25 April, 2024

Blog

ලොග්ගල්ඔය කුඩා ජල විදුලිබල ව්‍යාපෘතියට නීතියෙන් ආරක්ෂිත ගඩයා හා දුම්බර පෙතියා බිලි දීම

සජීව චාමිකර –

සජීව චාමිකර

කෘෂි රසායනික භාවිතය, වාසස්ථාන විනාශ කිරීම හා විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සඳහා ස්වාභාවික පරිසරයෙන් අල්ලා මිරිදිය මසුන් බහුල අපනයනය කිරීම යන ප්‍රධාන හේතු සාධක මත අද වන විට මෙරට මිරිදිය මත්ස්‍ය විශේෂ දැවැන්ත වඳවීමේ අනතුරකට මුහුණපා සිටී. 2020 වසරේ මිරිදිය මසුන් පිළිබඳ රතු දත්ත ලේඛනයට අනුව ලංකාවේ වාර්තා වන මිරිදිය මත්ස්‍ය විශේෂ 97 න් ආවේණික විශේෂ සංඛ්‍යාවට සමාන ප්‍රමාණයක් එනම් මත්ස්‍ය විශේෂ 61 ක් වඳවීමේ අවධානමට ලක් සිටින බව හඳුනාගෙන තිබේ. එය 63% ක් පමණ වන ඉහළ ප්‍රතිශතයකි. තර්ජනයක් නොමැති සුලභ ලෙස වාර්තා වන මිරිදිය මසුන් ලෙස හඳුනාගෙන ඇත්තේ විශේෂ 29 ක් පමණි. වඳවීමේ අවධානමට ලක් වී ඇති විශේෂ 61 න් 12 ක් දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක් සිටින මසුන් වේ. විශේෂ 29 ක් වඳවීමේ තර්ජනයට මුහුණපා ඇති අතර අවධානම් හා ආසන්න තර්ජිත මට්ටමේ මිරිදිය මත්ස්‍ය විශේෂ 20 ක් වෙති.

මෙවන් තත්ත්වයකට මෙරට මිරිදිය මත්ස්‍ය විශේෂ මුහුණ දීමට බලපා ඇති ප්‍රධාන හේතු සාධක අතුරෙන් වාසස්ථාන විනාශ කිරීම විවිධ ආකාරයට සිදු වේ. අතුරෙන් අද වන විට තෙත් හා අතරමැදි කලාපයේ මිරිදිය මසුන්ගේ වාසස්ථාන විනාශ කිරීමට හේතු වන ප්‍රධාන සාධකයක් ලෙස කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘති හඳුනාගෙන තිබේ. දියපහරවල විශාල ප්‍රදේශ වියළි තත්ත්වයට පත් කිරීම මගින් මිරිදිය මසුන්ගේ වාසස්ථාන සම්පූර්ණයෙන්  විනාශයට පත් කිරීම කුඩා ජල විදුලි බලාගාර මගින් සිදු වේ. සමහර දියපහරවල කිලෝමීටරයක පමණ ප්‍රදේශයක සිට කිලෝමීටර 5 ක් පමණ දක්වා සීමාවන් තුළ සම්පූර්ණයෙන් දිය දහරාවන් වියළි තත්ත්වයට පත් කිරීමට කුඩා ජල විදුලිබලාගාර ව්‍යාපෘති හේතු සාධක වී ඇත. 1996 වසරේ සිට ඉදි කළ මේ ආකාරයෙන් ක්‍රියාත්මක වන කුඩා ජල විදුලි බලාගාර 120 ක් පමණ තෙත් හා අතරමැදි කලාපීය ප්‍රදේශවල ස්ථාපිත කර ඇති අතර එම බලාගාර මගින් මෙගාවොට් 220 පමණ විදුලි බලයක් නිෂ්පාදනය කරයි. එය මෙරට සමස්ත විදුලිබල නිෂ්පාදනය වන මෙගාවෙට් 2495 න් 9% ප්‍රතිශතයකි. නමුත් එමගින් බොහෝ ගංගා පරිසර පද්ධතිවලට, දේශීය ජෛව ප්‍රජාවට හා මිනිසුන්ට සිදු කර ඇති හානි කර බලපෑම සුළුපටු නොවේ.

දුම්බර පෙතියා

මෙම බලාගාර ව්‍යාපෘති පවත්වා ගෙන යාම සඳහා මධ්‍යම පරිසර අධිකාරයෙන් ලබා දෙන කොන්දේසි සහිත අනුමැතීන්වල, බලාගාරයට ජලය ලබා ගැනීම සඳහා දිය දහරාවන් හරස් කර සකසන වේලි වලින් පහළට ප්‍රමාණවත් ජල ධාරිතාවක් ගලා යාමට සලස්වා එම දියපහරවල පරිසර පද්ධති සුරක්ෂිත කිරීමට පියවර ගත යුතු බවට සඳහන් වුව වියළි කාලගුණයක් පවතින කාල වකවානුවල උපරිම විදුලිබල ධාරිතාවක් වැඩි කාලයක් තුළ නිෂ්පාදනය කර වැඩි ආදායමක් ලබා ගැනීම සඳහා මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන සමාගම් විසින් වේල්ලෙන් පහළට ජලය ගලා යාම අවහිර කර උපරිමයෙන් ජලය ගබඩා කර විදුලිය නිෂ්පාදනය සිදු කරයි. එම සමාගම් උපරිම ලාභ ලබා ගැනීම උදෙසා මෙම ක්‍රියාවලීන්වල යෙදෙන නමුත් පිළිබඳ සොයා බැලීමට කිසිදු රාජ්‍ය ආයතනයක් කටයුතු නොකරයි. එහි අවසන් ප්‍රතිඵලය මිරිදිය ජලජ ජීවීන් බොහෝ ප්‍රමාණයක් වඳවීමට ලක් වීමයි. මේ නිසා පරිසර තුළිතතාවය ක්‍රමයෙන් බිඳ වැටෙමින් පවතී.

මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවට ආවේණික, ඉතා දුර්ලභ, සීමිත ව්‍යාප්තියක් ඇති නීතියෙන් ආරක්ෂිත මත්ස්‍ය විශේෂ දෙකක වාසස්ථාන සම්පූර්ණයෙන් විනාශ කරමින් ක්‍රියාත්මක කිරීමට නියමිත අලුත් ව්‍යාපෘතිය ලොග්ගල්ඔය කුඩා ජල විදුලිබල ව්‍යාපෘතියයි. කඩුවෙල, කොරතොට, තුනන්දහේන, අංක 679 ජේ දරන ස්ථානයේ පිහිටුවා ඇති ලොග්ගල්ඔය කුඩා ජල විදුලිබල ව්‍යාපෘති පුද්ගලික සමාගම මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කර තිබේ.

ගඩයා

මෙගාවොට් 1.2 කක ජල විදුලිබල ව්‍යාපෘතියක් ලෙස මෙය ස්ථාපිත කිරීමට සැලැසුම් කර ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ, මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගොඩයාගම ගම්මානයේ පිහිටි මහවැලි ගඟේ අතු ගංගාවක් වන ලොග්ගල්ඔයේ . නමුණුකුල කඳුවැටියෙන් ආරම්භ වන ලොග්ගල්ඔය විශාල ජෛව ප්‍රජාවකට වාසස්ථාන සපයන සුවිශේෂී දියපහරකි. මෙම දියපහර හරහා මීටර 49 ක් දිග හා මීටර 2 ක් උස වේල්ලක් ඉදි කර ඝන මීටර 3600 ජලාශයක් මගින් ජලය එක් රැස් කර එම ජලය දියපහරේ කිලෝමීටර 2 ක් පමණ පහළ ඉදි කරන විදුලි බලාගාරය වෙත යොමු කර ටර්බයින් මගින් මෙගාවොට් 1.2 විදුලි ධාරිතාවක් ජනනය කිරීමට සැලැසුම් කර තිබේ.

ආරක්ෂිත මසුන් වැනසීම

ලොග්ගල්ඔයේ මෙම ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීමට යෝජිත ප්‍රදේශය ලංකාවට ආවේණික, වඳවීමේ තර්ජනයට මුහුණපා ඇති නීතියෙන් ආරක්ෂිත මත්ස්‍ය විශේෂ දෙකක සුවිශේෂී වාසස්ථානයකි. 1917 වසරේ දී මත්ස්‍ය විද්‍යාඥ ඩේවිඩ් ස්ටාර් ජර්ඩන් හා අස්ථී විද්‍යාඥ එඩ්වින් චැපින් ස්ට්‍රාක්ස් විසින් නාමකරණය කර විද්‍යා ලොවට හඳුන්වාදුන් Labeo fisheri නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ගඩයා නැතහොත් කළු ගඩයා ලෙස හඳුන්වන විශේෂය හා 1991 වසරේ දී මත්ස්‍ය විද්‍යාඥ මොරිස් කොට්ලට් හා වර්ගීකරණ විද්‍යාඥ රොහාන් පෙතියාගොඩ විසින් නාමකරණය කර විද්‍යා ලොවට හඳුන්වාදුන් Systomus martenstyni නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන දුම්බර පෙතියා මෙම ප්‍රදේශයෙන් වාර්තා වේ. ජාතික ජලජීවී සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය (නාරා ආයතනය) මගින් සිදු කළ පර්යේෂණ මගින් මේ බව තහවුරු කර ගෙන තිබේ.

සිප්‍රිනිඩේ (Cyprinidae) කුලයට අයත් වන ගඩයා ඉංග්‍රිසියෙන් Green Labeo හා Mountain Labeo යන නම් වලින් හැඳින්වේ. මෙරට කීර්තිමත් සත්ත්ව විද්‍යාඥයකු වන පී..පී. දැරණියගල විසින් මෙම විශේෂය 1929 වසරේ දී Labeo gadeya නමින් නම් කර ඇති අතර ඔහුගේ වාර්තාවලට අනුව මහනුවර හා මාතලේ ප්‍රදේශවල ජීවත් වන බවට සඳහන් කර තිබේ. ලංකාවේ වනජීවී පර්යේෂකයකු වන ප්‍රදීප් සමරවික්‍රම විසින් 2011 වසරේ දී මහනුවර, ගැටඹේ ප්‍රදේශයෙන් මෙම විශේෂය වාර්තා කළ අතර එම ස්ථානයේ කුඩා ජල විදුලිබලාගාර ව්‍යාපෘතියක් සඳහා මහවැලි ගඟ හරහා වේල්ල ඉදි කිරීමේ දී මෙම මත්ස්‍යයින් මිය ගිය බවට වාර්තා කිරීමත් සමඟ එම ව්‍යාපෘතිය නතර කිරීමට හැකියාව ලැබුණි. ගාල්ල, වනජීවී සංරක්ෂණ සංගමයේ මධුර සිල්වා ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමේ වාර්තාවලට අනුව හසලක, සුදු ගඟෙන් ගඩයා වාර්තා වී තිබේ. 2009 වසරේ දී ලොග්ගල්ඔයෙන් පළමු වරට නාරා ආයතනයේ පර්යේෂකයින් විසින් ගඩයා වාර්තා කර ඇත. ලංකාවට ආවේණික මෙම විශේෂය 1999 රතු දත්ත ලේඛනයේ වඳවීමේ තර්ජනයට ලක් වූ විශේෂයක් ලෙසත් 2007 හා 2012 වසරවල ප්‍රකාශිත රතු දත්ත ලේඛනවල දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක් වූ විශේෂයක් ලෙසත් 2020 වසරේ රතු දත්ත ලේඛනයේ වඳවීමේ තර්ජනයට ලක් වූ විශේෂයක් ලෙසත් සඳහන් කර තිබේ.

මෙම බලාගාර ව්‍යාපෘතියෙන් විනාශයට ලක් වීමට නියමිත සිප්‍රිනිඩේ කුලයට අයත් දුම්බර පෙතියා ඉංග්‍රිසියෙන් Martensty’s Barb ලෙස හැඳින්වේ. මෙම විශේෂය පළමු සොයා ගෙන ඇත්තේ මහවැලි ගඟේ අතු ගංගාවක් වන කළු ගඟේ, පල්ලේගම ප්‍රදේශයෙනි. රොහාන් පෙතියාගොඩ මහතාගේ වාර්තාවලට අනුව දුම්බර පෙතියා, නකල්ස් කඳුකරයේ මහවැලි ගඟේ අතු ගංගාවක් වන අඹන් ගඟේ, සුදුගුණේ, පල්ලේගම, පුවක්පිටිය හා මීමුරේ යන ප්‍රදේශ වලින් වාර්තා වී තිබේ. නාරා ආයතනය මගින් සිදු කරන ලද පර්යේෂණවලට අනුව 2018 වසරේ දී ලොග්ගල්ඔයෙන් මෙම ව්‍යාපෘතියට යොදා ගැනීමට නියමිත ප්‍රදේශයෙන් දුම්බර පෙතියාන් 450 ත් 500 ත් අතර ගහනයක් වාර්තා වන බවට හඳුනාගෙන තිබේ. 1999, 2007 හා 2012 වසරවල ප්‍රකාශයට පත් කළ රතු දත්ත ලේඛනවල මෙම විශේෂය දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක් වූ විශේෂයක් ලෙස නම් කර ඇති අතර 2020 රතු දත්ත ලේඛනයේ වඳවීමේ තර්ජනයට ලක් වූ විශේෂයක් ලෙස නම් කර තිබේ.

ගඩයා සහ දුම්බර පෙතියා යන විශේෂ දෙක ලංකාවට ආවේණික, ඉතා සීමිත ව්‍යාප්තියක් සහිත දුර්ලභ විශේෂ වීම නිසා පනත් දෙකක් යටතේ මෙම මත්සයයින්ට නීතිමය ආරක්ෂාව ලබා දී තිබේ. සංශෝධිත 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනතේ 30 හා 61 වගන්ති යටතේ ප්‍රකාශිත 1998 ජූලි 16 වන දින අංක 1036/13 දරන ගැසට් නිවේදනයට අනුව මෙම විශේෂ දෙක 1 වන උප ලේඛනය යටතේ අපනයනය තහනම් මත්ස්‍ය විශේෂ දෙකක් ලෙස නම් කර ඇත. පනතේ 49(1) උප වගන්තියට අනුව මෙම සතුන් අපනයනය කරන පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 2000 දඩයකට යටත් කළ හැකි . මගින් බලාපොරොත්තු වන්නේ ස්වාභාවික පරිසරයෙන් මෙම සතුන් ඉවත් කිරීම වැළැක්වීම .

2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 2 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 31() උප වගන්තියට අනුව 6 වන උප ලේඛනය යටතේ ගඩයා හා දුම්බර පෙතියා ආරක්ෂිත මත්ස්‍ය විශේෂ ලෙස නම් කර ඇත. එම විශේෂ මරණයට පත් කිරීම, තුවාල කිරීම, අල්ලා ගැනීම, අල්ලා ගැනීම සඳහා ඕනෑ ආකාරයක උපකරණ භාවිතා කිරීම, සතෙකුගේ කොටසක් සන්තකයේ තබා ගැනීම ඇතුළු සියලු ක්‍රියා තහනම් වේ. එවන් ක්‍රියාවකට මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු වන පුද්ගලයකු රුපියල් 10,000 ත් 20,000 ත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර සිරදඬුවමකට හෝ මෙම දඬුවම් දෙකට යටත් කළ හැකි .

විශාල ජෛව ප්‍රජාවක් අවතැන් කිරීම

මේ ආකාරයේ නීතිමය ආරක්ෂාවක් ලබා දී ඇති මත්ස්‍ය විශේෂ දෙකක පැවැත්ම සම්පූර්ණයෙන් විනාශ වන පරිදි කුඩා ජල විදුලිබල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා දීමට මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු කිසිදු රාජ්‍ය ආයතනයකට හැකියාව නොමැත. මේ වන විට මෙම ව්‍යාපෘතිය සඳහා මූලික පාරිසරික විශ්ලේෂණ වාර්තාවක් සකස් කර ඇති නමුත් එම වාර්තාවෙන් මෙම මත්ස්‍ය විශේෂවලට සිදු වන බලපෑම පිළිබඳ කිසිදු ඇගයීමක් සිදු කර නොමැත. අනුව පෙනී යන්නේ පාරිසරික අනුමැතිය ලබා ගැනීමට පමණක් මෙම අසම්පූර්ණ වාර්තාව සකස් කර ඇති බව .

නාරා ආයතනයේ වාර්තාවලට අනුව මෙම ප්‍රදේශයේ දුර්ලභ හා ආවේණික ජලජ ශාක ලෙස Lagenanda praetermissa වැනි අතිඋඩයන් ශාක හා Cryptocoryne walkeri වැනි කෙටල ශාක විශේෂ වාර්තා වන බව සඳහන් වේ. මීට අමතර සීමිත ව්‍යාප්තියක් සහිත, ලංකාවට ආවේණික, මත්ස්‍ය විශේෂ ලෙස ගඩයා හා දුම්බර පෙතියාට අමතර 2008 වසරේ දී රොහාන් පෙතියාගොඩ ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් ඛ්මඉමජ් සබිමක්රසි නමින් විද්‍යා ලොවට හඳුන්වා දුන් දුම්බර කරඇඳයා මෙම ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙම මත්ස්‍ය විශේෂය 2012 රතු දත්ත ලේඛනයේ දැඩි ලෙස වඳවීයාමේ තර්ජනයට මුහුණපා ඇති විශේෂයක් ලෙස නම් කර තිබූ අතර 2020 රතු දත්ත ලේඛනයේ වඳවීමේ තර්ජනයට ලක් වූ විශේෂයක් ලෙස දක්වා ඇත. මෙම දුර්ලභ විශේෂවලට අමතර ලංකාවට ආවේණික මස් පෙතියා (Systomus spilurus), ගල් පාඩියා (Garra ceylonensis), කඳුකර ඉරි අහිරාවා (Schistura notostigma) හා පරඩැල් කනයා (Channa kelaartii) වැනි මත්ස්‍ය විශේෂ වාර්තා වේ.

ගඟකට ගඟක් ලෙස පැවතීමේ අයිතිය සුරක්ෂිත කළ යුතුය

ලංකාවේ වැඩි වන විදුලිබල අවශ්‍යතාවය සපුරාලීම සඳහා මෙවන් සුවිශේෂී වනජීවී වාසභූමි විනාශ කරමින්, දුර්ලභ ජීවීන්ගේ රැකවරණය අහිමි කරමින් සිදු කරන කුඩා ජල විදුලි බලාගාර ඉදි කිරීම වෙනුවට දැනට තිබෙන මහ පරිමාණ ජල විදුලි බලාගාරවල කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මෙන් එම බලාගාර හා සම්බන්ධ ජලාශවල ජලපෝෂක ප්‍රදේශ සුරක්ෂිත කිරීම සහ එම ජලාශ රොන්මඩින් පිරීයාම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම තුළින් තවදුරටත් සුවිශේෂී ජලජීවී වාසභූමි කුඩා ජල විදුලිබලාගාර වෙනුවෙන් විනාශ වීම වැළැක්විය හැකි . එපමණක් නොව කුඩා ජල විදුලි බලාගාර නාමයෙන් සමාගම් විසින් සිදු කරන පොදු භාවිත සම්පත් වන ගංගා, ඇළ, දොළ ඇතුළු ජලජ පද්ධතීන් විනාශ කිරීමේ ක්‍රියාවලිය නතර කිරීමට පියවර ගත යුතු ඇත.

ගඟකට ගඟක් ලෙස ගලා යාමට හා ආකාරයෙන් පැවතීමට ඇති අයිතිය සුරක්ෂිත කළ යුතු . මගින් ගංගාවකින් රැකවරණය සපයන විශාල ජෛව ප්‍රජාවකගේ සුරක්ෂිතතාව ඇති කළ හැකි . පිරිසිදු පානීය ජලය ලබා දීම පමණක් නොව වාරි ජලය සැපයීම මගින් කෘෂිකර්මාන්තයේ සුරක්ෂිතතාව ඇති කරන මෙම ජල මූලාශ්‍රවලට බලපෑමකින් තොර පැවතීමට ඇති අයිතිය සුරක්ෂිත කළ යුතු . සඳහා මානව කේන්ද්‍රීයව පරිසරය දෙස බලන ද්‍රෘෂ්ඨිකෝණයෙන් පරිභාහිර පරිසර කේන්ද්‍රීය පරිසරය දෙස බැලිය යුතු .

ආකාරයෙන් පරිසරය දෙස බැලීමේ ප්‍රතිඵලයක් ලෙස 2017 වසරේ දී නවසීලන්තයේ වැන්ගනුයි ගංගාවට නෛතික පුද්ගලභාවය එරට අධිකරණයෙන් ලබා දී තිබේ. එපමණක් නොව එම වසරේ දී ඉන්දියාවේ ගංගා හා යමුනා නම් ගංගාවලට අදාළ නඩු තීන්දුවේ දී වැන්ගනුයි ගංගාවට අදාළ නඩු තීන්දුව පූර්වාදර්ශ කර ගෙන එරට අධිකරණය සඳහන් කර ඇත්තේ ගංගාවකට දූෂණයෙන් තොර පැවතීමට ඇති අයිතිය සුරක්ෂිත කළ යුතු බව . 2018 ජූලි මාසයේ දී බංග්ලාදේශය එරට සියලූ ගංගාවලට නෛතික පුද්ගලභාවය ලබා දී තිබේ. මේ සියල්ල පාදක කර ගෙන අප රටේ සියලු ගංගාවලට නෛතික පුද්ගලභාවය ලබා දිය යුතු ඇත. එවිට අධිකරණය ඉදිරියේ පුද්ගලයකු ලෙස පෙනී සිටීමේ හැකියාව ගඟකට හිමි වීම පමණක් නොව තුළින් ගඟකට ගඟක් ලෙස ගලා යාමට ඇති අයිතිය හා එම අයිතිය තුළින් ගංගාවක් විසින් සියලු ජීවීන්ට ලබා දෙන රැකවරණය සුරක්ෂිත කිරීමට කුඩා ජල විදුලිබලාගාර නාමයෙන් ගංගාවකට නිදහසේ ගලා යාමට ඇති අයිතිය අහිමි කිරීම පාලනය කර ගත හැකි වනු ඇත.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    මහා වටිනාකමක් තියෙන අනඟි ලිපියක්. සජීව චාමිකර මහත්මයා ඔබ මෙවන් දුර්ලභ ලිපි මගින් රටට සමාජයට කරන සේවයට ස්තුති කරන්න වචන නැහැ. ඔබේ ලිපි මම එකතු කරලත් තියෙනව. මෑත කාලයේ පරිසරය ගැන දැකපු හොඳම ලිපි එකතුව ඔබේ. මේ ලිපියේ ඔබ මත්ස්‍ය ප්‍රජාව ගැන කරලා තියෙන සටහන වෙනත් කිසි තැනක දකින්න නැහැ.
    මහා පරාක්‍රමබාහු රජ්ජුරුවෝ කිව්ව “අහසින් වැටෙන එක දිය බිඳුවක්වත් මුහුදට යානොදී පාවිච්චියට ගත යුතුයි” කියලා කියපු කියමනට පස්සේ මම දැකපු හොඳම කියමන, ඔබ මෙතන ලියලා තියෙන “ගඟකට ගඟක් ලෙස ගලා යාමට හා ඒ ආකාරයෙන් පැවතීමට ඇති අයිතිය සුරක්ෂිත කළ යුතුය” කියන කියමන. මොන තරම් වටිනා අදහසක්ද?
    ලෝක ඉතිහාසයේ මුල්ම වාරි ශිෂ්ඨාචාරය බිහිකළ, පැවතුන, අදටත් පවතින එකම රට විදිහට, අපේ රටේ සියලු ගංගා, වැව් අමුණු වලට නෛතිකභාවය ලබා දිය යුතුයි. ඔබේ අදහසට මගේ ඉහලම පැසසුම.

    • 0
      0

      මධ්‍යම පරිසර අධිකාරය තියෙන්න ඕනේ ඔබ වැනි පරිසරයට අසීමිතව ආදරය කරන තරුණයන් අතේ. හැබැයි අද වෙලා තියෙන්නේ මොකක්ද? කිසි ඇමතියෙක් තමන්ගේ අමාත්‍යංශයට අදාළ අණ පනත්, රෙගුලාසි ගැන දන්නේ නැහැ. රාජ්‍ය නායකයා මෙලෝ හසරක් දන්නේ නැහැ. මුදල් ඇමති හොර සල්ලි අච්චු ගහනව. අධිකරණ ඇමති, බුද්ධ සාසනය ප්‍රතිසංස්කරණ කරන්න ත්‍රිපිටක සංහාර පනත් ගේනවා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් 3/4ක් උල්ලංඝනය කරලා පනත් හදලා සම්මත කරගන්න හදනව, අපරාධකාරයන් නිදහස් කරන්න උසාවි වලට නියෝග දෙනවා, තොග ගානට මහා පරිමාණ මත්ද්‍රවය ජාවාරම්කාරයන් නිදහස් කරනවා. රටේ ජනාධිපති, අනාගත මුස්ලිම් පරම්පරාව ඉලක්ක කරගෙන, සිංහල භාෂාව මරලා, අධ්‍යාපනය සහ විභාග ඉංග්‍රීසි භාෂවෙන් තියන්න නියම කරනවා, පරණ රාජ්‍ය භීෂණය නැවත ගේන්න අධ්‍යාපනය සහ සිවිල් සමාජය මිලිටරි සංස්ථාවක් යටතට ගේන්න හදනව.
      පහුගිය වහල් ආණ්ඩුව රට අනාගාමික කරනවට, රටේ සම්පත් විකුණනවට, පරිසරය විනාශ කරනවට, ඉඩම් විදේශිකයන්ට විකුණනවට, එම්සීසී අත්සන් කරනවට, අධ්‍යාපනය පෞද්ගලිකරණය කරනවට ඇතුළු තව බොහෝ පාවාදීම් වලින් රට බේරාගන්න ගෙනාපු රාජපක්ෂලා වහල් ආණ්ඩුවටත් එහා ගිහින් ඒ සියලු දේ කරනවා. දැන් රාජපක්ෂලාව ගෙනාවේ කවුද? මෙරටේ සිංහල බෞද්ධයෝ රාජපක්ෂලාට සුදු හුණු ගාලා, නිල් වතුර බාල්දියේ නාවලා, කළු රාජපක්ෂලාව සුදු කරලා, නරි, සිංහයෝ කරලා බලයට ගෙනාව. දැන් මොකොද වෙලා තියෙන්නේ? එක වැස්සට සුදුහුණු හේදිලා දැන් පරණ කළු ආයේ මතුවෙලා. කට ඇරියම ඇහෙන්නේ හූ සද්දේ. සිංහයෝ නරින්ට යටත් වෙලා ඉන්නේ නැති නිසා රාජපක්ෂලා අද මුළු රටේම විරෝධයට, පිළිකුලට ලක් වෙලා.

  • 0
    0

    මෙතනට අදාළ නැති වුනත්, මීට කලිනුත් මේ ගැන ලියලා තියෙනව. අදත් ලියනවා. නොදන්නා සිංහලයන්ට ආයේ මතක් කරන්න, සහ රාජපක්ෂ කොන්ත්‍රාත්තුකරුවන් විදිහට වැඩ කරන සිංහලයන් හඳුනා ගන්න.
    සිංහල භාෂාවට, සිංහල ජාතියට, බුදු දහමට එරෙහිව බරපතල කුමන්ත්‍රණයක් සිද්ධ වෙනව. තමන්ගේම රටේ සිංහලයන්ට බරපතල අගතියක් අසාධාරණයක් සිද්ධ වෙමින් පවතිනවා. අද ඊයේ නෙමෙයි කාලෙක ඉඳන්. හැබැයි දැන් උපරිමයට ලඟා වෙමින් පවතිනවා. ඒ උපරිමය තමයි කෙටි අකුරින් KNDU පනත කියන්නේ. මේක ගෝඨාභය සිංහලයන්ට එරෙහිව කරපු දෙවෙනි කුමන්ත්‍රණය. පලවෙනි එක දිනේ ඉස්සරහට ගෙන්න වෙච්ච පාස්කු ප්‍රහාරය. ගෝඨාභය හිතුව පාස්කු ප්‍රහාරයෙන් පටන් අරන් වෙසක් වෙනකොට පන්සල් වලින් ඉවර වෙන විදිහට ෂෝට් කට් එකකින් ලංකාවේ බුදු දහම ඉවර කරන්න. නමුත් බුදු දහම ආරක්ෂා කරන බලවේග හින්ද ඒක හරි ගියේ නැහැ. පාස්කු ප්‍රහාරයට නම දාන්න ඕනේ වැරදුනු කුරුමානම කියල. මරක්කල පල්ලි වලට බෙදපු කඩු 6000 තවමත් හොයා ගෙන නැහැ. සිංහල බෞද්ධයන්ගේ ජීවිත තියෙන්නේ අනතුරේ.

    • 0
      0

      KNDU පනත ගේන්නේ රටේ අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවට නැවත හරවන්න, ඉංග්‍රීසින් කළා වගේ. හරවලා උසස් අධ්‍යාපනය අවස්ථා සියල්ල අන්‍ය ජාතිකයන්ට, අන්‍ය ආගමිකයන්ට පමණක් සීමා කරන්න. සිංහල භාෂාවෙන් ඉගෙන ගත්ත සිංහල බෞද්ධයන්ට කිසිදු ඉහල තනතුරකට පත්වීමේ අවස්ථා නැති කරන්න. දැනටම ගෝඨාභය සිංහල බෞද්ධයන්ට අනාගත නීති ක්‍ෂේත්‍රයේ දොර වහල දැම්ම අවසාන විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන්න කරපු නියෝගයෙන්. අනාගතයේ වෙන්නේ ඉංග්‍රීසින් නාමික නිදහස දීල ගිය කාලේ වගේ රජයේ සියලු ඉහල තනතුරු දෙමළ භාෂාව කතා කරන ජාතියට පමණක් හිමිවීම. (මුස්ලිම් සහ දෙමළ කියන්නේ එකම භාෂාවක් කතා කරන එකම ජාතියක්.) ඊළඟට සිංහල කියල ජාතියක් මේ රටේ හිටි බවට තියෙන සියලු සාක්ෂි විනාශ කරනවා. අතීතයේ එහෙම කරලා හින්ද තමයි සිංහලයෝ බොහෝ දෙනෙක් තවමත් තමන්ගේ ජාතියේ ඉතිහාසය දන්නේ නැත්තේ.
      අධ්‍යාපනය සිංහල භාෂාවෙන් තියෙනකම් විතරයි සිංහල ජාතිය පවතින්නේ. භාෂාව මරපු ගමන් ජාතියත් මැරෙනවා.

      • 0
        0

        දේවනායගම් කියන දෙමල අධිකරණ ඇමතිවරයා සිංහල ගම්මාන දෙකට කඩලා, අනුරාධපුරයට අයිති වෙලා තිබ්බ ගම්මාන උතුරට සහ නැගෙනහිරට යාකරලා, අනාගත දෙමල ඊලමක් හදන්න මැතිවරණ කොට්ඨාශ වෙනස් කළා වගේ, හකීම් මුස්ලිම් විශ්වවිද්‍යාල, මුස්ලිම් පාසල්, මුස්ලිම් පල්ලි සහ මුස්ලිම් ගම්මාන රට පුරා හැදුවා වගේ, අලි සබ්‍රි සහ මලක්කන් ගෝඨාභය අනාගත මුස්ලිම් පරම්පරාව වෙනුවෙන්, සිංහලයන් බහුතරය බුක්ති විඳින නිදහස් අධ්‍යාපනය නැති කරලා, සිංහල භාෂාව මරලා, ලංකාවේ පාලනය සිංහලයන්ට නැති වෙන විදිහට පනත් සම්මත කරගන්නවා.
        ගිය අවුරුද්දේ මහා මැතිවරණය ඉවර වෙච්ච ගමන් ගෝඨාභය සහ අලි සබ්‍රි ෂෝට් කට් එකකින් සිංහල ජාතියත් මරන්න හැදුව, උප්පැන්න සහතිකයෙන් ජාතිය, විවාහක අවිවාහක බව, සිංහල පරම්පරා ගැන විස්තර ඇතුළු සිංහලයන්ට පමණක් බලපාන කරුණු 18ක් ඉවත් කරල. සිංහලයන්ගේ විරෝධය නිසා ඒකත් අන්තිමට වැරදුනු කුරුමානමක් වුනා. දැන් කවුරුවත් හිතනවද මේවා කරන්නේ ජනාධිපතිවරණයෙන් පස්සේ නිකම් හිතල කියලා. මේවා සියල්ල කාලෙක ඉඳන් කරපු සැලසුම්. අපේ අසල්වැසි රටවල් වගේ ලංකාවත් මුස්ලිම් රටක් කිරීමේ දීර්ඝ කාලින අරමුණක් සඳහා යන ගමනක් මේක.

  • 0
    0

    සිංහල භෂාව ගැන කිව්ව නිසා ටිකක් ඒ ගැන ලියන්න හිතුව.
    කළු සුද්දන් විසින් තීරණය කරන අපේ පාසල් විෂය මාලාවේ තියෙන ලොකුම වරද තමයි සිංහල කියලා අපිට සිංහල භාෂාවේ ව්‍යාකරණ, රචනා, කවි, කතා මිසක් සිංහල භාෂාවේ ඉතිහාසය උගන්වන්නේ නැතිකම.
    අද වෙනකොට බොහෝ සිංහල භාෂා විශාරදයන් අහිමි වෙලා තියෙනව. ඒ අතර මහා ජාතික සම්පතක් විදිහට සලකන්න පුළුවන්, “ඇවිදින විශ්වකෝෂයක්” වැනි තිලක් කන්දේගම මහත්මයා ඉන්නවා. දැන් ඉන්න වැඩිහිටියන්ගෙන් පස්සේ ඊළඟ පරම්පරාව සිංහල ඉතිහාසය ගැන කිසිවක් නොදන්නා පිරිසක් වෙනවා.
    සිංහල නොවෙන විවිධ ජාතින් ලියා තියෙන බොහෝ කෘති වල මම දැකපු දෙයක් තමයි අපේ සිංහල භාෂාවේ වචන දෙමල සහ බටහිර භාෂා වලින් කුලියට ගත් වචන විදිහට හඳුන්වා තිබීම. මේ වගේ පදනමක් නැති විකෘති කිරීම් වලට සිංහල භාෂාව පත් වෙන්න එකම හේතුව අපි අපේ භාෂාවේ ඉතිහාසය ගැන කිසිවක් කතා නොකිරීම. සමහර විට අනාගතයේ සාක්ෂි සහිතව ඔප්පු කරන්නත් පුළුවන් වෙයි, සිංහල භාෂාව තමයි ලෝකයේ පලමු භාෂාව.
    දැන් ලෝකය පුරා පිළිගන්නේ සංස්කෘත භාෂාව තමයි ලෝකය පළමු භාෂාව කියල. හැබැයි සංස්කෘත භාෂාවේ මූලාරම්භය සිංහල බව අපි නොකියන්නේ ඇයි? සංස්කෘත භාෂාවේ සියලු වචන සිංහල වචන නම්, ලෝකයේ මුල් භාෂාව සංස්කෘත වෙන්නේ කොහොමද? සිංහල වෙන්න එපෑය.
    ලෝකයේ මුල්ම කතා කරන සහ ලියන භාෂාව අපේ සිංහල භාෂාව. සිංහල භාෂාව, හෙළ භාෂාව, එළු භාෂාව, මාගධී භාෂාව, බ්‍රාහ්මි අක්ෂර, සියල්ල අපේ. සංස්කෘත සහ පාලිත් අපේ. හැබැයි, සංස්කෘත සහ පාලි කියන්නේ භාෂාවන් දෙකක් නෙමෙයි, සිංහල භාෂාවේ ලිවීමේ ක්‍රමයන් දෙකක්.

    • 0
      0

      සිංහල භාෂාව සහ එළු භාෂාව ගැනත් විවිධ මත තියෙනවා. අපේ මුල් භාෂාව සිංහලද? එළුද? උත්තරය සිංහල.
      අපි සිංහල භාෂාව කතා කරපු නිසා තමයි අපිව සිංහලයන් විදහට හැඳින්වූවේ. අපි සිංහලයන් නිසා තමයි සිංහලයන් ජීවත් වුනු රට සිංහලද්වීප වුනේ. අපි එළු භාෂාව කතා කරා නම් අපිව හඳුන්වන්නේ එළුවන් විදිහට මිසක් සිංහලයන් විදිහට නෙමෙයි. එහෙනම් එළු භාෂාව කතා කරන මිනිසුන් ඉන්න රට එළුද්විප විදහට හඳුන්වනවා.
      සිංහල සහ එළු කියන්නේ එකම භාෂාව. සිංහල, සීහෙළ වෙලා, හෙළ වෙලා, හෙළු වෙලා, එළු වුනා. සිංහල කියන්නේ සිංහලයන් එදිනෙදා කතා කරපු භාෂාව. එළු කියන්නේ සිංහලයන් සාහිත්‍ය කෘති ලියපු භාෂාව.
      සංස්කෘත සහ පාලි ලියලා තියෙන්නෙත් සිංහල භාෂාවෙන්. මේ භාෂා දෙකත් කතා කිරීමට පාවිච්චි කරලා තියෙනව. අපේ සිංහල මුතුන් මිත්තෝ වෙද/විද්‍යා ග්‍රන්ථ සංස්කෘත ක්‍රමයටත්, බුදු දහම හා සම්බන්ධ ග්‍රන්ථ පාලි ක්‍රමයටත්, සාහිත්‍ය හා සම්බන්ධ ග්‍රන්ථ එළු ක්‍රමයටත් ලියලා තියෙනවා කියල ඉංග්‍රීසි ජාතිකයනුත් කියල තියෙත්දී, අපේ සමහර සිංහලයෝ තවමත් විශ්වාස කරන්නේ සංස්කෘත සහ පාලි ඉන්දියන් භාෂා කියල.
      එතකොට මාගධී සහ පාලි අතර සම්බන්ධය මොකක්ද?
      මාගධී භාෂාව සිංහල අකුරු වලට හරවල ලියපු ක්‍රමයට තමයි පාලි කියල කිව්වේ.
      එතකොට මාගධී භාෂාව කියන්නේ මොකක්ද?
      හරිම ලේසියි තේරුම් ගන්න. මාගධී කිව්වේ වචන ලඝු ක්‍රමයට ලිවිම හෙවත් ලඝු ලේඛන ක්‍රමයකට. ඉංග්‍රීසියෙන් නම් මාගධී කියන්නේ සිංහල shorthand ක්‍රමයක්. මාගධී භාෂාවෙන් හෙවත් ලඝු ලේඛන ක්‍රමයට ලිව්ව සූත්‍ර තමයි පහු කාලෙක සිංහල අකුරින් පාලි වලට පරිවර්තනය කරලා තියෙන්නේ.

      • 0
        0

        එතකොට ඇයි මේ සූත්‍ර, මාගධී නමැති ලඝු ලේඛන ක්‍රමයට ලිව්වේ?
        මේක වෙන දවසකත් ලිව්ව වගේ මතකයි, මගේ අදහස නම් ත්‍රිපිටකය ලියවුනේ බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩ සිටි කාලෙමයි. මේවා ලිව්වේ අපේ සිංහල සෘෂිවරු. සෘෂිවරු කියන්නේ ලේඛකයෝ, ග්‍රන්ථ කතෘවරු.
        අද ඉසින්බැස්සගල කියන (මුලින්ම ඉසින්බැස්සගල ගැන කිව්වේ සිසිර පෙරේරා, ප්‍රශාන්ත සහ ජනිත් මහත්වරු යථාර්ථ නාලිකාවෙන්.) ඉසින්බැස්සගලට අතීතයේ කියල තියෙන්නේ ඉසිබසිනාරාමය කියලා. හේතුව සෘෂිවරු අහසින් වැඩම කරලා තියෙනව මෙතන ලෙන් ආරාමයේ වැඩ සිටි බුදුරජාණන්වහන්සේ හමුවෙන්න. අපේ රටේ සෘෂිවරු හිටපු බව සඟවන්න තමයි, අහසින් වැඩියේ රහතන්වහන්සේලා කියලා මතයක් අපේ ඔළුවට දැම්මේ.
        මට තේරෙන විදිහට, මේ සෘෂිවරු බුදුරජාණන්වහන්සේ දේශනා කල සූත්‍ර ඒ වෙලාවෙම ෂෝට්හෑන්ඩ් හෙවත් ලඝුලේඛන ක්‍රමයට සටහන් කරගෙන තියෙනව පුස්කොල පොත්වල. ඒ ෂෝට්හෑන්ඩ් වලින් ලියපුව නැවත සිංහල අකුරු වලින් ලිවීම හෙවත් transcribe කිරීම තමයි පාලි කියල කියන්නේ. මේවා කොහෙවත් පොත් වල ලියල නැහැ. මම මේවා ඉගෙන ගත්තේ තනියම. නිකම් කල්පනා කරන කොට මට හිතුන මේක තමයි වෙලා තියෙන්නේ කියල. මම ලියන ඒවා ඕනේ කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. හොයා බලන්න පුළුවන්.
        මගේ අවසාන නිගමනය තමයි, පාලි කියන්නේ, මාගධී ලඝුලේඛන භාෂාවේ පිටපත හෙවත් අකුරින් ලිවිම (the transcription) කියන එක. එතකොට වළගම්බා රජු කාලේ වුනේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. නමුත් මාගධී ලඝුලේඛන භාෂාවෙන් ලියපු ත්‍රිපිටකයවත්, එය සිංහල පාලි භාෂාවට හරවපු ත්‍රිපිටකයේ මුල් පිටපතවත් අපි ළඟ දැන් නැහැ.

        • 0
          0

          සෘෂිවරු ගැන ලියන තැන අඩුවක් වෙලා තියෙනව. සෘෂිවරු කියන්නේ ලේඛකයෝ විතරක් නෙමෙයි, විවිධ විද්‍යාවන්, විවිධ සටන් ක්‍රම, විවිධ ශක්තින් ප්‍රගුණ කල පිරිසක්. අද වේද කියලා නම වෙනස් කරලා තියෙන වෙද ග්‍රන්ථ ලිව්වේ අපේ සිංහල සෘෂිවරු.

  • 0
    0

    වර්ජන රැලි හදලා, කොවිඩ් පරීක්ෂණ පොසිටිව් කරලා, ත්‍රිපිටක සංහාර පනත සම්මත කරගන්න හදනව.
    මේ තරම් ආර්ථික, සමාජීය, දේශපාලන, සෞඛ්‍ය අර්බුද තියෙන මහා විපරීත සමයක, ත්‍රිපිටක පනතක් ගැන කතා කිරීමම විහිළුවක්.
    මලක්ක රාජපක්ෂලයි, මරක්කල අධිකරණ ඇමති අලි සබ්‍රියි, නම මතක නැති දෙමළ නීතිපතියි එකතු වෙලා කෙටුම්පත් කරපු ත්‍රිපිටක ‘සංරක්ෂණ’ පනත ගැන අද තිබ්බ අදහස් විමසීමේදී, බහුතර සිංහල බෞද්ධ මතය නියෝජනය කරමින් ඒ පනතට විරුද්ධ වෙච්ච, ඒ පනත සම්පූරණයෙන් අකුලා ගන්න කියලා එඩිතරව කියපු සියලු හාමුදුරුවරුන්ට මගේ ප්‍රණාමය!
    ඒ වගේම, අන්‍ය ආගමිකයන්, අන්‍ය ජාතිකයන් එකතු වෙලා සම්බුද්ධ සාසනය විකෘති කරන්න, මහා සංඝරත්නය අතරම භේදයක් ඇති කරන්න, සිංහල බෞද්ධයන් සහ මහා සංඝරත්නය අතර අවුරුදු දහස් ගණනක් පුරා තිබ්බ බැඳීම නැති කරන්න ගෙනාපු මේ බුද්ධ විරෝධී, ධම්ම විරෝධී, සංඝ විරෝධී, ගිහි බෞද්ධ විරෝධී ත්‍රිපිටක පනත ගැන කාලයක් තිස්සේ සිංහල බෞද්ධ ජනතාව වගේම මහා සංඝරත්නයද දැනුවත් කල, සම්බුද්ධ ආසනය රැක ගැනීම වෙනුවෙන්, සත්‍යය වෙනුවෙන්, ලංකාවම අවදි කරමින්, රට ජාතිය සමය රැක ගැනීමට අපේ සිංහල බෞද්ධ මුතුන්මිත්තන් ගිය මඟ යමින් මහා සටනක් කල යථාර්ථ යූටියුබ් නාලිකාවටත්, එහි තිබූ සාකච්චා වලට සහභාගී වූ මහා සංඝරත්නයටත්, විශේෂයෙන් පූජ්‍ය දෙනගම ධම්මරක්ඛිත ස්වාමින් වහන්සේටත්, ජනිත්, සිසිර පෙරේරා සහ එම්. ඒ. බී. ප්‍රශාන්ත මහත්වරුන්ටත්, වචන සීමාවක් තියෙන නිසා නම් සියල්ල ලියන්න බැරි වුනත්, ත්‍රිපිටක පනතට එරෙහිව හඬ අවදි කල, විවිධ ක්ෂේත්‍ර වල නියුතු සියලු දෙනාටත්, සිංහල බෞද්ධයන් වෙනුවෙන් මගේ ප්‍රණාමය, ස්තුතිය, සතුට පුද කරන්න කැමතියි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.