26 April, 2024

Blog

නීති විරෝධී යාන්ත්‍රික මැණික් කැණීමෙන් රත්නපුර ජනතාව දැඩි පීඩනයක

සජීව චාමිකර

සජීව චාමිකර

ප්‍රබල දේශපාලඥයින් දෙදෙනෙකු ගේ මෙහෙයවීම යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු යාන්ත්‍රික මැණික් පතල් කැණීමෙන් විශාල වාසි අත්පත් කර ගනිද්දී අවට බහුතර ජනතාවක් දැඩි පීඩාවකට පත් සිටිති. පානීය ජලය අහිමි වීම, දෛනික ජල අවශ්‍යතාවන් සපුරා ගැනීමට නොහැකි වීම, කුඹුරු ඉඩම් භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත් වීම, කඳු වැටි නායේ යෑමට ලක් වීම, මාර්ග හා ජනාවාස භාවිතයට ගත නොහැකි වීම සහ මේ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස ජන දිවිය බිඳ වැටී බොහෝ ජනතාවක් අවතැන් වීම සිදු තිබේ. නමුත් ව්‍යාපාරික බලය හා දේශපාලන බලය භාවිත කරමින් ජනතාවට ඇති වන සියලු පීඩාවන් යටපත් කිරීම හේතුවෙන් යාන්ත්‍රික පතල් කැණීම් ප්‍රදේශ අවට ජීවත් වන ජනතාව සියලු මූලික අයිතිවාසිකම් අහිමි වූ ජනතාවක් ලෙස ජීවත් වේ

මේ තත්ත්වය ඇති වීමට ප්‍රධාන හේතුව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හා පොලිස් දෙපාර්තමේන්තුව සියලු වගකීම් පැහැර හැරීම . නීති විරෝධී මැණික් කැණීම් කටයුතු නතර කිරීමට අවශ්‍ය වැටලීම් සිදු නොකිරීම, බලපත්‍රවල කොන්දේසි අනුව කැණීම් සිදු කිරීම පිළිබඳ සොයා බැලීමට පසු විපරම් නොකිරීම පමණක් නොව නීති විරෝධී කැණීම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට අල්ලස් ලබා ගැනීම සඳහා බලපා තිබේ. මීට අමතර නීත්‍යානුකූල නොවන ක්‍රමවේදයන් යටතේ බලපත්‍ර ලබා දීමට අල්ලස් ලබා ගැනීම ඇතුළු ක්‍රියාමාර්ග වර්ධනය වීම හේතුවෙන් යාන්ත්‍රික මැණික් කැණීම් නිසා ඇති වන මහජන පීඩාවන් ප්‍රමාණය වර්ධනය වී තිබේ. මේ නිසා මැණික් කර්මාන්තයෙන් රටට ලැබෙන ආර්ථික වාසිවලට වඩා ඇති වන පාරිසරික හා සමාජයීය බිඳ වැටීම් ඉහළ මට්ටමක පවතී.

එල්ලාවල ප්‍රදේශයේ බැකෝ යන්ත්‍ර යොදා ගෙන යාන්ත්‍රික මැණික් කැණීම් සිදු කරන ආකාරය.

මැණික් අධිකාරියේ නීති විරෝධී ක්‍රියාමාර්ග

1993 අංක 50 දරන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනතේ මූලික අර්ථනිරූපනයේ දැක්වෙන්නේ මැණික් කර්මාන්තය විධිමත් කිරීම සඳහා මෙම පනත ක්‍රියාත්මක වන බව . මෙම පනතේ 2(1) වගන්තිය යටතේ පිහිටුවා ඇති ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මැණික් කර්මාන්තය විධිමත් කිරීමට කටයුතු කරනවා වෙනුවට මගින් උග්‍ර මහජන පීඩාවන් ඇති කරමින් ජන දිවිය බිඳ වැටීමට හේතු වන ආකාරයෙන් ව්‍යාපාරිකයින්ට කටයුතු කිරීමට ඉඩ දී සිටිති. 2020 ජනවාරි 14 වන දින දරන විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් සිදු කර ඇති ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විශේෂ විගණන වාර්තාව විශ්ලේෂණය කර බැලීමේ දී පෙනී යන්නේ නීති විරෝධී මැණික් කැණීම්වලට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීම ප්‍රමාණවත් සිදු කර නොමැති බව . නමුත් වෙනුවට මෙම අධිකාරියේ නිලධාරීන් මහ පරිමාණයෙන් අල්ලස් ලබා ගැනීම සිදු කරන ආකාරය මෙම කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයින්ගේ ප්‍රකාශ මගින් තහවුරු වී ඇත.

2000 අංක 53 දරන පනතින් අවසන්වරට සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් බගවන්තලාව මහ පරිමාණ යාන්ත්‍රික මැණික් කැණීම, කුරුවිට, පැරඩයිස්වත්ත මහ පරිමාණ යාන්ත්‍රික මැණික් කැණීම සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කටයුතු කළ ආකාරයෙන් පෙනී යන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට මහ පරිමාණ මැණික් ජාවාරම් සිදු කිරීම සඳහා ව්‍යාපාරිකයින්ට මඟ පෙන්වීම සිදු කරන බව .

එපමණක් නොව කුඹුක්කන්ඔයේ නියදැල්ල, උපාලිය ප්‍රදේශවල හා රත්නපුර දිස්ත්‍රික්කයේ වේ ගගේ බණමඩු වල සහ බැංකු වල ආදී ස්ථාන බොහොමයක නීති විරෝධී මහ පරිමාණ යාන්ත්‍රික මැණික් කැණීම් කටයුතු සිදු කිරීම සඳහා ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලබා දීම හා නීති ක්‍රියාත්මක නොකර සිටීම හේතුවෙන් සිදු වූ විනාශය මෙතෙකැයි ගණනය කළ නොහැකි . මෙම යාන්ත්‍රික මැණික් කැනීම් හේතුවෙන් ගංගාවල් ඇතුළු ජල මූලාශ්‍ර භාවිතයට ගත නොහැකි තත්ත්වයට පරිවර්තනය වීම පමණක් නොව ඒවායෙහි ජීවත් වූ සියලු ජෛව ප්‍රජාව සම්පූර්ණයෙන් වඳ වීමට ලක් වී ඇත.

බැකෝ යන්ත්‍ර ආධාරයෙන් වලවල් සකසා යාන්ත්‍රික මැණික් කැණීම් සිදු කර අනතුරුදායක ලෙස අතහැර දමා ඇති ප්‍රදේශ.

යාන්ත්‍රික පතල් කැණීම සඳහා බැකෝ යන්ත්‍ර, බුල්ඩෝසර් යන්ත්‍ර, උකහා ගැනීමේ යන්ත්‍ර (උකහා ගැනීමේ යන්ත්‍ර රත්නපුර ප්‍රදේශයේ පොම්ප ගැසීම ලෙස හඳුන්වයි.) පමණක් නොව යාන්ත්‍රික සැල්ලඩ භාවිතා කරනු ලැබේ. මේවා භාවිතයෙන් එක් වරකට විශාල ප්‍රදේශයක් කැණීම් කරන අතර යාන්ත්‍රික ඉල්ලම් සේදීමේ දී විශාල රොන්මඩ ප්‍රමාණයක් අඛණ්ඩව ජල මූලාශ්‍රවලට එක් වේ. හේතුවෙන් ජල මූලාශ්‍ර සියල්ල සම්පූර්ණයෙන් රොන්මඩින් පිරී යාමට ලක් වෙති. යාන්ත්‍රික මැණික් පතල් කැණීමෙන් ගංගා පතුල් ගැඹුරු වීම, ඉවුරු විනාශ කිරීම, ඉතා ගැඹුරු පතල් කැණීම හේතුවෙන් භූගත ජල මට්ටම පහළ යාම නිසා අවට බොහෝ ජනතාවකට ළිං ජලය භාවිත කළ නොහැකි වීම හා කුඹුරු ඉඩම් වගා කළ නොහැකි තත්ත්වයකට පත් වීම සිදු තිබේ. මේ සියලු හේතු මත යාන්ත්‍රික පතල් කැණීම් භූමි අවට ජීවත් වන ජනතාව දැඩි පීඩනයකට ලක් සිටිති.

අල්ලස් මත නීති ක්‍රියාත්මක නොකිරීම

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනතේ 15(1) වගන්තියට අනුව රජයේ හෝ පෞද්ගලික ඉඩමක මැණික් කැණීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් එක බලධරයා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියයි. එපමණක් නොව එම පනතේ 15(2) වගන්තියට අනුව බලපත්‍රයක් නොමැතිව කුමන ආකාරයක හෝ මැණික් පතල් කැණීමක් සිදු කළ නොහැකි . පනතේ 15(4)()(ii) හා (iii) වගන්තිවලට අනුව බලපත්‍රයේ කොන්දේසිවලට හා නියමයන්ට යටත් කැණීම් කටයුතු සිදු කළ යුතු අතර ලබා දෙන බලපත්‍රය මාස 12 කාලයක් සඳහා පමණක් වලංගු වේ. මෙම පනතේ 15(6) හා (7) වගන්තිවලට අනුව බලපත්‍රයක කොන්දේසි හා නියමයන් පැහැරහරින අවස්ථාවක එම බලපත්‍රය අවලංගු කිරීමේ බලය මෙම අධිකාරියට ඇත. පනතේ 48(1) වගන්තියට අනුව බලපත්‍රයක් සහිත හෝ රහිත සිදු කරන මැණික් කැණීම් භූමියකට ඇතුළු වීම හා පරීක්ෂා කිරීමේ බලය අධිකාරියට හා අධිකාරිය විසින් බලය පවරන අයකුට හැකියාව ඇත. 48(2) වගන්තියට අනුව මැණික් කැණීම් භූමියකට ඇතුළු වීම සඳහා බාධා කිරීම හෝ බලපෑම් කිරීම සිදු කරන පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කර වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් දසදහසක් දක්වා දඩයකට හෝ මාස 6 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට යටත් කළ හැකි .

මෙම පනතේ 49(1) වගන්තියට අනුව නීති විරෝධීව මැණික් කැණීම් සඳහා භාවිතා කරන භාණ්ඩ අත් අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීමේ බලය ඇති අතර 50 වන වගන්තියට අනුව ඒවා රජය සතු වන්නේය. 51(2) වගන්තියට අනුව නීති විරෝධීව මැණික් කැණීම් කරන පුද්ගලයකු අත් අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයක් වෙත යොමු කර වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් දස ලක්ෂයක් දක්වා දඩයකට හෝ වසර 5 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ලක් කළ හැකි .

මෙතරම් විශාල බලතල ප්‍රමාණයක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනතෙන් එම අධිකාරියට ලබා දී තිබිය දී මෙම බලතල භාවිතා කර විධිමත් මැණික් කැණීම් කටයුතු රට තුළ ක්‍රියාත්මක කිරීමට මඟ පෙන්වීම වෙනුවට සිදු කරන්නේ ප්‍රභල දේශපාලඥයින් හා මහ පරිමාණ ව්‍යාපාරිකයින් සමඟ සම්බන්ධ වී ජාවාරම් කටයුතුවල නිරත වීම හා අල්ලස් ලබා ගනිමින් ජාවාරම්කරුවන්ට රැකවරණය ලබා දීම . එහි අවසන් ප්‍රතිඵලය අවට ජීවත් වන ජනතාව දැඩි පීඩනයකට ලක් වීම .

පොලීසිය බලතල ක්‍රියාත්මක නොකිරීම

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනතේ 47 වන වගන්තියේ සඳහන් වන ආකාරයට මෙම පනතේ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා එම අධිකාරියට වෙනත් රාජ්‍ය නිලධාරීන්ට බලය පැවරිය හැකි . අනුව 2013.10.16 වන දින අංක IGP/Fax/IN/1634/2014 දරන ලිපිය මගින් එම බලය පොලිස් නිලධාරීන්ට හා පොලිස් විශේෂ කාර්යය බලකායේ කඳවුරු භාර නිලධාරීන්ට පවරා ඇත. 2015.05.11 වන දින පොලිස් චක්‍රලේක අංක 2542/2015 අනුව බලපත්‍ර නොමැති නීති විරෝධීව මැණික් කැණීම් සිදු කරන ස්ථාන වැටලීමේ හා එවන් නීති විරෝධී ක්‍රියාවන්වල නිරත පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමේ බලය පිළිබඳ සියලු පොලිස් නිලධාරීන් වෙත දැනුම් දී තිබේ.

නීති විරෝධී මැණික් කැණීම් සිදු කරන ස්ථාන පොලිස් නිලධාරීන්ට හඳුනා ගැනීම පහසු කිරීම සඳහා වලංගු බලපත්‍ර සම්බන්ධයෙන් ලැයිස්තුවක් සෑම මසක මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රාදේශීය කළමනාකරු විසින් අදාළ පොලිස් ස්ථානය වෙත ලබා දිය යුතු . නමුත් ලබා දී ඇති සියලූ බලතල භාවිත කර අදාළ ප්‍රදේශවල පොලිස් නිලධාරීන් විසින් සිදු කරන්නේ අල්ලස් ලබා ගනිමින් නීති විරෝධී මැණික් කැණීම් කටයුතු බාධාවකින් තොර සිදු කර ගෙන යාමට පහසුකම් සැලසීම පමණි.

2000 අංක 53 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 32(2) උප වගන්තියට අනුව ප්‍රකාශිත 2006 ජූලි 17 වන දින අංක 1454/4 දරන ගැසට් නිවේදනය අනුව 2006 අංක 1 දරන වැලි හා මැණික් ගවේෂණය කිරීම, පතල් හෑරීම හා උකහා ගැනීම පිණිස උපකරණ භාවිතය ගහනම් කිරීමේ ජාතික පාරිසරික නියෝගවලට අනුව තහනම් උපකරණ වන බැකෝ යන්ත්‍ර, බුල්ඩෝසර් යන්ත්‍ර හා උකහා ගැනීමේ යන්ත්‍ර භාවිතා කර ගංගා තුළ හෝ ගං ඉවුරුවල හෝ ගංගා රක්ෂිතවල මැණික් කැණීම තහනම් වේ. ගංගා රක්ෂිත ලෙස සඳහන් වන්නේ මීටර 25 වඩා අඩු පළලක් සහිත දියපහරවල ඉවුරේ සිට මීටර 30 ක් හා මීටර 25 වඩා වැඩි පළලක් සහිත දියපහරවල ඉවුරේ සිට මීටර 60 ක් දක්වා පැතිර පවතින ගංගා දෙපස ප්‍රදේශයයි. මෙම ප්‍රදේශය තුළ යාන්ත්‍රික පතල් කැණීම සඳහා බලපත්‍ර ලබා දීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට හැකියාව නොමැත.

ගංගාවල හෝ එහි රක්ෂිත ප්‍රදේශවල නීති විරෝධී යාන්ත්‍රික මැණික් කැණීම් සිදු කරන පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමේ බලය මධ්‍යම පරිසර අධිකාරියට ඇති අතර පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට යටත් කළ හැකි .

යාන්ත්‍රික මැණික් කැණීමෙන් කුඹුරු ඉඩම් වැනසීම

කුඹුරු ඉඩම්වල මැණික් කැණීම සඳහා බලපත්‍ර ලබා ගැනීමේ දී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිර්දේශ ලබා ගත යුතු වේ. මෙම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රත්නපුර දිස්ත්‍රික්කයේ ඉතා සශ්‍රික කුඹුරුවල පවා මැණික් කැණීමට අනුමැතිය ලබා දේ. එම අනුමැතීන් මත නැවත භාවිතයට ගැනීමට නොහැකි තත්ත්වයට කුඹුරු ඉඩම් පරිවර්තනය කළ දිගින් දිගට මැණික් ව්‍යාපාරිකයින්ගෙන් අල්ලස් ලබා ගනිමින් කුඹුරු ඉඩම් තුළ මැණික් කැණීම සඳහා අවසර ලබා දේ. යාන්ත්‍රික පතල් කැණීම සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් අවසර ලබා දෙනු ලබන්නේ අක්කර එකක් හෝ ඊට වැඩි භූමි ප්‍රමාණයක් සඳහා . අනුව අක්කරයකට වඩා වැඩි කුඹුරු ඉඩම් මේ වන විට රත්නපුර දිස්ත්‍රික්කය තුළ මහ පරිමාණයෙන් බැකෝ යන්ත්‍ර යොදා ගෙන මැණික් කැණීම් කරති. කුඹුරු ඉඩම්වල විශාල වලවල් සකස් කර මැණික් ඉල්ලම් මතු කර ගැනීම සිදු කරන අතර බැකෝ යන්ත්‍ර යොදා ගෙන සිදු කරන කැණීම් කටයුතු පහසු කිරීම සඳහා විශාල වතුර පොම්ප මගින් කුඹුරු ඉඩම්වල ජලය සම්පූර්ණයෙන් ඉවත් කරනු ලැබේ. මේ හේතුවෙන් අවට ළිං සිදීයාම පමණක් නොව අවට පිහිටි බොහෝ කුඹුරු ඉඩම් භාවිතයට ගත නොහැකි තත්ත්වයට පරිවර්තනය වේ. යාන්ත්‍රික සැල්ලඩ මගින් මැණික් ඉල්ලම් සේදීමේ දී ඉවත් වන රොන්මඩ විශාල වශයෙන් ජල මූලාශ්‍රවල හා අවට කුඹුරු ඉඩම්වල තැම්පත් වීම සිදු වේ. මේ නිසා යාන්ත්‍රික මැණික් කැණීම් සිදු කරන කුඹුරු ඉඩම් ආශ්‍රිත පිහිටි අනෙක් කුඹුරු ඉඩම් භාවිතයට ගත නොහැකි තත්ත්වයට පරිවර්තනය වේ. මේ සියල්ල සිදු වෙද්දී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව දිගින් දිගට මැණික් කැණීම් සඳහා නිර්දේශ ලබා දේ.

යාන්ත්‍රික මැණික් කැණීම් මහ පරිමාණයෙන් සිදු වන ස්ථාන

කිරිඇල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ හැරනියාව ප්‍රදේශයේ පිහිටි කළු ගඟේ, කුරුගම්මෝදර, වක්කලම ලෙස හඳුන්වන ස්ථානයේ නීති විරෝධී මහ පරිමාණයෙන් උකහා ගැනීමේ යන්ත්‍ර (Sucker Machine) 4 ක් භාවිතයෙන් මැණික් කැණීම සිදු කරයි. කළු ගඟේ සිදු කරන මෙම මැණික් කැණීම් හේතුවෙන් ගං ඉවුරු හා ගං පතුළ සම්පූර්ණයෙන් විනාශ කරමින් අධික රොන්මඩ ප්‍රමාණයක් කළු ගඟට එක් කරයි. මේ හේතුවෙන් අවට ජනතාවට ගඟ භාවිත කිරීමට ඇති අවස්ථාව සම්පූර්ණයෙන් අහිමි කර දැවැන්ත විනාශයක් සිදු කර තිබේ.

කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් එල්ලාවල, එල්ලාවල පහළගම, එල්ලාවල ඉහළගම හා මාටුවාගල ග්‍රාමනිලධාරී වසම්වල අද වන විට කුඹුරු ඉඩම් සම්පූර්ණයෙන් විනාශ කරමින් යාන්ත්‍රික මැණික් කැණීම් සිදු කරයි. බැකෝ යන්ත්‍ර මගින් කුඹුරු ඉඩම් කැණීම් කර හුණුගල කැඩීම සඳහා බෝර පිපිරවීම සිදු කර ඉල්ලම් මතු කර ගනී. දහවල් කාලයේ පමණක් නොව රාත්‍රි කාලයේ මෙම ප්‍රදේශයේ මැණික් කැණීම් කටයුතු සිදු කරන අතර බෝර පිපිරවීම් දවස පුරාම සිදු කරනු ලැබේ. මේ නිසා විශාල කුඹුරු ඉඩම් ප්‍රමාණයක් අතහැර දමා තිබේ.

එල්ලාවල, පිටකන්ද ප්‍රදේශයේ බැකෝ යන්ත්‍ර ආධාරයෙන් මහ පරිමාණ මැණික් කැණීම් හේතුවෙන් පිටකන්ද නායේ යෑමේ අවධානමක් මතු තිබේ. මේ නිසා ආශ්‍රිත ජීවත් වන පවුල් කිහිපයක් ඉවත් කර මාටුවාගල ප්‍රදේශයේ පදිංචි කර තිබේ. එම කන්ද ආශ්‍රිත දැනට පදිංචි සිටින ජනතාවට එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙසට අනතුරු අඟවා තිබේ.

යාන්ත්‍රික පතල් කැණීම හේතුවෙන් මාර්ග බොහොමයක් භාවිතයට ගත නොහැකි ලෙස විනාශයට පත් ඇත. මේ නිසා එල්ලාවල පරණ පාර සහ එල්ලාවලනාකන්දල පාර ගිලා බැසීමට ලක් තිබේ. කුඹුරු ඉඩම්වලට අමතර පොල්, තේ හා රබර් ඉඩම්වල අද වන විට බැකෝ යන්ත්‍ර ආධාරයෙන් පතල් කැණීම් සිදු කරයි. එසේ මැණික් කැණීම් කළ ස්ථාන සියල්ල ඉතා අනතුරුදායක ලෙස අතහැර දමා තිබේ. පිළිබඳ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කිසිදු සොයා බැලීමක් සිදු නොකරයි. ඊට අමතර කුරු ගඟේ අතු ගංගාවක් වන එල්ලාවල ගඟේ මේ වන විට යාන්ත්‍රික මැණික් කැණීම් නීති විරෝධී ලෙස සිදු කරනු ලැබේ.

යාන්ත්‍රික මැණික් කැණීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් අහිමි කිරීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදය යටතේ දැක්වෙන මූලික අයිතිවාසිකම් කොටසේ 12(1) ව්‍යවස්ථාවට අනුව නීතිය පසිදලීම සහ ක්‍රියාත්මක කිරීම නීතියේ රැකරවණය සර්ව සාධාරණ විය යුතු , යනුවෙන් සඳහන් වුව රත්නපුර දිස්ත්‍රික්කයේ යාන්ත්‍රික මැණික් කැණීම් සිදු කරන්නේ මෙම මූලික අයිතිවාසිකම ප්‍රදේශවාසීන්ට අහිමි කරමිනි. 14(1)() හා () ව්‍යවස්ථාවල දැක්වෙන ලෙස නීත්‍යානුකූල වෘත්තියක නිරත වීමේ නිදහස හා අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස යාන්ත්‍රික මැණික් කැණීම් හේතුවෙන් අහිමි කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හය වන පරිච්ඡේදයේ දැක්වෙන රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් කොටසේ 27(14) ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩි දියුණු කළ යුතු , යනුවෙන් සඳහන් වුව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මැණික් ව්‍යාපාරිකයන් හා ප්‍රභල දේශපාලඥයින් සමඟ එක් වී රත්නපුර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ යාන්ත්‍රික පතල් කැණීමෙන් සම්පූර්ණයෙන් වනසමින් සිටිති.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය උල්ලංඝනය කිරීම

වත්මන් ජනාධිපතිතුමන් ජනතාව සමඟ සම්මුති ගත වූ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අට වන කොටසේ තිරසර පරිසර ප්‍රතිපත්තියක් යටතේ දැක්වෙන ආකාරයට ස්වාභාවික ව්‍යවනයන්ට ඔරොත්තුදෙන ගම්මාන ඇති කිරීම, හරිත සංවර්ධනයක් ඇති කිරීම, ස්වාභාවික පරිසර පද්ධති සංරක්ෂණය කිරීම වැනි ප්‍රතිපත්තිමය කරුණු සම්පූර්ණයෙන් උල්ලංඝනය කරමින් වත්මන් ආණ්ඩුවේ ප්‍රභල දේශපාලඥයින් සම්බන්ධ වෙමින් අද වන විට රත්නපුර දිස්ත්‍රික්කය පුරා නීති විරෝධී ලෙස යාන්ත්‍රික මැණික් කැණීම් සිදු කරයි. මේ නිසා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය වචනවලට පමණක් සීමා වී තිබේ.

මැණික් යනු රටට සම්පතක් බව අප පිළිගනිමු. රත්නපුර දිස්ත්‍රික්කයේ අවසාධිත දියලු තැම්පතුවල පවතින මැණික් ක්‍රමාණුකූලව ලබා ගෙන අපනයනය කිරීමෙන් විශාල විදේශ විනිමයක් ලබා ගත හැකි . මෙරටින් අපනයනය කරන වර්ග 75 ක් පමණ වන මැණික් ගල් වර්ග වෙළෙද පොල තුළ දුර්ලභ වන තරමට සඳහා වැඩි වටිනාකමක් හිමි වේ. නමුත් අද වන විට යාන්ත්‍රික කැණීම් ක්‍රම මගින් කෙටි කාලයක් තුළ විශාල පරිසර විනාශයක් සිදු කර වැඩි මැණික් ප්‍රමාණයක් මතු කර ගෙන බහුල අපනයනය කිරීම හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙද පොලේ මෙරට මැණික් සුලභ වීම තුළින් වෙළෙද පොල ඉල්ලුම අවම වී ලැබෙන ආදායම අඩු වී යයි. මේ තත්ත්වය අද වන විට අප රට මුහුණ දෙමින් තිබේ.

දැවැන්ත පරිසර විනාශයක් සිදු කර ජන දිවිය සම්පූර්ණයෙන් බිඳ දමමින් ජීවත් වීමට ඇති අයිතිය පවා අහිමි කරමින් සිදු කරන යාන්ත්‍රික මැණික් කැණීම් තුළින් අවසානයේ මෙරටට ඉතිරි වන්නේ විනාශයන් පමණි. මේ නිසා තිරසර ක්‍රමවේදයක් යටතේ පාරම්පරික මැණික් කැණීම් ක්‍රම තුළින් සියලූ ජනතාවට ප්‍රතිලාභ හිමි වන අයුරින් මැණික් කර්මාන්තය ප්‍රවර්ධනය කළ යුතු ඇත. සඳහා ආණ්ඩුපක්ෂ දේශපාලඥයින්ගේ වුවමනාවන් මත සිදු කරන නීති විරෝධී යාන්ත්‍රික පතල් කැණීම් සම්පූර්ණයෙන් නතර කළ යුතු . එසේ නොවුනහොත් ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු ගේ හා දේශපාලඥයින් කිහිපදෙනෙකු ගේ ලාභය උදෙසා රත්නපුර දිස්ත්‍රික්කය විනාශ වන කාලය වැඩි ඈතක නොවනු ඇත. තත්ත්වයට රත්නපුර දිස්ත්‍රික්කය පරිවර්තනය කිරීම වැළැක්වීමට ඊට එරෙහි ජනතාව එක් රැස් විය යුතු ඇත.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    රත්නපුරේ යාන්ත්‍රික ක්‍රමයට මැණික් හාරනවා? හොඳයි වැඩේ. කවුද මේවට බලපත්‍ර දීල තියෙන්නේ? මේක සම්පූරණයෙන්ම නීති විරෝධියි.
    රාජපක්ෂ පට්ට හොරු මේ රටේ විනාශ කරන්න පුළුවන් සියලු දේ විනාශ කරනවා. වනාන්තර මහා පරිමාණයෙන් කපලා දැම්ම. මහා ගස්. මිනිස්සු දෙන්නෙක් බදලා අල්ලන තරම් විශාල ගස් කැපුවා යාන්ත්‍රික කියත් පාවිච්චි කරලා. මුල් තියෙනවා කඳන් නැහැ. කඳන් අතුරුදහන්. කපපු කඳන් අරන් යන්න වෙනම හමුදාවක්. දැන් විනාශ කරන්න හදන්නේ මිනිස්සුන්ට කැලේ ඉඩම් බෙදලා. ඉතා පැරණි නගරයක් වන මීමුරේ කැලේ වනසන්න බලපත්‍ර දීල මිනිස්සු දෙසිය ගානකට. අනිත් පැත්තෙන් යාල වනසන්න යනවා. කැබිලිත්තේ ඉඩමුත් විනාස කරලා අල්ලාගෙන. පුරාවිද්‍යාවේ ලොක්ක දේශපාලන පත්වීමක් හින්ද මර නින්දේ. මධ්‍යම පරිසර අධිකාරයේ සභාපති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මන්ත්‍රී කෙනෙක්. පරිසරය ගැන මෙලෝ හසරක් දන්නේ නැති මිනිහෙක් දැම්මේ ගෝඨාභය කරන මහා පරිසර විනාශයට අනුබල දෙන්න.

    • 4
      1

      මීට වසර කිහිපයකට පෙර අපගේ සීටී විචාරකයින් ඔබ ලියූ දේ පරික්ෂා කර බැලුවහොත්, ෆේසිස්ට් රාජපක්ෂ විසින් අන්ධ ලෙස නොමඟ යවනු ලැබුවහොත්, ඔබේ එවකට පැවති හැසිරීම් එම වඩාත් ප්‍රසිද්ධ සේවක පිරිමි ළමයා-අලි සබ්රි වලට වඩා වෙනස් නොවේ. මම ඔබ ගැන නොදනිමි, නමුත් මට හැඟෙන පරිදි, ඇලිසබ්‍රි හැසිරෙන්නේ රාජපක්ෂලාගේ අතවරයට පත් වූ පිරිමි ළමයෙකු සේය … ඔවුන්ට එම සේවකයෙකු වීමෙනි. මානව මනෝවිද්‍යාඥයින් විශ්වාස කරන්නේ මිනිසුන්ගේ පහත් ගති පැවතුම් උතුරා ගියහොත් මිනිසුන් වහලුන් වීමට ඉඩ ඇති බවයි.

      චම්පා, ඔබ අද පරිණාමය වී ඇත්තේ දැනුමැති පුද්ගලයෙක් ලෙස ය. මෙය මට සහ අනෙකුත් සංවේදී පාඨකයින්ට වාසියකි.
      ඔබ විමල් බූරුන්සේ සමඟ ඇඳ බෙදාගෙන සිටි අතර සීටී එකේ හොඳ විචාරකයින් වන අපට අපහාස කළ නමුත් චම්පාවතීගේ ශබ්දය අද හාත්පසින්ම වෙනස් ය. ඔබේ වෙනස දෙස බැලීමෙන් මම සතුටු වෙමි. ඔබේ වෙනස් විය හැකි වෙනස්කම් … කෙසේ වෙතත්, අද අපේ සමාජයේ කෙතරම් දෙනෙක් එය ආපසු දකීද … එතැනදී එය නිවැරදි කිරීමට අපේ සමාජය සහ මිනිසුන් නැවත බැලිය යුතුයි. විශ්ව විද්‍යාල ඩොන්ස් සහ අනෙකුත් වෘත්තිකයන් එකට එකතු වී යම් ආකාරයක වෙනස්වන වෙනස්කම් වලට ඉඩ දිය යුතුය.

      • 4
        1

        Dear leelagemalli:

        The said commenter’s real grudge with the double-Paksa regime is that her belief they are anti-Sinhala Buddhist and anti-Sinhala Buddhism and that they are systematically destroying Sinhala-Buddhism and selling off the land of Sinhala-Buddhism.

        That’s the said commenter’s biggest motivation for this prolific campaign on CT and perhaps elsewhere. I am not convinced that the real concern is for our ecosystem or our democracy.

        There’s is no ethnic and religious pluralism in the said commenter’s vision of SriLanka. Hence, I see her very much as the other side of the same coin on which the Rajapaksas operate.

        I’d love it if I am wrong in my opinion!

        • 4
          1

          My dear Sugandh, YOU ARE RIGHT WITH YOUR OPINION.
          .
          We have been studying CHAMPA and EE for such a long time.
          .
          පිස්සු චම්පා, ඉදිරි දිනවලදී ටයිටැනික් ඉරණමට මුහුණ දීමට yana ශ්‍රී ලංකා namathi නැව අප සූදානම් වන බව නොකියයි.

          යහපාලන ආණ්ඩුව කාලේ රනිල් වික්‍රමසිංහ කළාක් මෙන් අයිඑම්එෆ් බලධාරීන් සමඟ කටයුතු කිරීමට නොහැකි නිසා අයිඑම්එෆ් වෙත යාමට රජයට අවශ්‍ය නැත. ඒ වන විටත් ඕනෑම රටක් ශ්‍රී ලංකාවට බිලියන ගණනක් ණයට දීමට සූදානම්ව සිටියේය.

          චම්පා තවමත් ඇගේ සිංහල බෞද්ධකම ආරක්ෂා කර ගැනීමට සෑම උත්සාහයක්ම දරමින් සිටී. එය හරියට ඇගේ නිවස ගිනිබත් වන විට ඇය බුද්ධාගම ගැන කතා කරමින් සිටින්නාක් මෙනි. මට සැකයක් නැත, ඇගේ දැනුම නම් ශ්‍රී ලංකාවේ ජල ළිඳක සිටින ගෙම්බෙකු බව ය. මේ ජාතිය පිරිහීමට ප්‍රධාන හේතුව අපේ මිනිසුන් ය. ශුන්‍ය දේශපාලන සාක්ෂරතාවක් ඇති ජනතාවක් මේ රටේ සිටිති. ලොව පුරා සතුරන් ඇති කරමින් රාජපක්ෂ අපරාධකරුවන් ඔවුන්ගේ පහත් මට්ටමේ දේශපාලන කටයුතු කරගෙන ගියහොත් ජාතිය මුහුණ දීමට සිදු වන ගැටලු වල ගැඹුර ඔවුන් නොදනී. දැන් අවස්තාව ප්‍රයෝජනයට ගනිමින් තම කළු සල්ලි ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීමට ඉඩ සැලසීමට අවජාතකයෝ සෑම උත්සාහයක්ම දරති. ජනාධිපති සොරිසේන ඇතුළු පසුගිය රජය ඉතා පැහැදිලිව කියා සිටියේ බැල්ලිගේ පුත රාජපක්ෂගේ ඩොලර් බිලියන 3 කට වඩා ඩුබායි බැංකුවල තබා ඇති බවයි. මේවා මහින්දගේ ජුන්ටා පාලන කාලය තුළ පැවති රාජ්‍ය කොල්ලකෑම් ය.

    • 4
      1

      අපේ මිනිසුන්ට මොළයක් තිබුනේ නම් ඔවුන් රාජපක්ෂවරුන් තෝරා පත් කර නොගත යුතුව තිබුණි. සොරිසේන රාජපක්ෂ විසින් මැරයින් විසින් පැහැර ගන්නා තුරු පසුගිය රජය සමඟ සියල්ල හොඳින් විය. දින 52 ක කුමන්ත්‍රණය සෑම දෙයක්ම පාහේ විනාශ කළේය. රනිල්-සොරිසෙනා රජයට මුළු ලෝකයම යම් ගෞරවයක් ලබා දී ඇත. මම එය යුරෝපයේ ජීවත් වන විට අත්විඳි බව. සමාන අදහස් ඇති රටවල් සඳහා ආදර්ශමත් ප්‍රජාතන්ත්‍රවාදයක් ලෙස ඔවුහු ශ්‍රී ලංකාවේ මහා හවුලට ගරු කළහ. ජර්මනියේ ආචාර්ය මර්කෙල් නැවත නැවතත් එය අගය කළේය. අවාසනාවන්ත ලෙස, සොරිසේනගේ පහත් මානසිකත්වය, පහත් සංකීර්ණතාවයන් සමඟ එල්බගෙන සිටි අතර, ඒ සමඟම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එහි සන්ධානයේ හිටපු ගුන්ඩා සමඟ වැඩ කිරීමට උත්සාහ කිරීම ජනවරමට දුන් විශ්වාසය විනාශ කළේය. අද, සොරීසෙනා සහ මහින්ද මෙම අවුල සඳහා එල්ලී සිටියා නම්, මිනිසුන් දෙදෙනාම ජාතියට සිදු කළ සියලු උසස් අපරාධ සඳහා යම් ආකාරයක සාධාරණයක් ඉටු කරමින් මිනිසුන්ට යම් සහනයක් දැනෙනු ඇත. කැලණිය පන්සල අසල සැරිසරන ගවයින්ට ග්‍රාමීය කොන් වල මිනිසුන් වෙනස් නොවේ. ප්‍රධාන ධාරාවේ රූපවාහිනී නාලිකා මඟින් එය ඔවුන්ට සම්ප්‍රේෂණය වේ නම් කිසිවක් කිරීමට යාමට පෙර ඔවුන් දෙවරක් සිතන්නේ නැත. බුද්ධගම භික්ෂුවක් හෝ රාජපක්ෂවරුන් යැයි හඳුන්වන සිවුරෙකු විසින් කළු ගලක් සිප ගන්නේ නම්, මිනිසුන් එය දෙවරක් නොසිතා අනුගමනය කිරීමට පෙළ ගැසෙනු ඇත. මේ රටේ සාමාන්‍ය මනස තුළ හෘද සාක්ෂියේ මට්ටම එයයි. ඒ සියල්ලන්ම එකල අවිවාදිත බවට පත් වූ අතර, ඒ වන විට මුළුමනින්ම උමතු වූ “පණිබීමා සාදන්නා” නිවේදනය කළේ කිසිදු සම්මත ක්‍රමයක් නොමැතිව ඔහු විසින් සාදන ලද මිශ්‍රණයෙන් කොවිඩ් ආසාදිත රෝගීන් සුව කළ හැකි බවයි. ඒ වගේම ඔහු නැවත නැවතත් ලබාගත් බලය කාලියම්මා විසින් ඔහුට ලබා දී ඇත. බලන්න මේ මිනිස්සු කොච්චර මෝඩ වෙන්න ඇතිද කියලා. අන්තර්ජාලය හරහා මිනිසුන් දැන් ලෝකයට සම්බන්ධ වී සිටියත්, මිනිසුන් මෙතරම් මෝඩ ලෙස සදහටම පවතින්නේ ඇයි දැයි මම නොදනිමි.

  • 1
    1

    බෙලිගල ලෙන් විහාරය අවට ගල් කොරියක් දාගෙන ගල් කුට්ටි කඩනවා. තවත් මට නම් මතක නැති ස්ථාන වල ගල් කොරි වල ගජරාමෙට ගල් කුට්ටි කරනවා. මොකක්ද වෙන්නේ?
    ගෝඨාභය කොළොඹ පැරණි ගොඩනැගිලි ටික විකුණන් කන්න සෙලන්දිවා කොම්පනියත් එක්ක තව කොම්පැනියක් දැම්ම සහස්‍යා කියාලා. සහස්‍යා එකට ලංකාවේ අධිවේගී මාර්ග සහ ගල් කොරි අයිතියි. මම බැලුව මේ වගේ ලොකු නමක් තියෙන කොම්පැනියකට ගල් කොරි මොකටද කියලා. බලන කොට මේ හදන්නේ ගල් කොරි ටිකත් විකුණන්න. හේතුව චීන වරාය නගරය හදන්න ගල් කුට්ටි ඕනේ. චීන වරාය නගරයට අවශ්‍ය කළුගල් කැබලි ප්‍රමාණය ඝන මීටර් මිලියන 6.54ක් කියල මූලික ලියවිල්ලක තිබුනා. මේ ප්‍රමාණයෙන් ඝන මීටර් මිලියන් 5ක් විතරම දැන් පාවිච්චි කරලා ඉවරයි මම දන්නා විදිහට. (කුඩා ප්‍රමාණයේ ගල් කැබලි නම් – මෙට්‍රික් ටොන් වලින් ගත්තොත් මෙට්‍රික් ටොන් මිලියන 9.1ක් විතර වගේ) දැන් ඉතුරු ගල් කැබලි ප්‍රමාණය චීනාට දෙන්න මුළු ලංකාවේම මහා කළුගල් කැබලි කරයි. බෙලිගල ලෙන් විහාරය වැනි පුරාවිද්‍යාත්මකව ඉතා පැරණි ලෙන් විහාරයක් අසල කළුගල් කඩනවා කියන්නේ ලෙන් ටිකත් විනාශ කරන්න හිතාමතා කරන වැඩක්. යන්ත්‍ර සූත්‍ර වලින් කළුගල් කඩනකොට ලෙන් විහාරයත් කඩා වැටෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයි. කාලකන්ණි. රාජපක්ෂලා ගැන මට දැනෙන පිළිකුල, කේන්තිය කියන්න වචන නැහැ.

  • 1
    1

    මම දැක්ක සතියකට දෙකකට ඉස්සෙල්ල හාමුදුරුවරු දෙන්නෙක් කොතලාවල පනත් කෙටුම්පත ගැන කතා කර කර පාර්සල් වගයක් බෙදනවා. ගැබිණි කන්තාවොත් ගෙනල්ල ඉස්සරහින් තියල තිබුනා. ඒ කියන්නේ චන්දයක් එනවා. මට හිතා ගන්න බැරි මේ හාමුදුරුවන්ට ලැජ්ජාවක් ගෑවිලාවත් නැත්ද මේ විදිහට මිනිස්සු රවට්ටන්න? හොඳටම දන්නවා තමන් කරන්නේ රැවටීමක් කියලා. අහිංසක මිනිස්සුන්ගේ නැති බැරි කමින් රාජපක්ෂලාට අයුතු ප්‍රයෝජන අරන් දෙන්න ඒ හාමුදුරුවරු දෙන්න කොයි තරම් මානසිකව පිරිහිලා තියෙන්න ඕනෙද? රටේ ප්‍රසිද්ධ හාමුදුරුවරු මේ මෙහෙම මිනිස්සු රවටන්නේ.
    .
    මෝඩ රාජපක්ෂලා හිතන්නේ උන්නේ පට්ට බොරු වලට මිනිස්සු රැවටෙනවා කියලා. ලෝකේ ලොකුම පොකුරු මැණික් ගල හම්බ වුනාලු. ඒක පිටරට යවනවලු විකුණන්න. පට්ට බොරුවක්. මේ හදන්නේ පොල් මැණිකක් කියලා ගලක් විකුණලා රටට සල්ලි ආව කියල, පිටරට තියෙන කළු සල්ලි ලංකාවට ගෙන්න. කළු සල්ලි සුද්ද කරන පනත ගේන්නේ මේවට තමයි. මේ වගේ පට්ට බොරු දැන් විශ්වාස කරන්නේ මාධ්‍ය විතරයි.

    • 1
      1

      Ithin minisun rsewatuna needs???
      .
      🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃
      .
      මෝඩ රාජපක්ෂලා හිතන්නේ උන්නේ පට්ට බොරු වලට මිනිස්සු රැවටෙනවා කියලා. ලෝකේ ලොකුම පොකුරු මැණික් ගල හම්බ වුනාලු. ඒක පිටරට යවනවලු විකුණන්න. පට්ට බොරුවක්. මේ හදන්නේ පොල් මැණිකක් කියලා ගලක් විකුණලා රටට සල්ලි ආව කියල, පිටරට තියෙන කළු සල්ලි ලංකාවට ගෙන්න. කළු සල්ලි සුද්ද කරන පනත ගේන්නේ මේවට තමයි. මේ වගේ පට්ට බොරු දැන් විශ්වාස කරන්නේ මාධ්‍ය විතරයි.
      🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃

  • 0
    0

    පළාත් සභා කස කාරයා මේ දවස්වල ළඟ එන සද්දේ ඇහෙනවා. හිටපු ගමන් දැන් රාජපක්ෂලාට මිනිස්සු මතක් වෙලා. අවුරුදු එක හමාරක් තිස්සේ මහා පරිමාණයෙන් වනාන්තර විනාශ කරලා, කඳු පිටින් බිමට පාත් කරලා, සිංහරාජය මැදින් පාරක් කපලා දැන් කිඹුල් කඳුළු හෙලනවා මිනිස්සුට පානීය වතුර ඕනේ හින්ද ජලපෝෂක පරිස්සම් කරන්නලු.
    පළාත් සභා වලට චන්දෙ ඉල්ලන්න ආවොත් ඩෝසර් භාෂාවෙන් තමයි කතා කරන්න ඕනේ. යන්න එපා කිසි කෙනෙක් චන්දෙ දාන්න.
    චන්ද පොලට ගිහිල්ල චන්දෙ ප්‍රතික්ෂේප කරන්න කියලා ව්‍යාපාරයක් මේ පාරත් යයි. ඒක ප්‍රෝඩාවක්. ප්‍රතික්ෂේප කරපු චන්ද පොහොට්ටුව හොරට ගන්නවා. ගිය පාර මහ චන්දෙදි චන්ද වැටුනේ සියයට 20 -30 අතර ප්‍රමාණයක්. ඒක තනිකරම හොර චන්දයක්. ජනාධිපතිවරණයෙත් චන්ද වැටුනේ සියයට 40කට අඩුවෙන්. ඒකත් චන්ද මගඩියක්. පළාත් සභා වලටත් තවත් හොරු ටිකක් පත් කරලා මහජන ධනය තවත් විනාශ කරන්න ඉඩ දෙනවද?
    පළාත් සභා චන්දයක් ආවොත් දේශද්‍රෝහී, සිංහල බෞද්ධ විරෝධී රාජපක්ෂලා ගැන මුළු රටේම විරෝධය පල කරන්න පළාත් සභා චන්දය “සම්පූරණයෙන්ම වර්ජනය කරන්න ඕනේ”. කිසි කෙනෙක් යන්න එපා චන්ද පොලට.

  • 0
    0

    ඉංග්‍රීසින්ගෙන් පස්සේ, මේ සිංහල බෞද්ධ රටට අහස පොලොව නොඋහුලන මහා පරිසර විනාශයක් කරන ගෝඨාභය ද්‍රෝහියා පත් කරපු, පරිසරය ගැන මෙලෝ හසරක් නොදන්නා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, ජුලි 19 වෙනිදා අංක 223/07 නමින් ගැසට් නිවේදනයක් නිකුත් කරලලු, 2007 නිකුත් කරපු ගැසට් එක අහෝසි කරලා, තලංගම තෙත්බිම මීට පස්සේ “සංරක්ෂණය නොකළයුතු තෙත්බිමක්” කියල.
    (ස්තුතියි, නාමිනි විජේදාස, සන්ඩේ ටයිම්ස්, ජුලි 25, 2021 හොර ගැසට් එක ගැන කිව්වට) https://www.sundaytimes.lk/210725/news/thalangama-wetland-cea-amends-2007-gazette-to-allow-elevated-highway-2-450215.html
    කොහොමද යකෝ එහෙම ගැසට් ගහන්නේ? ළිං මැඩි රාජපක්ෂලයි, එවුන්ගේ සපත්තු ලෙවකන මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතියි දන්නේ නැති වුනාට, 1971 ඉරානයේ රෑම්සර් නගරයේදී අත්සන් කරපු “ජාත්‍යන්තර වශයෙන් වැදගත් තෙත් බිම් පිලිබඳව, විශේෂයෙන් ජලජ පක්ෂි ජනාවාස පිලිබඳ සම්මුතියට” අනුව, තලංගම තෙත්බිමද ඇතුළුව කොළොඹ තෙත්බිම් සමූහයක් “2018 දී සංරක්ෂිත තෙත්බිම්” විදිහට හඳුනා ගෙන තියෙනව.
    මම මේකයි දවසක මෙතන ලිව්වේ පහුගිය අවුරුදු 73ටම ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය ගැන දැනීමක් තියෙන එක පාලකයෙක්වත් හිටියේ නැහැ කියල.

    • 0
      0

      රාජපක්ෂ ද්‍රෝහීන් ගිය අවුරුද්දේ ආනවිළුන්දාව විනාශ කරන එකට විරුද්ධව ලියන කොට, මම තෙත්බිම් ගැන “ලංකාදීප” පුවත්පතට කොමෙන්ට් දෙකක් ලිව්වා. දෙවෙනි එක මේක:
      “පරිසර විරෝධී රාජපක්ෂ ඩෝසර් ආණ්ඩුවට කොළොඹ තෙත්බිම් ඩෝසර් කරන්න ඉස්සෙල්ල ලියන්නේ, “රෑම්සර් ජාත්‍යන්තර වශයෙන් වැදගත් තෙත්බිම් සංරක්ෂණ සම්මුතිය” අනුව;
      (i) බැද්දෙගාන තෙත්බිම, (ii) තලවතුගොඩ දියසයුරු තෙත්බිම, (iii) රාජගිරිය හීන් ඇල වගුරු බිම, (iv) කොළොන්නාව තෙත්බිම, (iv) කෝට්ටේ තෙත්බිම, (v) මාදින්නාගොඩ තෙත්බිම, (vi) මුල්ලේරියාව තෙත්බිම සහ ( vii) තලංගම තෙත්බිම, සංරක්ෂිත තෙත්බිම් විදිහට නම් කරලා තියෙනව.
      මේ කිසි දෙයක් ඩෝසර් කරන්න එපා. වහල් ආණ්ඩුව රාජපක්ෂලාව යුධ අධිකරණය ඉදිරියට ගෙනියන්න ඕනේ කියන කොට මම ඊට විරුද්ධව ලිව්වා. හැබැයි මම අද කියනව ලෝකයේ අන් කිසි තැනක නැති ජෛව විවිධත්වයක් තියෙන ලංකාවේ මහා පරිසර සම්පත විනාශ කරන රාජපක්ෂලාව ජාත්‍යන්තර අධිකරණය ඉදිරියට ගෙන යා යුතුමයි කියලා.”
      .
      2018 ඔක්තෝබර් ඩුබායි පැවැත්වුණු රෑම්සර් ජාත්‍යන්තර තෙත්බිම් සම්මුතියේ 13වෙනි සම්මේලනයදී සම්මත වුනු, රටවල් 6ක නාගරික තෙත්බිම් අතරට කොළොඹ නාගරික තෙත්බිම් සමූහයත් අයත් වුනා. මේ ඒ වාර්තාව. ඒකෙ 15 වෙනි පිටුවේ අංක 137 යටතේ කොළොඹ නගරයේ නම තියෙනව.
      https://www.ramsar.org/sites/default/files/documents/library/cop13_report_e.pdf
      .
      ඒ සම්මේලනයේදී ශ්‍රී ලංකාව ඉදිරිපත් කල ජාතික වාර්තාවේ 24 වෙනි පිටුවේ 12.1 යටතේ; තෙත්බිම් යථා තත්වයට පත් කිරීමේදී ප්‍රමුඛත්වය දිය යුතු ස්ථාන ලෙස කොළොඹ තෙත්බිම්, තලංගම වැව, ගිංඔය, ග්‍රෙගරි විල හඳුනාගෙන තියෙනව.
      https://www.ramsar.org/sites/default/files/documents/library/cop13nr_srilanka_e.pdf

      • 2
        1

        මැඩම් චම්පා,
        අවම වශයෙන් ඔබ වැනි සමහර අය කාලයත් සමඟ එය ග්‍රහණය කර ගත් නමුත් බොහෝ දෙනෙකුට තවත් මාස ගණනාවක් ගත වනු ඇත. ශ්‍රී ලංකාව යනු සතුන් හා සතුන් වැනි මිනිසුන්ගෙන් පිරුණු රටකි. රාජපක්‍ෂ හිතවාදීන්ට එක් නීතියක් සහ අනෙක් විරුද්ධවාදීන් සඳහා නීතිය.
        මෙය ඔවුන් හැඳින්වූයේ ඔවුන්ගේ දැක්මයි. ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ පෙරමුනු බවට පත් වූ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ ඒබෙල්-මෙන් යනුවෙන් හැඳින්වූ අය අද හොඳ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුගෙන් කෙටි ප්‍රශ්න කිරීම් වලදී ප්‍රශ්න කරන විට තොල් හෝ නියපොතු කමින් කලබලයට පත් වී සිටිති. නායකයින් මුගාබේගේ නායකත්වයට වඩා වෙනස් නොවේ. මුළුමනින්ම බොරුවෙන් පෝෂණය කිරීමෙන් ඔවුන් දූෂණයට ලක් විය: ලාංකික මිනිසුන් තුළ සාමාන්‍ය මානසිකත්වයේ මූලික යථාර්ථය මෙයයි. වරක් පැකිලී ගියත් ඔවුන් නැවත නැවතත් බිම ඇද වැටෙනු ඇත.

        “සිංහල බෞද්ධයන්” ලෙස නළල මත බැනරය පැළඳ සිටියත් ඔවුන් බොහෝ දෙනෙක් ගෞරවය හා ගෞරවය ගැන එතරම් තැකීමක් නොකරනු ඇත: අද සන්දර්භය තුළ, විරෝධතා වල යෙදෙන වයෝවෘද්ධ කාන්තාවන්ට පොලිසිය සලකන ආකාරය, ගුරු සමාජයට පහර දුන් ආකාරය රාජපක්ෂ චින්තනයට සුවිශේෂී ය. කෙසේ වෙතත්, ඔවුන් කෙසේ හෝ අලුත්වැඩියා කරන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීමට නොහැකි තරම් දුරස්ථයි, කෙසේ වෙතත්, අයුක්තියට එරෙහි සැබෑ සටන්කරුවන්ට වඩා මිනිසුන් හුදෙක් නරඹන්නන් බවට පත්ව ඇත.
        ආගමික පෙරහැර වල සැරසිලි සතුන්ට වඩා වෙනස් නොවූ භික්ෂූන් වහන්සේලා අද නිහ silentව සිටින්නේ රාජපක්ෂගේ දේශපාලන වාසි සහ ඔවුන්ගේ මාෆියා උපක්‍රම නිසා ය.
        ඇතැමුන් තම දුෂ්ට ක්‍රියා කරගෙන යන අතරම ඝනකම් පිරිත් නූල් අඳිති. හිතාමතාම ඉහළ අපරාධ සිදු කළ මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ කපටි බිරිඳ දෙස බැලුවහොත් හොඳම උදාහරණ පහසුවෙන් දැක ගත හැකිය. ඔවුන්ට සමීප කිසිවෙකු සාමාන්‍ය, හිංසාකාරී නොවන පුද්ගලයින් ලෙස සැලකිය නොහැකිය.

  • 0
    0

    Really appreciated the author’s painstaking efforts on providing such a detailed report on illegal gem stone mining in SL.

    There’s no doubt that the environmental damage and destruction and displacement of communities as a result of gem mining, legal or illegal, outweigh the economic benefits to the country. To add insult to the injury, the government coffers will not see a lot of the revenue from the gem industry.

    Overall, law enforcement has been a failure across this country for so long for so many different reasons. Political influencing and corruption have become a growing tidal wave under the double-Paksa regime.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.