26 April, 2024

Blog

මහින්ද තවමත් නාමල්ට වඩා තරුණයි

සුදේශ් ද සිල්වා

සුදේශ් ද සිල්වා

ඇමෙරිකානු ජනාධිපති රූස්වෙල්ට් පෝලියෝ රෝගයෙන් පීඩා විඳි පුද්ගලයෙකි. වින්ස්ටන් චර්චල් ඇවිද්දේ හැරමිටියෙනි. දෙදෙනාම ආබාධිතයන්ය. ප‍්‍රසිද්ධ අවස්ථාවන්හිදී හැරෙන්නට ජනාධිපති රූස්වෙල්ට් අනෙක් අවස්ථාවන්හී දී සිටියේ රෝද පුටුවේය. නමුත් ඔවුන් දෙදෙනා දිවා ? නොබලා වෙහෙස වෙමින් සැලසුම් කරමින් දෙවන ලෝක යුද්ධයේ දී ඒකාධිපති හිට්ලර් පැරදුවේය. තියුණු යුද සැලසුම් නිරීක්ෂණය කරමින් අදාල නියෝග දුන්නේය.

ජනතාවට වැදගත් වූයේ කි‍්‍රයාවන් මිසක පුද්ගලයාගේ දේශපාලන ඥණය, යුද ශිල්පය මිස ආබාධිත බව නොවේ. මහින්ද තවමත් ඒ දේශපාලන ඥණයෙන් අනූනය. ඔහුට තවමත් දේශපාලනය කිරීමට හැකිය. ඔහුව පරාජය කළ යුත්තේ ඔහුගේ පවුල් දේශපාලනයේ, දූෂිත​ දේශපාලනයේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන දේශපාලනයේ අගතීන් දෙස බලා මිස, ඔහුගේ ශාරීරික දුර්වලකම් දෙස බලා නොවේ.විරුද්ධවාදීන් එසේ කරන්නට කරන්නට ඔහුගේ 69 ලක්ෂය තුළ ඔහු තවත් අනුකම්පාවට ලක් වනු නොඅනුමානය. මහින්දට මිනිස්සු වන්දනාමාන කරයි. ඔහු සමාන වන්නේ දකුණු ඉන්දීය නළු නිළියන්ට එහි දී ලැබෙන සැලකිල්ලකි. මහින්ද ද අතිශයින් අන්ධ භක්තීන් පසුපස ගමන් කරයි. එයින්ම වැජබෙමින් සිටියි. අප විසින් පරාජය කළ යුත්තේ මේ තත්ත්වයයි. නොමැතිව රෝගී තත්ත්වයන් මැද පීඩා විඳින මහින්දව නොවේ.

2021 අයවැය වාර්තාව අද දින පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන ලද්දේ ශී‍්‍ර ලංකා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසිනි. පහුගිය කාලයේ දීම ඔහු ගේ හැසිරීම නිරීක්ෂණය කරන්නෙකුට ඔහුගේ රෝගී බවක්, වෙහෙස බවත්, තමන්ගේ සිරුර තමන්ට දරාගැනීමට අපහසු බවක් පෙනුනි. 20 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ දී ඔහු දැඩි හතියකින් සිටි බවක් නිරීක්ෂණය වන්නවට විය. මහින්ද රාජපක්ෂ මේ වන විට ශාරීරිකව නිරෝගී නොවන බව පැහැදිලිය. නමුත් ඔහු තවමත් සකී‍්‍රය දේශපාලන සත්වයෙකි. ඒ බව හොඳින්ම පෙනුනේ මෑත දී 20 වෙනි සංශෝධනයේ දී ඔහුගේ ඇති විරෝධය ඔහු විසින් ජනගත කළ ස්වභාවයෙනි. පවුලේ ආධිපත්‍යයට හානි නොවන අයුරින්, ඔහුගේ සහෝදරයින්ගේ දේශපාලන ජීවිතයට හානියක් නොවන අයුරින්, නාමල් හා පවුලෙන් අනාගතයේ දී දේශපාලනයට පිවිසීමට සිටින පවුලේ කිසිවෙකුටත් හානි නොවන අයුරින් ද, තමන්ගේ දේශපාලනය විනාශ කර නොගමින් ද, ඊට අනෙත් කණ්ඩායම් තුළින් පෑ විරෝධය පරිතන දේශපාලන නායකයෙකුගේ තියුණු මනසක් සිහි ගන්වයි. එමෙන්ම ඔහු සිය දේශපාලන ගමන් මග තුළ සිටි කිසිවෙකුගේ වෛරයට පාත් නොවන අයුරින් ඒ අවස්ථාවේ දී කටයුතු කිරීම ඇතිවන අයුරින් කටයුතු කිරීමට ඔහුට හැකි විය. 20 සංශෝධනයේ සියළු වෛරයන්, සියළු චෝදනාවන් එල්ල වූයේ අධිකරණ ඇමති

අප මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පරපුරේ දේශපාලනය ප‍්‍රතික්ෂේප කරමු. නමුත් ලංකාවේ දැනට සිටින සියුම්ම දේශපාලන ඉව තිබෙන දේශපාලන චරිත වූ කිහිප දෙනා අතරින් කෙනෙකි. ඔහු දැන්ම දේශපාලනයෙන් සමුගන්නා බවක් නොපෙනේ. තම වැඩිමහල් පුතා තවත් ස්ථාවර වනු දැකීමත්, එය ස්ථීර වූ පසු ඔහු සමුගන්නට ඉඩ ඇත. යුද්ධය හමාර වූ කාලයෙන් පසුව අපට දැනගන්නට ලැබුණේ ඔහු දැඩි ලෙස රෝගාතුර වූ බවකි. ඔහුගේ ඉතාම සමීප මිතුරෙක් ඔහුගේ රෝගී තත්ත්වය ගැන අප හා තොරතුරු සැපයීමක් කළ ද, ඒ ගැන තොරතුරු පැවසීම මෙය අවස්ථාවක් නොවනවාසේම, එය වැදගත් ද නැත. වැදගත් වන්නේ 2015 පරාජයෙන් පසුව දැඩි මානසික පීඩාවකට හා අවපීඩනයකට ලක්ව සිටියේය. ඔහු වටා විවිධ දේ සිදුවිය. දේශපාලන අනාථභාවයකට පසුවිය. රෝගී තත්ත්වයන් රැසකට විවිධ දේශපාලන අර්බුදයන් රැසකින් පීඩාවට පත් වූවේය.

මහින්ද රාජපක්ෂ දැන් විවිධ රෝගාබාධ වලින් පීඩා විඳියි. නමුත් ඔහුගේ දේශපාලන මනස තියුණුය. ඔහුට තාමත් සමහර තරුණ දේශපාලන චරිත වලට වඩා දේශපාලන පෙනේ. නාමල්ට වඩා තරුණය. හරීන්ට වඩා තරුණය. සජිත්ට වඩා දේශපාලනය තෙරෙන අතර, ගත යුතු කි‍්‍රයාමාර්ග ද පෙනේ. සූදු පොළක සිටින සූදු අන්තුවෙකු ලෙස ද, වෙස් කී‍්‍රඩාවේ කෙළ පැමිණියෙකු ලෙස ද තවමත් කී‍්‍රඩා කරයි. ඒ සඳහා ඔහු අනුගමනය කරනු ලබන කි‍්‍රයා මාර්ග සාධාරණ ද, අසාධාරණ ද, සදාචාරාත්මක ද යන්න වෙනම සාකච්ඡා කළ හැකිය. ඔහු දේශපාලනමය වශයෙන් සජීවී චරිතයකි.

ශාරීරිකව රෝගී, මානසික නිරෝගී, වියපත් මිනිසෙක්ට දේශපාලනය කිරීමට නොහැකි ද? ආබාධිත, විශේෂ අවශ්‍යතා ඇති, විශේෂ ලිංගික ප‍්‍රජාවන්ගේ අයිතිවාසිකම් ගැන, වැඩිහිටි, ළමා, කාන්තා අයිතිවාසිකම්, ගැන කතා කරමින් මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී අයවැය ඉදිරිපත් කිරීම විහළුවකට ලක් කිරීම අපගේ මූලික හරයන් ගැන ගැටළු මතු කරයි. ඒ තුළින් සිදුවූයේ අයවැය ගැන හරයත් සංවාදයක් මගහැරී යාමයි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.