26 April, 2024

Blog

සයිටම්: අහිංසක ලෙඩුන්ට දුක් දෙන්න එපා

ණය බරින් මිරිකුණු ආර්ථිකය, සෘජු විදේශ ආයෝජනවල හිඟ කම සහ ඉහළ යන ජීවන වියදම වැනි අංශවල අර්බුදයක් එක දිගට පවතින්නේ වී මුත්, ජාතික ආණ්ඩුව බොහෝ දුරට ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් ස්ථාපිත කරමින් සිටින්නේය. ප‍්‍රජා විඥානයක් සහිත පුරවැසියන්, ස්වකීය අයිතීන් යනු ස්වකීය වගකීම් සමග බැඳී පවතින කාරණයක්ය යන සදාචාර නියමය දත යුත්තේය. අපේ අයිතීන් අපට ඉල්ලා සිටිය හැක්කේ හෝ ඒ වෙනුවෙන් අපට සටන් කළ හැක්කේ, අපි අපේ වගකීම් ඉටු කරන තරමට බව සිහි තබා ගැනීම වැදගත් ය. අනිත් අතට, අපි අපේ වගකීම් මගහරින තරමට, අපි අපේ අයිතීන් සම්බන්ධයෙන් ඇති අයිතියද අත්හරින බව දත යුතුය.

අහිංසක සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කරන වැඩ වර්ජන, පෙළපාලි සහ අකුරට වැඩ කිරීමේ ව්‍යාපාර දිනෙන් දින වැඩි වීමේ තත්වයක් තුළ මේ කාරණය මුඛ්‍ය වැදගත්කමක් උසුළයි. ආසියාවේ වඩාත් බලගතු වෘත්තීය සමිතිවලින් එකක් යැයි ආඩම්බරයෙන් කියා ගන්නා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, කල්තියා දැනුම් නොදුන් වැඩ වර්ජනයක් ඊයේ (3) බස්නාහිර පළාතේ ක‍්‍රියාත්මක කිරීම උදාහරණයට ගත හැකිය. මේ වැඩ වර්ජනය ඔවුන් දියත් කෙළේ, මාලබේ සයිටම් විද්‍යායතනයේ උපාධිධාරීන්ට වෛද්‍ය උපාධි පිරිනැමීමට එරෙහිව නැගීගෙන එන ව්‍යාපාරයක එක් අංගයක් වශයෙනි. මේ දඩබ්බර වැඩ වර්ජනය නිසා, දහස් ගණන් රෝගීහූ, විශේෂයෙන් දුප්පත් රෝගීහූ අසරණ වූහ. රස්තියාදු වූහ. කොළඹ දකුණ කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර සඳහා පැමිණි රෝගියෙක් කී ආකාරයට, ඊයේ ඔහුගේ සායනික දිනය වූ නිසා තකහනියක් බ්‍ර​හස්පතින්දා රාත්‍රී ගෙවාගෙන ඇඹිලිපිටියේ සිට කොළඹ පැමිණ සිටියත් මේ වැඩ වර්ජනය හේතුවෙන් ඔහුට ප‍්‍රතිකාර නොලැබී ගොස් තිබේ.

සයිටම් ප‍්‍රශ්නයට පෞද්ගලිකව මැදිහත් වූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, බලධාරීන්, සයිටම් ශිෂ්‍යයන් සහ ඔවුන්ගේ පවුල් ඇතුළු සියලූ පාර්ශ්ව සමග කතාබහ කොට, සැමට සාධාරණ විසඳුමක් ලබා දෙන බවට පොරොන්දු විය. එහෙත්, බොහෝ විට පක්ෂ දේශපාලන න්‍යාය පත‍්‍රයක් මත වැඩ කරති යි චෝදනාවට ලක්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, එකී සාධාරණ විසඳුම ලැබෙන තෙක් තමන්ට ඉවසීමක් නැති බව පෙන්වා තිබේ. ඊයේ දහස් ගණන් දිළිඳු රෝගීන්ගේ දුක වේදනාව ඔවුන් තවත් වැඩි කෙළේ එබැවිනි. සයිටම් ප‍්‍රශ්නය 2008 වසරේ සිට පැවත එන අර්බුදයක් වුවත්, මෙම වෛදවරුන්ගේ සංගමය ඊට එරෙහිව ගිය වසරේ සිට පටන්ගෙන ඇති විරෝධතාව තුළ මේ හැසිරීම දිගටම ප‍්‍රදර්ශනය කොට තිබේ.

වෙදකම හෙවත් සුවපත් කිරීම වූ කලී, එහි අත්‍යුත්තම අර්ථයෙන් ගත් විට, රෝගීන්ගේ යහපතට ප‍්‍රමුඛ ස්ථානය දෙන වෘත්තියකි. වෛද්‍යවරයෙකු වශයෙන් සේවයට අනුයුක්ත වීමේදී දෙනු ලබන ‘හිපොක‍්‍රටික් දිව්රුම’ ගැන දැනුමක් හෝ ඒ කෙරෙහි කැප වීමක්, ඊයේ හිටිහැටියේ වැඩ වැරූ වෛද්‍යවරුන්ට තිබිණි ද යන ප‍්‍රශ්නය බොහෝ දෙනා මතු කරති. ඒ දිව්රුමේ එක් කොටසක්, යම් හෙයකින් මේ වන විට ඔවුන්ට එම ප‍්‍රතිඥාව අමතකව ඇතොත්, ඔවුන්ගේ දැන ගැනීම සඳහා මෙහි සඳහන් කිරීම වටනේය: ‘‘මේ පොරොන්දුව, මගේ උපරිම හැකියාව සහ විනිශ්චය ප‍්‍රකාරව ඉෂ්ට සිද්ධ කිරීමට මම ප‍්‍රතිඥා දෙමි: අතීතයේ මහත් අසීරුවෙන් යුතුව විද්‍යාත්මක ජයග‍්‍රහණයන් අත්පත් කරගෙන ඇති වෛද්‍යවරුන්ගේ අඩිපාරේ යන මම, ඔවුන්ගේ ඒ ජයග‍්‍රහණයන්ට ගරු කරමි. ඒ දැනුම, මගෙන් පසුව එන්නන් සමග ආශාවෙන් බෙදාහදා ගමි. මගෙන් බලාපොරොත්තු වන සෑම දෙයක්ම, රෝගීන්ගේ යහපත උදෙසා පාවිච්චි කරන බවටත්, අධි-ප‍්‍රතිකාරය සහ චිකිත්සීය නාස්තිකවාදය යන ද්විත්ව උගුලට හසු නොවන බවටත් ප‍්‍රතිඥා දෙමි. වෙදකමට, විද්‍යාව සේම කලාවද අදාළ බව මතක තබාගන්නා අතරේම, හෘදයාංගම භාවය, අනුවේදනය සහ අවබෝධය, ශල්‍ය වෛද්‍යවරයෙකුගේ පිහියට හෝ ඖෂධවේදියෙකුගේ බෙහෙතකට වඩා බලසම්පන්න බවත් මතක තබා ගමි…’’

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ ප‍්‍රතිඥාව නිතිපතා කඩමින් වැරදි ආදර්ශයක් සපයද්දී, විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ ද, පාසල් සිසුන් ඇතුළු දහස් ගණන් ජනතාව පීඩාවට පත්කරමින්, මාර්ග තදබදය බහුල අවස්ථාවල මහා මාර්ගවල විරෝධතා දක්වති. දහස් ගණන් වන අහිංසක ජනතාව මෙසේ ගැහැටට පත් කිරීමට එරෙහිව ප‍්‍රජා අයිතිවාසිකම් පිළිබඳ ක‍්‍රියාධරයන් ද සිය අප‍්‍රසාදය පළ කොට ඇති තත්වයක් තුළ, නගරයේ තදබද මහා මාර්ගවල පෙළපාලි පැවැත්වීම සම්බන්ධයෙන් යම් වාරණයක් තිබිය යුතු බව සඳහන් කළ යුතුය.

සම්ප‍්‍රදායක් වශයෙන් බොහෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් වැඩ වර්ජන කිරීමේ අයිතිය පිළිගෙන තිබේ. එහෙත් එවැනි වැඩ වර්ජන ක‍්‍රියා මාර්ගයකට යොමු විය යුත්තේ, අදාළ ඉල්ලීම් දිනා ගැනීමට යොදා ගත හැකි අනෙකුත් මාර්ග අනුගමනය කොට ඒවා අසාර්ථක වීමෙන් පසුව පමණි. ඒවා වනාහී සංවාදය, සම්මුතිය සහ හානිකර නොවන වෙනත් මාර්ගයන් ය. එහෙත් අද ඇතැම් සංවිධාන කටයුතු කරන බව පෙනෙන්නේ, මුලින් වැඩ වර්ජනය කොට පසුව සාකච්ඡා මාර්ගයට එළැඹීමේ ක‍්‍රමයකි. දහස් ගණන් ජනතාව පීඩාවට පත්වන්නේ මෙකී ප‍්‍රතිපත්තිය හේතුවෙනි. වෛද්‍යවරුන් එසේ ක‍්‍රියා කරන විට එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මරු පහරක් විය හැකිවා සේම, දුප්පත් රෝගීන්ටද මහත් අවැඩක් සිදු කරන්නේය.

වෛද්‍යවරුන් සුවපත් වන්නේ නම්, අද අප මුහුණදෙන තව බොහෝ සමාජ ව්‍යාධි සුවපත් කර ගැනීමටත් අපට හැකි වනු ඇත.

*2017 මාර්තු 4 වැනි දා ‘ඩේලි මිරර්’ පුවත්පතේ පළවූ “SAITM: Don’t Make Poor Patients Suffer” නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    ‘ජාතික අාණ්ඩුව’ ප්‍රජාතන්ත්‍රවාදය අාරක්‍ෂා කරනව කියන්නෙ පට්ට පල් බොරැවක්. ජාතික අාණ්ඩුව හදපු FCID තනිකරම දේසපාලන අතකොලුවක්. පොලිස්පති කියනවා නීතිය නවන්න පුළුවන්ලු. අැත්තනෙ කෝටි ගනනක් වංචා කල බැඳුන්කරේ හැත්ත ගැන කිසිම විභාගයක් නැහැ. අාණ්ඩුවෙ අැමතිල සහ අාණ්ඩුවට වක්‍රාකාරව කඩේ යන ජෙප්පන්ට සහ වෙනත් අයට විරැද්ධ පැමිනිලි ගැන කිසිම විභාගයක් නැහැ. කොල්ලෙක් උස්සල නඩු අහපු හිරැනිකර් පැයෙන් ගෙදර. වාහන අවභාවිතයට උදව් කලා කියල විමල් මාස දෙකකට අාසන්නව හිරේ.

    සිරිසේන ජනපති පුද්ගලිකව මැදිහත් වෙලා විසඳපු එක ප්‍රශ්ණයක් තියනවද? නැහැ. පත්තරෙන් දකිනවා සාකච්චා කොරනවා. විසදුමක් ගැන කියනවා. එච්චරය්. එතනින් එහාට මොකුත් නැහැ. කොටින්ම කවුරැවත් සිරිසේනගෙ විසඳුම් ගනන් ගන්නෙ නැහැ. ඊලඟට තව ප්‍රශ්නයක් පත්තරෙන් දකිනවා. අැත්තටම බලවතා රනිලුය් සිරිසේන පඹයෙක්.

    අැත්තටම අද රටේ දැවෙන ප්‍රශ්ණෙ සයිටමේ නෙවෙය්. යහපාලන බැඳුන්කර සහ මගඩි සහ අවනීතිය සහ ‘යහපාලන’ ගොන්කම් නිසා අායොජකයො රට හැර ගිහින් රටේ අාර්තිකය කම්බස් වෙන එකය්. එදිනෙදා වියදම් පියව ගන්න මුදල් නැතිව සියලු දේ විකුනන් හදන ‘යහපාලනය’ට විශ්ව විද්‍යාල අලුතින් පටන් ගන්නවත් ශිිෂ්‍ය සංඛයාව වැඩි කරන්න වත් මුදල් නැහැ. පුද්ගලික විශ්ව විද්‍යාල අද යන ලෝක රටාවය්. ඉතින් කවුරැත් එකතුවෙලා කලයුත්තේ සය්ටමේට පුප්පල තොප්පි දමන එක නෙවෙය් වෛද්‍ය සභාවේ නිර්නායකයන්ට අනුව ක‍්‍රියාත්මක වන්න සයිටමේට උදව් කරන එකය්. ප්‍රමිති නියම කරල රජය ඒවා අධික්ෂණය කරන එකය්. සයිටමේ මුල් කරගෙන වැඩ වර්ජන කොරල කෙලින්ම ප්‍රයිවෙට් ඉස්පිරිතාලෙ ගිහින් බෙහෙත් තුන්ඩු ලියල කුහයො වෙන එක නෙවෙය්.

  • 0
    0

    If you observe the way in which work is going on at Saitom doctors passing out are going to be of a very high quality compared with those fighting against them.Their behavior,level of english, and standered of knowledge are going to be far more superior.This is going to affect all the other doctors.That is why they try to liquidate Saitom before these doctors are allowed to come out and show their colours.This is sheer jelousy and fear.If G.M.O.A agrees to anything short of complete abolistment of Saitom sun will rise from west next day.

    • 0
      0

      While agreeing with your opinion in general, in my view, the level of one’s English knowledge is in no way reflect his intellectual capacity or capability. Most Japanese, Chinese or Russian doctors do not speak fluent English, yet they’re accepted world over as highly capable.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.