25 April, 2024

Blog

කෝවිඩ් සෑදී මියගිය ජ්‍යෙෂ්ඨ පුරවැසි විලාපය

වෛද්‍ය​ එම් එම් ජනප්‍රිය

වෛද්‍ය​ එම් එම් ජනප්‍රිය

පෙරවදන

මා මවු බසින් ලිවීම ආරම්භ කිරීමට හේතු කිහිපයක් තිබෙනවා. ඉන් පළමුවැන්න බහුතරය ආමන්ත්‍රණය කරන්නට පුළුවන් වීම. දෙවැන්න වන්නේ මේ බහුතරය ඇසීමට කැමති සහ බණ​ නොකියන අය වීම. තෙවැන්න මට විශේෂ වන නිසා වාක්‍ය කීපයක් ලියනව. මා ඉංග්‍රීසි බසින් කලම්බු ටෙලිග්‍රාෆ් වලට ලිපි ගණනාවක්ම ලිව්වා. මුලින්ම එක පාර්ශවයක් බලයට ගෙන එම සඳහා ලියන ලද ලිපියකට පිළිතුරක් ලිව්ව නමුත් එම පුවත්පතේ මගේ ලිපිය පලනොකිරීම නිසා එම ලිපිය ඒ විලාශයෙන්ම කලම්බු ටෙලිග්‍රාෆ් වෙත​ යොමුකලා. දෙවනුව පාස්කු ඉරිදා සිදුකරනලද ම්ලේච්ඡ බෝම්බ පිපිරීම සහ එයට හේතු වියහැකි කරුණු සම්බන්ධවද​ ලියවුනා. ඉන් පසු ඉස්ලාම් අන්තවාදයට හේතු, ඩෙංගු මර්දනය, කෝවිඩ් වසංගතය සහ දමිල ඩයස්පෝරාව විසින් ඇමෙරිකා සෙනට් සභාවට ඉදිරිපත්කරන ලද පෙත්සම යනාදී විවිධ විෂයන් යටතේ ලිපි ගණනාවක්ම ලිව්වා. මේ ලිපි සිය ගනං කියවන්නන් විසින් කියවනු ලැබූ බව මා දන්නවා. නමුත් දහස් ගණනින් කියවන්නට නැතිව ඇති භාෂාව මවු බස නොවන නිසා. අනික මේවාට නැවත නැවත ප්‍රතිචාර දක්වන්නේ තමන් සියල්ල දත් යයි සිතාගෙන සිටින හා ඉංග්‍රීසි භාෂාවෙන් ලියවෙන රචනා විවේචනයට හා විනිශ්චයට ලක්කිරීමට තමා හට උපතින් උරුමවූ අයිතියක් තිබෙයයි සිතන අය, ඉංගිරිසි ටිකක් කටගාගෙන කරලියට එන්න දඟලන කාගේද මල්ලිලා සහ තවත් මස්කුට්ටියකට වහන්න අර අඳිමින් සිටින උකුස්සන් වැනි කිහිපදෙනෙක් පමිණි. ඔවුන්ගේ භාෂා විලාශයද ශිෂ්ට ලෝකයට ඔබින්නේ නැත. දැන් අපේ මාතෘකාවට බහිමු.

කෝවිඩ් නිසා අප උගත් හා නූගත් පාඩම්  

කෝවිඩ් වසංගතය අපට විනාශය ලඟා කල බව අපි දන්නවා. නමුත් එය අපට ඉගැන්වූ පාඩම් ගැන අපට මනා අවබෝධයක් නැහැ. නීති ගරුක වීම, ප්‍රජා වෛද්‍ය උපදෙස් පිළිපදිමින් (මුව ආවරණ පැළඳීම, දුරස්ථ භාවය රැක ගැනීම සහ නිතර සබන් යොදා අත සෝදා ගැනීම) තමුන් හා අනිකාවත් ආරක්ෂා කරගැනීම, අල්ලපු ගෙදර කෙනාට කෝවිඩ් වැළඳුන විට දුරින් සිට ඔහුට හෝ ඇයට උපස්ථාන කිරීම යනාදි ගුණ ධර්ම නොකැමත්තෙන් හෝ ප්‍රගුණ කර ගන්නට සිදුවුණා. මේ ගුණධර්ම වලින් රටට ලොකු සේවයක් වුවා.

මේ අතරම කෝවිඩ් වසංගතය පුද්ගලිකව අප සියලු දෙනාගේත් පොදුවේ අප ආණ්ඩුකරන රජයේත් නිර්ලජ්ජාභාවය මොනොවට පිළිබිඹු කළා. මේ රචනාවේ අරමුණ මෙකී නිරුවත පෙන්වූ අවස්ථා එයට තුඩුදුන් හේතුන් සහ ඒවාට විර්ද්ධවීමේ සර්ව ජාතික අලසකම විග්‍රහය කිරීමය. වසංගතය සම්බන්ධව අප හා අප රජය නිර්ලජ්ජාව නොහොබිනා වැඩ කල අවස්ථා එමටයි. මේ සියල්ල ගැනම විවේචනාත්මක රචනාවක් ලිවීම ප්‍රායෝගික නොවන හෙයින් මං එක අංශයක් පමණක් තෝරා ගත්තා. මෙය තමයි අප අපේ වයෝවෘධ​ ජනතාව වසංගතයට බිලි නොදී බේරා ගැනීමට අප හා අප රජය කෙතරම් දුරට ක්‍රියා කලාද යන්න.

ගුරු දෙගුරුන්ට ගරු කල හා ආදරය කල ජාතියක්

ඉස්සර කාලෙ අප රට ධර්මද්වීපයකට සමීප දුපතක් වුනා. අප අපේ දෙමුපියන් මුත්ත මුත්තනියන් යනාදී වැඩිමහල් උදවිය දිවිහිමියෙන් රැකබලා ගත්ත ජාතියක් උනා. බෝධිසත්වයාණන් තම මව පිට උඩ තබාගෙන යොදුන් ගණනාවක් පිහිනුබව ජාතක කතාවල සඳහන් වෙනවා. මව්පිය උපස්ථානවල​ අදීන බව​ බෞද්ධ පොත් පත්වල තිබෙන අතර ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේත් නිතර කියා දෙනවා. මේ නිසාම වෙන්න ඇති අප වැඩිහිටියන්ට ගරුකරන හා ඔවුන්ගේ ඕන එපා කම් පෙරදැරි කරගෙන වැඩ කරන ජාතියක් හැටියට වැඩ කලේ.

මෙවැනි සංවේදී ජාතියක් කෝවිඩ් වසංගතය මධ්‍යයේ ඔවුන්ගේ මුතුන් මිත්තන් රැකබලා ගත්තාද නොඑසේනම් රජයේ නොමනා ක්‍රියාකලාපය නිසා ඔවුන් ක්‍රමයෙන් වැනසී යෑම දැක මුනිවත රැක්කාද යන්න විශ්ලේෂණය කරන්න ඕන. මේ සඳහා අපට ශ්‍රී ලංකාවේ කෝවිඩ් මර්දන ව්‍යාපාරයේ කාර්යභාරය සහ එහි ඉතිහාසය අධ්‍යයනය කල යුතව තිබෙනවා. මේ රචනාවේ අභිප්‍රාය හුදෙක් ස්වයං විවේචනයක් හා ඉන් ඉගෙනගතහැකි පාඩම්ද මෙවැනි වසංගතයක් නැවත අප වෙත හමා ඒමට තරම් අප අභාග්‍යමත් වුනොත් එවැන්නක් මර්ධනය කිරීම සඳහා මින් ඉගෙනගත් පාඩම් උපයෝගී කරගන්නේ කෙසේද යන්න මිස රජය හෝ එහි නියෝජිතයින් අපහසුතාවයකට හෝ අපකීර්තියට පත් කිරීම නොවේ.

එන්නත් පරක්කුවට පසුබිම

වසංගතය රටට පැමිණ වසරකට වැඩි කාලයකින් පසුවයි හරිහමන් එන්නතක් කල එලි බැස්සේ. එන්නත් ගන්න සල්ලි නැති නිසාද නැත්නම් නාථ දේව බලයෙන් හෝ කාලි අම්මා බලයෙන් වසංගතය නිමාවේ යන අසීමිත විශ්වාසය නිසාදෝ එන්නත් ඇනවුම් කිරීම අමතක උන කාරණයක් උනා. මෙසේ ඇද ඇද හිටියේ සෞඛ්‍ය​ රීති පිළිපැදීම සහ විටමින් ඩී, සී සහ තුත්තනාගම් අඩංගු බෙහෙත් ගැනීමෙන් කරන්නේ එන්නතක් හෝ ඵලදායී බහෙතක් බිහිවනතෙක් කාලය ඉල්ලාගැනීමක්‌ මිස වෙන යමක් නොවන බව ලොව සෑම දෙසකින් නැගුන ප්‍රජා, වසංගත වෛද්‍ය විශේෂඥයින්ගේ හා වෛරස් විද්‍යාඥයින්ගේ බිහිරිවන ලෙස පැතිරෙමින් තුබුණු හඬ මධ්‍යයේය.

ගල්කටස් වැනි එන්නත්කරණය

නිකම් ලැබුන හිසරදයක් ලෙස හෝ හිඟමන් කර හෝ එන්නත් ශ්‍රී ලංකාද්වීපයට​ අවතීර්ණ උනා. මෙය ක්‍රමවත්ව දියත් කිරීමට පරිපාලන සේවයේ පරිණතයෙක් යයි කියන තැනැත්තෙක් දියත් කොමිටියේ සභාපති හැටියට පත්කරනු ලැබුවා. මොහුගේ අතීතය එතරම් කීර්තිමත් නොවූ නිසා නිසියාකාරව ප්‍රතිශක්තිකරණය සිදුකිරීමට ඇති ඔහුගේ හැකියාවට උඩින් රතුකොඩි වේගයෙන් ලෙලදෙන බව ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයින් හැටියට අපට පෙනුනා. නමුත් ජනාධිපති තුමා මෙය නොදැක්කාද නැත්නම් මේ තැනැත්තාගේ නම්‍යශීලී බව නිසා මේ පට්ටම දුන්නාද කියා හරියටම තෙරුන් ගන්නට බැහැ. කෙසේ වෙතත් බෝවන රෝග පිලිබඳ ජාතික උපදේශක කමිටුව සහ ජාතික ප්රතිශක්තිකරණ තාක්ෂණික උපදේශක කණ්ඩායම විසින් ඉදිරිපත් කල ජාතික එන්නත් යෙදවීමේ සැලැස්ම ක්රියත්මක කිරීමට මෙවැනි අය ප්‍රදාන කොමිටියක් පත්කිරීම විහිළුවක් වගේ පෙනෙන්නෙ. ඇත්තටම එය විහිළුවක් නොවේ මන්ද මොහු වැනි අයගේ නායකත්වයෙන් එන්නත්කරණය දියත් කල ලද බැවින් එය හිතාමතා අනන ලද අච්චාරුවක් බවට පත්වුණා. මේ අච්චාරුව ඇතුලත රජයට උවමනා විදියට ඒගොල්ලන්ටම ආවේනිකවූ ප්‍රමුඛතා ලැයිස්තුවකට අනුකුලව එන්නත දීමට පුළුවන් උනා.

ගල්කටස් ක්‍රමයේ ප්‍රතිඵල

එන්නත් කිරීම සඳහා යෙදවූ මේ විනාශකාරී ක්‍රමය ගැන මා ඉංග්‍රීසි භාෂාවෙන් කලම්බු ටෙලිග්‍රාෆ් පත්‍රයට ලිව්වේ 2021 මාර්තු 10 වනදාය. එහි විෂයය (Professors, Politics, Peniya and Blunderbuss Vaccination Regime) මහාචාර්යවරුන්, දේශපාලනය, පැණිය සහ ගල්කටස් එන්නත් පාලන තන්ත්‍රයයි. පුලුවන්නම් මෙය කියවන්න. තේරුම් ගැනීමට කෙනෙකුගේ සහාය අවශ්‍යනම් එය ඉල්ලීමට පැකිලෙන්න එපා. මෙය ලියවෙන කාල වකවානුවේදී එනම් මාර්තු මස 10 වනදා වන විට කෝවිඩ් නිසා මියගොස් තිබුණු සංඛ්‍යාව 520කි. මෙයින් 80% එනම් 416 ක්ම වයස අවු 60 වැඩි ජ්‍යෙෂ්ට පුරවැසියන්ය. අද වනවිට මුළු සංඛ්‍යාව 14,057 කුත් ජ්‍යෙෂ්ඨ පුරවැසි සංඛ්‍යාව 12,046 වී ඇත. නිවැරදි ගණන මේ වාගේ දසගුනයක් පමණ වෙනවා. ශ්‍රී ලංකාවේ දත්ත එතරම් නිවැරදි නැහැ. මොකද, මං කලින් කියා තිබෙන පරිදි සියලුම ආසාදිතයින් හඳුනාගැනීමට අප විසින් මිලියනයට 20,000ක් ටෙස්ට් (පී සී ආර් හෝ රැපිඩ් ඇන්ටිජෙන්) කළයුතුව තිබුනා. එනම් දිනකට ටෙස්ට් 460,000ක්. අප දිනකට කල මුළු ටෙස්ට් ගණන 15,000ක් පමණයි. අපි දිනපතා කල පරීක්ෂණ ගණන 25,000 යි කියා උපකල්පනය කලොත් දළ​ වශයෙන් අපේ දත්ත නිවැරදි මට්ටමට ගැනීමට 20න් වැඩි කරන්න ඕනේ. මා සංඛ්‍යානමය සූත්‍රයක් පාවිච්චි නොකළ නිසා වැඩි කලයුතු අංකය 10යි කියා ගත්තත් නිවැරදි මරණ සංඛ්‍යාව 140,000 ඉක්මවනවා. ගෙවල්වල මල ගණන​ත්, වෙනස් කරනු ලැබූ ගණනය කිරීමේ ක්‍රමය නිසාත් සත්‍ය මරණ ගණන මාගේ ගණනට​ කිට්ටු ඇති. මේ දොළොස්දාහට අධික මළවුන් ගණනින් (නිල තොරතුරු අනුව) වැඩි කොටසක් බේරා ගැනීමට තිබුනා ඔවුනට ප්‍රතිශක්තිකරණය ලැබුනා නම්. මෙහිදී අපට බලන්නට වෙලා තියෙනව වයෝවෘධ​ අයට ප්‍රමුඛතා දියයුතුව ඇත්තේ මන්ද සහ ඔවුනට ඒ ප්‍රමුඛතාව නොලබීමෙට හේතු මොනවාද කියල.

වයෝවෘධ​ අයට එන්නත් ප්‍රමුඛතාව දියයුත්තේ ඇයි?

අප කෝවිඩ් ප්‍රතිශක්තිකරණය පටන් ගන්න කොට එනම් කෝවිඩ් අප අතරට පැමිණ වසරකට වැඩි කලකට පසු ලෝකයා මේ වසංගතය ගැන බොහෝ දේ දැන සිටියා. ලේසියෙන් වැලඳෙන්නේත්, සංකුලතා වැඩි වෙන්නෙත් මහා බහුතරයක් මියයන්නෙත් වයස අවුරුදු 60 වැඩි ජනතාව අතරින් බව නිතර සිහිපත්කල දෙයක්. තවද වයස්ගත ශරීර වලට ඇතුල්වන වෛරසය ඉතා ශීග්‍රයෙන් වර්ධනයවී අතිවිශාල වෛරස් ප්‍රමාණයක් බිහිකරන නිසා ඔවුන් ‘සුපිරි පතුරන්නන්’ (super spreaders) බවට පත්වෙනවා. මෙන්න ලින්ක් එකක්. මෙය ලියා තිබෙන්නේත් ඉංග්‍රීසි භාෂාවෙන්මුත් උදවු අරන් හෝ කියවන්න. තවද ඔවුන්, ඔවුනට වඩා බාල ශක්තිමත් සහ චාරයක් නැති එවුනුත් සමග වැක්සින් තරඟයකට දැමීමෙන් ඔවුනට දිනුම් ලනුවට පපුව ගෑවීමේ ඇති අවකාශය කන කැස්බා වියසිදුරෙන් එලිය දකිනවා වගේ දෙයක්ය.

ජාතික එන්නත් යෙදවීමේ සැලැස්ම

බෝවන රෝග පිලිබඳ ජාතික උපදේශක කමිටුව සහ ජාතික ප්රතිශක්තිකරණ තාක්ෂණික උපදේශක කණ්ඩායම විසින් ජාතික එන්නත් යෙදවීමේ සැලැස්ම එලි දැක්වුයේ 2021 ජනවාරි මාසයේය. මෙයට සෞඛ්‍ය අමාත්‍යාංශයේද​ පුර්ණ අනුමැතිය ලැබුනා. එමනිසා ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සියලු පර්ශවකරුවන්හට සැලැස්ම ගැන දැනුම් දුන්නා. මෙන්න ඒ සැලැස්ම.

1. ඉදිරිපෙළ සෞඛ්‍සේවකයින්

2. ඉදිරිපෙළ ආරක්ෂක සේවා බල ඇණිය

3. ඉදිරිපෙළ පොලිස් නිලධාරීන්

4. වයස අවුරුදු 60 වැඩි පුරවැසියන් විශේෂයෙන්ම දියවැඩියාව, අධික රුධිර පීඩනය, නිදන්ගත හෘදය​ සහ පෙනහළු රෝග යන්න්දී රෝග වලින් පෙලෙන අය

5. ආර්ථික ක්ෂේත්‍රයේ වැදගත් හෝ අත්‍යාවශ්‍සේවාවල නියැලෙන හෝ වැඩි අවදානම් කෙනෙකු හෝ සමුහයක්

6. අනෙක් සැවොම

බලධාරීන් මේ සැලැස්මට අනුව කටයුතු කලාද? නැත

නිසි අයුරින් එන්නත ලබාදීම සඳහා ජනාධිපතිතුමා විසින් කාර්ය සාධක බලකායක් පත්කලා. මේ බලකායේ නම COVID-19 ප්‍රතිශක්තිකරණය ජාතික යෙදවීම සහ එන්නත් සැලැස්ම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායයි. මොවුනට එන්නත තීරණය, ඇනවුම් කිරීම සිට පුරවැසියන්ට ලබාදීම දක්වා සියලුම අදියරවල වියයුතුදේ ගැන තීරණ ගෙන ඒවා ක්‍රියාත්මක කිරීමට බල තල ලබාදී තිබුනා. මෙම බලකායේ ප්‍රධානියා උනේ මෑත අතීතයේ නඩුවකින් වැරදිකරුවී හිරේට නියමවූ නමුත් අලුත් ආණ්ඩුව පත්වීමෙන් පසු නිදොස්කොට නිදහස් කරනලද වයෝවෘධ පුරවැසියෙක්. තමාත් වයෝවෘධ බැවින් ජ්‍යෙෂ්ට පුරවැසියන් ගැන සැලකීමක්, වැඩි අවධානයක් නැතහොත් අනුකම්පාවක්වත් පෙන්වයි කියල අපි බලාපොරොත්තු උනා. නමුත් මේ බලකාය අම අමුවේ Covid-19 සඳහා ජාතික එන්නත් යෙදවීමේ සැලැස්ම උල්ලංඝනය​ කළා. වයස අවුරුදු 60 ට වැඩි අය ප්‍රමුඛතා ලැයිස්තුවෙන් පහතටම තල්ලුකලා. මා දකින්නේ මෙය බලකායේ තීරණයක් හැටියට නොවේ. දේශපාලන තීරණයක් සාධාරනීයකරණය​ කිරීමක් තමයි මේ හෙන්ච්චය්යල කරලා තියෙන්නේ. ඉතින් වයසක උදවියට බකන්නිලාගෙන ඉන්න සිද්ධ උනා. එන්නත නොලැබීම නිසා ඔවුන්ගෙන් සැලකියයුතු ප්‍රමාණයක් කෝවිඩ් වැළඳී ඉන් මියගියා.

විද්‍යාත්මකව බිහිවූ ජාතික එන්නත් යෙදවීමේ සැලැස්ම පිටුදැක්කේ ඇයි?

අප අය්යලගේ මානසිකත්වය වෙන්න ඇත්තේ මේකයි. අපි පරක්කුවෙලා අමාරුවන් එන්නත් තොගයක් ලබාගත්ත. මේක හරි විදියට පාවිච්චි කරන්න ඕනේ. අවුරුදු 30න් ඉහල වගේ නෙව අපේ ශ්‍රම බලකාය. උන්ට ගහන්න ඕන ඉස්සරවෙලා. අනික උන් නෙව නිතර එහා මෙහා යන්නේ. ඔය නාකියෝ ගෙවල්වලට වෙලා ඉන්නේ නැතැයි. මෙහෙම තමයි ඔය කොන්ඩෙ කලුකරලා මුනට බෝටෝක්ස් ගහල වී8 වාහනවල යන මතකය හා බුද්ධිය ප්රිහීගිය ‘තරුණ’ දේශපාලුවෝ හිතපු විදිය. නොදකින් විතරක්. ඉතින් මුන්ගේ ගොබ්බ අදහස අනුමත කළා සිල් හිල් සේවකයන්ගෙන් හා දේශපාලුවන්ගේ සපත්තු ලෙව කන්නන්ගෙන් සමන්විත බලකාය. මුන්ට කොන්දක් තිබුණා නම් මේක නවත්තන්න තිබුනනෙව. කොහොමහරි අසරණ වයෝවෘධ අය දහස් ගණනින් මරුන මුන්ගේ බහුබූත ක්‍රියා කලාපය නිසා.

ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ ප්‍රතිචාරය (උපුටා ගත්තේ 22-02-2021 දින පවනි හපුආරච්චි මෙනෙවිය විසින් නිවුස් ෆස්ට් වලට ලියනලද Concerns over COVID Vaccine priority list: CCPSL යන ලිපියෙන්)

ශ්රී ලංකා ප්රජා වෛද්යවරුන්ගේ විද්යාලය (CCPSL) වැඩිදුරටත් සඳහන් කළේ, ජාතික එන්නත් යෙදවීමේ සැලැස්මේ හඳුනාගෙන ඇති පරිදි පළමු ප්රමුඛතාවය වූයේ පළමු වටයේ එන්නත් කිරීමේ දී අවසන් කරන ලද පෙරටුගාමී සෞඛ් සේවකයින්ට සහ COVID-19 ක්රියාකාරකම්වලට සෘජුවම සම්බන්ධවූවන්ට එන්නත් ලබාදීමයි. ඉතිරි ප්රමුඛතා කණ්ඩායම් අතරට වයස අවුරුදු 60 වැඩි අය සහ විශේෂයෙන් රට තුළ දිනපතාම දරුණු රෝග හා මරණ සිදුවන බෝ නොවන රෝගවලින් පෙළෙන අය ඇතුළත් වේ.

මේ අනුව, අවුරුදු 30 ත් 60 ත් අතර පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් එන්නත් ලබාදීම ආරම්භ කිරීමට සෞඛ් අමාත්යාංශය ගත් තීරණය තෝරාගත් ප්රජාවන් කිහිපයක ක්රියාත්මක කිරීම ජාතික එන්නත් යෙදවීමේ සැලැස්මේ සඳහන් විද්යාත්මකව එකඟ වූ ප්රමුඛතාවයෙන් පැහැදිලි බැහැරවීමක් බව CCPSL පෙන්වා දෙයි.

ශ්රී ලංකා ප්රජා වෛද්යවරුන්ගේ විද්යාලය සඳහන් කළේ මෙම උපායමාර්ගය සාක්ෂි පදනම් කරගත් භාවිතයක් හෝ පුළුල් මහජන සෞඛ් සහ ආර්ථික ප්රතිඵල සලකා බලා මහජන සෞඛ් තීරණයක් නොවන බවත්, එමඟින් රටේ COVID-19 වැළැක්වීමේ ක්රියාකාරකම් පීලි පැනීමටත්, මහජනතාව අනතුරුදායක ලෙස අඩපණ කරන බවත් සඳහන් කළේය. COVID-19 සඳහා සෞඛ් ප්රතිචාරය විශේෂයෙන් COVID-19 නිසා ඇතිවන සංකූලතා සහ මරණ අවම කිරීමේ අරමුණ සම්බන්ධයෙන් දියත්කරන්නක්.

වසංගත ප්රතිචාරයේ මෙම අදියරේදී NACCD හි නිර්දේශ නොසලකා හැරීම සමස්ත COVID-19 පාලන ක්රියාකාරකම් අනතුරේ හෙළීමට හේතු විය හැක. CCPSL වන අපි, එන්නත් ප්රතිපත්තිය පිළිබඳ තාවකාලික තීරණ ගැනීමට වඩා විද්යාත්මකව නිර්දේශිත එන්නත් ප්රමුඛතා ලැයිස්තුව කඩිනමින් ක්රියාත්මක කරන ලෙස රජයෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු,” ශ්රී ලංකා ප්රජා වෛද්යවරුන්ගේ විද්යාලය (CCPSL) අවධාරණය කරයි “.

මාගේ ප්‍රතිචාරය

එන්නත් කිරීම සඳහා යෙදවූ මේ විනාශකාරී ක්‍රමය ගැන මා ඉංග්‍රීසි භාෂාවෙන් කලම්බු ටෙලිග්‍රාෆ් වෙත​ ලිව්වේ 2021 මාර්තු 10 වනදාය. එහි විෂයය (Professors, Politics Peniya and Blunderbuss Vaccination Regime) මහාචාර්යවරුන්, දේශපාලනය, පැණිය සහ ගල්කටස් එන්නත් පාලන තන්ත්රයයි. පුලුවන්නම් මෙය කියවන්න. තේරුම් ගැනීමට කෙනෙකුගේ සහාය අවශ්‍යනම් එය ඉල්ලීමට පැකිලෙන්න එපා. මෙන්න ලින්ක් එක.  පහත දැක්වෙන්නේ එහි අන්තිම පරිච්චේදයේ අනුවාදයයි

“කෙසේ වෙතත්, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හරහා රජය මෙම ප්‍රමුඛතා ලැයිස්තුව විවෘතව ප්‍රතික්ෂේප කළේ ඔවුන් වයස අවුරුදු 30 ත් 60 ත් අතර මිලියන 12.6 ක දැවැන්ත කණ්ඩායමක් කුඩා එන්නත් සංඛ්‍යාවකින් එන්නත් කිරීමට උත්සුක වීම සමගය. මෙම විශාල පිරිසට එන්නත් කිරීමට ශ්‍රී ලංකා රජය සමත් වුවත් , ‘රංචු ප්‍රතිශක්තිය’ ලබා දීමට අවශ්‍ය 80%ට එන්නත් කිරීමට අවශ්‍ය සංඛ්‍යාව වන මිලියන 16ට කිසිසේත් ළඟා නොවනු ඇත. සිල් හිල් සේවකයින්ගේ හා පැනි බී මත්වූ කාඩ්බෝඩ් මහාචාර්යවරුන් ගෙන් උපදෙස් ගන්නා රජය ජාතියේ කායික හා මානසික සෞඛ්‍යයට මෙන්ම තම පාලකයන් කෙරෙහි ජාතියේ තුබූ විශ්වාසයට ද පාස්කු ඉරිදා එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් සිදුවූවාට වඩා විශාල හානියක් සිදු කර ඇත. එංගලන්තයේ අගමැති බොරිස් ජොන්සන්ගේ දේශපාලන අනාගතයද ජීවිතයෙන් වන්දි ගෙවූ දහස් ගණනින් මිනී පෙට්ටිවලට දමා වැළලූ ජ්‍යෙෂ්ඨ පුරවැසි දේහ සමගම වැළලුවා සේම ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පරපුරේ දේශපාලන අනාගතයද මේ කාරණය මතම ඒ හා සමාන අවසානයකට මුහුණ දෙන බවට සැකයක් නැත. ‘සියල්ල දන්නවා යයි සිතන ජනනායකයෙක් හා සියල්ල දන්නවා කියා සිතන විකටයන්ගෙන් අනුශාසනා ලබන ජනානායක කෙනෙක් අතර වෙනසක් නැත. තමන්ගේම කැදැල්ලට පිහාටු දාන කල්ලිය නැවැත්වීමට මා වැනි අතෘප්තිමත් කීප දෙනෙකුගේ හඬ ඵලදායි වන්නේ නැති වුවත් මේ බයිලාවලින් භීතියට පත් නමුත් කෙළින් සිතන්නට හැකි එඩිතර සංඛ්‍යාවක් එකට එකතුවීම තුලින් නිසැකවම එය කල හැකි වනු ඇත”.

මිනිස් සමාජයෙන් ආ අනෙක් ප්‍රතිචාර

මගේ මතකයට අනුව මීට අමතරව අතරින් පතර කෙනෙක් දෙන්නෙක් පුද්ගලිකව මේ අසාධාරණය විවේචනය කලාට සංගමයක්, සමාජයක් සංසදයක් හෝ කිසියම් ආයතනයක් හෝ මේ අත්තනෝමතිකව ඊනියා බලකාය විසින් දියත් කරනලද ‘නාකි මරන්’ නමින් හැඳින්විය හැකි ගල්කටස් ප්‍රතිශක්තිකරණ ක්‍රියා මාර්ගයට විරුද්ධව ඵලදායි කටයුත්තක් දියත් කලේ නැත. මෙයින් පිළිබිඹු වන​ කාරනා දෙකකි. පළමුවැන්න අප සමාජයේ ඇටුවම් බැහැල තියෙන ආත්මාර්ථකාමිත්වයය. දෙවනුව අප සමාජය තුල වයෝවෘධ තැනැත්තන්ට හිමි තැන හම්ටි ඩම්ටි වැටුන වගේ වැටිච්ච තැන. සමාජ මාධ්‍යවල පලවන වැඩිහිටි ක්‍රියාකාරීන්ට එරෙහිව ද්වේශ සහගත ප්‍රකාශ වලින් පෙනී යන්නේ මේ රට තරුණ පරපුරට පමණක් අයත් රටක් වගේ.

මං වැඩකරන කාලේ නං සෞඛ්‍ය දෙපාර්තමෙන්තුවේ දුබල අය සඳහා වෙනම උප-දෙපාර්තමෙන්තුවක් තිබුනේ නැහැ. නමුත් දැන් තිබෙන බව ලඟදි දැනගත්ත. මේකට කියන්නේ තරුණ, වැඩිහිටි සහ ආබාධිත රැකවරණ දෙපාර්තමේන්තුව කියල. ආණ්ඩුව කලත්, බලකාය කලත් වෙන කවුරු කලත් ඉහත දැක්වුණ එන්නත් දියත් කිරීමේ අගතියෙන් තම සේවා ග්‍රාහකයින් වන වැඩිහිටි අයට වූ අසාධාරණය සහ ව්‍යසනයට විරුද්ධව දැඩි ක්‍රියා මාර්ගයක් ගැනීම මේ දෙපාර්තමේන්තුවේ යුතුකමක් විතරක් නොව රාජකාරියේ කොටසක්. නමුත් එය එසේ නොවුයේ ඇයි? මෙම උප දෙපර්තමෙන්තුවේ අලස කමද, අකර්මන්යභාවයද නොඑසේ නම් වීදුරු ගෙයින් එලියට ගලක් ගැසීමට තිබෙන බියද? රජය විසින් වැඩිහිටියන්ට කරන ලද හානිය පිළිසකර කරන්න ක්‍රියාමාර්ගයක් ගන්නවානම්, ඒකාන්තයෙන්ම මේ උප දෙපාර්තමේන්තුව දිහාත් අන්වීක්ෂයකින් බලන්න වෙනවා නොඅනුමානයි.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    Dear Dr Janapriya,
    .
    I read the first paragraph carefully.
    .
    It looks as though you are going to bring out an English version also, of this article. I’ll wit for that since it’ll be easier for me to read.
    .
    As I keep saying, it is very important that what we say reaches the non-English speaking citizens of our country. However, I’m not sure that CT is the right forum for the purpose. YouTube is the most most popular medium, but you may consider presenting anything serious using that medium to be sacrilege.
    .
    Anyway, be sure that many are awaiting your observations on he COVID.
    .
    Panini Edirisinhe of Bandarawela

  • 2
    0

    මහාචාර්ය තිස්ස විතාරණ ලොව පිළිගත් ජ්‍යෙෂ්ඨ වෛරස් විද්‍යාඥයෙකි. රටතුළ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට ඔහුගේ විශේෂඥභාවය නිසැකවම බෙහෙවින් උපකාර වනු ඇත. නමුත් ඔහු නැවත නැවත විකාශය කළ කිසිම දෙයක් බැරෑරුම් ලෙස සැලකුවේ නැත. ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයාගේ ආයාචනා සම්බන්ධයෙන් අපි ඔහුට ස්තූතිවන්ත විය යුතුයි. නමුත් බලධාරීන් සහ රජය ඔහුව නොසලකා හැරිය නමුත්, දීප ව්‍යාප්ත එන්නත් ලබාදීමේ වැඩසටහනේ පෙරමුණේ නිලධාරීන් ලෙස හමුදා සාමාජිකයින් පත් කරන ලදී. සහ මගේ ප්‍රශ්නය නම්, එවකට වෛද්‍ය විශේෂඥයන් වූ අනෙකුත් ජ්‍යෙෂ්ඨ මිනිසුන්ට සිදුවූයේ ඇයිද යන්නයි.
    ඔබගේ වත්මන් ලිපිය වෙත ආපසු හැරෙමින්,
    ඔබ සේවය කරන විට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ආබාධිතයන් සඳහා වෙනම උප දෙපාර්තමේන්තුවක් නොතිබූ අතර එකල එවැනි ආයතන ගෞරවනීය විය. කාලයත් සමඟම, රජයේ ආයතන ඉතා දූෂිත දේශපාලනඥයන් සමඟ වැඩ කරන සෘජු ආයතන බවට පත් විය. එහි ප්‍රතිවිපාක වශයෙන්, දුප්පත් මිනිසුන් දහස් ගණනක්, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් 60 ට වැඩි නමුත් එන්නත් නොමැතිව, ඔවුන් COVID යක්ෂයාට හසු විය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ගෝඨාභය ප්‍රමුඛ මෝඩ පාලනය විසින් නොසලකා හරින ලදී. මගේ ඥාතීන් නියමිත වේලාවට එන්නත ලබා නොගෙන මිය ගියා. මේවා ගණන් කළ මිනීමැරුම් වැනිය, නැතහොත් ඔවුන් හිතාමතාම මහලු අය නොසලකා හැරියහ.

    එවැනි අනු ඒකක නොතිබුණද, එදා මෙරට එන්නත් මැරතන් නිසි ලෙස හැසිරවූයේ තක්කඩි දේශපාලනඥයන්ගේ සෘජු මැදිහත්වීමකින් තොරවය. GOTA ගේ රස්තියාදුකාර මැදිහත්වීම යටතේ වත්මන් රජය සෑම දෙයක්ම පාහේ විනාශ කර ඇති අතර යම් සිහිකල්පනාවක් ඇති ඕනෑම අයෙකු සිටින බව පැහැදිලිය.
    ශ්‍රී ලංකාව ජාතික මට්ටමින් නිසි පරිදි ලබා දෙන එන්නත් සඳහා කිසිසේත්ම අලුත් නොවේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අතීතයේ දී රට පුරා එන්නත් ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඔවුන්ගේ ආදර්ශවත් සංවිධානය සඳහා කිහිප වතාවක්ම ප්‍රශංසා කර තිබුණි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.