13 December, 2024

Blog

සංහිඳියාව සහ නීතියේ ආධිපත්‍යය නව වසරේ ප‍්‍රාර්ථනය වේවා

ෂානී – සොච්චමෙකුගේ සටහන් පොතක්

වසරේ වාසල්කඩ සිටි මිනිසාට
කීවෙමි මං:
‘‘අනතුරක් නැතිව අඥාතයට යන්නට
දෙන්න මට ආලෝකයක්’’’
එවිට ඔහු කීවේ:
‘‘අන්ධකාරයට ගොස්
විහිදන්න අත ඔබේ
අතට දෙවියන්ගේ.
දන්නා ඉසව්වකට වඩා
අනතුරක් නැති ආලෝකයක් ඇති
පිළිසරණක්ම වේය එය’’

මිනී ලූවිස් හැස්කින්ස් (1875=1957*

මෙය, 1939 දෙවන ලෝක යුද්ධය ආසන්නයේ එංගලන්තයේ 6 වැනි ජෝර්ජ් රජු ජාතිය අමතා සිය නත්තල් පණිවිඩය ගුවන් විදුලියෙන් ප‍්‍රකාශයට පත්කරමින් කී කවියකි. ක‍්‍රිස්තියානි පරිසරයක කියා ඇති මුත් එදා සිට මෙය විවිධ තත්ත්වයන් යටතේ විවිධ ආගමිකයන් විසින් අනුප‍්‍රාණවත් පණිවිඩයක් වශයෙන් උපුටා දක්වා තිබේ. අසරණ තත්ත්වයකට පත්විට, අපේ ප‍්‍රධාන ආගම් හතරට අයත් දේව සහ අදේවවාදී කවුරුත්, තෙරුවණ වැනි බාහිර බලවේගයක පිළිසරණ පතති. ඒ නිසා නව වසරක් ආරම්භයේ දී සෑම බැතිමතෙකුටම පමණක් නොව ආගමක් නොඅදහන කෙනෙකුට පවා මෙය ආශීර්වාදයක් වෙතැ යි අපට සිතේ.

රාජගුරු ප‍්‍රසාදී දුලිප් ඞී. චිකේරා

ගෙවී යන වසර මොන විදිහෙන් බැලූවත්, රට සහ ජනතාවගේ පැත්තෙන් බලන විට, එතරම් ප‍්‍රීතිමත් වසරක් නොවුණි. අළුත් වසරේදීවත්, සෑම පක්ෂයකම අපේ නායකයන් සැබෑ ආලෝකය දැක, ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාවතේ යමින්, අවලස්සණ නපුරෙන් යහපත වෙන්කර ගැනීමට තරම් ප‍්‍රඥාවන්ත වේවා යි අපි පතමු.

‘උගත් හා සංහිඳියා කොමිසමේ’ (එල්.එල්.ආර්.සී* වාර්තාව තුළ හදිසි අවධානය යොමු කළ යුතු කාරණා දෙකක් තිබුණි. එකක්, සංහිඳියාවයි. අනික, නීතියේ ආධිපත්‍යයයි. මේ ප‍්‍රශ්න දෙක, සාකච්ඡුාවෙන් සහ සම්මුතියෙන් විසඳා ගත්තේ නම්, සෙසු ප‍්‍රධාන ප‍්‍රශ්න= ජාතික ප‍්‍රශ්නයට විසඳුමක්, නාගරික/ග‍්‍රාමීය ආර්ථික වර්ධනයේ සමබරතාව, අධ්‍යාපන/සෞඛ්‍ය අංශයේ වර්ධනය, මානව හිමිකම්, දිළිඳුකම දුරලීම සහ ජාත්‍යන්තරය සමග සහයෝගීතාව වැනි= ප‍්‍රධාන ගැටළු එකලසක් වෙනු ඇත. ‘උගත් සහ සංහිඳියා’ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට ආණ්ඩුව යම් තාක් දුරකට යොමු වී ඇතත් ඒ අංශයේ සාර්ථකත්වය සීමිත ය. ඊට එක හේතුවක් වන්නේ, ආණ්ඩුව තුළ පවතින වෙනස්කම් ය. එල්.එල්.ආර්.සී. නිර්දේශයන්ට විරුද්ධ (සංහිඳියාවට සහ නීතියේ ආධිපත්‍යයට විරුද්ධ* ආණ්ඩුවේ සිටින බුද්ධිහීන කොටස්වල අදහස්, මේ වන විට ජනාධිපතිවරයාගේ විශ්වාසය දිනාගෙන සිටින බව පෙනේ. නව වසරේ දී එය වෙනස් විය යුතුව ඇත. රට වෙනුවෙන්, බුද්ධියේ හඩට කන්දිය යුතු බවත්, ප‍්‍රශ්න විසඳාගත යුත්තේ පටු සිතිවිලිවලින් තවදුරටත් ජනතාව භේද කරමින් නොව, ඔවුන් එක්සත් කරමින් බවත් ජනාධිපතිවරයාට ඒත්තුගැන්විය යුතුව තිබේ.

ජාතික ගීය සිංහලෙන් පමණක්

ජාතික ගීය ගායනා කිරීමේ ප‍්‍රශ්නය, සංහිඳියාව සඳහා තිබූ මහඟු අවස්ථාවක් නාස්ති කරගැනීමේ හොඳම උදාහරණයකි. අවුරුදු පනහකටත් වැඩි කාලයක් තිස්සේ ජාතික ගීය සිංහල/දෙමළ භාෂා ද්වයෙන්ම ගායනා කෙරුණි. එය සිංහලෙන් පමණක් ගායනා කළ යුතු බවට නියෝගයක් මීට වසර කිහිපයකට පෙර නිකුත් වුණි. මුලින් විමල් වීරවංශත්, පසුව ජනාධිපතිවරයාමත් කියා සිටි පරිදි, ජාතික ගීයක් එක භාෂාවකින් මිසක් භාෂා කිහිපයකින් ගායනා කරන කිසි රටක් නැතිලූ. එහෙත් බොහෝ බහු=භාෂාමය රටවල් තමන්ගේ ජාතික ගීය භාෂා කිහිපයකින් ගායනා කරන බව විද්වතුන් විසින් පෙන්වා දුනි. වාර්ගික සම්බන්ධතා පිළිබඳ එවැනි නරක ප‍්‍රතිඵල ඇති කළ හැකි සරළ කාරණයක් ගැන පවා ජනාධිපතිවරයා කරුණු සොයා නොබැලීම පුදුම සහගතය. උතුරේ රජයේ පාසල්වල දෙමළ ශිෂ්‍යයන් ජාතික ගීය සිංහලෙන් ගායනා කළ යුතු බවට
හමුදාව නියෝග කොට ඇතැ යි වාර්තා විය: එය නම්, සංහිඳියා ක‍්‍රියාවලිය ආපස්සට හැරවීමේ නොවරදින මාර්ගයක්ම ය.

බහුවිධතාව සහ අන්තර්ග‍්‍රහණය

වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ එල්.ටී.ටී.ඊ. ය විනාශ කොට වළලා දමා වසර හතරකට ආසන්න වෙයි. නොබෙඳුණ ශ‍්‍රී ලංකාවක සෙසු ජන කොටස් සමග සාමයෙන් සහ මිත‍්‍රත්වයෙන් ජීවත් වීම දෙමළ ප‍්‍රජාවේ අතිබහුතරයකගේ අපේක්ෂාව බවට සැකයක් නැත. මෙය, පසුගිය මැතිවරණවලදී ඉහළින්ම ජයග‍්‍රහණය කළ දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශිත ප‍්‍රතිපත්තිවලින් මොනවට පැහැදිළි වෙයි. තමන්ම නිර්මාණය කරගත් ‘ආණ්ඩුවක’ කැබිනට් තනතුරු දරමින් තමන්ගේම ලෝකයක ජීවත් වන්නේ ඩයස්පෝරාවේ ඉතා සුළුතරයක් පමණි. ඔවුන්ට කිරීමට දෙයක් නැත. එසේම, තමන්ම මිස ඔවුන් නියෝජනය කරන වෙනත් ජනතාවක් ද ඔවුන්ට නැත. හොඳම දෙය, ඔවුන්ව නොතකා හැරීමයි. මගේ අදහස වන්නේ, ඩයස්පෝරාවේ අතිබහුතරය, ලංකාවේ දෙමළ ජනතාවගේ අභිලාෂයන් සමග ඒකාත්ම වන බවයි.

කරුණු එසේ තිබියදී, උතුරු නැගෙනහිර ජීවත් වන දෙමළ ජනයාට හිමි ගරුත්වයත්, අභිමානයත් රැුක දීම ආණ්ඩුවේ වගකීමයි. එම ජනතාවගේ විශ්වාසය නිසැකවම දිනා සිටින දෙමළ ජාතික සන්ධානය, ‘එල්.ටී.ටී.ඊ. නියෝජිතයන්’ වශයෙන් හංවඩු ගසමින් ඈත් කිරීම, දෙමළ ජනතාව ජාතික දේශපාලන ප‍්‍රවාහයට අන්තර්ග‍්‍රහණය කර ගැනීමට බාධාවකි. සියල්ලන් ඒකාරාශි කරගන්නා බහුත්වවාදී ප‍්‍රතිපත්තියක් ආණ්ඩුවට තිබිය යුතුය. අවාසනාවකට, එවැන්නක් ඇති බවක් නොපෙනේ. ගිය මාසයේ, යාපනේ විශ්ව විද්‍යාලයට ඇතුල් වු හමුදාව, නිර්ලජ්ජී ලෙස දෙමළ ශිෂ්‍යයන්ගෙන් සිංහල ශිෂ්‍යයන්ව වෙන් කොට, දෙමළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් බිය ගැන්වීමටත්, ආක්‍රෝෂ පරිභවයට ලක්කිරීමටත් කටයුතු කළේය. පසුව දා ශිෂ්‍ය නායකයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් හතර දෙනෙකු තවමත් නිදහස් කොට නැත. ඊට අමතරව, යාපනය වැටලීමේ ක‍්‍රියාන්විතයක් දියත් වන අතර, තරුණයන් තිහකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. ගිය සතියේ, බිය ගැන්වීමේ ක‍්‍රමයක් වශයෙන්, යාපනේ විශ්ව විද්‍යාලයීය ආචාර්ය සංගමයේ සභාපතිවරයාව, වව්නියාවේ ත‍්‍රස්ත විමර්ශන අංශයට ප‍්‍රශ්න කිරීම සඳහා කැඳවීය. එසේම, එම විශ්ව විද්‍යාලයේ පීඨාධිපතිවරුන්ව සහ උපකුලපතිවරයාව, ගෝඨාභය රාජපක්ෂ විසින් කොළඹට කැඳවා ඇත. පැහැදිළිවම ජනාධිපතිවරයාගේ අනුමැතියක් ඇතැ යි පෙනෙන හමුදාවේ එවැනි ක‍්‍රියාවන් නිසා සංහිඳියාව සඳහා වන එල්.එල්.ආර්.සී. නිර්දේශ අර්ථවිරහිත වනු ඇත. මෑත කාලීන එවැනි සිදුවීම් ගැන සඳහන් කරමින්, පසුගිය දා විශ්ව විද්‍යාල ප‍්‍රජාව ජනාධිපතිවරයාට පෙත්සමක් ඉදිරිපත් කළේය:

‘‘ශිෂ්‍යයන් අතර අතිශය බිය, උද්වේගය සහ කම්පනය ඇති කිරීම විශ්ව විද්‍යාලයීය අධ්‍යාපනික පරිසරයට හානිකර ය. 1970 සහ 1980 දශකවලදී මෙන් පොලීසිවලට සහ සිරමැදිරිවලට ශිෂ්‍යයන් ඇදගෙන යාම මුල දී ඔවුන් තුළ බිය දැනවිය හැකි අතර පසුව ඒ මගින් ඇති කරවන්නේ ඔවුන්ගේ සිත් දැඩි කැරැුවීමයි. නීතිය සහ නීතිය රැුකීමට සිටින ආයතන පිළිබඳ අවඥාව ජනිත කිරීමයි. විශ්වාසය සහ සහයෝගය තිබිය යුතු තැන දැන් ඇත්තේ, බිය සහ අමනාපයත්, ඒ මගින් ජනිත කෙරෙන විරෝධයත් ය.’’

සංහිඳියාවක් ඇති කළ හැක්කේ, අන්‍යොන්‍ය විශ්වාසයත්, ගෞරවයත් ඇති තැන දී පමණි. එල්.ටී.ටී.ඊ. ය සමග පැවති ගැටුම අවසන් වී වසර හතරකට ආසන්න කාලයකින් පසුවත් යාපනයේ වැටලීම් දකින්නට ලැබීම, අතීතයේ බිය සහ හිංසනය පිළිබඳ මතක අවදි කරවන්නකි. මියගිය එල්.ටී.ටී.ඊ. සංවිධානයක් ගැන බිල්ලෙකු මැවීමෙන් කෙරෙන්නේ, විවිධ ප‍්‍රජාවන් එකිනෙකාගෙන් වෙන්කොට තබා ගනිමින් සංහිඳියාව විනාශ කිරීමයි.

සිවිල් පරිපාලනයක අවශ්‍යතාව

එල්.එල්.ආර්.සී. වාර්තාවෙන් අවධාරණය කළ තවත් කාරණයක් වන්නේ, උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශ සිවිල් පරිපාලනය වෙත මාරු විය යුතු බවයි. සිවිල් දිසාපතිවරයෙකු සහ සිවිල් නිලධාරීන් සිටි පමණින් සිවිල් පරිපාලනයක් ඇතැ යි කිව නොහැක. කරුණු එසේ නම්, මේ පළාත් දෙකේ ආණ්ඩුකාරවරු වශයෙන්, හිටපු හමුදා ආඥාපතීන් සිටිය යුතු නැත. සංහිඳියාව පිළිබඳව ආණ්ඩුව ඇත්තෙන්ම උනන්දු වන්නේ නම්, සිවිල් කටයුතුවලට හමුදාව මැදිහත් වීම අවම කළ යුතුය. උතුරු සහ නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරයා වශයෙන් දෙමළ කතා කරන සිවිල් වැසියෙකු සිටීම එහි දී අත්‍යාවශ්‍ය ය. නිදහසෙන් පසු ශ‍්‍රී ලංකාවේ සිංහල පළාත්වල සිංහල කතා කරන දෙමළ දිසාපතිවරු සිටිය අතර, දෙමළ පළාත්වල දෙමළ කතා කරන සිංහල දිසාපතිවරු සිටියහ. ඒ සෑම නිලධාරියෙකුටම සමාජය ගරු කළේය. ජනතා විශ්වාසය තිබුණේය. දිස්ත‍්‍රික්කය තුළ විවිධ ප‍්‍රජාවන් අතර යහ සම්බන්ධතාවට එය රුකුලක් වුණේය. වර්තමාන ආණ්ඩුව මගින් නිර්මාණාත්මක ප‍්‍රතිපත්ති අනුගමනය කරන්නේ නම් ඒ තත්ත්වය නැවත ඇති කළ හැක.

නීතියේ ආධිපත්‍යය සුරැුකීම

වර්තමාන සන්දර්භය තුළ දෙවැනි වැදගත් කාරණය වන්නේ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමයි. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය පිළිබඳ මේ වන විට ඕනෑ තරම් සාකච්ඡුා වි ඇත. එහි දී, විකාර නඩු විභාගයක් තුළ අගවිනිසුරුවරිය කෙරෙහි අවම සාධාරණත්වයක්වත් ඉටු නොකරමින්, ස්වභාවික යුක්ති ධර්මයේ සකල ප‍්‍රතිපදාවන්ම කෙලසූ බව සෑම ස්වාධීන නිරීක්ෂකයෙකුම අවධාරණය කොට ඇත. මේ තත්ත්වය ඉදිරියටත් ගෙන යාම ජනාධිපතිවරයාට හානිකර වනු ඇත. රාජ්‍ය පාලනයේ බල අංශ තුන (විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය* ස්වාධීන කිරීමෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී යහපාලනයක් රටට දායාද කිරීමට නම්, මේ දෝෂාභියෝග ක‍්‍රියාවලිය අතහැර දැමිය යුතුව තිබේ. එසේම, තමාගේ තනතුරේ ගෞරවය රැුක ගනිමින් ස්ථිරසාරව සිටීමත්, දේශපාලනයට ඇයව කැඳවන ප‍්‍රයත්නයන් නොසළකා හැරීමටත් අගවිනිසුරුවරිය කටයුතු කළ යුතුව තිබේ. මේ ප‍්‍රශ්නයේ උණුසුම තුරන් වෙද්දී, ස්වාධීනත්වය ආරක්ෂා කරගෙන, විනිශ්චයකාරවරියකගෙන් බලාපොරොත්තු වන මධ්‍යස්ථ භාවය පවත්වා ගැනීම පහසු නැත. එහෙත් ඇගේ අවංක භාවය, පුහුණුව සහ අත්දැකීම් ආශ‍්‍රයෙන් ඒ දුෂ්කර මග තරණය කිරීමට ඈට හැකි වනු ඇත.

නීතියේ බලාත්මක භාවය දේශපාලනීකරණය වීම

දේශපාලන ඇඟිලි ගැසීම් නිසා, නීතිය හා සාමය රැුකීම බලධාරීන්ගේ පැත්තෙන් අසාර්ථක වු අවස්ථා තිබේ. එල්.එල්.ආර්.සී. කොමිසමේ වැදගත් නිර්දේශයක් වුණේ, සිවිල් දෙපාර්තමේන්තුවක් වන පොලීසිය, ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉවත් කළ යුතු බවයි. අවාසනාවකට, ඒ නිර්දේශයට කන්දීමට ආණ්ඩුවේ සූදානමක් ඇති බවක් නොපෙනේ. පොලිස් සේවය දේශපාලනීකරණය වීම නිසා දේශපාලන විරුද්ධවාදීන්ට කෙනිහිලිකම් කිරීම සහ ආණ්ඩුවට හිතවාදී දේශපාලන මැරයන් ආරක්ෂා කිරීම දක්නට ලැබේ. රතු කුරුසයේ සේවකයෙකු වූ බි‍්‍රතාන්‍ය සංචාරක කුරාම් ෂයික් සහ ඔහුගේ මිතුරියට තිරිසන් ලෙස පහර දී ඔහුව ඝාතනය කොට වසරක් ගතවෙයි. වාර්තා වන පරිදි එහි ප‍්‍රධාන සැකකරු වුණේ, දේශපාලන බලපුලූවන්කාරයන්ට සමීප සම්බන්ධකම් ඇති, ප‍්‍රාදේශීය සභාවක ආණ්ඩු පක්ෂයේ සභාපතිවරයා ය. කණගාටුවට කාරණය වන්නේ, ඔහුට සහ ඔහුගේ අපරාධ සහායකයන්ට මේ වන තෙක් චෝදනා ගොනුකර නොතිබීමයි. ලන්ඩන් නුවර සිටින වැඩබලන ශ‍්‍රී ලංකා මහකොමසාරිස්වරයා, ඔහුගේ පවුලට සහ ගාර්ඩියන් පුවත්පතට සපයා ඇත්තේ සුපුරුදු අවසරයයි: එනම්, නීතිපති දෙපාර්තමේන්තව ළඟදීම නඩු පවරන බව තමාට කියා ඇති බවයි. එහෙත් කිසි චෝදනාවක් තවම ගොනු කර නැත. සියලූ සැකකරුවන් ඇප මත නිදහස් කර ඇත. මෙය, දේශපාලන සම්බන්ධකම් හරහා නීතියෙන් ගැලවී ගිය බොහෝ අවස්ථාවන්ගෙන් එකක් පමණි. උතුරු සහ නැගෙනහිර දේශපාලනික සහ පුද්ගල විරුද්ධවාදීන්ව බිය ගන්වන ආයුධ සන්නද්ධ කණ්ඩායම් පාලක සන්ධානයේ කොටස්කරුවන් බව නොරහසකි. මෙවැනි කණ්ඩායම් නිරායුධ කරන්නැ යි උගත් පාඩම් සහ සංහිඳියා කොමිසම නිර්දේශ කළේය. එහෙත්, එම පළාතේ ජනතාව යුක්තිය සහ සාධාරණත්වය ඉල්ලා සිටීමෙන් වළකවනු වස් මෙවැනි සන්නද්ධ කණ්ඩායම් පවත්වා ගැනීම ප‍්‍රයෝජනවත් යැයි ආණ්ඩුව සිතනවා විය හැකිය. මේ ආකල්පය වැඩි කල් නොගොස් පාලකයන් එරෙහි පාරාවළල්ලක් වනු නොඅනුමානයි.

දකුණේ දෙවැනි කැරැුල්ලේ දී පොලීසියෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් වෙනුවෙන් සාධාරණත්වය ඉල්ලා සිටීම නිසා ඝාතනය කෙරුණු නිර්භය තරුණ නීතිඥ කාංචන අබේපාල අනුස්මරණ දේශනය පවත්වමින්, 2003 දී, එවක නීතිපති වූ අභාවප‍්‍රාප්ත කේ.සී. කමලසබේසන් නීතියේ ආධිපත්‍යය අවධාරණය කොට සිටියේය. එහි දී ඔහු අවංක ප‍්‍රශ්නයක් මතු කළේය: ‘‘ශිෂ්ට සම්පන්න සමාජයක වඩා වැදගත් වන්නේ ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට ගැළපෙන පාරවල් හැදීම සඳහා ඩොලර් මිලියන ගණන් වැය කිරීම ද, නැත්නම්, නීතියේ ආධිපත්‍යය ඇති නීතිගරුක, සාමකාමී සමාජයක් ඇති කර ගැනීම ද?’’

රාජගුරු ප‍්‍රසාදීවරයෙකුගේ ආවර්ජනා

රාජගුරු ප‍්‍රසාදී දුලිප් ඞී. චිකේරා, පොදු කටයුතු පිළිබඳ බුද්ධිමත් අදහස් ප‍්‍රකාශ කරන අයගෙන් කෙනෙකි. කෙනෙකුට බුද්ධිමත්ව සිතීමට ඉඩ සලසන වැදගත් අදහස් ජාතික දෘෂ්ටි කෝණයකින් ඉදිරිපත් කිරීම ඔහුගේ විශේෂත්වයකි. අද කොලම අප පටන්ගත්තේ ක‍්‍රිස්තියානි කවියෙකුගෙනි. කිතුණුවන්ට ශුද්ධ වූ මේ කාලයේ, රාජගුරු ප‍්‍රසාදී චිකේරාගේ සමකාලීන කිතුණු ආවර්ජනාවකින් අපට අවසන් කළ හැකිය: ‘‘ක‍්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය සහ ඉගැන්වීම් මිනිස් හෘද සාක්ෂිය කලතන අතර ජීවිතයේ පරිපූර්ණත්වය සහ සත්‍යය විදාරණය කෙරේ. එසේම, එකම මිනිස් පවුලක සහෝදරයා සහ සහෝදරිය විලසින්, අනිකාගේ නිදහස සහ ගරුත්වය ආරක්ෂා කෙරෙන දයාන්විත ප‍්‍රාර්ථනයක් උද්දීපනය කෙරේ.’’

මිනිස් විඥානය තුළ මුල් බැස ඇති මේ ජවය සහ පර්යාලෝකය විසින් මිනිසුන්ව කොටවන බාධක ජය ගැනීමේ මාර්ග විවර කෙරෙනු ඇත. ලෝකයේ සාහසික අධිරාජ්‍යයන්හි සමස්ත තණ්හාවට වඩා, එකිනෙකා ආරක්ෂා කිරීමට සහ එකිනෙකා කෙරෙහි දයාවන්ත වීමට ඇති මානව ආශාව ශක්තිමත් ය.

නත්තල ගෙන එන අපේක්ෂාවේ සවිමත් පණිවිඩය එය යි: අධිරාජ්‍යයන්හි පීඩනය, ඊයේ වේවා අද වේවා, සදහට පවතින්නේ නැත. සත්‍යය, ආදරය, නිහතමානීත්වය, ක්ෂමාව සහ සංහිඳියාව වැනි වඩාත් ගතික බලවේග ඉදිරියේ එය කඩාවැටී, මීට වඩා උසස් සමාජයකට මගපාදනු ඇත. මාර්ටින් ලූතර් කිං ගේ අනාගත වාක්‍යය, ‘ඉතිහාසයේ චාපය නැමෙන්නේ සත්‍යය සහ සාධාරණත්වය දෙසටයි’ යන්න මේ යථාර්ථයේ සියුම් සංක්ෂිප්තයකි.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.