20 April, 2024

Blog

යුවාල් නෝආ හරාරි: සෑම අර්බුදයක්ම වටිනා අවස්ථාවකි

ඊශ්‍රායල් ඉතිහාසඥ මෙන්ම Sapiens, Homo Deus, සහ 21 Lessons for the 21st Century නම් ලෝක ප්‍රකට කෘතිවල ලේඛකයා වූ මහාචාර්ය යුවාල් නෝආ හරාරි, යුනෙස්කෝ කුරියර් සඟරාව සමග කළ සම්මුඛ සාකච්ඡාවේදී කොරෝනා වයිරසයේ අනාගත සමාජ බලපෑම් පිළිබඳ ව විස්තර කරන අතර මේ ව්‍යසනයෙන් මිදීමට නම් තොරතුරු හුවමාරුවේ සිට විද්‍යාත්මක සහයෝගිතාවයේ අනිවර්යතාවය ඔහු අවධාරණය කරයි.

මහාචාර්ය යුවාල් හරාරි

ලෝකය පුරා පැතිරෙමින් පවතින කොරෝනා වසංගතය ඉතිහාසයේ පැවති මේ හා සමාන වසංගතවලින් වෙනස් වන්නේ කොහොමද? මේ කොරෝනා වසංගතය අපට කියා දෙන්නේ මොනවාද?

මෙය මනුෂ්‍ය වර්ගයා මුහුණ දුන් දරුණුතම වසංගතය යැයි මට කියන්නට බැහැ. 1918 – 1919 වසරවලදී පැවති උණ වසංගත මෙයට වඩා දරුණුයි. ඒඩ්ස් වසන්ගතය ද එසේමයි. මේ නිසා කොරෝනාවලට කලින් යුගවලදී මිනිසා අත්දුටු වසංගත මෙයට වඩා භයංකාර ඒවා. අසූව දශකයේ මතුවූ ඒඩ්ස් රෝගයෙන් යමෙකු රෝගාතුර වුවහොත් ඔහුට හෝ ඇයට වෙන විකල්පයක් තිබුනේ නැහැ මිය ඇදෙනවා හැරෙන්නට. 1347-1352 වකවානුවේදී යුරෝපය පුරා පැතිරුණු කළු මරණය විසින් ලෝක ප්‍රජාවෙන් හරි අඩකගේ ජිවිත බිලි ගත්තා. 1918දී මතු වූ උණ රෝගයෙන් බොහෝ රටවල ජනගහණයෙන් 10%ක් පමණ මිය ගොස් තිඛෙනවා. නමුත් දැනට කොවිඩ්-19 වසන්ගතයට ගොදුරු වූ අයගෙන් මිය ගොස් තිඛෙන්නේ 5%ක් පමණයි. මා සිතන්නේ නැහැ රටක ජනගහණයෙන් 01%ක්වත් මේ කොවිඩ්-19 නිසා මිය යාවි කියා.

තව දුරටත් ඉතිහාසයේ අප මුහුණ දුන් තත්වයන්ට වඩා මේ යුගයේදී වසංගතයකට මුහුණ දීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ විද්‍යාත්මක ශක්‍යතාව අප ලබා තිඛෙනවා. කළු මරණයට මුහුණ දෙන්නේ කෙසේද කියා එවකට ජිවත් වූ ජනයා දැන සිටියේ නැහැ. ඔවුන් දැන සිටියේ නැහැ මිනිසුන් මිය යන්නේ ඇයිද කියා සහ එයට මුහුණ දිය යුත්තේ කෙසේද කියා. 1348 ප්‍රංශයේ වෛද්‍ය විද්‍යාලය, එම වසංගතයකට හේතුව වශයෙන් ප්‍රකාශ කළේ  ග්‍රහයන්ගේ අතුරු අන්තරාවක් නිසා එය ඇති වූ බවයි. ප්‍රබල ග්‍රහ වස්තුන් තුනක් එකට මුසු වීම නිසා ඇති වූ වායු දුෂණයේ ප්‍රතිපලයක් ලෙස මේ වසංගතය ඇති වුනා යැයි ඔවුන් ප්‍රකාශ කළා.

ඒ වගේම කොවිඩ්-19 ව්‍යාප්ත වූ කාලයේදී එකී වසංගතයට බලපාන වෛසරය කුමක්ද යන්නත් එහි පරමාණුක ස්වභාවය පිළිබඳවත් සොයා ගැනීමට විද්‍යාඥයින්ට සති දෙකකට වඩා කාලයක් ගත වුණා. මේ වන විට අප කොරෝනා රෝගය පාලනය කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳව අවබෝධයක් ලබා තිඛෙනවා. තවත් වසරකින් හෝ දෙකකින් මේ සඳහා එන්නතක් සොයා ගැනීමටත් අපට හැකි වෙයි.

කෙසේ වෙතත් කෝවිඩ්-19 ව්‍යසනය කියන්නේ හුදු සෞඛ්‍ය ගැටලූවක් පමණක් නොවේ. එය විශාල ආර්ථික සහ දේශපාලන ගැටලූවක් දක්වා වර්ධනය වී ඇති දෙයක්. මේ වෛරසයට නම් මා ඒ තරම් බිය වන්නේ නැහැ. නමුත් මේ කෝවිඩ්-19 ව්‍යසනය විසින් මිනිසාගේ අභ්‍යන්තරික යක්ෂයින් අවදි කිරීමට එයට ලැබී ඇති හැකියාව නිසා මා තරමක් බිය වී තිඛෙනවා. මේ වසංගතය නිසා ඉතා භයානක ලෙස වෛරය, කෑදරකම සහ අඥානකම වර්ධනය කර තිඛෙනවා. බහුබූත න්‍යායන් මත එල්බ නොගෙන විද්‍යාත්මක දත්ත මත විශ්වාසය තබා සහෝදරත්වය සහ එකිනෙකාට උපකාර කරමින් මේ ගැටලූවට ලෝක පරිමාවෙන් මුහුණ දෙන්නේ නම්, මේ ගැටලූව විසඳා ගැනීමට පමණක් නොවෙයි ඉන් මිදීමටත් අපට හැකියාවක් ලැඛෙනවා කියා මා හිතනවා.

සමාජ දුරස්ථභාවය කොතෙක් දුරට සමාජ සම්මතයක් වීතිඛෙනවාද? මින් අනාගතයේ සමාජයට ඇති කරනු ලබන බලපෑම කොයි වගේද?

රෝගය පැතිරී යන කාලය හා සම්බන්ධව සිතා බලන විට සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාමට අවශ්‍යතාවක් තිඛෙන්නට පුළුවන්. නමුත් මේ වෛරසය විසින් මිනිසාගේ විශිෂ්ඨ මානව සහජාසයකට අභියෝග කර තිඛෙනවා. දුෂ්කර අවස්ථාවලදී මිනිසා තමන්ගේ හිතවතුන් සම`ග සම්බන්ධ වෙන්නට කැමතියි. අපි සමාජ සත්වයෝ. අපගේ හිතවතුන්, නෑදෑයින් හෝ අසල්වාසීන් රෝගාතුර වූ වෙලාවක ඔවුන්ට පිහිට වීම අපේ පුරුද්දක්. නමුත් වයිරසය මෙයට දැන් ඉඩ දෙන්නේ නැහැ. වෛරසය පැතිරෙන්නේ අපේ සහජාසයට ඉඩ නොතබමින්. එනිසා අපි මේ මොහොතේ හදවතින් නොවේ, ඔලූවෙන් වැඩ කරන්නට ඕනේ. කොතරම් දුෂ්කර වුනත් අපගේ සම්බන්ධතා සීමා කරන්නට අපට සිදු වෙනවා. වෛරසයක් කියන්නේ මනසක් නැති ජිව ශෛලවලින් සකස් වූ තොරතුරු පද්ධතියක් විතරයි. මනුෂ්‍යයාට මනසක් තිඛෙනවා. ඔහුට පුළුවන් තාර්කික ව තත්වයන් විශ්ලේෂණය කරන්න. ව්‍යසනයෙන් මිදුණ කාලයක මේ සමාජ දුරස්ථභාවය වගේ චර්යාවන් තව දුරටත් බල පවත්වයි කියා සිතන්න බැහැ. එවැනි තත්වයක් තුළ වුවත් අප තවදුරටත් සමාජ සත්වයින් ලෙස එකිනෙකා සම`ග සම්බන්ධ වෙන්නට කැමති වනු ඇති. අපි තව දුරටත් නෑදෑයින්ට, හිතවතුන්ට උදවු කරන්නට ඉදිරිපත් වෙනු ඇති.

දැන් බලන්න, ඒඩ්ස් වසංගතය මතුවුණ වකවානුවේදී LGBT හෙවත් (lesbian, gay, bisexual, and transgender) සමලිංගික, සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව මුහුණ දුන් තත්වය දෙස අවධානය යොමු කළොත්, ඒඩ්ස් වැනි බිහිසුණු වසංගතයක් හමුවේ රජය මේ ප්‍රජාව සහමුලින්ම අමතක කර දැමුවා. නමුත් මේ වසංගතය නිසා ඉහත සමාජ කොටස්වල අරගලය සිඳී ගියේ නැහැ. සිදුවූයේ ඊට ප්‍රතිපක්ෂ දෙයක්. ඒඩ්ස් අතිශයින් උත්සන්න වූ අවස්ථාවේදී තමයි මේ ප්‍රජාව වෙන කවරදාටත් වඩා ශක්තිමත් ව රෝගාතුර වූ අයට උදවු කළේ. ඔවුන්ගේ දේශපාලන අයිතීන් වෙනුවෙන් සටන් කළේ මේ කාලයේදී. 1990, එනම් ඒඩ්ස් රෝගය ඉතා දරුණු වූ කාලයේදී තමයි බොහෝ රටවල LGBT සමාජ කණ්ඩායම් වඩාත් ප්‍රබල ලෙස සමාජය තුළ ක්‍රියාකාරී ලෙස මතුවුණේ.

මේ ව්‍යසනයෙන් පසුව විද්‍යාත්මක සහ තොරතුරු තාක්ෂණයේ හුවමාරුවේ ස්වභාවය කුමනාකාර වේවිද? දෙවන ලෝක යුද්ධයෙන් පසු විද්‍යාත්මක තොරතුරු සහ බුද්ධිමය තොරතුරු හුවමාරු කර ගැනීමටත්  තොරතුරු නිදහසේ ගලා යාම පිළිබඳ ව අවධානය යොමු කිරීමටත් යුනෙස්කෝව වැනි සංවිධාන පිහිටුවා ගැනුණා. මේ අභියෝගයෙන් පසුව හෝ අදහස් නිදහසේ ගලා යාම සහ රටවල් අතර සහයෝගිතාව වර්ධනය වේ යැයි ඔබ විශ්වාස කරනවාද?

වෛරසයකට වඩා මිනිසාට ඇති විශේෂ වාසිය නම්, මිනිසාට හැකියාවක් තිඛෙනවා ඉතා සාර්ථක ව එකිනෙකා සම`ග සම්බන්ධ වී සහයෝගයෙන් කටයුතු කරන්න. චීනයේ තිඛෙන වෛරසයට බැහැ  ඇමරිකාවේ තිඛෙන වෛරසයට බලපෑම් කර මිනිසුන්ව රෝගාතුර කරන්න. නමුත් චීනයට පුළුවන් තමන්ගේ වටිනා අත්දැකීම් ඇමරිකාව සම`ග ඛෙදා ගන්න. එපමණක් නොවෙයි, චීනයට පුළුවන් තමන්ගේ විශේෂඥන් ඇමෙරිකාවට යවන්න. ඒ වගේ ම ඇමෙරිකාවටත් පුළුවන් මේ දේ කරන්න. මේ කිසිවක් වෛරසයකට කරන්න බැහැ.

සෑම මට්ටමකින්ම සිදු විය හැකි සහයෝගිතාවය සහ විශේෂයෙන්ම තොරතුරු හුවමාරුව මේ මොහොතේ අතිශය වැදගත්කමක් උසුලනවා. නිවැරදි තොරතුරු නොමැති ව අපට කිසිවක් කරන්නට බැහැ. රෝගයට අවශ්‍ය ඛෙහෙත්, එන්නත් වැනි දෑ නිපදවීමට නම් නිවැරදි විද්‍යාත්මක තොරතුරු  අවශ්‍යයි. සමාජ දුරස්ථභාවය පවා සිදු කළ හැක්කේ නිවැරදි තොරතුරු තිබුණොත් පමණයි. රෝගය පැතිරෙන්නේ කෙසේද කියා ඔබට නිවැරදි තොරතුරු නැතිනම්, මහජනයා ස්වයං නිරෝධායනයට යටත් කරන්නේ කොහොමද?

උදාහරණයක් ලෙස, කොවිඩ්-19 සඳහා සමාජය හුදකලා කිරීම, ඒඩ්ස් මර්ධනය කිරීමට සමාජයක් හුදකලා කිරීමට වඩා වෙනස්. ඒඩ්ස්වලින් වැළකීමට ඔබට අවශ්‍ය වන්නේ ලිංගික ක්‍රියාවලියේදී කොන්ඩමයක් භාවිතා කිරීම පමණයි. අතට අත දීම හෝ මුහුණට මුහුණ හමු වී කතා කිරීමට හෝ සිප වැළඳ ගැනීමට කිසිඳු බාධාවක් නැහැ. කොවිඩ්-19 මීට වඩා වෙනස් වසංගතයක්. මෙවැනි  වසංගතයකින් ආරක්ෂා වී ස්වයං-නිරෝධායනය වීමට ප්‍රථම, එම වසංගතය පැතිරෙන්නේ කුමන වෛරසයකින්ද නැතිනම් බැක්ටීරියාවකින්ද යන්න අප දත යුතු වෙනවා. එය සංචරණය වන්නේ ලේ වලින්ද නැතිනම් වතාශ්‍රයෙන්ද යන්න දත ගත යුතු වෙනවා. මේ වෛරසයෙන් වඩා තර්ජනයට ලක් වන්නේ වැඩිහිටයන්ද? කුඩා දරුවන්ද? මේ වසංගතයට හේතුව එක් වෛරසයක්ද නැතිනම් වෛරස කිහිපයක එකතුවක් ද? මේවා ගැන අපි දැනුවත් විය යුතු වෙනවා.

පසුගිය කාලය දෙස බලන විට අධිකාරිවාදී සහ ජනප්‍රිය පාලකයින් වැදගත් තොරතුරු ජනතාවගෙන් වසන් කිරීමට උත්සාහ දැරුවා පමණක් නොවේ විද්‍යාව සම්බන්ධයෙන් මහජනයා තුළ ඇති විශ්වාසය අහිමි කිරීමට කටයුතු කර තිඛෙනවා. සමහර දේශපාලකයින් විද්‍යාඥයින් දෙස බැලූවේ ජනතාවට කිසිඳු සම්බන්ධයක් නැති ව්‍යසනකාරී පැලැන්තියක් ලෙසයි. මේ දේශපාලකයින් ජනතාවට පැවසුවේ කාලගුණ විපර්යාස හෝ එන්නත් පිළිබඳ විශ්වාස නොකරන ලෙසයි. මේ වන විට අප කවුරුත් තේරුම් ගත යුතු වන්නේ මේ ජනප්‍රියවාදී දේශපාලන ප්‍රකාශන කෙතරම් නම් භයංකාරද කියායි. මෙවැනි ව්‍යසනකාරී තත්වයකදී ජනතාව විශ්වාස කළ යුත්තේ විද්‍යාඥයින්ගේ අදහස් විනා දේශපාලන කටමැත දොඩවන්නන්ගේ ප්‍රකාශ නොවේ.

වාසනාවටල ඇතිවී තිඛෙන හදිසි තත්වය තුළල ජනතාව විද්‍යාව පිළිගනිමින් තිඛෙනවා. ක්‍රිස්තියානි පල්ලියට තවදුරටත් තම දායකයින්ගේ විශ්වාසය රඳවා ගන්නට අපොහොසත් වී තිඛෙනවා. ඊශ්‍රායලය තමන්ගේ පල්ලිවල අල්තාර වසාදමා තිඛෙනවා. ඉරානය පල්ලිවලට යන මිනිසුන්ට ද~ුවම් පමුණුවමින් සිටිනවා. පන්සල්වල සියලූ ආගමික කටයුතු නවතා තිඛෙනවා. මන්ද මේ පියවර ක්‍රියාත්මක කර තිඛෙන්නේ විද්‍යාඥයින් විසින් සිදු කළ නියමයන්ට අනුකුලවයි.

මේ වසංගතය කවදා හෝ අවසන් වූ දිනයකදී වුනත්, විද්‍යාත්මක තොරතුරුවල වැදගත්කම සහ ඒ මත පදනම් ව කටයුතු කිරීම වැදගත් වන බව මිනිස්සු තේරුම් ගන්නවා ඇති. අපට විද්‍යාත්මක තොරතුරු හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීමට නම්, අප ඒවා පිළිබඳ ව වසංගතයක් නොමැති සාමාන්‍ය තත්වයකදී වුවත් විශ්වාස කිරීමේ පුරුද්දක් මිනිස්සුන්ට තිඛෙන්නට ඕනේ. විද්‍යාත්මක තොරතුරු අපට ළඟා වන්නේ ස්වර්ගයෙන් හෝ යම් කිසි මහාර්ඝ පුද්ගලයෙකුගේ බල මහිමයෙන් නොවේ. ඒවා අපට ළඟා වන්නේ විශ්වවිද්‍යාල, රෝහල් සහ ජනමාධ්‍ය ඇසුරෙන්. මෙවැනි ආයතන සත්‍ය සොයා ගැනීමට පර්යේෂණයේ යෙදීම පමණක් ප්‍රමාණවත් නොවේ, ඒවා ජනතාව අතරට ගෙනයාමට අධිෂ්ඨානයක් තිඛෙන ආයතන විය යුතුයි. ඒ වගේම අධිකාරීවාදී රාජ්‍ය තන්ත්‍රයන්ට යට නොවී කටයුතු කිරීමටත් ඒවාට ශක්තියක් තිබිය යුතුයි. මෙවැනි වසංගත තත්වයකදී අමනොඥ ජනතාවක් පොලිස් බලය යොදා ආණ්ඩු මට්ටු කරන්නට ඒකාධිපති පාලකයෙකුට සිදුවන්නේ එම ජනතාවට නිවැරදි සෞඛ්‍ය අධ්‍යාපනයක් නොමැති නිසයි. පිළිගත හැකි ආයතන ම`ගින්් නිවැරදි  සෞඛ්‍ය පුරුදු පිළිබඳ ව අධ්‍යාපනයක් ජනතාවට ලබාදෙන්නට හැකිනම් මේ වසංගත තත්වයට අපට සාර්ථක ව මුහුණ දෙන්නට හැකියාව තිඛෙනවා.

උදාහරණයක් ලෙස, මිලියන ගණනක් වන ජනයා උදේ හවා සබන් යොදා දෑත් සේදීමට පුරුදු කරන්නේ කෙසේද? එක ක්‍රමයක් තමයි, මේ සඳහා පොලිසිය යොදාගෙන නැතිනම් කැමරා යොදාගෙන මිනිසුන්ට ද~ුවම් පමුණුවමින් මේ කටයුත්තට මිනිස්සු පොළඹවන එක. තව ක්‍රමයක් තමයි, අධ්‍යාපනයේ මාර්ගයෙන් වෛරස සහ බැක්ටිරියා පිළිබඳ ව ජනතාව දැනුවත් කරමින් ඒ සඳහා ඔවුන් තුළ ම පෙළඹවීමක් ඇති කිරීම. මේ ක්‍රම දෙකින් වඩා ඵලදායක කුමන ක්‍රමයද?

මේ මොහොතේ රටවල් අතර තත්‍ය තොරතුරු හුවමාරුව කෙතරම් වැදගත් කමක් උසුලනවාද?

රටවල් අතර හුවමාරු විය යුත්තේ හුදු වෛද්‍ය විද්‍යාත්මක තොරතුරු පමණක් නොවේ. මේ මොහොතේ ඇති වී ඇති ව්‍යසනකාරී තත්වය නිසා මෙහි බලපෑම ආර්ථික ක්‍රියාවලියට සහ මහජනතාවගේ මානසික සෞඛ්‍යයට බලපෑම් සහගත වන්නේ කෙසේද යන කරුණු ගැනත් තොරතුරු හුවමාරු විය යුතුයි. යම් රජයක් මේ මොහොතේ රට වසා දැමීමට තීරණය කරනවා නම් ඒ සඳහා සලකා බැලිය යුත්තේ වෛරසය කෙතරම් ශීඝ්‍රයෙන් විසරණය වෙනවාද කියන කරුණ පමණක් නොවේ. මෙහිදී එම තීරණය ජනතාව මත කෙතරම් මානසික බලපෑමක් සිදු කරනවාද? එය ආර්ථිකයට කරන බලපෑම කෙබඳුද යන කාරණා සැලකිල්ලට ගන්න වෙනවා. තව දුරටත් පරණ වැරදි නැවත සිදු නොකොට රටක් අධ්‍යයනය කළ යුතු වෙනවා චීනය, කොරියාව, ස්වීඩනය, ඉතාලිය සහ එක්සත් රාජධානිය විසින් භාවිතයට ගත් විවිධ ප්‍රතිපත්ති තීරණ, ක්‍රමවේද සහ ඒවායේ ප්‍රතිඵල කෙසේ එම රටවලට බලපෑවාද කියා. මේ අන්දමට රටකට හැකියාව ලැඛෙනවා යහපත් තීරණවලට එළඹෙන්න. නමුත් ඒ සියල්ල තීරණය වන්නේ කොවිඩ්-19 වසංගතය සාර්ථක ව මැඩ පැවැත් වූ ඉහත රටවල් තමන්ගේ තොරතුරු, එනම් මේ වසංගතය නිසා කොපමණ ප්‍රමාණයක් ජනතාව මිය ගියා ද? කොපමණ ප්‍රමාණයක් රෝහල්ගත වුනා ද? ආර්ථිකයට කොරෝනා නිසා සිදුවූ පාඩු, සහ මිනිසුන්ගේ මානසික සෞඛ්‍යයට සිදුවූ බලපෑම ආදිය ගැන නිවැරදි දත්ත සහ තොරතුරු අවංක ව හුවමාරු කර ගන්නේ නම් පමණයි.

මේ වසංගතයට මුහුණ දීමේදී පෞද්ගලික ව්‍යාපාර ඉදිරියට පැමිණ තිඛෙන බව පෙනෙනවා. මේ තත්වය තුළ තව දුරටත් විශ්වීය ආචාරධාර්මික නියාමනයන් මත අන්තර්ජාතික සහයෝගිතාව ස්ථාපනය කිරීමට හැකියාවක් තිබේද?

පෞද්ගලික ව්‍යාපාර මේ මොහොතේ මැදිහත්වෙන තත්වයක් තුළ විශ්වීය ආචාරධාර්මික පදනම් මත අන්තර්ජාතික සහයෝගිතාව වර්ධනය කිරීම වඩාත් වැදගත් වෙනවා. සමහර විට පෞද්ගලික ව්‍යාපාර මේ මොහොතේ ඉදිරියට පැමිණෙන්නේ සහෝදරත්වය නිසා නොවේ, කෑදරකම නිසයි. එනිසා මේ ව්‍යාපාර නියාමනය කිරීම අත්‍යවශ්‍යයි. දැනටමත් ඉතා මානුෂික ස්වරුපයෙන් ඉදිරිපත් වී ඇති ව්‍යාපාර ජනතාවට වග කියන ආයතන නොවේ. එනිසා මේ මොහොතේ ඔවුනට වැඩි බලයක් ලබා දීම අනුමත කරන්න බැහැ.

මෙහිදී මහජන නිරීක්ෂණ උපකරණ සැලකිල්ලට ගන්න. නව ලෝක තත්වය තුළ රජය සහ පුද්ගලික සමාගම් නව මහජන නිරීක්ෂණ තොරතුරු පද්ධති වර්ධනය කිරීමට උත්සාහ දරනවා. මේ වර්තමාන ව්‍යසනකාරී තත්වය තුළ මහජන නිරීක්ෂණය පද්ධති වැදගත් ඓතිහාසික මොහොතක් සනිටුහන් කරනවා. පළමු ව මේ මොහොතේ මහජන නිරීක්ෂණ තොරතුරු පද්ධති ප්‍රතික්ෂේප කළ බොහෝ රටවල් දැන් ඒවා ස්ථාපනය කිරීමටත් එහි සුජාත භාවය සහතික කිරීමටත් පෙළඹී තිඛෙනවා. දෙවැන්න නම්, මේ මොහොතේ මහජන නිරීක්ෂණ තොරතුරු පද්ධති මිනිසාගේ සමේ මතු පිට සිට මිනිස් ශරීරය තුළට  විනිවිදින්නට සමත් වී තිඛෙනවා.

මීට ප්‍රථම, රජය සහ පුද්ගලිය සමාගම් නිරීක්ෂණය කළේ ඔබ ගේ සාමාන්‍ය චර්යාවන්. ඔබ යන්නේ කොහෙදල ඔබ මුණ ගැසෙන්නේ කවුද යානාදියයි. නමුත් දැන් ඔවුන් ඉන් නොනැවතී ඔබේ ශරීරය තුළ  සිදුවන්නේ කුමක්ද කියා දැන ගැනීමට උත්සුක වී තිඛෙනවාග ඔවුන් උනන්දු වෙනවා ඔබගේ සෞඛ්‍ය තත්වය ගැන, ශරීරයේ උෂ්ණත්වය ගැන, ලේවල ප්‍රෙෂර් එක ගැන තොරතුරු ලබාගන්න. මෙවැනි ජීව  දත්තවලින් ඔබ ගැන පෙරට වඩා වැඩි දෙයක් කීමට දැන් ඔවුනට හැකියාව ලැඛෙනවා.

ඔබට යෝජනා කරන්න පුලූවන්ද මේ නව මහජන නිරීක්ෂණ පද්ධති, වඩා ආචාර ධර්මිකව භාවිතා කළ හැකි ආකාරයක් තිඛෙනවාද කියා? 

වඩා යෝග්‍ය ක්‍රමය නම්, මේ නිරීක්ෂණ පද්ධති මෙහෙය විය යුත්තේ විශේෂ සෞඛ්‍ය පරීක්ෂකවරුන් විනා පෞද්ගලික සමාගම් හෝ පුද්ගලික ආරක්ෂක සේවකයින් නොවේ. මේ සෞඛ්‍ය සේවකයින් වුවත් අරමුණු කරගත යුත්තේ වසංගත රෝග නිවාරණය විනා ආර්ථික ප්‍රතිලාභ හෝ දේශපාලන අරමුණු නොවේ. මා පුදුමයට පත්වුණා සමහර පුද්ගලයන් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම යුද්ධයකට සමාන කිරීමත් ඒ සඳහා හමුදාව යෙදවීමට යෝජනා කිරීමත්. මේක යුද්ධයක් නොවෙයි. මෙය සෞඛ්‍ය ගැටළු පිළිබඳ අර්බූදයක්. මෙහිදී විනාශ කර දැමීමට සතුරන් නැහැ. අවශ්‍ය වන්නේ මිනිසුන් රැක බලා ගන්නේ කෙසේද කියා තීරණය කිරීමයි. යුද්ධයකදී ප්‍රධාන රූපකය බවට පත් වන්නේ තුවක්කුවක් අතින් ගෙන ඉදිරියට ඇදෙන සොල්දාදුවෙක්. නමුත් මේ මොහොතේ අපගේ මනසේ රැෙ`දන්නේ රෝහලක සාත්තු සප්පායමේ යෙදෙන හෙද සේවිකාවක්. සොල්දාදුවා සහ හෙද සේවිකාවට ඇත්තේ වෙනස්, ප්‍රතිපක්ෂ කල්පනාවන්. යමෙක් කියනවා නම් මේ ව්‍යසනයට නායකත්වය දෙන්න නායකයෙක් අවශ්‍යයි කියා, ඒ සඳහා සොල්දාදුවෙකු නම් පත් කරගන්න එපා. හෙද සේවිකාවක් ඒ සඳහා හොඳටම සුදුසුයි.

වෛද්‍ය අධිකාරීන් මේ මොහොතේ කළ යුත්තේ අවශ්‍ය අවම තොරතුරු පමණක් ඒකරාශී කර ගනිමින් වසංගතය මර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමයි. ඔවුන් කිසි විටෙකත් මේ තොරතුරු රජය සම`ග හෝ රජයට සම්බන්ධ අනෙකුත් ආයතන, පුද්ගලික සමාගම් හෝ විශේෂයෙන්ම පොලිසිය සම`ග හුවමාරු නොකර ගත යුතුයි. භාවිතා කරන තොරතුරුවලින් මිනිසුන්ගේ පුද්ගලිකත්වයට හානි වන අයුරින් භාවිතා නොකිරීමට ඔවුන් වග බලා ගත යුතුයි.

වෛද්‍ය අධිකාරීන් රැස් කර ගන්න තොරතුරුවලින් එම ක්ෂේත්‍රය වර්ධනය කර ගැනීමට අවශ්‍ය පර්යේෂණ සඳහා යොදා ගත යුතු අතර ඒවායේ ප්‍රතිලාභ නැවත වරක් මහජන සුබ සිද්ධිය සඳහා යොදා ගත යුතුයි.

මෙසේ, තොරතුරු භාවිතයට යම් සීමා නිර්ණය කර ගත යුතු අතර පුද්ගලයින්ට තමන්ගේ තොරතුරු ලබා ගැනීමට සහ භාවිතයට අයිතිය ලබා දිය යුතුයි.

මෙවැනි මහජන තොරතුරු පද්ධති ජාතික රාජ්‍ය සීමාවන් තුළ භාවිතයට ගත යුතු වුණත් කොවිඩ්-19 වසංගතය මැඩලීමේදී විවිධ රටවල සෞඛ්‍ය අධිකාරීන් ඒකරාශි ව මේ ව්‍යසනය මැඩ පැවැත්වීමට ක්‍රියා කළ යුතු වෙනවා. කොවිඩ්-19 වැනි වෛරසයක් ජාතික රාජ්‍ය සීමාවන් නොසලකන බැවින් එය මැඩ පැවැත්වීමේදී වෙනත් රටවල ඒකාරාශි කළ තොරතුරු හුවමාරු කර ගැනීමට නොහැකි වන්නේ නම් මේ වසංගතය මැඩ පැවැත්වීම අසීරු වෙනවා. දේශපාලන සහ ආර්ථික අරමුණුවලින් විනිර්මුක්ත ව යම් සෞඛ්‍ය අධිකාරියක් කටයුතු කරන්නේ නම් එවැනි අධිකාරියකට අන්තර්ජාතික තලයේ සහයෝගිතාව වර්ධනය කරගනිමින් කටයුතු කිරීමට අපහසු වන්නේ නැහැ.

අන්තර්ජාතික සහයෝගිතාව සහ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ඔබ මෑතකදී කළ සාකච්ඡාවලදී ඒවා පිළිබඳව එතරම් සාධනීය ව කතාකොට තිබුණේ නැහැ. අනාගතයේ මේ බහුවිධ සහයෝගීතාවන් පිළිබඳ ව ඔබගේ බලාපොරොත්තුව කුමනාකාරද?

අනාගතයේදී කුමක් වේ දැයි මට කියන්නට බැහැ. එය තීරණය වන්නේ අද දවසේ අපගේ තෝරාගැනීම් අනුවයි. රටවල්වලට අවශ්‍ය නම් පුළුවන් සංවෘත ප්‍රතිපත්තියක හිඳිමින්, සීමාසහිත සම්පත් සම`ග තනි ව ක්‍රියා කරන්න. එසේත් නොමැතිනම් ඔවුන්ට තෝරා ගන්නට වෙනවා එකිනෙකාට උදව් කරමින් සහෝදරත්වය වර්ධනය වන අයුරින් කටයුතු කරමින්, ලෝක ව්‍යාප්ත සහයෝගිතාවයක් වෙත ගමන් කරන්න. මෙය තීරණය වන්නේ අද දවසේ වසංගතය ක්‍රියා කරන ස්වභාවයත් අනාගතයේ ගොඩ නැගෙතැයි සිතිය හැකි අන්තර්ජාතික සහයෝගිතාවයක ස්වරූපයත් අනුවයි.

මම සිතනවා රටවල් අන්තර්ජාතික සහයෝගිතාව මත ක්‍රියා කරයි කියා. එසේ සමීප ව කටයුතු නොකොට මේ වසංගත තත්වයට අපට සාර්ථකව මුහුණ දෙන්නට බැහැ. යම් රටක් තාවකාලික ව මේ වසංගතය මැඩ පැවැත්වීමට ක්‍රියා කළත් වසංගතය ලෝකයේ කොතැනක හෝ පැතිර යන තත්වයක් තුළ එය නැවත මතු වී පැතිරීමට ඉඩ කඩ තිඛෙනවා. සමහර වෛරසයක ඇති ස්වභාවය නම් එය විවිධ පාරිසරික තත්වයන්ට අනුරූප වෙමින් වෙනස් වීමේ හැකියාවයි. මෙනිසා එවැනි වෛරසයක ක්‍රියාකාරිත්වය අති භයංකාර විය හැකියි. මින් මිදිය හැකි එකම මග නම්, අප මානවයන් ලෙස එකිනෙකාට උදව් කර ගනිමින් මෙයට මුහුණ දීමයි.

ආර්ථික අවපාතය සම්බන්ධයෙන් වුවද මෙය සත්‍යයක්. රටක් තමන්ගේ ගැටලූ පමණක් අවධානයට ගන්නේ නම්, ප්‍රතිඵලය වනු ඇත්තේ එය ගෝලීය ප්‍රශ්නයක් බවට පත් වී නැවත වරක් රට තුළට බලපෑම් කිරීමයි. ඇමරිකාව, ජර්මනිය සහ ජපානය වැනි දියුණු රටවල් මේ මොහොතේ ක්‍රියා කරන ආකාරය ගැන සතුටු වන්නට බැහැ. අප්‍රිකාව, ලතින් ඇමෙරිකාව, ආසියානු කලාපයේ නොදියුණු දරිද්‍ර රටවල්, මෙම තත්වය තුළ කඩා වැටීමට ලක්වීම අනිවාර්යයක්. ඇමෙරිකානු රජය වසංගතයට මුහුණ දීම සඳහා ඇමරිකානු ඩොලර් ටි්‍රලියන 2ක් වෙන් කරන විට එක්වදෝරය, නෛජිරියාව හෝ පාකිස්තානය වැනි රටක් එසේ කරන්නේ කෙසේද? එනිසා මේ මොහොතේ අපට අවශ්‍ය වන්නේ මේ අර්බූදයෙන් ගොඩ ඒම සඳහා ගෝලීය වැඩපිළිවෙලක්.

නමුත් අවාසනාවකට තවමත් එවැනි ක්‍රියාමාර්ගයකට ප්‍රවේශ වෙන ගෝලීය නායකත්වයක් පිළිබඳ ව අපට පෙනෙන්නේ නැහැ. 2008 වසරේ ආර්ථික අවපාතය සහ 2014 වසරේ ඇති වූ ඉබෝලා වසංගතය සමයේ ඇමෙරිකාව එයට නායකත්වය දුන් අකාරයෙන් මේ මොහොතේ ක්‍රියා කරයිද යන්න අපට කිව නොහැකියි. ඔවුන් දැන් එම භූමිකාව අතහැර තිඛෙනවා. ට්‍රම්ප් පරිපාලනය ඉතා පැහැදිලි ව පෙන්වා තිඛෙනවා ඔවුන් මේ මොහොතේ අවධානය යොමු කරන්නේ එරට ජනතාව පිළිබඳව පමණක් බව. අඩු තරමින් ඔවුන්ගේ මිත්‍රශීලි, බටහිර යුරෝපයේ රටවල් සම`ගවත් සහයෝගීතාවෙන් ක්‍රියාකරන බවක් අපට පෙන්නේ නැහැ. යම් මොහොතක ඇමෙරිකාව ගෝලීය විසඳුමක් පෙරදැරි කරගෙන ඉදිරියට පැමිණියත් දැන් ඔවුන්ව විශ්වාස කරන්නේ කවුද? ඔවුන්ගේ නායකත්වය අනුගමනය කරනු ඇත්තේ කුමන රටද? ‘පළමුව තමා’ යන උදෘත පාඨය මූලික කරගත් නායකයෙකු වටා පෙළ ගැසෙනු ඇත්තේ කවුද?

නමුත් සෑම ව්‍යසනයක්ම එක්තරා වටිනා  අවස්ථාවක්  නිර්මාණය කරනවා. මේ වසංගතය නිසා තනි වී ජිවත් වීමේ ආදීනව පිළිබඳ ව ඉතා හොඳින් අපට තේරුම් කර දෙමින් තිඛෙනවා. මේ වසංගත විසින් ඉදිරියේදී ලෝක පරිමාන සහයෝගිතාවක් පිළිබඳ අදහස කරළියට ගෙන එමින්, ඒ සඳහා සහයෝගිතාව වර්ධනය කිරීමට හැකියාවක් ලැබුනොත් අප ජයග්‍රහණය කරන්නේ කොරෝනා වසංගතයට එරෙහි සටනක් පමණක් නොවේ. මිනිසාගේ පැවැත්මට හානිකර විවිධ වූ ව්‍යසන සහ තර්ජනවලට එරෙහි ව එනම් න්‍යෂ්ටික යුද්ධ, මෙන්ම කාලගුණ විපර්යාස වැනි තර්ජන හමුවේ එයට එරෙහි ව ක්‍රියා කිරීමට ප්‍රජාවක් ලෙස අපට හැකියාවක් ලැඛෙනවා.

අද දවසේ අපගේ නිශ්චිත තෝරාගැනීම්, හෙට දවසේ සමාජයේ ආර්ථික, දේශපාලන, සහ සංස්කෘතික ක්ෂේත්‍ර වෙත බලපානු ඇත්තේ කෙසේද කියා ඔබ සාකච්ඡා කරනවා. මේ තෝරා ගැනීම් මොනවාද සහ එම තෝරාගැනීම් සිදු කළ යුත්තේ කවුරුන් ද යන්න ඔබට කිව හැකිද?

අප ඉදිරියේ තෝරාගැනීම් බොහොමයක් තිඛෙනවා. එය ජාතික රාජ්‍ය තුළ තනි වී ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමේ සිට ගෝලීය සහයෝගිතාවක් දක්වා පමණක් සීමා වන්නේ නැහැ. මෙහිදී වැදගත් ප්‍රශ්නයක් ලෙස මතු කළ හැක්කේ, යම් ජනතාවක් මෙවැනි වසංගත තත්වයකට මුහුණ දීමේදී, ඔවුන්ගේ තෝරා ගැනීම විය යුත්තේ, ඒකාධිපතිත්වයක් මතුවන්නට ඉඩ දීමද නැතිනම්, ප්‍රජාතන්තවාදී ලෙස ගැටලූවට මුහුණ දීමද යන්නයි. රජය වත්මන් තත්වය තුළ  ආර්ථික නිෂ්පාදනය පවත්වා ගැනීම සඳහා මිලියන ගණනක් මුදල් යොදවමින් එම ව්‍යාපාර රැක ගැනීමට උත්සහ දරන විට අපට අසන්න වන ප්‍රශ්නය වන්නේ, ඔවුන් රැක ගන්නට උත්සාහ ගන්නේ මහා ව්‍යාපාරද කුඩා ව්‍යාපාරිකයින්ද? යන්නයි. ඇති වී ඇති තත්වය මත, මිනිස්සු නිවසේ සිට අන්තර්ජාලය ඔස්සේ වැඩ කිරීමට පටන් ගෙන ඇති නිසා  ‘සාමුහික ශ්‍රමය’ පිළිබඳ ව අපට දැන් නැවත සිතා බැලිය යුතු වෙනවා නේද? එසේත් නැතිනම් ශ්‍රමිකයින්ගේ අයිතීන් වඩා සුරක්ෂිත වන ක්‍රමයක් ලෙස මෙය අර්ථකථනය කළ හැකිද යන්න ගැන අපට සිතන්නට වෙනවා නේද?

මේ සෑම තේරීමක්ම දේශපාලන තේරීම්. අප දැන් තේරුම් කර ගත යුත්තේ, අප අද මුහුණ දෙමින් ඉන්නේ සෞඛ්‍ය ගැටලූවකට පමණක් නොවේ, අප මුහුණ දෙමින් ඉන්නේ දේශපාලන අර්බුදයකට බවයි. පුරවැසියා සහ ජනමාධ්‍ය අවබෝධ කරගත යුත්තේ වසංගතය විසින් ඔවුන්ගේ සිහි කල්පනාව විකල් නොකර ගෙන සිටිය යුත්තේ කෙසේද කියායි. සෑම දිනකම ප්‍රවෘත්ති ම`ගින් විකාශය වන තොරතුරු – එනම් කොපමණ පිරිසක් රෝගාතුර වී ඇත්ද, කොපමණ පිරිසක් මියගොස් ඇතිද කියා දැනගැනීම වැදගත් වුණත් දේශපාලන ක්ෂේත්‍රයේ සිදු වන්නේ කුමක්ද කියා දැන ගැනීමත්, දේශපාලකයින්ට නිවැරදි දේ කිරීමට සඳහා මහජන පෙළඹවීම් ඇතිකිරීමත් වඩා වැදගත්. මහජනයා කළ යුත්තේ වසංගතය මැඩ පැවැත්වීමට අවශ්‍ය ගෝලීය සහයෝගිතාව වෙනුවෙන් දේශපාලකයින් මෙහෙය වීමයි. එසේ නොමැතිව අසරණ ව සිටින ජනතාවට සාධාරණ ව මුදල් ආධාර ඛෙදා දුන්නද නැද්ද? එම මුදල් සම්බන්ධ විගණන හරිහැටි සිදුවුණාද නැද්ද වගේ මැසිවිලි කියමින් හිඳීමෙන් ඵලක් වන්නේ නැහැ.

අප දැන්ම ක්‍රියාත්මක විය යුතු වෙනවා. අනාගතයේ අප නව රජයක් සහ දේශපාලන නායකත්වයක් තොරාගත්තද අද දවසේ අප ගන්නා තීරණ ආපසු හැරවීමට හැකියාවක් ලැඛෙන්නේ නැහැ. ඒක හරියට අවසන් වූ පාටියකට සහභාගී වෙනවා වගේ වැඩක්. ඔබට දැන් තිඛෙන්නේ පි`ගන් ටික හෝදන එක විතරයි. 2021 දී ඔබ ජනාධිපති වුණා යැයි සිතන්න. එවිට ඔබට තේරෙන්න ගන්නවා කලින් තිබුණු ආණ්ඩුව ගත්ත ණය ප්‍රමාණයේ තරම. ඔබට සිදු වෙන්නේ ඒ ණය කන්ද ගෙවන එක විතරයි. කලින් රජය දැනටමත් මහජන නිරීක්ෂණ පද්ධති ස්ථානගත කර අවසන් වෙන්නට පුළුවන්. එනිසා ඒවා එක රැයකින් ඔබට අවශ්‍ය වන ආකාරයට වෙනස් කරන්න බැහැ. එනිසා 2021 වෙනකන් බලා සිටින්න එපා. දැනටමත් ඔබගේ මහජන නියෝජිතයින් කරන්නේ කුමක්ද කියා අවධානයෙන් බලා සිටින්න.

පරිවර්තනය – සෞම්‍ය ලියනගේ

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.