25 March, 2023

Blog

වාම ජනතාවාදයක් කරා: එකොළොස් වන කොටස – ගෝලීය බල අරගලය තුළ ශ්‍රී ලංකාව

සුමිත් චාමින්ද

සුමිත් චාමින්ද

ක්‍රිස්තු පූර්ව පස් වන සියවසේ විසූ ග්‍රීක ඉතිහාසඥයෙකු වූ තුසීඩිඩීස්ගේ ප්‍රවාදයක් දැන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ගෝලීය බුද්ධි කව තුළ පුනරුච්චාරණය වන්නට පටන්ගෙන තිබේ. තුසීඩිඩීස් යනු ස්පාටාව සහ ඇතැන්සය අතර ඇති වූ සුප්‍රසිද්ධ පෙලොපොනීසියම් යුද්ධය ගැන ලියූ පුරෝගාමී ඉතිහාසඥයා ය. මේ යුද්ධය පුරාතන ග්‍රීසිය සහමුලින්ම පරිවර්තනයට ලක් කරන්නට සමත් විය. යුද්ධය ඇරඹීමට පෙර ග්‍රීසියේ මතුවෙමින් සිටි නව බලවත් රාජ්‍යය වූ ඇතැන්සය යුද්ධයෙන් පසුව දුර්වල යටත් රාජ්‍යයක් බවට පත් විය. ස්පාටාවේ බලය තහවුරු විය. තුසිඩිඩීස්ගේ ප්‍රවාදය වූයේ වත්මන් බලවතා විසින් උසුලනු ලබන තත්ත්වය නව බලවතෙකුගෙන් අභියෝගයට ලක් වන විට දී යුද්ධයක් ඇති වීම නොවැළැක්විය හැකි බවයි. “තුසිඩිඩීස් උගුළ” යනුවෙන් හැඳින්වෙන්නේ ද මෙයයි.

සමකාලීන තුසිඩිඩීස් උගුළ

ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ පෙළේ දේශපාලන විද්‍යාඥයෙකු වන ග්‍රැහැම් ඇලිසන් (ඔහු වසර ගණනාවක්ම එක්සත් ජනපද ආරක්ෂක ලේකම්ගේ විශේෂ උපදේශකයෙකු ලෙසද සේවය කළේය) සමකාලීන ගෝලීය දේශපාලනයේ තුසීඩිඩීස් උගුළක් ගැන කතා කරයි. නව බලවතෙකුගේ මතු වීම විසින් දැනටමත් සිටින ගෝලීය බලවතාගේ තත්ත්වය අභියෝගයට ලක් වූ අවස්ථාවන් දාසයක් ඔහු පසුගිය සියවස් පහ තුළදී හඳුනා ගනී. ඔහුගේ නිරීක්ෂණය වන්නේ එම අවස්ථා අතුරින් දොළහකදීම නව සහ පැරණි බලවතා අතර ප්‍රචණ්ඩ ගැටුමක් ඇති වීම වැලැක්විය නොහැකි වූ බවයි. ඒ අනුව වත්මන් ලෝකයේ අධිපති රාජ්‍යය වන එක්සත් ජනපදයත් ආසියාවේ අවදි වූ මකරා වන චීනයත් තුසිඩිඩීස් උගුළ මග හැර යාමට සමත් වනු ඇතිද? ඇලිසන් විමසන ප්‍රශ්නය එයයි.

ඉහත ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් දිය හැකි කිසිවෙකුත් නැත. මන්ද යත්, දේශපාලනය යනු ඇලිසන් පවසන ආකාරයෙන් යම් යම් ඓතිහාසික රටාවන් අනුකරණය කිරීමක් නොවන නිසාය. දේවල්වල අනිශ්චිත, අස්ථාවර සහ වෙනස් කළ හැකි ස්වභාවය දේශපාලනයේ හෘදයෙහිම පවතී. නමුත්, එක් කාරණයක් නම් නිශ්චිතවම පැවසිය හැකිය. එනම්, වත්මන් ලෝක පර්යාය තුළ ආධිපත්‍යයික රාජ්‍යය වන එක්සත් ජනපදයත් නැගී එන ලෝක බලවතෙකු වන චීනයත් අතර වසර ගණනාවක් තිස්සේ පැවති සීතල ගැටුම දැන් වඩ වඩාත් උග්‍ර වෙමින් පවතින්නේය යන්නයි. දැන් තවදුරටත් ඒ ගැටුම පවතින්නේ රාජ්‍ය තාන්ත්‍රික මෘදු වදනෙහි අලංකාර සළු පිළිවලින් ආවරණය කළ රහස් කතාවක් ලෙස නොවේ. එක්සත් ජනපද ජනාධිපතිවරයා කොරෝනා වෛරසය “වුහාන් වෛරසය” ලෙසින් නම් කරන විට චීන විදේශ අමාත්‍යවරයා “දෙවන ශීත යුද්ධයක්” ගැන ඉඟි කරයි.

ගෝලීය බල අරගලයකට මැදි වීම

කෙසේ වුවත්, මේ සිදුවෙමින් පවතින්නේ තුසීඩිඩීස් පුරාතන ග්‍රීසිය තුළ නිරීක්ෂණය කළ ආකාරයේ සෘජු යුදමය ගැටුමක් නොවේ. තවමත් ගැටුම සිදුවෙමින් පවතින්නේ වෙළඳ සහ රාජ්‍ය තාන්ත්‍රික සීතල යුද්ධයක ස්වරූපයෙනි. එම ගැටුමේ “සංග්‍රාම භූමිය” වන්නේ ආසියා-පැසිෆික් කලාපය යි. අප ජීවත් වන ලංකා දූපත පිහිටා ඇත්තේ එම ආසියා පැසිෆික් කලාපයේ මධ්‍යයෙහිම ය. එබැවින්, 1945 සිට 1991 දක්වා එක්සත් ජනපදයත් සෝවියට් සංගමයත් අතර පැවති පළමු සීතල යුද්ධයේදී මෙන් දැන් ශ්‍රී ලංකාවට මහා බලවතුන්ගේ ගැටුමට මැදි නොවී ෂේප් එකේ සිටීමට අසීරුය.

පසුගියදා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝගේ ආසියානු සංචාරයට පෙර වොෂින්ටනය ශ්‍රී ලංකා ආණ්ඩුවට දැනුම් දුන්නේ බීජිං සමග දක්වන සම්බන්ධය පිළිබඳව ශ්‍රී ලංකාව “අසීරු නමුත් අත්‍යාවශ්‍ය තීන්දු” ගත යුතු බවය. මේ වනාහී රාජ්‍ය තාන්ත්‍රික මෘදු බස ඉක්මවා යාමක් බැව් වටහා ගැනීම අසීරු නොවේ. අගෝස්තු 30 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත දුරකථන ඇමතුමක් ගත් එක්සත් ජනපද ආරක්ෂක ලේකම් මාක් එස්පර් සඳහන් කළේ ශ්‍රී ලංකාව අඛණ්ඩව ප්‍රතිසන්ධානය සහ මානව අයිතීන් පිළිබඳ ප්‍රගතියක් අත්පත් කරගත යුතු බව තමන් අවධාරණය කළ බවයි. ප්‍රතිසංධානය සහ මානව අයිතීන් යනු ජාත්‍යන්තර සබඳතා ක්ෂේත්‍රය තුළ රාජපක්ෂ පාලනාධිකාරයට තරවටු කිරීම සඳහා යොදා ගත හැකි දෘෂ්ටිවාදීමය කෙවිටක් බැව් ඉතාම පැහැදිලි ය.

අනෙක් අතින් චීන පාලනාධිකාරය ද ශ්‍රී ලංකාව වෙත සිදු වූ පොම්පෙයෝගමනය කෙරෙහි ප්‍රතිචාර දැක්වූයේ එතරම්ම දැඩි වචනවලිනි. පසුගිය දින කිහිපය තිස්සේම එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවත් කොළඹ චීන තානාපති කාර්යාලයත් අතර දිගින් දිගටම සිදු වූ වාග් සංග්‍රාමය පැහැදිලිවම රාජ්‍ය තාන්ත්‍රික විනීත භාවයේ සීමා උල්ලංඝණය කළ ආකාරයේ එකකි. එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට හානි කරන බවද චීන-ශ්‍රී ලංකා සබඳතාවලට අනවශ්‍ය මැදිහත්වීමක් කරන බව ද චීන තානාපති කාර්යාලය එළිපිටම පැවසීය. මෙසේ ගෝලීය බලවතුන් දෙදෙනෙකු තෙවන රාජ්‍යයක් අරභයා වාග් සංග්‍රාමයක යෙදීම අතිශය බරපතල තත්ත්වයකි. එය වඩාත් බරපතල වන්නේ එකී තෙවන රාජ්‍යය වන ශ්‍රී ලංකාවට ය.

ආසියා පැසිෆික් පරිධි බිම

සැබවින්ම මෙසේ එක්සත් ජනපදය සහ චීනය ඉන්දීය සාගරයේ පිහිටි කුඩා දුර්වල දූපතක් අරභයා මෙසේ සීතල ගැටුමකට අවතීර්ණ වී ඇත්තේ මන්ද? මෙය වටහා ගැනීමට නම් අප භූ-දේශපාලනය නමැති විෂය ක්ෂේත්‍රය දෙසට හැරිය යුතුය. භූ-දේශපාලනය පිළිබඳ පුරෝගාමී බුද්ධිමතෙකු වන නිකොලස් ස්පයික්මන් විසින් ඉදිරිපත් කරන ලද “පරිධි බිම” (rimland) පිළිබඳ සංකල්පය මෙහිදී අපට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත. විසි වන සියවසේ මුල් භාගයේදී ඔහු පෙන්වා දුන්නේ එකල ලෝක බලවතුන්ට ස්වකීය භූ-දේශපාලනික බලය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වඩාත් තීරණාත්මක වූයේ යුරේෂියානු කලාපයේ භූමි ප්‍රදේශය නොහොත් ඊනියා “හද බිම” (heartland) නොවන බවයි. ඒ වෙනුවට, එම කේන්ද්‍රීය භූමි ප්‍රදේශය වටා පිහිටි සාගර කලාපය උපාය මාර්ගිකව වඩාත් වැදගත් වන බැව් ඔහුගේ තර්කය විය. ඒ අනුව, භූ-දේශපාලනික උපාය මාර්ග ගැන සිතීමේදී වඩා තීරණාත්මක වන්නේ භෞමික සම්පත් පිහිටි හද බිම තුළ බලය ස්ථාපිත කර ගැනීම නොව සමුද්‍රීය පරිධි බිම තුළ බලය පවත්වාගෙන යාමයි.

වත්මන් චීන-එක්සත් ජනපද ගැටුමේ පරිධි බිම වන්නේ ඉන්දු-පැසිෆික් කලාපය යි. ශී ජින්පින්ගේ පාලනය යටතේ චීනය දකුණු චීන මුහුදේ තම ආධිපත්‍ය ව්‍යාප්ත කිරීමේ ආක්‍රමණශීලී ප්‍රයත්නයක් ආරම්භ කරන විට ජනාධිපති බරක් ඔබාමාගේ පාලනය යටතේ එක්සත් ජනපදය ඉන්දු-පැසිෆික් කලාපයේ නිදහස් නාවික ගමනාගමනය ආරක්ෂා කිරීමේ නාමයෙන් එම ප්‍රදේශයේ තම හමුදා බල ඇණි ශක්තිමත් කිරීම ඇරඹීය. අද වන විට ලොව වඩාත්ම උග්‍ර යුද ආතතියක් පවතින ප්‍රදේශය බවට දකුණු චීන මුහුදු කලාපය පත්ව තිබේ. චීනය අත්තනෝමතික ලෙස හිමිකම් කියා පාන මුහුදු කලාපය මැලේසියාව, පිලිපීනය, බෘනායි සහ වියට්නාමය ඇතුළු සෙසු අසල්වැසි රටවල මුහුදු සීමා සියල්ල උල්ලංඝණය කරයි. ඉනුත් නොනැවතුණු ශී ජින්පින් පාලනය 2013 වසරේ සිට දකුණු චීන මුහුදේ කෘතීම දූපත් ඉදි කිරීමත් එම දූපත් මිලිටරිකරණය කිරීමත් ඇරඹීය. එපමණක් නොවේ. මෑතකදී ජාතික ආරක්ෂක පණත සම්මත කිරීමෙන් එතෙක් කලක් සාපේක්ෂ ස්වාධීනත්වයක් සහිතව පැවති හොං කොං විශේෂ ආර්ථික කලාපය දැන් සෘජු චීන පාලනයට නතු කෙරෙමින් පවතී. එක්සත් ජනපද හිතවාදී වත්මන් තායිවාන් ආණ්ඩුව චීනය සමග එක් වීම ප්‍රතික්ෂේප කරන අතර හොං කොංහි මහජන උද්ඝෝෂණවලට සහාය පළ කරයි. දකුණු චීන මුහුදේ තායිවාන් දූපත දැන් මහා බලවතුන් දෙදෙනෙකුගේ ගැටුමට මැදිව ඇත.

ශ්‍රී ලංකාවේ ඉරණම

එතරම්ම ප්‍රබල ලෙස නොවූවද ඉන්දීය සාගරයේ ලංකා දූපත ද දැන් මැදිවෙමින් ඇත්තේ එකී ගැටුමට ය. එයට හේතු වී ඇත්තේ චීන-එක්සත් ජනපද ගැටුමකදී උපාය මාර්ගිකව ඉතාම වැදගත් ස්ථානයක ශ්‍රී ලංකාව පිහිටා තිබීම පමණක් නොවේ. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ පාලනය තුළදී ශ්‍රී ලංකාව මුහුණ දී සිටි බරපතල ගෙවුම් ශේෂ අර්බුදයට විසඳුමක් ලෙස චීනය වෙතට හැරීම මෙම ක්‍රියාවලියේ වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක් විය. චීන ණය සහ ශී ජින්පින්ගේ “තීරු සහ මාර්ග සමාරම්භකත්වයේ” (Belt and Road Initiative – BRI) ආයෝජන ලබා ගැනීම එකල රාජපක්ෂ පාලනයට ආකර්ෂණීය විසඳුමක් විය. 2018 වර්ෂය වන විට BRI ව්‍යාපෘතිය යටතේ ඩොලර් බිලියන අටක් පමණ ශ්‍රී ලංකාව වෙත ලැබී තිබුණි. කෙසේ වුවත්, මේ සමස්ත ව්‍යාපෘතිය ශී ජින්පින් පාලනයේ භූ-දේශපාලනික අභිලාෂයන් සමග ගැට ගැසී නොතිබෙන්නට හේතුවක් නැත. නිදසුනක් ලෙස, හම්බන්තොට වරාය යනු චීනයේ BRI ව්‍යාපෘතියේ ප්‍රධාන අංගයක් වන සමුද්‍රීය සේද මාවතේ වැදගත් තොටුපලකි. පාකිස්තානයේ ග්වදාර් වරාය සේම ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය ද දැන් පාලනය කරනු ලබන්නේ චීනය විසිනි.

දිගු කතාවක් කෙටියෙන් කිව හොත්, රාජපක්ෂ පාලනයේ චීන නැඹුරුව කෙරෙහි එක්සත් ජනපදය සහ ඉන්දියාව දැක්වූ ප්‍රතිචාරය වූයේ 2015 “ජනවාරි විප්ලවයයි.” (2015 ආණ්ඩු මාරුව මෙරට අභ්‍යන්තර දේශපාලන ක්‍රියාවලිය නොතකා හැර තේරුම් කළ නොහැකි බැව් සැබෑය; ඒ සමගම සිහි තබා ගත යුත්තේ කලාපීය සහ ජාත්‍යන්තර දේශපාලනයේ බලපෑම නොතකා හැර එය ප්‍රශස්ත ලෙස තේරුම් කිරීමට ද නොහැකි බවයි). යහපාලනයේ නාමයෙන් බලයට පත් නව-ලිබරල් ආණ්ඩුවට චීනය සමග වූ ආර්ථිකමය බැම්මෙන් නිදහස් විය නොහැකි වුවද, ජාත්‍යන්තර සම්බන්ධතා විෂයයේදී එය එක්සත් ජනපද-ඉන්දීය අක්ෂයට වඩාත් සමීප වූ බව රහසක් නොවේ. එක්සත් ජනපදය සමග MCC ගිවිසුම අත්සන් කිරීමේ ප්‍රයත්නයත් සමගම යුද මූලෝපායික වැදගත්කමක් සහිත තවත් ගිවිසුම් දෙකක් (එනම් ACSA සහ SOFA ගිවිසුම්) පිළිබඳ එකඟතාවද බැඳී ඇති බව මෙහිදී අමතක නොකළ යුතුය. ඉන්දියාව කොළඹ වරායේ නැගෙනහිර ජැටිය පිළිබඳවත් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳවත් දක්වන උනන්දුව සලකා බැලිය යුත්තේද ඉහත විශ්ලේෂණය කළ සමස්ත භූ-දේශපාලනික ගැටුම පසුබිම් කොටගෙන ය.

බලහත්කාරී තෝරා ගැනීම් සහ වමේ ස්ථාවරය

මයික් පොම්පෙයෝගේ සංචාරය සමග සලකුණු වන වැදගත්ම පරිවර්තනයක් වන්නේ දැන් එක්සත් ජනපදයත් එරට සමග මූලික හුවමාරු සහ සහයෝගීතා ගිවිසුම (BECA) ඇතුළු උපාය මාර්ගික ගිවිසුම් කිහිපයක් අත්සන් කොට තිබෙන කලාපීය බලවතා වන ඉන්දියාවත් තම තෙරපීම යොදන්නේ දෙවන රාජපක්ෂ පාලනාධිකාරය වෙතට වීමයි. පොම්පෙයෝ සමග සාමූහික පුවත්පත් සාකච්ජාවකට සහභාගී වෙමින් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා පැවසූ කාරණයක් නම් තමන් ඉන්දීය සාගරයේ නාවික ගමනාගමනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටිනවාය යනුවෙනි. මේ ඉන්දු-පැසිෆික් කලාපයට අදාළව එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශිත ප්‍රතිපත්තියම මිස අන් කිසිවක් නොවේ. (රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලදී මෙවන් භාෂාමය අලංකාරෝක්තීන් ඉතාම වැදගත් වේ). වත්මන් පාලනාධිකාරය හමුවේ දැන් ඇති අසීරුතම අභියෝගය වන්නේ එක්කෝ තම ජන්ද පදනම කෙරෙහි ප්‍රබලතම බලපෑමක් කළ හැකි ජාතිකවාදී බුද්ධිමය ශ්‍රේණීන්ගේ උදහසට ලක් වීමේ අවධානමට මුහුණ දෙමින් එක්සත් ජනපදය ඉල්ලා සිටින අසීරු නමුත් අත්‍යවශ්‍ය තීන්දුව ගැනීමයි (මෙය 1987 ජූලි මසදී ජනාධිපති ජයවර්ධන මුහුණ දුන් අභියෝගය සමග සැසඳිය හැකිය); නැතහොත්, එම බලහත්කාරී තෝරා ගැනීම (forced choice) තෝරා නොගෙන එයින් ජනිත විය හැකි ප්‍රති විපාකවලට මුහුණ දීමයි.

මෙවන් වාතාවරණයක් තුළ වාම ජනතාවාදී නායකත්වයක් විසින් ගත යුතු ස්ථාවරය වන්නේ එක් හෝ තවත් ගෝලීය බලවතෙකුගේ පාර්ශවය තෝරා ගැනීම නොවේ. ජාත්‍යන්තර වාමාංශික දේශපාලන ඉතිහාසය සාක්ෂි දරන පරිදි එවන් තෝරා ගැනීම් වෙනුවෙන් වමේ ව්‍යාපාරවලට ගෙවන්නට සිදුව ඇති මිළ අති මහත්ය. ඒ වෙනුවට, ගෝලීය සහ කලාපීය බලවතුන්ගේ බල පොරයට ශ්‍රී ලංකාව බිලි නොදිය යුතුය යන සටන් පාඨය ජාතිකවාදීන්ට පෙර වාම ජනතාවාදීන් විසින් අත්පත් කර ගත යුතුව ඇත.

Print Friendly, PDF & Email

Latest comments

  • 3
    0

    රාජපක්ෂලා බොරු දෙවෙනි කොරෝනා රැල්ලක් කියල ඇඳිරි නීතිය දාගෙන මේ රටට මොනවා කරනවද කියලා කවුරුවත් දන්නේ නැහැ. පොම්පියෝ එනකොට ඇඳිරි නීතිය දාල තිබ්බ. ට්‍රක් පුරෝලා ගෙනාවේ මොනවාද? දීඝවාපිය ප්‍රතිසංස්කරණය කරනවා කියපු ගමන් මට නම් සැක හිතුනා. ඊළඟට කියනව පබුළු හම්බවුනාලු. පබුළු නෙමෙයි දීඝවාපි චෛත්‍යය වටේ තියෙන්නේ රත්තරන්. සජිත් දීඝවාපි චෛත්‍යය ප්‍රතිසංස්කරණය කරනවා කියල ප්‍රවෘත්තියක් තිබ්බ දවසෙත් මම මේකම ලිව්වා. සද්ධාතිස්ස රජ්ජුරුවෝ දීඝවාපි චෛත්‍යය වට කරලා රත්රන් ආවරණයක් හදලා පූජා කරලා තියෙනවා. ඒ ආවරණය හදලා තියෙන්නේ එකිනෙකට සම්බන්ධ වුනු රන් නෙලුම් මල් වලින්. ඒ රන් නෙලුම් මල් ඇතුලේ මැණික් ඔබ්බවලා. දැන් මේ දවස්වල දීඝවාපි චෛත්‍යය හාරනවා. රාජපක්ෂලා කියන්නේ සිංහල බෞද්ධයන් නෙමෙයි. මලක්කයන්. මීට වඩා හොඳ විදිහක් නැහැ කියන්න. මේගොල්ලන්ට මෙච්චර උවමනාව බුදු සසුන වෙනුවෙන්ද? ඇඳිරි නීතිය දාගෙන කරන්නේ මොකක්ද? පොලොව යට තියෙන දේවල් හොයන්න ගැජට් තියෙනව බව හැමෝම දන්නා දෙයක්. බොරු කොරෝනාවක් ගැන කියා කියා ඇඳිරි නීති දාගෙන රාජපක්ෂලා ඇමරිකාවත් එක්ක එකතු වෙලා අපේ චෛත්‍යය ගැන හොයා හොයා යනව වෙන්න පුළුවන්. රත්තරන් වලට පුදුම තණ්හාවක් තියෙන්නේ. මුළු රටම විනාශ කරනවා. මේ තරම් දීන පාවාදීමක් ඉතිහාසයට වෙලා නැහැ.

  • 1
    0

    මහා කොරෝනා රැල්ලක් කියල රාජපක්ෂලා කරන්නේ පට්ටපල් බොරුවක්. දැන් කියනව ලංකාවේ තියෙන්නේ අලුත් කොරෝනාවක්ලු. තමන් සිංහල බෞද්ධයන් කියලා මුළු රටම රවටන් හිටපු මලක්කන් රාජපක්ෂලාට කොරෝනා රැල්ලක් කියලා බොරුවක් කරන එක සුළු වැඩක්. කොහොමත් අපේ සිංහලයෝ ඉක්මනට රැවටෙනවා. හේතුව පාලකයන් සහ ඔවුන්ගේ ඇම්බැට්ටයන් කියන හැම දේම ඉහ මුදුනින් පිළිගන්න නිසා. සිංහලයන් ඔවුන් කෙරේ තබන විශ්වාසය ඔවුන් දීන විදිහට පාවා දෙනවා. අතන මැරුණා මෙතන මැරුණා කියල පෙන්වන්නේ කොරෝනා වලින් මැරෙන මිනිස්සු නෙමෙයි. ගිය පාර ඇත්තටම මැරිච්ච මිනිස්සු පිලිබඳ තොරතුරු හංගපු ආණ්ඩුව මේ පාර පැන පැන “තොරතුරු” දීම පිටිපැස්සේ ලොකු අභිරහසක් තියෙනවා.

    • 2
      0

      චම්පා.. ඔබ කියන්නෙ සම්පූරන සත්යය… ඔබ වැනි අයා මේ රටේ නැවතත් දහස් ගනනින් මතුවුනොත් මේ රටේ ඔය රාඅජපක්ශ වරු කරගෙන යන ජාවරම නතර කරන්න බැරි වෙන්නෙ නැහැ… මට හිතා ගන්න බැහැ, මිනිසුන් බහුතරයකට ගම්බදවල කන්න බොන්න තියා කිසිවක් නැහැ, එවුන් ඒ අසරන මිනිසගේ බදු මුදලින් වැජබෙනව දකිනකොට මගේ රුධිරයට මොනවා වෙනවා දැයි මමම දන්නෙ නැහැ.. මට රටේ ජීවත් නොවූවත්, මා රටේ දුප්පත් මිනිසුන් වෙනුවෙන් කට යුතු කරපු ශ්‍රීලාංකික වැසියෙක්. එනමුත් අපේ රටේ අපිට නැති අයිතිවාසිකම්, රාජපක්ශලා අද වෙනකොට බලෙන් දැහ ගෙන… මට අද මතක් වුන දෙයක් තමයි… අර බුඩ්ද රක්කිත කියල පිටරටත් උගත් හාමුදුර්වෙක්, කෙලනි පන්සල හරහ කරපු විගඩම නිසා… රටේ බෞද්ද කියාගන්න එනමුත් ඉතාමත් නූගත් මෝඩයින් ලෙස හැසිරෙන බහුතරයකගේ.. චන්දය බලෙන් සොරා කපු රාජාක්ශ්වරු… ඒ අහින්සක මෝඩ ජනතාවටම එද පෙන්වන්න පිටි පස්ස කියල මට හිතෙනව… මේතරම් දුශ්ට බල ලෝබී වෙන්න පුලුවන්ද ඔය දේශයේ හොන්ද දෙමව්පියන්ට ඉපදුනානම්… බුද දර්මයට ගරු කර්ලත් අපේ රටේ අද පවතින.. ජාවරම් බුද්දගමට ගරු කරන ශ්‍රීලාංකික වැසියෙක් නොවන මට…. ලන්කව දෙශට හැන්ගෙන්නෙ, ඉතා කල කිරීමක්… යුරෝපයේ රටවල මේ දිනවල… කොරෝන තරජනය වැඩි වුනත් – පෙට්‍රෝලියම් මිල පහත නිසා.. ආහාරද්‍රව්‍ය පවා මිල අදු වෙනව… ඒ නමුත් මේ සහනය රාජපකශෙ පට්ට පල් හොරු ලන්කාවෙ අහින්සක ජනතාවත නොදීම හෙන ගහන් අපරදයක් නොවේද ? රටේ අද එදිනෙද ජන ජීවිතයට බලපාන බඩු මිල … ගැන කිසිම තැකීමක් නැති රාජාක්ශවරු… බන්ග වේව…. කියල මම අදෘශ්‍යමාන බලවේග වලින් ඉල්ලගේ මේ නිසායි.

  • 2
    0

    ගිය පාර කොරෝනා දමපු වෙලාවේ ජනාධිපතිවරයාගේ අනුමැතියෙන් සහ බැසිල්ගේ අනුග්‍රහයෙන් මහා පරිමාණයෙන් ඝන වනාන්තර, රක්ෂිත වනාන්තර එලි කළා. “ග්ලෝබල් ෆොරස්ට් වොච් ” කියන ජාත්‍යන්තර ආයතනයේ ලංකාවේ වනාන්තර එළිකිරීම් ගැන කරන අනතුරු ඇඟවීම් ප්‍රස්ථාරය අනුව, මෙතන ඉංග්‍රීසි පැත්තට මම සැප්තැම්බර් මුල ලිව්වා මේ තරම් විශාල ප්‍රමාණයක් කැලා එලි කරලා තියෙනව කියල. ඊට පස්සේ ඒ ප්‍රස්ථාරය පැතලි කරලා තිබුන. මම ආපහු ලිව්වා මම ඊයේ දැකපු ප්‍රස්ථාරය එක දවසින් වෙනස් වුනේ කොහොමද කියලා. පැහැදිලිවම රාජපක්ෂ ආණ්ඩුව ඒ ආයතනයට බලපෑමක් කරලා තියෙනව. පස්සේ ඒ ආයතනය නැවත සැප්තැම්බර් 14 ඉදන් නිවැරදි ප්‍රස්ථාරය දැම්ම. ඊට පස්සේ සැප්තැමබර් මාසේ ඒ වගේ ලංකාවේ වනාන්තර එළිකිරීම් ගැන අනතුරු ඇඟවීම් 10,000කට වඩා පෙන්වලා තිබුන. දැන් මම නැවත බැලුව මේ බොරු කොරෝනා රැල්ල දාලා කොච්චර කැලා එලි කරලාද කියල. මටත් පුදුම හිතුන දැන් ඒ අනතුරු ඇඟවීම් සම්පූර්නයෙන්ම නවත්තලා. ඒ වගුව හිස්. මම මේ වෙබ්සයිට් එක අවුරුදු ගානක් තිස්සේ බලනවා. නමුත් දැන් ඔවුන් එහෙම අනතුරු ඇඟවීම් කරන්නේ නැහැ. රාජපක්ෂලා බලපෑම් කරන නිසා ඔවුන් ඒ වගුව සම්පූර්නයෙන්ම හිස් කරලා. කලින් ඒවාත් ඉවත් කරලා. වෙන නිකම් තොරතුරු විතරයි තියෙන්නේ. මේක චන්ද්‍රිකා තාක්ෂණයෙන් කරන වැඩක්. ඒ හින්ද ඇමරිකාව ලව්වා රාජපක්ෂ මලක්කයන් මේක වහලා වගේ මට පේන්නේ. පැහැදිලිවම කොරෝනා පිටින් දාල, මිනිස්සුන්ව ගෙවල් වලට කොටු කරලා, සිංහලයන්ට එරෙහිව, රටට එරෙහිව මහා කුමන්ත්‍රණයක් දියත් කරනවා.

  • 1
    0

    මම වෙනද ලියන සිංහල පැත්තට ලිව්වා, රජයේ ප්‍රකාශකගේ කතාවෙන් පේන්නේ දෙසැම්බර් විතර වෙනකම් කොරෝනා ඇදන් යයි කියලා. පොම්පේයෝ එන එක ස්ථිර වුනු ගමන් ආපු බොරු කොරෝනා රැල්ල දිගටම ගෙනියන්න ආණ්ඩුවට බරපතල උවමනාවක් තියෙනවා. (සිංහල පත්තරේ මගේ කොමෙන්ට්ස් දැම්මේ නැහැ.)
    20 සම්මත වුනා විතරයි දැන් මරක්කලයන් උතුරු නැගෙනහිර ඉඩම් ඉල්ලනවා.
    මේක මීට කලිනුත් ලියලා තියෙනව. උතුරු නැගෙනහිර උතුරු මැද පළාතේ අඟලක් අඟලක් ගන්නේ තියෙන්නේ බෞද්ධ සිද්ධස්ථාන වල නටබුන්. බොහෝ පුරා විද්‍යාත්මක වටිනාකම් තියෙන ස්ථාන ඝන කැලා වලින් වැහිලා. මිනිස් වාසයක් නැහැ. ඒ හින්දා මේ දේවල් විනාශ කරන්න, නිදන් හාරන්න ලේසියි. මේ විදිහට කැලා එලි කරලා නැති කරන්නේ සිංහල බෞද්ධ අපේ උරුමය. පොම්පේයෝ ආවට පස්සේ කොරෝනා ඇඳිරි නීතිය දිගට ඇදගෙන මොවුන් අපේ පෞරාණික ස්ථාන විනාශ කරන මෙවලම් හයි කරනවා වෙන්න පුළුවන්. නැත්නම් ඇමරිකානුවන් රට ඇතුලේ කරන දේවල් සඟවන්න බොරු කොරෝනා රැල්ලක් ගෙනාව වෙන්න පුළුවන්.
    මේ විදිහට ගෙවල් වලට වෙලා හිටියොත් රාජපක්ෂ මලක්කයන් අපේ ඉතිහාසය මුළුමනින්ම විනාශ කරලා දායි. පහුගිය කාලේ මේ වගේ නොදන්නා තැන් බොහොමයක් මිනිස්සුන්ට දැන ගන්න ලැබුනා. කවුරුවත් නොහිතපු විදිහට රාවණා ගැන අපේ සැබෑ ඉතිහාසය ගැන බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලය ගැන දැන ගන්න රටේ තරුණ පරම්පරාව අතර ලොකු උනන්දුවක් ඇති වුනා. දැන් බොරු කොරෝනා රැල්ලක් දාගෙන කරන්නේ ඒ පෞරාණික සාධක විනාශ කරන එක වෙන්න පුළුවන්. රාජපක්ෂල කී දෙනාද ආණ්ඩුවේ ඉන්නේ? 10ක් වත් නැහැ. සිංහල අපි ලක්ෂ 150ක් ඉන්නවා. ඇයි සිංහල අපි මුන්ට බයේ කට වහන ඉන්නේ?

  • 1
    0

    ඇමරිකානුවන් යමක් හොයනවා. දැන් ඉතින් හංගන්න දෙයක් නැහැ. කෙලින්ම කියන්නම්. ඇමරිකානුවන් රාවණාගේ විමාන හොයනවා. රාවණාගේ විමාන හංගලා තියෙන්නේ වේරම්බ වාතයේ නෙමෙයි. වෙන තැන්වල. මහ පොළොවේ.
    අපි පොඩි කාලේ ඇඳිරි නීතිය දැම්මහම මිනිස්සු ගමන් ගියේ ප්‍රධාන පාර මඟ ඇරලා වතු උඩින් පැන පැන. ගම්වල මෙහෙම යන්න පුළුවන් තවම. ඈත පළාත්වල ඉන්නවා නම් ඔබේ පන්සල දැනුවත් කරන්න.
    රාජපක්ෂලා සිංහල බෞද්ධයන් නෙමෙයි. අපේ රට ගැන, අපේ සිංහල බෞද්ධ උරුමය අපිට තියෙන කැක්කුම ඔවුන්ට නැති බව අවුරුදු ගානක් ආපස්සට බැලුවත් තේරෙනවා.
    රටේ තරුණ පරම්පරාවෙන් ඉල්ලන්නේ, ඔබේ පළාතේ සිද්ධ වෙන දේවල් ගැන අවධියෙන් ඉන්න. විශේෂයෙන් පහු ගිය කාලේ පෙන්වලු ස්ථාන ගැන අවදියෙන් ඉන්න. හැබැයි ලේසියෙන් හොයා ගන්න බැහැ. හොයා ගන්න පුළුවන් වෙන්නේ ඒ සම්බන්ධව තියෙන පුස්කොල පොත් වලින් විතරයි. අපි ගාව ඒ තොරතුරු නැහැ. ඒ තොරතුරු තියෙන්නේ සතුරන් අත.

  • 0
    0

    මේ රටේ තරුණ, වැඩිහිටි සිංහල යක්ඛ ජනතාවගෙන් ඉල්ලන්නේ, ජීවිත පූජාවෙන් අපේ රාවණා උරුමය රැක ගනිමු!!!
    ඔබ යක්ඛ පරපුරේ සිංහලයෙක් නම් සමහර ස්ථාන වලට ගිහහම ඔබට අමුත්තක් දැනිලා ඇති.
    සමහර ස්ථාන වලට ගිහහම ඔබ දිහා කවුරුන් හෝ බලා ඉන්නවා වගේ ඔබට දැනෙනවා ඇති.
    සමහර ස්ථාන වල තියෙන ගුප්ත බවට ඔබට චකිතයක් දැනෙනවා ඇති.
    මේවා හැමෝටම දැනෙන්නේ නැහැ. ඔබට යක්ඛ ජාන තියෙනව නම් ඔබට දැනෙනවා. පුස්කොල පොත් අවශ්‍ය නැහැ. එහෙම දැනුනු ස්ථාන තියෙනව නම්, (ඒ ගැන කියන්න එපා) ඒ ස්ථාන ගැන අවදියෙන් ඉන්න.
    ලංකාවේ නම් ඒ තැන් ආරක්ෂා කරන නොපෙනෙන බලවේග ඉන්නවා. නමුත් සතුරන් සමහර විට ඒ බලවේග අක්‍රිය කරන විදි හොයාගෙන ඇති. ඔවුන් අපේ මන්ත්‍ර පවා අත් හදා බලල තියෙනව.
    තව හරිම පොඩි කාලයයි මෙහෙම බය වෙලා මේවා ආරක්ෂා කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ කාටවත් මේවට අත තියන්න බැරි වෙන මහ බලගතු ආරක්ෂාවක් ලැබෙනවා. ඒ හින්ද, සතුරන් අතට පත් වෙන්න නොදී ජීවිත පූජාවෙන් අපේ රාවණා උරුමය රැක ගනිමු.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.