27 April, 2024

Blog

දේශපාලනය පිණිස ජීවත් වීම හා දේශපාලනය ම`ගින් ජීවත් වීම

සරත් ද අල්විස්

සරත් ද අල්විස්

සරත් ද අල්විස්

‘‘නැණවත් තෝරාගැනීම් සඳහා ජනතාව සූදානම්ව සිටින්නේ නම් හැර ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පැවැත්මක් නැත.’’ – ප‍්‍රෑන්ක්ලීන් රූස්වෙල්ට්

තමන් බලයට පත් කළ බහු පක්ෂ සන්ධානය බිල්ලට දෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙහි එක්සත්කම රැුකගැනීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන තීරණය කර ඇත.
යහපාලන ජනාධිපතිවරයා ගේ වෙස්මාරුව හරියට ම කියතොත් ‘‘කොකා පෙන්නීම’’යන සිංහල සම්ප‍්‍රදාය යෙදුම සිහි ගන්වන්නකි. එතුමා ගේ පොරොන්දුව වූයේ සැබෑ වෙනසකි. අඳුරේ ගිලූණු අප ගේ දේශයට ඉහළින් පැහැදිලි අහසක් ජනවාරි 8 වැනිදා පෑවූ දේදුන්නෙන් පසුව දකින්නට සිතා සිටි අප වැනි අසරණයන් හමුවේ දැන් පහළ වී තිබෙන්නේ කොහෙත් ම අනපේක්ෂිත තත්ත්තවයකි.

කිසියම් අපපේක්්ෂාවක් එතුමන් කෙරෙහි අප තුළ තිබේ. සුදු වෑන් පිළිබඳ බියකින් තොරව අපි අප ගේ අදහස් පළ කරන්නෙමු. නින්ජාවරුන් අප ගේ පිළිසරණට නැතත් අපි සයිබර් අවකාශයේ සැරිසරන්නෙමු. එහෙත් මහදවල් අඳුරේ අතපත ගෑ සමය වෙත යළි පිවිසීමට සිදු වේදැයි යන සැකය අප තුළ මතු වීම වැළැක්විය නො හැකි ය. මොහාන් පීරිස් හා සරත් සිල්වා යන දෙපළ ම මැදමුලන හොල්මන් කරමින් සිටියහ. ඔවුන් ද අර අඳිමින් සිටින්නේ සිය අරමුණු වෙත යාමේ අවස්ථාව එළඹෙන තෙක් ය.

දියවන්නාවේ බාවා ගේ මන්දිරය දෙසින් මතු වනු ඇත්තේ අලූත් මුහුණු ද? නො එසේනම් පැරැුණි පිළුණු මුහුණු ම ද?’ යන ප‍්‍රශ්නය අප තුළ මතු වන්නේ ය. වැඩි බර තිබෙන්නේ දෙවැනි ගණයේ මුහුණු ම යළි මතු වනු ඇති බවට ය.

අප අවබෝධයෙන් යුතුව සිටිය යුතු ය. දිග හැරෙමින් තිබෙන නාටකයේ කථාන්තරය රහසක් නොවේ. ඇතැමුනට නො පෙනුණත් 43 වැනි අග විනිසුරුට එරෙහි දෝෂාභියෝගය හා අදාළ පාර්ලිමේන්තු තේරීම් කමිටුවේ වාර්තාව ප‍්‍රසිද්ධියට පත් ලියවිල්ලකි. ඒ තුළ ඇත්තේ නිවැරැුදි ම කථාන්තරය විනා අනෙකක් නොවේ. සුසිල් පේ‍්‍රමජයන්ත (සභාපති)ට අමතරව හය දෙනෙකු ගේ අත්සන් එයට යොදනු ලැබ ඇත. ඒ අනුර ප‍්‍රියදර්ශන යාපා, නිමල් සිරිපාල සිල්වා, දොස්තර රාජිත සේනාරත්න, විමල් වීරවංශ, ඩිලාන් පෙරේරා සහ නෙයොමාල් පෙරේරා යන අයයි.

SRI LANKA-ELECTION-OPPOSITIONදොස්තර රාජිත සේනාරත්න හැරුණු කොට යහ පාලනය හා සාධාරණ සමාජයක් පිළිබඳව තම තමන් දරන මත සම්බන්ධයෙන් අනෙක් පස් දෙනා අතර එක`ගතාවක් පවතී ද?’ යන්න පැහැදිලි නැත. රාජපක්ෂ පුනරුත්ථාපනය සඳහා දැඩි උත්සාහයක යෙදී සිටින මෙකී හිටපු මන්ත‍්‍රීවරු පස්දෙනා ගේ අවශ්‍යතාව වූයේ සිරිසේන ජනාධිපතිවරයා පසුගිය ජනවාරියේ දී ලද ජනවරම පසෙක ලා සිය දේශපාලන පැවැත්ම එතුමන් ලවා තහවුරු කතරවාගැනීම ය.

වස්තු තන්හාව හා අධිෂ්ඨානය අතර දේශපාලකයන් ගේ අපේක්ෂාවන් දෝලනය වන ආකාරය ‘‘දේශපාල වෘත්තිය’’ නමැති සිය කෘතියෙහි ලා මැක්ස් වෙබර් පැහැදිලි කරයි. රාජ්‍යයක පැවැත්ම සඳහා බලයට පැමිණි පාලකයන් කෙරෙහි වූ අවනත භාවයක් පාලිතයන් තුළ තිබිය යුතු බව පවසන හෙතෙම මෙසේ ද විමසයි. ‘‘ජනතා අවනත භාවය ඇති වන්නේ කිනම් අවස්ථාවේ දී ද? එසේ අවනත වන්නේ ඇයි?’’

තමන් විසින් ම මතු කරන ලද ප‍්‍රශ්නයට හෙතෙම පිළිතුරු සපයන්නේ මෙසේ ය. ඉතිහාසයේ දිගට ම පැවැතගෙන ආ පරිදි සාම්ප‍්‍රදායිකව බලය තුබුණේ ජන සමූහයක නායකයා අත හෝ පිය උරුමය ලද කුමාරවරුන් අත ය. ගෞරවනීය පෞරුෂයක් හිමිව සිටීම ද නො පැකිළව කැප වීමේ ගුණය ද විශ්වාසයෙන් යුතුව ආත්ම ප‍්‍රකාශනයෙහි යෙදීමේ හැකියාව ද වීරත්වය ද ඇතුළු තවත් නායකත්ව ලක්ෂණ බලයට පත් වීමෙහි ලා උපස්ථම්භක වී තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන ධන නිධානයෙහි නායකත්වය පිළිබඳව ගැටලූවක් තුබුණේ ම නැත. ඉකුත් පාලන සමයේ අධිකාරිවාදී ස්වභාවය ප‍්‍රදර්ශනය කරමින් අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය පිළිබඳ වාර්තාවට අත්සන් තැබූ මුරණුඩු මන්ත‍්‍රීවරුනට ‘ටොකු’ කීපයක් ඇන්නවීමට නව නායකයා පොළොඹවාලීම පිණිස ජනවරමකින් තොර අරලියගහ මැඳුරේ පදිංචිකරු පියවර ගත්තේ ය. ඊටත් වඩා දරුණු ‘ටොක්කක් ’ දැන් ඔහු විසින් ම ඇනගෙන තිබේ. ඉහත කී කෘතියෙහි ලා වෙබර් පෙන්වා දෙන්නේ අවනත භාවය වනාහි බිය සහ අපේක්ෂාව යන ප‍්‍රබල හේතූන් මුල් කොටගෙන ඇති වන්නක් බවයි. බිය යනු නො පෙනෙන බලවේගයක හෝ බලය අතැ’ති අය ගේ හෝ පලිගැනීමට භාජන වෙතැ’යි පවතින බියයි. අපේක්ෂාව වනාහි මෙලොව දී ම හෝ පරලොව දී හෝ යම් ප‍්‍රතිලාභයක් ලැබීමට ඇති වුවමනාවයි.

ජනාධිපතිවරයා නුදුටුවා සේ සිටියේ ඇයි? ඒ තමා දේශපානඥයකු වන බව හා දේශපාලනඥයකු වශයෙන් සිතීමේ ඇති වැදගත්කම එතුමා දන්නා බැවිනි. එළඹෙන මැතිවරණයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන් ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ද ඉරණම තීරණය කිරීමේ බලය අතැතිව සිටින්නෝ දෙදෙනා දැඩි රාජපක්ෂ හිතෛෂීන් වෙති. ප‍්‍රියදර්ශන යාපා යනු තනතුර අතැර ගිය ප‍්‍රධාන ලේකම් ගේ තැන සඳහා රාජපක්ෂ ‘සෙන්පතියා’ විසින් තෝරාගැනුණු ‘භටයා’ ය. ඔවුන් දෙදෙනා ම රාජපක්ෂ කැබිනෙට්ටුවේ ඛනිජතෙල් ඇමැතිකම ද දරූ අය වෙති. ලැබී තිබෙන කෙටි අවකාශය තුළ ඔවුන් ඉවත් කිරීම ද කළ හැක්කක් නොවේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරිම තුළින් එළඹෙන මැතිවරණ කඩඉම පැනීමට සූදානමක් ඔහු තුළ පවතින්නේ නම් විනා එසේ කිරීමෙන් ප‍්‍රයෝජනයක් අත් වන්නේ ද නැත.

එතුමා විසින් ගනු ලැබ තිබෙන තීරණය මනෝමූලවාදියකුට නම් ‘නො දිරවන්නක් ’ විය හැකි නමුදු යථාර්ථවාදියා එහි අරුතක් දකින්නේ ය. පෙනෙන්නට තිබෙන්නේ සාවද්‍ය පාලනයකට යටත්ව තිබෙන එක්සත් ජාතික පක්ෂයේ දැඩි ග‍්‍රහණයට හසුව ජනාධිපත්වරයා කෙඳිරියකින් පවා තොරව අපහසුවෙන් හුස්ම ගන්නා බවකි. සුවිශේෂී න්‍යාය පත‍්‍රයක් යටතේ ක‍්‍රියාත්මක වන අන්තර්කාල පාලනයක තමන් නිරතව සිටින බව පෙන්වීමට වුව ද එක්සත් ජාතික පක්ෂය උත්සාහ නො දරයි.

ජෝන් අමරතුංග, ලක්ෂ්මන් කිරිඇල්ල සහ අඛිල විරාජ් කාරියවසම් යන අමාත්‍යවරුන් තිදෙන ද ඔවුන් ගේ නාකයා වන අග‍්‍රාමාත්‍යවරයා හා එක්ව නිරතව සිටින්නේ කළ යුතු කාර්යයේ නොව, නිහ`ඩව හා අදිටනින් යුතුව යළි නැ`ගිටිමින්, ජනවාරි 8 වැනිදා අරගලයකින් පසුබෑමක් සිදු වූ නමුදු යුද්ධය තවමත් කැරෙමින් තිබෙන බව ප‍්‍රකාශ කරන විරුද්ධ පක්ෂයට කෙනෙහිලිකම් කරමින් ඔවුන් ඇවිස්සීමෙහි ය.

ක‍්‍රමොපාය හා විශ්වසනීයත්වය අතර පවතින සම්බන්ධතාව දේශපාලකයෝ බොහෝ විට නො දකිති. ඔවුන් කරන්නේ විශ්වසනීයත්වය හා අදාළ ස්වකීය අඩුපාඩුකම් ක‍්‍රමොපාය තුළින් පිරිමසාගැනීමට ප‍්‍රයත්න දැරීම ය.
රාජපක්ෂ පාලනයේ යොත තාවකාලිකව ගිලිහී යම හේතු කොටගෙන දේශපාලන තරගයේ නියාමය වෙනස් වූයේ නැත. සම්පත් විෂයෙහි විනා ඒවායෙහි ගෞරවනීයත්වය විෂයෙහි දේශපාලකයන් ගේ අවධානය යොමු නො වීම මෙරට තුළ දක්නට ලැබෙන පිළිවෙතයි.

රාජපක්ෂ යාන්ත‍්‍රණය ස්ථාවරව හා බාධාවකින් තොරව ක‍්‍රියාත්මක වෙයි. සාංස්කෘතික හා මානසික පසුතලයන් හි දේශපාලක හා ඡුන්දදායක සම්බන්ධතාවන් මැනවින් පැලපදියම් වී තිබේ. සිය කාරිය මැනවින් දන්නා මානසිකත්ව හසුරුවන්නෝ දැන් වැඩට බැස සිටිති. අභයාරාමය විහාරස්ථානයක් ම පමණක් නොවේ.

පරාජයට පත් මහින්ද එවැනි පොරොන්දුවක් නො දුන්න ද, නිදහස් චතුරශ‍්‍රයේ පැවැති දිවුරුම් දීමේ උත්සවයේ දී මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප‍්‍රකාශ කෙළේ ඒ වනාහි ජනාධිපතිවරයකු වශයෙන් දිවුරුම් දෙන සිය ප‍්‍රථම මෙන් ම අවසාන අවස්ථාව ද වන බවයි. දේශපලනය පිණිස ජීවත් වීම හා දේශපාලය ම`ගින් ජීවත්වීම යනුවෙන් වූ පිළිවෙත් දෙකක් වෘත්තීය දේශපාලනය තුළ පවතින බව මැක්ස් වෙබර් කියයි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.