23 April, 2024

Blog

සජිත්ගේ පැත්තට කඹය ඇදෙන්නට ඉඩ හැරීමේ අඥාණකම​​

සකුන්තලා ඇලිකේවෙල​ –

සජිත් ප්‍රේමදාස දවසක් කඹයක් හයියෙන් ඇදගෙන සිටියේය. ඒ අලුත් අවුරුදු කඹයකි. ඒ කඹයේ අනිත් කෙළවර අල්ලාගෙන සිටි පිරිස කඹය අදිනවා දැයි නැද්දැයි සිතමින් සිටියහ. ඇද්දොත් සජිත් බිමය. අමාරුවෙන් හිටගෙන ඉන්න මිනිස්සු බිම දාන එක එච්චර හොඳ නැත. ඒ නිසා සජිත්ගේ පැත්තට කඹය ඇදෙන්නට ඉඩ හැර අනිත් කොන ටිකෙන් ටික බුරුල් කිරීමට ඒ පාර්ශ්වය කටයුතු කළේය. එය අහිංසක ලෙස පෙනුනද දුරදක්නා නුවණින් කළ ක්‍රියාවකි. 

සජිත් ප්‍රේමදාසට ඇත්තේ ආර්. ප්‍රේමදාසට වඩා හේමා ප්‍රේමදාසගේ ගතිගුණ යයි බොහෝ අය කියති. 

දිනක් හේමා ප්‍රේමදාස මාතලේ ගොස් බර්නාඩ් අළුවිහාරේ ක්‍රීඩාංගනයේදී සංඝමිත්තා බාලිකාවන් සමඟ නෙට්බෝල් ගැසුවේය. මේ තරගයේ දී සාමාන්‍ය තරග නීති වලට අනතරව අමුතු නීතිරීති මාලාවක් ද දමා තිබිණ. එහි වඩාත්ම හිනා යන නීතිය නම් හේමා ප්‍රේමදාසගේ සාය ඉස්සෙන විට ඡායාරූප ගැනීම සපුරා තහනම් කිරීමයි. එබැවින් සාය ඉස්සෙන්නේ නැති වෙලාවක් එනතුරු කැමරාකරුට බලා සිටින්නට සිදු විය.

තවත් නීතියක් වූයේ, ප්‍රේමදාස මැතිනියගේ ඇගේ වැදීම අනිකුත් ක්‍රීඩිකාවන්ට තහනම් වීමය. එබැවින් හේමා ප්‍රේමදාස ට ළං නොවී දුරින් හිදිමින් ක්‍රීඩා කරන්නට ක්‍රීඩිකාවන්ට සිදුවිය.

මේවා ගැන හිතනකොට හේමා ප්‍රේමදාසගේ ගතිගුණ ඇති ඇගේ පුතා කඹේ ඇදගෙන සිටියදී අනිත් පාර්ශ්වය ගත් තීරණය නිවැරදිය. නැත්තම් පසුවට​ ප්‍රශ්න ඇතිවිය හැකිය. කඹේ ඇදගෙන වැටෙනවාට වඩා ඒ වැටිල්ල බරපතළ විය හැකි ය .

ඒ කතාව එසේ තිබියදී ස්ජිත් දිගින් දිගටම ඇදගෙන නාන්න ඇයිදැයි අසන්නට සිදුව තිබේ.

ආසියාවේම මොළකාරයා ලෙස ප්‍රසිද්ධියට පත් ජේ ආර්, ප්‍රේමදාසට පක්ෂය භාර කලේ මන්දැයි බොහෝ අය ප්‍රශ්න කළේ ය. මොකද ජේ ආර් ළඟ ගාමිණී දිසානායක ලලිත් ඇතුලත්මුදලි වැනි පතාකයින් සිටියදී ඒ තීරණය ගනු ලැබීම අමුතු දෙයක් විය. කොහොම නමුත් ජේ ආර් ගේ මොලේ ගැන කතා කරපු අයම කීවේ ප්‍රේමදාසට දුන්නේ රටක් නොව, දෙපැත්ත ඇවිලෙන විලක්කුවක් බවය. ඇත්තය. 

එවකට උතුරේ ද දකුණේ ද ගිනි ඇවිලෙමින් තිබිණ. මොකක් උනත් බාර ගන්නට තරම් ධෛර්ය සම්පන්න වූ ප්‍රේමදාස පළවෙනියට අත තිබ්බේ දකුණට ය. ප්‍රේමදාස ඒ ගින්නට වතුර වෙනුවට පිදුරු දැම්මේය. හැටදහසක් තරුණ ජීවිත ඒ ගින්නෙන් පිළිස්සී ගියේ ය. ඒ අතරින් බොහෝ දෙනා උගත්තු ය. ඒ හිස්තැන අදටත් මේ රටේ සමාජ දේශපාලන ආර්ථික සංවර්ධනයට අහිතකර ප්‍රතිවිපාකයක් බව කිව යුතු. 

දකුණට දුන්න ගේම උතුරට දෙන්නට කලින් ප්‍රභාකරන් ඉස්සර වුනේ ය. නැත්නම් ප්‍රභාකරන් කන්නේ මහින්දගෙන් නොව ප්‍රේමදාසගෙන් ය. ප්‍රේමදාසගේ භීෂණය එක්සත් ජාතික පක්ෂය දශක දෙකහමාරකට ගෙදර ඇරියේය. වමේ පක්ෂ වලට තරගයක් දෙන්නට යූඑන්පීයට දෙවැනි පෙළක් ඉතිරිව තිබුණේ ද නැත. ඒ බොහෝ ඝාතන ප්‍රභාකරන්ගේ එකවුන්ට් එකට බැර වුණේය. දැන් ඒවායින් වැඩක් නැත.

කොහොමහරි  පණපිටින් වළදැමූ තරුණියන්ගේ ඇටකටු ගොඩ ගනිමින් චන්ද්‍රිකා බලයට එන්නේය. චන්ද්‍රිකගෙන් චන්ද්‍රිකාටත් මහින්දගෙන් මහින්දටත් ආණ්ඩු මාරු වුනේ ය. ඒත් යූඇන්පී ආණ්ඩුවක් දශක දෙක හමාරක් යනතුරුත් ආවේ නැත. 

ඒ කථාව පසෙකින් තබා ප්‍රේමදාස දෙස යළි හැරී බැලූවිට ඔහුට ගරු කරන බොහෝ පිරිසක් ද මේ රටේ වෙසෙන බව පෙනෙන්නට තිබේ. ඔහු සැදූ ගම්මානවල සෙවන ලබන මිනිසුන් ද ඇඟලුම් කම්හල් වල රැකියා කරන දහසකුත් එකක් තරුණ තරුණියන්ද ප්‍රේමදාස නාමය සතුටින් සිහිපත් කරනු නොඅනුමානය. අදටත් ඔහු සමග වැඩ කළ රාජ්‍ය සේවකයෝ ප්‍රේමදාසට තිබුණේ පුදුම ධෛර්යයක් යැයි කියති. ඔහු සමග වැඩ කරන්නට ලැබීමෙන් වැඩ කරන හැටි ඉගෙන ගත්තා යැයි කියති. එනිසාම සජිත් තාත්තා ගේ ලඟින්ම තියන්ට බැරි යැයි ද කියති. එහෙම අයට පැරණි සිංහලෙන් කියන්නේ නොට්ටිගේ පුතා කියාය.

සජිත් ප්‍රේමදාස දිගින් දිගටම පුදුම දේවල් කරමින් සිටී. සියඹලා ගහක් යට ඉඳගෙන උස මිනිස්සුන්ට හා කොට මිනිසුන්ට වෙන වෙනම සලකන්නට ගොස් හොඳටම ඇන ගත්තේ ය. සිය ජීවදත්ත සටහනට බොරු උපාධි ගැන තොරතුරු ලබාදී ඇනගත්තේය. ඒ පිළිබඳ අපූරු ලිපියක් පසුගියදා පළ වුණේ ය.

ප්‍රේමදාස ට සිය පුතා තමන් මෙන්ම දක්ෂයෙක් කිරීමට උවමනා විය. තමන්ට නොලැබුණු අවස්ථා පුතාට ලබාදෙමින් ජාත්‍යන්තර තලයේ හොඳම විශ්වවිද්‍යාලවලට පුතා යැව්වේ ඒ නිසාය. ඒත් ඒ පුතා ඒ කිසිදු දෙයකින් ප්‍රතිඵලයක් ගන්නට තරම් දක්ෂයෙක් නොවීය. උපාධිය ගන්නට ගොස් හිස් අතින් ගෙදර ආවේලු. පශ්චාත් උපාධිය ගන්නට ගොස් යළිත් හිස් අතින් ගෙදර ආවේලු. ඒත් ලෝකයාට පෙනෙන්නට බොරු ජීව දත්ත සටහනක් සකසා තමා උගතෙක් බව පෙන්වීමට උත්සාහ ගත්තේලු.

තාත්තා හැදූ ගෙවල් අදටත් එලෙසම තියෙන්නේය. ඒත් පුතා හදපු ගෙවල් අවුරුද්දක් දෙකක් වත් තියේදැයි සැකයයි සමහරු කියති. ආර් ප්‍රේමදාස හිටියනම් කිසිදිනක සජිත් දේශපාලනයට නො ගනු ඇතැයි ප්‍රේමදාස ගැන දන්නා සමහරු කියති. 

කොහොමහරි දැන් සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ය. දැන් දශක ගණනාවක් තිස්සේ මේ රටේ ආණ්ඩු මාරුවුනේ ප්‍රධාන පක්ෂ දෙකක් අතරය. ඒ අතුරිනුත්  ප්‍රබලම තනි පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව නොරහසකි. එවැනි පක්ෂයක නායකත්වයට සුදුස්සෙකු වීමට සිතා සිටින්නේනම් සජිත් තමන්ව බොහෝ හික්මවාගත යුතුය. 

දිගින් දිගටම අමුතු ජාතියේ මෝඩ වැඩ කරමින් විහිලු කාරයෙකු සේ හැසිරීම නැවැත්විය යුතුය. ඒත් එහෙම නවත්වන පාටක් නැත.

දින දෙක තුනකට කලින් සජිත් ප්‍රේමදාසගේ නම තවත් අමුතු කතාවකට ඈඳී තිබේ. එනම් ඔහු ළඟට රැකියාවක් ඉල්ලා ගෙන ආ තරුණයකුට ඔහුගේ ලේකම්වරයෙකු අයුතු යෝජනාවක් කිරීම සම්බන්ධවයි. මේ තරුණයා තමාට අයුතු චෝදනාවක් කරමින් බලපෑම් සිදු කරන බවට පොලිසියට පැමිණිල්ලක් ද කර ඇතැයි ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක් වාර්තා කලේය .

බුදුපිලිම කඩා නිදන් හොරකම් කිරීමේ චෝදනා දිගින් දිගටම සජිත් ප්‍රේමදාසට එල්ල විය. ඒවාගේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් එවැනි චෝදනා එල්ලවන හෝ එල්ලවුණ නායකයෙකුට එක්සත් ජාතික පක්ෂයේ බොහෝ දෙනා කැමති වන්නේ නැත. එවැන්නෙකුට රටක යහපත් පාලකයෙකු විය නොහැකිය. 

ඊලග ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුදැයි අසන විට උත්තර නොදී හොරගල් අහුලන එක දැන් නැවැත්විය යුතය. රටට අවංක, එඩිතර, හොර බොරු වංචා නැති නායකත්වයක් රටේ දැවැන්ම පක්ෂය විසින් වහා යෝජනා කළ යුතුය. 

ඒ යෝජනාව, තීරණය රට සැනසීමට විනා සජිත් සැනසීමට හෝ සජිත් වෙනුවෙන් කෑකෝ ගසන පිරිස් සැනසීමට නොවිය යුතුය.

කොතරම් නීති දැමුවත් කැමරාකරු හේමා ප්‍රේමදාස මැතිනියගේ සාය උඩ යන දර්ශන කිහිපයක්ම සිය කැමරාවේ සටහන් කරගත් බව කියවිණි. ඒවා අද කාලේ උනානම් ෆේස්බුක් පිටු වල උඩ පැන පැන දර්ශනය වනු ඇත. හොද වෙලාවට ඒ කාලෙ එහෙම දේවල් තිබුනේ නැත.

සජිත් කඹය ඇදගෙන සිටින ඡායාරූපය ෆේස්බුක් පිටුවල පළවී තිබිණ. එම පින්තූරයට අදහසක් පළකල කෙනෙක් ඊට උඩින් ලියා තිබුනේ කඹයේ අනිත් කොන ගසක ගැට ගසා ඇති බැවින් බය නොවී ඇදගෙන ඉන්නා ලෙසය.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    There was a another article some where else. there it said Sajith’s sister also was like that. When she was late to the school and when the Prefect prevented her from proceeding she had told ” My father is the second in command in UNP and let me go”. Prefect had allowed it. I heard she was thinking. this man is no use and knows nothing and I should have married that man (that prefect is now a Physician”. Sajith is also saying/thiinking his Grand children are also watching this humiliation and not to do those. He has complained even to IGP. He is a good businessman too. Even in the Daham passala, he was trading Stamps. I heard no one in the parliament calls him minister because his job is only as a building supervisor.

  • 0
    0

    Before 1994 slfp and unp has equal vote base and in 1994 there were 1.6 million new votes became block votes of slfp and unp wad remained same.Since 1994 slfp is a party 200% than small party like unp, after 1994 unp only had 26% vote base while slfp had 42% block vote base and after 2005 unp only has 22% vote base and slfp of Mahinda has 46% block votes. When comparing with a huge party like slfp unp is a very small party. Since 1994 unp always depends on anti slfp parties and 9% floating vote base of to compete with slfp. If unp wants to compete with slfp unp has to form an alliance with all anti slfp parties including JVP and they need 100% of floating vote base. So a small party like unp can’t be compare with a huge business capitalist party like slfp. Before 2005 srilankan economy was only 20 billion USD and per capital was only 1000 USD. Unp was not a capitalist party at all it was a party who unable to uplift the srilankan economy up to 15 billion USD and percapital if 560 USD. After 2005 slfp of Mahinda has converted this 20 billion small srilankan economy in to huge 80 billion USD business economy and per capital in to 4000 USD. Only after 2005 the capitalist business economy formed in srilanka. The slfp master brains are the architects of this huge 80 billion USD.because of this economic system entire business community became strong slfpers. Unp and the people like Jr,premadasa ,gamini or lalith the people who are unable to uplift the srilankan economy in to 15 billion USD and per capital in to 560 USD can be only considered as economic management idiots. Unp people are not managers like slfp master brains ,they have done only agriculture based mixed janasaviya economic system. They are not capitalist or business oriented people like slfp governments. So the small party only holding 22% vote base can not be compared with a huge party like slfp which holds 46% block vote base.this is not a problem of sajith or Ranil.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.