29 September, 2020

Blog

පලාත් පාලන ආයතන ඡන්දය හරහා 20 වැනි සංශෝධනය තිරිහන් කෙරෙනු ඇත

සුජාතා ගමගේ

ආචාර්ය සුජාතා ගමගේ

ආචාර්ය සුජාතා ගමගේ

මිශ‍්‍ර ක‍්‍රමයක් හරහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් තෝරා ගැනීමක් හඳුන්වා දීමට 20 වැනි සංශෝධනයෙන් බලාපොරොත්තු වුණි. දැනටමත් එවැනි ක‍්‍රමයක් පලාත් පාලන මැතිවරණ සඳහා තිබෙන බව දන්නේ ඉතා ස්වල්ප දෙනෙකි.

මිශ‍්‍ර ක‍්‍රමයකින් මේ ආයතන සඳහා මන්ත‍්‍රීවරුන් තෝරා ගැනීම සඳහා වන පනතක් 2012 දී සම්මත කර ගැනුණි. ළඟදී එළැඹෙන් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට යන්නේ පවතින මනාප ක‍්‍රමය සහිත සමානුපාතික නියෝජනය යටතේම වන නිසා, පළමු වරට මිශ‍්‍ර ක‍්‍රමයක් යටතේ පැවැත්වෙන ඡන්දයක් 2016 පලාත් පාලන ආයතන සඳහා වන ඡන්දයේදී අපට දැකගත හැකි වනු ඇත.

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය දැනට පවතින ක‍්‍රමය යටතේම පැවැත්වීමට සිදුවීම හොඳ ය. මන්ද යත්, යෝජිතව තිබු 20 වැනි සංශෝධනය දඩිබිඩියේ සම්මත කරගත්තේ නම්, අප අවසන් වන්නට තිබුණේ, රටට අවශ්‍ය කරන ප‍්‍රමාණයට වඩා විශාල පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාවක් සිටින පාර්ලිමේන්තුවකට කර ගැහීමෙනි.

225 න් 237 ට: 237 න් 255 ට සහ ඉන් එහාට- ඉලක්කම් සෙල්ලම

මැතිවරණ ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වන විවිධ මංපෙත් සළකා බලනු වස්, පසුගිය මාර්තු 2 වැනි දා පැවති ප‍්‍රසිද්ධ රැුස්වීමකදී දැනගන්ට ලැබුණු ආකාරයට, මැතිවරණ සංශෝධන පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අන්තර්කාලීන වාර්තාවෙන් යෝජිත, ආසන 225 සීමාවට යටත් (140-70-15) මැතිවරණ ක‍්‍රමයක්, දෙන ලද කෙටි කාලය තුළ ක‍්‍රියාවේ යෙදවීම ප‍්‍රායෝගික නොවුණි. ගරු මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ ඉතා අපූරුවට පෙන්වා දුන් පරිදි, දින 100 තාච්චිය රත් වී තිබෙන අවස්ථාවේ ප‍්‍රතිසංස්කරණ රොටිය පුච්චා ගත යුතුව තිබුණි.

Sri_Lanka_Elections-2013කෙසේ වෙතත්, මේ අවම ආසන සීමාව ඉවත් කළ විට අපට ලැබුණේ, ඉහත සඳහන් පරිදි, සීමාවකින් තොරව විසිරෙන සංඛ්‍යාත්මක චිත‍්‍රයකි. 237 ක උපරිම පාර්ලිමේන්තු මන්ත‍්‍රී සංඛ්‍යාවක් සම්බන්ධයෙන් ඇමති මණ්ඩලය තීන්දු කොට තිබුණා විය හැකිය. එහෙත් තිරය පසුපස සිදු කෙරෙන සාකච්ඡුා හරහා මොන වියදමක් දරා හෝ 20 වැනි සංශෝධනය දඩිබිඩියේ ක‍්‍රියාත්මක කර ගැනීමට ගන්නා ප‍්‍රයත්නයන් හරහා මේ සංඛ්‍යාව 255 හෝ ඊටත් වැඩි සංඛ්‍යාවක් දක්වා වර්ධනය වීමේ දිසාවකට හැරෙමින් තිබුණු බවක් පෙනුණි.

දැනට ඉන්නවාට වඩා මන්ත‍්‍රීන් සංඛ්‍යාවක් ඇත්තෙන්ම අපට නඩත්තු කළ හැකිද? අපට අවශ්‍ය අවම මන්ත‍්‍රීන් සංඛ්‍යාව කොපමණද? ඒ කුමක් සඳහාද?

කොපමණ මන්ත‍්‍රීන් සංඛ්‍යාවක් කුමක් සඳහාද?

ජනාධිපති අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන සෑම ආසනයකටම මන්ත‍්‍රීවරයෙකු සහිත ක‍්‍රමයක් ඇති කරන බවට පොරොන්දු විය. මෙය අපි පැහැදිළි කර ගමු. ඇත්තෙන්ම මන්ත‍්‍රීවරයෙකුගෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ කුමක්ද? මන්ත‍්‍රීවරයෙකු යන්නෙන් මිනිසුන් අදහස් කරන්නේ, වැඩි වැඩියෙන් ආණ්ඩුවේ රැුකියා නිර්මාණය කරන රැුකියා ඒජන්තයෙකි. එක්කෝ, ඔවුන් වෙත රැුකියා ලබාදෙන, ආණ්ඩුවේ බඳවා ගැනීමේ ක‍්‍රියාවලියට අතපෙවිය හැකි පුද්ගලයෙකි. කෙනෙක් කී පරිදි, පොලිස් අත්අඩංගුවේ සිටින තම හිතෛශීන්ව බලෙන් නිදහස් කරගෙන යාමට හැකි පුද්ගලයෙකි. නැතහොත් නාස්තිකාරී ලෙස ආණ්ඩුවේ සම්පත් තමන් අතරේ බෙදා දෙන කෙනෙකි. මේ සියල්ලලෙන් සිදුවන්නේ, බදු ගෙවන ජනතාවට අමතර බරක් පැටවීමකි. අනිත් පැත්තෙන්, ආණ්ඩුකරණ ක‍්‍රියාවලිය අවභාවිත වීමක්ද සිදුවෙයි. මේ අතර, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුගේ සැබෑ කාර්යභාරය වන්නේ, අණපනත් සම්මත කර ගැනීම සහ අයවැය ගැන, විදේශ ගිවිසුම් ගැන, විධායකයේ සහ රාජ්‍ය ආයතනවල කාර්යභාරයන් ගැන අධීක්ෂණය කිරීම බව අප අමතක නොකළ යුතුය.

පලාත් ආණ්ඩුකරණය මත පදනම් වූ විසඳුමක්

පසුගිය හත් වසරක කාලය තුළ ලංකාවේ පලාත් පාලන ආණ්ඩුකරණ ක්ෂේත‍්‍රයේ කටයුතු කර ඇති අයෙකු වශයෙන්, බොහෝ ප‍්‍රතිපත්ති විශ්ලේෂකයන් සහ ප‍්‍රතිපත්ති සම්පාදකයන් දරන මධ්‍යගත ආකල්ප ගැන මා මහත් සංවේගයෙන් බලා සිට ඇත. උපාංගිකත්ව මූලධර්මය ලංකාවේ සන්දර්භයට අදාළ කරගන්නේ නම්, රාජ්‍යකරණයේ ඉහළ ස්ථරවලට පැවරිය යුත්තේ, පලාත් පාලන සහ පලාත් සභාවලට පැවරිය නොහැකි කාර්යභාරයන් පමණි. වෙනත් ආකාරයකින් කිවහොත්, ආණ්ඩුකරණයේ විවිධ මට්ටම්වල ප‍්‍රමාණය සහ ස්වභාවය තීන්දු කළ යුත්තේ පහළ සිට ඉහළට යන ආකාරයෙනි.

ඡන්දදායකයාට අවශ්‍ය කරන්නේ, තමන්ගේම යැයි කිව හැකි නියෝජිතයෙකු නම්, රටේ දැනට පවතින පලාත් පාලන ආයතන 345 ක නියෝජිත සංඛ්‍යාව වන 5000, දැන් 7000 දක්වා දැන් වැඩි කොට ඇති බව කිව යුතුය. ඒ අනුව, 2000 කට ටිකක් වැඩි ඡුන්දදායක පිරිසක් සඳහා දැන් එක නියෝජිතයෙකු බැගින් සිටී. ඡන්දදායකයන් 43,000 ක් වෙනුවෙන් එක් ප‍්‍රාදේශීය සභාපතිවරයෙකු සිටී. ඊටත් අමතරව, පලාත් සභා මන්ත‍්‍රීවරු 450 ක් පමණ සිටින බවත් මතක තබාගත යුතුය. මේ කියන සියල්ලන් එකට ගත් විට, සෑම ඡුන්දදායකයන් 30,000 කටම එක් පලාත්බද නියෝජිතයෙකු බැගින් සිටී.

රටේ ආණ්ඩුකරණයේ පවතින මේ කියන මට්ටම්වල සිටින නියෝජිතයන්ගේ සංඛ්‍යාව ගැන තැකීමක් නොකොට, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුගේ සැබෑ කර්තව්‍යය ගැන තැකීමක් නොකොට, ඉලක්කම් සෙල්ලමක එල්ලීම වගකීම් විරහිත ක‍්‍රියාවකි.

මේ නිසා 20 වැනි සංශෝධනය පමා වීම හොඳ ය. මන්ද යත්, ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් මෙතෙක් කල් පවත්වාගෙන ආ මධ්‍යගත ආකල්පය නිවැරදි කර ගැනීමට ඒ මගින් යම් කාලයක් ලැබෙන බැවිනි. එසේම, 7000 ක සාමාජික සංඛ්‍යාවකින් යුතු ප‍්‍රාදේශීය නියෝජිතයන් සිටින පුළුල් බල පිරමීඩයක් තුළ, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සහ පලාත්බද මන්ත‍්‍රීවරුන් (පලාත් සභා මන්ත‍්‍රීන් සහ ප‍්‍රාදේශීය සභා සභාපතිවරුන්) අතර තිබිය යුතු ප‍්‍රශස්ත අනුපාතිකය කුමක්ද යන්න ගැනත් සාකච්ඡුා කිරීමට ඒ මගින් යම් කාලයක් අපට ලැබෙන බැවිනි. සමහර විට, සාකච්ඡුාවේ ආරම්භක ලක්ෂ්‍යයක් වශයෙන්, ප‍්‍රාදේශීය සභා සභාපතිවරුන් 350 කට පළාත් සභා මන්ත‍්‍රීවරුන් 250 ක් සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 150 ක් යන අනුපාතය, උදාහරණයක් වශයෙන් සළකා බැලිය හැකිය.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔබ්බට

එළැඹෙන අගෝස්තු 17 වැනි දා පාර්ලිමේන්තු මැතිවරණයේදීත් පරණ ‘මනාප පොරය’ කරලියට එන බැවින්, සිවිල් සමාජයේ ප‍්‍රමුඛ වගකීමක් විය යුත්තේ එම පොරය හැකි තාක් අවම කර ගැනීමට සහ එකී මැතිවරණය හැකි තාක් ශීලාචාර කර ගැනීමට බැලීමයි. ‘‘මාර්තු 12’’ ප‍්‍රකාශනය ඒ සඳහා වන හොඳ ආරම්භයක් වෙතත් ක‍්‍රමෝපායන්ද සකසා ගත යුතුව තිබේ.

කෙසේ වෙතත්, මැතිවරණ සංශෝධන ගැන ඔබ සැළකිල්ලක් දක්වන්නේ නම්, ඒ සඳහා වන පෙරහුරුවක් වශයෙන්, ඉදිරියේ එළැඹෙන පලාත් පාලන ආයතන ඡුන්දය ගැන සැලකිලිමත් විය හැකිය. ඒ අනුව, ඊට අදාළ පනත සහ විශේෂයෙන් එහි සඳහන් 22 වැනි කොටස, ක‍්‍රියාත්මක කර ගැනීමටත් එහි ආකෘතිය හැඩගන්වා ගැනීමටත් සහාය විය හැකිය.

*2015 ජුනි 25 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ 20A Shall Be Rejuvenated Through Local Government Elections නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.