2 May, 2024

Blog

ව්‍යවස්ථා අර්බුදය

රුසිරිපාල තෙන්නකෝන් –

රුසිරිපාල තෙන්නකෝන්

රාජ්‍ය පාලනය පිළිබඳව නොසතුටක් පොදුවේ ගොඩ නැගෙමින් පවතී. දූෂණය පෙර වාර්තා බිඳ හෙළමින් වැඩි වෙමින් පවතී. ජීවන වියදම අහස උසටය. සමාජ විපර්යාසයක් බවට හැරෙමින් පවතින අධ්‍යාපන අවුලකි. මහා පරිමාණ ව්‍යාපෘති ඇසුරුකරගත් ජන ජීවිතවලට තර්ජනයක් වෙමින් මතුව ඇති පාරිසරික ගැටළු රැුසකි. සොබා දහමේ අහිතකර බලපෑම් හේතුවෙන් පීඩාවට පත් විශාල ජන කොටසකි. මේ සියලූම උවදුරු හා අපහසුතා මධ්‍යයේ ජන අවධානය ඒ ඒ දෙසට යොමුව සී සී කඩ විසිරී පවතී.

නව ව්‍යවස්ථාවක් මුල් කරගත් අර්බුදයක් මේ අතර මෝරමින් ඇත. එය ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුව පසු කරමින් ජන කරලියට පැමිණෙනු ඇත. පෙනීයන ආකාරයට සම්මුතියකින් ඉදිරිපත් නොවන්නක් නිසා එයට නිවැරදි ජනතා වරමක් ලැබීමට හෝ ලබා දීමට තරම් යෝග්‍ය සමාජ පසුබිමක් නැත. එහෙත් යෝජනාව කල් යල් බලාම ඉදිරිපත් කර ඇත.

දෙකඩ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එසේමය. එජාප යේ ක්‍රියා කලාපයන් නිසාද, හවුල් රජයේ නොරිස්සුම් නිසාද එයින් ඉවත්වන කොටස් නිසා මෛත්‍රී පිල තවත් දුර්වල වන්නේය. හිටපු රාජ්‍ය නායකයින්ට හා අනුගාමිකයින්ට එරෙහිව එල්ල වූ චෝදනා විභාග තවමත් අතරමගය. ඒවා අවලම්බනව පවතී. ඡන්දයක් සඳහාද සූදානමකි. කල් ඇදෙමින් විවිධ ඇද කුද අඩුපාඩු කැබිනට් අවහිරතා හරහා මහත් දුෂ්කර ගමනක් ගෙවූ පළාත් පාලන මැතිවරණ ක‍්‍රමය තවමත් ඇත්තේ ඉල්ලකයට බොහෝ දුරස්වය. ඉදිරිපත් වීමට හොඳටම ඉඩ ඇති වෙනස් කිරීම් නව යෝජනා හා අධිකරණ ප්‍ර​වේශයන් හේතුවෙන් දින වකවානු වල අවිනිශ්චිත බවත් කල් යාමේ ප්‍ර​වණතාවය වැඩි වීමත් තදින්ම පවතී. එහෙත් පළාත් පාලන මැතිවරණයක් පදනම් වූ උණුසුම වර්ධනය වෙමින් තිබේ.

සම්මුතිවාදී රජය පිහිටුවා ගැනීමේ සන්ධාන ගිවිසුම අහෝසි වී ඇත. දැනට යන්නේ සංක්‍රාන්ති කාලයකි. රජය ඉදිරියට ගෙන යාමේ සම්මුතිය පිළිබඳව සලකා බැලීමට මාස කීපයක විරාමයක් ලබා ඇත. පක්ෂ මාරුව වෙනත් විධියකට බැලුවහොත් රජයට එක්වීම එයින් ඉවත් වීම නිදහස් ලෙසින් සිදු වෙමින් පවතී. ජනතාව ක්‍රිකට් වලට මෙන්ම මන්ත්‍රී මාරුවටද ඔට්ටු ඇල්ලීමට තරම් වූ ක්‍රීඩාවක් බවට එය පත්වී හමාරය. මෙම ප්‍රවණතාවය පාලනය කිරීම සඳහා ඇමතිකම් නියෝජ්‍ය ඇමතිකම් ලබා දීම ආපසු ගැනීම නැත්නම් ඉවත් කිරීම යොදා ගැනේ. මේ තර්ජනය පුළුල් ආකාරයට ආවරණය කර ගැනීම සඳහා පාර්ලිමේන්තු වරප්‍රසාද නත්තල් කාලයේ මෙන් ශාන්ත ක්ලෝස් (නත්තල් පප්පා) ක‍්‍රමයට ගලා ඒමට​ සලස්වා ඇත. අද නව වාහන බලපත‍්‍රයකි. හෙට අලුත් දීමනාවකි. ඊළඟට කාර්යාලීය පහසුකම් හරහා ලැබෙන අතිරේක වරදානයන්ය. විශ‍්‍රාමයද සාමාන්‍ය සේවකයෙකුගේ මාසික වැටුප ජීවන වියදම් දර්ශකයට අනුකූලව වෙනස්වන ආකාරයට ස්වයංකී‍්‍රයවම වැඩි වන්නේය. යහපාලන සමය අරඹන විටත් දැනටත් විශ‍්‍රාම වැටුප් සංසන්දනයක් කළහොත් කෙරී තිබෙන කාරිය තේරුම්ගත හැකි වනු ඇත. මේ සියලු පිදේනි තටුවලට බැල්ම හෙළමින් බලයට පැමිණීමට බැල්ම යොමා සිටින බහිරයන්ද බිහිවෙමින් පවතී. පවතින බල තුලනය රැුක ගැනීමට එයද ආධාරයකි.

මේ අපභ‍්‍රංශ රාමුව නොබිඳී රැුක ගැනීමට අවශ්‍යම ඇණය කොයි කාටත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී කණ්නාඩිය පැළඳ වූ අකුරු තුනේ මිනිහා ගසා හමාරය. කොයි තරම් වේගයෙන් සුළඟ හැමුවත් හතර අවුරුද්දකට නෝ හෙල්ලුං වන සේ වැඬේ හමාර කරගෙන ඇත. චන්ද්‍රිකා යුගයේ අත්දැකීම්ද සහිතව කොතරම් අවුල් ජාලයකට රට පත්වූවත් පත්ව සිටින අයගේ තීරණයෙන් විනා එය විසුරුවා හරින්නට කාටවත්ම බැරිය. ඉතිරි බලතලත් ඉවත් කරමින් නිකම්ම නිකම් ජනපති කෙනෙක් බිහි කරන්නටත් ඇති විශේෂ බල පරාක‍්‍රමයෙන් සපිරි අගමැතිවරයෙක් බිහිකර ගැනීමටත් ඉලක්ක කරගත් ව්‍යවස්ථා යෝජනාවක් එළි බසින්නේ මේ සංදර්භය තුළය.

අද වෙනස් කරගන්නට වලි කන එදා එයට අත ඔසවා ඡන්දය දුන් ව්‍යවස්ථාව ඔවුන්ටම එපා වී ඇත්තේ ඇයිද යන්න බලවත් ප‍්‍රශ්නයකි. එදා එහි නිර්මාතෘ වූ ජේ.ආර්. එම කටයුත්ත කරගත්තේ දිනය යෙදීමට පමණක් ඉතිරි කොට ඔහු විසින් තෝරා බලයට ගෙන ආ නරුමයන්ගෙන් ලබා ගත් ඉල්ලා අස්වීමේ ලිපි ලඟ තබාගෙනය. කවුරු ගියත් 5/6 (හයෙන් පහම) ජේ.ආර්. ගේ අතේය. එය සම්මත කරගත්තා පමණක් නොව ඔහුට උවමනා හොඳම අවස්ථාවට ජනාධිපතිවරණය පැවැත්වීමට ද එම නරුමයින් ලවා එම ව්‍යවස්ථාව ජේ.ආර්. රිසි සේ සංශෝධනය කර ගත්තේය. අභියෝග එල්ල කළ හැකිව සිටි එකම ප‍්‍රතිවාදී බලවේගය සිරිමාවෝ මැතිණිය ඒ වන විට පාර්ලිමේන්තුව හරහා නිෂ්පාදනය කරගත් ඊනියා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අනපනත් යටතේ නිශේධනය කර දමා තිබුණි. දෙවෙනි ජනපති පදවි ප‍්‍රාප්තිය පාර්ලිමේන්තු මැතිවරණය සිතියම හකුලා දැමීමේ ආරම්භයක් කර ගත්තේය.

ජනමත විචාරණයක් දියත් කළේය. ජනතාවට නුහුරු නුපුරුදු තීන්දුවක් දීමට ඔවුන් පොළඹවනු ලැබිණ. එම ව්‍යායාමයේ හොඳ නරක ජනතාවට කියා දෙන්නට කිසිවෙකුත් නොසිටියේ ය. විරුද්ධ මතධාරීන් සිර කඳවුරුවලය. සමහරු හාල් පොත් නඩුවලට පටලවාගෙනය. තවත් අයට නැක්ෂලයිට් කුමන්ත‍්‍රණය ආරූඪ කරමින් දෑත්වලට විලංගු දමලාය. නැක්ෂලයිට් චෝදනාවද ඉතා සියුම් හා කුමන්ත‍්‍රණකාරී ලෙසින් විපක්ෂයේම එවකට ළාමකයෙකුට සිටි පුත‍්‍ර රත්නයකින්ම ලබා ගැනීමට මොළකාරයන්ට හැකි විය.
අහිංසක ජනතාව අතරින් බහුතරයක් දැනගෙන සිටියේ ලාම්පුව ජේ.ආර්. ගේ ලකුණ බවත් කලගෙඩිය මැතිණයගේ ලකුණ බවත්ය. ජේ.ආර්. ජයග‍්‍රහණය කල ජනපතිය. මැතිණිය ප‍්‍රජා අයිතියත් අහිමි වූ පරාජිත කාන්තාවක්ය. ජනතාව එදා ජනමත විචාරණයේදී බෙදී සිටියේ ඒ අයුරින්ය. 77 මැතිවරණය ජයග‍්‍රහණයෙන් පසුව දියත් කළ අංශයන් දරුණු මැර ප‍්‍රහාරයෙන් හෙම්බත් කර බිය වද්දා සිටි විපක්ෂය ජනමත විචාරණ සමයේදී සිටියේ ඊටත් වඩා පසුබෑමකට ලක්වූ පිරිසක් බවට පත්වීමෙනි.

ලාම්පු කලගෙඩි මගඩිය මුළු ලෝකයම ඇන්ඳවූ නාට්‍යයක්ම විය. ප‍්‍රජාතන්ත‍්‍රවදය අමු අමුවේම විකෘති කළ ඡන්දයක් වූ එම ජනමත විචාරණයේදී ඡන්ද පොළට ගිය බොහෝ ඡන්ද දායකයින්ට තමන්ගේ ඡන්ද පත‍්‍රිකාව ලකුණු කර එහි සිටි ලාම්පු මැරයින්ට පෙන්වීමටද සිදු විය. මාස කිහිපයකට පෙර පැවති ජනපති මැතිවරණයේ ජයග‍්‍රහණයෙන් උද්දාමයට පත්ව සිටි වකවානුවක් වූ එය උවමනා විදියට ඡන්ද දායකයා අපයෝජනයට භාජනයට පත්කළ අවස්ථාවක් විය. ගාමිණී දිසානායකලා සිය දස්කම් හොඳින් ප‍්‍රදර්ශනය කළහ. දකුණු පළාතේ ඉහළම දේශපාලන පවුලක එක් අයෙක් ලාම්පු සටනට මිත‍්‍ර පාක්ෂියෙකු ලෙසින් බඳවා ගත්තේය. ගාමිණීගේ වියදමින් සපයන ලද ඡන්ද ප‍්‍රචාරක බස් රථයක් ඉදිරි කොටස කලගෙඩියට වෙන් වී වැඩිමහල් සහෝදරයා බාර වූ අතර බස් රථයේ පසුපස කොටස තමාගේ මුදලින් නම්මාගත් ඔහුගේ බාල සොහොයුරාට ලාම්පුව ප‍්‍රචාරය කිරීම සඳහා භාරකළ බවත් එ් දෙබිඩි රථය ඡන්ද ප‍්‍රචාරයේදී සංචාරය කළ බවත් හම්බන්තොට ප‍්‍රදේශයේ ජනප‍්‍රවාදයට එක්වී ඇත. එසේ වුවද මෙවර ව්‍යවස්ථාවක් හඳුන්වා දීම සඳහා පවත්වන ජනමත විචාරණයකදී එම අයියා මලෝවරු එක් ලාංඡනයක් යටතේ ගමන් කරනු ඇතැයි විශ්වාස කළ හැක.

ජනමත විචාරණය ජේ.ආර්. දිනුවේය. හිරගෙවල සිටි ක‍්‍රියාකාරීන් නිදහස් විය. ජනතා විමුක්ති පෙරමුණ ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයටම අවතීර්ණ වී සිටියේය. 1970 – 1977 සමයේ දියත් වූ ඇතැම් මැර ක‍්‍රියාවන්ට මුහුණ දීම සඳහා ජේ.ආර්. තෝරා බේරාගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ නිකමුන් රැුසක්ම තවත් හය අවුරුදු කාලයක ජ්‍යෙෂ්ඨත්වයත් සහිත පරිණතයන් බවට නිකම්ම පත් විය.

ව්‍යවස්ථාවට වසර 40 ක් වෙමින් පවතී. එම ව්‍යවස්ථාව යටතේ මැතිවරණ ක‍්‍රමය වෙනස් වූ විදිහ අප දැක්කෙමු. ආර්ථික විපර්යාසයන් සිදුවන ආකාරයද දුටුවෙමු. එම වවස්ථාව යටතේම තව දුරටත් නිල කාල දික්කර ගැනීමට යෝජනා කළ උදවිය අදිසි බලවේගවලට ගොදුරු වෙමින් සිරුරු කැබලි කැබලි වලට කැඞී මියැදෙනු දුටුවෙමු. ඊළඟට පැවත්වූ ජනපති මැතිවරණය වර්ජනය කිරීමට මිනීමරු බලවේගයක් ක‍්‍රියාත්මක වෙමින් තිබියදී සුළු ඡන්ද සංඛ්‍යාවකින් මැතිණිය පරාජය කොට පේ‍්‍රමදාස ජනපති යුගය ඇරඹුන සැටිද දුටුවෙමු. දකුණේ දියත් වූ ත‍්‍රස්තවාදය එම ව්‍යාපාරයේ නායකයාගේ සහ දහස් ගණන් තරුණ ජීවිත විනාශයකින් පසුව නතර වී ඒ වෙනුවට දරුණු ත‍්‍රස්තවාදයක් උතුරේ පටන් ගත්තේය. පාට පක්ෂ භේදයකින් තොරව, අහිංසකයින්, හොඳ මිනිසුන්, රාජ්‍ය නායකයින්, කලාකරුවන්, දේශපාලඥයින්, පැවිදි උතුමන් විශාල සංඛ්‍යාවක් මේ ත‍්‍රස්වාදී යුග දෙක තුලදී රටට අහිමි විය.

ව්‍යවස්ථාව වෙනස් කිරීමටත් දූෂණ භීෂණ අවසන් කිරීමටත් චන්ද්‍රිකාවක් ගුවන්ගත විය. උතුරේ ත‍්‍රස්තවාදය උත්සන්න විය. යුධ කඳවුරු පිටින් සතුරු ප‍්‍රහාරයන්ට ලක් විය. රට පුරාම බෝම්බ පුපුරන්නට පටන් ගත්තේය. මහ බැංකුව බෝම්බ ගසා බිම හෙලීය. එසේ වුවද එදා සතපහක්වත් අතුරුදහන් නොවීය. ගුවන් තොටුපලට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල විය. ආයුධ නැව් කිහිපයක්ම අල්ලා ගත් අතර, තවත් නැව් කිහිපයක්ම නිරුපද්‍රිතව ලඟා වී ත‍්‍රස්තයින් ශක්තිමත් කළේය. අන්තිමේ චන්ද්‍රිකාටත් බෝම්බ ගැසීය. චන්ද්‍රිකාවන් යළිත් ජනපති විය. වසර 10 කට උතුර නැගෙහිර පාලනය ත‍්‍රස්තයන්ට දීමට යන බවට කතා පැතිරිණි.

ඊලඟට පැවති මහ මැතිවරණයෙන් රනිල් රජය බලයට පත්විය. අගමැති බලතල යටතේ ජාත්‍යන්තර මැදිහත්වීමද සහිතව ත‍්‍රස්තයින් සමග සටන් විරාමයක් ඇතිකර ගත්තේ මේ යුගයේදීය. වසර 03 ක් අවසාන වූ විගස පුටු පෙරළියක් මගින් රනිල් රජය චන්ද්‍රිකා පෙරළා දැම්මේය. එදා විපක්ෂයට තල්ලූ වූ රනිල් දිගම කාලයක් විපක්ෂ නායකව සිටීමේ වාර්තාව පිහිටුවිය. චන්ද්‍රිකාගේ ව්‍යවස්ථා සංශෝධනයද වාෂ්ප වී ගියේය.

මහින්ද රාජපක්ෂ සමය උදාවිය. එය රනිල්ගේ දෙවන ජනපතිවරණ පරාජයද විය. ත‍්‍රස්තවාදීන් සටන් විරාම ගිවිසුම කඩකල නිසා මහින්ද රජය යුද මාවතට පිවිසියේය. ජාත්‍යන්තර බලපෑම් සහ මැදිහත්වීම් අභිබවා යමින් ත‍්‍රස්වාදීන්ට එරෙහිව යුද වැදී එම උවදුර මුළුමනින්ම අවසන් කළේය. ඊළඟ ජනපති වරණයට ප‍්‍රදාන විපක්ෂය වූ එ.ජා.ප යට අපේක්ෂකයෙක් පවා ඉදිරිපත් කරගත නොහැකි තත්වයකට පක්ෂය පසුබා සිටියේය. යුද්දධය ජයග‍්‍රහණය කරන සමයේදී සිටි හමුදා නායකයා පොදු අපේක්ෂකයාට හැටියට ඉදිරිපත් කළේය. ඔහු පරාජයට පත්විය. ඉන්පසු සිරභාරයට පත්විය.

මේ සියල්ල සිදුවූයේ පැවති ව්‍යවස්ථාව යටතේය. හොඳට මෙන්ම නරකටද එයම පාදක කර ගත්තේය. මහින්ද පාලනය එම ව්‍යවස්ථාව වෙනස්කර ගනිමින් යුගාන්තයක් නිර්මාණය කර ගැනීමට පියවර ගත්තේය. ජේ.ආර්. මෙන් කලින්ම ජනපති වරණයක් කැඳවා ගත්තේය. එය ඔහුගේ යුගාන්තයක් විය.

එජාපය මේ වන විටත් රනිල් නායකත්වයේ සිරවී කලින් සිටි තැනමය. ජනපතිවරණයට ඉදිරිපත් කළ හැකි ජයගත හැකි යැයි විශ්වාසයක් තැබිය හැකි අපේක්ෂකයෙක් පවා එජාපයට සිටියේ නැත. රටම පෙල ගැසෙමින් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ ජන අරගලයක්දියත් විනි. එය දැවැන්ත සමාජ බලවේග එකමුතුවක් බවට පත්විය. එම බලවේගයට පස්සා දොරින් ඇතුල් වී පොදු අපේක්ෂකයා වීමට වලි කෑ කීපදෙනෙක් එම සමාජ බලවේග විසින් නිර්දය ලෙසින් ප‍්‍රතික්ෂේප කරන ලදි. එහෙත් සමාජ බලවේග ඇරඹූ බලවේගයට ජීවය දීම ඉතාමත් ප‍්‍රඥගෝචර පියවර බව එම යුග වෙනස ගෙන ඒමට උනන්දු වූ විජාතික බලවේග විසින්ද තීරණය කළ බැවින් සුදුසු පොදු අපේක්ෂකයෙකු යටතේ ඉදිරියට යාමට හැම දෙනාටම සිදු විය.

මෛත්‍රී තෝරා ගැණින. ඔහු ජයග‍්‍රහණය කළේය. පැවති ව්‍යවස්ථාව තුල මුළු රටේම ඡන්ද බලය පාවිච්චි කිරීමේ ඉඩ කඩ තිබුණ බැවින් අනපේක්ෂිත පළාත්වලින් අති බහුතරයක් ලබා ගනිමින් පොදු අපේක්ෂකයා ජය ගත්තේය. එම ජයග‍්‍රහණයට දායක වූ විශාලතම දේශපාලන පක්ෂය එජාප ය වූ බැවින් පොදු අපේක්ෂකයා ජයග‍්‍රහණය කළහොත් එම පක්ෂයට රාජ්‍ය බලය පිරිනැමිය යුතු බවට එකඟත්වයක් තිබී ඇත. ජනපතිවරණ ජයග‍්‍රහණයෙන් පසුව මුල් දින කීපයත තුලදී ක‍්‍රියත්මක වී ඇත්තේ එම එකඟතාවයි.

දින 100 රජය ලහි ලහියේම විධායක ජනාධිපති ධුරයේ බලතල සියලූ දෙනාටම එකඟ විය හැකි දුරට අඩුකර ගන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් මගින්ය. අද පාර්ලිමේන්තුව මේ ලෙසින් පවතින්නේද එම සංශෝධනය නිසාමය. අර්බුදයකට තුඩුදී ඇති නව ව්‍යවස්ථා ගැටළුව පැන නැගී ඇත්තේ මෙම තත්ත්වය තුලය. උතුරේ දමිළ ජනතාවත් නැගෙනහිර දමිල හා මුස්ලිම් ජනයාත් දායක වූ ජනපතිවරණය පැවතුනේ පවතින ව්‍යවස්ථාව ඇතුලේය. ඒ වන විට ඔවුන් ඡන්දය පාවිච්චි කළේ පූර්ණ බලතල සහිත විධායක ජනාධිපතිවරයෙකු පත්කර ගැනීම සඳහාය. එම ජනපතිවරයා අද තවතමත් බලයේ සිටී. දැනටමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙසින් විධායක බලතල ඉවත් කිරීමට නව ජනපතිවරයා අනුමැතිය ලබා දී එයට අනුගත වී ඇත. තවත් අවශ්‍ය සංශෝධනයක් වෙතොත් මුළු රටටම අවශ්‍ය හා ගැලපෙන ආකාරයට එම කටයුත්ත කරගත හැකි වනු ඇත. ඒ පිළිබඳව අනවශ්‍ය කුලප්පුවක් හෝ අවිශ්වාසයක් ඇති වීමට හේතුවක් නැත. අසාර්ථක රාජ්‍ය පාලනයක් තුලින් හෙළිදරව් වෙමින් පවතින බැරිකම වසා ගැනීමට හෝ රටේ සමස්ත ඡුන්ද දායකයින් අතරින් පත්වීමට ඇති නොහැකියාව නිසා හෝ අසීමිත බලයකට ඇති ආශාව කෙසේ හෝ මුදුන්පත් කර ගැනීමේ උප්පරවැට්ටියක් හැටියට ව්‍යවස්ථාව වෙනස් කිරීම කාගේ උවමනාවක්ද? හදිසියක්ද? යන්න බලවත් ප‍්‍රශ්නයකි.

විද්වතුන් විවිධ මත පල කරති. සංඝ පීතෘවරුන් ඇතුළු පූජක පක්ෂය නව ව්‍යවස්ථාවට කාලය නුසුදුසු බව පවසා ඇත. පාර්ලිමේන්තුව තුල විශාල මතභේදකාරී තත්වයක් පැන නැගී ඇත. ලිච්ඡවීන්ද බෙදී ඇත. ජනතාව විමතියටත් අන්දමන්ද භාවයටත් පත්ව ඇත. මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදී යහපාලන සමයක උදාව අපේක්ෂා කළ ජනතාවට නව ව්‍යවස්ථාවක් පැටවීමට තරම් සුදුසු අවස්ථාවක්ද?

මෙම උත්සාහය සාර්ථක නොවන බව පැහැදිලිය. එහෙත් ඒ බව දැන දැනත් ‘‘මැකියාවේල්ගේ’’ න්‍යාය වූ ‘‘අවසාන ප‍්‍රතිඵලය ඒ සඳහා ගනු ලබන ක‍්‍රියාමාර්ගය කුමක් වුවද එය සාධාරණීකරණය කරනු ඇත’’ යන්න මත පිහිටා ගමනක් අරඹා ඇති බවත් පෙනේ. මෙහිදී සිංහලයන් හා දමිලයන්ද, බෞද්ධයන් හා අන්‍ය ආගමිකයන් ද පැහැදිලිව දෙපැත්තට දැමීමක් සිදුවේ. එජාපයේ කැපුවත් කොළ පාට කොටස එසේම රඳවාගත හොත් ඒ ගොඩට කලින් ඒක​රාශී කර ගත නොහැකි වූ එක පැත්තකට තල්ලුවී යන ආගම් වෙනස භාෂා වෙනස හරහා පිරිස් එකතුකර ගැනීමේ උපක‍්‍රමයක් ලෙසින් මෙය ක‍්‍රියාත්මක වන්නේදැයි බලවත් සැකයක් උපදී. ව්‍යවස්ථා වෑයම පරාජය වූවත් එසේ ඒක​රාශී වන සියල්ලන්ගේ එකමුතුව අන් සියලුම බලවේග යටත් කිරීමට සමත්වන බව නිසැකිය.
ආදර්ශ පාඨය හැටිය පෙඩරල් ක‍්‍රමය පිළිබඳව උත්තරීතර චිත‍්‍රයක් මවා පෑමට උත්සාහ ගන්නා අයටත් මතකයට නගා ගයුතු වැදගත් කාරණා කීපයක් ඇත. මධ්‍යම, ප‍්‍රාන්ත හා පෙඩරල් කොටස් වශයෙන් පාලනය වන ඉන්දියාව එසේ කිරීමට පෙළඹවුනේ 50 දශකයේ සිටය. ඉන්දියාව නිදහස ලැබීමත් සමගම දෙකඩ වෙමින් ඉන්දු හා පකිස්ථාන් වශයෙන් රාජ්‍ය දෙකකට වෙන්වූ රටකි. එහි අර්ධ මහාද්වීපික භූමි විශාලත්වයන් එකිනෙකට හාත්පසින්ම වෙනස් ප‍්‍රධාන භාෂා 30 ක්ද ග‍්‍රාමීය භාෂා 122 ක්ද ඉංග‍්‍රීසි හැරුනු විට ව්‍යවස්ථාවෙන් පිළිගත් භාෂා 22ක්ද සහිත රටකි. අද වන විට ප‍්‍රාන්ත රාජ්‍ය 7ක් සහ පෙඩරල් රාජ්‍ය 29ක්ද මධ්‍යම ආණ්ඩුව යටතේ ක‍්‍රියාත්මක වේ. මේ සියලු බෙදීම්වලින් පසුවද දැනටත් භාෂාව සහ ග්‍රෝති‍්‍රක වශයෙන් නව පෙඩරල් කොටස් වෙන්කර ගැනීමේ ප‍්‍රබල අරගල ඉන්දියාවේ පවතින බව අමතක නොකළ යුතුය. වසරක් පමණ ආසන්න කාලයකදී ආන්ද්‍රා ප‍්‍රදේශ රාජ්‍ය තෙලන්ගානා යනුවෙන් නව ප‍්‍රාදේශීය රාජ්‍යයක් පිහිටුවා ගැනීම සඳහා දෙකඩ වී ගියේය. ඉන්දියාවේ එක් ප‍්‍රාන්තයක් තරම් වත් විශාල නොවූ ශ‍්‍රී ලංකාව තුල බල බෙදීමක් හා වෙනම රාජ්‍ය පාලනය සඳහා කොටස් කිරීම කිසිසේත්ම අත්‍යාවශ්‍ය පියවරක් වන්නේද යන්න අද මතුවී ඇති ප‍්‍රශ්නයයි. භාෂා වශයෙන් හෝ ජාති වශයෙන් වෙනම පාලනයක් ඇතිකර ගන්නට යන්නේ මුළු රට පුරාම විසිරී පැතිරී එකට ජීවත්වන, එකට අධ්‍යාපනය හදාරන, එකට ව්‍යාපාර කරන ජන සමූහයක් සිටින අතරතුරදී බව අමතක කළ හැකිද? බලය බෙදීමට පක්ෂ නොවුව හොත් දෙමළ ඡන්ද නොලැබේවි යැයි යන භීතිකාවෙන් පසුවන බලයට කෑදර නායකයින් නිසා රටේ අනාගතය අනතුරුදායක තත්ත්වයට පත් නොකිරිම කාගේත් වගකීමකි.

ව්‍යවස්ථා අර්බුදය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව මෑතදී නිකුත් කළ නිවේදනය අතිශය වැදගත්ය. යුග වෙනස උදා කිරීමට අයෝමය නායකත්වයක් ලැබුණේ මෙම සංඝයා වහන්සේලා අතරින් කීප දෙනෙකු වෙතින්ය. අවශ්‍ය හදිසි සංශෝධනයන් පමණක් කර ගනිමින් මෙම අනවශ්‍ය අර්බුදය රට තුල ඇති නොකරන ලෙසට උන්වහන්සේලා කර තිබෙන ඉල්ලීම ඉතාමත් කාලෝචිතය. මෙම ඉල්ලීම සාර්ථක කර ගැනීමේ ජාතික ව්‍යාපාරයට නායකත්වය සපයන ලෙස උන්වහන්සේලාට ඇරයුම් කරමු.

මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමන්ගේ ඉතාමත් ආසන්න ප‍්‍රකාශය වූ මහා සංඝයා වහන්සේ ප‍්‍රමුඛ පූජ්‍ය පක්ෂයේද, සියලූ දේශපාලන පක්ෂවලද, සමාජ සංවිධාන වලද, විද්වතුන්ගේ ද සහභාගීත්වයෙන් පැවැත්වීමට යන ජාතික මට්ටමේ සාකච්වඡා දෙස මුළු රටම මහත් අපේක්ෂාවෙන් බලා සිටී.

Print Friendly, PDF & Email

Latest comment

  • 1
    0

    ‌ෙ‌ෙමත්රීපාල සිරි‌ෙස්න තම ජනපතිවරණ මැතිවරණ ප්රකාශන‌ෙය් පළ කර සිටි‌ෙය් ජනමත විචාරණයකට තුඩු ‌ෙදන ව්‍යවස්ථා ‌ෙවනස් වීම්වලට ඔහු ‌ෙනායන බව ය. මහින්ද රාජපක්ෂ ද එ‌ෙස්ම ය. ඊළගට පැවැති මැතිවරණ‌ෙය් දී එජාපය ව්‍යවස්ථා ‌ෙවනසක් ගැන කතා කළ ද මහින්ද ප්රමුඛ සන්ධානය නව ව්‍යවස්ථාවක් ගැන කතා ‌ෙනාක‌ෙළ්ය. ‌ෙදපාර්ශ්වයටම බහුතර බලයක් ‌ෙනාලැබුණු බව හැ‌ෙමා්ම දනිති. ඒ අනුව බහුතර ජනතාව තීරණය කර ඇත්‌ෙත් නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බව ය. ප්රතිපත්තියක් නැති ‌ෙජප්පන්ටත්, ‌ෙබදුම්වාදී ටීඇන්ඒ එකටත්, පුරවැසි බලය වැනි එන්ජීඕ කපුටන්ටත්, විජාතික බල‌ෙව්ගවලටත් අවැසි වූ පමණින් නව ව්‍යවස්ථාවක් ‌ෙගන ඒමට, ජනතා පරමාධිපත්‍යය ගැන කල්පනා කරනවා නම් ආණ්ඩුවට හැකියාවක් ‌ෙනාමැත. ‌ෙපට්රල් ටික වත් ‌හරියට ‌ෙබදා ගන්න බැරි ‌ෙසවල ආංඩුවකින් ‌ෙමාන බලය ‌ෙබදීම් ද!

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.