25 April, 2024

Blog

මුසාවාදී සෞභාග්‍ය හා “ස” ගේ කෙරුවාව

රෙහාන් ප්‍රනාන්දු

රෙහාන් ප්‍රනාන්දු

රටක නායකයෙකු හීනමානයෙන් පෙළෙන්නේ නම් එතන සිදුවන්නේ පැහැදිළි වංචාසහගත නායකත්වයකි. රාජපක්ෂ පවුලම හීනමානයෙන් පෙලෙන, මිනී මරා තම බලය පතුරන, වංචාවෙන් දේශපාලනයේ නියැලෙන, අයුක්තියෙන් රටක නායකත්වය මතුකරන විශාල ප්‍රචණ්ඩකාරී හා දුෂ්ට පවුලකි. ගෝඨාභය යනු එලෙස හීනමානයෙන් පෙලෙන දුර්වල-දුෂ්ට ගණයේ නායකයෙකු බව දැනගෙන ලංකාවේ ජාතිවාදය පතුරවන මිනිසුන් සිංහ වෙස් ආරූඩ කර පෙන්වූ නායකයෙකි. දමිළ මිනිසුන්ගේ ජීවිත 2009 දී අනිසි ලෙස නැතිකර දමා ජාතිවාදය පැතිරවීමට තම සහෝදර මහින්ද රාජපක්ෂ හා එක්වී මෙරට විශාල ලෙස දේශාපාලන භූමිකාව මත උප සංස්කෘති බිහි කර හමාරය.

වසර දෙකක් ජනාධිපති ලෙස කරන ලද මුසාව මේ වන විට විවිධ රුපවාහිනී මාධ්‍ය ඔස්සේ ඊනීයා ක්‍රමයකට පතුරවමින් සිටින වග අප දනිමු. මෙවැනි දේශපාලන උප සංස්කෘතීන් රටකට සුදුසු නොවන වග කතිකා කිරීම, ඒ වෙනුවෙන් ක්‍රියා කිරීම අවශ්‍ය නොවේද? නමුත් ඊට සුදුසු යාන්ත්‍රණයක් නොතිබීම කණගාටුවකි. හුදෙක් මැතිවරණ වේදිකා පමණක් එයට ඔබින තැනක් නොවෙයි.

අනිසි දේශපාලනය හා නිසි දේශ කළමනාකරණය

ලංකාව අද ප්‍රතාපයකට අද වැටෙන්න හේතුව එනම් දේශපාලනය හේතුකරගෙනය. 2019 යේ ගෝඨාභය ගේ පැමිණීම වනාහී පාස්කු ප්‍රහාරය මුල්කරගෙන රටේ ආරක්ෂාව ගැන මුසාවාදී සංකල්පයක් නිර්මාණය කරමින් අර්බුදයක් පෙන්වීමයි. එලෙසින් 2005 මහින්ද රාජපක්ෂ පවා පැමිණි වග අපි දනිමු. නූගත් මැති ඇමතීන් අදටත් එය සංස්කෘතියක් බවට පත්කරගෙන ඇත. මෙවැනි අර්බුද නිර්මාණය කිරීම දේශපාලනයේ අනිසි දැක්මයි. ලංකාව රටක් ලෙස 1948 නිදහසින් පසුව අර්බුද රැසක කැමැත්තෙන්ම ජීවත්වන ගම් වාසීන් ඉන්නා රටකි. දේශපාලනය හුදෙක් මැතිවරණ කාලයන් තුළම පාලකයන් කරන ලද්දේ රට වැසියන්ට අර්බුද තත්වයන් පෙන්වීමයි නැතිනම් අර්බුද ඇති කිරීමයි. අර්බුදවලින් මිනිසුන්ව බෙදීමයි. එහෙයින් අර්බුද මානසිකත්වයක් ගොඩ නැගී ඇත.

එනමුත් සැබෑ දේශ කළමනාකරණයක් ඇත්නම්, ඉහත දූෂිත​ කරුණු කිසිවකට ඉඩක් නැත.

පවුලක කළමනාකරණය යනු නිසි පැවැත්මයි. පාලනයක් පැවතුනොත් සමාජය තුළ පවුල් සංස්ථාවම නැති වන වග අපි දනිමු. එහෙයින් පාලනය කිරීම සිදු වන්නේ හුදෙක් බලය, නිලතල, තන්හාව කේන්ද්‍ර කරගනිමිනි. කළමනාකරණය එසේ නොවෙයි; එය යහ පැවැත්මක ගතිලක්ෂණයකි. කළමනාකරණය මිනිසුන්ගේ පොදු යහපත තකන සිතන ගුණාංගයකි.

ගෝඨාභය කලේ රාජපක්ෂ පවුලේ පාලනය තබා ගනිමින් තමන් වීරයකු ලෙස පෙන්වන්නට නළුනිළියන්, ගායකයින්, මිලිටරිකරණය හරහා සොල්දාදුවන්, පොලිසිය, ආගමික නායකයින් හා ව්‍යාපාරකරුවන්ව පාවිච්චි කොට බලය ලබා ගැනීමයි. එනම් දේශපාලය තුළ තම බලය, අධිකාරිය, පවුල් හවුල, මිනීමරන සංස්කෘති බිහිකිරීමයි. අනෙකාව නැසීම මෙරට තදින්ම ක්‍රියාත්මක කලේ ගෝඨාභය හා රාජපක්ෂ පවුල් සංස්ථාවයි. එය මානසික අවුල් බවකි.

අපි(ට) තමා හොඳටම කලේ

ගෝඨාභය ප්‍රකාශ කළ විශේෂ ප්‍රකාශනයක් ඇත. සමාජ මාධ්‍ය හරහා එය විශාල විහිළුවක් වූ වග නොරහසකි. එනම්, “අපි තමා හොඳටම කලේ” යන්නයි. එනම් ඔහු පෙනී හිටියේ දූරදර්ශී නායකයෙකු බවයි, රටටම අවැසි නායකයෙකු බවයි, කොරෝනා මැඩ පැවැත්වූ කෙනා බවයි. මෙම හීනමානය රාජපක්ෂ පවුලේම ඇති හීනමානයයි. නුසුදුස්සෝ සුදුස්සෝ වීම ඔවුන්ගේ ක්‍රියාවකි. ඊට කුමන ලෙස හෝ සහය පලකරන යාන්ත්‍රණ ද ගොඩ නැගීම තවත් ලක්ෂණයකි. “අපි තමා හොඳටම කලේ” යන්න හරහා ගෝඨාභය පතුරවන්නේ තමන්ගේ නොසුදුකම බව ඒත්තු ගියේ නැත. මන්ද එවැන්නක් පහදා දීමට තමන් වටා උගත් මිනිසුන් නැති නිසාවෙනි. මෙම ලක්ෂණය අන්තවාදියෙකුගේ ලක්ෂණයකි, ත්‍රස්තවාදියෙකුගේ අනිසි ගුණාංගයකි. එහෙයින් මගේ දැක්මට සැබෑ ත්‍රස්තවාදියා වේලුපිල්ලෛ ප්‍රභාකරන් නොව ගෝඨාභය රාජපක්ෂයි.

“අපි තමා හොඳටම කලේ” ප්‍රකාශය උඩු කටිකුරු වන්නේ එහෙව් අවස්ථාවකයි. දුක් උහුලන මිනිසුන් එහෙයින් කිවයුත්තේ “අපිට තමා හොඳටම කලේ” යනුවෙනි. මන්ද දැනට උග්‍ර වී ඇති ප්‍රශ්න දිහා බලන කල වත්මන් ආණ්ඩුව කළේ නීච ක්‍රියාවකි. මිනිසුන්ගේ පොදු අයිතිවාසිකම් තදින්ම උල්ලංගනය කර ඇතිවග අපි දනිමු.

කෙසේවෙතත් දැන් නන්දසේන ගෝඨාභයව එපා කියන මිනිසුන් මීට වසර දෙකකට කලින් මුසාවාදී සෞභාග්‍යට උර දුන් පිරිස්ම වීම ලැජ්ජාසහගත කරුණකි. ඒ ගැන කතා කිරීමම කලකිරෙන කරුණකි. නන්දසේනව සුවිසල් වීරයකු ලෙස පෙන්නුවේද අද නන්දසේනව එපා කියන පිරිස් වීම තවත් අතකින් බලන කල දේශපාලනයේ අනිසි දැක්මයි. මේ යාන්ත්‍රණයට විපක්ෂය විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ 2019 කල මෝඩකම ඉස්මතුවීමකි. එහෙයින් “අපි තමා හොඳටම කලේ” කීමට නන්දසේනට හැකිවීම අරුමයක් නොවෙයි. එමෙන්ම නන්දසේනට මනාපය දුන් පිරිස් ‘අපිට තමා හොඳටම කලේ’ යන්න කියමින් සිටීම අරුමයක්ද?

යුද වික්‍රමයේ මායාව

රාජපක්ෂ පවුලට ලංකාවේ වැජඹෙන්න​ තිබෙන එකම තුරුම්පුව යුද්ධයේ ජයග්‍රහණය මිත්‍යාවක් තුළින් වැපිරවීමයි. 2009 වසරේ ඉවර කරන ලද යුද්ධයේ පූර්ණ අයිතිය තම පවුල සතු කරගනිමින් ආගමේ මුවාවෙන් ජාතිවාදය පතුරවන අසංවර තත්වයකට පත්ව ඇත. ගෝඨාභය යනු එහෙව් මුසාවාදී අසංවර කෙරුවාවෙන් උපරිම දේ නෙළාගත් කිසිම දර්ශනයක් නොමැති නායකයෙකු වීම මෙහි විශාලම විහිළුවයි.

යුද්ධයක් නිර්මාණ කරන ඕනෑම කෙනෙකු හෝ නායකයෙකු බලන්නේ තම පැවැත්මට දේශපාලනිකව හෝ ආගමීකව සුවිසල් පවුරු තනා සදාකල් වැජබීමටය. බෞද්ධ ආගම ආභරණයක් කරගෙන එම ආගමේ මුවාවෙන් රාජපක්ෂ පවුල කරන්නේ තමන්ගේ පවුල් ත්‍රස්තවාදය පතුරවන්න භික්‍ෂු සහය කෙළින්ම ගැනීමයි. පරිබාහිරව ත්‍රස්තවාදය යුද්ධය හේතුකරනගෙන සිදු වූවක් සේ පෙනුණත් නිසි ත්‍රස්තවාදය දක්නට ඇත්තේ රාජපක්ෂ වරුන්ගේ සංගමය නැතිනම් රාජපක්ෂ පවුල්වාදයට උදව් කරන යාන්ත්‍රණය තුළ ය. විශේෂයෙන් ආගමික නායකයින් මෙම මායාවේ හිරවීම අසංවර ලෙස ආගමක් අර්ථ ගැන්වීමයි. අප්‍රියෙල් 21 ප්‍රහාරයේදී මැල්කම් රන්ජිත් කාදිනල්වරයා කියා සිටියේ රටේ ආරක්ෂාව දැඩි අවධානමක හෙයින් සුදුසු පියවර ගන්න යනුවෙනි. නොකියා පැවසුවේ මැල්කම් සහය දෙන රාජපක්ෂවරුන්ව නැවත බලයට ගෙන්වන ලෙසය.

යුද්දයක් කිසිම රටක ජයග්‍රහණයක් සාමයක් ගෙන දී නොමැත. යුද්දය ගෙන දෙන්නේ වේදානාව, අසතුට, තුවාල, පසුතැවිල්ල, දේපල විනාශය ආදියයි. එහෙත් ලංකාව ඊට ප්‍රතිවිරුද්ධ සංකල්ප රැසක් ගොඩ නගා ඇත. ඒ රාජපක්ෂ පවුලේ අසංවර දේශපාලන ප්‍රතිපත්ති නිසාවෙනි. යුද්දය ජයග්‍රහණයක් කොට නම් කර, ආගමික ස්ථාන තනා, සොල්දාදුවන්ව රවටා, චිත්‍රපට තනා, තමන්ගේ පටු අරමුණු වලට ඔවුන්ව බිලිපූජා කොට, තමන්ගේ වීරත්වය ප්‍රකාශ කරමින් රටම රවටා ඇත. ගෝඨාභය යනු මෙම අසංවර දේශපාලනය මිලිටරිකරණය හරහා කරනු ලබන නූගත් උදච්ච නායකයෙකි. පහුගිය වසර දෙක තුළ ප්‍රදර්ශනය කලේ ඒ උදච්ච කමේ හා මිලිටරි මානසිකත්වයේ පාදඩකරණය යි.

මුසාවාදී සෞභාග්‍ය

සංවර්ධනය නැතිනම් රටක සෞභාග්‍ය සියලුම ජනකොටස් වලට පොදු දෙයකි. පොදු යහපත සැලසෙන්නේ සමානාත්මතාවය නිසිලෙස තුලනාත්මක ලෙස පවතින කලය . සමාජවාදය නම් මේ පොදු සමානාත්මක බවයි. අවාසනාවකට ලංකාව වැනි රටක් මේ සංවර්ධනය ඊනියා ක්‍රමයකට සකසා ව්‍යුහාත්මකව මිනිසුන්ව රවටා ඇත. මෙවන් මුසාවාදී සංකල්ප රාජපක්ෂ හොර පවුල් න්‍යායන්ට සාමාන්‍ය තත්වයක් බවට පත්කර ඇත්තේද ලංකාවේ නූගත්ම ජනකොටස් විසිනි.

රාජපක්ෂ පවුල් ත්‍රස්තවාදයේ නීච පාදඩකරණය ඇත්තන්ව හා ගැත්තන්ව ඇති කරමින් නැත්තන්ව නැත්තටම නැතිකර දමා ඇත. ආගමික මුසාවාදී සියලු යාන්ත්‍රණ මෙම පවුල් ත්‍රස්තවාදයට සහයදී පිරිත් කියමින් පූජා තියමින්/කරමින් ආශිවාද කරන මේනියාව කුමට පැහැදිලිද.

නොදුටු දුටුගැමුණු

මහින්ද රාජපක්ෂගේ දේශපාලන ජීවිතය ගෙවුනේ දුටුගැමුණු ව නැවත සජීවී කරමිනි. එළාරව පරදවන ලද දුටුගැමුණු සේ මහින්ද යුද්දය නිමාකර ප්‍රභාකරන්ව විනාශ කිරීමක් කල වග මිත්‍යාවක් ගොතන ලදී. ඒ මුසාව පිළිගන්න ජාතියක් වීමේ අසෝබන කම තවත් පෙනෙයි. එලාරව මරා රුවන්වැලි සෑයක් සාදා දුටුගැමුණු ඉතිහාස ගත වූ සේ රාජපක්ෂ පවුල් ත්‍රස්තවාදය විශේෂයෙන් ගෝඨාභය තම කෙරුම් පෙන්වන්නේ ද එලෙසිනි.

මේ මිත්‍යාව පිළිගන්න මිනිසුන් ලංකාවේ වෙසීම ජාතියේම අභාග්‍යයයි.

රජවරුන් කල කී දෑ ගැන තර්කයක් නො මැත. ඒ ඉතිහාසය අද අපේ වර්තමානයයි. නමුත් 1948 පසුව කල බොහෝ දේ ඒ වටිනා ඉතිහාසය නැති කර ඇත. අද වන විට මුසාවාදී සෞභාග්‍ය, එනම් රාජපක්ෂ පවුල් ත්‍රස්තවාදය පෙර ඉතිහාසයෙන් අයුතු ප්‍රයෝජන ගන්නා බව පැහැදිළිය. මේ බව දන්නා කියන බොහෝ උගත් පිරිස් පවා හුදෙක් මුල්‍යමය වාසි තකා රාජපක්ෂ පවුල් ත්‍රස්තවාදයට හවුල් වී ඇත. ඒ අතර ප්‍රසිද්ධ ක්‍රීඩකයෝ, නළුවෝ, නිළියෝ, ව්‍යාපාරිකයෝ, ආගමික නායකයෝ සිටීම ලැජ්ජාවේ උපරිමයයි. නොදුටු දුටුගැමුණු වෙස් ගෙන පැමිණීම​ රාජපක්ෂලාට අවේනික වෙස්මුහුණක් නිර්මාණය කරගැනීමකි. කදිමෙට මෙම නාඩගම නැටීමට හැකිවීම තවත් මිත්‍යා ජයග්‍රහණයකි. ඒ මිත්‍යාවේ එල්ලී සිටීම, මිත්‍යාව පිළිගැනීම රටවැසියන් කදිමෙට විලාසිතාවක් කරගෙන ඇත.

‘ශ්‍රී’ ලංකාවෙන් ‘චී’ ලංකාවට

රාජපක්ෂ පවුල් හවුල රටම අවුලක් කරන තත්වෙට ඇද දමා චීනය හා උරෙන් උර ගැටෙන ආකෘතියක් සාදමින් සිටින වග අපි දනිමු. මෙහි අදූරදර්ශී බව වැසියන්ට වැටහෙන්නේ නැත්තේ ඇයිද යන්න විශාල ප්‍රශ්නයක් නොවේද? සත්‍ය ලෙසම රටේ නමත් දැන් ‘ශ්‍රී ලංකාව’ ද ‘චී ලංකාවද’ යන්න ගැටළුවක් බව පැහැදිළිය . ගෝඨාභයගේ මුසාවාදී වසර දෙකක සෞභාග්‍ය චීනයේ පිහිටෙන් ගෙවා ගැනීමක් ද සමරන ලද බව ලංකාවේ මාධ්‍ය වල අනුග්‍රහයෙන්ම ප්‍රකාශ කරන ලද්දේ තමන්ගේ “ස” කම පෙන්වමිනි. මෙම වංචාවෙන් හෙළි වන්නේ ශ්‍රී ලංකාවේ ස්ප්‍රීතුව නොව චී ලංකාවේ වහල්කමයි. ඒ සංකල්පය පහත කවි පද වලින් හෙළි වේ;

ඉතින් එන්න
නවීනව තැනෙන චී ලංකාවට
වරාය නගර තනා
මිනිස් දහඩියෙන්
උන්ගේ මඩිය තනා

“ශ්‍රී” වීරකම් නිමා වී
තැනෙන හදන රටකි
“චී” වෙන්න
සම්මත වී කෙටුම් පත්
හා සියලු රෙගුලාසි
හැදෙයි රටක් චී ලංකාව නමින්
බඩගෝස්තර වාදය රජ යන්න

ඉතින් එන්න
ඇවිත් ඉන්න
චියර්ස් ගන්න
“ශ්‍රී” නැතිවී “චී” වුන
රට දැක.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    ජනාධිපති සහ ආණ්ඩුව වහාම සියලුම ගෑස් සිලින්ඩර වහාම නැවත කැඳවන්න (recall කරන්න) ඕනේ. ජනතාවට කියන්න ඕනේ වහාම ගෑස් සිලින්ඩර භාවිතා කිරීම නවත්තන්න කියල. හරි නම් මේක කරන්න තිබුනේ පලවෙනි ගෑස් සිලින්ඩරය පිපිරිච්ච ගමන්මයි.
    සියලු ගෑස් සිලින්ඩර නැවත කැඳවලා, ඒවට මිනිස්සු ගෙවපු මුදල් නැවත දෙන්න ඕනේ. කෝ මේ රටේ පාරිභෝගික අධිකාරියක් නැත්ද? ප්‍රමිති ආයතනයක් නැත්ද? මේවාට මෙලෝ දෙයක් දන්නේ නැති දේශපාලක හෙන්චයියන් දා ගත්තහම වෙන දේ තමයි මේ.
    දැන් ගෑස් සිලින්ඩර කීයක් පිපිරුවද? පලවෙනි ගෑස් සිලින්ඩරය පිපිරුණ ගමන්මයි හරි නම් සියලු ගෑස් සිලින්ඩර නැවත කැඳවන්න (recall කරන්න) තිබුනේ. දැන් කීයක් පිපිරුනාද? කාන්තාවකුත් මරණයට පත් වෙලා. ඉස්සෙල්ල ගෑස් වල බර අඩු කරලා හොරට විකුණුවා. ඒ ගැන ගොබ්බ ආණ්ඩුව කිසි පියවරක් ගත්තේ නැහැ. ඊළඟට අඩු කරපු ගෑස් වල බරට වෙන මොනවා හරි එකතු කරන්න ඇති. සිලින්ඩර පුපුරන්නේ එක්කෝ ඇතුලේ අන්තර්ගත පීඩනය දරා ගන්න බැරි වුනහම. අනතුර සිද්ධ වෙන්නේ ගෑස් කාන්දුවීම නිසා. රස පරීක්ෂකවරයාත් ගෑස් සිලින්ඩර වල අන්තර්ගතය වැරදි බව කියලා තිබුනා. තවත් බලා ඉන්නවා.
    වහාම සියලු ගෑස් සිලින්ඩර නැවත කැඳවන්න ඕනේ. සාමාන්‍ය දැනීමනේ මේවා.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.