20 October, 2019

Blog

ජීවන වියදම් අර්බුදයේ සමාජ ආකෘතීන්

සිරි හෙට්ටිගේ

මහාචාර්ය සිරි හෙට්ටිගේ

ශ‍්‍රී ලංකාවේ ජීවන වියදම සැබෑ ප‍්‍රශ්නයකි. එමෙන්ම බරපතල ප‍්‍රශ්නයකි. එසේ නොවන්නේ නම්, රටේ බහුතරයක් ජනතාව මෙතරම් ඒ ගැන මැසිවිලි නොකියනු ඇත. එසේම එවැනි ප‍්‍රශ්නයකට සරළ පිළිතුරු ලබා දීමට ආණ්ඩුවකට පුළුවන් කමක් ඇත්තේ ද නැත. මන්ද යත්, එය ව්‍යුහාත්මකව මුල්බැස ඇති නිසා, දීර්ඝ කාලීන ආර්ථික ප‍්‍රතිව්‍යුහගත කිරීමේ ක‍්‍රියාවලියක් අවශ්‍ය කරන බැවිනි. එය පවා, කියන තරම් ලේසියෙන් කළ හැකි දෙයක් නොවේ.

පසුගිය දශක කිහිපය තුළ ලංකාවේ ශ‍්‍රම බලකායේ විශාල ප‍්‍රතිශතයක් ඵලදායී නිෂ්පාදන ක‍්‍රියාවලියෙන් ඉවත් වී තිබේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් අද වන විට, සේවා නියුක්ත ශ‍්‍රම බලකායෙන් බහුතරයක් යෙදී සිටින්නේ, ඵලදායී නොවන සේවා ක‍්‍රියාකාරකම්වල ය. මෙය සිදුවී ඇත්තේ, ශ‍්‍රම ඵලදායීතාවට සමානුපාතිකව නොවේ. ඇමරිකාව, පිටරට පැටවීමට තරම් වන විශාල කෘෂිකාර්මික අතිරික්තයක් නිපදවයි. එහෙත් ඒ සඳහා යොදාගන්නේ, රටේ සමස්ත ශ‍්‍රම බලකායෙන් සියයට 3 ක් පමණි. නිර්යාත කිරීමට තරම් වන කෘෂිකාර්මික අතිරික්තයක් අපේ රටේ නිපදවෙන්නේ නැත. එසේ තිබියදීත්, කෘෂිකර්මය සඳහා අපේ මුළු ශ‍්‍රම බලකායෙන් තුනෙන් එකක් ඒ සඳහා යොදා ගැනේ. අපේ ආහාරවලින් විශාල ප‍්‍රමාණයක් තවමත් අප පිටරටින් ගෙන්වන බව කවුරුත් දනිති.

ශ‍්‍රී ලංකාව කාර්මික රටක් ද නොවේ. අපේ කාර්මික නිර්යාත තවමත් සීමාවන්නේ ඇඟලූම් වැනි ශ‍්‍රම සූක්ෂම නිෂ්පාදනවලට ය. එසේම, කාර්මික අංශයේ සේවා නියුක්තිය, ශ‍්‍රම බලකායෙන් සියයට 16 ක් වැනි සුළු ප‍්‍රමාණයකි. රටේ සේවා නියුක්ත බහුතරය, අධ්‍යාපනය, සෞඛ්‍ය, පෞද්ගලික ගමනාගමනය, ආරක්ෂක සේවාවන්, විදුලි සංදේශ සහ ගොඩනැගිලි වැනි සේවා අංශවල යෙදී සිටිත්. රටට අවශ්‍ය කාර්මික භාණ්ඩ සියල්ලම පාහේ ගෙන එනු ලබන්නේ පිටරටිනි.

සෑම කෙනෙකුටම ජංගම දුරකථනයක් හෝ දෙකක් ඇත. ඒ එකක්වත් මෙහි නිෂ්පාදනය නොකෙරේ. සෑම රූපවාහිනියක්මත්, ගෙදරට අවශ්‍ය කරන අනිත් සෑම භාණ්ඩයක්මත් ආයාත කෙරේ. පාරේ දුවන සෑම වාහනයක්ම පාහේ නැගෙනහිර ආසියාවෙන්, ඉන්දියාවෙන් හෝ යුරෝපයෙන් ගෙන්වන ලද ඒවා ය. ජීවිත ආරක්ෂා කරගැනීම සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ මෙන්ම වෙනත් ඖෂධ වර්ගවලින් බොහොමයක් ද ගෙන්වන්නේ පිටරටිනි.

පාසල් හැර යන්නන් සාමාන්‍යයෙන් යෙදෙන්නේ, ත‍්‍රීවීලර් ධාවනය, පදික වේදිකා වෙළඳාම, ගොඩනැගිලි කර්මාන්ත සහ පාරවල් අතුගෑම වැනි කටයුතුවල ය. උපාධිධාරීන් ඉල්ලා සිටින්නේත්, බොහෝ විට ඵලදායි නොවන රජයේ රක්ෂාවල් ය. විශාල සමාගම් වැඩි හරියක්, මිල දී ගැනීම් සහ විකිණීම්, සිල්ලර වෙළඳාම, බැංකු සහ මූල්‍ය, සංචාරක සහ විදුලි සංදේශ ක්ෂේත‍්‍රවල නියැලී සිටින අතර භාණ්ඩ නිෂ්පාදනය සඳහා සෘජුව දායක වන්නේ නැත.

රටේ පරිභෝජනය කෙරෙන පිටරටින් ගෙන්වන කෘෂිකාර්මික නොවන භාණ්ඩ බොහොමයක මිල, තීරුබදු සහ රුපියලේ අගය ක්ෂය වීම වැනි හේතු නිසා ඉහළ යයි. රට ඇතුළේ නිෂ්පාදනය කරන භාණ්ඩවල මිල ද, ඉහළ යන වැටුප්, ගමනාගමන වියදම්, කෘෂිකාර්මික යෙදවුම්, ප‍්‍රවාහණ උපකරණ සහ බලශක්තිය වැනි දේවල් නිසා ඉහළ යයි. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥයන් සහ කඩහිමියන් වැන්නන් ද තමන්ගේ සේවාවන්හි මිල ගණන ඉහළ දැමීම නිසා, ජීවන වියදම තවත් ඉහළ යයි. කවුරුත් දන්නා පරිදි, බොහෝ දෙමාපියෝ තමන්ගේ දරුවන් උපකාරක පංතිවලට යවති. එය තවත් අමතර වියදමකි. පෞද්ගලික සෞඛ්‍ය සේවාවන් ද එසේ ය.

දරාගත නොහැකි මේ ජීවන බරට ඔරොත්තු නොදෙන විට බොහෝ දෙනා විදේශ රැුකියා සොයති. විසි ලක්ෂයකට ආසන්න ශ‍්‍රී ලාංකිකයන් පිරිසක්, එනම් රටේ මුළු ශ‍්‍රම බලකායෙන් සියයට 20 කට වැඩි ප‍්‍රමාණයක් විදේශ සේවාවන්හි නියුක්තයි. මේ පිරිස වාර්ෂිකව ලංකාවට එවන රුපියල් බිලියන 750 කට අධික මුදල රටේ මුදල් සැපයුමට එක්වෙයි. එහෙත්, ඊට සමානුපාතික දේශීය නිෂ්පාදනයක් රට ඇතුළේ කෙරෙන්නේ නැත. එයින් සිදුවන්නේ, භාණ්ඩ සහ සේවා මිල ඉහළ යාමයි.

ආර්ථිකයේ නානාංගීකරණයක්* හැරුණු විට, ශ‍්‍රී ලංකාවට වෙනත් විකල්පයක් නැත. එහෙත්, දැනටමත් පවතින අඩු විරැුකියා ප‍්‍රතිශතයත්, ඉහළ වැටුප් පරිමාණයත් නිසා, ශ‍්‍රම සූක්ෂම* කර්මාන්ත රටට ගැලපෙන්නේ නැත. පාසල් හැරයන ශිෂ්‍යයන්, දීප්තිමත් විභාග ප‍්‍රතිඵල සහිත පිරිසක් නොව, මනා නිපුණත්වයක් සහිත පිරිසක් කළ හැකි වන සේ ජාතික අධ්‍යාපනය ප‍්‍රතිසංවිධානය කළ යුතු වන්නේය. රටේ විවිධ ක්ෂේත‍්‍රවල ඵලදායීතාව වැඩි කර ගැනීමට අත්‍යාවශ්‍ය වන නිපුණත්වය ලබාදීම සඳහා උපාධිධාරීන්ව පුහුණු කළ යුතු වන්නේය. විද්‍යාත්මක සාක්ෂරතාව සහ ජීවන නිර්මාණ කුසලතා අත්පත් කර ගැනීමට පාසල් සිසුන්ව දිරිමත් කළ යුතු අතර, මිථ්‍යා විශ්වාස සහ ආගමික වතාවත්වලින් ඈත් කිරීමට කටයුතු කළ යුතුය. ආවර්ත තැන්පතු ආයෝජන වේගයෙන් වැඩි කොට, සෑම අංශයකම විද්‍යාඥයන්ට නව භාණ්ඩ සහ නිෂ්පාදන ක‍්‍රියාවලීන් වර්ධනය කිරීමට අවශ්‍ය සම්පත් නිර්මාණය කර දිය යුතුය.

ඒ සමගම, වර්ධනය වන තරගකාරී ලෝකයේ අප සිටින තැන ගැන විමසිල්මත් වීම ද අත්‍යාවශ්‍ය ය. වඩාත් නානාංගීකරණය වූ ආසියාවේ සහ වෙනත් තැන්වල ආර්ථිකයන් අද තිබෙන දියුණු තත්වයට පත්වුණේ කෙසේ ද? අනුන්ගෙන් ඉගෙන ගැනීමට තරම් අප අවංක විය යුතුය, නිහතමානී විය යුතුය. ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් පමණක් නොව, ජාතික වැදගත් කමකින් යුත් වෙනත් ක්ෂේත‍්‍ර සඳහා ද එය අත්‍යාවශ්‍ය කෙරේ. අප සිටින්නේ කොතැන ද, අප යා යුත්තේ කොතැනට ද යන්න දැන ගැනීම සඳහා ආපසු ජාතික සැලසුම්කරණය වෙත පියනැගිය යුතුව තිබේ.

පරිවර්තන පැහැදිළි කිරීම්

* නානාංගීකරණය: ආර්ථිකයක එක අංශයක් හෝ දෙකක් මත යැපෙන්නේ නැතිව විවිධ අංශ වැඩි දියුණු කිරීම

* ශ‍්‍රම සූක්ෂම: යන්ත‍්‍රසූත‍්‍ර අඩුවෙන් යොදාගෙන, වැඩි වශයෙන් ශ‍්‍රමය පාවිච්චියට ගන්නා නිෂ්පාදන ක‍්‍රියාවලිය

**2013 අපේ‍්‍රල් 25 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ Social Contours of the Cost of Living Crisis නමින් පළවූ ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    good i can shere

  • 0
    0

    For the convenience of writing I will write some comments in English on Professor Siri Hettige (SH) ’s article.

    It is one thing to highlight the structural elements underlying the phenomenon of cost of living. It is entirely another thing to say that a government cannot provide simple answers to such a problem. In fact government is supposed to direct the policy to bring down the cost of living. That means the government is expected to do something. Also, structures, as a good sociologist would know, are manmade and therefore can be changed. In fact this article provides SH’s plan to change the structural conditions underlying the problem he addresses here.

    SH says that a large percentage of the Lankan labour force has moved out of productive activities to the non-productive service sector. According to some, an increase in the proportion of labour in the service sector compared to the agricultural sector is an improvement. However, SH’s argument is that this change has not necessarily lead to an increase in the productivity of labour in the agriculture sector unlike in America. But, how did America achieve its present levels of productivity of labour in agriculture? Can Sri Lanka follow the same path? How?

    That Sri Lanka is not an industrialised country and that our economy is dominated by the service sector, are truisms. Hettige suggests that the solution to all the ills related to the increasing cost of living is diversification of the economy. Now, this solution also not something we haven’t heard of before. He suggests that we must have capital intensive industries.

    Assuming that there is consensus that it is the path we should take, the million dollar question is how can we industrialize Sri Lanka as SH and many others before him have suggested? Why that has not happened? SH seems to have some simple solutions even though he said at the beginning that there aren’t any. SH says that our education should be oriented to skills development rather than to producing school leavers with bright examination results. I suppose what SH means is converting education to training in skills whatever they are. Now what are the skills that are essential to increase productivity in various fields in the country, that the Sri Lankan graduates have be trained in? SH says that school children should be encouraged to acquire scientific literacy and life-creative-skills and that they should be distanced from false beliefs and religious rituals. Intensify the ‘recurrent saving investments’ and create for scientists in every sector resources for the development of new products and production processes.

    Now, the question is what have the successive governments in Sri Lanka been doing all along without realizing the truth SH has outlined for us here.

    What SH proposing here is in fact what he seems to believe as means of achieving the good old liberal economic project of modernization, for Sri Lanka. To modernize Sri Lanka we have to humbly learn from others, SH says. But isn’t that exactly we have been doing since 1977 in this country: Modernising Sri Lanka learning from Singapore, Malaysia, Thailand, South Korea to name only a few of the models we have been trying to emulate?

    So, SH finds that the solution to cost of living is modernizing the economy following the success of the countries in the rest of the world that have followed the modernization project. For this we must embrace rationality, saving our young from false beliefs and religious rituals, because they are irrational and unscientific. How does he propose to implement this project to make Sri Lankan youth rational?
    To achieve modernization, SH calls for (a return to ?) national planning. SH seems to be saying that while modernization is the solution to the ill of cost of living, it cannot be achieved via the present model of market based liberalization, is it?

    SH leaves us with a couple of important issues though. For one, what makes SH think that social change can be implemented by emulating the success stories of elsewhere? What has been the experience of attempts elsewhere to follow the modernization project whether that of the capitalist or socialist orientation? What does SH has to say about the critique of modernization theory that has developed along the lines of the range of theories that has developed from earlier neo-Marxist theories to more recent post-development theories?

    I am also reminded here the recommendation of Max Weber that science (by which he meant Sociology as well) remain ethically neutral. Weber is supposed to have said that ‘there is no scientific way of assessing the relative merits of conflicting goals. Discussions of value can suggest problems for investigation , but we cannot choose between them scientifically.’

    Does SH think that by the virtue of being an academic of repute that he is privileged on the basis of his analysis to tell Sri Lanka what path to take in solving the problem of cost of living?

  • 0
    0

    මා සිතන්නේ අපි වැඩකරන්න පුරුදු විය යුතු බවය. එය අමාරුය. අපිට පිටරටින් ණය ලැබෙන තාක් අපි අයිස් ගහන්නට හුරු වෙමු. යම් ලාංකික පුද්ගලයෙක් රක්ෂාවක් හොයන්නේ සේවයක් කර මුදලක් ලබාගැන්මේ පිවිතුරු චේතනාවෙන් නොවේ.. කුමක් හෝ කොට කීයක් හෝ සාක්කුවේ දා ගැන්මේ අරමුණෙනි..
    මිලියන විස්සක ජනතාවක් යනු ලෝක මට්ටමෙන් බැලුවත් විශාල ජනතාවකි. අපි මිලියන විස්සක ප්‍රජාවක් සමග ලෝකයෙන් සැංගී ඇත.
    ස්වභාවයෙන්ම අප සතුව ඇති අලස බව දුරු වන පරිදි ක්‍රියාකාරී අධ්‍යාපන රටාවක් අපිට ලැබෙන තාක්කල් අපි නිකං ඉඳන් පඩි ලබාගන්නට හුරු වෙනු ඇත.

  • 0
    0

    ජිවන වියදම් අර්බුදයට සරල විසඳුමක් දිය නොහැකි යැයි කියා ජිවන වියදම් ප්‍රශ්නය දේශපාලනයෙන් ගලවන මහාචාර්ය හෙට්ටිගේ කියන්නේ කාර්මික සංවර්ධනය ඉලක්ක කරගත් හේතුවාදී නවීකරණ ව්‍යාපෘතියකින් ඊට දිගුකාලීන විසඳුමක් දිය හැකි බවයි. ලෝකයේ ප්‍රශ්නවලට විසඳුම නවීකාරක හේතුවාදී ලිබරල් සංවර්ධන ව්‍යාපෘතිය යැයි යෝජනා කළ පළමු තැනැත්තා මහාචාර්ය හෙට්ටිගේ නොවන බව ඇත්තකි. 1977 සිට ලංකාව ක්‍රියාත්මක කරන්නට හදා ඇත්තේ ද මෙම ව්‍යාපෘතිය මය. මහාචාර්ය හෙට්ටිගේ මීට අලුතින් එකතු කරන දෙය නම් දැන් අප ජාතික සැළසුම්කරන මාවත තෝරාගත යුතු බවයි. පෙනෙන විදියට ඔහු යෝජනා කරන්නේද වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින්නේ යැයි ඔවුන් කියන වැඩ පිළිවෙලට සමීප එකකි. ඊට මහාචාර්ය හෙට්ටිගේ එකතු කරන අදහස නම් ප්‍රාග්ධන සූක්ෂම කාර්මික සංවර්ධන මාවත දැන් අප තෝරා ගත යුතුය යන්න යි. අවසානයේදී ඔහු යෝජනා කරන්නේ ආණ්ඩුවක් විසින් ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිපත්ති මාවතකි. ඒ කියන්නේ මහාචාර්ය හෙට්ටිගේ සමාජ විද්‍යා මහාචාර්ය කමේ බුද්ධිමය බලය පා ලෝකය වෙනස් කිරීම සඳහා රජයට උපදෙස් දෙන ප්‍රතිපත්ති උපදේශකයෙකු වශයෙන් තමා ගැන සිතන බවයි. සමාජ විද්‍යාව පැත්තෙන් මතුවන කරුණ නම් අපට දැනගැනීමට අවශ්‍ය වන්නේ මහාචාර්ය හෙට්ටිගේ යෝජනා කරන ප්‍රාග්ධන සූක්ෂම කාර්මික සංවර්ධන මාවත ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම පිළිබඳ ඔහුගේ විග්‍රහය මිස ‘කළ යුත්තේ කුමක් ද?’ යන්න දේශනා කරන ලෙනින්වාදී ප්‍රතිපත්ති ප්‍රකාශ නොවේ. අනෙක ඔහු යෝජනා කරන වැඩ පිළිවෙළ ජිවන වියදම් ප්‍රශ්නය පිළිබඳ කරන විග්‍රහයකින් මතුවිය හැකි එකම විසඳුමද? ජිවන වියදම් ප්‍රශ්නය විශ්ලේෂණය කළ හැකි වෙනත් ආකාර තිබිය හැකිද? සමාජ විද්‍යා මහාචාර්යවරයෙකු වශයෙන් එම විකල්ප විග්‍රහ සළකා බලා ඉන් අනතුරුව ඔහු තම නිගමනයට එළඹ තිබේද? නැතහොත් තම අදහස් සම්පාදනයෙහි ලා මහාචාර්ය හෙට්ටිගේ අනුගමනය කොට ඇති ක්‍රමවේදය කුමක් ද?

  • 0
    0

    වැඩ කරනවා යනු කුමක් ද? ජීවත් වීම සඳහා රැකියාවක් කිරීම ද? වෙන ආදායමක් නැත්නම් එය මනුෂ්‍යාට අවශ්‍යය. දැන් මිනිසුන් වැඩ කරන්නේ නැතැයි කිව නොහැක. මන්ද යත් ලංකාවේ ආර්ථිකය මිනිසුන් කරන වැඩ මත රඳා පවතින හෙයිනි. ඔබ කියන්නේ වැඩ වල ඵලදාව මදි යැයි මහාචාර්ය හෙට්ටිගේ කියන කතාවම විය හැක. ගොවීන් තමනට අවශ්‍ය ප්‍රමාණයට වඩා නිපදවන්නට ශ්‍රමය නොයොදන්නේ නම් එය වැඩ පිළිබඳ ඔවුන්ගේ ආකල්පය ප්‍රකට කරන්නක් විය හැකිද? අපි ක්‍රිකට් නිසා, ත්‍රස්තවාදය නිසා, යුද්ධය සහ ඒ හා බැඳුණු මහා මිනිස් සහ දේපළ විනාශය නිසා, මානව අයිතිවාසිකම් උල්ලංඝණය පිළිබඳ චෝදනා නිසා නිතර ජාත්‍යන්තර කරළියේ රඟ දෙන රටකි. අපි ජාත්‍යන්තර මට්ටමේ බුද්ධිමතුන්, ලේඛකයන් සහ විද්‍යාඥයන් ද බිහිකොට ඇත්තෙමු. ශ්‍රමය අතින් අපට ලොව අන් රටවල් සමඟ තරඟ කරන්නට බැරි අපි ශ්‍රමයට ඉහළ මිලක් අරගල තුළින් දිනා ඇති හෙයිනි. අප ස්වභාවයෙන් අලස යැයි කියන්නේ මොන අර්ථයෙන්ද? අලසකම ලාංකිකයන්ගේ ජාන පිළිබඳ ගැටලුවක් ලෙසින් ද? නැත්නම් සුද්දන් අප අලස යැයි හඳුනා ගත් නියායෙන්ද? අධ්‍යාපනය අවශ්‍ය වන්නේ අලස බව දුරු කිරීමට ද? නැත්නම් යහපත් මිනිසුන් ගොඩ නැංවීමටද? නිකං ඉඳං පඩි ගන්නවා යැයි නොකියන්නට මිනිසකු කොපමණ වැඩ කළ යුතුද? ඒ සඳහා ඔහුට කොපමණ වැටුපක් ගෙවිය යුතුද? එය තීරණය කරන්නේ කවුද? කෙසේද?

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.