6 May, 2021

Blog

වන අලියකු හානි කළ ආරණ්‍ය සේනාසනයට අහිංසා ශ්‍රී ලංකා සංචාරයක්!

සහන් සංකල්ප සිල්වා –

සහන් සංකල්ප සිල්වා

වයඹ පලාතේ අති දුෂ්කර ගම්මානයක් වන ගිරිබාව, කොක්මඩුවේ, අධිකාරීගම ගල්ලෙන් පොකුණ ආරණ්‍යයට පසුගිය මාර්තු 16 දා අළුයම 1.30 පමණ කඩා වැදුණු වන අලියෙකු එම ආරණ්‍යයේ මැටි බිත්ති සහිත දාන ශාලාවට හානි කරමින් කඩා වැදී එහි තිබූ සීනි, කෙසෙල් ගෙඩි සහ විස්කෝතු සියල්ල කා දමා පිඟන් බඩු පෙට්ටිය බිඳ දමා යාමේ සිද්ධියක් මුල් කොට එම ආරණ්‍ය සේනාසනය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලද මූලික විමර්ශනයකින් පසු එම ආරණ්‍ය සේනාසනය සහ ගම් වැසියන් උදෙසා කිනම් හෝ සත් මෙහෙවරක් කිරීමේ අරමුණින් 2021 අප්‍රියෙල් 26 බදාදාට යෙදෙන බක් පුණු පෝදා පෙ.. 9.00  අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් හා සුබසාධක සංවිධානයේ අධ්‍යක්ෂ මෙහෙයුම් වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ, අධ්‍යක්ෂඤමහජන සෞඛ්‍ය කටයුතු විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, අධ්‍යක්ෂ. සම්බන්ධීකරණ හා ව්‍යාප්ති තිලක් සේනාසිංහ යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් එම ආරණ්‍ය සේනාසනය වෙත යාමට නියමිතය. එහිදී ආරණ්‍යයේ වැඩ වෙසෙන පූජ්‍ය ධම්ම නිවාස හිමියන්ට සහ පුන් පෝදා ශීල සමාදානයේ යෙදෙන උවසු උවැසියන් හට දහවල් දානය පිරිනමා එදිනට එහි රැස්වන කොක්මඩුව ග්‍රාම නිලධාරී වසමේ සියයකට ආසන්න ගැමියන් හට දිවා ආහාරය සපයා දීමට අපේක්ෂිතය.පසුගිය මාර්තු 16 දා අළුයම 1.30 පමණ එම ආරණ්‍යයට කඩා වැදුණු වන අලියෙකු එහි මැටි බිත්ති සහිත දාන ශාලාවට හානි කරමින් කඩා වැදී එහි තිබූ සීනි, කෙසෙල් ගෙඩි සහ විස්කෝතු සියල්ල කා දමා පිඟන් බඩු පෙට්ටිය බිඳ දමා යාමේ සිද්ධියක් පිළිබඳව මුලින්ම වාර්තා වූයේ  විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා වෙත . පසුව එම පුවත තිලක් සේනාසිංහ මහතා වෙත දන්වන ලදී.

අමුණුගම ධම්ම නිවාස නම් අසූ වියැති එක් භික්ෂුන් වහන්සේ නමක් පමණක් ඉතා කටුක, දුෂ්කර තත්වයන් යටතේ එහි වැඩ වාසය කරන අතර උන්වහන්සේ හට දාන මාන ආදී ප්‍රත්‍ය පහසුකම්වත් නිසි ලෙස ලැබෙන බව එහිදී අනාවරණය විය.එබැවින්, එම සිද්ධිය පිළිබඳව වැඩිදුර කරුණු විමසා බලන ලෙස ගිරිබාව අධ්‍යාපන කොට්ඨාශයේ චිත්‍ර කර්ම ගුරු උපදේශක  රත්නායක ජයලත්ගේ මහතා වෙත දන්වනු ලදුව ඔහු විසින් එම ප්‍රදේශය ආශ්‍රිත විශේෂ විමර්ශනයක් කරන ලදී. ගල්ගමුව, ගිරිබාව ඇතුළු ශ්‍රී ලංකාවේ සමස්ත වයඹ පළාතේම මිනිස් අලි ගැටුම මින් පෙර කිසි දිනෙක වාර්තා නොවූ ලෙස උග්‍ර වී ඇතත් මෙම සිදු වීම මුල් කොට අහිංසා ශ්‍රී ලංකා හි අවධානයට යොමු වන ලද්දේ 27 දරන කොක්මඩුව ග්‍රාම නිලධාරී වසමේ අධිකාරීගම නම් ප්‍රදේශයයි. එහිදී තමන් වහන්සේ වෙත ප්‍රමාණවත් ලෙස දාන මානාදිය නොලැබෙන අතර එවන් අවස්ථාවල තමන් වහන්සේ විස්කෝතුවක් වළඳා කහට උගුරක් බී දවස ගත කරන බව උන්වහන්සේ රත්නායක ජයලත්ගේ මහතා හමුවේ පවසා ඇත. උන් වහන්සේ මෙම වන අලි අකරතැබ්බට මුහුණ පා ඇත්තේ එවන් පසුබිමක් යටතේ . එහෙත් කුසගින්න ආදී ජීවත් වීම සම්බන්ධ මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ දී මිනිසුන් මෙන් විචාරාත්මකව සහ සදාචාරාත්මකව සිතීමේ හැකියාවක් තිරිසනුන්ට සොබා දහමින්ම උරුම වී නොමැති අතර එසේ ආරණ්‍යයට කඩා වැදී කුස පුරවා ගත් වන අලියා තුළ ඉන් අපට සිදුවන හානිය හා පාඩුව පිළිබඳ කිසිදු හැඟීමක්, දැනීමක් නොතිබීම මත ඔහු සඳහා වරද කරුවකු නොවන බව පවසා ඇති උන්වහන්සේ වැඩිදුරටත් පවසා ඇත්තේ ප්‍රහාරය ගැන වග විභාග කිරීමට පෙර පෙර අප තිරිසන් සතුන් ගේ ස්වභාවය වටහා ගත යුතු බවකි.

ඉන්පසු එම වන අලි සංසිද්ධිය මුල් කොට විධිමත් ස්ථානීය විමර්ශනයක් කිරීම පිණිස තිලක් සේනාසිංහ මහතා සම්බන්ධයෙන් සිදු කරන ලද පූර්ව දැනුම් දීමකට අනුව 2021 අප්‍රියෙල් 05 දා පෙරවරු නවයට ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ප්‍රාදේශීය ලේකම් නුවන් තිලකරත්න මහතා හමු වී ඇත.එම හමුවීම සඳහා ප්‍රාදේශීය ලේකම් වරයා විසින් අදාල ප්‍රදේශයට අයත් අංක 27 දරන කොක්මඩුව වසමේ ග්‍රාම නිලධාරී ඩී. එම්. කේ. දේවිකා දිසානායක මහත්මිය කැඳවා තිබේ. ප්‍රාදේශීය ලේකම් වරයා සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව තිලක් සේනාසිංහ මහතා ග්‍රාම නිලධාරී වරිය සමඟ අධිකාරීගම බලා පිටත් විය යුතු තිබූ අතර අතර සඳහා ඔහු ගමන් පහසුව සපයාගෙන ඇත්තේ රත්නායක ජයලත්ගේ මහතාගේ මෝටර් සයිකලයෙනි.අධිකාරීගම ඇතැම් කොටස් සඳහා මාර්ග පහසුකම් නොමැති වීම ඊට හේතු වී තිබේ. එහෙත්, මොහොතේ අධිකාරීගමට යන මංපෙත ආශ්‍රිතව වන අලි රංචුවක් සැරිසරන බවත් හේතුවෙන් එදින උදේ එම ප්‍රදේශයට ගිය පාන්, බනිස් අලෙවි රථයට පවා ආපසු හැරී ඒමට සිදු වූ බවත් මොහොතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි කොක්මඩුව ගම්වාසීන් විසින් ග්‍රාම නිලධාරී වරියට දැනුම් දෙන ලදී. මුළුමනින්ම කෘෂිකාර්මික කලාප වශයෙන් හැඳින්වෙන එම ගම්මාන වලට පවා බේකරි නිෂ්පාදන පිවිසීමෙන් එම ප්‍රදේශ වල කෘෂිකාර්මික සශ්‍රීකත්වය අපට වටහා ගත හැක.

මෙම වන අලි තර්ජනය නිසා ඇය සිය මෝටර් සයිකලයෙනුත් තිලක් සේනාසිංහ මහතා රත්නායක මහතාත සමඟ ඔහුගේ මෝටර් සයිකලයෙනුත් යන එම ගමන පමා කරන්නට ඔවුනට සිදු වී තිබේ.අධිකාරීගමට ගිය ග්‍රාම නිලධාරීවරියගේ දැනුම් දීම මත ප්‍රදේශවාසීන් කිහිප දෙනෙක් එහි පැමිණ තිබේ. ධම්ම නිවාස හිමියන්ගේ කන් ඇසීම දුර්වල .එහෙත්, උන්වහන්සේ ගේ බුද්ධි මට්ටම සහ මතක ශක්තිය තවමත් ප්‍රශස්ථ තත්වයක පවතින බව තිලක් සේනාසිංහ මහතා වාර්තා කොට ඇත. සිව් පසය ඉල්ලා දායකයන්ට බලපෑම් කිරීම භික්ෂු විනයට පටහැනි බවත් කියා ඇති උන් වහන්සේ බුදුන් වහන්සේ අනුදැන වදාළ අන්දමට එවැනි අවස්ථාවල භික්ෂුව පිණ්ඩපාතයෙන් දානය සකසා ගත යුතු බවත්, අමු සොහොන් වලින් සපයා ගන්නා වස්ත්‍ර මඟින් සිවුරු සකසා ගත යුතු බවත් පවසා ඇත්තේ භික්ෂු විනයට ඉඳුරාම එකඟ පරිද්දෙනි. තමන් වහන්සේ කලින් වැඩ සිටි ආරණ්‍යය වලදී එසේ පිණ්ඩපාතයෙන් යැපුණු මුත් මෙම ප්‍රදේශයේ ගැමියන් ගේ දිළිඳු බව, වන අලි ගම් වැදීම, තමන් වහන්සේ තුළ පවත්නා දෙපාවල කෙණ්ඩා පෙරළීම, කොන්දේ වේදනාව, කන් නොඇසීම වැනි රෝග තත්වයන් හමුවේ එලෙස පිණ්ඩපාතේ යාම කළ නොහැකි බව උන්වහන්සේ කියා ඇත. අනුව උන්වහන්සේට නිසිලෙස ශරීර පෝෂණයට ඉවහල් වන දාන වේලක්වත් දිනපතා නොලැබෙන බව පෙනෙයි.

ගල්ලෙන් පොකුණ ආරණ්‍ය සේනාසනය කේන්ද්‍ර ගත වූ අධිකාරීගම පෞරාණික මානව ජනාවාසයක් බව එම ප්‍රදේශයේ ඇති ද්විතීයික වනාන්තර සහ උප ලැහැබ් ලක්ෂණ වලින් තහවුරු වෙයි. එමෙන්ම ගිරිබාව ප්‍රදේශය කේන්ද්‍ර කොට ගත් අනුරාධපුර යුගයට අයත් බව සැලකෙන බෞද්ධ පුරා විද්‍යාත්මක ස්මාරක මෙම ප්‍රදේශයේ තිබේ. මෙතෙක් තහවුරු නොකළ නටබුන් හා කටාරම් කෙටූ ගල්ලෙන් සහිත ගල්ලෙන් පොකුණ එවැනි ස්ථානයකි. අඳුරු ගල්ලෙනක් තුළ ඇති ඉර හඳ නොදුටු පොකුණක් සේ ගම්මුන් සලකන එම ස්ථානය හා සබැඳි ගුප්ත ජන විශ්වාස තිබේ. පවුල් තිස් හතරකින් යුතු අධිකාරිගම ප්‍රදේශයේ මුලු ජනගහනය එකසිය හතලිස් පහකි. ඉන් එක් කාන්තාවක දෙමළ හින්දු වන අතර පවුල් විසි නවයක් සිංහල බෞද්ධය. එහි පවුල් පහක් සිංහල කිතුනුවන් වන අතර එක් කිතුනු නිකායකින් මෙම ගම්මානයේ නව නිවාස හතළිහක් ඉදි කර තිබේ.  පැරණි වැඩවසම් සමාජ ආකල්ප මත පදනම් බාහිර සමාජයෙන් එල්ල වන කුල පීඩනය නිසා 1970 දශකයේ දී රාමඤ්ඤ නිකායික භික්ෂුන් වහන්සේ නමක වැඩ හිඳුවාගනිමින් මෙම ආරණ්‍ය සේනාසනය ආරම්භ කොට ඇත. ඉන් පසු විවිධ වකවානුවලදී මෙහි භික්ෂුන් වහන්සේලා වැඩ සිටි  අතර පසුව මෙහි දී අත් විඳින්නට සිදුවන අනේක විධ දුෂ්කරතා හේතුවෙන් උන්වහන්සේලා මෙම ආරණ්‍යය හැර ගොස් තිබේ. ධම්ම නිවාස හිමියන් මෙහි වැඩ වාසය කිරීම අරඹා දැනට මාස හතකි. නමුදු උන්වහන්සේට අන් ස්ථානයකදී මීට වඩා යහපත් දිවි පෙවෙතක් ගත කළ හැකි බව පෙනේ.

මෙම ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැන බව පැවසෙයි. අතුරින් බඩ ඉරිඟු, රටකජු, කව්පි, මුං ආදිය ප්‍රධාන තැනක් ගන්නා බව කියනු ලැබේ.එහෙත්, එම ගම්මානයේ ජනතාවගේ ජීවනෝපායට සරිලන අන්දමින් ඉකුත් මාස කන්නයේ සිදු කළ හෝ මෙම ඉදිරි යල කන්නයේ සිදු කිරීමට අපේක්ෂිත එබඳු වගා බිම් ප්‍රමාණයක්  දක්නට නැතැයි පැවසෙයි. මෙම ගම්මානයේ රාජ්‍ය, අර්ධ රාජ්‍ය,පෞද්ගලික ව්‍යවසායකත්වයන් යටතේ සේවා නියුක්තියෙහි යෙදෙනුයේ එක පුද්ගලයකු පමණි.වාරිකර්මාන්ත සඳහා විධිමත් ජල යෝජනා ක්‍රම නොමැති වීම මත නියඟය හමුවේ නිරතුරුව සිදුවන වගා පාළුවත්, නිතර ගම් වදින වන අලින් ගෙන් වගා බේරාගත නොහැකි වීමත් මත අද වන විට ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපායිකුලීවැඩනමින් හඳුන්වා ගන්නා අනියම් තාවකාලික කම්කරු රැකියාවන් බව පෙනේ.

එමෙන්ම මෙම ඡන්ද හිමි නාම ලේඛනවලට අනුව මෙම ප්‍රදේශයේ ඇතැම් ගැමියන් ගේ නම් රංකිරා, කව්වා, චූටා,පුල්හිරියා ආදී වශයෙන් වන අතර දැනට ව්‍යවහාරයෙන් බැහැරව පවතින ගැමි ව්‍යවහාරයේ එන නම් උප්පැන්න සහතික වලට පවා ඇතුලත් වීමෙන්ම පොදු ශ්‍රී ලාංකික ජන සමාජයට සාපේක්ෂව මෙම සමාජය තුළ පවත්නා ප්‍රාථමික සමාජ ලක්ෂණ පෙන්නුම් කරයි. අද එවන් තත්වයක් යටතේ අප සමාජයේ මධ්‍යම පාන්තිකයන් විසින් සිදු කරනු ලබන ශාසනික, ආගමික කටයුතු කිරීම මෙම ගම්වාසීන්ට සිහිනයකින් වත් කළ නොහැක. මෑතක් වන තුරු මෙම ගම් ප්‍රදේශය ආශ්‍රිතව පැවති වෘක්ෂ වන්දනාව වැනි ජීවාත්මවාදී ප්‍රාථමික ආගමික ලක්ෂණ මුල් කොට මෙම ප්‍රදේශය කේන්ද්‍රගත කොට මානව විද්‍යාත්මක විමර්ශණයක් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරයන්ගේ අවධානය යොමුව තිබේ.මෙය එම ගැමි ජීවිත කෙරෙහි සාධනීය ලෙස බලපානු ඇත.මීට අමතරව අනේක විධ සමාජ, ආර්ථික පසුබෑම් මත කායිකව මානසිකව බිඳ වැටී සිටින ජනතාව සම්බන්ධයෙන් සාධනීය බලපෑමක් එල්ල කරන කරුණක් වනු ඇත. එමෙන්ම ගල්ලෙන් පොකුණ ආරණ්‍යයේ වැඩ වෙසෙන පූජ්‍ය අමුණුගම ධම්ම නිවාස හිමියන් සහ අධිකාරීගම ගැමියන් වෙනුවෙන් තිරසාර යහපතක් උදා කෙරෙන මධ්‍ය කාලීන සහ දිගු කාලීන උපාය මාර්ග කෙරෙහි අවධානය යොමු කිරීමටත් එම හිමියන් සහ ගම්වැසියන් උදෙසා ආහාර පාන වල සිට කෙටි කාලීනව සපුරාලිය හැකි අවශ්‍යතා හැකි ප්‍රමාණයෙන් සපුරාලීමටත් මෙම චාරිකාවේ දී අපේක්ෂා කෙරෙයි. මෙම වැඩසටහන කොක්මඩුව ග්‍රාම නිලධාරී ඩී. එම්. කේ. දේවිකා දිසානායක මහත්මිය සහ ගිරිබාව කොට්ඨාශයේ ගුරු උපදේශක (චිත්‍ර කලා) රත්නායක අලුත්ගේ යන මහත්ම මහත්මීන් විසින් සංවිධානය කරනු ඇත.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    තම දෙමව්පියන් වෙනුවෙන් ස්මාරක ඉදිකිරීම සඳහා දිවා කාලයේ කොල්ලකන ලද අපරාධකරුවන්ට මෙම ජාතියේ සැබෑ හොඳ නායකයින් බවට පත්විය හැකි යැයි මිනිසුන් සිතන්නේ කෙසේද? එක්කෝ මිනිසුන් සුව කළ නොහැකි ව්යාධිජනක විය යුතුය, නැතහොත් ඔවුන් නොසැලකිලිමත් ලෙස ජීවත් විය යුතුය. ….. මේ ජාතිය දැන් ඔවුන්ගේ බෙල්ල කපා දමා ඇත. තමන් ජාතියේ ගැළවුම්කරුවන් වනු ඇතැයි සිතූ අය, බලය අල්ලාගෙන මාස 15 ක් ගත නොවී රට විනාශ කර දමා ඇත. මෙම උපත ලැබූ අපරාධකරුවන්ට ද punish ුවම් කර මේ ජාතිය වඩා හොඳ අනාගතයක් අත්හරින දෙවියන් නොවේද? ගෝතබයා බැල්ලිගෙ පුතා දැන් ඔප්පු කර ඇත, ඔහු ග්‍රාමසේවකටවත් සුදුසු නැත. ඔහුගේ පැතිකඩ විය හැක්කේ ඔහුගේ ඔප්පු කළ හැකි සුදුසුකම් අනුව යන මස් කඩකට හෝ u ාතකාගාරයකට පමණි. අද රට අවුල්සහගත තත්වයකට පත්ව ඇත … බැල්ලිගෙ පුතුන් නායකයන් වශයෙන් ඔවුන්ගේ වරප්‍රසාද භුක්ති විඳින අතර, සැබවින්ම අවශ්‍යතා ඇති ජනතාව අසරණ වේ. අතීතයේ කිසිදු කාලයකදී මිනිසුන්ගේ කනස්සල්ල on ාතීය ලෙස වර්ධනය වේ.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.