28 October, 2021

Blog

නාකොලගනේ වනාන්තරය හා පාලුකඩවල වැව නායක හිමිනමක් හා ව්‍යාපාරිකයන් එක්ව වනසයි

සජීව චාමිකර

සජීව චාමිකර

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නාකොලගනේ ග්‍රාම නිලධාරී වසමේ පාලුකඩවල වැව් ඉහත්තාවේ කිරිබත්පැලැස්ස ප්‍රදේශයේ මහ පරිමාණ වනාන්තර විනාශයක් සිදු වේ. බැකෝ යන්ත්‍ර භාවිතා කරමින් පාලුකඩවල වැවේ ප්‍රධාන ජල පෝෂක වනාන්තරය හා අලි ඇතුන්ගේ ප්‍රධාන වාසස්ථානයක් මේ ආකාරයෙන් එළිපෙහෙලි කිරීම සිදු කෙරෙමින් පවතී. නාකොලගනේ රජමහා විහාරයට අයත් නින්දගම් ඉඩම් ලෙස සැලකෙන මෙම වනාන්තර ඉඩම් එම විහාරස්ථානයේ විහාරාධිපති වලත්වැව රාහුල හිමියන් දේශපාලඥයින්ගේ රැකවරණය භාවිතා කරමින් නීති විරෝධී ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුට පවරා දී තිබේ. මේ වන විට අක්කර 50 කට වැඩි වනාන්තර ප්‍රදේශයක් එළිපෙහෙලි කර ඇති අතර තවදුරටත් අක්කර 700 පමණ වනාන්තර ප්‍රදේශයක් එළි කිරීමට ව්‍යාපාරිකයන්ට මේ වන විටත් පවරා දී තිබේ. බෞද්ධ කටයුතු කොමසාරිස් ඇතුළු කිසිදු රාජ්‍ය ආයතනයක අනුමැතියකින් තොරව මෙම නින්දගම් වනාන්තර නීති විරෝධී ව්‍යාපාරිකයන්ට පවරා ඇති අතර පාරිසරික අණ පනත් උල්ලංඝනය කරමින් එම වනාන්තර එළි කිරීම සිදු කරමින් පවතී.

ලංකාවේ වැඩි අලිමිනිස් ගැටුමක් පවතින ප්‍රදේශ අතුරෙන් එකක් ලෙස සැලකෙන වයඹ කලාපය තුළ රක්ෂිත ප්‍රදේශවලින් පරිබාහිරව බොහෝ වැව් හා හුදෙකලා වූ වනාන්තර කුට්ටි ආශ්‍රිත සැලකිය යුතු අලි ගහනයක් ජීවත් වේ. එම සතුන් දහවල් කාලයේ රැදී සිටීමට මෙම වනාන්තර කුට්ටි භාවිතා කරන අතර රාත්‍රී කාලයේ දී වගා බිම්වලට හා වැව් ආශ්‍රිත ප්‍රදේශ වලට පැමිණේ. එවන් වනාන්තර ප්‍රදේශ මේ ආකාරයෙන් එළිපෙහෙලි කර ව්‍යාපාරිකයන් විසින් වාණිජ වගාවන් සඳහා යොදා ගැනීම හේතුවෙන් මේ ප්‍රදේශයේ අලිමිනිස් ගැටුම තව තවත් වර්ධනය වීම සිදු වනු ඇත.

වැව් හා ගොවි බිම් පෝෂණය කරන නාකොලගනේ වනාන්තර පද්ධතිය අහිමි කිරීම

කුඩා හා මහ වැව් 25 කට වඩා වැඩි ප්‍රමාණයකින් සැදුම්ලත් වැව් පද්ධතියකින් හා ජල පෝෂක වනාන්තර වලින් සැදුම්ලත් මේ සමස්ත ප්‍රදේශය අක්කර 5000 ක් පුරා පැතිර තිබෙන අලිඇතුන්ගේ පෝෂක භූමියක් පමණක් නොව ප්‍රධාන අලි මංකඩකි. මේ භූමිය තුළ අක්කර 2700 ක් පමණ වන නාකොලගනේ රජ මහා විහාරයට අයත් නින්දගම් ඉඩම් පිහිටා ඇති අතර තුළ වැව්, වනාන්තර ප්‍රදේශ හා ජනාවාස පිහිටා තිබේ. මීට අමතර මෙම සමස්ත ප්‍රදේශයේ හේන් වගා බිම්, කුඹුරු ඉඩම්, වැව් පද්ධති, වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, කටු පදුරු සහිත ලදු කැළෑ බිම් හා ගංගාශ්‍රිත වනාන්තර වැනි විවිධ පරිසර පද්ධති බොහොමයක් දැක ගත හැකි .

මෙම නින්දගම් ඉඩම හා සම්බන්ධ වනාන්තර ප්‍රදේශ කිහිපයක් වෙයි. දකුණු මායිම ආශ්‍රිත කතාකරනකන්ද හා මීගස්පිටියමඩදෙනිගම වනාන්තරය පිහිටා ඇති අතර නැගෙනහිර මායිමේ අත්තනපොල රජයේ කැලය පිහිටා තිබේ. මේ සියලු වනාන්තර වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර වැස්මක් සහිත වේ.

නාකොලගනේ නින්දගම් ඉඩම් තුළ හා ආශ්‍රිත ප්‍රදේශයේ මහ වැව් හා කුඩා වැව් විශාල ප්‍රමාණයක් පිහිටා ඇති අතර වැඩි ප්‍රමාණයක් කුඩා වැව් වේ. කුඩා වැව් වැසි ජලයෙන් පමණක් පෝෂණය වේ. මානක්කුලමයාගම වැව, හුණුගල්ලෑව වැව, අතරගල්ල වැව, ගුරුගොඩ වැව, ඒරියාව වැව, පල්ලේරියාව වැව, ඉකිරිවත්තේගම වැව, අස්වැද්දුම වැව, කරගස්සන වැව, ඌරපොලයාගම වැව, ඇතිනිමලේ වැව, මීගස් වැව, කදුබොඩයාගම වැව, කඩවල වැව, කිවුලේගම වැව, නැකතිකොන් වැව, කුඩා මීගස්පිටිය වැව, කැලේගම වැව, කොතලවැටිය වැව, මහ මීගස්පිටිය වැව, දඹෑ වැව, අන්දර වැව, කිරිබත් පෑලැස්ස වැව හා ගනේපතාන වැව අතර වේ.

අතරගල්ල වැව හා ඒරියාව වැව ජලජ පක්ෂීන් බහුල ජීවත් වන ප්‍රදේශයකි. අලින් බහුල වාර්තා වන්නේ පල්ලේරියාව වැව, ඉකිරියවත්තේගම වැව, අස්වැද්දුම වැව හා හුණුගල්ලෑව යන වැව් ආශ්‍රිත . හුණුගල්ලෑව වැව, මානක්කුලමයාගම වැව, ගුරුගොඩ වැව, ඉකිරිවත්තේගම වැව, අස්වැද්දුම වැව, කදුබොඩයාගම වැව, ඇතිනිමලේ වැව හා මීගස් වැව යන වැව් ප්‍රතිසංස්කරණය කළ යුතු මට්ටමේ පවතින අතර ඒවා නිසි පරිදි සැකසීමෙන් අලිඇතුන්ගේ පෝෂක බිම් ප්‍රදේශ සුරක්ෂිත කිරීමේ හැකියාව ඇත.

නින්දගම් ඉඩමට පිටතින් පිහිටන වැව් කිහිපයක් වේ. අතුරින් පාලුකඩවල වැව ප්‍රධාන වැවකි. මේ වැවේ, වැව් පිටිය හා උපරිම ජල රැඳවුම් කලාපය නින්දගම් ඉඩම තුළට ව්‍යාප්ත තිබේ. මීට අමතර වැවේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශය වන්නේ මෙම නින්දගම් ඉඩමේ වනාන්තර පද්ධතියයි. මේ වනාන්තර ප්‍රදේශය වටා මහගල්ගමුව වැව, බඩල්ගම වැව, අඹකොල වැව ආදී සුවිශේෂී වැව් කිහිපයක් ව්‍යාප්තව පවතී. ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි හෙක්ටයාර 5496 ක් පමණ වන කුඹුරු ඉඩම් වලින් වැඩි කොටසකට වාරි ජලය සපයන්නේ මෙම වැව් පද්ධතියෙනි. මෙම වනාන්තර විනාශයත් සමඟ වැව් පද්ධතියේ ජල පෝෂක බිම් අහිමි වී රදවා ගත හැකි ජල ප්‍රමාණය සීමා වීමෙන් කුඹුරු ගොවිතැන බිඳ වැටීමට ලක් වනු ඇත.

වැව් පද්ධතියට අමතර මේ නින්දගම් ඉඩම තුළ පුරාවිද්‍යාත්මකව වැදගත් වන ස්ථාන කිහිපයක් පිහිටා තිබේ. ඉන් ප්‍රධාන වන්නේ නාකොලගනේ රජමහ විහාරය හා සම්බන්ධ ගල්ලෙන් විහාරය සහ කටාරන් සහිත ගල්ලෙන් . මීට අමතර ගුරුගොඩ පුරාවිද්‍යා රක්ෂිත භූමිය පිහිටා ඇති අතර එම ස්ථානයේ නටබුන් වූ වෙහෙරක් හා විහාර සංකීර්ණයක් පිහිටා තිබේ. එම ස්ථානයේ මේ වන විට පුරවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කැණීම් කටයුතු සිදු කරනු ලැබේ. මීට අමතර හුණුගල්ලෑව වැවේ, වැව් බැම්මේ පුරාවිද්‍යාත්මක වැදගත්වන පැරණි මායිම් ගල් කණුවක් හමු වී තිබේ.

වන විනාශයෙන් ගම්මානවල ජනතාව අලිමිනිස් ගැටුමේ ගොදුරක් බවට පත් කිරීම

නින්දගම් ඉඩම තුළ ගම්මාන හතරක් පිහිටා තිබේ. පවුල් 76 ක් පමණ ජීවත් වන ඇතිනිමලේ ගම, පවුල් 7 ක් පමණ ජීවත් වන හිරිගොල්ලාගම, පවුල් 23 ක් පමණ ජීවත් වන ආඩිගම හා පවුල් 98 ක් පමණ ජීවත් වන ඒරියාව ගම අතර වෙයි. අලිඇතුන්ගේ වාසස්ථාන වන මෙම වනාන්තර මහ පරිමාණයෙන් විනාශ කිරීමත් සමඟ මෙම ගම්මානවල හා අවට ගම්මානවල ජනතාව අලිමිනිස් ගැටුමේ දරුණු ගොදුරක් බවට පත් වනු ඇත.

මෙම නින්දගම් ඉඩම් පසුගිය කාලසීමාව තුළ අක්‍රමවත් ලෙස පරිහරණය කිරීම හේතුවෙන් නිසි ලෙස භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත් තිබේ. හේතුවෙන් මේ ආශ්‍රිත ප්‍රදේශවල අලිමිනිස් ගැටුම වර්ධනය වෙමින් පවතී. නින්දගම් ඉඩම් ලෙස පවතින ජල පෝෂක වනාන්තර බිම්වල මහ පරිමාණ වාණිජ වගා බිම් ඇති කිරීම, ගල්කොරි පවත්වා ගෙන යාම, පස් කැපීම සඳහා යොදා ගැනීම, හේන් වගාවන් සඳහා අක්‍රමවත් ලෙස එළිපෙහෙළි කිරීම, අක්‍රමවත් ලෙස ජනාවාස පිහිටු වීම හා අක්‍රමවත්ව විදුලි වැටවල් ස්ථාපිත කිරීම යන හානි කර ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස අලිමිනිස් ගැටුම වර්ධනය වීම, භූමිය අස්ථාවර වීම හා භූමියේ ඵලදායීතාවය අඩු වීම, භූගත ජල මට්ටම අඩු වීම වැනි හේතූන් නිසා සමාජීය ප්‍රශ්න බොහොමයක් උද්ගත තිබේ.

මේ තත්ත්වය පාලනය කිරීම සඳහා මේ ප්‍රදේශය තුළ නිසි ඉඩම් භාවිත ක්‍රමවේදයක් සකස් කළ යුතු ඇත. අක්‍රමවත්ව සිදු කරන සංවර්ධන කටයුතු විධිමත් කිරීම මෙන්ම හානි කර මානව ක්‍රියාකාරකම් නතර කිරීමට පියවර ගැනීම හා වනාන්තර පද්ධති එකිනෙකට සම්බන්ධ කිරීම මෙන්ම අවට ප්‍රදේශයේ පිහිටි රජයේ රක්ෂිත වනාන්තර හා නින්දගමට අයත් වනාන්තර පද්ධති සම්බන්ධ කිරීම සිදු කළ යුතු ඇත. මීට අමතර වැව් පද්ධති සකස් කිරීම හා ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම ජල පෝෂක වනාත්තර බිම් ප්‍රදේශ සුරක්ෂිත කිරීම තුළින් මේ ප්‍රදේශයේ ජල සුරක්ෂිතතාවය ඇති කළ යුතු තිබේ. එමගින් ප්‍රජාවගේ කෘෂි හා පානීය ජල සුරක්ෂිතතාව ඇති වන අතර අලිමිනිස් ගැටුම පාලනයට තත්ත්වය ඉවහල් වෙනු ඇත.

හුදෙකලා වනාන්තර කුට්ටි ඒකාබද්ධ කිරීමෙන් අවහිර වී ඇති අලින්ගේ සංක්‍රමණික ගමන් මාර්ග සම්බන්ධ කළ හැකි අතර දහවල් කාලයේ දී ජනාවාස ආශ්‍රිත වනාන්තර කුට්ටිවල අලි රැඳී සිටිමින් රාත්‍රී කාලයේ දී ග්‍රාමීය ප්‍රදේශවලට හා වගා බිම්වලට පැමිණ සිදු කරන හානි අවම කර ගැනීමට තත්ත්වය ඉවහල් වේ.  මෙමගින් අලිමිනිස් ගැටුම පාලනය කළ හැකි වන අතර අලින්ට අවශ්‍ය පානීය ජල ප්‍රභවයන් නිසි පරිදි ලබා දීමෙන් ග්‍රාමීය ප්‍රදේශවලට පිවිසීම බොහෝ දුරට අඩු කළ හැකි .

නාකොලගනේ අලිඇතුන්ගේ ප්‍රධාන වාසස්ථානය

සමස්තයක් ලෙස නාකොලගනේ වනාන්තරය පුරා අලිඇතුන් සැරිසරන බවට සාධක පවතී. නමුත් අලිඇතුන් ප්‍රධාන වශයෙන් භාවිතා කරන ප්‍රදේශ කීපයක් වේ. අතුරින් වැඩි අලි ගහන ඝනත්වයක් වාර්තා වන්නේ පාලුකඩවල වැවේ, වැව් පිටියේ . මේ වැව් පිටිය නින්දගම් ඉඩමට ඇතුළත් වේ. පාලුකඩවල වැවට පැමිණෙන අලි දහවල් කාලයේ රැඳී සිටින්නේ නින්දගම් ඉඩම තුළ පිහිටන වනාන්තර ප්‍රදේශවල .

පල්ලේරීයාව වැව තවත් වැඩි අලි ගහනයක් වාර්තාවන ප්‍රදේශයකි. මේ වැව ආශ්‍රිත නින්දගම් ඉඩමට පිටතින් රජයේ කැලයක් වනකතාකරන කන්දපිහිටා තිබේ. එම ප්‍රදේශයේ සිට මේ වැව ආශ්‍රිත ප්‍රදේශයට අලි පැමිණේ. මීට අමතර ඉකිරිවත්තේගම වැව, අස්වැද්දුම වැව හා හුණුගල්ලෑව ආශ්‍රිත ප්‍රදේශවල වැඩි අලි ගහනයක් වාර්තා වේ. නින්දගම් ඉඩම තුළ පිහිටන අනෙක් වනාන්තර ප්‍රදේශ අලිඇතුන් දහවල් කාලයේ රැඳී සිටීමට භාවිතා කරන බව අධ්‍යයන මඟින් තහවුරු වී තිබේ.

නින්දගම් ඉඩම තුළට අලි සංක්‍රමණය වන මාර්ග කීපයක් ඇති අතර සංක්‍රමණය වන අලි නින්දගම් ඉඩම පුරා විසිරීම සිදු වන මාර්ග කිහිපයක් වේ. නින්දගම් ඉඩමට අලි සංක්‍රමණය වන ප්‍රධාන මාර්ග 6කි. විල්පත්තුව, රාජාංගනය, ගිරිබාව, ගල්ලෑව හරහා හුණුගල්ලෑව ප්‍රදේශයට අලින් සංක්‍රමණය වේ. එතැන් සිට පාලුකඩවල වැවට අලි ගමන් කරයි. කහල්ලපල්ලකැලේ සිටින අලි මඩගල්ල, හාතිගමුව හරහා මී ඔය ආශ්‍රිත ප්‍රදේශයට පැමිණ මොරගස්වැව, ඉහලගම, උඩකොටුව හරහා අඹකොල වැවට පැමිණ එතනින් මෙම නින්දගම් ඉඩමට පැමිණේ. මහව සිටින අලි මහකඩුවාව, රජ්ජලේගම, මැඬියාව හරහා අඹකොල වැවට පැමිණ එතැන් සිට නින්දගම් ඉඩමට පැමිණේ. මේ මාර්ගය ඔස්සේ පැමිණෙන්නේ අඩු අලිඇතුන් ප්‍රමාණයකි. ඉගිනිමිටිය ජලාශයේ සිට තේක්ක වන වගාවට පැමිණෙන අලි එතැන් සිට පාලුකඩවල වැවට පැමිණ ඉන් පසූව නින්දගම් ඉඩම පුරා ව්‍යාප්ත වේ. කහල්ලපල්ලේකැලේ හා සියඹලන්ගමුව වැවේ සිටින අලින් ගල්ගිරිය කන්ද පාමුල ඔස්සේ රැස්වෙහෙර කන්දට පැමිණ එතැනින් අත්තනපොල රජයේ කැලය හරහා මෙම නින්දගම් ඉඩමට පැමිණේ. මෙය ඉතාම පැරණි අලි සංක්‍රමණික මාර්ගයක් ලෙස සැලකේ. මීට අමතරව දේවගිරිපුර සිට කරගස්සන වැව හරහා හුණුගල්ලෑව ප්‍රදේශයට හා පාලුකඩවල වැවට අලි සංක්‍රමණය වේ.

මෙසේ නින්දගම් ඉඩමට සංක්‍රමණය වන අලි ආකාර කිහිපයකින් වනාන්තර ප්‍රදේශය පුරා ව්‍යාප්ත වේ. අත්තනපොල රජයේ කැලය හරහා නින්දගම් ඉඩමට පැමිණෙන අලි එතැන් සිට හුණුගල්ලෑව හරහා පාලුකඩවල වැවට පැමිණේ. පාලුකඩවල වැවේ සිටින අලි අතරගල්ල වැව, පල්ලේරියාව වැව, ඒරියාව වැව හරහා ඉකිරිවත්තේගම වැව දක්වා නින්දගම් ඉඩමේ බටහිර, නිරිතදිග හා දකුණු ප්‍රදේශවල ව්‍යාප්ත වේ. මෙම අලිඇතුන්ගේ ගමන් මාර්ග සියල්ල මෙම වනාන්තර එළි කිරීමෙන් හා එම බිම් වල වාණිජ වගාවන් ව්‍යාප්ත කිරීමෙන් එම සතුන්ට අහිමි වනු ඇත.

නාකොලගනේ වනාන්තරයේ ජෛව විවිධත්වය

2014 වසරේ මාර්තු මාසයේ අවස්ථා දෙකක දී ලියුම්කරු විසින් මෙම වනාන්තරයේ සත්ත්ව විවිධත්වය පිළිබඳ කෙටි අධ්‍යයනයක් සිදු කරන ලදී. අනුව මෙම නින්දගම් ඉඩම තුළ විවිධ පරිසර පද්ධති ගණනාවක් පිහිටන බව අනාවරණය විය. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, කටු පදුරු සහිත ලදු කැලෑ බිම්, වියළි තෘණ භූමි හා ගංඟාශ්‍රිත වනාන්තර ප්‍රමුඛ දැක ගත හැකි . මීට අමතර වැව් හා වැව් පිටි ආශ්‍රිත පිටාර තැනි බිම් දැක ගත හැකි වේ. මෙම කෙටි අධ්‍යයනයේ දී පක්ෂි, උරග, ක්ෂීරපායී හා සමනළුන් යන සත්ත්ව කාණ්ඩ 4 අයත් විශේෂ 118 ක් වාර්තා කිරීමට හැකි වීම විශේෂත්වයකි. අතර ලංකාවට ආවේණික විශේෂ 5ක් වාර්තා කිරීමට හැකි විය. 2012 රතු දත්ත ලේඛනයට අනුව ආසන්න තර්ජිත මට්ටමේ සිටින එක් විශේෂයක් හා තර්ජිත මට්ටමේ සිටින එක් විශේෂයක් අධ්‍යයන ප්‍රදේශයෙන් වාර්තා විය.

අධ්‍යයනයේ දී පක්ෂි විශේෂ 75ක් වාර්තා වූ අතර ඉන් විශේෂ 4ක් ලංකාවට ආවේණික වේ. මෙම පක්ෂීන් තෙත් බිම් ආශ්‍රිත හා වනාන්තර වාසී විශේෂ ලෙස කොටස් දෙකකින් යුක්ත වේ. බොහෝ පක්ෂි විශේෂවල කැදලි තනන ප්‍රදේශයක් ලෙස මේ වනාන්තර ප්‍රදේශ භාවිතා වේ. අධ්‍යයන කාල සීමාව තුළ දී වාර්තා වූ සමනළ විශේෂ ගණන 25 කි. එක් ආවේණික විශේෂයක් ඇතුළත් ක්ෂීරපායී විශේෂ 12ක් මෙම ප්‍රදේශයෙන් වාර්තා විය. අධ්‍යයනයේ දී වාර්තා වූ උරග විශේෂ ගණන 6කි.

මෙවන් විශාල ජෛව ප්‍රජාවක් වාර්තා වන ප්‍රදේශයක් තුළ පිහිටි, වැඩි අලිඇතුන් ප්‍රමාණයක් ජීවත් වන පාලුකඩවල වැව ඉහත්තාවේ සුවිශේෂී ජල පෝෂක ප්‍රදේශය තුළ මේ වන විට ව්‍යාපාරිකයන් විසින් වනාන්තර සියල්ල විනාශ කර වාණිජ වගා ව්‍යාපෘති කියාත්මක කර ඇති අතර අඛණ්ඩ වනාන්තර විනාශ කරමින් වගා බිම් ව්‍යාප්ත කරනු ලැබේ.

පාරිසරික පනත් හා පුරා විද්‍යා පනත උල්ලංඝනය කරමින් වනාන්තර විනාශ කිරීම

මෙම සියලු වනාන්තර විනාශයන් සිදු කරමින් පවතින්නේ පාරිසරික අණ පනත් කිහිපයක් උල්ලංඝනය කරමිනි. සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23 වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින 772/22 අංක දරන ගැසට් නිවේදනයට අනුව, හෙක්ටයාර් 1 කට වැඩි ඉඩම් ප්‍රදේශයක ඇති කැලෑ, කැලෑ ආශ්‍රිත නොවන ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමට ප්‍රථම හෝ හෙක්ටයාර 50 කට වැඩි භූමි ප්‍රදේශයක් එළි පෙහෙළි කිරීමට ප්‍රථමයෙන් පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත් පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගැනීම සිදු කළ යුතු .

මීට අමතරව මෙම පනතේ 23 වගන්තියට අනුව ප්‍රකාශිත 1995 පෙබරවාරි 23 වන දින 859/14 අංක දරන ගැසට් නිවේදනයට අනුව, පොදු වැවක ඉහළ පිටාර මට්ටම් සමුච්චයේ සිට මීටර 100 ක් ඇතුළත යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගැනීම කළ යුතු .

ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් අනුමැතිය ලබා ගැනීමකින් තොර නීති විරෝධීව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී හෝ ජාතික පාරිසරික නියෝග උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයකු පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්දනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට යටත් කළ හැකි .

අනුව මෙම හානි කර හා නීති විරෝධී ව්‍යාපෘතියට එරෙහි කටයුතු කිරීමේ බලය ජාතික පාරිසරික පනත ක්‍රියාත්මක කරන මධ්‍යම පරිසර අධිකාරියට ඇත. නමුත් මධ්‍යම පරිසර අධිකාරිය බොහෝ පාරිසරික විනාශයන් හමුවේ මුණිවත රැකීම හෝ සාධාරණීකරනය කිරීමට කරුණු ඉදිරිපත් කිරීම සිදු කරන ආකාරයට මෙම අවස්ථාවේ දී කටයුතු කිරීමෙන් සිදු වන්නේ වැරදි පූර්වාදර්ශ ලබා දීමකි. හේතුවෙන් ඉදිරියේ දී මෙරට වැව් පද්ධතිය හා ගොවි ජනතාව දරුණු ඛේදවාචකයකට මුහුණ දීමට සිදු වනු ඇත.

කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්ක අයත් වන වයඹ පලාත තුළ ක්‍රියාත්මක වන විශේෂ පාරිසරික නීතියක් වන 1990 අංක 12 දරන වයඹ පළාත් පාරිසරික ප්‍රඥප්තියට අනුව ප්‍රකාශිත 1998 මාර්තු 27 දින අංක 1020/21 දරන ගැසට් නිවේදනයට අනුව, හෙක්ටයාර් 1කට වැඩි ඉඩම් ප්‍රදේශයක ඇති කැලෑ, කැලෑ ආශ්‍රිත නොවන ප්‍රයෝජනයක් සඳහා යොදා ගැනීමට ප්‍රථම හෝ හෙක්ටයාර 20කට වැඩි භූමි ප්‍රදේශයක් එළි කිරීමට ප්‍රථම හෝ පොදු වැවක ඉහළ පිටාර මට්ටම් සමුච්චයේ සිට මීටර 100ක් ඇතුළත යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගැනීම සිදු කළ යුතු . එවන් කිසිදු අනුමැතියකින් තොර මෙම වන විනාශයන් සිදු කරද්දී මෙම ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීමේ බලය හිමි වයඹ පලාත් පරිසර අධිකාරිය මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන වලත්වැව රාහුල හිමිගේ දේශපාලන බලයට යට වී සිටිති.

පාරිසරික අණ පනත්වලට අමතර 1940 අංක 09 දරණ සංශෝධිත පුරාවස්තු ආඥා පනතේ 23 සහ 47 වන වගන්තිවලට අනුව 2000 ඔක්තෝම්බර් 04 වන දින අංක 1152/14 දරණ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශිත 2001 අංක 1 දරන ව්‍යාපෘති කාර්යය පටිපාටි නියෝගවලට අනුව හෙක්ටයාර දෙකකට වඩා වැඩි භූමි ප්‍රදේශ එළි පෙහෙළි කිරීමට ප්‍රථම පුරාවිද්‍යා හානි ඇගයීමක් සිදු කර සඳහා අනුමැතිය ලබා ගත යුතු. පුරා විද්‍යාත්මකව වැදගත් වන ස්ථාන බොහොමයක් පිහිටි මෙම ප්‍රදේශයේ පිළිබඳ කිසිදු අනුමැතියකින් තොර මෙම සියලු වන විනාශයන් සිදු කරමින් පවතී. නමුත් ඊට එරෙහි පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නොමැත.

එපමණක් නොව මෙවන් මහ පරිමාණ වනාන්තර ප්‍රදේශයක් එළි පෙහෙළි කර වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් කුරුණෑගල දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කමිටුවේ නිර්දේශ පමණක් නොව අදාළ සියළු රාජ්‍ය ආයතන වල අනුමැතිය ලබා ගත යුතු . එවන් කිසිදු අනුමැතියකින් තොරව පාලුකඩවල වැව් ඉහත්තාවේ ජල පෝෂක වනාන්තර හා අලිඇතුන්ගේ වාසස්ථාන විනාශ කරමින් පවතී. මේ නිසා අදාළ රාජ්‍ය අංශ මේ සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක විය යුතු ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම

මෙම වනාන්තර විනාශය ජාතික පාරිසරික පනත, වයඹ පලාත් පරිසර ප්‍රඥප්තිය හා පුරාවස්තු ආඥාපනත යන අණ පනත් උල්ලංඝනය කරමින් සිදු කරන්නේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් අහිමි කරමිනි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන් වන පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් කොටසේ 12(1) ව්‍යවස්ථාවට අනුව නීතිය පසිදලීම හා ක්‍රියාත්මක කිරීම නීතියේ රැකවරණය සර්ව සාධාරණ විය යුත්තේ යනුවෙන් සඳහන් වේ. නමුත් අනුව කිසිදු වගකිවයුතු රාජ්‍ය ආයතනයක් මේ වන විනාශය වැළැක්වීමට එම නීති විරෝධී ක්‍රියාවල යෙදෙන පුද්ගලයින්ට එරෙහි නීතිය ක්‍රියාත්මක කර නොමැත. එපමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් කොටසේ 14(1)() ව්‍යවස්ථාවට අනුව නීත්‍යානුකූල රැකියාවක, වෘත්තියක නිරත වීමේ අයිතිය මෙම වන විනාශය හේතුවෙන් එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට අහිමි කර ඇත. පාලුකඩවල වැවේ ඉහත්තාව, ජල පෝෂක වනාන්තර හා අලිඇතුන්ගේ වාසස්ථාන විනාශ කිරීම නිසා රොන්මඩ වැවට එක් වී වැව ගොඩවීමට ලක් වීම හා ජල පෝෂක අහිමි වීම නිසා වැවේ ජලධාරීතාව අඩු වීම සෘජුව කෘෂිකර්මාන්තය කෙරෙහි බලපෑම් ඇති වේ. මේ නිසා වැව යටතේ කෘෂිකර්මාන්තයේ නිරත ජනතාවට තම ජීවන වෘත්තිය අහිමි වේ. මෙම වන විනාශය නිසා වාසස්ථාන අහිමි වන අලිඇතුන් වගා බිම්වලට පැමිණ විනාශ කිරීමෙන් ගොවි ජනතාවට ජීවන වෘත්තීන් අහිමි වේ. මේ අනුව මෙම වනාන්තර විනාශයෙන් නාකොලගනේ අවට ජනතාවගේ මූලික අයිතිවාසිකම් බොහොමයක් අහිමි වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හය වන පරිච්ඡේදය යටතේ දැක්වෙන රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කොටසේ 27(14) ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට, සුරක්ෂිත කොට වැඩිදියුණු කළ යුත්තේ යනුවෙන් සඳහන් වේ. නමුත් මධ්‍යම පරිසර අධිකාරිය, වයඹ පලාත් පරිසර අධිකාරිය, බෞද්ධ කටයුතු කොමසාරිස් දෙපාර්තමේන්තුව හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අදාළ අණ පනත් උල්ලංඝනය කරමින් වලත්වැව රාහුල හිමියන් විසින් නාකොලගනේ රජමහා විහාරයට අයත් නින්දගම් ඉඩම් ව්‍යාපාරිකයන්ට පැවරීම හා නීති විරෝධීව වනාන්තර එළි කර පරිසරය විනාශ කිරීමට එරෙහිව මෙතෙක් නීති ක්‍රියාත්මක කර නොමැත. මේ නිසා අද වන විට අලිඇතුන්ගේ වාසස්ථාන හා වැව්වල ජල පෝෂක වනාන්තර අහිමි වෙමින් තිබේ. මේ අනුව මෙම මහා වන විනාශයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටීමෙන් මෙම ආයතනවල රාජ්‍ය නිලධාරීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇත.

අලි මිනිස් ගැටුම උග්‍ර වීම

ලංකාවේ අලිමිනිස් ගැටුම උග්‍ර දිස්ත්‍රික්ක අතුරින් ප්‍රධාන වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයයි. ඊට හේතුව වනාන්තර ප්‍රතිශතය අඩු වීම හා ඉතිරී වී ඇති අලි ඇතුන්ගේ වාසස්ථාන කුට්ටිකරණය වී පැවතීම . මේ නිසා අලිඇතුන් ගම් වැදීම හා වගා බිම්වලට පිවිසීමෙන් උග්‍ර අලිමිනිස් ගැටුමක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාර්තා වේ.

2011 වසරේ දී ප්‍රකාශයට පත් කළ මෙරට අවසන් අලිඇතුන් සංගණනයේ සංඛ්‍යාලේඛනවලට අනුව කුරුණෑගල දිස්ත්‍රික්කය අයත් වන වයඹ පලාතේ අලිඇතුන් 1189 ක් පමණ ජීවත් වන බව සොයා ගෙන තිබේ. එය ලංකාවේ වාර්තා වන සමස්ත අලිඇතුන් ප්‍රමාණයෙන් 20% කි. එම සතුන්ට වාසස්ථාන සපයන වනාන්තර හා තෘණ භූමි ඉතිරි වී ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි.

2018 වසරේ දී අවසන් වරට සිදු කෙරුණු ඉඩම් භාවිතය පිළිබඳ ඉඩම් පරිහරණ සැලැසුම් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේකනවලට අනුව පෙනී යන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අවම වනාන්තර ප්‍රතිශතයක් ඉතිරි වී ඇති බව . හෙක්ටයාර 481600 ක් වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණයෙන් ස්වාභාවික වනාන්තර ලෙස වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, කටු පදුරු සහිත ලදු කැළෑ හා තෘණ භූමි ව්‍යාප්තව ඇත්තේ හෙක්ටයාර 66228 පමණ ප්‍රමාණයකි. එය දිස්ත්‍රික්කයේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 14% ක් පමණ වේ. වනාන්තර මේ ආකාරයෙන් අඩු මට්ටමක පැවතීම අලිමිනිස් ගැටුම උග්‍ර වීමට සහ වැව් හා ජල මූලාශ්‍රවල ජල පෝෂක ප්‍රදේශ ප්‍රමාණය අඩු වීමෙන් පානීය හා වාරි ජල අර්බුධ ඇති වීමට හේතු සාධක වේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩි අලිමිනිස් ගැටුම පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වන්නේ ගල්ගමුව හා ඇහැටුවැව යි. නාකොලගනේ රජ මහ විහාරයට අයත් නින්දගම් ඉඩම් ලෙස පවතින වනාන්තර විනාශය සිදු කෙරෙන ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අලිඇතුන්ගේ වාසස්ථාන ලෙස පවතින වනාන්තර ප්‍රදේශ වාර්තා වන්නේ මුළු භූමි ප්‍රමාණයෙන් 27% ක් පමණි. මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 17500 ක් වන අතර එහි වනාන්තර ආවරණය දක්නට ලැබෙන්නේ හෙක්ටයාර 4760 භූමි ප්‍රමාණයක පමණි. අතුරෙන් රක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කර නීතිමය ආරක්ෂාව ලැබී ඇත්තේ 40% පමණ වනාන්තර ප්‍රමාණයකට පමණි. ඉතිරි බොහෝ වනාන්තර දැඩි නීතිමය රැකවරණයක් නොමැති පවතී. මේ අතුරින් නින්දගම් ඉඩම් ලෙස සැලකියයුතු වනාන්තර ප්‍රමාණයක් පැවතීම නිසා ඒවා නිරන්තරයෙන් එළිපෙහෙලි කිරීම්වලට ලක් වේ. මෙම වනාන්තර එළි කිරීම්වලට ලක් කිරීමේ අවසාන ප්‍රතිඵලය අලිමිනිස් ගැටුම තව තවත් උග්‍ර වීම තුළින් අලි හා මිනිසුන් ඝාතනයට ලක් වන ප්‍රමාණය වැඩි වීම හා වාසස්ථාන අහිමි වන අලිඇතුන්ගෙන් වගා බිම් විනාශයට ලක් කරන ප්‍රමාණය දිනෙන් දින වර්ධනය වීමයි. මීට අමතර ජල පෝෂක වනාන්තර බිම් වැව් ඇතුළු ජල මූලාශ්‍රවලට අහිමි වීම නිසා ජල අර්බුධ උග්‍ර මට්ටමකට පරිවර්තනය වේ. මේ සියල්ලේ ප්‍රතිඵලය වන්නේ ගොවි ජනතාව අවතැන් වී දැඩි අසීරුතාවයට පත් වීමයි.

නාකොලගනේ වනඅලි කළමනාකරණ රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කළ යුතු

මේ තත්ත්වයන් සඳහා පිළියමක් ලෙස නාකොලගනේ වනාන්තර හා වැව් පද්ධතිය රක්ෂිත ප්‍රදේශයක් බවට ප්‍රකාශයට පත් කර නීතිමය ආරක්ෂාව ලබා දිය යුතු . තුළින් මෙම සියලූ වන විනාශයන් පාලනයට ක්‍රියාමාර්ග ගත හැකි . 2006 සැප්තැම්බර් මස 20 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද ශ්‍රී ලංකාවේ වන අලි සංරක්ෂණ හා කළමනාකරණ ජාතික ප්‍රතිපත්තියට අනුව අලිමිනිස් ගැටුම පාලනය කිරීම සඳහා මෙම ප්‍රදේශය නාකොලගනේ වනඅලි කළමනාකරණ රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කිරීමේ හැකියාව ඇත. වැව් පද්ධතිය ඇතුළු මෙම සමස්ත වනාන්තර ප්‍රදේශයේ ජෛව විද්‍යාත්මක වටිනාකම, පුරා විද්‍යාත්මක වටිනාකම, ජල පෝෂක ප්‍රදේශයක් ලෙස ඇති වටිනාකම සැලකිල්ලට ගෙන 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 2 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 2(2) උප වගන්තියට අනුව නාකොලගනේ වනඅලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කළ යුතු . මෙලෙස ප්‍රකාශයට පත් කිරීමේ දී නින්දගම් ඉඩම් පැවතීම ගැටළුවක් නොවන අතර එම ඉඩම් රජයට පවරා ගැනීමකින් තොරව වනඅලි කළමනාකරණ රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කිරීමේ නෛතික හැකියාව ඇත.

මේ අයුරින් මෙම සමස්ත ප්‍රදේශය ආරක්ෂා නොකළහොත් ඉතා කෙටි කලක දී මෙම ප්‍රදේශයේ වනාන්තර පද්ධති හායනයට ලක් කිරීමෙන් දැවැන්ත අලිමිනිස් ගැටුමක් ඇති විය හැකි අතර මෙම ප්‍රදේශයේ වැව් පද්ධතිය මත පදනම් වූ කෘෂි කර්මාන්තය කෙටි කලකින් විනාශයට ලක් වනු ඇත.

Print Friendly, PDF & Email

Latest comments

  • 6
    0

    පාලකයන් සිය ඡන්දදායකයින්ව නැවත බලයට පත් කිරීම සඳහා පමණක් භාවිතා කළ බවක් පෙනෙන්නට තිබෙන අතර, පිළිගත හැකි සෑම තරාතිරමකින් ඔබ්බට පොරොන්දු ලබා දුන්නද ජාතික හා ජනතාවගේ ආරක්ෂාව ගැන කිසිදු ආකාරයක ප්‍රවීණයන් සවන් දුන් බවක් පෙනෙන්නට නැත.
    අද සෞඛ්‍ය, ආර්ථිකය හෝ වෙනත් ඕනෑම ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් ද මෙය එසේම ය. අවාසනාවන්ත ලෙස මිනිසුන් දැන් අතරමං කිරීමට ඉඩ ඇත.
    බලයේ සිටින වර්තමාන දේශපාලනඥයින් ශ්‍රී ලංකාව දැඩි අවදානමකට ලක් කරයි. පොහොර ආනයනය හෝ medicineෂධ වේවා ඔවුන් කරුණු වලට ගරු නොකිරීම අපව මෙතරම් දුර ගෙන ගොස් ඇති අතර ඔවුන් ජාත්‍යන්තර රෙගුලාසි ගැන එතරම් තැකීමක් නොකරන බව පෙනේ.
    චීනයෙන් කාබනික පොහොර ආනයනය කිරීම පමණක් ශ්‍රී ලංකාවේ ස්වාභාවික වෘක්ෂලතා හා සත්‍ව විශේෂ වලට විශාල තර්ජනයක් වනු ඇත. ඔවුන් එය සිදු කර ඇත්තේ ආනයන වලදී එම ස්වභාවයේ ඕනෑම ආනයනයකට අදාළව බලාගාර නිරෝධායනය කිරීමේ සියළුම පියවරයන් උල්ලංඝනය කරමිනි. හැර, සැක කටයුතු බැක්ටීරියා ගැන පරීක්‍ෂා කරන ලෙස බතලගොඩ පර්යේෂණ මධ්‍යස්ථානයෙන් ඉල්ලන්නේ නැත, නමුත් ක්ෂේත්‍ර වල යෝග්‍යතාවය පරීක්ෂා කිරීම සඳහා සාම්පල ඔවුන් වෙත යොමු කරන ලදී. මෙම ඇමතිවරුන් සහ ඔවුන්ගේ බලධාරීන් කෙතරම් බොළඳ හා මෝඩ විය යුතුද?

  • 7
    0

    සුපිරි ව්‍යාජ දේශප්‍රේමීන්ගේ අවසාන නිදහසට කරුණ නම් ජාතිවාදයයි.

    කුරිරු පාස්කු ඉරිදා දිනෙන් පසු එළඹෙන පසුගිය මැතිවරණ දෙක තුළදී ඉහළ අපරාධකරුවන් ශ්‍රී ලංකාවේදී තෝරා පත් කර ගැනීමට හේතුව මෙයයි. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් දිගු කලක් සිරගතව සිටිය යුතු අය වූහ. ජනාධිපති තනතුරට තනිවම නාමයෝජනා ලබා ගැනීම ව්‍යාජ ය. නාම යෝජනා කැඳවීමේ කාලය වන විටත් නන්දසේන තවමත් එක්සත් ජනපද පුරවැසියෙකු වූ අතර එය මැතිවරණ කොමිසමේ බැහැර කිරීමේ නිර්ණායක විය යුතුව තිබුණි. මැතිවරණ කොමිසමේ මුලසුන දැරූ මිනිසා සෑම අතින්ම අල්ලස් ලබා ගත්තා ….. ඉතිං අපි කොහොමද මැතිවරණ ප්‍රතිඵලය ගැන කතා කරන්නේ.
    .
    පසුව 2019 අප්‍රේල් මාසයේදී නත්තල් ක්‍රිස්තියානි යාච් prayersා ඝාතනය කළ අතර, අවම වශයෙන් දහස් ගණනකට තුවාල සිදු විය. බෝම්බ ප්‍රහාරයෙන් තම කුඩා දරුවන් සිට වැඩිහිටියන් දක්වා පවුල් කිසිවක් නැති කැබලිවලට කැඩී බිඳී ගොස් ඇත. පළිගැනීමේ දෘෂ්ටිවාදයන් සහ උමතු ආගමික විශ්වාසයන් තුළ කිමිදෙන බාහිර මිනිසුන් ලොව පුරා ඔවුන්ගේ අවධානය දිනා ගැනීම සඳහා මෙවැනි ප්‍රහාර එල්ල කිරීමට සුදුසුකම් ලත් හේතු සොයමින් සිටියහ. 2021 අප්‍රේල් මාසයේදී දුප්පත් ශ්‍රී ලංකාව තෝරා ගන්නා තුරු නවසීලන්තයේ සහ වෙනත් පොහොසත් ගමනාන්තයන්හි භූමිය තෝරා ගත් පසු. 2018 ඔක්තෝබර් 52 දින කුමන්ත්‍රණයේදී ශ්‍රී ලංකාවේ දේශපාලන නොසන්සුන්තාවයේ මට්ටම ඉතා පැහැදිලි විය. පෝල්ටීෂියානුවන් විසින් පතුරුවන ලද අසත්‍යයන්ට මුළුමනින්ම මුරණ්ඩු වූ ශ්‍රී ලංකාව ඔවුන්ගේ සොහොන කපා දමා ඇත. මහබාබා සහ හොරු 40 ක් හිටපු රජයට තම රාජකාරිය නිසි පරිදි කිරීමට ඉඩ දුන්නේ නම් කිසිවක් එතරම් haveත්වන්නේ නැත. ඒ අසරණ පුරවැසියන් වැනි කිසි කෙනෙකුට තම ආදරණීයයන් අහිමි නොවිය යුතුව තිබුණි. ආපසු හැරී බලන විට ලාංකික දේශපාලනඥයින්ගේ, සිරිසෙනාගේ සහ රාජපක්‍ෂවරුන්ගේ අවදානම නොසලකා හැරිය යුතු නැත, මන්ද ඔවුන් උනන්දු වන්නේ බල තණ්හාව කෙරෙහි පමණක් බැවිනි. මහින්ද හෙවත් මහබාබා මහතා ධුර කාලය දෙකක් සම්පූර්ණ කිරීමෙන් පසු විනීතව ඉල්ලා අස්විය යුතුව තිබුණි. කෙසේ වෙතත්, ඔහුගේ කුරිරු මිනිසුන්, ඔහුව ඉහළින් තබාගෙන, ස්වයං උත්කර්ෂයට නංවමින්, විලෝපිකයන් හැසිරුනේ වෙනත් කුඩා සතුන් විසින් කුළුබඩු ගසන වන මී හරකුන්ගේ යෝධ මළ සිරුරු ඉතිරි නොකරන ලෙස ය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.