තිසුරි වන්නිආරච්චි –
පුරහඳත් කළුවර රෑ
හිරු ගැන හීන දකින්න
අඳුර පසාරු කරගෙන පායන්න
භීෂණේ වැසි ඉකිගසා අඬන අහසේ
නිදහසේ තටුගසා ඉගිලෙන්න
අවියට මුදලට නොනැමෙන්න
අසීරුම තැනත් සීරුවෙන් ඉන්න
පුරුෂාධිපති පවුරුපදනම් බිඳින්න
බිඳපු සුන්බුන් මත පයගසා හිටගන්න
රැල්ල මගහැර තනියම හිතන්න
හුඟක් දේ දුන්න අපේ දේදුන්න.