20 April, 2024

Blog

කොරෝනා වසංගතය – දුර දිග බලා ගතයුතු අවැසි පියවර

අප සියලු දෙනා දන්නා පරිදි කොවිඩ් රෝගය සම්බන්ධයෙන් අප රට තවමත් අධි අවදානම් කලාපයේ(එනම් red list) සිටින රටකි. සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කිරීම මගින් රෝගීන් සංඛ්‍යාව අඩුවීම, ඔක්සිජන් අවශ්‍ය රෝගීන්ගේ අඩුවීම සහ මරණ සංඛ්‍යාව අඩු වීම යන කරුණු තුනම මේ මොහොතේදී අපි දැන් යන්තමින් හෝ අත්දකිමින් සිටිමු .

මෙම දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කිරීම නිසා ආර්ථික වශයෙන් ඉතාම දැඩි බලපෑමකට පත්වී ඇත්තේ සමාජයේ ඉතාම දිළිඳු පුද්ගල කණ්ඩායම් බව මනාව පැහැදිලිය. ඔවුන්ට මුහුණ පෑමට සිදු වී ඇති මෙම අති දුශ්කර තත්ත්වය  අප හොඳාකාරව දන්නා නමුදු අප විසින් අමතක නොකළ යුතු දෙය නම් දැනට අප රෝගය පැතිරීම පාලනය  සම්බන්ධයෙන් යම් ජයග්‍රහණයක්  ලබා ඇත්නම් එය තවදුරටත් රැකගැනීම  සඳහා මෙම සංචාරණ සීමා දීර්ඝ කිරීම අත්‍යවශ්‍ය කරුණක් වන බව . අප මෙහිදී අදහස් කරන්නේ සංචරණ සීමා දීර්ඝ කිරීමේ තීරණ ගැනීමේදී දිගුකාලීන ජයග්‍රහණයක් ලැබීමට නම් කෙටි කාලීන විසදුම් සඳහා නොයා යුතු බවයි.

රටක් වශයෙන් අප බලාපොරොත්තු විය යුත්තේ අප දැනට සිටින දැඩි අවදානම් තත්ත්වය(රතු කලාපය) යන ලේබලයෙන් මිදී දිගුකාලිනව අඩු අවදානම් සහිත තත්ත්වයක් (කොළ කලාපයට)  කරා අප රට රැගෙන යාම . මෙහිදී තීරණ ගැනීමේ බලධාරීන්ගෙන් අප ඉල්ලා සිටින්නේ මේ සඳහා අවශ්‍ය කරන විශේෂඥ උපදෙස් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුග්‍රහය යටතේ අප රටේ විශේෂඥයන් මීට කලකට පෙර දුන් උපදෙස් මාලා පිළි ගෙන තවදුරටත් සංචරණ සීමා දිගු කිරීමඑනම් අඩුම වශයෙන් ලබන මස මුල දක්වා එය දීර්ඝ කරන ලෙසයි. මෙය අප විසින් අනුමත කරන්නේ  මෙම තීරණය මීට ප්‍රථම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුග්‍රහය යටතේ අපගේ විශේෂඥයන් විසින් විද්‍යාත්මක ලෙස දත්ත විශ්ලේෂණය කිරීමෙන් කරන ලද නිර්දේශයක් බැවිනි. තවද දැනට ක්‍රියාත්මක දැඩි සංචරණ සීමා එක්වරම අහෝසි කළහොත් අප රට පුරා දැනට විශාල වශයෙන් පැතිරෙමින් පවතින ඩෙල්ටා ප්‍රභේදය මගින් රටේ නැවතත් රෝගීන් වැඩි වීම සහ එමගින් මරණ සංඛ්‍යාව ඉහළ යාම තුළින් අප දැනට සති කිහිපයකට පෙර ලැබූ අත්දැකීම නැවත අත්විඳීමට සිදුවිය හැකි බව අපගේ විශ්වාසයයි.

පාසල් ළමුන්ගේ එන්නත්කරණය  සහ නැවත පාසල් විවෘත කිරීම ඉතා දැඩි සංයමයකින් යුතුව කළ යුතු දෙයකි. ළමා රෝග විශේෂඥ වෛද්‍ය වරුන්ගේ සංගමය විසින් යෝජනා කර ඇතිදැඩි අවදානම් සහිතළමුන්ගේ එන්නත්කරණය කිරීමේ අවශ්‍යතාව අප විසින් අනුමත කරන නමුදු සියලු පාසැල් ළමුන් එන්නත්කරණය සඳහා සුදුසු දැයි තීරණය කිරීම සඳහා දැනට අන්තර්ජාතිකව ඇති දත්ත ප්‍රමාණවත් නොවේ. එසේම  දැනට ඇති දත්ත මගින් අපට තීරණය කළ හැකි වන්නේ පාසැල් ළමුන් එන්නත්කරණය කිරීම අවශ්‍ය නම්, විශේෂයෙන්ම වයස අවුරුදු 12 සහ 18 අතර කණ්ඩායම සැලකීමේදී, Pfizer එන්නත මේ සඳහා ඉතාම සුදුසු එන්නත බව දැනට යෝජනා වී ඇති බවයි. තවද, සඳහා අවසන් තීරණය ගැනීමේදී තවදුරටත් විද්‍යාත්මක දත්ත විශ්ලේෂණයකින් පසුව මෙම තීරණය ගැනීම වැදගත් බව අපි අවධාරණය කරමු.

පාසල් නැවත විවෘත කිරීමේදී සිදුවිය හැකි ප්‍රධාන අවදානම නම් ලමයින්ගේ කෙළිලොල් හැසිරීම නිසා ඔවුන් අතරළමුන්ගෙ කොරෝනාකණ්ඩායමක්   බිහිවීමට ඇති හැකියාවයි. මෙමගින් නැවතත් පාසල් ළමුන් හරහා, වැඩි ප්‍රමාණයකට රෝගය බෝ වීම සිදුවිය හැකි වීම තවත් අවදානමකි.

සංචාරක ව්‍යාපාරය නැවත යථා තත්ත්වයට ගෙන ඒම මෙම අවස්ථාවේදී ආර්ථික වශයෙන් ඉතා වැදගත් වන නමුත් මෙහිදී අප විසින් ඉතා විධිමත් මෙන්ම විනිවිදභාවයෙන් යුතු ක්‍රමවේදයක් මගින් තෝරාගත් රටවල් කිහිපයකට වඩා ලෝකයේ ඕනෑම රටකින්  ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන සියලුම සංචාරකයින්ගේ ආරක්ෂාව පිළිබඳ දැඩි විශ්වාසයක් ඇතිකළ යුතු අතර ඔවුන්ට මෙහිදී රෝගය බෝවීමේ හැකියාව ඉතා අවම බව ප්‍රත්‍යක්ෂ වීමේ ඉතා පැහැදිලි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුය.

අපගේ අවධානයට ලක් වී ඇති අනිත් කරුණ නම් තෙවැනි මාත්‍රාවක අවශ්‍යතාව පිළිබඳව මේ දිනවල ඇති සංවාදයයි. මෙහිදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ලෙස අප දැඩි ලෙස විශ්වාස කරන්නේ සමාජ සාධාරණයට මුල්තැන දෙමින්  රෝගයට ගොදුරුවීමට වැඩි හැකියාවක් ඇති වයස අවුරුදු 60 වැඩි අය සහ අනෙකුත් අතුරු ආබාධ ඇති පුද්ගලයින්ට මාත්‍රාවන් දෙකම ලබා දීමට පෙර තරුණ සෞඛ්‍ය සම්පන්න අයට තෙවැනි මාත්‍රාවක් ලබා දීම  විද්‍යාත්මක සහ සමාජයීය මූලධර්මයන් පටහැනි වන බවයි. අප විසින් අවධාරණය කළ යුතු තව කරුණක් නම් වයස අවුරුදු 60 වැඩි සහ අනෙකුත් පිළිකා වැනි අතුරු ආබාධ ඇති , sinopharm දෙවැනි මාත්‍රාව ලබා දී ඇති අයට Pfizer හෝ වෙනත් වර්ගයක එන්නත තුන්වෙනි මාත්‍රාව ලෙස ලබාදිය යුතු බවයි. Sinopharm මාත්‍රා දෙකම ලබා වුවද මරණයට පත් වූ සංඛ්‍යාව අනිකුත් වර්ගවල එන්නත් මාත්‍රා දෙකම ලබා මරණයට පත්වූ සංඛ්‍යාවට වඩා සුළු වශයෙන් හෝ වැඩි වීම අපගේ මෙම යෝජනාවට හේතුවක් ලෙස දක්වමු.

අවසාන වශයෙන් , සමාජයේ වයස 20 සහ 30 අතර  තරුණ කණ්ඩායම් සඳහා sinopharm එන්නත ඉතා හොඳ ප්‍රතිශක්තිකරණයක් ලබාදෙන බව සෞඛ්‍ය ඉගැන්වීම්  මඟින් මනාව පැහැදිලි කර දී ඔවුන්ට sinopharm එන්නත ලබාදීම මගින් ලංකාවට අවශ්‍ය කරන එන්නත්කරණ ඉලක්ක ඉතා ඉක්මනින් සපුරා  ගැනීම මේ මොහොතේ දී අත්‍යවශ්‍යම කාරණයක් බව ඔවුන්ට ඒත්තු ගැන්වීම ඉතා වැදගත් බව අපි දැඩි ලෙස විශ්වාස කරමු.

                                         

විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු                                                      විශේෂඥ වෛද්‍ය R ඥාණසේකරම්                                
සභාපති                                                                                                 ලේකම්
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය                                                        විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

 

Print Friendly, PDF & Email

Latest comments

  • 3
    0

    දුප්පත් ලෝකයේ රටවල් ගණනාවක, ශ්‍රී ලංකාවේ, නියමිත එන්නත් සඳහා සියල්ල සූදානම් කර ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය එය වරක් ඇගයීය. යුරෝපයේ වෙනත් සමහර රටවල් මෙන් නොව, අපි ශ්‍රී ලාංකිකයන් එන්නත් කිරීමේ ව්‍යාපාර සඳහා කලාපීය ව්‍යුහයන් ස්ථාපිත කර ඇත්තෙමු. හාස්‍යයට කරුණ නම් වර්තමාන රජය සහ ඔවුන්ගේ මිලිටරීකරණය වූ පාලනය දශක ගණනාවක් තිස්සේ උපයන සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලික වටිනාකම් නොසලකා හැරීමයි. එය අද මෙන් පසුබෑමකට ලක්ව ඇත. පළමුවෙන්ම එය ජනවාර්ගික වශයෙන් සුළු ජාතීන්ට අයත් වුවද තමන්ගේම ජනතාවගේ භූමදානය වැළැක්වීමේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයයි. පකිස්ථානු තානාපතිවරයා ඒ කාරණයට සම්බන්ධ නොවූයේ නම්, ශිෂේණය asජු යැයි පෙනෙන වර්තමාන මිනිසුන් එය සමථයකට පත් නොකරනු ඇත. සුළු ගැටලුවලට පවා ඔවුන්ට විසඳුමක් සෙවිය නොහැක. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශයන්ට අනුකූලව නොමිලේ ප්‍රදාන ජබ් ලබා දීමේදීත් එය එසේම වේ. අද වැඩිපුරම මියගිය අය 60 ට වැඩි වන අතර ඔවුන්ට නියමිත වේලාවට ජබ් ලබා නොදුනි.

    contd.

    • 3
      0

      continuing.
      .
      ඔවුන් පොරොන්දු වූ සියල්ල වේදිකාවට පමණක් සීමා වී ඇති බව අද පැහැදිලි ය. ගොට්ටා ගැලවුම්කරුවෙකු වනු ඇතැයි සිතූ එම දේශීය උපාධිධාරීන් අද ගොළු වී ඇත. සුළු දෙයක් හෝ සාක්‍ෂාත් කර ගත නොහැක …. පන්දුව පෙරලී යමින් පවතින නමුත් එහි ප්‍රතිඵලයක් නොමැත. සමාජ මාධ්‍ය තුළින් අසන දේ යථාර්ථයක් බවට පත්වේ. මිනිසුන් අතරමං වී ඇත.

      බලය අල්ලා ඔවුන්ගේ ගෝත්‍රික අධිරාජ්‍යයා ගොඩනඟා වසර දෙකක් ගත වී ඇත. පසුගිය රජයට සාපේක්ෂව බලයේ සිටින තැනැත්තාට ප්‍රතිසංස්කරණය කිරීමට හෝ මහජනතාවගේ යහපත සඳහා නව නීති සහ උපාය මාර්ග ගෙන ඒමට සියලු බලතල ඇත. නමුත් නායකත්වයේ හිස රහිත ස්වභාවය අද වන විට ජනතාවට පැහැදිලි වෙමින් පවතී. මුළු ලෝකයම අද අප දෙස පහත් ලෙස බලා සිටින අතර තවත් අවුල් සහගත ප්‍රවෘත්ති කිහිපයක් පැමිණීමට නියමිතය. වත්මන් ජනාධිපතිවරයා දින දෙකකින් එක්සත් ජාතීන්ගේ සැසිවාරයේදී ලෝකය ඇමතීමට සූදානම් වීමත් සමඟ ලැජ්ජාශීලී ජනාධිපතිවරයාගෙන් එළියට එන දේ රට තුළ සහ ඉන් පිටත තවත් නොසන්සුන්තාවයකට තුඩු දිය හැකිය. පරියා රට සෑම අතින්ම ලෝකයට පැයෙන් පැය පැහැදිලි වෙමින් පවතී.
      :
      ලබා ගත හැකි කලාපීය යාන්ත්‍රණයන් භාවිතයෙන් සකස් කරන ලද එන්නත් ලබා දීම වැනි සුළු ගැටලු පවා මිලිටරි සෞඛ්‍ය ආරක්‍ෂක මධ්‍යස්ථානයට ඉහළින් තිබී ඇතැයි සිතීම අසාර්ථක විය. පුවත්පත් ලැජ්ජාශීලී මෝඩ ජනාධිපති විසින් කිසිදු තර්කයක් ඉදිරිපත් නොකරයි. කමක් නැත, රජය බලයක් නැති ආණ්ඩුවක් සේ පෙනේ. මේ සියල්ල සැබෑ අනතුරකට පෙර සලකුණු කිහිපයක් මෙනි.

      • 3
        0

        ඔවුන් බලයට පත් වූයේ ජනතාව නොමඟ යැවීමෙනි. මිනිසුන්ගේ වෙනස් කළ නොහැකි මෝඩකම සහ උන්මන්තක භික්ෂූන් වහන්සේලා ජාතිවාදය remoteත ගම්මාන වෙත ප්‍රවාහනය කිරීමෙන් සහ ඔවුන්ගෙන් ආකර්ෂණීය කරවීම සඳහා මූලික වූ අතර ඔවුන්ගෙන් අවසාන ඡන්දය එකතු කර ගත්හ. විරුද්ධ පක්ෂවලට විරුද්ධව ඔවුන්ගේ ඡන්ද එකතු කර ගැනීම සඳහා වෙනත් අය පත් කරන ලදි. පසුගිය දශක කිහිපය තුළ අසරණව සිටින වැවිලි දෙමළ ජනයා සහ ඔවුන්ගේ නියෝජිතයින් වර්තමාන හෝ එම්ආර් පරිපාලනය විසින් කිසි විටෙකත් ලබා නොදුන් වැටුප් වැඩිකිරීමේ පොරොන්දු දී හීලෑ කර ඇත. එජාප පක්ෂ නායකයින් සහ ජවිපෙ නායකයින් කොන් කරමින් ඔවුන් විසින් හැකි සෑම දේශපාලන උපක්‍රමයක්ම සකස් කරන ලදී.
        අද, එකම ඡන්දදායකයන් අතරමං වී සිටින අතර, නායකත්වය රාජපක්‍ෂ සහෝදර සහෝදරියන් හා ඔවුන්ගේ ගෝලබාලයින්ට සීමා වී ඇති හෙයින්, ඔවුන්ගේ දේශපාලන පැවැත්ම සඳහා එවකට පැවති හෙජ්මෝනිය ව්යාප්ත කරමින් ඔවුන්ගෙන් කිසිවෙකු තම හදවත ප්රකාශ කළේ නැත. අද මිනිස්සු හේතුවක් නැතිව මැරෙනවා. ඔවුන්ට නියමිත වේලාවට එන්නත් ලබා දුන්නේ නම් ඔවුන් ජීවතුන් අතර සිටිය හැකිය. ආදරණීය දෙමව්පියන්ගේ දිනයක් වූවත් තමන්ගේම චිඩ්ලන්ලාගේ සිහිනයයි, කෙසේ වෙතත්, රාජපක්ෂවරු එය නොසලකා හැර ඇත්තේ තම බලය දිනා ගැනීම නිකරුණේ සිදු වූවාක් මෙනි. තවද සෑම දෙනාගේම ඇසට ඔවුන් අද සදාකාලික පරාජිතයින් හා සමාන ය. ඔවුන් ක්‍රියාත්මක කරන ඕනෑම දෙයක් අසාර්ථක වන නමුත් එය ජනතාවගේ වියදම මත සිදු වේ.

    • 3
      0

      බලවත් රාජපක්‍ෂ කෙරෙහි මිනිසුන්ගේ වෛරය වැඩිවෙමින් පවතී. දින කිහිපයකට පෙර, එම්ආර් සහ ඔහුගේ 17 දෙනෙකුගෙන් යුත් නියෝජිත මණ්ඩලය විසින් ඉතාලියට යන වර්තමාන පිරිවර ඉතාලියේදී අනපේක්ෂිත පසුබෑමකට හසු විය. ඒප්රිල් 2019 හි එස්ටර් බෝම්බ පිපිරීමෙන් මියගිය විපතට පත් වූවන්ට යුක්තිය ඉටු කරන ලෙස නැවත නැවතත් ඉල්ලමින් ලොව පුරා සංක්රමණිකයින්ගේ කණ්ඩායම් සිටි අතර, නොබියව විරෝධතා දැක්වූහ.
      මෙම කණ්ඩායම් ඉතාලියේ පමණක් නොව අසල්වැසි රටවලින් ද සමන්විත වූහ. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් “ජාතික පිය” නම් කෝපය සහ වෛරය විදහා දැක්වීම සඳහා “කළු කොඩි” එල්ල කරන රජයට අභියෝග කළහ: එම්ආර්ට කට උත්තර නැති වූ අතර මෙය ඔහුගේ ජීවිතය පවා විනාශ කළ හැකි නමුත්, පසු දින සමහර නිර්ලජ්ජිත පිරිමි සහ ගැහැණු (බොහෝ විට සමහර විට ඔවුන් විය හැකිය) ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා වැඩ කිරීම) ස්වයං උත්කර්ෂයෙන් ආරම්භ කළ අතර වසර 30 ක් පැරණි සිවිල් යුද්ධය සම්බන්ධයෙන් ඔහු සහ ඔහුගේ ජයග්‍රහණය ප්‍රශංසා කළේය.
      යමෙකුට “සුදු කොඩි” දැමිය යුතු දින වැඩි willතක නොවන බව පවසමින් බොහෝ දෙනෙක් අදහස් දක්වා ඇති බව සමාජ මාධ්‍ය වේදිකාවලදී මම දුටුවෙමි. මෙහි තේරුම නම්, රාජපක්ෂලාට ඡන්දය දීමට පැමිණි ඊනියා ඡන්දදායකයන් අද ඔහුට ශාප කරන අතර ඔවුන්ගේ ආදරය අද රාජපක්ෂවරුන් ලෙස වෙනස් කර ගත් බවයි. මෙය මේ රටේ අනාගතය සඳහා වූ විශාල දියුණුවකි.

    • 3
      0

      කොවිඩ් වසංගතයට ගොදුරු වූ අසරණයන්ගේ දැඩි අවශ්‍යතා මුළුමනින්ම නොසලකා හරිමින් තත්වය කෙසේ හෝ වෙනස් වුවහොත් මිනිසුන් රාජපක්‍ෂ මිනීවළට ශාප කරනු ඇත. අද දින ආහාර වේල් 3 ගැන මිනිසුන් සිහින දකින අතර, බදු ගෙවන්නන්ගේ පිරිවැය මත පාලකයින් සහ සහෝදරයින් දෙදෙනා විදේශ සංචාර සඳහා සහභාගී වන අතර, වෙනත් බොහෝ සමාන අදහස් ඇති ජාතීන් එක්සත් ජාතීන්ගේ සැසිය සඳහා වෙබ් සම්මන්ත්‍රණ මඟින් සහභාගී වේ. කොවිඩ් පැහැදිලිවම කියා සිටියේ, අපේ ජනතාවගෙන් වැඩි දෙනෙක්, විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ වෙසෙන, ඔවුන්ගේ දෛනික වැටුප මත බෙහෙවින් යැපෙන බවයි. පාලකයින් තමන්ගේ බෝනස් ඉපැයීමේ සංකල්ප සඳහා බොරු සහ සංඛ්‍යා ලේඛන සඳහා වපුරන නමුත් කෙසේ වෙතත්, පසුගිය දශක 2 තුළ මේ රටේ සැලකිය යුතු ජනකායක් නිසි ජීවනෝපාය මාර්ග නොමැතිව දුක් විඳිමින් සිටිති. ඔවුන්ගේ මුලාශ්‍ර දේශපාලනය තුළින් ඉහළ ධනස්කන්ධ හැසිරවීම් තුළින් අතිමහත් ධනස්කන්ධයක් ලබාගෙන ඇත්තේ මැර පිරිසක් පමණි. ආදායම් මාර්ග සඳහා ඔවුන් බදු ගෙවන්නේද නැත.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.