25 April, 2024

Blog

නව ව්‍යවස්ථාව, දූෂණය​ සහ කොමිෂන් සභා

රුසිරිපාල තෙන්නකෝන් –

රුසිරිපාල තෙන්නකෝන්

ව්‍යවස්ථා අර්බුදයේ නවතම පිටුව හැටියට දකින්නට ලැබුණේ මල්වතු හා අස්ගිරි දෙපාර්ශවයෙන් නිකුත් කරන ලද නිවේදනයයි. මෙය කාලානුරූපව අතිශයින් වැදගත් වූවකි. දඩයමේ යන බල්ලන්ගේ ඉවපාර මෙහෙයවීම සඳහා යෙදූ බවට පුරාණ ඉංග්‍රීසි සාහිත්‍යයේ කියැවෙන ‘‘රතු හුරුල්ලා’’ – Red herring – බඳුවූ ව්‍යවස්ථා සංශෝධන යෝජනාව මුළු රටේම ජනතා ඉවපාර ඉබාගාතයේ හෝ නොමඟ යැවීම සඳහා හෝ යොදවන උපක්‍ර​මයක් දෝ යනුවෙන් සැක සිතීමට තරම් හේතු කාරණා රැුසකි. අනුනායක​ හිමිවරුන්ගේ ප්‍රකාශ වැදගත් වනුයේද මේ පසුබිම තුළය.

72 ජනරජ ව්‍යවස්ථාව පාදක කරගනිමින් 78 ව්‍යවස්ථාව නිර්මාණය වූ අවස්ථාවේදී ඒ කාලයේ ජීවතුන් අතර සිටි කෘතහස්ත දේශපාලන චරිත ගණනාවක්ම එම ව්‍යවස්ථාව මගින් ජනිත විය හැකි අනාගත විෂම තත්ත්වයන් පිළිබඳව කරන ලද ඉතා පැහැදිලි විවරණ වල දෝංකාරය අභ්‍යවකාශ ගතවී තිබුණද ඒවායේ වැදගත්කම මුළු රටම අවබෝධ කරගෙන සිටින බව රහසක් නොවේ. එදා ජනාධිපති වියරුවක් ලෙසින් හඳුන්වනු ලැබූ එම ව්‍යවස්ථාව දොරට වැඩීමට වින්නඹුකම් කළවුන්ම අද ව්‍යවස්ථා සංශෝධනයකට නොව නව ව්‍යවස්ථාවක් බිහි කිරීම සඳහා පෙර ගමන්යාම දෙස ජනතාව පරිස්සමින් බැලීම අවශ්‍යම කාරණයකි. මහානායක හිමිවරුද ඒ ගැන විමසිලිමත් ලෙසින් බැලීම අතිශයින් සාධාරණ දෙයකි. සමස්තයක් හැටියට රටේ තත්ත්වය ආවර්ජනය කරමින් ප්‍රමුඛතාව යටතේ අවධානය යොමුවිය යුතු දේ පිළිබඳව සැලකිලිමත්වීම උන්වන්සේලාගේ ප්‍රකාශයට මුල් වූ කාරණය බව රට වැසියන් පිළිගත යුතුය.

ව්‍යවස්ථාව ඒකාධිපතියෙක් නිරමාණය කළද ජනාධිපති මානසිකත්වයකින් කටයුතු කරනවුන් ව්‍යවස්ථාව මගින් ඒකාධිපතින් වූවාද යන්න විමසා බැලිය යුතුව ඇත. ඒ සඳහා හොඳම උදාහරණය හැටියට ගත හැක්කේ වර්තමාන ජනාධිපතිවරයා පවතින ව්‍යවස්ථාව යටතේ ඒකාධිපතියෙක් නොවී සාධාරණය ඉටු කිරීමට කටයුතු කිරීමයි. ව්‍යවස්ථාවෙන් අවසාන වශයෙන් සාධාරණ පාලන ක්‍රමයක් ඇති කර ගැනීමට හැකිවේද යන්න සැක සහිතය. බලයෙන් වියරු වැටුන කෙනෙකුට හොඳම ව්‍යවස්ථාවක් වුවද නැවත තමන්ට උවමනා ආකාරයට හසුරුවා ගත හැක. ප්‍රශ්නගත ව්‍යවස්ථාව බිහි කර ගත්තේ ඊට කලින් පැවති යහපත් ව්‍යවස්ථාවක් තිබියදීය. එනිසා වැඩි අවධානයක් යොමු කළ යුත්තේ නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට වඩා හොඳ රාජ්‍ය පාලනයක් බිහිකර ගන්නේ කෙසේද යන කාරණය දෙසය. 78 ව්‍යවස්ථාව බිහිකර ගත්තේ බලය රඳවා ගැනීම මුල්කරගත් අවශ්‍යතාවයක් පෙරදැරි කරගෙනය. එදා එම ක්‍රියාවට විරෝධය නොතකමින් දායකවූවන් අද කරන්නට අර අදින්නේ එබඳුම දෙයක් දැයි සැක කිරීමට ජනතාවට අයිතියක් ඇත. ජනතා පරමාධිපත්‍යය වූ සර්වජන ඡන්ද බලය හරහා බලයට පත්වීමට නොහැකි අය හොර පාරෙන් කෙසේ හෝ බලය ලබා ගැනීමට දරණ කූට වෑයමක් වේ නම් එය ඒ සැටියෙන්ම දැකීම කාට කාටත් හොඳය. අද ආර්ථිකය හා රාජ්‍ය පාලනය විෂම චක්‍රයකට ගොදුරු වී වංචාව හා දූෂණය ඉහවහා ගොස් තිබෙන්නේ ව්‍යවස්ථාවේ අඩුපාඩුවක් නිසාද එසේ නැත්නම් රජය කරවන අයගේ හැකියාවේ සහ ඕනෑකමේ තරම නිසාද යන්න ඉතා සුපරික්ෂාකාරීව විමසීමට භාජනය කළ යුතුය. කඩිමුඩියට ගොදුරු නොවී කරුණු කාරණා තෝරා බේරා ගැනීම නුවණට හුරු ය. දේශපාලන බලයේ ගිරි මුදුනට කෙසේ හෝ නගින්නට වලිකන අයට මුලා නොවීමට ජනතාව වගබලා ගත යුතුය.

පාර්ලිමේන්තුවට නීති සකස් කළ හැකිය. දැනට තිබෙන ව්‍යවස්ථාවෙන් එයට කිසිම බාධාවක් නැත. වංචනිකයින් හා දූෂිතයින් අධර්මයෙන් උපදවන ලද අති මහත් ධනස්කන්ධය පවරා ගැනීමට නීතියක් ගෙන ඒම​ට උකටලීව සිටින්නේ 78 යුගයේදී අධිකරණ නියෝග නිශේධනය කරමින් නීති අණපනත් පවා සම්මත කරගත් පිරිසකි. ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය පමණක් නොව එතුමියගේ රාජ්‍ය පාලනයට අයෝමය ශක්තියක් වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාගේද මූලික මිනිස් අයිතිය අතීතයට බලපාන අයුරින් සකස් කළ නරුම නීති මගින් අහෝසි කළ රාජ්‍ය පාලකයින්ට, වංචනිකයින්ගේ දේපොල ජාතිය සතුකර ගන්නට නිකමටවත් සිත් පහල නොවන්නේ ‘‘අපේ හාමුදුරුවනේ’’ ව්‍යවස්ථාවේ අඩුපාඩුකමක් නිසාද එසේ නැත්නම් වංචනිකයින්ට හා දූෂිතයින්ට අනුග්‍රහ දැක්වීමේ බැඳීමකට යටවී සිටින නිසාද යන්න ප්‍රශ්නයකි.

මෙය ආණ්ඩුවේ ප්‍රශ්නයක් පමණක්ද? පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂවල මේවා ගැන සිතා බලන්නට මන්ත්‍රීවරයෙක් ඇත්තේම නැද්ද? අද අධර්මයෙන් උපයාගත් ධනය රාජ සන්තක කිරීමට නීති සකස් කළ යුතුය යන ප්‍රශ්නය ජනමත විචාරණයකට යොමු කළහොත් ඒකමතික භාවයට ඉතා ආසන්න ප්‍රතිශතයකින් එම ජනමත විමසුම ජයග්‍රහණය කරන බව ඒකාන්තය. වංචා දූෂණ සටකපට ක්‍රියා මගින්ද බූරුවකු කරගත් නීතිය මගින්ද යටත් කරන්නට වෙර දරණ අය මෙබඳු ජනමතයක් රට තුල පවතින බව අවබෝධ කරගත යුතුය.

අපි කොමිෂන් සභා කොතෙකුත් දැක ඇත. සමහර වාර්තා සොයා ගත හැක්කේ රාජ්‍ය සංරක්ෂණාගාරයෙන් පමණකි. සමහර කොමිෂන් සභා දෙස හැරී බැලීමේදී ඒවා සත්‍ය වශයෙන්ම සමහර පුද්ගලයින්ගේ කළු පැල්ලම් ඉවත් කිරීමේ අරමුණින් ඒවා පත්කළාදැයි සැක පහල වේ. ඇතැම් පාලකයින් සිය පන්තියේ නම්බුව රැුකදීම සඳහාද කොමිෂන් සභා උපයෝගී කරගෙන ඇත. නැක්ෂලයිට් කුමන්ත්‍ර​ණය, විජය ඝාතනය, බටලන්ද, මහර මැතිවරණය වාෂ්ප වී ගිය කොමිෂන් සභා වාර්තා අතරට එක්වූ වාර්තාවන්ය. බටලන්ද කොමිසම පත්කලේ චන්ද්‍රිකා යුගයේදීය. අද චන්ද්‍රිකාවන් එදා විමර්ෂණයට භාජනය වූවන් සමග එකම කක්ෂයක පරිභ්‍ර​මණය වන්නේය. මේවා ඉතිහාසය පුරා ඇති දෛවයේ සරදම්ද එසේ නැත්නම් සුදු හුණු තැවරීමේ සැඟවුණු න්‍යාය පත්‍රයන්ද යන්න ජනතා විමසුමට භාජනය විය යුතුය.

බැඳුම්කර කොමිසමේ කටයුතු නිමවෙමින් පවතී. ඒ දෙස බලා සිටින ජනතා අධිකරණය තීන්දුව දැනටමත් ලබා දී හමාරය. බැඳුම්කර කොමිසමේ සාක්සි මෙහෙයවීමේදී පෙනීගිය යුක්ති යුක්ත භාවය සාධාරණ අපක්ෂපාතී විමර්ෂණ පිළිවෙත දැනටමත් ජනතා ප්‍රසාදයට භාජනය වී ඇත. එකම අඩුපාඩුව ලෙස පෙනී ගියේ විෂයය භාර අමාත්‍යවරයාගෙන් ඇතැම් කාරණා කාරණා සම්බන්ධයෙන් පැහැදිලිකර ගැනීම් ලබා ගත නොහැකි වීමයි. අගමැතිවරයාද වන විෂය භාර ඇමතිවරයා බැඳුම්කර චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශය මත කොමිසම හමුවේදී සාක්සි ඉදිරිපත් වූයේ නම් එය ඉතා හොඳ පියවරක් ලෙසට ජනතාව පිළිගන්නා බවට කිසිම සැකයක් නැත. ඒ අතරේ දැනට ලබාදී ඇති ඇතැම් සාක්ෂි ගැනද ජනතාව තුල ඇත්තේ බලවත් සැකයකි. බිලියන ගණන් අල්ලස් අර්ථ සාධක අරමුදලේ ඇතැම් අයට ලබා දුන් බවට ඉදිරිපත් වූ සාක්ෂියද මෙබඳු ආකාරයට සැකයට යොමුවන කාරණයකි. තවමත් ප්‍රශ්නගත සමාගමේ සේවයේ නියුක්තව සිටින සාක්ෂිකරු ඇත්ත වශයෙන්ම විමර්ශනය නොමඟ යැවීම සඳහා යොදවා ගත් අයෙක්ද යන්න පිළිබඳව විමසිලිමත් විය යුතුය. මකා දමන ලද දුරකථන සංවාද වෙනස් කළ නොහැකි නිසා ඒවාට අදාල ගණුදෙනු වෙනත් ආකාරයකට සිදුව ඇති බව පෙන්නුම් කිරීමේ කුමන්ත්‍රණයක් පවතීද යන්න විමසා බැලීම වැදගත්ය. ඇමති ධුරයන් පවා අහෝසි කරලීමට සමත් වූ අති සුඛෝපභෝගී මහල් නිවාස හිමිකාරිය ජීවිත තර්ජන නිසා රටහැර යාමට සූදානම් වන බවට පසුගිය දිනවල වාර්තා පළවිය. සුදුවෑන් මහ දවාලයේ කරන මිනිස් ඝාතණ, අතුරුදහන් කිරීම් යනාදිය නොමැති කාලයක එබඳු යුගයක් අවසන් කිරීම සඳහා උදාකරගත් පාලන සමයකදී මෙබඳු ජීවිත තර්ජන ගැන ඇසීම පවා පිළිකුල් සහගතය. අපහාස නඩු, අල්ලස් දීම් බලපෑම් වැනි බොහෝ දේ සිදුවන අතරතුරදී මෙබඳු ජීවිත තර්ජන ඉදිරිපත් වීමද පුදුමයට කාරණයක් නම් නොවන්නේය.

අයවැය තුලින් ආර්ථකය මෙහෙයවීම පිළිබඳව රටම විමසිල්ලෙන් සිටී. මෙතෙක් දක්නට ලැබුන. පාලනය තුල පවතින ගද්රභ – ගොන් යෝගයට යට නොවී එක් පිළිගත් දිසාවකට රට ගමන් කරන්නේ නම් කවුරුත් සතුටු වනු ඇත. ආර්ථික විශේෂඥයින් පවසන අන්දමට රටේ ආර්ථිකය නිකම්ම නිකම් බලාපොරොත්තු ලේඛනයක් වීමේ දැක්මෙන් මිදුණ යථාර්ථය දෙසට ගමන් කරන පිළිවෙතක් උදාවනු ඇතැයි රටම බලාපොරොත්තුවෙන් සිටී.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    අළුතින් ගේන්න හදන ව්‍යවස්ථාව පිලිබඳ ජනාධිපතිතුමාගේ අදහසට මම සම්පූරණයෙන්ම විරුද්ධයි.–

    ජනාධිපතිතුමා කියනවා බලය බෙදන්නේ ජනතාවටලු. දේශපාලකයන්ට නෙමෙයිලු. එහෙට (උතුරට) ඇවිත් බලන්නලු එහේ තියෙන ප්‍රශ්ණ, මිනිස්සු දුක් .විඳින හැටි.–

    ජනාධිපතිතුමාට අභියෝග කරනවා තමන්ගේ ප්‍රශ්ණ විසඳ ගන්න බලය බෙදලා දෙන්න කියලා කියන එක සාමාන්‍ය දෙමල/මුස්ලිම්/සිංහල මිනිහෙක් හරි ඉන්නව නම් පෙන්වන්න කියල. එහෙම නැත්නම් තියෙන ව්‍යවස්ථාව වෙනස් කරලා තමන්ගේ ජීවන ගැටළු විසදලා දෙන්න කියල කියන සාමාන්‍ය ජනතාව අතරින් එක මිනිහෙක් පෙන්වන්න කියලා. බලය බෙදලා දෙන්න කියලා ඉල්ලන්නේ දෙමල දේශපාලකයෝ/එවුන් උසි ගන්නපු මිනිස්සු මිසක් ජනතාව නෙමෙයි.–

    එක සිංහලයෙක් මේ ව්‍යවස්ථා වෙනස් කිරිල්ලට කැමති නැහැ කියන එක හුඟක් වගකීමෙන් කියනව. NGO වලින් යැපෙන බලු කුක්කෝ අතලොස්සක් හැරෙන්න එක සිංහලයෙක් මේකට කැමති නැහැ. එහෙම කැමති අය හිටියොත් තව ටික දවසක් යනකොට ගෙදරවලට ගල් මුල් වදින්නත් පුළුවන්. පාරවල් වල ගුටි කන්නත් පුළුවන්. රටේ බහුතරය 76%ක් මේ ව්‍යවස්ථා වෙනස් කිරිල්ලට කැමති නැතුව ඉන්දෙත්දී මේක වෙනස් කරන්න හදන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන්ද?–

    අනිත් එක උතුරට ගිහින් කිව්වා සම්පත් සම සමව බෙදෙන්න ඕනෙලු. හැමෝටම සංවර්ධනය එක හා සමානව ලැබෙන්න ඕනෙලු. මේ කතාවට සම්පූරණ විරෝධය පල කරනවා. මේ කතාව දකුණේ සිංහල මිනිස්සු ගැන වැරදි අවබෝධයක් දෙන නින්දිත ප්‍රකාශයක්. කිසි දවසක දකුණේ එක සිංහලයෙක් කියල නැහැ උතුර සංවර්ධනය කරන්න එපා කියලා. දකුනේ එක සිංහලයෙක් උතුරේ මිනිස්සුන්ට තියෙන සම්පත් මංකොල්ල කාලත් නැහැ. උතුරේ කිසිම සම්පතකින් දකුණේ මිනිස්සු යැපෙන්නෙත් නැහැ. ජනාධිපතිවරයෙක් තමන්ගෙ ආණ්ඩුවේ නොහැකියාව වහ ගන්න උතුරේ දෙමල මිනිස්සුන්ට දකුණේ සිංහල මිනිස්සු ගැන වෛරයක් ඇති වෙන විදියේ කතාවක් කරපු එක වැරදියි.–

    ජනාධිපතිතුමා කියනව මේ යෝජනා වලින් රට බෙදෙන්නේ නැහැලු. එක්කෝ “අන්දකයිප්පු” කාල, නැත්නම් “පයිත්තියං”, නැත්නම් “මනා”. නැත්නම් එතුමාට රට විදියට පේන්නේ එක්කෝ ඉන්දියාව, නැත්නම් ඇමෙරිකාව. ලංකාවේ ව්‍යවස්ථාව වෙනස් කරලා උතුරට වෙනම පාලනයක් දෙන්න ඉන්දියාව යටින් හොරටත් ඇමරිකාව උඩින් කෙලින්මත් දත කනවා. බලය බෙදන්නේ ජනතාව වෙනුවෙන් නම්, ලංකාවට ආපු යුධ අපරාධ ලොක්කට අළුත් ව්‍යවස්ථා කෙටුම්පත පිළිගන්වන්නේ මොන මඟුල් ගෙදරකටද කියලත් ජනාධිපතිතුමා පැහැදිලි කළා නම් හොඳයි.

    Contd’ 1/4

  • 0
    0

    Contd’ 2/4

    ජනාධිපතිතුමනි, ව්‍යවස්ථාව වෙනස් කරලා විසඳන්න පුළුවන් උතුරේ ජනතාවගේ මොන ප්‍රශ්නෙද කියල පැහැදිලිව කියනවද? ව්‍යවස්ථාව වෙනස් කරපු ගමන් උතුරට කප්රුක පහල වෙනවද? ජනතාවගේ සියලු එදිනෙදා ප්‍රශ්න විසඳෙනවද? උතුරට පොලිස් බලය/ඉඩම් බලයයි දීපු ගමන් උතුරේ ජනතාවගේ බඩගින්න නිවෙනවද? උතුරු පළාත් සභාව තනිකරම අසමර්ථයි. රජය දීපු මුදල් සියල්ලම පාවිච්චි කරලත් නැහැ. හැබැයි උතුරට තනි බලයක් දීපු ගමන් දෙමල බෙදුම්වාදීනටයි/දෙමල ඩියස්පෝරාවටයි, ඉන්දියාවටයි, බටහිර රටවල් වලටයි නම් කප්රුක පහල වෙනවා. ජනාධිපතිතුමාට ඇත්තටම ඕනේ දීපු චන්ද වල හිලව්වට, තමන්ව බලයට පත් කරපු එකට වන්දියක් විදියට, උතුරේ චන්ද පොරොන්දු ඉෂ්ඨ කරන්න, උතුරේ ජනතාවගේ පිටින් දාලා උතුරට ස්වයං පාලනයක් දෙන්න නම්, කොන්ද පණ තියාගෙන ඒක කෙලින්ම කියන්න.–

    පොලිස් බලයයි/ඉඩම් බලයයි උතුරට දීපු ගමන් වෙන්නේ ප්‍රභාකරන්ට 30 අවුරුද්දක් සාමාන්‍ය ජනතාව මරලා, ආර්ථික මර්මස්ථාන විනාශ කරලා, හමුදා සෙබළු ඝාතනය කරලා, ආබාධිත කරලා ගන්න බැරි වෙච්ච දේ නිකම් නෙමෙයි ව්‍යවස්ථාවෙන්ම දෙන්න. මොන තරම් බරපතල පාවාදීමක්ද?–

    මහා සංඝ රත්නයටත් කියන්න දෙයක් තියෙනවා. ඉස්සෙල්ලම කෝට්ටේ සංඝ සභාවේ හාමුදුරුවරු ගැන. බෙල්ලන්විල හාමදුරුවෝ ප්‍රකාශ කළා නව ව්‍යවස්ථාවක් එපා කියල. ඒ නිර්භීත ප්‍රකාශය අගය කරනවා. හැබැයි ඕනේ නම් සංශෝධන ගෙන්න කියපු එක වැරදියි. ආණ්ඩුව ඒකෙන් වැරදි ප්‍රයෝජන ගන්න පුළුවන්. මහින්දත් 2014 ගෙන්න හදපු 13+A, ව්‍යවස්ථා සංශෝධනයක් හැටියට එන්න පුළුවන්. අද වගේ මෙහෙම අදහස් ප්‍රකාශ නොකලට මං එදත් ඒකට විරුද්ධයි. විමල්+අනිත් දේශප්‍රේමී සිංහලයන් එදත් ඒකට විරුද්ධ වුනා. ඒ නිසා හාමුදුරුවරු මේ කාරණයේ බරපතල කම තේරුම් අරගෙන එකහෙලා කියන්න ඕනේ අලුත් ව්‍යවස්ථාවක් එපා සංශෝධනත් එපා කියල.–

    මල්වතු-අස්ගිරි පාර්ශවය ඇතුළු ත්‍රයිනිකායික කාරක සංඝ සභා වල හාමුදුරුවරු කරපු එඩිතර ප්‍රකාශයත් ඉහලින්ම අගය කරනවා. මම මේ අනුනායක හාමුදුරුවරුන්ට හරිම කැමති. කියන්න තියෙන දේ වැනෙන්නේ නැතුව බය නැතුව කෙලින්ම කියලා දානවා.–

    මල්වතු මහනායක හාමුදුරුවන්ටත් යමක් කියන්න කැමතියි. රනිල්ව ආරක්ෂා කරන්න යන්න එපා. රනිල්ට තියෙන එකම හයිය මල්වතු මහනායක හාමුදුරුවෝ තමන්ගේ පැත්තේ කියන එක. ඉස්සෙල්ල තමන්ගේ රට/ජාතිය/බුද්ධාගම ගැන හිතන්න. අළුත් ව්‍යවස්ථාවට හෝ කිසිම සංශෝධනයකට කැමතියි කියලා මල්වතු හාමුදුරුවෝ කිව්වොත් ඒක දළදා හාමුදුරුවන්වත් පාවා දීමක්. —

    • 0
      0

      සමාවෙන්න ඕනේ, මෙතැන අමරපුර නිකායේ රාමඤ්ඤ නිකායේ මහනායක හිමිවරු ගැන සහ ගැටඹේ හාමදුරුවෝ ගැන නමින් සඳහන් කරන්න බැරි වුන. වචන 300න් ඉවර කරන්න වුනු නිසා.

  • 0
    0

    Contd’ 3/4

    ව්‍යවස්ථාවට එරෙහිව අපේ හාමුදුරුවන්ගේ ඉදිරිපත් වීම හොඳයි, හැබැයි ගැම්ම මදි. පාර්ලිමේන්තුවේ 2/3 අනිත් පැත්තට අරගෙන ව්‍යවස්ථාව පරද්දනවා කියන විහිළු කතාව අවුරුදු 3ක් තිස්සේ ඇහුව. එක සිංහලයෙක්වත් විශ්වාස කරන්නේ නැහැ මේ පාර්ලිමේන්තුව. ඒ නිසා මේක නවත්තන්න පුළුවන් මහජන රැල්ලකට විතරයි. ජනාධිපතිතුමා 2015 වගේ ආපහු උතුරට ගිහින් දකුණට බනින්න පටන් අරන්. ඒ කියන්නේ – ලංකාවේ සිතියමයි, ජාතික කොඩියයි, බෞද්ධ කොඩියයි විතරක් පෙරටු කරගෙන පාට පක්ෂ නැති ව්‍යවස්ථා විරෝධී සිංහල ජන රැල්ලක් – එන්න කාලේ හරි කියන එක.–

    අපේ හාමුදුරුවරු රට වෙනුවෙන් මීට වඩා වැඩි දෙයක් කරන්න, මිනිස්සුන්ව දැනුවත් කරන්න ඉදිරිපත් වෙන්න ඕනේ. හරිම ලේසියි. පන්සලේ බණ කියන කොට ජාත්‍යන්තර නීතිය හෝ 13+A වලින් රට බෙදන්න හදන හැටි ගැන කියල දෙන්න ඕනේ. මේ කතා කරන්නේ දේශපාලනය නෙමෙයි රට වෙනුවෙන් කරන යුතුකමක් කියන එක බෞද්ධයන්ට කියන්න ඕනේ. අළුත් ව්‍යවස්ථාවේ තව සෙල්ලම් තියෙනවා. ඊළඟට ප්‍රධාන මැතිවරණ දෙකම නැතුව මේ ආණ්ඩුව රනිල් එක්ක 2025 දක්වා ගෙනියන්න සැලසුමක් තියෙනවා. කලෙක ඉඳන් කියනව. අපේ හාම්දුරුවරු ‘ඒකීය රටයි” “බුද්ධාගමට ප්‍රමුඛත්වයයි” කියන වචන දෙකේ එල්ලිලා ඉන්න එපා. ඒක රනිල් දීපු ලණුවක්. රනිල් දන්නවා ඒ වචන දෙක සිංහල බෞද්ධයාගේ හදවත කියල. එතකොට දුවන්නේ ඒ වචන දෙක පස්සේ විතරයි. අනිත් ඒවා ගැන අවධානය යොමු වෙන්නේ නැහැ.–

    ජනාධිපති/අගමැති ලංකාවේ ජාතික පුවත්පත් ගැන කියපු ප්‍රකාශ දෙකම පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. මහ ලොකු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. එතකොට මේ රටේ කතා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙන්නේ ජනාධිපතිටයි/අගමැතිටයි විතරද? ජාතික පුවත්පතකට ප්‍රවෘත්ති පල කරන හැටි කියල දෙන්න අගමැති කවුද? මල්වතු පාර්ශවය ගැන කියනකොට මහනායකහාමුදුරුවන්ගේ පින්තූරේ පල කරන්න ඕනේ කෙනෙකුට අයිතියක් තියෙනවා. ඒක ප්‍රශ්න කරන්න අගමැතිට අයිතියක් නැහැ. පුවත්පත් වලට අයිතියක් තියෙනවා ජනතාව දැනුවත් කරන්න. ජාතික පුවත්පත් එදත් අදත් රට වෙනුවෙන් සටන් කළා. ජනතා අයිතීන් වෙනුවෙන් සටන් කළා. නිදහස් ප්‍රකාශන අයිතිය, නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ජනාධිපතිගේවත් අගමැතිගේවත් පරවේණි බූදලයක් නෙමෙයි තමන්ට ඕනේ හැටියට තමන් කැමති විදියට කොටස් වශයෙන් බෙදල දෙන්න. පුවත්පත් සහ ජනතාව භුක්ති විඳින්නේ ව්‍යවස්ථාවෙන් තමන්ට හිමි පරම අයිතිය.

  • 0
    0

    Contd’ 4/4

    මේක කියන්නේ ජනාධිපතිතුමාටයි, අගමැතිතුමාටයි නෙමෙයි, සිරිසේනටයි, රනිල්ටයි.–

    වාරියපොළ සුමංගල හාමුදුරුවො 1815 සුද්දගේ කොඩිය ඇදලා බිම දාල පෑගුවේ වෙඩි කන්න බලාගෙන. ඒක කලින් සැලසුම් කරලා කරපු දෙයක් නෙමෙයි, ඒ වෙලාවෙ ආපු ආවේගෙට කරපු දෙයක්.

    කෝප්‍රල් ගාමිණී කුලරත්න හසලක වීරයා අලිමංකඩ කඳවුරට කඩාගෙන ආපු, LTTE කාරයො හතරක් හිටපු බෝම්බ සහ නවීන ආයුධ පුරවපු බුල්ඩෝසරයක් වගේ යුධ ටැංකිය කඳවුරට කඩා වැදුනොත් වෙන හානිය දැකලා, අත් බෝම්බ දෙකක් අරගෙන ඉස්සරහට දුවල, තමන්ට වෙඩි වදිත්දිත් ටැංකියේ ඉනිමඟට නැඟල බෝම්බ දෙක ටැංකිය ඇතුලට දාල ඒක පිපිරෙව්වේ තමන් මැරෙන්න බලාගෙන. ඒකත් කලින් සැලසුම් කරපු එකක් නෙමෙයි.

    තව මම පොඩි කාලේ ගෙදර තිබිල කියවපු පොතක තිබුන (නම මතක නැහැ) සුද්දෝ වෙල්ලස්සේ සංහාරය කරද්දී ගෙවල් ගිනි තියල මිනිස්සු මරලා දරුවෝ මරලා කාන්තාවන්ට අතවර කරලා ඊට පස්සේ තව ඉතුර වෙලා ඇති කියලා හිතපු මිනිස්සුත් මරන්න ගෙයින් ගෙට යනකොට රටේරාළ (නම මතක නැහැ) ගෙදරටත් ගියාලු. ඒ ගෙදර ඉතුර වෙලා හිට්යේ පොඩි ලමයෙකුයි, ඒ ළමයාගේ අයිය විවාහවෙන්න හිටිය තව ප්‍රභූවරයෙකුගේ තරුණ දුවකුයි විතරලු. සුද්ද අස්සයා පිටින් බැහැල එනකොට අර තරුණිය තමන්ට වෙන්න යනදේ දැනගෙන, සුද්ද ඉස්සරහට ගිහින් සුද්දගේ බයිනෙත්තුව (bayonet) තමන්ගේ පපුවට හරවලා ඉස්සරහට පැන්නලු. ඊට පස්සේ ඒකෙ උල පපුවේ ඇනිලා මැරිලා වැටුනලු. සුද්ද බය වෙලා අස්සයා පිට නැගලා වේගයෙන් යන්න ගියාලු.. මේ උදාහරණ තුන දුන්නේ රනිල්ටයි සිරිසේනටයි මතක් කරලා දෙන්න තමන් හැප්පෙන්න හදන්නේ ඒ වගේ නිර්භීත රණකාමී ජාතියක් එක්ක කියන එක. සිංහලයව කවදාවත් මර්දනය කරලා බය කරලා නවත්තන්න පුළුවන් ජාතියක් නෙමෙයි. සිංහලයන්ට විරුද්ධ ජනාධිපතිගෙයි අගමැතිගෙයි හයිය අරන් TNA දෙමල බෙදුම්වාදියෝ දැනටම සිංහලයන් දිහා අවඥාවෙන් බලන්න හෑල්ලු කරන්න පටන් අරන්. හිතන්න එපා මිනිස්සු ඉවසයි කියල. අළු යට තියෙන ගින්දර නිකම් අවුළුව ගන්න යන්න එපා. මුළු රටම නැගිටින්න දෙයක් නැහැ, අර උඩ කියපු වගේ එක සිංහලයෙක් ඇති ඔය ගමන නවත්තන්න.

  • 0
    0

    මිනීමරු කොටි ත්‍රස්තවාදීන් නිදහස් කරන්න කියලා කොළොඹ තියපු උද්ඝෝෂණයක මිනිහෙක් හමුදාවට අපහාස වෙන විදියට කලිසමක් නැතුව හමුදා ටී ෂර්ට් එකක් සහ බූට් දෙකක් විතරක් දාගෙන ඇවිල්ල හමුදාවට අපහාස කළා. හමුදාවට මේ කරපු අපහාසෙට මගේ තදබල විරෝධය පල කරනවා. මගෙ කවුරුවත් හමුදාවේ නැති වුනත්, මේවට මගේ හිත හුඟක් රිදෙනවා. ඒ ගැන පරීක්ෂණයක් කල යුතුයි. දකුණේ මාධ්‍යවේදියෙකුට කන පැලෙන්න ගහපු පොලීසියට බැරිවුනා, හිරේ ඉන්න LTTE ත්‍රස්තවාදීන්ට සහයෝගය පෙන්වන්න හමුදාවට අපහාස කරපු මේ මිනිහට කන රත් වෙන්න දෙකක් දෙන්න. එහෙම ගහලා හිරේ ගියත් මොකොද?–

    මේවා දකින කොට සිංහලයන්ගේ හිත තවත් තද වෙනව. උතුරට බලය නොදී දැන්මම සිංහල පළාත් වල මෙහෙම කරනවා. උතුරට බලය දුන්නොත් කොහොමද? NGO සල්ලි මිටියකට නිකනුත් මෙහෙම නම්, අළුත් ව්‍යවස්ථාවෙන් රට බෙදලා උතුරට බලය දුන්නොත් තමන්ගේ ජීවිත මොන තරම් අවදානමකට ලක් වෙයිද කියලා දකුණේ මිනිස්සුන්ට බියක් ඇති වෙනවා. අපේ හමුදාව දසදහස් ගණන් ජීවිත පූජා කලේ ඇත පය ඇස් අහිමි කර ගත්තේ අනිත් මිනිස්සුන්ට ජීවත් වෙන්න රටක් ඉතුරු කරලා දෙන්න. එහෙම කරපු හමුදාවට මේ විදයට අපහාස කරනවා. රට වෙනුවෙන් ජීවිතේ පූජා කරලා හරි රටයි ජාතියයි රැක ගනින් කියලා උතුරට යවපු අපේ හමුදාවට දැන් මිනීමරුවො කියල කියනව.–

    විමල් කියපු බෝම්බ කතාවකට පරීක්ෂණ කරනවලු. හිරේ දාල ඉන්න ම්ලේච්ඡ භයානක ත්‍රස්තවාදීන්ව නිදහස් කරන්න කියලා ඉල්ලන කොටින්ගේ අතකොළු ගැන කිසි පරීක්ෂණයක් නැහැ. විමල් පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න කිව්වේ නැහැ. විමල් කිව්වේ රට බෙදන ව්‍යවස්ථාව අනුමත කරාට පස්සේ ඒ පාර්ලිමේන්තුවෙන් වැඩක් නැහැ කියල. ඒකේ තේරුම ඒ පාර්ලිමේන්තුව තව දුරටත් පැවතිය යුතු නැහැ කියන එක. පාර්ලිමේන්තුව එතනින් එහාට තිබිල වැඩක් නැහැ කියන අදහස මිසක් ඒක විනාශ කල යුතුයි කියන අදහසක් එයින් කියවෙන්නේ නැහැ. එහෙම ඕනේ කමක් තිබුන නම් විමල්ට කියන්න තිබුනනෙ, පාර්ලිමේන්තුවට රට බෙදන ව්‍යවස්ථාවට 2/3 දෙන්න බැරි වෙන්න, ඊට ඉඩ නොදී, ඊට ඉස්සෙල්ල පාර්ලිමේන්තුවට බෝම්බයක් දාන්න කියල. මැටි හරක්. මෙච්චර සරල දෙයක් තේරෙන්නේ නැහැ.—

    ආණ්ඩුවයි පොලීසියයි දකුණේ දේශප්‍රේමින්ටයි, දකුණේ සිංහලයන්ටයි, සිංහල හමුදාවටයි වෙනස් විදියකට සලකනවා. උතුරේ බෙදුම්වාදීන්ට කිසි ප්‍රශ්නයක් නැහැ.

    Contd’1/2

  • 0
    0

    Contd’2/2

    ආණ්ඩුවයි/පොලීසියයි දකුණේ දේශප්‍රේමින්ටයි, දකුණේ සිංහලයන්ටයි, සිංහල හමුදාවටයි වෙනස් විදියකට සලකනවා. උතුරේ බෙදුම්වාදීන්ට කිසි ප්‍රශ්නයක් නැහැ.–

    මිනීමරු ත්‍රස්තවාදීන්ව නිදහස් කරන්න කියල උතුරේ විතරක් නෙමෙයි දකුණටත් ඇවිල්ල උද්ඝෝෂණය කරන්න පොලිස් ආරක්ෂාව දෙනවා. LTTE ත්‍රස්තවාදීන්ව නිදහස් කරලා, නැවත අපේ හිත්වල භීතියක් ඇති කරලා, දකුණේ අපේ ජීවිත අනතුරේ දාන්න එපා කියලා උතුරට ගිහින් උද්ඝෝෂණයක් කරන්න මම ඉල්ලුවොත් පොලීසිය මට ඒකට ඉඩ දෙනවද? දකුණේ නැටුම් අංගයක් යාපනේ විශ්ව විද්‍යාලේ කරන්න ගිහින් අපේ ළමයි ගුටි කෑව. LTTE ත්‍රස්තවාදීන්ට සහයෝගය දක්වන එවුන්ට මේ රටේ ඕනේ තැනක ගිහින්, දරුණු ගනයේ ත්‍රස්තවාදීන් දේශපාලන සිරකරුවන් කරලා නිදහස් කරන්න කියලා උද්ඝෝෂණය කරන්න නිදහස තියෙනවා. රටේ බහුතරය වෙලත් සිංහල අපිට ඒ නිදහස නැහැ. ජනාධිපතිතුමාට තර්ජනයක් වෙන විදියට ඇත පය වීසි කර කර කෑගහන්න සිවාජිලිංගම් ලා වගේ ප්‍රසිද්ධියේ LTTE එකට සහයෝගය දක්වන එවුන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ජනාධිපති කිට්ටුවට නෙමෙයි, ජනාධිපති මන්දිරය ළඟ පාරට ආව කියලා ආබාධිත හමුදා සෙබළුන්ට ඇස් පොට්ට වෙනකම් කඳුළු ගෑස් ගැහැව්වා. අපිට එක විදයකටත් උන්ට එක විදයකටත් සලකල කවදාවත් ප්‍රශ්න විසඳන්න බැහැ.

    ජනාධිපතිතුමා කියල තිබුන ව්‍යවස්ථාවට විරුද්ධ මිනිස්සු උතුරේ ප්‍රශ්ණ විසඳන්න විසඳුම් දෙන්න ඕනේ කියලා. ජනාධිපතිතුමා එක්ක මගේ ප්‍රශ්නයක් නැහැ, හැබැයි වවුනියා කතාව හෙලා දකිනවා. විධායක ජනාධිපති ධූරය අහෝසි නොකළ යුතුයි කියන ස්ථාවරයේ තදින්ම ඉන්න කෙනෙක් මම. රනිල් වගේ කෙනෙක් අගමැති වෙලා පාර්ලිමේන්තුවේ බලය පවත්වා ගෙන යන හැටි දැකපු ඕනේ කෙනෙක්ට තේරෙනව අද විධායක ජනාධිපති ධූරය නොතිබුනා නම් මොන තරම් විනාශයක් මේ රටේ වෙන්න ඉඩ තිබුනද කියල.

    උතුරේ තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි, උතුරේ තියෙන්නේ සමාජ-ආර්ථික ප්‍රශ්නයක්. ඒක විසදන්න දකුණේ සිංහලය විරුද්ධ අළුත් ව්‍යවස්ථාවක් ගෙනල්ලවත්, බෙදුම්වාදී දෙමල දේශපාලකයන්ට උතුරේ බලය දීලා වත් හරියන්නේ නැහැ. දෙමල වගේම සිංහල දේශපාලකයොත් ඉන්නවා රට බෙදල හරි තමන්ට උතුරේ චන්ද ගන්න විදියක් ගැන හිතන. ඒ නිසයි උතුරේ ප්‍රශ්නේට දේශපාලනය ගාවා ගෙන තියෙන්නේ. ආත්මාර්ථකාමී බලලෝභය නිසා උතරේ මිනිස්සුන්ගේ ජීවන ප්‍රශ්න දිහා සමාජ-ආර්ථික දෘෂ්ඨි කෝණයකින් බලන්නේ නැහැ. ඒ නිසා උතුරේ ප්‍රශ්න විසඳන්න බැරි දකුණේ සිංහලයන් නිසා කියල බොරු මතයක් හදලා එක විකුණන් කනවා.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.