍්‍රයාකලාපය යටතේ ශී‍්‍ර ලංකාවේ පොලිසිය කඩා වැටී, කෙතරම් අසරණ වී සිටිනවාද යන්න පිළිබඳවයි.

රටේ ඒකීය භාවය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් නිතරම කෑ ගසන ආණ්ඩුවෙන් අප ප‍්‍රශ්න කරන්නේ පිටරටවලින් පොලිසිය අපේ රටට කැඳවා ඒ අයගේ අණ ඇතිව රාජකාරී සිදු කිරීම නිවැරදි ද යන්න පිළිබඳවයි.

එක්සත් ජාතික පක්‍ෂය යමක් කළොත් රටේ ඒකීය භාවය, භෞමික අඛණ්ඩතාවය, ජාතික ආරක්‍ෂාව ආදී කරුණු කාරණා අල්ලා ගෙන තරයේ අපව විවේචනය කරන අන්තවාදීන් පිටරටවලින් පොලිස් සේවා මෙරටට කැඳවීම සම්බන්ධයෙන් මුණිවත රකින්නේ මන්දැයි අප ප‍්‍රශ්න කරනවා.

ආණ්ඩුවට තිබෙන ජනතා විරෝධය උතුරු, මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණ ප‍්‍රතිඵලවලින් අප මුළු රටටත්, ලෝකයටත් හෙළිදරව් කරන අතර, එම මැතිවරණ ප‍්‍රතිඵල සමග එක්සත් ජාතික පක්‍ෂය සිය විජයග‍්‍රාහී ගමන ඉදිරියටම යනවා.

*2013-08-08 වැනි දින කොළඹ – රාජගිරිය ජාතික වතු කම්කරු සංගම් ශාලාවේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී  එක්සත් ජාතික පක්‍ෂ කොළඹ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක දැක් වූ අදහස් 

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    Wonder of Asia where corruption is at the top of the agenda.

    • 0
      0

      This is nothing. He has a such a big pocket that has a capacity to put entire Sri Lanka in it.

  • 0
    0

    vidayaka janadipati balaya ahosi karanne one kiyanne api mema hetuwa nisai aneka mewa attada boruda kiyala pareeksana tiyanne kohomade.kisidu comisson ekakwat neetiyawat nata. kasun yapa doosana pareeksana wartawa f.b. ekata ewa tibuna.

  • 0
    0

    Ai me aldives policya gana katha karanne. Maldives president ta koti 4k allas denda giye lankawe desapaluwek ganath eye pereda ahanda labuna. Aka allanda enawada danne na.

  • 0
    0

    මත්තල ගුවන්තොටුපලේ දැනට ගුවන් මගීන් 25000ක් ගුවන් කටයුතු නිමවා ඇත.භාණ්ඩ ටොන් 29000ක් ප්‍රවාහනය කර ඇත.

  • 0
    0

    ‍මෙයා මේ මෙච්චර‍ බෙරිහන් දෙන‍නේ චන්දෙ ලග හින්දා වෙන්න ඇති නේද

  • 0
    0

    එජාප ය නම් ඉදිරියට යයි හැබැයි රනිල් විතරයි.. මොන විහිලු කතා ද මේ??

  • 0
    0

    meya anduwe hitiyanam sanwardanayakuth na.nayath na.sathosa genihin meyalage gedara danava.sathosa bankoloth une ravi karunanayaka nisa.anthimata sevakayanta thamai vandi gewanna une.thavatikak kal hitiyanam ratath bankoloth .

  • 0
    0

    ai oya sathosata karapu dewal mathaka nathuwada owa kiyawanne.

  • 0
    0

    ai oya sathosata karapu dewal mathaka nathuwada owa kiyawanne.

  • 0
    0

    oyalage andu thibuna kale karapu keli gana nam ithin katha karala wadak nane

  • 0
    0

    මේක එක පාරක් කීවා අපේ හමුදාව අලිමංකඩ කියල පාමංකඩ යනවා කියල එත් අපි ඔප්පු කරලම පෙන්නුවනේ කොහෙද ගියේ කියලා..

  • 0
    0

    මෙන්න මේකා අයෙත් උම්බෑ කියනවා…

  • 0
    0

    මූ නිකන් ඇහැට දැක්ක අවගේ පච ඇත අරිනවා…..අනේ අපි නොදන්නා මුගේ බේගල්.එක පාරක් පාර්ලිමේන්තුවේ ඇත ඇරියේ එක පාරක්…මේකට පිස්සු.

  • 0
    0

    හ හ

    මේක නේද අපේ කොල්ලෙ යුධ වැදී ඉන්නකොට අලිමංකඩ නෙමෙයි පාමංකඩ යනව කියල කියුවෙ.

    හ හ හ හ හ.
    මට හිනහ.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.