30 September, 2020

Blog

රනිල් වික්‍රමසිංහ අද ​දින අරලිය ගහ මන්දිරයේ දී කළ විශේෂ ප්‍රකාශය

මේ පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජනතාව ජනවරම ලබාදුන්නේ ජනවාරි මස අට වෙනිදා පැවති ජනාධිපතිවරණයෙන් ආරම්භ කළ විප්ලවය තහවුරු කරමිනුයි. මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂ සහ මන්ත්‍රීවරුන් බහුතරය යහ පාලනය අනුමත කරමින් ආ අය බව කිව යුතුයි. එම නිසා යහ පාලනය වෙනුවෙන් ආරම්භ කළ මේ ගමන කිසිසේත් යළි හැරවිය නොහැකියි.

ඒ අනුව ඊළඟ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මම ඒ සියලූ වගකීම් සහ වැඩ කටයුතු භාර ගෙන ක්‍රියා කරනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසී මේ කරුණු කාරණා සම්බන්ධයෙන් මම දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ අතර එතුමා සමග අප මේ යහ පාලනය ඉදිරියට ගෙන යන්න ඇප කැප වනවා.

Ranilමේ මහ මැතිවරණයට අප ඉදිරිපත් වූයේ සම්මුති වාදයක් ඇති කර ගෙන ඒ ඔස්සේ ඉදිරියට ගමන් කිරීමටයි. රටත්, ජනතාවත් මුහුණ දී සිටින ප්‍රශ්න දෙස පුළුල් ලෙස අවධානය යොමු කර ඒ සියලූ ප්‍රශ්න විසදීම සදහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පාර්ශවයන් එකට ඒකරාශි කර ගැනීම අපේ මූලිකම අරමුණ වුණා. ඒ මූලික අරමුණෙන් කිසිසේත් ඉවත් නොවන අප ඒ අරමුණ ඉටු කර ගැනීම සදහා ඇප කැප වී වැඩ කටයුතු කරනවා.

ඒ අනුව සම්මුති වාදයෙන් ඉදිරියට ගමන් කරමින් ඒ ජාතික කාර්ය භාරය ඉටුකිරීම සදහා අප සමග එකට ඒකරාශී වන්නැයි පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්‍ෂවලට මම මේ අවස්ථාවේදී ආරාධනා කර සිටිනවා. මේ ජාතික කාර්යභාරය ඉටු කිරිම සදහා පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒ ඒ දේශපාලන පක්‍ෂවලට ආණ්ඩුවට බැදී ඒ ඒ තනතුරු ලබා ගෙන ක්‍රියා කිරිමට හෝ පාර්ලිමේන්තුවේ අලූතින් අප ඇති කරන තනතුරු ලබා ගෙන ක්‍රියා කිරිමට අවස්ථාව තිබෙනවා. මේ විකල්ප දෙකෙන් එකක් තෝරා ගෙන අප සියලූ පාර්ශවයන් එකට එක්වී මේ ගමන ඉදිරියට යා යුතු යැයි මම යෝජනා කරනවා.

මේ වැඩ කටයුතු සදහා පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ලබා ගැනීමට අප ක්‍රියා කරන අතර ඇමති මණ්ඩලය, නියෝජ්‍ය ඇමතිවරුන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇති කළ ඒ ඒ තනතුරුවලට අමතරව පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභා ඇති කිරීමට ද අප පියවර ගන්නවා.

එමෙන්ම ඒ ඒ දිස්ත්‍රික් සංවර්ධනය කිරීම සදහා දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ මණ්ඩලවල සභාපතිවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පත් කරන අතර පොකුරු ගම්මාන වෙනුවෙන් දේශපාලකයින් නොමැති ග්‍රාම රාජ්‍ය කමිටු පත් කිරීමට ද අප කටයුතු කරනවා. එපමණක් නොව සිවිල් සංවිධාන අංශයෙන් උපදෙස් ලබාගත හැකි වන අයුරින් උපදේශක සභාවක් ඇති කිරීම කෙරෙහි ද අපේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා.

මට අවශ්‍ය වී තිබෙන්නේ අපේ සර්වාගමික නායකයින් ඇතුලූ සියලූ පාර්ශවයන් මේ ජාතික කාර්යභාරය වෙනුවෙන් එකට ඒකරාශී කර ගැනීමටයි. ඒ අනුව ක්‍රියා කරමින් පරණ දේශපාලනය පසෙක තබා මේ රටත්, ජනතාවත් මුහුණ දී සිටින මූලික ප්‍රශ්න පිළිබදව අවධානය යොමු කර පොදු එකගතාවයකට පැමිණ ඒ ප්‍රශ්න සදහා අවුරුදු පහක් හෝ දෙකක් ඇතුළත දී විසඳුම් ලබා දීමට අපි ක්‍රියා කරමු.

මේ වැඩ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සදහා ජනතාවගෙන් අප වරමක් ඉල්ලා සිටි අතර ඒ සැලැස්ම පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කර ඒ ඔස්සේ ජාතික එකගත්වයකින් යුතු ප්‍රතිපත්ති රාමුවක් නිර්මාණය කිරීමට අප පියවර ගන්නවා.

අග්‍රාමාත්‍යවරයා ලෙස මම දිවුරුම් දුන්නාට පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් සමග එකට එකතු වී අනෙකුත් දේශපාලන පක්‍ෂ සමග ද සාකච්ඡා කර සම්මුති වාදයකින් යුතුව මේ රට ඉදිරියට ගෙන යනවා.

මේ යහ පාලනය අනුමත කරන්නැයි පාර්ලිමේන්තුවෙන් අප ඉල්ලා සිටින අතර ඒ යහ පාලනය සම්මත කරමින් සම්මුති වාදය ඔස්සේ ඊට එක්වන්නැයි ද සියලූ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ ක්‍රියාවලියෙන් සහ ස්ථාවරයෙන් ඈත් වීමට කිසිවකුට හැකියාවක් ඇත්තේ නැහැ. යමෙක් මේ මාර්ගයෙන් එසේ ඈත් වනවා කියන්නේ ජනතාවට විරුද්ධ වීමක් බව කිව යුතුයි.

ජනතාවට අවශ්‍ය වී තිබෙන්නේ ඒ අයගේ ප්‍රශ්න විසදා ගැනීමට වන අතර ඉතාම සාමකාමී සාධාරණ සහ අපක්‍ෂපාති මැතිවරණයක් පැවැත්වීමට ද අපට හැකි වුණා. මේ වාතාවරණය සමාජයේ තාවකාලිකව නොව සදාකාලිකවම තිබිය යුතු බව අපේ ස්ථාවරයයි.

එසේ නම් මේ මාර්ගයේ ඉදිරියට ගමන් කරමින් තරුණ, තරුණියන් ඇතුලූ සමස්ථ ජනතාවගේ ප්‍රශ්න විසදිය හැකි පාලනයක් අප මේ රටේ ඇති කළ යුතුයි. එසේ ක්‍රියා කරමින් මේ රටේ පක්‍ෂ දේශපාලනය අලූතින් ගොඩ නැගීමට අප ක්‍රියා කළ යුතුව තිබෙනවා.

*එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා 2015-08-19 වන දින අරලිය ගහ මන්දිරයේ දී කළ විශේෂ ප්‍රකාශය.

Print Friendly, PDF & Email

Latest comment

  • 1
    0

    This is what I saw from elsewhere , I just wanted to share with you.

    මම බොහොම කිච උනා – මගේ සිහි විකල් උනා
    කෑ ගහගෙන ආ විමලෙට මාව අහු උනා ….//

    මම තුන්වෙනි වරට.. ගියා ජනපති වෙන්ට
    මට ආපහු යන්න.. ලැබුනේ මුලනේ ගෙදරට
    මම වැදිලා ගෙදරට.. ඡන්දය එපා වී මට
    බණ බාවනා කොට.. පාඩුවේ ඉන්න යනකොට

    ශබ්දයක් ඇසිල මං.. ආපහු බලන එකලට
    ගම්පිලයෙක් ඇගට… පැන්නනෙ බය්යො රැස්කොට
    මම හැරිලා පස්සට… ආපසු ගෙට යන කලට
    බන්ධුලයෙක් කොටට.. හිටියනේ පාරේ හරහට
    මම බොහොම කිච උනා – මගේ සිහි විකල් උනා….

    අපෙ විමලෙ එතකොට… එනවා පෙනුනා දුර සිට
    කොටියෙක් වඩාගෙන… රට බෙදනෝ කියාගෙන
    මම ළගට ගිය විට… ඌ සට කපටියා ලෙසට
    කිව්වා මෙමාට.. ඉල්ලමු අගමැතිකමට

    ඔයා පන්සල් යන්න… ලක්ෂණ බයිලා කියන්න
    හොද ආතල් දෙන්නන… කියලා කිව්වා මෙමාට
    මම බයිලා කියනවා… ලක්ෂණ පචත් කෙලිනවා
    තාලෙට විමලෙ නටනවා… මට ප්රෙෂර් නගිනවා

    මම කිව්වා විමලෙට… පන්සලේ එපා නටන්ට
    අපි යමුකො ඡන්දෙට… ගියා ඇතුගල්පුරට
    මම බයිලා කියනවා… ලක්ෂණ පචත් කෙලිනවා
    මට මෙහෙම පේනවා… අප්පච්චිට කෙල වෙනවා

    මම බොහොම කිච උනා – මගේ සිහි විකල් උනා….

    මුලනෙ එපා සැලෙන්න.. මම දෙන්නම් සැරට
    අපෙ බය්යො එතකොට… දේවී ඡන්ද පැලෙන්ට
    විමා එහෙම කිව්වම.. මම ඇන්ඳා රජාට
    හූ කියාගෙන… නැවතත් බැස්සා ඡන්දෙට

    විමා දෙසනවා හොදට… බය්යො ගැහෙනවා බයට
    කොටියගෙ දත් දෙකක් දිගයි ඇස් දෙක ගිනිගොඩක් වගෙයි
    මම පැන්නා එතනට… මයික් එක ගත්තා දෑතට
    දුන්නා කොටියට… ඊලමෙ කෑලී හැලෙන්ට

    මේ පිස්සුව දැකලා… අර ටොයියො නැගිටලා
    ආයේ පරාදකරලා… බැස්සුවා ගෙදර ඇරලලා
    මේ විස්තරෙ අහලා… සිරිලියට තදවෙලා
    මට වලියක් ඇදලා… සාටකේ ඉරුවා ඔරවලා

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.