28 March, 2024

Blog

2017 අගෝස්තුවේ පාර්ලිමේන්තුව තුල වෙනසක්!

රුසිරිපාල තෙන්නකෝන්

රුසිරිපාල තෙන්නකෝන්

මේ දිනවල බොහෝ දෙනෙකුගේ කථාබහට ලක් වී ඇත්තේ හෙට අනිද්දා සිදුවිය හැකි බවට අනුමාන කෙරෙන කැබිනට් සංශෝධනයක් පිළිබඳ කාරණයයි. ජනාධිපතිවරයාගෙන්ද කීප වතාවකදීම ඒ ගැන ඉඟි පලවිය. රටේ බහුතරයක් වර්තමාන ඇමති මණ්ඩලය සහ එහි ක‍්‍රියාකාරීත්වය ගැන එතරම් ප‍්‍රසාදයකින් පසු නොවන බවට වාර්තා වී තිබීම එයට හේතු වි තිබිය හැකිය. ජනාධිපතිවරයා හදිසි තීරණවලට කඩිමුඩියේ නොඑළඹෙන බව මුළු රටම දනී. මෑතකදී ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් රට තුල හටගත් ජුගුප්සාජනක ව්‍යාකූලත්වය හමුවේ ජනාධිපතිවරයා ක‍්‍රියාකළ ආකාරය ඒ සඳහා දිය හැකි හොඳම උදාහරණයයි. රැුවුලත් කැඳත් දෙකම බේරාගෙන කටයුතු කිරීම කාට කාටත් හොඳය. කට දිව පුළුස්සා නොගෙන හෙමින් සීරුවේ නිමෙන්නට හැර පානය කිරීම වඩාත් හොඳය​. ඉඟුරු දී මිරිස් ගැනීමට සිදුව තිබෙන නිසා වඩාත් කල්පනාකාරී විය යුතුය. එසේ නොකළහොත් කොයි කාගෙත් දැවිල්ල වැඩිවනු ඇත. පරිස්සමින් විසඳුමකට ප‍්‍රවේශ වීම ප‍්‍රමාදයක් ලෙසින් නොසැලකිය යුතුය.

රටේ පාලනය ගෙනයමින් තිබෙන ආකාරය අනුව, ජනතා අපේක්ෂාව වන්නේ කැබිනට් සංශෝධනයක්ද? එයින් පවත්නා රාජ්‍ය පාලන දුර්වලකම් හා අඩුපාඩු අක‍්‍රමිකතා නිම වේවිද? අදාල කරුණු ගැන සැලකිලිමත්වන සියල්ලලෝම ඉතා විමසිලිමත්ව සලකා බැලිය යුතු කාරණය එයයි. නව යුගයක් උදාකරගැනීමට මුල් වූවන් ජනතාව තුල ජනිත කළ එක් ප‍්‍රධාන අරමුණක් වූයේ තම පාලන නියෝජිතයින් තෝරා ගැනීමේදී හදවතට එකඟව යහපත් පිරිස් තෝරා පත්කර ගැනීමේ නව ක‍්‍රමයක උදාවයි. එහෙත් අළුත් මැතිවරණ ක‍්‍රමයක් මඟින් සල්ලි බලයෙන් හා මැර බලයෙන් මනාප පොරය හරහා ඉදිරියට එන පිරිස වෙනුවට තම කැමැත්ත පරිදි තෝරා යැවිය හැකි ක‍්‍රමයක උදාවද ජනතාවට අහිමිවුන බව අමතක නොකළ යුතුය. මහත් බලාපොරොත්තු සහිතව ඇතිකරගත් වෙනස සඳහා දායක වූ ජනතාවගේ පැතුම් ඉටුවිය යුතුමය. එම වෙනස ඇතිකර ගැනීමට පාදක වූයේ එම වෙනස තුලින් ඉස්මතු වී බලයට පත්වූ අය නොවන බව තේරුම් ගත යුතුය. ජන අප‍්‍රසාදයට පත්ව තිබූ යුගයක් වෙනස් කර ගැනීමේ ජන අභිලාෂය ජනතාව විසින් මුදුන්පත් කරගත්තේ සර්වජන ඡන්ද බලය තුලින්ය. එමඟින් තේරී පත්වූවන් ජනතාවගේ නියෝජිත පිරිසක් පමණකි. ඔවුන් ජනමතයට පිටුපාමින් හිතුමතයට කටයුතු කිරීමට වරම් ලද අය නොවේ. එමනිසා සිදු කෙරෙන සියලූ වෙනස්කම් හා සංශෝධන සිදුවිය යුත්තේ මෙම සත්‍ය තත්ත්වය පදනම් කදරගෙනය.

පවුලේ සාමාජිකයින් වීම, ගැත්තන් හා හිතවතුන් වීම, ප‍්‍රබල ආධාර කරුවන්වීම, කැබිනට් ඇමති ධුර සඳහා පත්කර ගැනීමේ සුදුසුකම් වූ යුගය අතීතයට සීමා විය යුතුය. විශේෂ හැකියාවක් හෝ කුසලතාවයක් නැති ඇම්බැට්ටයින් රට පාලනය කෙරෙන ඇමති මණ්ඩලයක සාමාජිකයින් වීමේ අභාග්‍යය ඇතැමුන්ට ලැබුනේ එම පැවති ක‍්‍රමය තුලය. එහි ප‍්‍රතිඵල වශයෙන් අපට දැක ගැනීමට හැකිවූයේ, ඉහවහා ගිය දූෂිත ගනුදෙනු, ප‍්‍රමාතික‍්‍රාන්ත වංචනික මුදල් ඉපැයිම් යනාදියයි. එබඳු යුගයක් නිම කිරීමේ මන්තරය ජප කලවුන් ජන මතය දිනා ගැනීමට සමත් වූහ. එම ජයග‍්‍රහණයටත් දූෂිත පාලනයේ පරාජයටත් මූලික වූයේ එබඳු තත්ත්වයක් යළි ඇති නොවීමටත්, වැරදි කලවනුට දඬුවම් පමුණුවන බවටත් ජනතාව හමුවේ දුන් පොරොන්දුය.

අද රාජ්‍ය පාලනයේ යෙදී සිටින්නේ එසේ ජනතාවට පොරොන්දු ලබාදුන් අයත් පැවති පාලනය ක‍්‍රමය තුළ නිහඬ කොටස්කරුවන් වී සිටි සමහරක් ද ඇතුළු දෙපාර්ශවයකින් සැදුම්ලත් සම්මිශ‍්‍රණයකි. ඉදිරි වෙනස්කම් සිදු කිරීමේදී මෙම සත්‍යතාවය සිහියේ තබාගත යුතු වේ. එම වෙනස් කිරීම කඩදාසි කුට්ටම ඇනීමේ න්‍යාය ඉක්මවා යන්නක් විය යුතුමය.

නව රාජ්‍ය පාලනය භාරගෙන වසර දෙකක් සම්පූර්ණ වීමට ඇත්තේ මාස කිහිපයක් පමණකි. 2015 අගෝස්තුවේදී ඇතිකරගත් ඊනියා සම්මුතිවාදී පාලනය සඳහා ඇතිකරගත් දෙවසරක ගිවිසුම 2017 අගෝස්තුවේදී නිමා වේ. බලයේ සිටීම සඳහා එකඟත්වයනට හා සම්මුතීන්ට එළඹුන පාර්ශවයන් එම දෙවසරක කාලය නිම කිරීමෙන් පසුව ඉදිරි කාලය සඳහාත් තවදුරටත් බලයේ සිටීම පමණක් අරමුණු කරගත් දීර්ඝ කිරීමකට සූදානම් වන්නේද? එසේ නොමැතිව ගතවූ රාජ්‍ය පාලන කාලයේ දුර්වලතා සහ අඩුපාඩු සැලකිල්ලට ගනිමින් රටේ අනාගතය ප‍්‍රමුඛස්ථානයේ ලා සලකමින් නව දර්ශනයකින් හා කැපවීමකින් යුක්තව ඉතිරි වී ඇති පාලන කාලය පවත්වාගෙන යාමේ එකඟත්වයකට යන්නේද?

ජනතාවට වැදගත් වන්නේ පැහැදිලි අරමුණකින් තොරව සිදු කෙරෙන, හිසේ ඇම්මට කොට්ටා මාරු කිරීමේ කැබිනට් සංශෝධනයක් නොව, පසුගිය පාලනයෙන් උරුම වූ සහ නව රජයේ වසර දෙකක දුර්වල පාලනය නිසා ඔඩුදුවා ඇති ප‍්‍රබල ආරථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට සමත් පාලන ක‍්‍රමයකි. එසේනම් කැබිනට් සංශෝධන පැලැස්තරය ඇලවීමට කලින් රටේ ජනතාව විසින් සිතා බැලිය යුතු වැදගත් කරුණු ගණනාවක් කෙරෙහි අවධානය යොමුවිය යුතුව ඇත.

සැබෑ ජාතික රජයක් 

රටක විවිධාකාර අර්බුදකාරී තත්ත්වයන් පැන නැෙඟන විට එ් අනුව රාජ්‍ය පාලනය තුල නව හැඩගැසීම් සිදුවේ. තීරණාත්මක ජාතික අර්බුද උද්ගතවන අවස්ථාවලදී සියලූ දේශපාලන මතභේද අමතක කරමින් රට ජාතිය වෙනුවෙන් එක්සත්වී කටයුතු කළ අවස්ථා ඕනා තරම් ලෝක දේශපාලන ඉතිහාසය තුලින් සොයාගත හැක. ජාතික රජය යන සැබෑ සංකල්පය ආරම්භ වූයේද එබඳු තත්ත්වයන් තුලිනි. පක්ෂ විපක්ෂ සියලූදෙනාම පොදු අරමුණක් යටතේ එ්කරාශී වීමත්, සියලූ මතභේද ඉවත දැමීමත් එම අවස්ථාවලදී සිදුවී ඇත. 2017 අගෝස්තු මාසයේදී නියමිත ප‍්‍රධාන පක්ෂ දෙක අතර පවතින එකඟතාවය අවසන් වීම යළිත් අළුත්කර දික්කර ගැනීමේ උපායක් ලෙසින් කැබිනට් සංශෝධනයක් සිදු කිරීම සලකා බලනවාද එසේ නැතහොත් ජාතිය මුහුණදෙන සැබෑ ආර්ථික අර්බුදය ඉදිරියේ එයට අවංකව මුහුණ දෙමින් විසඳුම් සෙවීමේ නව මාවතකට පිවිසෙනවාද යන ප‍්‍රශ්නය ජනතාව අතරින් පැන නැගිය යුතුය.

2015 දී සිදුවූයේ කුමක්ද?

2015 ජනවාරි 08 දින පවත්නා ලද ජනතාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජපයට පත් කරමින් පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වූ මෛත‍්‍රීපාල සිරිසේන ජයග‍්‍රහණය කරමින් 2015 ජනවාරි 09 දින සිට ශ‍්‍රී ලංකා ජන රජයේ ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්විය. එදින නව ජනාධිපතිවරයා දිවුරුම් දීමත් සමඟම රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා වශයෙන් දිවුරුම් දෙමින් හත්වන පාර්ලිමේන්තුවේ එවකට අගමැති වශයෙන් සිටි දි.මු. ජයරත්න වෙනුවට අගමැති වශයෙන් පත්විය. මේ දිනය වන විට පාර්ලිමේන්තුවේ එක් එක් පක්ෂයට තිබූ ආසන සංඛ්‍යාව මෙසේය.

එ.ජ.නි. සංධානයේ මන්ත‍්‍රී සංඛ්‍යාව 144 ක්ව තිබියදී ජනාධිපතිවරණ ප‍්‍රතිඵල නිකුත්වීමත් සමඟම රනිල් වික‍්‍රමසිංහ අගමැති තනතුරේ දිවුරුම් දෙන විට පක්ෂ තත්ත්වය අනුව ඔහුගේ පක්ෂය වූ එ.ජා.ප.යට තිබුණේ සුළුතර ආසන සංඛ්‍යාවකි. එසේ වුවද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග ඇතිකරගත් සම්මුතියක් යටතේ එ.ජා.පයෙන් හා ශ‍්‍රී.ලං.නි.ප. යෙන් සමන්විත නව කැබිනට් මණ්ඩලයක් පත්කරමින් දින 100 ක ආණ්ඩුවක් පිහිටුවා ගන්නා ලදි. ප‍්‍රකාශයට පත්කරන ලද න්‍යාය පත‍්‍රයක් නිසාවෙන් එම දින 100 රජය ව්‍යවස්ථා සංශෝධනයක්ද ඇතුළුව බහුතර බලයක් සහිත රජයක් විසින් පමණක් ඉටුකරගත හැකි කාර්්‍යයන් කිහිපයක්ම ඉටු කිරීමට සමත් විය.

ශ‍්‍රී ලංකාවේ 7 වන පාර්ලිමේන්තුව යටතේ වූ එම රජය දින 100 ඉක්මවීමත් සමග 2015 ජුනි මස 26 වෙනි දින මධ්‍යම රාත‍්‍රියේදී ජනාධිපතිවරයා විසින් විසුරුවා හරින ලදි. 2015 සැප්තැම්බර් මස 01 දිනයෙන් ඇරඹිය යුතු බවට ප‍්‍රකාශිත ඊළඟ පාර්ලිමේන්තුව සඳහා 2015 අගෝස්තු 17 වන දින මහා මැතිවරණයක් පවත්වන ලදි.

එම මැතිවරණය පවත්වන ලද්දේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ සියලූම දේශපාලන පක්ෂ වෙන් වෙන් වශයෙන් පක්ෂ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන ජනතාවට ඉදිරිපත් කරමිනි. වෙනත් පක්ෂයක් සමග එකතුවී සම්මුතිවාදීව රජයක් පිහිටුවා ගැනීම සඳහා කිසිම පක්ෂයක් ජන වරමක් ඉල්ලා සිටියේ නැත. තනිව ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන වලට අනුව ජනතාව සිය ඡන්දය පාවිච්චි කළේය. එක් පක්ෂයකටවත් තනිවම ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා ජන වරමක් නොලැබුණි. ඡන්ද ප‍්‍රතිඵල නිකුත් වන විට ඊට කලින් සම්මත කරගන්නා ලද ව්‍යවස්ථා සංශෝධනයට අනුව අවුරුදු 4 ක් ගතවනතෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි බව නීතිගත වී තිබුණි. එම තත්ත්වය යටතේ සම්පූර්ණ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව අනුව සුළුතරයක් වුවද වෙනත් පක්ෂ සමග එකතු වී ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට වැඩිම ආසන සංඛ්‍යාවක් එම මැතිවරණයේදී දිනාගත් තනි පක්ෂය වශයෙන් එ.ජා.ප.යට හැකි විය. මැතිවරණ ප‍්‍රතිඵල අනුව එක් එක් පක්ෂය දිනාගත් ආසන සංඛ්‍යාව මෙසේ විය.

ඡන්ද ප‍්‍රතිඵල නිකුත් වීමෙන් පසුව 21015 අගෝස්තු 20 වන දින රැුස්වූ ශ‍්‍රී.ලං.නි. පක්ෂයේ මධ්‍යම කාරක සභාව එ.ජා.පක්ෂය සමග සම්මුති රජයක් පිහිටුවා ගැනීමටත් විශේෂ කොන්දේසි යටතේ අවුරුදු දෙකක් එම සම්මුතියට යටත්ව ක‍්‍රියා කිරීමටත් එකඟත්වයකට පත්විය.

එහෙත් මෙම එකඟතාවය යටතේ සම්මුතිවාදී රජයට එකතුවීමට එකඟ නොවන ශ‍්‍රී.ලං.නි.ප. යේ මන්ත‍්‍රීන්ද ඇතුලත් එ.ජා.නි. සංධානයෙන් තරඟකල මන්ත‍්‍රීන් 47 දෙනෙක් වෙනම විකල්ප විපක්ෂ කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීමට පටන් ගත්හ.
මෙම මැතිවරණයෙන් පසුව සිදු වූ සඳහන් කළ යුතු තවත් විශේෂ කාරණයක් වන්නේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර පිරිනැමීමේදී මැතිවරණයට ඉදිරිපත්වී තෝරා පත්වීමට තරම් ප‍්‍රමාණවත් ඡන්ද සංඛ්‍යාවක් ලබාගත නොහැකි වූ අපේක්ෂකයින් ජාතික ලැයිස්තුව හරහා තම පක්ෂයේ මන්ත‍්‍රීවරුන් හැටියට පත්කර ගැනීමයි. මෙම ක‍්‍රියාදාමයන් යටතේ පහතින් දැක්වෙන කරුණු උද්ගත වී ඇත

01. ප‍්‍රධාන පක්ෂ දෙක අතර සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ඇතිකරගත් එකඟතාවය පිළිබඳව ඔවුන් තෝරා පත්කර යැවූ ඡන්දදායකයින් දැනුවත්කර නොතිබීම.

02. පක්ෂ දෙක විසින් අවුරුදු දෙකක් ආණ්ඩු බලය රඳවා ගැනීමට ඇතිකර ගන්නා ලද එකඟත්වය තුල පක්ෂ දෙකේ ප‍්‍රතිපත්ති පිළිබඳව සමගි සම්මුතියක් ඇතිකර ගැනීමක් සිදුවූයේද?

03. රජයේ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් සැලසුම් පිළිබඳවත්, ප‍්‍රතිපත්තිමය ස්ථාවරයන් පිළිබඳවත්, කාලවකවානු ඇතුලත් න්‍යාය පත‍්‍රයක් පිළිබඳවත් සම්මුතියක් ඇතිකරගෙන තිබේද?

04. කලින් රාජ්‍ය පාලන කාලයේ වංචා දූෂණ සහ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීම පිළිබඳවත්, ඒවාට දඬුවම් පැමිණවීම පිළිබඳවත් එකඟත්වයක් හා ප‍්‍රතිපත්ති සැලැස්මක් තිබුණේද?
05. කලින් පාලන සමයට සම්බන්ධව සිටියදී සිදුකරන ලද අක‍්‍රමිකතා වංචා හා දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින එහෙත් දැනට වර්තමාන යහපාලන ආණ්ඩුවට සම්බන්ධ වී සිටින අයගේ තත්ත්වය පිළිබඳව එකඟත්වයකට හෝ සම්මුතියකට පත්වී තිබේද?

06. යහපාලන රජයේ පාලන කාලය තුලදී සිදුවන වංචා, දූෂණ, හොරකම්, අක‍්‍රමිකතා සහ පොදු දේපොලවලට අලාභ කිරීම යනාදී කාරණා සම්බන්ධයෙන් චෝදනා එල්ලවන අයට වගකිව යුත්තන්ට එරෙහිව සාධාරණ විනය හා නීති ක‍්‍රියාමාර්ග ගැනීම පිළිබඳව විශේෂ ප‍්‍රතිපත්තිමය එකඟතාවයක් පවතීද?

07. කලින් රජය විසින් දියත්කර තිබූ ඇතැම් සංවර්ධන කටයුතු දේශපාලන හේතුන් පදනම්කරගෙන අත්හිටුවීම වැනි කාරණා නිසා රජයට අත්විඳීමට සිදුවූ පාඩු පිළිබඳව වගකිවයුත්තන් සම්බන්ධයෙන් නිසි විනය ක‍්‍රියාමාර්ග ගැනීමේ එකඟත්වයක් පවතීද?

මෙබඳු කාරණා සම්බන්ධයෙන් එකඟත්වයකට එලඹි තිබේනම් එ්වා ක‍්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් දෙපාර්ශවයම ජනතාවට වගකිවයුතු වන්නේය. එකඟත්වයකට එළඹී නැත්නම් ජනතාව රැුවටීමේ චෝදනාවට දෙපාර්ශවයම වගකිවයුතු වන්නේය. එසේනම් ජනතාවගේ පැත්තෙන් යට දැක්වෙන ආකාරයේ ප‍්‍රශ්න හෝ යෝජනා ඉදිරිපත් වීම සාධාරණ නොවන්නේද?

– නියමිත ඡන්ද ප‍්‍රමාණයක් ලබාගත නොහැකිව පාර්ලිමේන්තුවට තේරී පත්වීමට අසමත් වී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කරගෙන සිටින සියලූම දෙනා ඉවත්කොට ජාතික ලැයිස්තුවෙන් අපේක්ෂිත සුවිශේෂ අවශ්‍යතා සපුරාලන පරිදි පිරිසක් පත්කර ගැනීම.

– ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන යටතේ දැක්වෙන සීමාවන් තුලට අමාත්‍ය මණ්ඩල සාමාජික සංඛ්‍යාව ගෙන ඒම.

– පාර්ලිමේන්තුවේ නියෝජනය වන අවම වශයෙන් මුළු මන්ත‍්‍රී සංඛ්‍යාවෙන් 1% කට නොඅඩු මන්ත‍්‍රීන් ප‍්‍රමාණයක් සහිත සියලුම පක්ෂ නියෝජනය වන ආකාරයේ ජාතික කැබිනට් මණ්ඩලයක් පත් කිරීම.

– අගමැතිවරයා පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් තෝරා ගැනීම.

– විපක්ෂ සංවිධාන සහ විපක්ෂ නායක තනතුරු වසර දෙකක කාලයක් සඳහා අත්හිටුවීම.

– දැනට මන්ත‍්‍රී හා ඇමතිවරු භුක්ති විඳින වරප‍්‍රසාද ඉක්මවන කිසිම නව වරප‍්‍රසාදයක් ඉදිරි වසර 2 තුලදී ලබා නොදීම.

– මෙසේ පිහිටුවා ගනු ලබන ජාතික රජය ආරම්භයේදීම ප‍්‍රමුඛථාවය යටතේ විසඳාගත හැකි ප‍්‍රශ්න තෝරාගෙන එ්වා ජනතාව අතරට ප‍්‍රසිද්ධ කොට වසර දෙක තුලදී විසඳුම් ලබාදිය යුතු අතර එසේ කිරීමට අපොහොසත් වන්නේ නම් දැනට සිටින කිසිවෙක් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වීමට නුසුදුස්සන් වන නව නීතියක් සම්මත කර ගැනීම.

2017 අගෝස්තුවේදී නියම ජාතික රජයක් බිහි වේවා!

රට ජාතිය ගැන සිතා ප‍්‍රතිපත්ති සකස් කෙරෙන යුගයක් උදාවේවා!

Print Friendly, PDF & Email

Latest comment

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.